ආශ්චර්යයේ දිවයින 2

Wednesday, July 6, 2011
ආශ්චර්යයේ දිවයින 1මෙතනින් බලන්න.

මගේ කොට්ටෙටත් වැටුණු රජ කඳුළු


රජතුමා කඩාගෙන බිඳගෙන කෙලින්ම ගියේ මගේ කාමරයට ය.මටත් වඩා උන්නාන්සේ මගේ කාමරය දන්නා හැඩය.මමත් මුලු මහත් හමුදා නිළදරුවොත් උන්නාන්සේ පස්සේ දායාද ඉල්ලමින් යන රාහුලලා මෙන් ඇදුනෙමු.අම්මා තවම ඇඬූ කඳුලෙනි.අයියා පේන්න නැත.මතට තිත වැඩසටහන නිසා අයියා රජ්ජුරුවෝ ලඟට එන්නට බය ඇති.රජ්ජුරුවන් වහන්සේ ලඟින්නම් මට ටිකක් සැර ඌෂ්ණයක් ආවේ ය.

"මේකයි ජයකොඩි" රජ්ජුරුවෝ මගේම නමින් මා ඇමතූ සේක.මගේ සියලු රස නහර පිනා ගියේය.අම්මාගෙන්ද හිනාවක් නැඟෙනු මට ඇසිණි.අම්මාට ද පොල් ඇට්ටි ටික අමතක වී ඇතුවා මෙනි.මම දෙකට නැමුනෙමි.උන්නාන්සේ මගේ ඇඳ උඩ වාඩි වූ සේක.මගේ පැද්දෙන, හපුටු ගඳ නික්මෙන මගේ ඇඳ, මගේ සියලු කැත කුණු දරා පුරුදු මගේ ඇඳ මත ඒ රාජ පස්ස තබා උන්නාන්සේ වාඩි වූ සේක.මගේ අසරණ ඇඳට කෙඳිරි ගෑවිනි.

"මේකයි, ඔබතුමා දන්නවනෙ මේ රටේ අපිට ඕනෙ විදිහට වැඩක් කරගන්න මොළයක් ඇති එකෙක් හොයාගන්න තියෙන අමාරුව.අපි ළඟ ඉන්න උන්ගෙ කට විතරයි.ඒක වරද්දගෙනත් කොච්චර ප්‍රශ්නද.ඔක්කොම යන්නෙ මගෙ කර උඩින්නෙ අයිසේ."රාජ කඳුළු හෝ ගාලා වැක්කෙරෙන්නට පටන් ගත්තේය.හමුදා නිළදරුවෝ ද පිළිවෙළින් අඬන්න පටන් ගත්තෝය.

