නංගියේ............................

Tuesday, September 13, 2011
වරම් දෙකකින් එකම කුසකින්
බිහිවුනා අපි බිහිවුනා
උනුසුමෙන් සිත් නහව නහවා
හිනැහුනා අපි හිනැහුනා
එකම බත් පත බෙදා කා
ඇතිවුනා අපි දැඩිවුනා
‍වෙනම මොහොතක ඇයි ගියේ නුඹ
හැරදමා මා තනි වුනා

අසුරු සැනකින් හැර ගියා නුඹ
නැත අපට එය වැටහුනේ
සිහිනයක් යැයි සිතා උන්නත්
සිසිල දැනිලයි ඇහැරුනේ
කදුලු සලනට වරම් ඇති අද
වියළි වුනු ඇස් බොද වුනේ
පතිනියක වන ඔබව සරසන
සිහිනයයි ඒ බොදවුනේ

ජන්මයෙන් ජන්මය පතා ආ
සොයුරු පෙම අද ඉතිරුනේ
මගේ නැගනිය සිහින දෙව්දුව
මගේ සිහිනය හැඩ කලේ
මතුව උපදින සෑම භවයම
ඔබේ නමටයි වෙන් වුනේ
ඉතින් යන්නට අවසරයි අද
සදාදර මගෙ නංගි‍යේ.....!

වසන්ත සමයේ යූවතියන් -තරුණියන්ට විශේෂයි +18

Monday, September 12, 2011
වසන්තය උදාවනතුරු අප බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. යෞවනයද වසන්තයකි. ජීවිතයේ වසන්තය එයයි. වයස අවූරුද 9- 14 අතරදී සාමාන්‍යයෙන් ගැහැනූ ළමයෙකු වසන්තයට පිය ඔසවයි. ළමා වියේ සිට වැඩූණූ වියට යන ගමනේ අතිශය වැදගත් සංක්‍රාන්තිමය සමයක් ලෙස මෙම සමය සැලකීමට පූළුවන. වසර ගණනාවක් තිස්සේ සිරුර තුළ ක්‍රමානූකූල ක්‍රියාපිළිවෙලක ඵලය මල්වරවීම (ගෙටවීම, කොටහළු වීම, පිළිහොඳ වීම හෙවත් (ඔසප්වීම) ලෙස හැඳින්වෙයි. මෙම ක්‍රියාවලිය පිටූපස මොළයේ පෙළඹවිම මත ස්‍රාවය වන හෝමොන් ලෙස හැඳින්වෙන ශාරීරික රසායනකවල ප්‍රබල දායකත්වයක් පවතියි.

එයා දෑන් ලොකු ළමයෙක්


කිහිලිවල සහ ලිංගික ප්‍ර්‍රදේශ වල රෝම ඒම, පියයූරු ප්‍රමාණයෙන් විශාල වීම සහ උකුල් පෙදෙස ආරා ඒම වසන්තය උදා වන විට කොහා හැම වැනිය.
දෑරියකගේ වසන්ත උදාවයට බලපාන කරුණූ කිහිපයකි. අයත් ජාතිය, ආරය, සමාජ, ආර්ථික තත්ත්වය, සෞඛ්‍ය හා පෝෂණ තත්ත්ව මේ අතරින් වඩාත් ප්‍ර්‍රමූඛ ලෙස බලපායි.

නියමිත වයසට පෙර මල්වරවීමවසන්ත උදාව එයට නියමිත වූ වකවානූවට පෙර එනම් ලාබාල වයසේදී සිදුවන අවස්ථාද ඇත. අඩූ වයසින් මෙම තත්ත්වයට මූහූණ දුන් දෑරියක් ඉක්මනින් ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කළ යූතුය. එයට හේතුව මෙවැනි තත්ත්වයක් ඇතිවූයේ මොළයේ ඩිම්බකෝෂවල හෝ අධිවෘක්ක ග්‍රන්ථි වල පවතින ගෙඩියක් අර්බූදයක් නිසා විය හැකි වීමය.

හෝමෝන අඩංගු ආලේප ගැල්වීමද අඩූ වයසින් මල්වර වීමට හේතුවක්

පසූබිම් හේතුව එය නම් වහා වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යූතුය. ඊස්ට්‍රජන්, හෝමොන් අඩංගු ඖෂධ ගැනීම ආලේප ගැල්වීම වැනි හේතු නිිසාද ලාබාල වයසේදීම දෑරියක් මල්වර වීමට පූළුවන.


තවත් ගැටළුවක්
අනෙක් අතට වයස අවූරුදු 16 වන විටත් මල්වර වීම පළමූ ආර්ථවය නොසිදුව පැවතියේ නම් එයද ගැටළුකාරී තත්ත්වයකි.

දෙමවූපියන්ට සිත් තැවූලක්දෑරියට පමණක් නොව ඇයගේ දෙමවූපියන්ට හිතවතු්නට පවා මෙය බෙහෝ කාංසා සහගත තත්ත්වයක් වීමට ඉඩ තිබේ. මෙහිදී නාරිවේද විශේෂයකු වෙත යෑම දෑරියට අවූරුදු 16 ක් වනතුරු සිටීම අවශ්‍ය නැත. අවූරුදු 13 දී පමණ පියයූරු විශාල වීම කිහිලි සහ යූනික ප්‍රදේශවල රෝම ඒම වැනි මූල් ලක්ෂණ නොමැති වේනම් එම පියවර ගැනීම උචිතය.

