දැං ඉස්සර වගේ සිතුවිලි පවුරට ලියන අය අඩු නිසා මගේ බ්ලොගේ දාන ලිපි මේකෙත් දාන්ඩ හිතුවා......
ලෝකයේ කාන්තාවන් තමන්ගේ පෙනුම ගැන උනන්දු වෙන තරමටම ලංකාවේ ගැහැනුත් තමන්ගේ පෙනුම ගැන උනන්දු වෙනවා.ඒත් ලෝකෙ අනිත් ගැහැනු තමන්ගේ රූපය ලෝකයට පෙන්වන්න තමන්ගේ අංගෝපාංග හුවා දක්වද්දි අපේ ගැහැනු චුට්ටක් පැකිලෙනවා.මේ අපි හැදිලා තියෙන සංස්කෘතිය විසින් ඇති කරන ලද ලැජ්ජාව කියන සංකල්පය විසින් ඇති කරවන නිශේධනයක්.
අපේ ගැහැනු තමුන් කොච්චර තමුන් තුල ලිංගිකමය හැඟීම් පහල උනත් ඒවා ලෝකෙට පෙන්නන්න බයයි.ලෝකයා තමුන් ගැන වැරදියට හිතයි කියලා හිතන නිසා.ඇත්තටම අපේ සමාජෙ එහෙම තමයි.පිරිමින්ට ඕනෙ තරම් රාගික වෙන්න, ලිංගිකත්වය ගැන කතා කරන්න පුළුවන් උනත් (එහෙම නොවුනොත් තමා පිරිමි කොන් වෙන්නේ ) ගැහැනුන්ට එහෙම වෙන්න අයිතියක් දීලා නෑ.ඒක ඒ අයට තහනම්.මේ හේතුව නිසා ගැහැනු තමන්ගේ ආශාවල් වගේම හැඟීමුත් හංගන්න පුරුදු වෙනවා.සමහර වෙලාවට තමුන්ගේ ස්වාමි පුරුෂයාගෙනුත්!!!
නමුත් දැන් ක්‍රමයෙන් කාන්තාවන් තමුන්ගේ ලිංගික අයිතිය සහ සිය අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටින්න පටන් අරන්.ඉල්පී පෙනුනු සිය අංගෝපාංග ගැන ලැජ්ජා උනු ගෑනු දැන් ඒවා ගැන ආඩම්බර වෙන්ඩ පටන් අරං.මීට කලිං මේ විදිහට ඇති ප්‍රධාන අවයවය ගැන කතා කළානෙ.අද කියන්ඩ යන්නේ කාන්තා පශ්චාත්භාගය ගැන.
අතීත කවියා ගෑනු පස්ස ගැනත් නොසෑහෙන්ඩ කියලා තියෙනවා.පූර්ණ කුම්භයකට හෙවත් පිරුණු කළයකට, පළලින් කරත්ත රෝදයකටත් වගේම විශාල පුලින තලාවකට හෙවත් වැලි තලාවකටත් මේ පස්ස උපමා කරලා තියෙනවා.මේ පස්ස කැපී පෙනෙන්න නම් කුඩා උදරයක් තිබිය යුතු නිසා (දෘෂ්ඨි මායා ) මන්දෝදරීලාත් ඒකාලයේ අගය කිරීම්වලට ලක්වෙලා තියෙනවා.
සිවුපා සංචරණය කළ අපේ පූර්වජයින් දෙපාවත් වීම සඳහා සිරුර සෘජු කරගනිද්දී පස්සා ප්‍රදේශය සාදන 'ග්ලූටියස් මැක්සිමස්' නම් පේෂිය පසු පසට නෙරා යාම නිසා අපිට සාපේක්ෂකව විශාල පස්සක් ලැබී තියෙනවා.කාන්තාවන්ගේ මේදය තැන්පත් වීම නිසාත් පළල් ශ්‍රෝණි අස්ථි පැවතීමත් නිසා පස්ස තවත් විශාලවයි පේන්නෙ.
