ඕපාදූප ගැන ඕපාදූපයක්…

Wednesday, July 20, 2011

     ඔන්න ඉතිං අහගන්නකෝ. මම අද කියන්න යන්නේ හොඳ ඕපාදූපයක්. ඈ.. මොකද්ද ? ඔව් ඔව්ව්ව්ව්.... කර කර හිටපු වැඩ ඔක්කොම පැත්තකින් දාලා ඇවිත් අහගන්නකෝ. මොකක් ගැනද දන්නවාද ? ඕපාදූප ගැන. ඒ මොන අපභ්‍රංසයක්ද නේද ? හි.. හි.. එහෙම කිව්වත් උඩ පැනගෙන එන්නෙ කස්ටිය. මොකද ඕපාදූපයක්නේ. කාගෙ හරි රස කතාවක්නෙ. ඒත් ඉතින් මේක කියවලා හිනා යන්නෙනම් නැතිවෙයි. ආහ්.. ඒත් කමක් නැද්ද.. ඔන්න එහෙනම් අහගන්නකෝ.

     ඕපාදූප තමයි ඉස්සර ඉඳන්ම කස්ටිය news දැනගත්ත කොරමෙ, හරි ? ඔය ඕපාදූප හින්දා ගොඩාක් වින්නැහි ත් වෙලා තියනවා ඔන්න. ඇත්තටම කියනවානම් මේවා එකකින් මුළු ජාතියක්, රටක් විනාස කොරන්නත් පුළුවන් නොවැ. ඒ විතරක් නෙවේ ඕවා හින්දා මිනිස්සුන්ට, වෙන කිසිම වැඩක් කොරන්න නොදී අල්ලලා තියාගන්නත් ඇහැකියි. අපේ blog ලියන අයියලා, අක්කලාගෙන් බහුතරය කොරන්නෙත් ඒක නොවැ. මොකක්…., හරි හරි ඉතිං තරහ ගන්න දෙයක් කිව්වෙ නෑනෙ. ඔන්න ඕකනෙ බැරි ඇත්ත කියන්න ගත්තහම කරේ නගින්න එනවා. හෙ.. හෙ.. හරි හරි අපි ආයෙම කතාවට බහිමුකෝ. මේ ළඟදි දවසක, ළඟදි කිව්වට එකදාස් නමසිය අනූ ගණන් වල මේකෙ පරිණාමවාදී මනෝවිද්‍යාව ගැන පර්යේසනත් කොරලා තියනවලු ඔන්න. මොනවද හප්පේ ඒ ? ඔන්න ඔහෙ ඒක අමතක කරමුකෝ. ඒකෙන් හොයාගෙන තියන්නෙ මොකද්ද දන්නවද ? ඕපාදූප වලින් අපේ කස්ටියගෙ අන්‍යෝන්‍ය ප්‍රසිද්ධිය වැඩිවෙනවලු. ආහ්... ඒකයි මේ හොරේ. ඉන්නකො මාත් ආයෙ මගෙ blog එකේ දාන්නෙම ඕපාදූප. හ්ම්ම් ඒත් බෑනෙ. මම ඕපාදූප කිව්වොත් ඒක බුද්ධාගමට කොරන නිගාවක්නේ.

     අපේ රොබින් ඩන්බාර් මහත්තයා දන්නවනෙ? දන්නෙ නෑ ! :o ඇයි අනේ අර පරිණාමවාදී ජීවවිද්‍යාඥ මහත්තයා. කවුද බොලේ ඒ? මම දන්නෙත් නෑනෙ. ඉතිං කොහොමහරි ඒ මහත්තයා හොයාගෙන තියනවලු ඕපාදූප වලින් කස්ටිය අතරේ සමාජයීය බැඳීමක් ඇති වෙනවා කියලා. ආයිස් අප්පා ගුන්ඩු !

     gossip කියන වචනෙ හැදිච්ච හැටි කියන්න ගියොත් කට්ටියක් මාත් එක්ක තරහා වෙනවා ඕං. මොකද මේකට පොඩි කිරිස්තියානි සම්බන්දෙයක් තියනවා......…..... හරි හරි කියන්නං, කියන්නං පොඩ්ඩක් හිටියනං. මේ වචනෙ ආවෙ ඒ කාලෙ පාවිච්චි කොරපු හද්දා පරණ ඉංගිරිසියෙ තිබ්බ godsibb කියන වචනෙන්. god sibb කිව්වෙ godparent එහෙමත් නැත්තං බෞතිස්ම කරන කෙනා කියන එකයි. ඉතිං එක තමා පස්සෙ gossip වෙලා තියෙන්නෙ. ඈ... ඉතිං මොන හරුපයක්ද ඒ? මොකද්ද ඒ දෙකේ තියන සම්බන්දෙ? මම දන්නෙ නෑ ඕං. ඒක අමතක කරමුකෝ, හි.. හි... හැබැයි ඉතිං මේක මුලින්ම කියවෙල තියෙන්නෙ අපේ සේප්පියර් මහත්තයා, මොකද්ද? ඇයි හද්දෙයියනේ අපේ William Shakespere මහත්තයා. මට ඔය ඉංගිරිසිය හරියට සිංහලට මෙව්වා කොරගන්න බෑ ඕං. ඉතිං ඒ මහත්තයාගෙ මෙව්ව එකක තමා මුලින්ම වචනෙ use කොරලා තියෙන්නෙ..