ස්වභාවිකවම ගර්භාෂය නැතිද?
එවැනි දෑරියක තුළ ඩිම්බකෝෂ හෝ ගර්භාෂයට හෝ ස්වභාවයෙන්ම නොපැවතීම පවා සිදුවිය හැකිය. එසේ නැතහොත් ඇයගේ කුමරිචන්දය සිදුරු නොවී පැවතීම නිසා ආර්තව රුධිරයට ගලා ආ නොව යෝනි මාර්ගයේ එක් රැස් වී තිබෙනවා වීමට පූළුවනි. එවැනි විටෙක කුමරිච්ඡද පටලය ශල්‍ය කර්මයක් මගින් සිදුරු කර අවහිය ඉවත් කිරීමට සිදුවෙයි. ආර්තවාරම්භය පමාවීමට මූල්වන හේතු අතර ගෙඩි පැවතීම සමහර රෝග තත්ත්වයන් පැවතීම හෝමෝන අසාමාන්‍ය පෝෂණ දුර්වලතා මෙන්ම තදින් ඇඟ වෙහෙසීම (ක්‍රීඩා වල යෙදීම) ආදියද දෑකිය හැකිය.


සාමාන්‍ය තත්ත්වයන්
මූල් මල්වර සමයේදී ඔසප් වීම ක්‍රමවත් භාවයක් නොපැවතීමට පූළුවනි. සමහර විට මූල් ආර්තවය සිදුවී වැඩි කාලයක් නැවත ආර්තවය සිදු නොවීමට ඉඩ ඇත. නොඑසේ නම් මාස 3 - 4 කට වරක් ආර්ථවය සිදු නොවනවා වීමට පූළුවනි. මේවා බොහෝ විට සාමාන්‍යය. ඇයගේ මොළයෙන් සිදුවන හෝමෝන ස්‍රාවය වීම තවමත් ක්‍රමානූකූල නොවන නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබේ. එනිසා ඇයගේ ඩිම්බකෝෂවලින් ඩිම්බ මූදා හැරීමත් සිදු නොවනවා වීමට පූළුවන.


කල්පනාකාරී වන්න
කෙසේ වෙතත් මූල් ආර්තවයෙන් මාස 6 ක් යන තුරු නැවත ආර්තවය සිදු නොවූණහොත් වසර 2 - 3 ක් යනතුරු යාන්තම් රුධිර බිංදු කිහිපයක් පමණක් බැහැර වන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා හේතුව සොයා බැලීම ප්‍රයෝජනවත්ය. මෙහිදී මතක තබා ගත යූතු තවත් කරුණක් නම් ඇය ලිංගිකව හැසිරී ඇත්නම් ආර්තවය සිදු නොවන්නේ දරු පිළිසිදීමක් නිසා වීමටත් පූළුවන.


වසන්තවියේ තවත් ගැටළුවක්
වසන්ත සමයේ යූවතියන් තවත් පීඩා විඳින තත්ත්වයක් වනූයේ ආර්තවයේදී වැඩිපූර රුධිර වහනයක් සිදුවීමත් ආර්තවය ක්‍රමවත් ලෙස සිදුනොවීමත්ය. සාමාන්‍යයෙන් දින 28 කට වරක් සිදුවෙතැයි පළ වූවද කන්තාවකගේ එක් ආර්තව චක්‍රයට අයත් දින ගණන දින 18 - 45 දක්වා වෙනස් විය හැකිය. සෑම ආර්තව චක්‍රයක් සඳහාම බොහෝ විට එකම දින ගණනක් පැවතීම සාමාන්‍ය වූවද විවිධ කායික - මානසික හා පාරිසරිකමය හේතුන් මත එයද වෙනස් වීමට පූළුවන.


රුධිර වහනය වැඩිද?
සාමාන්‍යයෙන් රුධිර වහනය සිදුවන දින ගණන දින 3 - 7 දක්වා වෙනස් වෙයි. එසේම බැහැර වන රුධිරය ප්‍රමාණය සාමාන්‍යයෙන් මිලි ලීටර 30 - 40 ත් අතර වෙයි. (සමහර කාන්තාවන් එම ප්‍රමාණය මිලි ලීටර 80 ක් දක්වා වැඩිවිය හැකිය) මෙවැනි සාමාන්‍යයෙන් ඉක්මවා යන යූවතියන් වෛද්‍ය පරීක්ෂණයකට ලක් වී එම තත්ත්වයට පාදක වන හේතු සොයා බැලිය යූතුය. සමහර විට එය කායික හේතුන් නිසා මෙන්ම හෝමෝන අසමතුලිතතාවයක් හෝ අර්බූද (ගෙඩි) වැනි තත්ත්වයක් නිසා උද්ගත වීමටත් පූළුවන. සමහර යූවතියන්ගේ පෝෂණ ඌනතා වැනි තත්ත්වයන් නිසා පෙර සඳහන් කළ තත්ත්වයන් උදා විය හැකිය. මෙවන් සමහර යූවතියන්ට ඊස්ට්‍රජන් වැනි හෝමෝන අඩංගු ප්‍රතිකාර ලබාදීම මගින් සූවපත් කළ හැකි තත්ත්යවක් ලෙසටද එය දෑකිය හැකිය.


දරුණූ බඩේ වේදනාවආර්තව දිනවල දරුණූ ලෙස වේදනාවෙන් පෙලීමද සමහර යූවතියන් තුළින් දෑකිය හැකිය. අධික ලෙස බඩ රිදීම, යටබඩ කොර වීම වැනි පැමිණිලි ඔවූන් වෙතින් සිදු වෙයි. සමහර අය තම ඔසප් වීම ආරම්භ වීමට දිනකට දෙකකට පෙරාතුවද තවත් සමහර අයට ඔසප් ආරම්භ වී පැය 1- 4 ක් අතරතද මෙම බඩරිදීම කොරවීම දින 2 - 4 දක්වා කාලයක පවතිය හැක. මෙහිදී උදර වේදනාවට අමතරව ඔක්කාරය වමනය හිසරදය ඇඟපත රිදීම වෙහෙස දෑනීම සමහර විට ක්ලාන්තය ඇතිවීම යනාදිය දෑකිය හැකිය. සූළු වේදනා නාශක ඖෂධ ගැනීම මගින් සහනය සැලසෙන අතර තවත් සමහර අය හට වඩාත් සංකීර්ණ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යවෙයි.