"ඔව්වා ගණන් ගන්න එපා ලොක්කා.දැං මොනවද මගෙන් වෙන්න ඕනෙ" මට මිනිස්සු අඬනවා බලං ඉඳීම අප්පිරියා නිසා ඇසුවෙමි.
"හිත හැදෙන්නවත් මොනව හරි කියන්ඩ ඉන්නෙ තමුසෙල වගේ උන් විතරයි.අරුං ඔක්කොම මග ඇරල යනවා.පල් හොරු" උන්නාන්සේ සාටකයෙන් කඳුළු පිසදා ගත් සේක.ඉන්පසු සරම උස්සා නහය එහි සඟවා හොටු හූරන තුරු ඉවත බලා සිටි මම නැවත ප්‍රශ්නාංකය දල්වා උන්නාන්සේ දෙස බැලුවෙමි.
"අපි හැදුවා රොකට එකක්.හඳට යන්න ඒක තව සතියකින් අභ්‍යාවකාශගත කරන්න හිතං ඉන්නවා"
"ටීවී එකේවත් කිව්වෙ නැහැනෙ.පුදුමයි" මම කීමි.
"අපිට කළිං එව්වා වැරදුනේ එතන තමයි.අපි දැනං හිටියෙ නෑ පම්පෝරි ගැහිය යුතු විදිය.හැමදාම අපි කළේ වැඩක් පටන් ගන්න මාස ගාණකට කලිං ඉඳන් පටංගන්න එක පම්පෝරිය.ඊට පස්සෙ හෙන ලොකුවට මල්වෙඩි ගහලා විසිල් ගහලා වැඩේ පටං ගන්න.පස්සෙ විපක්ෂෙ උං අහද්දි අරකට මොකද උනේ?.අරක ඉවර කරන්නෙ කවද්ද?.අපිට කට උත්තර නෑ.ඉතිං මෙදා පාර අපි තීරණය කළා හොරෙං පටං ගන්ඩ වැඩේ.කොරලා ඉවරවෙලා දෙනවා පුල් පබ්ලිසිටියක්.ටීවී එකේ ඇඩ් දානවා.පාරෙ කටවුට් ගහනවා.නිවුස් වලට පෙන්නනවා.හැම පත්තරේම දානව ෆුල් පේජ් ඇඩ්, නළු නිළියො දෙතුං දෙනෙක් ලව්වා හොඳ කියෝලා දානවා ටීවී එකේ.'මීට ගම් වැසියෝ' කියල හැම ගමකම අපි ගානෙ බැනර් දානවා.නාට්‍ය යද්දි යටිං අර පොඩි තීරුවෙත් දානවා." කියලා හති වැටී එතුමා නතර වූයේය.
"ඉතිං දැං මම මොකද කරන්ඩ ඕනෙ.මට ඔය පම්පෝරි කතා ලියලනං හුරු නෑ.මට පුළුවං කාටහරි මඩ ගහන්න විතරයි."මම හිස කැසුවෙමි.
"නෑ පබ්ලිසිටි වැඩේට මට කට්ටිය ඉන්නවා.මට ඕනෙ හඳට යන්න කෙනෙක්."
මට මූත්‍රා අඩස්සියක් හැදුනා මෙන් දැනුනි.මොන මළ ඉළව්වක්ද මේ.හඳට යන්න මම?.මේ පුංචි දිවයිනෙන් එළියට ගොස් නැති මම අඩුම තරමේ එයාර් පෝට් එකකටවත් ගිහින් නැති මම?
"මට මට......."මට නිදහසට කරුණක් මතක් නොවිණි. "මේ පාස් පෝට් එකක් නැහැනෙ"
"ඒ මඟුළක් ඕනෙ නෑ.මම තමුසෙව යවන්නෙ මම කියන දේ ඒ විදිහට කරයි කියල මට විස්වාස තමුසෙව නිසා.තමුසෙට කරන්ඩ තියෙන්නෙ රොකට් එකට නඟින්න කළිං තියෙන ප්‍රෙස් කොංෆරන්ස් එකේදි මගේ ගුණ වණන්න.මගේ නම පුළුවන් තරං වැඩි වාර ගාණක් කියන්න.මගෙ පුතා ගැනත් ටිකක් කියන්ඩ ඕනෙ.නැත්තං මට ගෙදර ගිහිං කනක් ඇහිල ඉන්න නැහැ.අපේ මායියා ගන්නෙත් උගෙ පැත්තමයි."
අනේ මොන තරං ප්‍රශ්න තියෙන මනුස්සයෙක්ද.නළල රැළි වැටී ඇත්තේ දුක් කම්කටොළු නිසාම වෙන්නැති.
"ඊට පස්සෙ හඳට ගිහාම ඉස්සෙල්ලම කියන කතාවක් තියෙනවනෙ.නිකං උදාන වාක්කියක් වගේ එකක්."රජ්ජුරුවෝ දිගටම කියාගෙන යන්නෝය.
"ඒ කිව්වෙ" මට ඔය වගේ එව්වා ගැන එච්චර තේරුමක් නැත.
"ඒ කිව්වේ, දැං ඔය නීල් ආම්ස්ට්‍රෝං ගිහිං ඉස්සෙල්ලම කිව්වෙ මේක මිනිහෙක්ගෙ පොඩි අඩියක්ය, ඒ උනාට මිනිස් සංහතියෙම යෝධ මෙව්වා එකක්ය කියලා.ඒක ඒ යකා ඒ වෙලේ හිතලා කියපු එකක් නෙමේ බං.සෑහෙන්ඩ කට පාඩං කරවලනෙ යවන්ඩ ඇත්තෙ.ඉතිං තමුසෙ ගිහිල්ලා කියන වාක්කියෙ මං ගැන මොනා හරි කියන්ඩ ඕනෙ.නැත්තං මෙච්චර කට්ටක් කාලා, ලෝකෙ තියෙන පොරොන්දු දීලා ණය අරං, එක එකා යටි මඩි ගහද්දිත් මේ කරපු ඉලව්වෙ මට වෙන්නෙ අත ලෙව කාල නිකං ඉන්ඩ.තමුසෙට තේරෙණවනෙ අපේ ඔය අනිත් එකෙක් යැව්වොත් උං කරන්නෙ උං ගැන හෙනට පුම්බලා කියලා මාව බල්ලට දාන එක."රජ්ජුරුවෝ නැවත ටැප් එක ඇරියෝය.උන්නාන්සේ මගේ කොට්ටය ගෙන එහි මූණ ඔබාගත් සේක.උන්නාන්සේගේ දුකේ තරම උන්නාන්සේට කොට්ටයේ ගඳ නොදැනීමෙන්ම මට වැටහුනි.මගේ හදවත පාණ්ඩුකම්බල ශෛලාසනය මෙන් උණු විය.

"ඔය කඳුළු වෙනුවෙන් මට කරන්ඩ බැරි දෙයක් නෑ දෙයියො.මම හඳට නෙමෙයි ඉරට උනත් යන්නං.දැං ඇඬුවා ඇති නේද ......"මට හීල්ලුනි.
"එහෙනං මං යන්නං."උන්නාන්සේ මගේ කොට්ටයට අන්තිම හොටු ටික ද සීරූහ.අද රෑට නිදියන්න වෙන්නෙ ඉහට තිබූ කොට්ටයද නැතිවය.හෙට උදේම කොට්ටය ගැඹුරු වලක් කපා වල දැමීමට මම ඉටා ගතිමි.
"මං කියන්නං පස්සෙ කියන්ඩ ඕනෙ දේවල්.දැනට මේ ටික ලෑස්ති කර ගන්ඩ."උන්නාන්සේ මට කොලයක් දී පිටවී ගිය සේක.සාලයේදී අපෙ අම්මා සමඟ සතුටු සාමීචියේ යෙදී ඉන්නවා මෙන් පේන ලෙසට ඡායා රූපයකට ද පෙනී සිටි උන් වහන්සේ ඉන්පසු පිටවී ගියේද තේමා වාදනයත් සමඟය.

