විවාහය

Monday, July 18, 2011


විවාහය  අමු අඹයකි 
කෑ එකාගේ  දත් හිරි වැටී
ශික් කාපු මෝඩ කම යයි   
ඌ පසුතැවිලි වෙද්දී
බලන් ඉන්න එකාගේ 
කටට කෙල උනයි..
( මගේ යාලුවෙක් කියනවා )

(අ) නි ය ම් පෙ ම


ස්‍ත්‍රිහු පෙම් කරති...

ඇතැමුන් සැමියාට පෙම් කරති..ඔහු ඇගේ පෙම්වතායි..ඇගේ හිමි සඳු ඔහුයි..
එවැන්නන් අල්පය.අංශු මාත්‍රය..
සමහරුන්ට පෙම්වතුන් නැත..සිටින්නේ සැමියන් පමනි..
තව සමහරුන්ට සැමියන් නැත.සිටින්නේ පෙම්වතුන් පමනි ...අයෙකු හෝ කිහිප දෙනෙක් විය හැක..

තව සම හරක්ද ප්‍රේම කරති...
ඔවුන්ට සැමියන්ද සිටිති..පෙම්වතුන්ද සිටිති.නමුත් ඔවුන් දෙදෙනා දෙදෙනෙකි..
එවිට එයට අනියම යැයි කියති...

අනියම ප්‍රකාශිත විය හැක..අප්‍රාකශිතද විය හැක..
ඒක පර්ශවික විය හැක,නොවිය හැක..

ඔබ පෙම් කරන්නේ කාටද....?
සැමියාටද?පෙම්වතාටද?සැමියාගේ යලුවාටද? පෙම්වතාගේ යාලුවාටද?
අල්ලපු ගෙදර එකාටද.එකීටද?

ඔබ නියම් ද?
අනියම් ද?

මිටිය ?


අපිට මේ දවස්වල එග්සෑම්.මේ දවස්වල කියන්නෙ අද උදේ තිබ්බා එක විශයක්.හෙට දෙකක් තියෙනවා.අනිද්දට තව එකක්.ඉංඅනිද්දායිං ඉවරයි.එග්සෑම්නං ආයෙ තියෙයි.ඒත් මම ඉවරයි.මේක මේ එග්සෑම් ගැන කතාවක් නෙමෙයි.වෙන එකක්.

ඉතිං මෙහෙම එග්සෑම් ළං උනාම අපි හෝ ගාලා හොටු පෙරාගෙන කබ කඩ කඩ පාඩම් කරනවා.පාඩම් කරනවා කියන එක එච්චර උචිත නං නෑ.මොකද අපි කරන්නෙ නිකං අලවගන්න එක.එග්සෑම් එකේදි ඒ ටික හැලුවා, එච්චරයි.ඊට පස්සෙ ඔළුවෙ මොකුත් නෑ.මේ විභාගෙ අස්සෙ අලවන්නෙත් නිකං කෙළ ගාලා වගේ බොහොම යාන්තමට.ඉතිං ඔහොම නිසි වෙලාවට පාඩම් නොකිරීමේ විපාක සිහිකරමිං උගත් පාඩම් හා නැවත මුහුණ දීමේ කමිටුවක් එහෙම හදාගෙන ඊළඟ පාර විභාගෙ කරනව කියල හිත හිත කයි දි දී  ගජරාමෙට වැඩ කරගෙන යන අතරෙත් අපිට එන්නෙ මාර ප්‍රශ්න තමයි.

මේ ප්‍රශ්නෙ ඇති උනේ අපේ බෝඩිමේ තියෙන මිටියක් සම්බන්ධයෙන්.මිටියක් කියන්නෙ ඔය වඩුමඩුවල තියෙන ජාතියෙ එකක්.දැං මේ ප්‍රශ්නෙට උත්තරය විදිහට සිතුමා ගොඩනගපු සංකල්පය මම මුළින් කියල ඉන්නං.

ඔන්න ඉස්සර කාලෙ එක මනුස්සයෙක් තමංගෙ කුඩා මොළේ පාවිච්චි කරලා මිටිය කියන උපකරණය හොයාගත්තා.ඉතිං මේක ලොකු සොයාගැනීමක් නිසා හෙන ලොකු සමාජ කතිකාවතක් ගොඩ නැගුනා.ඉතිං මිනිස්සු කඩ පොළේදි, බස් ස්ටෑන්ඩ් එකේදි එහෙම හම්බ උනාම කියන්ඩ උනාලු "මේ දන්නවද වැඩක්, අළුත් හොයාගැනීමක් කරල කියල ඊයෙ නිවුස්වලට කිව්වනෙ." "ආ ඔව් ඔව් මමත් අහගෙන.මොකක්ද මේ මිටිය කියල එකක්ලු නේද?"

ඉතිං ඔහොම කාලයක් ගියාට පස්සෙ මේ මිටියෙං මොනවද කරන්ඩ පුළුවං කියල මිනිස්සුන්ට ප්‍රශ්නයක් ඇති උනාලු.ඉතිං ඒ ගැනත් ලොකු සංවාද එහෙම ඇති උනාලු.ස්ටේශන් එක ඉස්සරහා හෑන්ඩ් බිල් බෙදුවලු.විපක්ෂය පුවත්පත් සාකච්චා තියල මේ ගැන ආණ්ඩුවෙං ප්‍රශ්න කළාලු.ඊට පස්සෙ ආණ්ඩුව මේ ගැන හොයන්ඩ කමිටුවක් එහෙම පත් කරලා බජට් එකෙනුත් සෑහෙන ගාණක් ඒ වෙනුවෙන් වෙන් කළාලු.ඊට පස්සෙ සෑහෙන්ඩ පරීක්ෂණ එහෙම කරලා මිනිස්සු හොයාගත්තලු 'ඇණ'.

ඔන්න සිතුමාගේ විසඳුම.අපිට ආව ප්‍රශ්නෙ තමා මුළිං හොයාගත්තෙ මිටිය ද? ඇණ ද? කියන එක.

ඔය අනුව යමිං අපිට ආව තවත් ප්‍රශ්නෙකට සාර්ථක උත්තරයක් දුන්නා විකියා.

මිනිස්සු මුළිං රෙදි හෝදන සබං හොයාගත්තලු.කාලයක් පාවිච්චි කරද්දි මිනිස්සුන්ට තේරුණාලු මේක ඔක්කොම එකපාර ගානවට වඩා කෑල්ලක් කපලා ගත්තම නාස්තිවෙනව අඩුයි කියලා.ඉතිං ඊටපස්සෙ කට්ටියම සබං කෑල්ල දෙකට කපලා පාවිච්චි කරන්ඩ පටං ගත්තලු.ඔන්න දැං ගෙවල්වල හරි අවුල් ලු.මොකද පාං කපන පිහියෙ සබං ගෑවිලා.පාංවල සබං ගෑවිලා.ඒවා කාලා හෝ ගාල බඩ යන්න ගත්තලු.ඊට පස්සෙ මිනිස්සු මේ සබං කපන්න විකල්පයක් හොයාගෙන හොයාගෙන ගිහිල්ලා හොයාගත්තලු 'නූල'. මං කියනවට කපල බලන්න.නූලෙං සබං කැපෙනවා මරුවට.......