කාන්තා පස්ස කියන්නේ දෘෂ්ඨිමය ලිංගික උත්තේජනයක් සපයන අවයවයක්.මේ ගැන ඉතිං පන්ති යන කාලේ ඉස්කෝලේ යන කාලේ බස් හෝල්ට්වල සහ කඩවල රස්තියාදු ගහපු කොල්ලන්ටනං කියලා දෙන්ඩ ඕනේ නෑ.ඒවා අගය කිරීම, ඒවා විචාරයට ලක් කිරීම, හොඳ සාධක වගේම නරක සාධකත් එකී නරක සාධක අඩුකර ගැනීමට කළයුතු ප්‍රථිකර්ම පවා කෙල්ලෙක් දැකපු ගමන් කොල්ලො උන් උන් අතර කතා වෙනවා.
කෙල්ලොත් මේ බව හොඳට දන්නවා.ඒක පැහැදිලි වෙන්නේ මේ බොහොම සීරුවට ඇවිදගෙන එන කෙල්ලො මොක්කු හරි කොල්ලො ටිකක් 'ආ නංගී හා...හා.... හැඩයි ආ......' කියලා කියපු ගමං පස්ස පද්දන්ඩ පටන් ගන්න එකෙන්.මේක අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.සැකනං ඔයාලව පහුකරගෙන යන කෙල්ලෙක්ට ඔය විදිහට මොනවා හරි කියලා බලන්ඩ.පස්සට ඒ ඈයෝ මොකද කරන්නේ කියලා. (මෙහිදී සිදුවිය හැකි හදිසි අනතුරු ආපදා කිසිවකට කතුවරයා වගකියනු නොලැබේ.) අනික ඔය 'කැට් වෝක්' එහෙම නැත්තං 'බිළාල ගමන' පුරුදු වෙන්නෙත් ඕක හොඳට ලතාවට පද්දලා යන්ඩනෙ.
ගෑනු පස්ස මේ විදිහට ලිංගික උත්තේජනයක් සපයන එක තරමක් ගැටළු සහගතයි නේද?ඒකට හේතුව මේකයි.විශාල පස්සක් කියන්නේ ශ්‍රෝණි අස්ථිත් පළල් කියන එකයි.ශ්‍රෝණි අස්ථි පළල් උනාම දරුවෙක් ප්‍රසූත කරන්න පහසුයි.ඒකනේ පිරිමින්ට වඩා ගැහැනු පස්ස විශාල වෙන්නෙ.දරුවෙක් බිහිවෙන මාර්ගය කුඩා උනොත් ප්‍රසූතියේදී දරුවා හිර වීම නිසා දරුවාගේ වගේම අම්මාගෙත් ජීවිත අනතුරට ලක් වෙන්න පුළුවන්.
ඒ නිසා පරිණාමිකව පිරිමින්ට උරුම වෙලා තියෙනවා ලොකු පස්සවල් සහිත ගැහැනුන් වෙත විශේෂ ඇල්මක්.මෙහෙම විශාල පස්සවල්වලට කැමති නැති සහ තුනී ලෑලි සංස්ථාවේ නිශ්පාදනවලට ප්‍රිය කරන ඈයොත් ටිකක් ඉන්නවා.ඒවා ඉතිං අපගමන විදිහට තමයි සළකන්න වෙන්නෙ.ඒ වගේම විශාල දෑවැද්දක නිශේධ බලය විශාල පස්සකට ඇති ඇල්ම අභිබවා ගියා වෙන්නත් පුළුවන්.
ඉස්සර අපේ රටේ ගෑනු උදවිය 'හෙරලි' හෙවත් කොස්වල ඇති පස්ස වර්ධනය කිරීමේ ගුණය දැනගෙන හිටියා.ඒ විතරක් යෑ ඒ අය ඔය හොඳට මිරිස් ගලේ ඇඹරීම, මෝල්ගහෙන් පිටි කෙටීම වගේ එදිනෙදා කටයුතු කරපු නිසා අමතර ව්‍යායාමයක් නැතුවම පස්ස ලොකු උනා වගේම බඩත් අඩු උනා.එතකොට පිරිමි ආකර්ශනය කරගන්ඩ පුළුවං පස්සවල් ඒ ඇත්තන්ට ලැබුණා.ඔය කොච්චරවත් කතා තියෙන්නේ කෝරළේ මහත්තුරු, ආරච්චිරාළලා තමුංගේ ගෙදර සැපට හැදිච්චි අඹු සිඟිත්තෝ ගණන් නොගෙන ඔය වැඩට ඉන්න ගෑනු උදවිය පස්සෙම ගියා කියලා.ඕකයි රහස.