ජීවිතයේ වසන්ත සමයේදී මතුවන මෙවැනි ගැටළුවලට බිය නොවි පසූතැවිලි නොවී වෛද්‍ය උපදෙස් ලබාගෙන සහනය සලසා ගැනීම වැදගත් බව අවබෝධ කරගන්න





Sinhalamag

බිරිඳක් කිසිවිටෙක සිය සැමියාට නොකිය යූතු දේවල්

"ගෑනියෙකුගෙයි, මිනිහෙකුගෙයි හැලහැප්පිලි, රණ්ඩූ සරුවල් තියෙන්නෙ බත් මූටිටිය ඉදෙන කල් විතරයිනෙ" ගැමියන් අතර කියමනක් ඇත. එය බොහෝ දුරට සැබෑවකි. කටින් පිටවෙන වචනයකින්, දෙකකින් පවූල් අවූල් වන අවස්ථාත්, ඉහිරෙන අවස්ථාත් ඇතිවන වග නොදන්නා කෙනෙක් නැ.


"ඔයත් ඔයාගෙ අම්ම වගේම තමා"යි බිරිඳක් කිසියම් විටක ඇයගේ සැමියාට කිව්වොත්, එයින් ඔහූගේ සිත තදින්ම පෑරෙන්නට ඉඩ ඇත්තේ නැන්දාත්, ලේලිත් අතර නිරතුරුවම වාගේ ගැටූම් පවතින හෙයිනි.

පවූල් ජීවිතය සතුටින්. සාමයෙන්, සන්තෝෂයෙන් ගත කිරීමට නම් බිරිඳක් කිසිවිටෙක සිය සැමියාට නොකිය යූතු දේවල් මොනවාදැයි පවූල් ප්‍රශ්න බේරුම් කරන්නන් මෙන්ම මානසික විද්‍යාඥයන්ද සොයා බැලු අතර බිරිඳක් කිසිවිටෙක සිය සැමියාට නොකිය යූතු දේවල් හැටියට මානසික විද්‍යාඥ ආචාර්ය මයිකල් ලිලිබ්‍රිජ් නිර්දේශ කරන දේවල් දහය මෙසේය.

1."මේක මෙහෙම වෙනව කියල මම ඔයාට කිව්වෙ නැද්ද? - සැමියාට වඩා ඔබට දැනූම තේරුම ඇති බවක් එයින් ඇඟවෙන අතර සැමියාගේ නායකත්ව ලක්ෂණයට එයින් වදින්නේ පහරකි. තම බිරියන් තමන්ගේ බූද්ධියට පහර ගසනවාට සැමියන් තුළ කැමැත්තක් නැත.

2."ඒයි මම මෝඩියෙක්ද?" - ඔබ අතින් නිතරම වාගේ අත්වැරදීම් සිදුවෙනවා අහන්න, දකින්න සැමියා කැමති නැති අතර ඒවාට නිතරම වගේ අනූකම්පා අයැද සිටීමෙන්, අත්විය හැක්කේ වෙනත් ප්‍රතිඵලයකි.

3.ඔයාගෙ අම්මයි, තාත්තයි මට කිව්ව දේවල් මොනවද කියලා ඔයා කවදාවත් හිතන්නේ නෑ. ඔහූට හෙළිදරව් නොකෙරුණූ පවූලේ කරුණූ කාරණා රැසක් ඔබේ හිතේ තබාගෙන සිටින බැව් හිතී ඔහූගේ හිතේ නූරුස්සනා ගතියක් ඇතිවීම සාමාන්‍ය දෙයකි.

5."ඔයා ඇත්තටම මට ආදරයක් නෑ" - ස්වකීය ආදරය පූන පූනා කියා සිටින්නට පිරිම අය එතරම් කැමැත්තක් නොදක්වන අතර ස්වකීය හැඟීම් ඔප්පූ කර පෙන්වන ලෙසට නිරතුරුව කෙරෙන ඉල්ලීම් ද ඔවූන්ට හිසදරයකි.

6."මං හිතන්නෙ එයා මට ඇත්තටම ඇදිලා ආව කියලයි" - පිරිමියකුට තවෙකකු ගැන ඊර්ෂ්‍යා ගතියක් ඇතිවූණොත්, ඔහූ කුමන විධියකින් ප්‍රතික්‍රියා දක්වයි දැයි හරියාකාරව කීමට නොහැක. සමහර පිරිමින් ඔවූන්ට හූරුපූරුදු කාමූක ක්‍රියාවලින් ඊට පලිගැනීම සාමාන්‍ය දෙයකි.

7."ඔයා ඒ කාලෙ ඔයිට වැඩියෙ හැඩ වැඩ ඇතුව හිටිය" - තමන්ගේ ශරීරයේ පෙනූම ගැන ගැහැණූ අය පරිද්දෙන් පිරිමි අයද සංවේදීතාවක් දක්වන අතර අන් කෙනෙකු හා සමග හෝ තමන් ඉස්සර සිටි ස්වභාවය කා සමග හෝ අහිතකර අන්දමින් සසඳනවාට ඔවූන් බොහෝ දෙනකු තුළ එතරම් කැමැත්තක් නැත.

8."මේක කාටවත් කියන්නෙ නෑ කියල පොරොන්දු වෙන්ඩ" - මිතුරකුගේ හෝ මිතුරියකගේ හෝ පෞද්ගලික ජීවිතය පිළිබඳ විස්තර තොරතුරු කියනවා නම්, ඒවා සඳහා ඔබ ඔබේ සැමියාගේ එවැනි තොරතුරු ඇයට හෝ ඔහූට හෝ කියන්නට ඇතැයි සැමියා ගැන සැකයක් ඇති වන්න බැරිකමක් නැත.