තවත් වෛරසයකට පිලියමක්

Shortcut virus



මේක ටිකක් අමුතුම තාලේ වෛරස් එකක්… සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන ප්‍රති වෛරස මෘදුකාංග වලින් වෛරස් එකක් හඳුනගත්තාම ඒ වෛරසයෙන් ආසාධනය වෙලා තියන ෆයිල් එක හෝ කුමක් හෝ නිරෝධනය කරලා දෙනවා. බැරිම නම් විතරක් අදාල ෆයිල් එක පිටින්ම ඉවත් කරලා දානවා. ඒත් මම මේ අද කියන වෛරස් එකත් එක්ක එහෙම ලේසියෙන් සෙල්ලම් කරන්න බෑ. අදාහරනයක් විදියට pen drive එකක් ගමු. ඒකට මේ වෛරස් එක ආසාධනය උනොත් ඒ වෛරස් එක විසින් pen drive එක ඇතුලේ තියන හැම ෆෝල්ඩර් එකක නමකින්ම short cut folder එකක් හදනවා. ඒ වගේම ඔරිගිනල් ෆයිල් එක හන්ගනවා. කොච්චර ඇන්ටිවෛරස් මෘදුකාංග දාලා සුද්ද බුද්ද කරත් අපේ හැංගුන ෆයිල්ස් එලියට එන්නේ නෑ. අර short cuts විතරයි.
පෙන් එක Format කරලත් මේකෙන් ගොඩ එන්න පුලුවන්. ඒත් වැඩක් නෑ. ඒ වගේ ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නෙනුත් තව මොකක් හරි ඉගෙන ගන්න පුලුවන් නම් අන්න ඒකයි වටින්නේ. ඒක නිසා Format නොකර මේකෙන් ගොඩ එන විදිය මම කියලා දෙන්නම් අද.
1. මුලින්ම තමන් පාවිච්චි කරන ඇන්ටි වයිරස් මෘදුකාංගයක් භාවිතා කරලා pen drive එක ස්කෑන් කරගෙන ඉන්න.
2. වයිරස් තියන සේරම සුද්ධ බුද්ද කරලා දාන්න.
3. දැන් COmmand Prompt එක ඔපෙන් කරගන්න.
ගොඩාක් අය නම් කමාන්ඩ් ප්‍රොම්ට් එකේ පාවිච්චි වෙන කෝඩ්ස් ගැන දන්නවා. නොදන්න අයගේ දැන ගැනීමටත් ඒක්ක මම මේ වැඩේට ආදාල කෝඩ්ස් විතරක් දාන්නම්.
4.අපි දැන් මේ ප්‍රශ්නෙට මුහුන දුන්න pen drive එක ඇතුලට යන්න ඕන මොන දේ කරන්නත්. ඒක නිසා අදාල pen drive එකේ drive letter එක පහල විදියට ගහන්න ඔන.
උදා:- pen drive එකට අදාල drive letter එක I නම්
I: ලෙස ටයිප් කරන්න
දැන් අපි ඉන්නේ වයිරස් එකෙන් හානි වෙච්ච pen drive එකේ.
5. දැන් මම මෙන්න මේ දෙන කෝඩ් එක කිසිම වෙනසක් නැතුව ඒ නියම හිස් තැන් එක්ක ඒ විදියටම ටයිප් කරන්න
attrib -r -a -s -h /s /d
6. හරි දැන් බය නැතුව Enter ප්‍රෙස් කරන්න. දැන් ඒක එහෙමම තියනකොට තමන්ගේ Pen Drive එක open කරලා බලන්න. short cuts එහෙමම තියද්දී මෙච්චර වෙලා නැතුව තිබිච්ච folders ටිකත් මතු වෙලා නේද ?

යම් විදියකින් පලවෙනි වතාවේ ආව නැත්නම් දෙවනි පාරට කරන්න. දෙවනි පාර අනිවා එනවා.
ඔන එහෙනම් අලුත් තාලේ වයිරස් එකකට තමන්ගේ මොලෙන්ම වැඩ ගන්න කියලා දුන්නා..

පලි....



                                         අඳුර මැද දුටු ඒ සහන්              එලි
                                         වලින් මගෙ ඇස් අන්ඳ වී         යලි
                                         විලස නැති ලෙස ලොවට ඇති  විලි
                                         අඳී තවමත් ප්‍රේමයේ                බලි

                                          පිපුන පියුමක සුවද විඳ            යලි
                                          කුමර බඹ සර වෙලා ඇත         බිලි
                                          විගස නැග විත් මතකයේ         සුළි
                                          අවුලුවා ඇත මසිත ගිනි         කෙළි

                                           මැරුණ සිත යට තිබුණු වී        ගුලි
                                           ඔය දෑසෙ ඇදි සිත්තමක්          යලි
                                           විලස ලෝදිය හදෙන් හා         පැලි
                                           කඳුලු දීපන් ඉල්ලුවා                පලි

ආදරය උරැමනම් විරහවත් උරැමයි!!! (සත්‍ය කතාවකි)

Sunday, July 17, 2011
ඔයාට මතකද ඔයාගෙන් මම කැමතිද අහන්න ඉස්සෙල්ලා මම ඔයාගෙන් ඕක අහන්න කොච්චර දැගලුවාද කියලා.. මුලින්ම මම ඔයාව බස් එකේදී දැක්කා. මතකද මම එදා ඔයා දිහා කොච්චර බැලුවද කියලා. ඇයි ඔයාට එක සැරයක් මාට්ටු උනේ මම ඔයා දිහා බලනවා. ඊට පස්සේ ඔයා අනිත් පැත්ත හැරැනේ මම දිහා ඔරවගෙන කන්න වගේ බලාන. ඔයා බස් එකෙන් බැහැල යද්දී මම පිටිපස්සෙ ෂීට් එකේ ඉඳං ඔයා ගෙදරට යනවා බලාන හිටියා මතකද? ඔයා ඒක දැකලත් නොදැක්කා වගේ ගස්සලා ගියා. අනේ සඳුඳා ඉස්කෝලෙ ගිහිල්ලා උදේ පන්සිල් ගන්න පිට්ටනියට එද්දී ඔයා පිට්ටනියේ. මම කවදාක්වත් දැකල නෑ ඔයා අපෙ ඉස්කෝලෙ ඉන්නවා. ඒත් අද දැක්කා. සමහර විට ඒ මඟේ පිනක් වෙන්න ඇති කියලත් හිතුනා.
මතකද ඔයාට මම එදා පන්සිල් ගද්දී මම ඔයා දිහා හොරෙන් බලාන ඉදලා විදුහල්පති ස්වාමීණ්වහන්සේට අහුවෙලා මුලු ලමයි ගොඩම ඉස්සරහා මාව ගෙන්නවලා රැස්වීම ඉස්සරහා මට ගැහුවා. ඒත් මම ගුටිකාගෙන උනත් බලං හිටියේ ඔයා දිහා. මම දැක්කා ඔයාගෙ ලස්සනට තිබුනනු ඇස්, ඒ මූණ එක පාරටම කලු වෙලා යනවා. ඒ ඔයාගෙ ඇස් වලින් කඳුලු වැටෙනවා මම දැක්කෙ නෑ කියලා ඔයා හිතුවද? මම ඒව දැක්කා. මොකද මම ගුටිකෑවත් බලාන හිටියේ ඔයා දිහා හන්දා. මට ගහලා මම දනගස්සවලා තිබ්බා මතකද? ඒත් මම ඔයා දිහාම බලාන හිටියා. ඔයත් මම දිහා හොරෙන් හොරෙන් බලන්න ගත්තා. රැස්වීම ඉවරවෙනකම්ම මම පිට්ටනියේ දනගහං හිටියා. කට්ටිය යද්දී ඔයා මම ඉස්සරහින් ගියා. හැබැයි ඔයාගෙ දෙයක් මට ඒ වෙලේ දීල ගියා මතකද? ඔයා කිව්වේ අයියේ ඔයා මේකෙන් කඳුලු පිහදගෙන ඔය දූවිලිත් පිහදගන්න කියලලා ඔයාගේ ඔය ලෙන්සුව දුන්නා මතකද? අදටත් මම ගාව ඔයාගේ ලේන්සුව තියෙනවා ආරක්ෂිතව!!
ඊට පස්සේ අපි පාරෙදී හම්බවුනා. පංතියේදී, චිත්‍රපටි හෝල් වලදී හම්බවුනා මතකද? අපි දෙන්නා කොච්චර සතුටින්ද කාලය ගෙව්වේ. මතකද එක දවසක් ඔයා දුන්නු ලියුමක් අපෙ අම්මට මාට්ටු වෙලා මම තාත්තගෙන් කොච්චර ගුටි කෑවද කියලා. ඒක ඔයාගෙ අයියට කිව්වට පස්සේ අයියා මට හොඳටම ගැහුවා මතකද? මම ඒ සේරම ඉවසුවේ කවදා හරි ඔයා මට ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්.............