කාලේ වෙනස් වෙනකොට මේ දේවලුත් වෙනස් උනා.බ්ලෙන්ඩර් එකේ පැය ගාණක් පිටි කෙටුවත් පස්ස හැදෙන්නෑනෙ.ඒ වගේම බඩ අඩුවෙන්නෙත් නෑ.අනික අපේ ගෑනු ඕවට ව්‍යායාම එහෙම කරන්ඩත් කැමති නෑනෙ.මොකද ඒවා වෙහෙසකරයි නේ.ඔන්න කොණ්ඩේ කෙළිං කරනවා වගේ රූපලාවන්‍ය වැඩවලටනං හා.මොක්ද ඉතිං ඒවයෙ තියෙන්නේ ඉඳං ඉන්ඩ නොවැ.කිසි මහන්සියක් නෑ.සල්ලි යන්නෙත් කොල්ලගෙං හරි ස්වාමි පුරුසයාගෙන් හරි නෙ.අඩි උස සපත්තු දැමීමේ අරමුණත් ඔය පස්ස උළුප්පා පෙන්වීම තමයි.ඒත් ඉතිං ඔය බස් එකේ කෝච්චියේ යන අපේ රටේ බහුතරයක් ගෑනු පරාණ ඕවා දාන්ඩ බයයි.ඒවා දාගෙන කෙල්ලෙක් ආවොත් පිරිමි ඒ අයගේ ළඟ ඉන්නෙවත් නෑනෙ.
ඉතිං මේ ඔක්කොටම විසඳුමක් විදිහට පුරාණ සිංහල කෙමක් මම හොයාගත්තා. 'පුස්ස පම්බාලංකාරය' කියන පැරණි පුස්කොළ පොතේ තමයි මේ බව සඳහන් වෙන්නේ.
මුළින්ම ඔබේ වර්ථමාන පස්සේ පරිමාව මැනගන්න ඕනේ.මේ සඳහා තරල විස්ථාපන ක්‍රමය තමයි පාවිච්චි කරන්ඩ ඕනෙ.ඔය පහළ රූපයේ තියෙන විදිහට එක විශාල හිස් භාජනයක් ගන්න (හරස්කඩ වර්ගඵලය වැඩි විය යුතුය.).ඊට පස්සේ ඒක ඇතුලෙන් තවත් භාජනයක් තියලා ඇතුලෙන් තියපු භාජනයේ කට ළඟටම වතුර පුරවන්න.ඕනෑම දියර වර්ගයක් යොදා ගත හැකි නමුත් ජලය වඩා යෝග්‍ය වේ.මෙහිදී යටින් ඇති අනෙක් භාජයට වතුර පිරීම වැළැක්විය යුතුය.
ඉන්පසු ඇතුලේ ඇති භාජනය නොසෙල්වෙන සේ අල්ලාගන්න ඔබේ සහකරුට පවසා ප්‍රවේසමෙන් වතුර කැලැත්තෙන්නේ නැතිවන සේ ක්‍රමයෙන් ඔබේ පස්ස වතුර භාජනයේ ගිල්වන්න.මෙහිදී ඔබගේ සහකරුට ඔබගේ පස්ස නිසිපරිදි වතුරේ ගිල්වෙන බව බලන්නැයි පැවසිය යුතුය.පස්ස පමණක් වතුරේ ගිල්විය යුතු අතර පිට හෝ කකුල් වතුරේ ගිලුනොත් ගණනය කිරීමේ දෝශ ඇතිවේ.තවද පස්ස වැඩිපුර ගිළුනහොත් පරීක්ෂණය නැවත සිදුකළ යුතු අතර පස්ස නැවත ඉස්සීමෙන් පළක් නොවේ.
