රෝස වලකුළ...මගේ ආදරණීය බ්ලොග් එක.....කාලෙකින් මම ආවා ඔයාව බලලා යන්න...ජීවිතේම පැටලුණු අවුල් ගොඩක් වෙලා..මගේ හිතට නිදහස කියන දේ හරිම අඩුවෙලා ගිහින්... ඒ නිසා බ්ලොග් ලියන එක එහෙම්ම දැන් නැවතිලා වගේ ....ඔයාගේ දිහා මම ටික වෙලාවක් බලා උන්නෙ ඇත්තටම දුකින්..මග අරිනවා නෙවෙයි...ඔයා ඇතුළෙ මම දැන් හිර වෙලා... මට නිදහස් වෙන්න ඕනේ...
ජීවිතේ කියන්නෙ වලාකුළක් කියලා කාලයක් හිතාගෙන හිටිය නේද කියලා දැන් උඹ මගෙන් අහයි...ඔව් රෝස වලාකුළු දැන් වතුරෙන් බරයි... මට දැන් ඊට වඩා සැහැල්ලු වෙන්න ඕනේ....අද මට හිතන්න ඕනේ ජීවිතේ පිහාටුවක් කියලා...
මේ බ්ලොග් ලිපිය වුණත් ඔයාගෙ මුහුණ උඩින් ලෝකයට පෙන්වන්නෙ නැහැ මම.. ඒ කියන්නෙ ඔයාව අමතක කරනවා කියන එක නෙවෙයි...ඒත් ඔයා දැන් මගේ පුද්ගලිකත්වය හුඟාක් ඈත ගෙනෙහින්..
මට ඔයා තුළ ලියන්න පුලුවන් උපරිමයක් තියෙනවා....පවුලෙ අය..අදුරන අය ඔක්කොම මාව කියවන්නෙ උඹ තුළින්..ඒ නිසාම මාව නොකියවෙන විදිහට පත් ඉරු ලියන්න මට සිද්ද වෙලා.. උඹෙන් මිදෙන්න..
මම දැන් පුංචි පෙම්වතියක් වගත් මේ එක්කම කියන්නම් ඔයාට.කාටවත් කියන්න එපා..
නුඹ රැජිනකි මට සැමදා
-
නැගිටිනවා ළමයෝ......
මොකද අක්කා...
වෙලාව බලනවා කියාද කියලා....
කියද වෙලාව...
7.45යි...
මොකක්....
අක්කා මම කිවා නේද අද මට ඉන්ටවිව් එකක් තියනවා කලින් ඇ...
4 years ago
2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:
"මම දැන් පුංචි පෙම්වතියක්" මගෙන් සුභ පෑතුම් අක්කියෝ
ආහා.....සුභ පැතුම් අපෙනුත්......කේක්?????
Post a Comment