     ඔය ඇති නේද ඕපාදූප ඇහුව. එහෙනං ගිහින් තියන වැඩක් බලාගත්තනං. ආහ්.. යන්න කලින් එකක් කියඥ්ඥං මං. අපේ blog ලියන අයියලා, අක්කලත් ඕපාදූප විතරක්ම ලිය ලිය ඉන්නෙ නැතුව පොඩ්ඩක් ඉගෙන ගන්න පුළුවන්, තේරුමක් තියෙන දේකුත් ලිව්වනං නේද හොඳ ? අනේ ඉතිං මට බනින්න එපා. මං හරි අහිංසකයි, ඇල් වතුරත් නිමලනෙ බොන්නෙ ඕං. හැබැයි ඉතිං එහෙම කියල ඒවම දාන්න එපා, මේවයිනුත් මොනවහරි දාන්න. ලිපියෙත් කිය උනානෙ ඔය ඕපාදූප වලිනුත් මොකද්ද මෙව්ව එකක් වෙනවා කියලා.

අන්දරේ සහ තන 18+

අන්දරේ තණ මැනපු කතාව දන්නව ඇතිනෙ නේද?
දන්නෙ නැති අයට ඹන්න කෙටියෙන් අහගන්න...

රජතුමාට අයිති නින්දගම් වලින් හැම වාරෙම රජතුමාට කොටහක් ගෙවන ‍එක ඒ කාලෙ නියමයක්....ඉතින්මේ අස්වනු නෙලන කාලෙට රජවාසලෙන් කවුරු හරි ගිහින් රජවාසලට නියමිත කොටස මැනගෙන ගේන එක සිරිතක්.ඔය එක ගමක වගා කරල තිබුණ තණ කියන ධාන්‍ය වර්ගයක්..ඉතින් මේ ගමේ අස්වනු මනින්න යවන්න කෙනෙක් බලද්දි රජවාසලේ හිටියෙ අන්දරේ විතරයි..

රජතුමා අන්දරේට කතා කරල අහනව "අන්දරේ උඹට තණ මනින්න පුලුවන්ද?" අන්දරේත් ඉතින් බෑ කියන වැඩක් නෑනෙ අන්දරේත් පුලුවන් කිව්ව.."එහෙනම් ගිහින් අහවල් ගමේ තණ මැනගෙන ඇවිත් මට ගාන කියපන්.."

අන්දරේ යමින් ගමන් මගදිම පොල් අත්තකින් ඉරටු මිටියකුත් තඩා ගත්ත..අන්දරේ ගමට යද්දි අස්වනු නෙලනව..අන්දරේ කවියකුත් කියාගෙනම කමතට බැස්ස

කොට දිග මහත රවුමට උල් වෙච්ච            තන
ගැට වට අලුත් හා කල්ගිය පරණ                තන
මට මැන ගන්න මහරජුගෙන් ලැබුණි          අණ
පොට ඹසරිය මෑත්කර පෙන්වන්න             තන

ඔන්න අන්දරේට තන-තණ මාරු වුණ තැන....රජ අණනෙ ගැනු ටිකත් ඉතින් අකමැත්තෙන් උනත් තන මනින්න අන්දරේට ඉඩ දුන්න...අන්දරේ එක එක පියවුරේ  දිග ප්‍රමාණයට ඉරටු වලින් කඩාගත්ත. මේ ටිකත් අරන් රජ වාසලට ගිය අන්දරේ ඉරටු මිටිය රජතුමාට දීල කියපි අනේ රජතුමනි එතන එක එක ප්‍රමාණයේ තන තිබුණ ඔන්න මං බොහොම අමාරුවෙන් සේරම මැන ගෙන ආව කියල...ඔන්න ඔහොමයි ඒක සිද්ද වු‍ණේ.....

මුලුමනින්ම 18+ ගැන... හැබැයි පෝස්ටුව ඕන කෙනෙක්ට බලන්නනම් පුලුවං!

Tuesday, July 19, 2011
මොන මඟුලක්ද යකෝ මේක? මටනම් එපා වෙලා තියෙන්නේ... ඉන්ටනෙට් එකෙන් වීඩියෝ සයිට් එකකට ලොග් වෙන්න බෑ.. කොහෙන් හරි පෝර්න් සයිට් එකක ලින්කුවක් තියෙනවා. චික්... අඩුම ගානේ ඕකෙ දාපංකෝ 18වත් කියලා රෙද්ද. එහෙමත් නෑ. මුං තනිකරම සිත් ඇඳගන්නා විදිහට දාල තියෙන්නේ. ඇත්තම කිව්වොත් මම අද දවසට හතර පාරක් ඔය වගේ ඒවට රැවටුනා. කරැමෙටවත් කවුරැ හරි පිටිපස්සෙ හිටියනං නෝට්බුක් එකත් බිම ගහලා මාවත් ගෙදරින් එලවනා......