එහි අවසන් ප්‍රතිඵලය වන්නේ සැමියාගේ විශ්වාසය පළුදුවී යාමය.

9."ඔයා හොඳ නෑ" - ඔබ සැමියාට එසේ කියන්නේ කේන්ති ගතියක් ඇතිවීම නිසා නම්, ප්‍රශ්නය නිරාකණය කරගත යූත්තේ එවැනි කතා කියා නොව වෙනත් ආකාරයකිනි.

10. "මම දන්නෙ නෑ මොනවද කරන්ඩ ඕනෑ කියලා, කරන්ඩ ඕන දෙයක් කියන්ඩ" - මෙවැනි කතාවලින් සිදුවන්නේ, යමක් වැරදුණොත් ඔබට දොස් පවරන්න ඔහූට ඉඩකඩ සැලසීමයි. ඔබ කළ යූත්තේ තීරණයක් ගෙන කරන්න තියන දේ කිරීම පමණය.

අඹූ සැමියන් අතර විවිධ හේතූන් මත ඇතිවන කතා බස් දුරදිග යාමෙන් ආරවූල් පවා ඇතිවන අතර ආරවූල් දුරදිග යාමෙන් අඬදබර, දික්කසාද ආදිය ඇතිවන්නේ පවූල් සංස්ථාව දෙදරුම් කවමිනි. බිරිඳ දෙකේ කොළයට ගෙන සැළකීමට සමහර සැමියන් පූූරුදු වී සිටින නිසා බිරියන්ගේ සිත් පෑරී සැමියන් අමතා යම් යම් අවස්ථාවල යම් යම් වචන කියනවා වන්නට පූළුවන. එවැනි වචනවලට කේන්ති යන කේන්තියෙන් බිරිඳට හා දරු මල්ලන්ට ගුටි බැට දෙන, සමහර අවස්ථාවල ගෙදර බඩූමූටිටූ පවා පොඩි පටිටම් කරන සැමියනූත් සිටින වග නොදන්නා කෙනෙක් නැත.

එමනිසා, සැමියාගේ සිතට වද දෙන සිත පෑරෙන හෝ කණස්සල්ලට පත්කරන වචන පාවිච්චි කිරීමෙන් වැළකී සිටීම යහපත් බිරිඳකගේ වගකීමයි.



SinhalaMag

Singham චිත්‍රපටියේ විචාරය | Singham Movie Review

Singham චිත්‍රපටිය ගැන බොලිවුඩ් රසිකයින් නම් හැමදෙනාම දන්නවා ඇතිනේ . අජේ දෙව්ගන් රඟපාන මේ වසරේ තිරගත වුනු අතිසාර්ථකම චිත්‍රපටියක් . ඒ චිත්‍රපටියට අදාල  මූලික තොරතුරු මෙතනින් අපේ අඩවියට ගිහින් බලා ගන්න පුලුවන් . මේ ඉදිරිපත් කරන්නේ චිත්‍රපටියේ විචාරය

කථාව
බාජි රාවො සින්ගම් කියන්නේ ගෝව- මහා රාෂ්ට්‍ර ප්‍රාත්න සිමාවේ පුංචි ගමක සේවය කරන අවංක පොලිස් නිලධාරියෙක් . ගමේ ධනවතෙකුගේ පුතෙක් වුනු සිංගම් පොලිස් පොතේ ලියනවට වඩා තමන්ම මැදිහත් වෙලා ගමේ ප්‍රශ්න විසඳන එක තමයි කරන්න කැමති . ඒ නිසා ගමේ ඉන්න සියලු දෙනාම සිංගම්ය ආදරෙයි .ජය කාන්ත් ශිකරේ කියන්නේ ගෝව ප්‍රදේශයේ මැරයෙක් . දේශපාන ශකිතිය නිසා පොලිසිය අල්ලේ නටවාගෙන ඉන්න ශිකරේට , අපරාධ නඩුවක් ඇප සිද්ධියක් නිසා සිංගම් ගේ පොලිස් ස්ථානයේ අත්සන් කරන්න යන්න සිද්ධවෙනවා . ඒ සඳහා වෙන කෙනෙක් යැවීමත් , සිංගම් ඒක පිලි නොගැනීමත් නිසා තමයි මේ දෙන්නා අතර ගැටුම පටන් ගැනෙන්නේ ....

Editor's Comments | අපේ අදහස

  • ඉතාම සාම්ප්‍රදායික කථා තේමාවක් බව බැලු බැල්මට පේනවා ඇති . ඒ වුනත් මේ සරල කථා තේමාව ඇතුලේ ඉන්දියාවේ (ලංකාවටත් අදාලයි ) ප්වතින යථාර්තයකටත් එබිමක් කරනවා කිව්වොත් වඩාත් නිවැරදියි . දුෂිත දේශපාලනය නිසා අපාරාධ කාරයින් වැජඹීමත් පොලිස්ය අසරණ වීමත් මේකෙදි හොඳින්ම දකින්න ලැබෙනව
  • සාම්ප්‍රදායික කථාතේමාවක් උනත් කථාවේ ගලායාම හා අවසානය යම් තාක්දුරකට තාත්විකයි . ඉස්සර සිනමා පටවලදි දකින්න තියන සුපුරුදු අවසානයට වඩා වෙනස් , එක්තරා දුරකට ආදර්ශමත් (ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩු ක්‍රමය නිසා ප්‍රායෝගික ) අවසානයක් තමයි දකින්න තියෙන්නෙ
  • දෙමල චිත්‍රපටියක් ආශ්‍රයෙන් නිපදවුනු නිසා ඒ ලක්ෂන සහිත ක්‍රියාදාම දර්ශන තමයි දකින්න තියෙන්නෙ . ඉතාම විශාල වියදමක් දරල තිබුනත් චිත්‍රපටියේ වටිනා කම සම්පූර්ණයෙන්ම හානි වෙන "බොලඳ " ක්‍රියාදාම දර්ශන තමයි අන්තර්ගත වෙලා තියෙන්නෙ . ඔබ දෙමල චිත්‍රපටි රසිකයෙක් නෙවෙයි නම් ක්‍රියාදාම දර්ශන ටික අමතක කරල කථාව බලා හිටියොත් හොඳයි . නැතනම් ඒ දර්ශන නිසා චිත්‍රපටියත් එපා වෙන්න පුලුවන්
  • සරල වින්දනාත්මක සිනමා පඨයක් වශයෙන් හොඳ හාස්‍ය උත්පාදක දර්ශනත් , කම්මැලි කමක් නොදැනෙන ගලා යාමකුත් චිත්‍රපටියේ දකින්න් තියනව