ඒත්..................
ඇයි ඔයා එකපාරටම වෙනස් උනා. මාත් එක්ක හරියට කතා කරන්නෙවත් නැතිව ගියා..... මම ඔයාව හමුබවෙන්න ආවත් ඉස්සර වගේ ඔයා හිටියෙ නෑ. විනාඩියයි දෙකයි. අඩුම ගානෙ මැසේජ්වත් නෑ. අඩුම ගානේ ෆේස්බුක් එකෙන් මාව අන්ෆෙරෙන්ඩ් කරා. මම ඒක දැනගත්තේ වෙන එකවුන්ට් එකකින් ගිහිල්ලා ඔයාව බලද්දියි. අන්ෆ්රෙන්ඩ් විතරක් නෙමේ. ඔයා මාව බ්ලොක් කරලම දාල. ඒ වෙලාවේම ඔයාට කෝල් එකක් ගත්තා. ප්‍රතිචාරයක් නෑ කිව්වා. ආය විනාඩි පහකින් ගත්තා. ඒත් ප්‍රතිචාරයක් නෑ කිව්වා. එස්එම්එස් යැව්වා තිහක් හතලිහක් විතර. ඒත් වැඩක් නෑ. දැං මාසයකට උඩින් ගත්තා. එතකොට ඔබ ඇමතූ අංකය වැරදියි කියනවා. ඒත් අද දැක්ක දේනම් මගේ හිතතට වාවන්නෙ නෑ. ඔයා තවත් අපේ ඉස්කෝලෙම කොල්ලෙක් එක්ක කාර් එකක ඉස්සරහා ෂීට් එකේ ඉඳං ගියා. කහඉර ගාවදී වාහනේ නැවැත්තුවා. මම ඇතුල බලද්දියි ඔයයි මගෙ යාලුවයි. මමට ඉන්න තැන අමතක වෙලා කහඉර මැදම හිටගෙන හිටියා ඔයාට මතකද? පොලිස් කාරයා මාව එහා පැත්තට තල්ලු කරා මතකද? මම ඒත් ඔයා දිහාමයි බලං හිටියේ. ඔයා මේ සිද්ධි ඔක්කොමත් දැකලා ඔයා නොදැක්කා වගේ ගියා. මම කාර් එක පස්සේ දිව්වා. බැරිම තැන ලඟ තිබ්බ ගලකින් ගැහුවා. මගේ යාලුවා මට ගැහුවා. ඒත් මම ඉවසං හිටියා මොකද ඔයා හිටපු හින්දා. ඒත් ඔයා කාර් එකෙන් බැහැල ඇවිල්ලා පැත්ත ගත්තේ එයාගෙ පැත්ත. මෙච්චර ඔයා වෙනුවෙන් දුක් විදපු , ගුටි කාපු, ආදරේ කරපු ඔයා ගත්තේ මේ ලඟදී හම්බවුනු කෙනාගේ පැත්ත. කමක් නෑ. හැබැයි මට එක දෙයක් හිතට වාවගන්න බෑ.ඒ තමයි..........
 තමුසෙට පිස්සුද බූරැවෝ කියලා ඔයා මගේ කම්මුලට ගහපු එක........

ලිව්වේ කිනා....

ජීවිතය...... කටුක බව අත්විදීම!

Saturday, July 16, 2011
හ්ම්. ජීවිතය කියන්නේ මහම මහ පුදුම දෙයක්. වෙලාවට හිතෙනවා මේ ජීවිතය ලැබුනේ ඇයි කියලා. වෙලාවකට හිතෙනවා ජීවිතයක් නැත්නම් වැඩක් නෑ කියලා. ගොඩක්ම මටනම් හිතෙන්නේ මිනිස් ජීවිතයක් ලැබුනේ නැත්නම් මෙලෝ වැඩක් නෑ කියලා. මොකද ඒකට හොඳම උදාහරණේ තමා සත්තු කියන්නේ. සත්තුන්ගෙනුත් අපි සිංහයාව උදාහරණෙට ගමුකෝ....
සිංහයා කරන්නේ කොහොම හරි ගේමක් දීල සතෙක් දඬයම් කරගෙන ඌව කන එක. නමුත් හැමදාම ඌට මේ වැඩේ කරන්න බෑ. මොකද සත්තු හිතලා සිංහයාට අහුවෙන්නෙ නෑනේ. අන්න එතනදී සමහරක් විට කැලේ රජා උනත් දවසක් දෙකක් නැත්නම් සතියක් දෙකක් උනත් බඩගින්නේ ඉන්න වෙනවා. මොකද උන් තණකොල කන්න කියලයැ. උං තනිකරම මාංෂ භක්ෂක සතුන්.
නමුත් ඔන්න ඔතනදී තමයි මිනිහෙක් වෙන එකේ වාසිය තියෙන්නේ. මොකද
අපිට මස් නැත්නම් එලවලු තියෙනවා. එලවලු නැත්නම් පලතුරැ තියෙනවා. පලතුරැ නැත්නම් කොල වර්ග තියෙනවා. කොල වර්ග නැත්නම් පිටිකිරි තියෙනවා. පිටිකිරි නැත්නම් තේ තියෙනවා. තේ නැත්නම් කහට තියෙනවා. කහට නැත්නම් වතුර තියෙනවා. වතුර නැතිඋනත් කොහේ හරි වතුර තියෙනවනේ.ෆිල්ටර් කොරලා පරිභෝජනය කරන්න පුලුවන්. 
ඉතිං මම මේ කියන්නේ අපි වෙලාවකට තමන්ටම බැන ගන්නවා
මොන කරැමයක්ද? මටනම් මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ... කරැමෙ කියන්නේ මගෙ ගර්ල්ෆ්රෙන්ඩුත් මාව දාල ගියා(ගැහැණු ලමයිටනම් බෝයි ෆ්රෙන්ඩ් හොඳේ)..ෂික් මගේ වෙලාව.දැං මට මේ ජීවිතෙං වැඩක් නෑ.මම මැරෙනවා.. 
කියලා ඔන්න ඉතිං කඩේට ගිහිල්ලා වහ කුප්පියක් අරං බොනවා. ඉතිං ඔන්න ඉතිං පෙර පිනක් තිබිලා මැරැනොත්නම් හොදයි. මොකද මම එහෙම කියන්නේ දැං පවතින නීතියට අනුව ඔය වහබීලා රජයේ රෝහලකට ඇතුලත් උනොත්(මමනම් දන්නේ රජයේ ඒව විතරයි.අනිත් ඒවගෙත් එහෙමද දන්නෙ නෑ) මල කෙලියයි වෙන්නේ.
   මොකද එක්කෝ අනිවාරයෙන් දඩයක් ගහනවා. එක්කෝ සිමෙන්ති කොට්ට දෙකක්වත් අරං ඕනි කියයි. තව දෙයක්. ඔය වහබොන එවුන් කවදාවත් උන්ගේ දෙමාපියන්ට ආදරේ කරලා නෑ. මොකද පොඩි කාලේ ඉදං දුකටයි සැපටයි ලඟ හිටපු, තමන්ට කන්න නැති උනත් අනේ මගේ දරැවනේ කියලා තමන්ගේ කෑම එක තමන්ගේ දුවට හෝ පුතාට දුන්නු, හොඳට ඇඳ පලදින්න දීලා තමන්ට වඩා උසස් තත්වයකට දරැවාව යවන්න හදන දෙමාපියන්ට මෙහෙම කරන එක හරිද? ඇත්තෙන්ම නෑ. මොකද මොන දෙමාපියෙක්වත් කැමති නෑ තමන්ට ඉස්සෙල්ලා තමන්ගේ දරැවාගේ මළ මිණියට කරගහන්න.