උන්වහන්සේ යන විටත් හෙලිකොප්ටරය පණ ගන්වා තිබූ බැවින් අපි කවුරුත් දෙවෙනි රාජ දර්ශනයක භීතියෙන් බිම බලා ගතිමු.සියල්ලෝ නික්ම ගිය පසු මම අර කොලයේ වූ දෑ කියවන්නට පටන් ගතිමි.

සුදු කැන්වස් සපත්තු ජෝඩු 1 යි.
නිල් කොට කලිසම්
සුදු ඇඳ රෙදි
පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූප 3 යි
ට්‍රැක් බොටම්
දත් බුරුසුවක් සහ දත් බෙහෙත්
හාෆ් ශීට් හා සී ආර් පොත්

ලොක්කා වැරදිලා මට වෙන කොලයක් දීලාය.මේ දවස්වල කාට උනත් දෙන්න නිතරම ගෙනියනවා ඇත්තේ මේ කොල ය.

රන් සමනල් පෙළපාලිය





හඬන්නෙ ඇයි කඳුලෙ එතී
ගියාට ඉර අවර ගිරට
හිනා වෙන්න හේතු කුමට
හැමදා පායනා හඳට

සුසුම් හෙළන හද නියරක
සතුට අරන් ඇවිදිමු අප
එකවිට මතුවුණ විලසට
තරු දහසක් කලු අහසට

සරසවියේ පාරේ තොටේ
බස් නැවතුම් හතර වටේ
සරසවියේ ඉස්කෝලේ
වෙල් එලියේ සයිබරයේ...

එක පොකුරක් එකට පිපුණු
සුවඳ විඳින ජීවිතයේ
රන් සමනල් පෙළපාලිය
සදා  මිහිරි යෞවනයේ ...

අපියි ගෙනාවේ..

ආදර විත්ති

අමාවක අවාරේ
පාලුවෙන් ඉකිබින්ඳ
ගිම්හාන ගිනියමේ
සුදුමැලිව ඇදී ගිය
නේරංජනා තෙරට
ඉහළ අහසේ පිපුණ ......
දහස් තරු පොකුරු මැද
උදා රන් තරුව ඔබ .. .... .....

මාස තුනයි


O :O :O මාස තුනයි!!!!!!! සික් විතරක් මුන්ගේ කැත හිත් කියවලා බලලා හිටු මුලින්ම (මෙහෙම මම කතා කලේ අපේ බස් සෙට් එකට )

මම මේ බ්ලොග් එක පටන් ගත්තු මුල් දවස් වල මගේ ආදරේ ලියන්න ගත්තානේ ඔෆිස් එකේ තියෙන වැඩත් එක්ක ඒක ලියන එක අතපසු උනා අද මම ලියන්න යන්නේ ඒ ආදරේ ගැනම තමයි මේක කියවලා කට්ටිය මම ගැන වැරදියට හිතයිද දන්නේත් නෑ.මේ තීයෙන්නේ කලින් පෝස්ට් එක
ඉතින් ඔහොම එස් එම් එස් කොර කොර කාලේ ගෙවුනානේ ඒ දවස් වල මම සතියේ දවස් 7ම වැඩ ඒ කියන්නේ ඉරිදාත් වැඩ කට්ටියනම් ඇහුවේ මම ඕටී වැඩි කර ගන්න වැඩ කරන්නේ කියලා. ඉතින් මම එහෙම වැඩ කරපු ඉරිදා දවසක දවල් එයා ඇහුවා හවසට මම එන්නද ඔයා එක්ක කො**** යන්න මමත් මේ කම්මැලි කමේ ගෙදරට වෙලා ඉන්නේ කියලා මට මොටෝ ඕනිනම් එන්න අපේ තාත්තාගේ නෙමෙයිනේ බස් එක කියලා මමත් කිව්වා  එයාගේ ගෙවල් තියෙන්නේ මගේ ඔෆිස් එක ලඟ ඉඳලා ටික දුරකින් නිසා තමා මේ සේරම සෙල්ලම් දාන්න පුලුවන් උනේ ඔන්න ඔහොම ඒ සතියත් ගෙවිලා ගීයා

ඊලඟ සතියේ ප්‍රසිද්ධ ඇඳුම් සාප්පුවක මෙගා සේල් එකක් තිබ්බා මටත් ඉතින් ඕනි නැති මගුලක් නෑනේ මට ඒකට යන්න ඕනි උනා ඒ උනාට මට යන්න කවුරුත් නෑ අපේ නංගිටත් නිවාඩු හම්බ උනේ නෑ මම ඒක මේ මනුස්සයාට කිව්වම කෙලින්ම ඇහුවේ “මම එන්න එපාලේ " කියලා මට ඉතින් කට උත්තර නෑ මමත් හා කිව්වා එදාම මගේ අයියලා තුන්දෙනාත් (දගයා,සුදු අයියා,ආසිරි අයියා)  කොළඹදි සෙට් වෙන්න දාගෙන පස්සේ ඒ තුන්දෙනාවත් කැන්දගෙන ගියේ නැතැයි අර කිව්ව දිහා හෆොයි ඒකට ගියාට වඩා හොඳයි නිකන් හිටියානම් අයියලා කිවට මුන් නම් අයියලා නෙමෙයි අෆ්ෆා එදා අපි දෙන්නට කිව්ව කතා මම නම් හිතුවෙ නෑ මේ මනුස්සයා ආයේ මා එක්ක කතා කරාවිවත් කියලා මොනා උනත් අන්තිමේදි නටපු නැටුමකුත් නෑ බෙර පලුවකුත් නෑ වගේ වැඩක් තමා උනේ ඒකේ හිටපු සෙනඟ කන්දරාවට මොන ඇඳුම් ගැනිලිද කියලා අපි ආවා එන්න මොනා නැත්ත මගේ අර අයියලා කියන තුන්දෙනා නම් මට හොඳ කතා ටිකක් හදලා තමා නතර උනේ.