පිහාටුවක් වීමට සිහින මැවීම

රෝස වලකුළ...මගේ ආදරණීය බ්ලොග් එක.....කාලෙකින් මම ආවා ඔයාව බලලා යන්න...ජීවිතේම පැටලුණු අවුල් ගොඩක් වෙලා..මගේ හිතට නිදහස කියන දේ හරිම අඩුවෙලා ගිහින්... ඒ නිසා බ්ලොග් ලියන එක එහෙම්ම දැන් නැවතිලා වගේ ....ඔයාගේ දිහා මම ටික වෙලාවක් බලා උන්නෙ ඇත්තටම දුකින්..මග අරිනවා නෙවෙයි...ඔයා ඇතුළෙ මම දැන් හිර වෙලා... මට නිදහස් වෙන්න ඕනේ...

ජීවිතේ කියන්නෙ වලාකුළක් කියලා කාලයක් හිතාගෙන හිටිය නේද කියලා දැන් උඹ මගෙන් අහයි...ඔව් රෝස වලාකුළු දැන් වතුරෙන් බරයි... මට දැන් ඊට වඩා සැහැල්ලු වෙන්න ඕනේ....අද මට හිතන්න ඕනේ  ජීවිතේ පිහාටුවක් කියලා...

මේ බ්ලොග් ලිපිය වුණත් ඔයාගෙ මුහුණ උඩින් ලෝකයට පෙන්වන්නෙ නැහැ මම.. ඒ කියන්නෙ ඔයාව අමතක කරනවා කියන එක නෙවෙයි...ඒත් ඔයා දැන් මගේ පුද්ගලිකත්වය හුඟාක් ඈත ගෙනෙහින්..

මට ඔයා තුළ ලියන්න පුලුවන් උපරිමයක් තියෙනවා....පවුලෙ අය..අදුරන  අය ඔක්කොම මාව කියවන්නෙ උඹ තුළින්..ඒ නිසාම මාව නොකියවෙන විදිහට පත් ඉරු ලියන්න මට සිද්ද වෙලා.. උඹෙන් මිදෙන්න..

මම දැන් පුංචි පෙම්වතියක් වගත් මේ එක්කම කියන්නම් ඔයාට.කාටවත් කියන්න එපා..

මේ මගේ කතාවයි....

Monday, July 18, 2011

     "ආහ් මේ, මචං කැම්පස් ලබන සතියේ පටන් ගන්නවලු", "මයෙ පුතේ උඹලෑ වාසිටි කවද්ද බං පටන් ගන්නේ?", "හෙට කැබිනට් රැස්වීමක් තියනවලු, ඒකෙන් විසඳුමක් ලැබෙයි", "අම්මේ හෙට කැම්පස් එකේ පොඩි වැඩ වගයක් තියනවා", "අනේ මයෙ පුතේ ඔය පෙළපාලි වලට හෙම යනව නෙවෙයි", "කැම්පස් වහලලු නේද?", "තව මාස හයකට ඕවා ඇරෙන්නෙ නෑ", "හූ හූ මහලොකුවට ගියා කැම්පස්"......

     "කොල්ලො ඔය මොකෑ කරන්නෙ බත් එක කන්නෙ නැතුව ?", අම්මගෙ කටහඬ ඇහිලා තමා අයේ පියවි සිහියට ආවේ. "හා හා අම්මේ", ටිකක් උගුර බැරැණ්ඩි කරලා බර කට හඬකින් මම කිව්වා "මට කැම්පස් මතක් උනා". අම්මා ඇහුන නෑහුන ගානට යන්න ගියා. මම හිටියේ ගෙයි පිලේ අම්මා රෑට බෙදලා දීපු බත් එක කන ගමන්. එළියෙ කිසිම සද්දයක් නෑ රැහැයියන්ගෙ සද්දෙ ඇරුනහම. හෙට ඇසළ පෝය. ඒ හින්දා හොඳට හඳත් පායලා. බත් කද්දි මට මතක් උනේම ගොඩේ බත් එක. ඒක කොච්චර රස නැති උනත්, වෑඤ්ජන නැති උනත් මම ඒක කෑවෙ හරිම උජාරුවෙන්, හරිම ආඩම්බරෙන්. ඒත් ඉතිං මේ ටිකේ ගොඩේ බත් කන්න විදිහක් නෑනේ. කැම්පස් වහලානේ. මට මතක් උනා මේ ටිකේ කණ වැකුණු ඒවා ටිකක්. අනේ ඉතිං මට හිනා වෙන්න එපා. මම ඇත්තමයි කීවේ. මට මේ දවස් ටිකේ එහෙන් මෙහෙන් ඇහිච්ච ඒවා ටිකක් තමා ඔය. ඉන්නකො මම මුල ඉඳන්ම කියන්න.