ජීවිතේ තනිකරම කොටිනම කිව්වොත් ගොම ගොඩක් වෙලාවකට. වෙලාවකට සුදු මල් යහනක්. වෙලාවකට හිතාගන්න බැරිතරම් පස්ටයි. කෙසේ උනත් ජීවිතයට බලාපොරොත්තු එක්වෙනවා තමන් කරන වැඩ අනුව. තව දෙයක්. අපේ ජීවිතයට බුදුහාමුදුරැවෝ කියල තියෙන විදිහට ක්ම කියල කොටසකුත් ඉතිරි වෙනවා.
අපේ තෘෂ්ණාවට, ලෝභකමට සහ අනෙකුත් දේවල් වලට මේක ගොඩක්ම පාදක වෙනවා....

දැං ඔන්න මේක කියවලා ඉවරවෙලා කියන්න එපා තෝ මේ මොන මඟුලක්ද කියල තියෙන්නේ.. තොට පිස්සුද? පටංගෙන තියෙන්නේ එකකින්. ඉවර කරල තියෙන්නේ තව එකකින්. ඔය පුරස්නෙට මට දෙන්න තියෙන හොඳම උත්තරේ තමා සිත සන්සුන් වෙලාවක මේ පෝස්ට් එක හොඳට හිතට අරං කියවන්න කියලයි. මොකද ඕනම දෙයක් මොලේට යන්නනම් එ් කියන්නේ තේරැම් ගන්නනම් නිරවුල් මනසක් තියෙන්න ඕනි. ප්‍රශ්ණ කැටිකරගෙන ඒවට මැදිවෙලා කියන දේ අහං හිටියට හරියන්නෙ නෑ. මොකද එතකොට වෙන්නේ, කරන්නේ, කියන්නේ එක එක දේවල්. අන්න බලන්න.. එතනත් ජීවිතියේ යම් කිසි වැදගත් සිද්ධාන්තයක්.. මොකද ජීවිතයට ජීවිතයක් එක් කරන්න පුලුවන් වෙන්නේ සිතුවිලි සමුදායක් තිබ්බතේ විතරයි.
කට්ටයිම අහල ඇතිනේ ජීවිතං අනියතං මරණං නියතං කියලා. ඒ වගේම තව දෙයක්... පවුල් පංසල් අනියතං .... තණිකඩ ජීවිතං නියතං කියන එකත් මතකෙ තියාගන්න.. 


එහෙනම් අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු.. ආහ්.. කියන්න බැරිඋනානේ.. මේ මගේ පළවෙනි පෝස්ට් එක හොඳේ... හොඳද බලලා කෙමෙන්ටුවක් එහෙම දාගෙනම යන්නකෝ!!!

ලිවිවේ කිනා!!!! (කින්ග් ශාන්)

කෙටි කතාව... (සුරූපී සහ විරූපී)

"අන්න මිනිහ"
"කෝ කවුද?" මම බියර් වීදුරුව පහත් කලා මගෙ ඇස් දෙක ඉස්සරහින්.එච්චර වෙලා රත්තරන් පාටට බියර් තුළින් පෙනිච්ච ලෝකෙ ආයෙත් පරණ පාටටම පේන්න පටන් ගත්තා.
"අර ඉන්නෙ තවම දොර ගාව.තාම මිනිහ ඇතුළට ආව විතරයි."
"කව්ද අර නීග්‍රෝ කාරයා වගේ මිනිහ ද?"
"ඔව්.අපි කැම්පස් එකේදි මිනිහට කිව්වෙ කුළු හරකා කියල.මිනිහගෙ කාඩ් එක.ඒ දවස් වලනම් මිනිහ ආඩම්බරෙන් හිටියෙ තමංගෙ කාඩ් එක ගැන."
"ඇයි මිනිහ දැං ඒ නමට කැමති නැද්ද?."
"මිනිස්සු තමං ගැන හිතන විදිහත් කාලෙන් කාලෙට වෙනස් වෙනවනෙ."

මගේ මිත්‍රයා තව බියර් වීදුරුවක් වක්කර ගත්තා.මුලින් නවයක් හිටපු අපේ 'සෙට්' එකෙන් දැං ඉතුරු මමයි මිත්‍රයයි විතරයි.මොකද අපි දෙන්න විතරයි තවම බැඳල නැත්තෙ.අපි මුලින් තැන් තැන් වල බාර්වල එකතු වෙලා මාසෙකට වතාවක් සතුටු සාමීචියේ යෙදෙන්න පුරුදු වෙලා හිටියා.ටික ටික එකා දෙන්නා හැලෙන්න ගත්තත් අපි මාසෙකට සැරයක් එකතු වෙලා බොන එක නැවැත්තුවෙ නෑ.අන්තිමේ දැන් අපි දෙන්න විතරයි.ඉස්සර මාසෙකට පාරක් තිබුණු හමුවීම අපි සතියකට පාරක් දක්වා වැඩි කළා.කොහොමත් ගෙදර ගියාට කරන්න දේකුත් නැති එකේ බාර් එක වහනකන් සෙනසුරාදා කතා කරන්න පුළුවන් කෙනෙක් එක්ක ඉන්න එක හිතට සැනසීමක්.දැන් අපි හැමදාම එකතුවෙන්නෙ එකම බාර් එකට.අවුරුද්දක විතර ඉඳන්.

ජීව්තේ ආයෙමත් ඒකාකාරී වෙන්න පටන් අරන් තිබුණා.ඒත් ලොකු වෙනසක් කරන්න තරම් ආර්ථික ශක්තියක් වත්, අපිට පවරල තියෙන වගකීම් වලින් නිදහස් වෙන්න බැරි තරමට මේ සංස්කෘතියට බැඳිල ඉන්න නිසාත් මමත් මගේ මිත්‍රයත් දෙන්නම කාටවත් දොස් පවරන්නැතුව දවස් හයක් ඉවසන් ඉඳල සෙනසුරාදට කාටත් හොරෙන් මුළු ලෝකෙටම බැන්නා.ගොඩක් වෙලාවට අපේ මතවාද එකට එකක් ගැලපුනේ නෑ.ඒකම තමයි අපි දෙන්නගෙ තිබුණු ගැලපීම.ඕනෙ එකෙක් එක්ක ඉඳගෙන බොන්න අපි දෙන්නම බේබද්දො නෙමෙයි.අපිට උවමනා කරල තිබුණෙ කාලෙ ගතකරන්න විදිහක්.ඉතින් අපි සැර අඩු බියර් බෝතලයක් ගෙන්නගෙන පැය ගණන් ආණ්ඩුවට බැන්නා.විපක්ෂෙට බැන්නා.ආගම් වලට.ධනපතිවාදයට,අදිරාජ්‍යවාදයට විතරක් නෙමෙයි අපි සමාජවාදෙටත් බැන්නා.අපේ ජීවිත කාලකණ්නි උනේ අපේ වරදින් නොවේ කියන එකට විතරක් අපි එකඟ උනා.
එදත් අපි හිටියෙ කාට හරි බැණ බැණ.මට හරියට මතක නැහැ කාටද කියලා.සමහර විට ජේ ආර් ට.නැත්තන් සිරිමාවෝට.විජේවීරට වෙන්නත් පුළුවන්.එතකොට තමයි මගේ මිත්‍රයා මට අර මිනිහාව පෙන්නුවෙ.