ඒ උනාට මම හිතපු දේ වැරදුනා මොකද අර ළමයා කතා කරනවා මාත් එක්ක තරහා නෑ මම ඉත්න් පහුවෙනිදා ඉරිදා දවසෙත් වැඩ එදා අවුරුදු උත්සවේ මීටින් එකක් තිබ්බා පස්සේ මම වැඩට ගිහින් ඒකටත් ගියා ඒ ගියෙත් ඉතින් අදාල පුද්ගලයා එක්කම තමා එදා තමා මට මුලින්ම අභීත අයියා, වැපා, රවා, සෝරෝ, හසියා , හසී, රන්දුනා අක්කා, ලිෂාන් අයියා, චමිල අයියා, රචින්ත, කනිෂ්ක අයියා,  තව ගොඩාක් කට්ටිය හිටියා මුන ගැහුනේ ඒකත් ඉවර වෙලාගෙදරත් ගියා ඒ සතියත් ඔහොම්ම ගියා ඊලග ඉරිදා මම වැඩට යනකොට එදා ඔෆිස් නෑ මම ඊට කලින් දවසේ වැඩට ගියේ නැති නිසා ඒක දන්නේ නෑ ඒ එක්කම එයා කෝල් කරලා ඇහුවා ඔයා දැන් ඔෆිස් එකට ආවද කියලා මම එතකොට විස්තරේ කිව්වම පොඩ්ඩක් ඉන්න මම තා ටිකකින් ඔතනට එන්නම් කියලා විනාඩි 5ක් විතර යනකොට එයා එතනට ආවා ඊට පස්සේ පස්සේ දෙන්නත් එක්ක පබ්ලික් ලයිබ්‍රි ගියා ඒ එනගමන් එයා කිව්වා එහෙනම් අපි රා*****බහිමු ඒ ගිහින් ෆිල්ම් එකක් බලමුද කියලා අඩේ එතකොට තමා මටත් මටත් මතක් උනේ සහෙන්න කාලෙකින් ෆිල්ම් එකක් බැලුල්වේ නෑ කියලා මමත් ඉතින් පන්ඩිතයා වගේ හා කියලා ගියා බලන්න ඔන්න ඉතින් දෙන්නා ෆිල්ම් එක බල බල ඉන්නවා බැලුවෙත් ඉතින් ලව් ෆිල්ම් එකක් ඒකේ මුලනම් හොඳට හිනා යන සීන් තිබ්බේ ඒ අතරේ එයා හිටි ගමන් මගෙන් දෙයක් ඇහුවා

" මම දෙයක් අහන්න මාත් එක්ක තරහා වෙන්නේ නෑ නේද"

" ම්ම්ම්ම්ම් අහන්නකෝ බලන්න තරහා වෙනවාද නැද්ද කියලා ඊට පස්සේ බලමුකෝ"

"එහෙම බෑ කියන්නකෝ තරහා වෙන්නේ නෑ කියලා "

" හ්ම්ම්ම්ම්ම්ම්ම් නැහැ කියන්නකෝ"

" මට ආදරෙයිද?"

"ම්ම්ම්ම්ම්ම් ආදරේ!!! ඔය ආදරේ නිසා මට මගේ හුඟාක් හොඳ යාලුවෙක්ව නැති උනා ඒ නිසා මට අපේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක නැති කර ගන්න බෑ"

" නෑ නෑ එහෙම වෙන්නේ නෑ මම පොරොන්දු වෙනවා කියන්නකෝ ආදරේද නැද්ද මට ම්ම්ම්ම්ම්ම්ම් "

" මන්දා "

“එහෙම කියලා බෑනේ මට ආදරේනම් මගේ මේ අත අල්ලගෙනම ඉන්න නැතිනම් අත අතාරින්න"
එහෙම කියලා මගේ අත අරන් එයාගේ අත උඩින් තිබ්බා

අනේ මන්දා මොන හෙතුවකටද මන්දා මම ඒ අත අතැරියේ නෑ

ඒ 2011.03.20 මාස 3යි ඔයා මට ආදරෙයි කියලා ම්ම්ම් මම හැමදාටම ආදරෙයි ඒක කවදාවත් වෙනස් වෙන්නේ නෑ පිස්සු නට නට හිටි මාව සම්පූර්නයෙන්ම වෙනස් කරලා මට අලුත් ජීවිතයක් ලබා දුන්නේ ඔයා ඒකට ඔයාට ගොඩාක් පින්