     මගෙ නම සමන්ත. මම කොළඹට බොහොම දුර බැහැර පළාතක. අපේ ගමට කිව්වෙ නාරංකැටිය කියලා. මම තුන්දෙනෙක් ඉන්න පවුලක වැඩිමහලා. පොඩි කාලේ ඉගෙන ගත්තෙ ගමේ ඉස්කෝලේ. ශිෂ්‍යත්වෙ සමත් වෙලා තමයි. අපේ ගමට හැතැප්ම පහකින් හයකින් එහා තිබ්බ නගරේ ඉස්කෝලෙට ඇතුල් උනේ. බොහොම අමාරුවෙන් තමයි නගරෙ ඉස්කෝලෙට ගියේ. මට මතකයි අළුත් සපත්තු දෙකක්වත් ගන්න සල්ලි තිබ්බෙ නෑ. තාත්තා කුලී වැඩ කරේ. අපි හිටියෙ කටු මැටි ගහපු ගේක. මේක කියවද්දි ඕගොල්ලො හිතයි ඒවා තියෙන්නෙ මාටින් වික්‍රමසිංහ මහත්තයගෙ නවකතා වල, රේඩියෝ එකේ ටී.වී. එකේ යන කතා වල කියලා. නෑ ඇත්තමයි අපි ඉන්නෙ ඒ වගේ ගේක. තාත්තාට ගේ හදන්න කොච්චර ඕනෙ උනත් ඒ ගැන තවත් හිතලා, සල්ලි ටික ටික පොතේ දැම්මා මට ඉගෙන ගන්න කියලා. අම්මට, තාත්තා විඳින දුක බලං ඉන්න බැරුව මොනවහරි කරන්නං කිව්වට තාත්තා කැමති උනේ නෑ අම්මා දුක් විඳිනවා බලං ඉන්න. ඒ උනත් අම්මත් පොල් අතු වියලා, එළවළු පාත්තියක් වවලා සල්ලි ටිකක් හෙවුවා. කොහොම හරි යන්තමින් ජීවිතේ ගැටගහගත්තා. අමාරුකම් තිබ්බට අපි බොහොම සතුටින් හිටියා. ඔන්න ඔහොම ඉද්දි දවසක් ආරංචි උනා තාත්තට අනතුරක් වෙලා ටිකක් අමාරුයි කියලා. අපි දුවලා ගියා තාත්තා වැඩ කරපු තැනට. තාත්තලා කප කප හිටපු ළිඳේ පස් කඩාගෙන ඇතුලට වැටිලා යටවෙ ලා ඉද්දි තමයි එලියට අරං තියෙන්නෙ. එක්කෙනෙක් එතනම මැරිලා. තාත්තා හුස්ම ගන්නවා අමාරුවෙන් අපි එද්දිත්. අම්මා අඬාගෙන දිව්වා තාත්තා ලඟට. මම දිව්වා පහළ ගෙදර මාමලෑ දිහාට. ගිහින් විස්තරේ කියලා ත්‍රී වීලර් එක ඉල්ලුවා තාත්තා නගරෙ රෝහලටවත් ගෙනියන්න. ඒත් මාමා අපිත් එක්ක තරහින් හිටියේ පොඩි ඉඩම් හබේකට. මාමා බෑ කිව්වා. මම වැඳ වැඳ කිව්වත් මාමා කැමති උනේ නෑ. මොනවා කරන්නද ආපහු දුවලා ගියා තාත්තා ලඟට. අම්මා අඬන්නෙ නෑ. මම බය උනා. දුවගෙන යද්දි තාත්තා හුස්ම ගන්නෙ නෑ. මට එදා තමයි ජීවිතේ වැඩියෙන්ම දුක හිතිච්ච දවස. මම ඇඬුවා මගෙ දුක නැති වෙනකන්ම. කඳුළු ඉවර උනත් දුක නම් නැති උනේ නෑ. අම්මා මටත්, මල්ලිටත්, නංගිටත් තාත්තා නැති අඩුව දැනෙන්න දුන්නෙ නෑ, "උඹලා හොඳට ඉගෙන ගනින් මම කොහොමහරි උඹලට උගන්නනවා, තාත්තා හැමදාම උඹලා දිහා බලන් ඉඳියි.".