"ඉතිං මිනිහ කවුද?" මට කුතුහලයක් ඇති උනා.සමහරවිට අපිට තවත් බියර් බෝතලයක් බොන්න පුළුවන් වේවි මිනිහට බැණ බැණ.
"මිනිහ ගැන නෙමෙයි කතා කරන්න තියෙන්නෙ.උගෙ ගෑනි ගැන."මිත්‍රය කතාව නැවැත්තුවා.ඒ මගෙ මිත්‍රයගෙ හැටි.මිනිහ කතාව අගේ කරනවා.
"ගෑනි ගැන මොනවද?" මම උනන්දුව පෙන්නුවා.
"ලස්සනයි.අපේ ෆැකල්ටියෙ හිටපු ලස්සනම කෙල්ල.හරි අහිංසක පාටට හිටියෙ.ඒකිට කොල්ලෙක් හිටියා."
"ෆැකල්ටියෙම?"
"ඔව්.අපේ බැච් එකේම එකෙක්.උන් මාර ලවු එකේ හිටියෙ.මූ ඒකිට බැල්ම දානව කියල ඒකිට තේරුණා.ඒකි කොහොමවත් කැමැත්තක් දැක්කුවෙ නැහැ.ඒකිගෙ කොල්ලා මූට ගහන්නත් ගියා.ඒත් අනිත් උන් බේරුවෙ නැත්තන් මුගෙන් ඒකා ගුටි කනව හොඳටම.මූ තිබිච්ච තරං ස්පෝර්ට්ස් කරල හරකෙක් වගේ ඇඟ හැදිල තිබුනෙ.අරූට නිකං පෙඳ ඇඟක් තිබ්බෙ." මිත්‍රයා බයිට් පිඟානෙ ඇඟිල්ල අතුල්ලලා කටේ දාගෙන සූප්පන්න ගත්තා.මම තව බයිට් එකක් ඕඩර් කළා.

"ඉතිං කොහොමද ඒකි මූට අහු උනේ." මම තව බියර් බෝතලේකුත් ගෙන්න ගත්තා.
"ඒක තමයි වැඩේ.මූ පස්සෙ ඒකිව ගණන් ගන්නැතුව හිටියා.ඒකි පටං ගත්තා මුගේ පස්සෙන් එන්න."
"එතකොට කලිං කොල්ලා?"
"ඌට බූට්" මිත්‍රයා කිව්වෙ සිදුවීමට නියමිත දෙයක් සිදුවීමේදී දැනෙන තෘප්තියකින්.
"අසරණයා"
"ඌ අනාථයි.මූයි ඒකියි බැන්දා."මිත්‍රයා තොල නොපිට පෙරළුවා අප්‍රසාදය පෙන්නන්න.
"අපි කතා කරමු මිනිහටත් මේ ටේබල් එකටම." මිත්‍රයා ඌට කතා කළා.සාම්ප්‍රධායික විදිහට මට ඌවත් ඌට මාවත් අඳුන්වල දුන්නට පස්සෙ අපි ආගිය කතා වලට ආයෙත් වැටුණා.

"ඉතිං මොකෝ බාර් එකේ තනියම? ගෙදර වලි ද?" මගේ මිත්‍රයා ඇහුවෙ හිනාවෙන ගමන්.
"අපෝ නැහැ.වයිෆ් පාටි එකකට ගියා.ඔෆිස් එකේ කෙනෙක්ගෙ" මී හරකා හිනා වෙවී උත්තර දුන්නා.
"ගෑනුංව තනියම ඕවට යවන්ඩ හොඳ නෑ."
"ඔව් ඔව්" මම මගෙ මිත්‍රයට එකඟ උනා.

ගෑනු අපිට කැමති නැත්තෙ උන්ගෙ වරදක් නිසාය කියල මමයි මගෙ මිත්‍රයයි හිත හදාගෙන හිටියෙ.ඒත් උන් කෙරේ යම් කිසි ද්වේශයක් අපි දෙන්න තුලම තිබුණා.ඇත්තටම අපි කළේ ගෑනු හරි චපලයි කියල හිත හදාගන්න එක.ඔය කොයි කවුරුත් කරන්නෙ ඕකම තමයි.මී හරකා හිනා උනා යාන්තමට.ඌට විශ්වාසයි උගේ ගෑනිව.උගෙ හිනාවෙන් මට තේරුණේ එහෙම.බලාගෙන හිටපං.උඹටත් වැරදිච්ච දාට ඔය හිනාව හිනාවෙන්නෙ අපි.මගෙ හිතේ ඊර්ෂ්‍යාව ගොජ දමන්නට උනා.

"වයිෆ් පාටි එක ඉවර වෙලා යනකොට මෙහෙට එයි."මී හරකා කිව්වා.ඌට මගෙ හිත පෙනිල ද කොහෙද?මගෙ ගෑනි චපල නෑ.ඒකි කොහෙ ගියත් අන්තිමට මගෙ ළඟට එනව කියන්න ඌට ඕනෙ වෙන්නැති.කොහොමත් මහ වෙලාවක් යන්න කලින් ගෑනි ආවා.ගෑනි බාර් එක ඇතුළට ආවෙ නැහැ.ඒත් අපි හිටපු තැනට එළිය හොඳට පේනවා.අමුතුම ලස්සනක්.මොකෝ මම කිව්වෙ බොරුද කියන්නා වගේ මගේ මිත්‍රයා මගෙ දිහා බැලුවා.මී හරකා අපිට සුභ රාත්‍රියක් ප්‍රාර්ථනා කරලා යන්න ගියා.

එදා ඒ සිද්දිය එතනින් ඉවර උනත් මගෙ ඔළුව ඇතුලෙ පුදුමාකාර අදහස් ඇතිවෙලා නැතිවෙලා ගියා.ඇත්තටම ඇයි ඒ ගෑනි මී හරකට කැමති උනේ.මුලින් අකමැත්තෙන් හිටපු එකාට ඇයි එක පාරටම කැමති උනේ?.විකාර අදහස් කීපයක් ඇරෙන්න වෙන පැහැදිලි අදහසක් මට හිතුනෙම නෑ.ඊළඟ සෙනසුරාදා බාර් එකේදි මගෙ මිත්‍රයා දුන්නා ගැලපෙන පැහැදිලි කිරීමක්.
"ඕකි අහිංසක වගේ හිටියට ඇත්තටම අහිංසක නෑලු.ඕකිට කැම්පස් එන්න කලිනුත් කොල්ලො දෙතුන් දෙනෙක් ඉඳල තියෙනව.කලිං කොල්ල එක්ක ඉද්දි වගේ නෙමෙයිනෙ මූත් එක්ක ඉද්දි.ඒකිගෙ ලස්සන ආයුධයක් විදිහට පාවිච්චි කරල මූව යටත් කරන් ඉන්නව ඇත්තෙ.එතකොට ඕනෙ නාඩගමක් නටන්න පුළුවන්නෙ.කොහොමත් ඕකිට පිරිමි යාළුවොලු වැඩිපුර ඉන්නෙ.එක එකා එක්ක එහෙ මෙහෙ යනව කියලත් කතා තියෙනවා.අරූත් දැනුවත්ව එළිපිටම වෙන්ඩැති ගෑනි නටනව ඇත්තෙ."මිත්‍රයා හොඳින්ම ප්‍රත්‍යක්ෂ දෙයක් වගේ කියද්දි මටත් හිතුනෙ ඇත්තම වෙන්නැති කියලා.