අනිත් කෙනා තමා මගේ අක්කා බබා සුදු හංසි අක්කේ  මට මෙයාව මුනගැහුනේ ඔයා නිසා හැමදාම කියනවා වගේ ඔයාට පින් අක්කියෝ මාව සතුටින් තිබ්බට

තිරුවා‍

Tuesday, July 5, 2011
ඔන්න ඉතින් මං කිව්ව‍නෙ රාජසිංහ රජතුමා ගැන තව කතා කියනව කියල, ..comment එකක් දාල follow කරනනත් අමතක කරන්න එපා, ඒක තමයි මට කරන උදව්ව..ඔන්න ඉතින් එහෙනම් කතාවට බහිමුකෝ...
ඔය තිරුව කියන්නෙ රාජසිංහ රජතුමාගේ මාලිගාවෙ හිටපු සේවකයෙක්. මේ තිරුවට හිටිය ටිකක් ලාබාල රූමත් බිරිදක්.අපේ රජතුමත් මේ දිහා ඇහැ ගහගෙන හිටියෙ..වැඩේ තියෙන්න මේ තිරුව හැම වෙලේම ගෙදර හිටපු නිසා රජතුමාටත් කරගන්න දෙයක් නැතිව හිටියෙ.තිරුවත් තමන්ගෙ බිරිදගෙ රූප සොබාවයි රජ්ජුරුවන්ගෙ ගති සොබාවයි දෙකම දැනගෙන හිටපු හින්න ඇහැ ගහගෙන තමයි හිටියෙ.මේ හින්ද රජතුමාට තිරුවගෙ බිරිද එක්ක කාකරන්නවත් බැරි තත්වයක් තිබුනෙ.

රජතුමා බැරිම තැන මේකට හොද උපායක් යෙදුව. රාජසිංහ රජතුමා සටකපට කම් වලට බොහොම දක්ෂය කියල තමයි කියන්නෙ.රජතුමා මොකද කලේ මේ තිරුවව යවනව රාජ සේවයක් නියම කරල අඹගමුව කියන ගමට.මේ ගම තියෙන්නෙ මහවැලි ගගෙන් එගොඩ.ඔරුවෙන් එගොඩවෙලා තමා යන්න ඕනෙ. තිරුව එගොඩට ගියාට පස්සෙ ඔරුව ආපහු මෙගොඩට නොපදින්න ඕනෙ කියල පවරල තව සේවකයෙක්ට පොඩි ගතමනාවක් දීල පිටත් කරන්නත් රජතුමා අමතක කලේ නෑ.
දැන් ඔන්න වෙලාව. තිරුවත් ගෙදර නෑ.තිරුවගෙ බිරිද විතරයි ගෙදර.රජතුමා තිරුවගෙ ගෙදර දොරට තට්ටු කරල කවියක් කියනව.මම කිව්වනෙ රජතුමා දක්ෂය කියල
ඔරුව තොටේ ඔරු පදිනා කෙනෙක්             නැත
තිරුවා මෙ මම අඹගමුවට යවා                     ඇත
බොරුව කියා කී රවටා                          නොසිත
හැර දොර මෙපුර මහරජ මමයි                     කත
මෙන්න ගේ ඇතුලෙන් පිරිමි කටහඩකින් මෙහෙම ඇහෙනව,
ඔරුව තොටේ ඔරු පදිනා කෙනෙක්             නැත
තිරුවා එතත් නොඑතත් මට කමක්              නැත
කෙරුව හරිද රජතුමනුත් රැවටී                     ඇත
තිරුවා මමයි මම අඹගමු ගියේ                    නැත
රජතුමා ගැන දන්න තිරුව රජතුමාව වඩා කට්ටය. තිරුව මොකද කරල තිබුනෙ අසනීපයි කියල බොරු ලෙඩක් අරගෙන ගෙදර නැවතිලා තිබුන.මේක ඇහුණු රජතුමා වෙච්ච ලැජ්ජාවටයි කේන්තියටයි වෙව්ලන්න අරන්..ඒක දැකපු තිරුවගෙ බිරිද මේවගේ කවියක් කිව්වාලු.
කුකුලන්ගේ කැලේ  රජ දන්නේ                නැද්ද
කුකුලන් කන කෑම රජ දන්නේ                 නැද්ද
කුකුලන්නේ මාලු රස කර                නොඋයද්ද
හකුලන්නෙ යළුම මායා                        උණින්ද
ඔන්න රජතුමාට  වෙච්චි සංගදිය, මඩ ගැහුව නෙමේ ඔන්න. කියෙව්වට පස්සෙ මෙලෝ රහක් නැත්නම් එකත් ලියල යන්න..මං ගියා ආයෙ හමුවෙමු. ඡායාරූපය ලංකාපුර වෙබ් අඩවියෙන්

ආශ්චර්යයේ දිවයින



මහ රජතුමා මගේ නිවසට සැපත් වූ වගයි....