     අම්මා ඒ කතාව කියන වාරයක් වාරයක් පාසා මගෙ හිතේ ඇඳුනේ මම සාමාන්‍ය පෙළ පාස් වෙලා, ඊට පස්සෙ උසස් පෙළ පාස් වෙලා කැම්පස් යන පින්තූරයක්. ඉතිං කොහොමහරි වෙර වීරිය දරලා කටුබැද්දෙ ඉංජිනියරිං කරන්න සිලෙක්ට් උනා ඔන්න. ඒකට දරපු වීරිය, විඳපු දුක් ගැහැට ගැන මගෙ හිතේ වැඩිය නෑ දැන්. අමතක වෙලා නෙමේ, මගෙ හිතේ තියන එකම ආසාව කොහොමහරි හොඳ ඉංජිනේරුවෙක් වෙලා අපේ පවුල ගොඩ ගන්නයි, ගේ පොඩ්ඩ ටිකක් හදා ගන්නයි, මල්ලිටයි නංගිටයි හොඳට උගන්නන්නයි. අම්මා විඳපු දුක් හොඳටම ඇති. කැම්පස් යන පළවෙනි දවසෙ අම්මගෙ හිතේ තිබ්බ සතුට මම දැක්කෙ උන්දැගෙ ඇස් දෙකෙන්. ඇස් වල කඳුළු පිරිලා ඒත් ඒ කඳුළු කැට වැටෙන්නෙ නෑ, මට දුක හිතෙයි කියලා. මූන පිහදාලා අම්මා කිව්වා "මයෙ පුතේ උඹේ තාත්තා අද හිටියනම් ගොඩාක් සතුටු වෙයි". එතකොට මගේ ඇහෙනුත් කඳුළක් රූටලා ගියා. මම ඉක්මනට මූන හදාගෙන ගියා, පළවෙනි දවසෙම අඬ අඬ ඉන්න බෑනේ. හැම තැනම තියෙන්නෙ නුපුරුදු මූනවල්. අපේ ගමේ කවුරුත් ඒ වෙනකොට කැම්පස් ගිහින් තිබුනෙ නෑ. ඒක හින්දා ගමේ ගොඩාක් දෙනෙක් මාත් එක්ක ඉරිසියාවෙන් හිටියේ. මට පළවෙනි දවසේ කැම්පස් එකේ වෙච්ච සිද්ධි එච්චර මතක නෑ. මම හොඳටම බයවෙලයි හිටියෙ. අයියලාත් එක එක ඒව කියල හිනා උනා, මම හිතන්නෙ මට වෙන්නැති.

     මම හිටියෙ හොස්ටල් එකේ. මට එහෙදි යාළුවො ගොඩක් හම්බ උනා. හොස්ටල් එකේ දේවල් ගැනත් වැඩිය කතා කරන්න ඕන නෑ. මට කැම්පස් එකේදි හිනා වෙච්ච අයියලාම පස්සෙ උදව් කරා. පොත් පත් හොයලා දුන්නා, කුප්පි දාලා දුන්නා. මමත් හොඳට විභාගෙ කරලා ට්‍රිකල් කරන්න තේරුනා. අම්මලාටත් සතුටුයි මම ඒක ගිහින් කියපුහම. මට නිතරම ගෙදර යන්න හම්බුනේ නෑ. ආවට පස්සෙ ගෙදර ගියෙ පළවෙනි විභාගෙ කරාට පස්සෙ.

     "කොල්ලො මොකෑ ඔය කරන්නෙ? ගිහින් අත හෝද ගනින්, ඔය අතත් වේලිලා", අම්මා කෑගහද්දි තමා මතක් උනේ මම ඉන්නෙ කැම්පස් එකේ නෙමේ ගෙදර කියලා. ගිහින් අත හෝද ගෙන ඇවිත්ම මම ඉතුරු ටික කියන්නම්කො.

     මල්ලි දැන් දහය වසරෙ, නංගි අටේ. උන් දෙන්නට උගන්නන්නත් ඕනේ. මම වගේම උන් දෙන්නත් කැම්පස් යවන්න තමා මගෙ හිතේ තියෙන්නෙ. ඒත් ඉතිං කැම්පස් වහලානෙ. මොනවා කරන්නද? කාට කියන්නද? කාලා එහෙම ඉවර වෙලා රෑට මම හැමදාම වැව් ඉස්මත්තට යනවා. මොකද එතෙන්ට විතරයි සිග්නල් තියෙන්නෙ. ඔව්.. මට කැම්පස් ගියාට පස්සෙ හොඳම යාළුවා රජිත මට පොඩි ෆෝන් කට්ටක් අරං දුන්නා. ඒකත් නැත්තං කිසිම ආරංචියක් එන්නෙ නෑ. ඉතිං ගිහින් මගෙ හොඳම යාළුවා රජිත ට මම කතා කරලා විස්තර අහනවා. එයා මගෙ කතාව හොඳට දන්නවා. "මචං අයියලා මොකද්ද හෙට වැඩක් කරනවලු අපේ බැච් එකේ ඔක්කොටම එන්නලු, ඒත් උඹ එන්න ඕන නෑ මචං... මම දන්නවනෙ උඹට යන්න එන්න තියන අමාරුව". "නෑ නෑ මචං මම එන්නං", එතකොට තමා මතක් වෙන්නෙ මේ ටිකේ අම්මට පොල් අතු වියන්න, පොල් කූරු ගාන්න උදව් කරන්න ඕනෙ නේද කියලා. "එහෙනම් මචං උඹලා හොඳට වැඩ ටික කරපං මම ළඟදිම එනවා". "එළ එළ, පටන් ගන්න ආරංචියක් ආවොත් මම අනිවා කියන්නම්" රජිත හැමදාම මගෙ හිත හදලා තමා කතාව ඉවර කරන්නෙ. "තෑන්ක්ස් මචං", කවද වෙනකන්ද මේක. අම්මටත් දැන් වැඩ කරන්න අමාරුයි. මම රස්සාවක් හොයා ගත්තෙ නැත්තම් අපි ඉවරයි. මහපොළ හම්බෙන නිසා යන්තම් මගෙ වැඩයි, මල්ලිගෙ නංගිගෙ වැඩයි කෙරෙනවා. ඒත් ඉතිං කටුබැද්දෙ හිටියොත් වියදම දන්නවනෙ. වාසනාවට දෝ, අවාසනාවට දෝ මේ ටිකේ කැම්පස් වහලා.