සිද්දිය මගෙ මතකෙන් ඈත් වෙන්න එච්චර කල් ගියේ නෑ.රටේ දේශපාලන තත්වය නැවතත් අපේ සුපුරුදු මාතෘකා බවට පත් උනා.මගේ මිත්‍රයාගේ නංගිගෙ විවාහ මංගල්‍යය දවසෙ තමයි මේ කතාවෙ ඉතුරු කොටස සම්පූර්ණ උනේ.මී හරකාටත් උත්සවේට ආරාධනා ලැබිල තිබුණා.මම හිටියෙ තනියම මේසෙක වාඩි වෙලා.මිත්‍රයාගෙ විශ්ව විද්‍යාලෙ යාළුවො ටික මිත්‍රයාව ගොදුරු කරගෙන.උන් ටික මේස තුනක් එකට එකතු කරගෙන බොනවා.මී හරකාගෙ බිරිඳ ඇවිත් වට පිට බලලා ඉඳ ගන්න තැනක් නැති නිසා ඇවිත් මම හිටපු මේසෙන් වාඩි උනා.
"හස්බන්ඩ් යාළුවො එක්ක නේද?" මම කාලෙක ඉඳන් දන්න අඳුරන කෙනෙක් එක්ක කතා කරනව වගේ ඇගෙන් ඇහුවා.එයා ඇත්තටම පුදුම වෙලා මගෙ දිහා බැලුවෙ.
"ආ මම ඔයාගෙ හස්බන්ඩ්ව දන්නව."මම කිව්වා.

එයා හිනා උනා.මන්දස්මිතය කියල පොත්වල තියෙන එක ඇත්තටම මම දැක්කෙ එදා.මම මාව අඳුන්වලා දුන්නා.එයා එයාව අඳුන්වලා දුන්නා.අපි මගෙ මිත්‍රයා ගැනත් මිත්‍රයාගෙ නංගි ගැනත් කතා කළා.ඒත් ඇත්තටම මගෙ හිතින් මම දිගටම කිව්වෙ 'චපල ගෑනි චපල ගෑනි' කියල විතරයි.

අපේ මේසෙත් තිබුණා බියර් බෝතලයක්.මම වීදුරුවක් වක්කර ගත්තා.
"බොනවද?"
"ටිකක්"
මම තව වීදුරුවකට බියර් පුරවලා හෙමිහිට තොල ගාන්න පටන් ගත්තා.සීතල තිත්තක්.එයා කැම්පස් එක ගැනයි රස්සාව ගැනයි කිව්වා.මම මගෙ කැම්පස් එක ගැනයි රස්සාව ගැනයි කිව්වා.බියර් බෝතලේ ඉවර උනා.මම තව එකක් ගෙනාවා.එතකොටයි මට මතක් උනේ මම එතකොටත් බි බී හිටියෙ දෙවෙනි වීදුරුව කියලා.

ගෑනි ටිකෙන් ටික මත් වෙමිනුයි හිටියෙ.ගෑනු කොහොමත් පිරිමින්ට කලින් වෙරි වෙනවනෙ.ඒක හින්ද වෙන්නැති උන් බොන එකට ඔච්චරම විරුද්ධ.ගෑනි විස්කි වීදුරුවකුත් බිව්වා.ටික වෙලාවක් යනකොට මත් ගතිය ගෑනිගෙ ඇස් දෙකෙනුත් පේන්න ගත්තා.මම හැරිල බැලුවෙ මී හරකා ඉන්න දිහාව.විස්කි, බයිට්, බරසාර කථා අතරේ උන් වල්මත් වෙලා.

'චපල ගෑනි චපල ගෑනි' මගේ හිත කියවනවා.අපිට බලාපොරොත්තුවක් තියෙන්නෙ චපල ගෑනියෙක්ගෙන් විතරයි.මගේ මිත්‍රයා කිව්වෙ ඇත්තනම් දැන් තමයි වෙලාව.
"වෙඩින්වලට ආවම එපා වෙනව.මමනං බඳින්නෑ දැම්ම."
"හ්ම්ම්" ඈ හූමිටි තිබ්බා.
"වෙඩින් විතරක්යැ බැන්දයිං පස්සෙත් කිසිම නිදහසක් නැහැනෙ.ඊට පස්සෙ ඉතිං ඉන්න ඕනෙ ගෑනි කියන විදිහට.ගෑනි ඉන්න ඕනෙ මිනිහ කියන විදිහට.නැද්ද මං කියන්නෙ?"
"නෑ.මොන බොරුද.දැං මිස්ට බලන්ඩ මගෙ හස්බන්ඩ්.කොච්චර හොඳද?.මට කිසිම නීතියක් දානවද?නෑනෙ.මමත් එහෙමයි.මේ අපි හොඳට ඉන්නෙ.අවුරුදු පහක්ම"
"ඔව් ඉතිං හොඳ මිනිස්සුන්ටනං ප්‍රශ්නයක් වෙන්නැහැ.ඒත් හිතන්ඩ මම බඳින එක්කෙනා චපලනං.එතකොට?.එහෙම නැත්තං එයාට වඩා හොඳ කෙනෙක් මට පස්සෙ මුණ ගැහුනොත්?එතකොට මුළු පද්ධතියම බිඳ වැටෙන්න පුළුවන්නේද?"
"ඒකට තමයි බඳින්න කලිං හොඳට ආශ්‍රය කරල ගැලපෙනවනං විතරක් බඳින්න ඕනෙ."
"කියන්ඩ නං ඉතිං කාටද බැරි.කරන එකනෙ වැඩේ.අඩු තරමේ ඔයා බැන්ඳෙ හස්බන්ඩ් ගැන හොඳට හොයල බලලද ?"
"ඔව්"
"ඇත්තටම ඔයාට බොරු කියන්ඩ උවමනාවක් මට නැහැ.මම ඔයාගෙ ප්‍රේම කථාව ටිකක් දන්නව.ඔයා කලිං සම්බන්දෙ එක පාරටම නවත්තල මෙයත් එක්ක යාළු උනාලු නේද?"මම ඉක්මන් උනා වැඩිදැයි මට හිතුණා.උඹට කවදාවත් ගෑනියෙක් එක්ක යාළු වෙන්න බැරි ඔය තදියම හින්ද තමයි.මම මටම කියා ගත්තා.නමුත් ඈ රවනවා වෙනුවට පුටුවට හේත්තුවෙලා හිනාවෙන්න පටන් ගත්තා.
"ඇත්ත.මිනිහෙක්ව බඳින කොට ගෑනියෙක් හිතන්නෙ මොනවද කියල මිස්ට දන්නවද?.ආදරය සෙනෙහස නෙමෙයි.ඒක ගෑනු ගාව ඕනෙවටත් වඩා තියෙනවා.ආදරය සෙනෙහසට වඩා ඒ අයට ඕනෙ කරන්නෙ ආරක්ෂාව ඉඳුම් හිටුම් වගේම අර මිනිත්තු එකොලහ."ඈ අන්තිම වචන දෙක අවධාරණය කරල කිව්වෙ.
"පාවුලෝ කොය්යෝ?"
"ඔව්.ඒ ටික හරියට දෙන්ඩ බැරි මිනිහෙක් කොයි වෙලෙත් ඉන්නෙ තමන්ගෙ ගෑනි චපල වෙයි කියල බයෙං"මම බිම බලාගෙන හිනා උනා.සමහරවිට ඒ මටම වෙන්නැති මම හිනා උනේ.එයා ඒකෙන් මොනවා තේරුම්ගත්තද කියල මම දන්නැහැ.ඇය සදොස් ගැහැනියක් කියල සිතුවිල්ලක් මගෙ හිතේ තියෙනව කියල ඇයට හැඟෙන්නැති.