අද මගේ ජීවිතයේ ආතල්ම දවසය.ආතල් කන් දෙකෙන් බේරෙන දවසය.අහල පහල උන්ගේ ඊර්ෂ්‍යාවට මා ඉළක්ක වන දිනයයි.මට පමණක් නොව ඕනෑම තැනක පම්පෝරි ගැසිය හැකි වසර දෙදහස් පන්සීයක ඉතිහාසයක් ඇති ප්‍රෞඪ ජාතියක විශිෂ්ඨත්වයේ හිණි පෙත්තට නගින දිනය අදයි.මෙතරම් විදෙස් අත පෙවීම් දේශීය කුමන්ත්‍රණ හා පාවා දීම් මැද ජීවත් වන සකල ශ්‍රී ලාංකිකයන්ගේ සන්තුෂ්ටියේ අග්‍ර ඵලය බුක්ති විඳින්න ලැබෙන දිනය අදය.

ප්‍රථම ශ්‍රී ලාංකිකයා රැගත් ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම අභ්‍යාවකාශ යානය මේ පුණ්‍ය භූමියෙන් වියුක්ත වන දිනය අදය.මහ රජතුමාගේ ප්‍රඥා මහිමය යටතේ සමුර්දියෙන් සෞභාග්‍යයෙන් වැජඹෙන මේ ධරණී තලයේ කළ යුතු සියල්ල අවසන් නිසා සිය සංවර්ධන වැඩ පිළිවෙල විශ්වීය කිරීමේ පරමාර්ථය පෙරදැරි කරගෙන ප්‍රථම ලාංකිකයා චන්ද්‍ර ගත කිරීමේ දැවැන්ත මෙහෙයුම මෙයයි.මහ රජතුමා සිය දෙවෙනි පදවි ප්‍රාප්තියේදී සිය යටත් වැසියන්ට දුන් ප්‍රතිඥාව කෙටි කලකින්ම මල් පල ගැන්වෙන දිනය අද ය.මේ ප්‍රථම ලාංකිකයා වීමේ භාග්‍යය ලැබුවේ, මේ ප්‍රීති කුසලානයෙන් පානය කිරීමේ වරම් ලැබුවේ මේ මම ය.

අම්මා විසින් අපතයා ලෙස ද පෙම්වතිය විසින් නිකමා යනුවෙන්ද අමතනු ලැබූවත් මේ රටේ ජනතාවටත් මහ රජතුමාටත් මගේ අගය වැටහී ඇත.ඉන්දියාවට හෝ ඇමරිකාවට නියෝජිතයෙක් යවනවාට වඩා ඉතා බැරෑරුම් වගකීමකි මේ මට පැවරෙන්නේ.මේ වගකීම පැහැදිලි කොට මටම පවරා දීම සඳහා අප මහා රාජෝත්තමයාණන් වහන්සේ මගේ පුංචි කුටියටම එදා රාත්‍රියේ වැඩම කළ ආකාරය මගේ මතකයේ මියෙන තුරා පවතිනු ඇත.

මහ රෑ දෙගොඩ හරි ජාමේ එක් වරම හමුදා භටයෝ පනහක් පමණ මගේ නිවසේ මගේ කුටියට කඩා වැදුනෝය.මම වහාම ඇඳෙන් පැන බිම තිබූ සරම ඇඟ ලා ගතිමි.එතෙක් ඉවත බලා සිටීමට හමුදා නිළදරුවෝ කාරුණික වූහ.
"මොකද මේ මාව මොකක් හරි අපරාධෙකට පටලළා ද? නැත්තං චැනල් ෆෝ එකේ සාක්කි කාරයෙක් විදිහට මාවත් පෙන්නුව ද?මම ඉතිං රජතුමාට එක එක ඒව කිව්වට හොඳ රාජ පාක්ෂිකයෙක්"මම කබ කඩමින් පැවසුවෙමි."නෑ නෑ මිස්ට ජයකොඩි" කියමින් හමුදා නිළධාරියා කතාව පටන් ගත්තේය.
"අම්මේ මෙන්න මූට හමුදාවෙ අය මිස්ට ජයකොඩි කියනවෝ.ඕකට මිස්ට ජයකොඩි කියනවනං මට ජයකොඩි උතුමාණෝ කියලවත් කියන්ඩ ඕනෙ."අපේ අයියා සාලේ සිට බෙරිහන් දුන්නේය.
"උඹ කට වහපං.ඌ ඔය අපත වැඩ කළාට උඹට වඩා වැදගත් විදියට ඉන්නවා."අම්මා කොඳුරනු මට ඇසුනි.
"මේකයි මිස්ට අපිට මිස්ටගෙ කාමරේ පරීක්ෂා කරන්ඩ ඕනෙ."හමුදා නිළදරුවා කීවේය.
"ඒ අහවල එකකට ද?.මේකෙ මම ආයුද තියං ඉන්නව කියල හිතුව ද?.කුඩු ගංජා පාවිච්චියකුත් නෑ දැං.සල්ලි නැති නිසා.ඔය ඉතිං වැල ටිකක් නං...."මම හිස කසන්නට වීමි.
"නෑ නෑ මිස්ට.මේකයි, තව ටිකකිං මහ රජතුමා මෙතනට සැපත් වෙනවා.මෙව්වා ඉතිං කළ යුතු පරීක්ෂා විතරයි.නැතුව අපිට මිස්ටව සැක නැහැ."
"මළ කෙළියයි.උන්නාන්සෙට ඉඳගන්නවත් දෙන්නෙ මොකේ ද? අම්මා සීනිත් ඉවරයි කිව්වා.තේ ටිකක් වත් දෙන්න විදිහක් නැහැ."මම ඇඳ මත වාඩි උනෙමි.
"මහ රජතුමා වැඩි වෙලා ඉන්නෙ නැහැ.වැදගත් දෙයක් කතා කරන්ඩ එනව කිව්වෙ.ඉක්මනට ආපහු යනවා."හමුදා නිළදරුවා මාව අස්වසන්න විය.
"හරි ඕනෙ මගුලක් පරීක්ෂා කරන්ඩ.මගෙ කොම්පියුටර් එකේ ඔය සමාජ විරෝධී එව්ව මෙව්ව ටිකක් ඇති.ඒත් රාජ්‍ය විරෝධී ඒව නෑ." හමුදා නිළධාරියෝ පිළිවෙලට පරීක්ෂාව පටන් ගත් හ.මට ද සොයාගැනීමට අවශ්‍යව තිබූ මගේ යට ඇඳුම් කීපයක්, මගේ පැරණි පෙම්වතියගේ ඡායා රූපයක්, කැරපොත්තන් 8ක්, හූනන් 5ක්, මකුළුවන් 11ක් හා එක් පත්තෑයෙක් ඔවුන් සොයාගත් දේ අතර විය.
මේසයේ පොත් අතර තිබී එක් බටයෙක් පුවත් පතක් ඇද ගත්තේය.
"සර් ජේවීපී එකක්".හමුදා නිළධාරියාගේ ඇස් හීන් විය.
"ආ ඕක මම මේ මේසෙ පිහදාන්නයි, සපත්තු මදින්නයි අරං ආවෙ.අම්ම ඕනෙ කරන එකක් කියල හිතල පොත් අස්සෙන් දාන්න ඇති."මම හති ලෑවෙමි.
"කොහොමත් රජ්ජුරුවන් වහන්සෙට පේන්න තියන්න එපා.මිස්ටටත් නායක්ත්ව පුහුණුව දීල තමයි නවතින්නෙ." හමුදා නිළධාරියා මට රහසින් පැවසීය.
"මම මේක ගෙනියනවා මූලස්ථානෙට."හඬ නඟා පැවසූ ඔහු මට අනිත් අයට හොරෙන් ඇහැක් ගැහුවේය.අනිත් අයද එකිනෙකාට හොරෙන් මා දෙස අනුකම්පාවෙන් බැලුවෝය.මම හිත යටින් සැනසුම් සුසුම් හෙලුවෙමි.