     මගෙ කතාව ඔක්කොම කියන්න ගියොත් මගේ කෙළත් හිඳිලා යයි. ඔයගොල්ලන්ටත් එපා වෙයි. දැන්නම් මට ටික ටික බයත් හිතෙනවා. රස්සාවක් හොයාගන්න බැරි උනොත් අපිට මොනවා වෙයිද. අපේ ගමේ අය කියපු කතා ඇත්තද? කැම්පස් යන්නැතුව නගරෙ මොකක් හරි රස්සාවක් හොයාගෙන කීයක් හරි හම්බ කරලා ගමට වෙලා හිටියනම් අම්මලත් සන්තෝසෙන් ඉඳියි. මේ දුක කාටද මම කියන්නෙ? කියන්න කෙනෙක් නෑ මේ ලෝකෙ. මේ කතාව අපේ ඇමති තුමාටත් ඇහෙනවනම්, ලොකු ලොක්කන්ටත් අහෙනවනම්.

ඉවසා    සිටින්නම් මේ සා දුක් ගැහැට,
මොනවා කරන්නද පූරුවෙ කළ පවට……

මේ මගේ කතාවයි.... ඔයාගෙ කතාවත් කියන්න මම අහං ඉන්නම්.

විවාහය



විවාහය  අමු අඹයකි 
කෑ එකාගේ  දත් හිරි වැටී
ශික් කාපු මෝඩ කම යයි   
ඌ පසුතැවිලි වෙද්දී
බලන් ඉන්න එකාගේ 
කටට කෙල උනයි..
( මගේ යාලුවෙක් කියනවා )

(අ) නි ය ම් පෙ ම


ස්‍ත්‍රිහු පෙම් කරති...

ඇතැමුන් සැමියාට පෙම් කරති..ඔහු ඇගේ පෙම්වතායි..ඇගේ හිමි සඳු ඔහුයි..
එවැන්නන් අල්පය.අංශු මාත්‍රය..
සමහරුන්ට පෙම්වතුන් නැත..සිටින්නේ සැමියන් පමනි..
තව සමහරුන්ට සැමියන් නැත.සිටින්නේ පෙම්වතුන් පමනි ...අයෙකු හෝ කිහිප දෙනෙක් විය හැක..

තව සම හරක්ද ප්‍රේම කරති...
ඔවුන්ට සැමියන්ද සිටිති..පෙම්වතුන්ද සිටිති.නමුත් ඔවුන් දෙදෙනා දෙදෙනෙකි..
එවිට එයට අනියම යැයි කියති...

අනියම ප්‍රකාශිත විය හැක..අප්‍රාකශිතද විය හැක..
ඒක පර්ශවික විය හැක,නොවිය හැක..

ඔබ පෙම් කරන්නේ කාටද....?
සැමියාටද?පෙම්වතාටද?සැමියාගේ යලුවාටද? පෙම්වතාගේ යාලුවාටද?
අල්ලපු ගෙදර එකාටද.එකීටද?

ඔබ නියම් ද?
අනියම් ද?

මිටිය ?


අපිට මේ දවස්වල එග්සෑම්.මේ දවස්වල කියන්නෙ අද උදේ තිබ්බා එක විශයක්.හෙට දෙකක් තියෙනවා.අනිද්දට තව එකක්.ඉංඅනිද්දායිං ඉවරයි.එග්සෑම්නං ආයෙ තියෙයි.ඒත් මම ඉවරයි.මේක මේ එග්සෑම් ගැන කතාවක් නෙමෙයි.වෙන එකක්.

