ඔය තිරුව කියන්නෙ රාජසිංහ රජතුමාගේ මාලිගාවෙ හිටපු සේවකයෙක්. මේ තිරුවට හිටිය ටිකක් ලාබාල රූමත් බිරිදක්.අපේ රජතුමත් මේ දිහා ඇහැ ගහගෙන හිටියෙ..වැඩේ තියෙන්න මේ තිරුව හැම වෙලේම ගෙදර හිටපු නිසා රජතුමාටත් කරගන්න දෙයක් නැතිව හිටියෙ.තිරුවත් තමන්ගෙ බිරිදගෙ රූප සොබාවයි රජ්ජුරුවන්ගෙ ගති සොබාවයි දෙකම දැනගෙන හිටපු හින්න ඇහැ ගහගෙන තමයි හිටියෙ.මේ හින්ද රජතුමාට තිරුවගෙ බිරිද එක්ක කාකරන්නවත් බැරි තත්වයක් තිබුනෙ.
රජතුමා බැරිම තැන මේකට හොද උපායක් යෙදුව. රාජසිංහ රජතුමා සටකපට කම් වලට බොහොම දක්ෂය කියල තමයි කියන්නෙ.රජතුමා මොකද කලේ මේ තිරුවව යවනව රාජ සේවයක් නියම කරල අඹගමුව කියන ගමට.මේ ගම තියෙන්නෙ මහවැලි ගගෙන් එගොඩ.ඔරුවෙන් එගොඩවෙලා තමා යන්න ඕනෙ. තිරුව එගොඩට ගියාට පස්සෙ ඔරුව ආපහු මෙගොඩට නොපදින්න ඕනෙ කියල පවරල තව සේවකයෙක්ට පොඩි ගතමනාවක් දීල පිටත් කරන්නත් රජතුමා අමතක කලේ නෑ.
දැන් ඔන්න වෙලාව. තිරුවත් ගෙදර නෑ.තිරුවගෙ බිරිද විතරයි ගෙදර.රජතුමා තිරුවගෙ ගෙදර දොරට තට්ටු කරල කවියක් කියනව.මම කිව්වනෙ රජතුමා දක්ෂය කියල
ඔරුව තොටේ ඔරු පදිනා කෙනෙක් නැතතිරුවා මෙ මම අඹගමුවට යවා ඇතබොරුව කියා කී රවටා නොසිතහැර දොර මෙපුර මහරජ මමයි කත
මෙන්න ගේ ඇතුලෙන් පිරිමි කටහඩකින් මෙහෙම ඇහෙනව,
ඔරුව තොටේ ඔරු පදිනා කෙනෙක් නැතතිරුවා එතත් නොඑතත් මට කමක් නැතකෙරුව හරිද රජතුමනුත් රැවටී ඇතතිරුවා මමයි මම අඹගමු ගියේ නැත
රජතුමා ගැන දන්න තිරුව රජතුමාව වඩා කට්ටය. තිරුව මොකද කරල තිබුනෙ අසනීපයි කියල බොරු ලෙඩක් අරගෙන ගෙදර නැවතිලා තිබුන.මේක ඇහුණු රජතුමා වෙච්ච ලැජ්ජාවටයි කේන්තියටයි වෙව්ලන්න අරන්..ඒක දැකපු තිරුවගෙ බිරිද මේවගේ කවියක් කිව්වාලු.
කුකුලන්ගේ කැලේ රජ දන්නේ නැද්දකුකුලන් කන කෑම රජ දන්නේ නැද්දකුකුලන්නේ මාලු රස කර නොඋයද්දහකුලන්නෙ යළුම මායා උණින්ද
ඔන්න රජතුමාට වෙච්චි සංගදිය, මඩ ගැහුව නෙමේ ඔන්න. කියෙව්වට පස්සෙ මෙලෝ රහක් නැත්නම් එකත් ලියල යන්න..මං ගියා ආයෙ හමුවෙමු. ඡායාරූපය ලංකාපුර වෙබ් අඩවියෙන්
7 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:
නියමයි , ඇත්තෙන්ම රසවත් . බොහොමත්ම ස්තූතියි මෙවන් දේ ගෙනහැරපෑමට කටත් රසවිඳින්න . . .
නියමයි මචං.... මෙව්වා දන්නේ කීයෙන් කීදෙනාද....
ස්තුතියි හැමටම
ඔවුව මට ගහපු මඩ ළමයිනේ.. ඔය කටින් කට බ්ලොග් එකේ ආපුවා විස්වාස කොරන්න එපල්ල. මට ඕන උනා නම් තිරුවගේ වයිෆ් කාරය මම මාලිගාවටම ගෙන්න ගන්නේ (රජ්ජුරුවෝ)
හහ් හහ්....රජ්ජුරැවො අනාගත්ත වැඩේ කොහොම හරි..
හරිම ලස්සනයි ගොඩක් වටිනවා. ඉදිරියටත් මේ වගේ නිර්මාණ ඉදිරිපත් කරන්න.
@ සරත් - හොරාට කලිං රජ්ජුරුවො වැට පැන්න වගේ නේද??
Post a Comment