Ratings
  • Direction -3/5
  • Celebrities' Performance -2.5/5
  • Story - 3.5/5
  • Script - 3/5
  • Cinematography - 2/5
  • Music -2/5
  • Choreography -25
  • Art Direction - 3/5
  • Action - 1/5
  • Editing - 3/5
  • Special Effects - N/A
  • OVERALL -3/5

                                                -  Written by  DBL (බොලිවුඩ් සිංහලෙන් බ්ලොඩ් අඩවිය වෙනුවෙන්)

    එක සෘතුවකට පසු

    Sunday, September 11, 2011

    එක සෘතුවකට පසු ‘ම්ම්ම්‘
    නව සෘතුවක් පැමිනේවි නම්
    ගහා කොළ මල් දලුලා යායට
    අළුතින් සැර‍සේවිනම් 
    මට කුමටද තව පසුවදනක් නුඹගෙන්..


    ආදයට පාරකියනන් පුළුවන් නමුත් හැමොටම එගොඩවේන්න බැහැ යම් කිසි ප්‍රමාණයක් නතරවේනවා..එය එසේ විය යුතුයි !.. 
    හඩා වැලපේන ආදරයකට තවත් දිරි දැක්මට ප්‍රතිචාරයන් වේනුවට තව තවත් තියන ටික හරි රැකගන්න උත්සා 
    කරන්නේ ඔහු නොවේයි ඔබයි ..ඒ..හමුවේත් පසුවදන්නි අමතයිනම් අපි නැවත නැවතත් සැමදේයක් එක්කම හිද ඵලක් නොවේයි.. 
    සතුට ළඟාකරගනන් ඔනේ වන්නේ නැහැ පසුපසහඹා යෑමේන්. නවතින්න !! මිහිරි මතකයන් 
    තියේනන්ට පුළුවන් එහේත් එය තම ශක්තියේන් හිතින් ඉවත් කරගන්න..
    නැවතත් අන්හදකට හිමි දේයක් ගැන නොහිතන්න. අළුත් සරුසාරවත් ඝෘතුවකට ඔබේ හිත 
    හදාගන්න වඟාකරනන් පුළුවන් වනතේක්ම .ගහාකොළ මල් දලුදමනන් හිඩ හරින්න. 
    පැරණි මතකයන් තුළින් අලුත් ගහාකොළට වතුර දාන්න එපා .
    එහින් කොපමණ පොහොර තිබ්බද එයත් පැරණි මතකටය්න් ඔබ ආදරයේන් හදාගත් ගසට සහා නවදළුවලටද හානියක් සිදුකිරිමට බොහොදුරට ඉඩකඩ ඇත.. අත්දැකිම් විතරක් ගේනන් මතකයන්ට නිවාඩුදේන්න...
    ලැබේනදෙය සතුටින් බාරගන්න ඔබට තවත් මින් එහා දේයක් වේන්න තිබුණු වඟ මතකේ රදවගන්න..
    සැනසේන්න,හිනාවේන්න තමන් ගැනම වර්ණනා කරගන්න.
    අලුතින් සැරසුණු යායට ඔබගේ හිත බිදේන තරම් රිදුම්දුන් පසු වදන්න ගැනිමට තිතක් තියන්න. . .
    ලැබේන පෙරවදනින් ජිවිතයට ගොඩවේන්න සිනහා මුසු මුහුණේන් .. දවසින් දවස තමන් කවුරුන්දැයි යන වඟ විමසනන්..එහින් ඔබ ගමන සාර්ථකදිවියකට මංපේත් දොරවල් විවෘතවෙනවා ඇත
    විදවන්නට නොව විදින්නට සැරසේන්න...(ඔබේයි මේ ජිවිතය..)  






    සකි සඳ නුඹට

    හිරුත් සඳුත් නැති ලෝකෙක
    මන් තනි වූදා
    පහන් තරුව විලසින් නුඹ
    පාර කියූදා
    සත්තයි මිතුරේ නුඹ මට

    සොයුරෙකු වූවා

    ගලායන්න ජීවිතයට රිසි අයුරින්ම
    තැවුනේ නෑ දුක් කරදර ආවත් නිතර
    සින සිසී හැම නිතරම මා ලඟ උන්න
    නුඹ කල පින් බොහොම වැඩියි නිවනට යන්න

    ලෙඩ දුක් නම් අපමන බැව් මා හා කීවා
    දරාගන්න බැරි උන තැන රහසින් හැඩුවා
    මරණය අභියස සිටියත් නොහඩන් කීවා
    පුන්චි යෙහෙලියයි නුඹ මගෙ අවසන කිවා

    පිය වුන ඔය ඇස් දෙක නෑ ආයෙ ඇරෙන්නේ
    වෙනදා මෙන් නුඹේ සිනා නෑ සවනට ඇසෙන්නේ
    අත් අල්ලන් ඇවිදින්නට නෑ ආයෙම ලැබෙන්නේ
    නොකියා ගියත් සසර මගේ එතෙර වෙන්න පතන්නේ
                                                                                           
    හිම හන්සි

    ලංකාව ටෙලිනාට්‍ය හා අතුරු කතා..