ඉන්පසු ඔබ ප්‍රවේසමෙන් භාජනයෙන් ඉවතට පස්ස ගත යුතුය,මෙහිදීද වතුර කැළැත්තීමක් සිදු නොවන සේ ප්‍රවේසමෙන් හා ඉවසීමෙන් කටයුතු කළ යුතුය.දැන් පිටත භාජනයට එකතු වී ඇති ජල පරිමාව ලීටර්වලින් මැන ගන්න.ඉන්පසු සුළු ගණනය කිරීමක් අවශ්‍ය වේ.
ජලය පරිමාව X ඔබේ බර /( ඔබේ උස X ඔබේ උස ) + ඔබ වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන පරිමාව (ලීටර්වලින් )
මෙම සූත්‍රය මගින් ඔබට යම් අගයක් ලැබේවි.එම අගයට සමාන බරක් මයික්‍රෝ ග්රෑම්වලින් 'යීස්ට්' කිරාගෙන නින්දට පෙර පස්ස මැද බෙදුමට දමන්න.පසුවදා උදේට ඔබ පැතූ ප්‍රමාණයටම පස්ස පිපී ඇති බව ඔබට දැකගන්න ලැබේවි.
8 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:
ආකිමිඩිස් නියමයෙන් පස්සේ තරම බලා ගන්න හැටිද බොල.. එතකොට අර පස්සෙ හිලෙන් ඇතුලට වතුර යන්නෙ නැද්ද?
හ්ම්ම්ම්...
එන්න කියලා දවසක මැනලා බලන්න ඕනා එයාගෙත්..
හික් හික් මමත් කෙල්ලට කියන්න ඕනි ඔක කොරන්න කියල..
//කාන්තා පස්ස කියන්නේ දෘෂ්ඨිමය ලිංගික උත්තේජනයක් සපයන අවයවයක්//
සහතික ඇත්ත. කොයි කවුරුත් ඉතින් හොරෙන් හොරෙන් ඕක දිහා බලනවනේ.
මේ පුස්කොල පොතත් රාවණා යුගයටම අයිති එකක් වෙන්න ඇති මයේ හිතේ. ඕකේ අතුරු ප්‍රතිඵල ගැනත් පොඩි විග්‍රහයක් කළා නම් හොදයි නේද? නැත්තම් ඒකටත් අර මි ජයා මහත්තයාව හොයාගෙන යන්න වෙනවා ....
:D ඔය පරික්ශනේ කරලා බලන්නම වටිනවා ගෑනු කෙනෙක්ට
@sAm (සෑම්)
අපේ ගෑනුංගේ එහෙම වතුර යන්ඩ තරං ඕක පාවිච්චි වෙන්නෑ නෙව.කන්නෙත් 2500කනේ මාසෙකටම.
@තරියා අබේ
අන්න උනන්දුව ඇති මහත්තුරු
@යොමාල් බමුනුගේ
ඇයි මලේ දැං තියෙන්නේ තුනී ලෑලි සංස්ථාවේ එකක්ය?
@Anonymous
හොරෙං බලනවා.තට්ටු දානවා.හේත්තු වෙනවා.ඒ අයත් එච්චර අකමැත්තක් නෑ නෙව.
@රෙප් මහත්තයා
ඔව් ඔව් ඒ කාලෙ එකක් තමයි.වැරදිලා ඩෝස් එක වැඩි උනොත් ඔන්න නොසිතූ විරූ ලෙස පස්ස ලොකු වී 'යෝධ පස්සතාව' කියන තත්ත්වය ඇතිවෙනවා.එතකොට ඉතිං කෙමේ පවර් එක නැති වෙනකං සති කීපයක් විතර එදිනෙදා කටයුතුවලට යම් යම් ත්‍රිමාණ අවහිරතා එන්න පුළුවං.
@මඩිස්සලේ නිශාන්
ඒකනේන්නං මේක පාසල් මට්ටමෙන් රුබෙල්ලා ගැහුවට පස්සේ ඒත් එක්කම කරගන්ඩ වැඩ පිළිවෙලක් සකස් කරගන්ඩ තිබ්බනං හොඳයි.
අවුලක් නැහැ මගේ කෙල්ලගේ පස්ස ගානට තියනවා ඒකිගේ යාලුවගේනන් නැහැ .. කියල බලන්න ඕනි ...
Post a Comment