"මම මිස්ට ට ඇත්තම කතාව කියන්නම්.මගෙ කිට්ටුම හිතවත් අයත් මට එක එක කතා කියනව කියල මම දන්නව.මට ඒව හරිගස්සන්න ඕනෙ කමක් නැහැ.ඒත් මම කැමති නැහැ මිස්ට මං ගැන වැරදියට හිතාගෙන ඉන්නවට.ඒ සමහරවිට මට මිස්ට ව නැවත හමු නොවෙයි කියන හැඟීම නිසා වෙන්නැති."මම බියර් වීදුරුව හිස් කරල මේසෙ උඩින් තිබ්බා.ඇඟිල්ලක් වීදුරුවෙ ගැට්ටට තියල මම හෙමිහිට වීදුරුව පද්දන්න පටන් ගත්තා.

"ඇත්ත මට කලිං කොල්ලෙක් හිටියා.කොල්ලෙක් නෙමෙයි කොල්ලෝ හිටියා.මගේ ප්‍රේම සම්බන්දකං ගොඩක් දුර දිග ගිය ඒවා.කන්‍යාභාවය කියන බැම්මෙන් මිදෙන කොට මම  ඒ ලෙවල් වත් කරල නැහැ.ඒත් ඒක මට කවදාවත් ප්‍රශ්නයක් උනේ නැහැ.මොකද මම කවද හරි බඳින්නෙ බඳින්න කලින් මගෙත් එක්ක ඔය ක්‍රියාවෙ යෙදෙන එකෙක් එක්කය කියල මට විශ්වාසයක් තිබුණා.මම හරිම සැහැල්ලුවෙන් ජීවත් උනේ.නොගැලපීමක් දැක්කම ඒ කොල්ලා අත ඇරල වෙන එකෙක් එක්ක යාළු වෙන්න මට පුළුවන් කම තිබුණා.කැම්පස් එකේ ප්‍රේමයත් කලින් ඒව වගේම තමයි.අතින් අල්ලං පැය ගණන් කතා කර කර ඉන්නවා, ඉඹිනවා, සංසර්ගයෙන් අවසන් වෙනව.ආයෙත් මුල ඉඳං.

ඔය අතරෙ තමයි මී හරකා මට බැල්ම දානවා කියල රාවයක් ගියේ.මට ඇත්තටම කිසිම හැඟීමක් තිබුනෙ නෑ.මම ගණන් ගත්තෙත් නෑ.ඒත් එක දවසක් ටිකක් කරුවල වැටිල තිබුණු වෙලාවක මම තනියම බෝඩිමට යද්දි අතුරු පාරක් ළඟ මී හරකා හිටියා.ඒ හරිය හරිම පාළුයි.එයා එක පාරටම මාව උස්සගෙන කැලේ ඇතුළට දිව්වා.මට කෑ ගහන්න ඕනෙ උනත් මට කෑ ගැහුනෙ නැහැ.ඒ පාළු හරියෙ කෑ ගහල වැඩකුත් නැහැ.

ටිකක් දුර ගියාට පස්සෙ මාව බිමින් තිබ්බා.මම ඇස් දෙක පියාගෙන බිම වැතිරිලා හිටියෙ.පුදුමෙ කියන්නෙ මට පොඩි බයක්වත් නොදැණුනු එක.මට පුදුම ආරක්ෂාවක් තියෙනව කියල හිතුණා.මොන උපද්‍රවයක් ආවත් මාව ආරක්ෂා කර ගනීවි කියල මට විශ්වාසයක් තිබුණා.මගෙ ඇඳුම් එකින් එක ගැලවෙද්දි මම ඒ උණුහුමට තුරුල් උනා.මගෙ ජීවිතේ තෘප්තිමත්ම මිනිත්තු එකොලහ තමයි ඒ.පුදුමාකාර ජවයක් ඒක.එයා එක වචනයක් වත් කතා කලේ නෑ.මම කෑ ගහයි කියලා මගෙ කට වහන්න උත්සාහ කලෙත් නැහැ.එයාට ලොකු විශ්වාසයක් තිබුණා මම කෑ ගහන්නෙ නෑ කියල.ඒ විශ්වාසයම ඇති උනා මාව පිස්සු වට්ටන්න.

කොහොම හරි මාව ආයිත් පාර ගාවට ගෙනත් දාල එයා යන්න ගියා.කාටවත් කියන්න එපා කියල තර්ජනය කරන්නවත් එයා උනන්දු උනේ නැහැ.ඒ ආරක්ෂාව පිළිබඳ හැඟීමට, ඒ ආත්ම විශ්වාසයට පුළුවන් උනා මාව සම්පූර්ණයෙන්ම මෝහනය කරවන්න.ඊට පස්සෙ එයා මාව ගණන් ගන්නැතුව වගේ හිටියත් මට එයාව මගෙ ජීවිතේට ඕනෙ කරල තිබුණා.මගෙ උවමනාවටයි අපි බැන්දෙ.

මට දැං වෙන කෙනෙක්ගෙන් ලබා ගන්න දෙයක් ඉතුරු වෙලා නැහැ.මට එයාට ද්‍රෝහි වෙන්න හේතුවක් නැහැ.මම එයාව බැන්දෙ ගෑනියෙක්ට ඇත්තටම ඕනෙ කරන දේවල් ඔක්කොම එයා ගාව තියෙන නිසා.ඇත්තටම ඕනෙ කරන දේවල්." සුන්දර හිනාවකින් මට සංග්‍රහ කරලා එයා නැගිටලා යන්න ගියා.

මම විස්කි වීදුරුවක් එක හුස්මට බිව්වා.

අපි ආදරේ කරනව......

කෙල්ලෙ....
මතකද?...
ඉස්සර අපි රණ්ඩු උන හැටි???
බැනගත්ත හැටි???
ආදරේ හැටි එහෙම වෙන්න ඇති
නේද?
ගොඩාක් ආදරේ අය
මුල් දවස් වල නයි වයිරයි ලු....
ඒ වගේම නේද අපිත් ඉස්සර .....
පුංචි දවස් වල.....


ඒ අතීතය....
අවුරුදු 6 ක් විතර....
අද...
අපි ආදරේ කරනව......
මේ පුංචි අපි???
ඔව් ඔව් අපි
ආදරේ කරනව
දන්නෙම නැතුව


කවුද හිතුවෙ එහෙම
නේද?
මම ආදරේ කරයි කියල?
මේ ආදරේ හැටිද?
වෙන්න ඇති නේද?
මොකද
ඔයාවත්
මමවත්
"ආදරේ"
වචන වලට පෙරලන්න දන්නෙ නැති නිසා......


දැන්නම් ආඩම්බරේකුත් දැනෙනව
ඔයාට නෙවේ
ඒත්
ඒ ඔයා නිසා
වෙන මුකුත් නෙවේ
පුංචි සුරංගනාවියක් වගේ
ලස්සන
රෝස මලක් වගේ මූනක් තියෙන....
සමන් පිච්ච මලක් වගේ සුවඳ
පුංචි ඔයත්...
මට
ආදරේ නිසා...