    ලංකාවේ තියන ටෙලිනාට්‍ය වල ගොඩක් යන්නේ වල්පල්. මම මෙහෙම කියන්නේ හේතුවක් ඇතුව. මොකද අද සතියේ විකාශය වෙන ටෙලිනාට්‍ය 10 ක් ගත්තොත් එයින් 8 වත් කතා තේමාව වෙන්නේ එක්කෝ කිසිම හරයක් නැති දිගටම ගලාගෙන යන කෙහෙම්මලක්, එහෙමත් නැත්තන් හරයක් නැති පවුලක් ෆුල්ම අවුලෙන් ඉන්න කතාවක්. ඔය කතා වල සාමාන්‍ය සිද්දි වෙන්නේ එක්කෝ මංකොල්ලකෑම්, පැහැරගෙන යාම්, තර්ජන වගේ ඒවා තමා. ඔක්කොම ටෙලිවලින් බාගයක් රබර් නැත්තන් ඉලාස්ටික් කතා... දැන් ඒවාට කියන්නේ මෙගා. පිස්සු හැදෙනවා. ඉතින් මෙව්වා ඉලාස්ටික් රබර් වෙන්න කතාව ඇතුලට අර කියන එව්වා දානවා ප්‍රධාන චරිතේ උස්සන්න කප්පම් ඉල්ලන්න වගේ සීන් එක්ක..

    සමහර ටෙලිනාට්‍ය උපරිම ඉන්දියානු කොපි කියන එක බැලු බැල්මටම පෙන්න තියන කාරණයක්. කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින්වහන්සේ කියනවා වගේ කාලකන්නි ගෑනු හත්දෙනෙක් සතියට ඉන්නවා.. ඒ කතාව නම් සහතිකයි. ඇයි ඉතින් හැමදාම යන්නේ ජීවිතේ තියන හැම කරදරයක්ම විඳින ගෑනියක්ගේ කතාවක් නේ. මෙව්වගේ පෙන්නන දේවල් අපේ දරුවෝ ග්‍රහණය කරනවා ඉතාමත් ඉක්මනට. ඒවගේම තමයි සමහර ගෙවල්වල ඔන්න කට්ටිය දුවනවා ප්‍රවීණ බලන්න, ඊටපස්සේ තව කෙහෙම්මලක් ඊටත් පස්සේ තව එකක් විදියට.. මේකේ ලීඩ් එක ගන්නේ ගෙදර අම්මා. මම දන්නා ගෙදරක් තියනව, එයාලට ඔය ටෙලිනාට්‍ය යන වෙලාවට ට්ව් එකයි සලේ ඉඳන් ඉන්න පුටුයි තියල මුළු ගෙදරම අරන්ගියත් ගානක් නෑ.

    ට්ව් එකේ තව සීන් එකක් තමයි ඔය වැඩියෙන් හිට්ස් තියන ටෙලියක් යන වෙලාවට ඔන්න ඇඩ් දානවා හිටු කියල මැදට. අනේ දෙය්යනේ කතාව බලන්න වෙන්නේ කොලේකුත් තියාගෙන. ඇයි අර මගින් නවත්තල ඇඩ් එහෙම දාල අයෙ පටන්ගත්තාම නවත්තපු තැන මතක්වෙන්න සීන් එක ලියල තියාගන්න.

    මේකේ තියන කනගාටුම දේ එක නෙවෙයි. දැන් රූපවහිනි වල යන්නේ මෙගා ස්ටාර් සිඟින් ස්ටාර් වගේ රියලිටි. අර ඉස්සර වගේ කාලෙයි අරන්ගම් පොන්මාලෙයි පොලොන්දු, මනෝහාරී චාර්ට් ෂෝ වගේ ඒවා අද නෑ. ඒවගේම රූපවාහිනියෙ කාලයක් විකාශය උන ඩිස්කවරි චැනල් එක වගේ දේවල් වලින් වෙච්ච මෙහෙය ඉතාම අපුරුයි. ඒවගේ දේවල් අද සිද්ද වෙන්නේ නැත්තේ ඇයි කියන එක මටනම් මහා ම මහා ප්‍රහේලිකාවක්. ඔයාලට මතකනම් ආර්ථික විද්‍යාව ලස්සනට කාටුන් වලින් උගන්නපු ගණු දෙනු කියන වැඩසටහන කොයිතරම් ලස්සනට ආකර්ශනීය විදියට ඒ දේ කරාද? අටපට්ටම විතරයි අද දරුවන්ට බලන්න තියන එකම දේ. ඉස්සර පොඩ්ඩන්ට රසාර, දොස්තර හොඳ හිත, පිස්සු පුසා වගේ කාටුන් ගියා. ඒවා රසාස්වාදනය මොට කරන දේවල් නෙවෙයි. පුංචි ඇත්පැටවා වගේ සිනමා, සුරඟන කතා කරලිය වගේ වැඩසටහන් දරුවන්ට තිබ්බ දේවල්.  අද දරුවන්ට රූපවාහිනිය කියන්නේ බාල කඩචෝරු විකුණන පිස්සන් කොටුවක් වෙලා හමාරයි.. ඉගනගන්න දරුවන්ට දෙයක් දෙන්න සල්ලි වියදම් කරනවට වඩා මිනිස්සුන්ව විකුනන්න මාර්කට් හදන තැනක් බවට මේ නාලිකා අද පත්වෙලා. දේශපාලන වට්ටෝරුවේ තවත් එක උපාංගයක් බවට පත්වෙලා.