ටික වේලාවකින් 'ගුඩු ගුඩු' ගාමින් මුළු පළාතම වියරු සුළඟින් ආලෝලනය කරමින් හෙලිකොප්ටරයක් අපේ මිදුලට සැපත් විය.අපේ නිවසේ වහලයේ උළු ටකරං පොල් අතු සියල්ල එහෙට සහ මෙහෙට විය.උනු සංගෙදිය හරියටම බලාගත හැකිවන්නේ ආයේ වහින කාලය ආවාමය.මිදුලේ පොල් ගස් තුනේම ඇට්ටි මෙන්ම කලටිද ඔක්කොම එක ගොඩේ බිම වැටිලාය.අම්මා හූල්ලමිං කම්මුලේ අත තබා ගත්තාය.

හෙලිකොප්ටරයේ තටු නවතින්නත් පෙර කොල්ලෙක් මෙන් ඔහු බිමට පැන්නේය.අපි කාගෙත් තාත්තා, ඉංදියාවේ නංගීගේ භාර කාරයා වන අපේ මහ රජතුමාගේ ශ්‍රී පාදස්පර්ශය ලැබීමට මා කුඩා කල දවල්ට වැලි බත් ඉවූ, රෑට චූ දැමූ අපේ මිදුලද වාසනාවන්ත විය.හෙලිකොප්ටරයේ හුළං සැරට සාටකය උඩ ගියේය.එය උන්නාන්සේ දෑතින්ම තද කර අල්ල ගනිද්දී සරම උඩ ගියේය.රාජ ඌෂ්ණයෙන් අපේ නෙත් බිමට හැරවුනි.

අපි නැවත නෙත් ඔසවා බලන විට උන්නාන්සේ දුවන්ට සැරසෙන ඉරියව්වෙං සිටගෙන ඉන්නවා දුටිමු.එවිට ගෝලයෙක් පැමිණ උන්නාන්සේගේ තේමා සංගීතය සිය ජංගම දුරකතනයෙන් වාදනය කරවද්දී උන්නාන්සේ අපේ නිවස දෙසට ගමන් ඇරඹූ සේක.රජතුමා අපේ නිවසට පා තබද්දී අම්මගේ නෙත් කඳුලෙන් බර උනේ රජතුමා පැමිණීමේ සතුටටද නැත්නම් වැටුණු පොල් ඇට්ටි ගැන සිතාදැයි මටනම් වැටහුනේ නැත.

අදට මෙච්චරයි.....

ඒ කිව්වේ මතු සම්බන්දයි....

දිනේ ඔබ ලොව දිනන.......

                              
                                    රළු පොලොව උඹ-දෙපතුලම රිදවාවී.
                              සිත සුලග උඹ-සිසිල ගත දවටාවී.
                              ඇය තනිව හද- සුසුම නුඹ පාරාවී.
                              යනෙන ආ මග මත්ව -අතරමං කරවාවී.