 

{මේ මම පෙම්බරීට යවපු නිසඳසක්.කෝපි කඩේ බ්ලොග් එකෙත් කළින් දවසක් පල කලා.අද ඔයාලත් එක්ක සිතුවිලි පවුරේ බෙදාගන්නවා.}

කේම්බ්‍රීය මුහුද




ඕන් මේ බ්ලොග් කෑල්ලට දාන පලවෙනි මෙව්ව එක... ඉහික්...  බොලැ කියන්ට එපා ඉතින් හීනෙන් බය වෙලා මෙව්ව දානවා කියලා.. එක අතකින් ඉතින් එහෙම්මම තමා...
_____________________________________________

ඊයේ රාත්තිරියෙ මම හිතන්නෙ ඇහැ පියා ගත්ත විතරයි මට නින්ද ගියා. ඉතින් ටිකවෙලාවක් යනකොට මම හිටියෙ මුහුදෙ. ගැස්සිල වට පිට බැලුව. හැබෑ නේන්නන්.. මුහුද තමා. සැකසංකා දුරුකරගන්න කියල මුහුදු වතුරට ඇඟිල්ල ගහල ටිකක් කටේ ගාල බලුව. ඉහික්. ඔව්මයි.. මේ මුහුද තමා. ඇහිපිය ගපු ඩින්ගට මම හිටියෙ මුහුද යට. හුස්ම ගත්තෙ කොහොමද නම් දන්නෙ නෑ. මොකො මට ජලක් ලෝම තියෙන 1ක් යෑ. කොහොමින් කොහොම හරි මමත් ඉතින් රබර් ඇහ ඒමෙ අත දාල බැලුවෙ මුහුදෙ ලස්සන. පේන විදියට මේක ඩින්ගිත්තක් අමුතුයි. ඔව්.. මේ ඇවිල්ල කේම්බ්‍රීය මුහුද. ඒකියන්නෙ දැනට අවුරුදු බිලියනයකට ත් වඩා උඩදි තිබුනු මුහුද. ඒකනම් මාරය. හත්තිලවුවයි. මුහුදු පෑන් තියෙනව නිකන් පොල් ගස් වගේ. ඒතකොට තමා මට මීටර් උනෙ මම ගොඩාක් පුන්චිවෙලා කියල. මොකද සාමාන්‍ය මුහුදුපෑනක් අන්වීක්ෂීයයි. අ විත්‍රක් නෙවෙ. හැමතැනම මාලුදැල් එලල වගේ ඇල්ගේ... ශිට් හීනෙක් උනත් පොටෝ 1ක් ගන්න තිබ්බනම්...

ඉකක වෙලාවක් යනකන් මම හිටියෙ නිකන් මඤ්ඤං වෙලා වගේ. මොකද මීට කලින් මනඃකල්පිතව දැකපු රූප ඔක්කොම සජීවී කරනය වෙලා. වට පිට බලද්දි තමා දැක්කෙ අමුතුසතෙක්ව. මට මූගැන විස්තරකරල පෙන්නන්න තරම් සතෙක්නම් මේ වර්තමානෙ නම් නෑ. මොකද මේ මම දැකපු සතා අතීතය තුලම මිහිදන් වෙලා ගිහින්. ඉතින් මූට ඇස් 5ක් තියෙනව. හිකිz. දැක්කම බය හිතෙනව නොවැ. කට කියල තියෙන්නෙ හොඬයක් වගෙ 1ක්. ඒක ඔනි අතකට හරවන්න පුලුවන්. මම හිතන්නෙ මම ගිහින් තියෙන්නෙ කෙම්බ්‍රීය මුහුදෙ අවසාන කලයට. මොකද කෙම්බ්‍රීය මුහුදේ ආරම්බක සමයෙදි මේ ජාතියෙ සත්තුන් ගෙන් මුහුදම වැහිලලු තිබිල තියෙන්නෙ. ඒත් මම යනකොට 5කට වැඩියනම් හිටියෙනෑ. ඇත්තටම කිවුවොත් මූ ඇවිල්ල Opabina කෙනෙක් වගේ. ඇත්තටම අත්බූතයි... හ්ම්ම්ම් තවත් වට පිට බලද්දි මම දැක්කෙ බොරුකකුල් කාරෙක්ව. ඌනම් සිර පොරක්. මම හොදට දැක්ක ඌට කකුල් 7 කුයි අත් 7කුයි තියෙනව. හරියට Hallucigrnia කෙනෙක් වගේ. මමත් ඉතින් ටොඅක වෙලාවක් උන්දිහා රබර් ඇහ දාගෙන ඉදිය. බොරුකකුල් කාරය ඉස්සරහටම යනව. ඌව අල්ලගන්න අර අමුතුසතා(Opabinia) ක ඇරන් ඉන්නව. ඒකින් මම හිතගත්ත අරූනම් නොම්මර 1කෙ මාංශභක්ෂකයෙක් කියල.

එකපාරටම මුලු කේම්බ්‍රීය මුහුදෙ කැලබීමක්. හැම සතුක්ම බයවෙලා වගෙ ඒ මේ අත දුවනව. මමත් කෝකටත් කියල මුහුදු පෑනක් අස්සෙ හැන්ගුනා. ව්හිතුව හරි ප්‍රමානයෙන් අතිවිශාල ආත්‍රපොඩාවෙක් වගෙ සතෙක්. හැම සතෙක්ගෙම මූනෙ පෙනුනෙ අමුතුම බය ගතියක්. ඒකින් මම තෙරුම් ගත්ත මේ අලුත් ආත්‍රපොඩාවගෙ බයානක කම. දකින දකින සත්තුන්ව බයකරවන සුලු මේ මහා සද්දන්තයා ආත්‍රපෝඩාවෙකු උනාට අනික් ආත්‍රපෝඩාවන්ගෙ කවච කුඩු පට්ටම් කරන්න තරම් ශක්තිමත් හනු තියෙන 1ක්. මූ හැබෑටම Anomalocaris වගේ. කෝකටත් කියල මම හැන්ගිලම හිටිය. වත් සූක්ෂමව වට පිට බලද්දි ත්බුනෙ පහන් පහන් වගේ සත්තු. මුන්නම් අර ත්‍රිකුනාමලෙ ඉන්න ලාම්පු බෙල්ලො වගේ. ඔව් මේ උන්තමා. ඉහික්...

ඇන් අර කැලබීම ටික ටික සමනය වීගෙන යන්නෙ. මමත් ටිකක් ඔලුව දාල බැලුවෙ අරූ ගිහින්ද කියල. මල හුට්ටප්පරයයි. අර ඇනොමලොකාරිස් ඉන්නවනෙ. අලා මම ඉවරයි වගේ... ඌ එකපාරටම එන්නෙ මගේ දිහාට... මම ටග්ගාල ආයි අර මුහුදු පෑනකට මුවා උනා. කොහෙද අරූ මාව දැක්කනෙ. ඒකින් මට තෙරුන ඌට අනික් එආකලෙ සත්තුන්ට වැඩිය මොළේ තියෙන බව. අත් මම හේම තෙරුමගත්ත කියල මම මොනව කරන්නද..? දැන් මාව අරූ කන්න යන්නෙ... ඒතකොටම..............................

දොරට ගැහුවෙ අම්ම. ඉහික්... ඉහෙන් කනින් දාඬිය දාගෙන මම නැකිට්ට. ඒතකොට තමා මම දැනගත්තෙ ඒක හීනයක් කියල. අපරාදෙ අම්ම ඇහැරුවෙ නැත්තන් මම අරූගෙ බඩ ඇතුලත් බලා ගන්නව. ශික්...

පි‍ටු පෙරලපු ගාන