    මට අන්තිමට හිතෙන්නේ මෙහෙමයි. මමනම් මගේ එකෙක්ව ට්ව් එකට හුරු කරන්නේ නැතුව ඊටවඩා අන්තර්ජාලයට යන්න යොමු කරනවා. ඒක දාහෙන් සම්පතයි. දැන් ඔයාල හිතාවි මේ  මොන පිස්සු කතාවක්ද කියල... නෑ...... ටෙලි නිලියෝ ගණිකාවෝ වෙච්ච රටක ළමය ඉන්ටර්නෙට් එකට යද්දී එච්චර කලබල වෙන්න ඕනේ නෑ. ඕනේ කරන එකම දේ කොම්පියුටරේ සාලෙන් හරි නිතර පේන තැනකින් හරි තියන ඒක විතරයි. අනික මම ඇත්තම කිව්වොත් කව්රු කොහොම වැට බැන්දත් නියම වයසට ආවම ළමයි කුතුහලේට කොහොමත් ඔය නිල් දේවල් බලන එක කාටවත් නවත්තන්න වෙන්නේ නෑ. 

    අපි නිදහස් ද??




    මම දැං ඇහුවොත් කාගෙං හරි කැමතිම ඇඳුම මොකක්ද කියලා කොල්ලෙක්නං ටක් ගාලා කියයි ඩෙනිම කියලා.නැත්තං කොට කලිසම කියලා.කෙල්ලෙක්නං ගොඩක් වෙලා අරගෙන කල්පනා කරලා කරලා අපිට අපිවම එපා වේගෙන එනකොට මොකක් හරි පාටක්, හැඩයක්, රෙද්දෙ වර්ගයක්, ගන්ඩ පුළුවං තැනක් එක්කම මොකක් හරි විච්චූරණ ඇඳුමක් කියයි.මම මේ කියන්ඩ හදන්නෙ මම කැමතිම ඇඳුම ගැන.ඒ තමයි සරම.........

    සරම වනාහී සුපිරි ධනපති පන්තිය විසින් සිය තත්වය පෙන්වීම සඳහාත් අන්ත දුප්පත් කම්කරු පන්තිය විසින් මූල්‍යමය පහසුව නිසාත් අඳිනු ලබන්නාවූද, අඳිනු ලබන පුද්ගලයාගේ පෞරුෂත්වය හා ආර්ථික මට්ටම මත අගයනු ලැබීමට හෝ ගැරහීමට ලක්වන්නාවූ වස්ත්‍රයකි.දේශපාලනයේදී සරම විසින් ඉටු කරනු ලබන කර්තව්‍යය විශ්මය ජනකය.ජෙනරාල් සිය දේශපාලනය ඇරඹුවේ සරමට බැසීමෙනි.රවී ලොක්කාද රනිල් ඉවත් වී තමාට නායකකම දෙතැයි සිතා සරමට බැස්සේය.නායකකම ලැබීම සුදු අලියෙකු බැව් තේරුම්ගත් පසු ඔහු නැවත ටයිකෝට් අඳින්න පටන් ගත්තේය.තවද සරම නිසා පාලකයා පාලිතයාට සමීප බවක් හඟවයි.අපේ රටේ ජනතාව මෙසේ සරමට රැවටුනේ වරක් දෙවරක් නොවේ.මෙහි ඇති ආතල්ම කොටසනම් ඉදිරියටද ඔවුන් රැවටිය හැකි වීමයි.

    සරමේ අනුසස් කියා රජවූ පසු වරක් බණ්ඩාරනායක් ලොක්කා සුනඛ ප්‍රදර්ශනයකට ටයිකෝට් දමාගෙන ගොස් මාට්ටු උනේය."බලු වැඩ බලන්න යන්න ඕනෙ බලු ඇඳුමක් ඇඳගෙන" කියා ලොක්කා ගැලවුනේය.ජනතාව රැවටුනෝය.

    සරම තමාගේ පෞරුෂය ප්‍රදර්ශනය කිරීමටද භාවිතා කළ හැක.චණ්ඩියා ප්‍රතිවාදියා ඉදිරියේදී සරම ඉහලට කර කොටවෙන්න නැවත බැඳගනී.දීනයා ලොක්කන් ඉදිරියේ දී සරමේ ගැටය කඩා සරම දිගට ඇඳගනී.සරම පපුව ආසන්නයෙන් ඇඳගෙන සිටීමෙන් උදේ අවදි වූ ගමන් බව හෝ බීමතින් සිටින බව ප්‍රදර්ශනය කළ හැක.


    සරමේ ඇති වාසිනම් පහසුවෙන් කෙටි වේලාවක් තුලදී ඇඳගැනීමට හෝ ගැලවීමට හැකිවීම, මුත්‍ර කිරීමේ පහසුව, සමස්ත ශරීරයේම සිසිල් සුළං ලැබීමේ අයිතිය තහවුරු කිරීම, සරමේ සිට වෙන ඇඳුමකට හෝ වෙන ඇඳුමක සිට සරමට මාරු වීමේදී පිටස්තර ආවරණයක පිහිට අනවශ්‍ය වීම් (මෙහිදී කළ යුත්තේ සරමේ ඉහල කෙළවර කටින් සපාගෙන සරමෙන් නිරුවත වසා ගන්නා අතරම සරම ඇඳීම සඳහා අනිත් ඇඳුම ගැලවීම හෝ අනිත් ඇඳුම අඳින තෙක් සරම ආවරණයක් ලෙස හෝ භාවිතා කිරීමය.මෙහිදී සරම ද්විත්ව ක්‍රියාවක් කරයි.), කුඩා දරුවන් නැළැවීමට භාවිතා කළ හැකි වීම (මේ නිසා ගම්වල කාන්තාවෝ සිය ස්වාමි පුරුෂයන්ව සරම් ඇඳීමට දිරිමත් කරවති.), කැසපටකවා ගැනීමෙන් අමුඩයක් ලෙස ඇඳිය හැකි නිසා ගස්වලට නැගීමටද භාවිතා කළ හැක.වහාම ගැටය කඩා දමා නැවත සරම ලෙස ඇඳිය හැකි නිසා සරම හොරපොල් කඩන්නන්ගේ නිල ඇඳුම ලෙසද භාවිතා වේ.බස්වල ගමන් කරන ජැකී චෑන්ලා හා මයිකල් ජැක්සන්ලා ද සරමෙන් මහඟු ඵල නෙලා ගනිති.