ඉතිං මෙහෙම එග්සෑම් ළං උනාම අපි හෝ ගාලා හොටු පෙරාගෙන කබ කඩ කඩ පාඩම් කරනවා.පාඩම් කරනවා කියන එක එච්චර උචිත නං නෑ.මොකද අපි කරන්නෙ නිකං අලවගන්න එක.එග්සෑම් එකේදි ඒ ටික හැලුවා, එච්චරයි.ඊට පස්සෙ ඔළුවෙ මොකුත් නෑ.මේ විභාගෙ අස්සෙ අලවන්නෙත් නිකං කෙළ ගාලා වගේ බොහොම යාන්තමට.ඉතිං ඔහොම නිසි වෙලාවට පාඩම් නොකිරීමේ විපාක සිහිකරමිං උගත් පාඩම් හා නැවත මුහුණ දීමේ කමිටුවක් එහෙම හදාගෙන ඊළඟ පාර විභාගෙ කරනව කියල හිත හිත කයි දි දී  ගජරාමෙට වැඩ කරගෙන යන අතරෙත් අපිට එන්නෙ මාර ප්‍රශ්න තමයි.

මේ ප්‍රශ්නෙ ඇති උනේ අපේ බෝඩිමේ තියෙන මිටියක් සම්බන්ධයෙන්.මිටියක් කියන්නෙ ඔය වඩුමඩුවල තියෙන ජාතියෙ එකක්.දැං මේ ප්‍රශ්නෙට උත්තරය විදිහට සිතුමා ගොඩනගපු සංකල්පය මම මුළින් කියල ඉන්නං.

ඔන්න ඉස්සර කාලෙ එක මනුස්සයෙක් තමංගෙ කුඩා මොළේ පාවිච්චි කරලා මිටිය කියන උපකරණය හොයාගත්තා.ඉතිං මේක ලොකු සොයාගැනීමක් නිසා හෙන ලොකු සමාජ කතිකාවතක් ගොඩ නැගුනා.ඉතිං මිනිස්සු කඩ පොළේදි, බස් ස්ටෑන්ඩ් එකේදි එහෙම හම්බ උනාම කියන්ඩ උනාලු "මේ දන්නවද වැඩක්, අළුත් හොයාගැනීමක් කරල කියල ඊයෙ නිවුස්වලට කිව්වනෙ." "ආ ඔව් ඔව් මමත් අහගෙන.මොකක්ද මේ මිටිය කියල එකක්ලු නේද?"

ඉතිං ඔහොම කාලයක් ගියාට පස්සෙ මේ මිටියෙං මොනවද කරන්ඩ පුළුවං කියල මිනිස්සුන්ට ප්‍රශ්නයක් ඇති උනාලු.ඉතිං ඒ ගැනත් ලොකු සංවාද එහෙම ඇති උනාලු.ස්ටේශන් එක ඉස්සරහා හෑන්ඩ් බිල් බෙදුවලු.විපක්ෂය පුවත්පත් සාකච්චා තියල මේ ගැන ආණ්ඩුවෙං ප්‍රශ්න කළාලු.ඊට පස්සෙ ආණ්ඩුව මේ ගැන හොයන්ඩ කමිටුවක් එහෙම පත් කරලා බජට් එකෙනුත් සෑහෙන ගාණක් ඒ වෙනුවෙන් වෙන් කළාලු.ඊට පස්සෙ සෑහෙන්ඩ පරීක්ෂණ එහෙම කරලා මිනිස්සු හොයාගත්තලු 'ඇණ'.

ඔන්න සිතුමාගේ විසඳුම.අපිට ආව ප්‍රශ්නෙ තමා මුළිං හොයාගත්තෙ මිටිය ද? ඇණ ද? කියන එක.

ඔය අනුව යමිං අපිට ආව තවත් ප්‍රශ්නෙකට සාර්ථක උත්තරයක් දුන්නා විකියා.

මිනිස්සු මුළිං රෙදි හෝදන සබං හොයාගත්තලු.කාලයක් පාවිච්චි කරද්දි මිනිස්සුන්ට තේරුණාලු මේක ඔක්කොම එකපාර ගානවට වඩා කෑල්ලක් කපලා ගත්තම නාස්තිවෙනව අඩුයි කියලා.ඉතිං ඊටපස්සෙ කට්ටියම සබං කෑල්ල දෙකට කපලා පාවිච්චි කරන්ඩ පටං ගත්තලු.ඔන්න දැං ගෙවල්වල හරි අවුල් ලු.මොකද පාං කපන පිහියෙ සබං ගෑවිලා.පාංවල සබං ගෑවිලා.ඒවා කාලා හෝ ගාල බඩ යන්න ගත්තලු.ඊට පස්සෙ මිනිස්සු මේ සබං කපන්න විකල්පයක් හොයාගෙන හොයාගෙන ගිහිල්ලා හොයාගත්තලු 'නූල'. මං කියනවට කපල බලන්න.නූලෙං සබං කැපෙනවා මරුවට.......