                          හැකිතරම්.....

                             දිනේ ඔබ ලොව දිනන.......

                               රළු පොලොව උඹ-දෙපතුලම සිඹිවි.
                               සිත සුලග උඹ-සිසිල උණුසුම් කරාවි.
                               තනිව හඩන සිත උඹ - තැවුල් නිවාවි.
                               තවත් දුර යන්ට උඹ -මග පෙන්වාවි.

                               සෙනෙහසින්.....

භයංකාර රාත්‍රියක් - 1

Monday, July 4, 2011
1989 අවුරුද්දෙ තවත් එක් දවසක්.... මට එතකොට අවුරුදු 12යි. දැං වයස 12 ක කොල්ලෙකුට තරම් තේරුමක් තිබ්බද කියලා මතක නෑ. කොහොම හරි මං රෑට කාලා නිදා ගත්තා.

පසු බිම කියන්න බැරි වුණානෙ....
අපේ අප්පච්චි වැඩ කළේ දැරණියගල ප්‍රදේශයේ තිබුණු රබර් කර්මාන්තශාලාවක ප්‍රධාන කර්මාන්තශාලා නිලධාරියා විදිහට. අපි ඒ වතුයායට ඇවිත් තිබුනේ මං ඉපදෙන්නත් අවුරුදු 5 කට විතර කලිං. ඒ එනකොට ඒ කර්මාන්තශාලාව ඉතාම කුඩාවට තමයි තිබිලා තියෙන්නේ. අප්පච්චි අනිත් අයවත් එකතු කරගෙන අවුරුදු 17ක් තිස්සේ මහන්සි වෙලා. මේ කර්මාන්තශාලාව ලංකාවෙ තියෙන හොඳම කර්මාන්ත ශාලාවක් බවට පත් කරගත්තා. වැටුපක් ගත්තා වුණත්, වැටුපට වඩා සේවය ගැන හිතපු කෙනෙක් අපේ අප්පච්චි. එයා ඒ  වතුයායටත් කර්මාන්තශාලාවටත් හුඟාක් ආදරයෙනුයි හිටියේ.

ඔය 89 කාලෙ වෙනකොට ජවිපෙ කචල් තිබුණු බව ඔයාල දන්නවනේ. නිතරම බස් රියැදුරු ව මැරුවා, බස් එකක් ගිනි තිබ්බා, බාගෙට මැරුණු මිනිස්සු පාර අයිනේ පිච්චෙනවා. ඔය වගේ ආරංචි මයි එන්නේ. තුන්වෙනියට කියපු කාරණේ නම් මං ඇස් දෙකින්ම දැකලා තියෙනවා. ඇත්තටම ඒ වෙලාවෙ මගේ හදවත ගොඩාක් සසල වුණා.

ආයෙත් කතාවට.....
ඉතින් මං ඔහොම නිදාගෙන ඉන්නකොට මගේ අම්මා මට ඇහැරෙව්වා. දන්නවානේ පොඩි කාලෙ ඇහැරෙන්න තියෙන අමාරුව...
අප්පච්චිව ‍‍‍*** එකෙන් එක්කගෙන ගියා...

මට හීනෙන් වගේ ඇහුණා..

ඈ... ඒ මොකටද?

මගේ හිතේ ඇති වෙච්ච තිගැස්ම ඔයාලට හිතා ගන්න පුළුවන් නේද....?

අක්කත් නැගිටලා හිටියේ. මට අවුරුදු 12යි කියන එක මට තේරුණේ නෑ. මට හිතුනේ උන්ව මරාගෙන මැරෙන්න....



ඊට පස්සේ මොකද වුණේ...




රමණයත් අහිමි හිමි



දවසම කුරුටු ගාලත්
බෑ ගන්න 
ෆයිල් මිටිය
නාහෙ මට්ටමටවත්
ඉර තීරණේ කළාම
බැහැල යන්ඩ
දුවගෙන ඇවිත් 
නඟින බස් එකෙත්
දාඩිය ගඳ
වැලමිටි පාරවල්
බෑග් මලු
තඩි ගෑනු
ඇඟේ ඉතුරු වෙන 
සොච්චං හයියත්
මිට මොළවං උඹ වෙනුවෙන්
ගෙට ගොඩවෙද්දි
වගක්වත් නෑ උඹට
ඔය ඉලව්ව වහල දාල
එනවද ඉක්මනට
නැත්තං
නින්ද යයි මට

මල් කැකුලි










හිනේ පිරුනි මල් කැකුලි
මා ලඟින් ඉදන්
ඔය රොස පාට වු කම්මුල්
තොල් පේති අතරින්..//


හාද වේන්න ලන්වි
ඉස්සර වදන් කියන්
මට අහාස් මාළිගා හදලා
සේරම අරන් ගිහින්..


නොපේන්නට දුන්න හාදුවේ 
පහස කිම කියන්
මා ජිවිතේට පාරකියන්
සේනේහත් ලැගුම අරන්..//






වැය කල කාලය විනාඩි 10 පමණි 
හරි වැරදි ලකුනු කර නැත.




පලමු ලිපිය..
http://powerofdx.blogspot.com/2011/07/blog-post.html#links 




පි‍ටු පෙරලපු ගාන