    ප්‍රධානම වාසිය වන්නේ සරමක් මිලට ගන්නා විට එය ඇඳ උස හා ඉණ හරිදැයි බැලීමට අනවශ්‍ය වීමය.උස මදි වීම ගැටළුවක් උවද, උස වැඩි වීම කිසිසේත්ම ගැටළුවක් නොවේ.කළයුතු වන්නේ සරම අඳිනවිට එහි ඉහත කෙළවරෙන් තීරුවක් ඇතුළු පැත්තට නවා ඇඳීමයි.වයසත් සමඟ උස යන විට මෙසේ නමන්නාවූ තීරුව ක්‍රමයෙන් අඩු කිරීම මඟින් නිසි උසින් යුත් සරමක් දිගු කාලයක් ඇඳීමේ භාග්‍ය හිමිකරුට ලැබේ.අමතර කරුණක් ලෙස සරම සේදීම අනිකුත් ඇඳුම්වලට(ප්‍රධාන ඇඳුම් ) සාපේක්ෂව පහසු වන අතර ඉක්මනින් වේලීමද සිදුවේ.පාඩම් කරන දරුවන්ගේ කකුල් මදුරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීමටද සරම භාවිතා කළ හැකිය.

    සරමේ අවාසි කීපයක්ද ඇත.ප්‍රධානම මෙන්ම භයානකම අවාසිය වන්නේ ඕනෑම මොහොතක ගැලවී වැටීමේ අවධානමයි.නමුත් මේ තත්වය ඉණ පටියක් හෝ දිය ලණුවක් බැඳීම මඟින් හෝ කාලයත් සමඟ පළපුරුද්ද තුළින් ලඟා කරගත හැකි තද ගැටයක් යොදා සරම ඇඳීමේ හැකියාව ලබා ගැනීම තුළින් මඟහරවා ගත හැක.අනෙක් අපහසුවනම් සාක්කුවක් නොමැති වීමය.මේ නිසා විවාහ මංගල්‍යයක් වැනි දෙයකට සහභාගි වන විට ජංගම දුරකථනය හා මුදල් පසුම්බිය අතේ තබා ගැනීමට සිදුවේ.දං, හිඹුටු, එරමිණියා වැනි දෑ සරමේ ඔඩොක්කුවේ දමාගෙන ගොස් කෙල්ලන්ට දීම කළ හැකි මුත් මඟුල් ගෙදරකට යන විට ජංගම දුරකථනය හා මුදල් පසුම්බිය ඔඩොක්කුවේ දමාගෙන යාම එතරම් උචිත නැත.ජංගම දුරකථනය උඩ සාක්කුවේ දමාගත හැකි මුත් බීමත් වූ පසු එය අස්ථානගත වීමේ අවධානම වැඩිය.ජංගම දුරකථන රැඳවිය හැකි ඉණපටියක් පැළඳීම යෝග්‍ය මුත් මුදල් පසුම්බිය එහි තැබිය නොහැකි නිසා එය බිරිඳට දීමට සිදුවේ.නමුත් ඊට වඩා මුදල් පසුම්බිය හොරෙකුට දීම මනාය.

    සරම ඇඳගෙන නිදාගන්නා පුද්ගලයින් නිතරම කාමරයේ දොර වසා ඇතුලතින් අගුලු දමාගෙන සිටීම යෝග්‍යය.එවිට උදෑසන මව පැමින දොරට ගසන විට බිම ඇති සරම ඇඳ ගැනීමට හෝ සරම ගැලවී නැත්නම් කූඩාරම බා ගැනීමට අවකාශයක් ලැබේ.


    මෙසේ සියලු වාසි අවාසි සලකා බැලුවිට සරම වනාහී ඉතා වාසි සහගත වන්නා වූද එහි ඇති දුර්ගුණ පහසුවෙන් මගහරවා ගත හැකි වූද ඇඳුමක් බැව් නිගමනය කළ හැක.මට ඇත්තේ එකම එක කොට කලිසමක් පමණක් උවද සරම්නම් තුන හතරක් ඇත.නමුත් එක සරමක් අඳින්නට ගත් විට එය ඔළුවෙන් පහලට දැමීම නාසය විසින් ප්‍රතික්ෂේප කරන් තුරු ඒකම ඇඳීම මගේ සිරිතය.

    සරම් අඳින්න නිදහස අත් විඳින්න.කලිසමෙන් සරමට මැයෙන් ජාතික ව්‍යාපාරයක් ගොඩ නගමු.සුද්දා අපිට අහිමි කළ නිදහස රැකගන්න පෙරට එමු.අනුගාමිකයෙක් නොවී බුද්ධියෙන් විමසා බලා සරම අගයමු.සරම රැක ගමු.අනාගත පරපුර වෙනුවෙන් අපේ යුතුකම් කොටස ඉටු කරමු.සරමට තැනක් දෙමු.

    අපි නිදහස්! පව් රනිල් තාම කලිසං අඳිනවා.......

    දාහක් දේවල්....

    Saturday, September 10, 2011


    පුංච් හිතක
    අයෝමය සිත් තැවුල්
    මොකට හිර කරන්
    ඉන්නවද මන්දා
    ඒ වුනත් ඒ තමයි
    අම්මගේ ආදරය....

    මම වැරදිකරු..ද?




    හිත වෑවුවත් නැතත්
    මට ඇඬුනත් නැතත්
    කමක් නැහැ
    ඔයා වාවන්න
    ඔයා නාඬන්න
    ඔයත් සතුටින්
    මමත් සතුටින්
    ඒත් ඒ දේ දෙන්න
    මම කරපු දේ
    වැරදිද.........?????

    පි‍ටු පෙරලපු ගාන