තවත් වෛරසයකට පිලියමක්

Shortcut virus



මේක ටිකක් අමුතුම තාලේ වෛරස් එකක්… සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන ප්‍රති වෛරස මෘදුකාංග වලින් වෛරස් එකක් හඳුනගත්තාම ඒ වෛරසයෙන් ආසාධනය වෙලා තියන ෆයිල් එක හෝ කුමක් හෝ නිරෝධනය කරලා දෙනවා. බැරිම නම් විතරක් අදාල ෆයිල් එක පිටින්ම ඉවත් කරලා දානවා. ඒත් මම මේ අද කියන වෛරස් එකත් එක්ක එහෙම ලේසියෙන් සෙල්ලම් කරන්න බෑ. අදාහරනයක් විදියට pen drive එකක් ගමු. ඒකට මේ වෛරස් එක ආසාධනය උනොත් ඒ වෛරස් එක විසින් pen drive එක ඇතුලේ තියන හැම ෆෝල්ඩර් එකක නමකින්ම short cut folder එකක් හදනවා. ඒ වගේම ඔරිගිනල් ෆයිල් එක හන්ගනවා. කොච්චර ඇන්ටිවෛරස් මෘදුකාංග දාලා සුද්ද බුද්ද කරත් අපේ හැංගුන ෆයිල්ස් එලියට එන්නේ නෑ. අර short cuts විතරයි.
පෙන් එක Format කරලත් මේකෙන් ගොඩ එන්න පුලුවන්. ඒත් වැඩක් නෑ. ඒ වගේ ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නෙනුත් තව මොකක් හරි ඉගෙන ගන්න පුලුවන් නම් අන්න ඒකයි වටින්නේ. ඒක නිසා Format නොකර මේකෙන් ගොඩ එන විදිය මම කියලා දෙන්නම් අද.
1. මුලින්ම තමන් පාවිච්චි කරන ඇන්ටි වයිරස් මෘදුකාංගයක් භාවිතා කරලා pen drive එක ස්කෑන් කරගෙන ඉන්න.
2. වයිරස් තියන සේරම සුද්ධ බුද්ද කරලා දාන්න.
3. දැන් COmmand Prompt එක ඔපෙන් කරගන්න.
ගොඩාක් අය නම් කමාන්ඩ් ප්‍රොම්ට් එකේ පාවිච්චි වෙන කෝඩ්ස් ගැන දන්නවා. නොදන්න අයගේ දැන ගැනීමටත් ඒක්ක මම මේ වැඩේට ආදාල කෝඩ්ස් විතරක් දාන්නම්.
4.අපි දැන් මේ ප්‍රශ්නෙට මුහුන දුන්න pen drive එක ඇතුලට යන්න ඕන මොන දේ කරන්නත්. ඒක නිසා අදාල pen drive එකේ drive letter එක පහල විදියට ගහන්න ඔන.
උදා:- pen drive එකට අදාල drive letter එක I නම්
I: ලෙස ටයිප් කරන්න
දැන් අපි ඉන්නේ වයිරස් එකෙන් හානි වෙච්ච pen drive එකේ.
5. දැන් මම මෙන්න මේ දෙන කෝඩ් එක කිසිම වෙනසක් නැතුව ඒ නියම හිස් තැන් එක්ක ඒ විදියටම ටයිප් කරන්න
attrib -r -a -s -h /s /d
6. හරි දැන් බය නැතුව Enter ප්‍රෙස් කරන්න. දැන් ඒක එහෙමම තියනකොට තමන්ගේ Pen Drive එක open කරලා බලන්න. short cuts එහෙමම තියද්දී මෙච්චර වෙලා නැතුව තිබිච්ච folders ටිකත් මතු වෙලා නේද ?

යම් විදියකින් පලවෙනි වතාවේ ආව නැත්නම් දෙවනි පාරට කරන්න. දෙවනි පාර අනිවා එනවා.
ඔන එහෙනම් අලුත් තාලේ වයිරස් එකකට තමන්ගේ මොලෙන්ම වැඩ ගන්න කියලා දුන්නා..

පලි....



                                         අඳුර මැද දුටු ඒ සහන්              එලි
                                         වලින් මගෙ ඇස් අන්ඳ වී         යලි
                                         විලස නැති ලෙස ලොවට ඇති  විලි
                                         අඳී තවමත් ප්‍රේමයේ                බලි

                                          පිපුන පියුමක සුවද විඳ            යලි
                                          කුමර බඹ සර වෙලා ඇත         බිලි
                                          විගස නැග විත් මතකයේ         සුළි
                                          අවුලුවා ඇත මසිත ගිනි         කෙළි

                                           මැරුණ සිත යට තිබුණු වී        ගුලි
                                           ඔය දෑසෙ ඇදි සිත්තමක්          යලි
                                           විලස ලෝදිය හදෙන් හා         පැලි
                                           කඳුලු දීපන් ඉල්ලුවා                පලි

පි‍ටු පෙරලපු ගාන