ඩෙංගු

Wednesday, December 7, 2011



ඩෙංගු ආයෙත් රටේ පැතිරෙන්න පටන් අරන් නිසා ඒ වෙනුවෙන් සමීක්ෂණයක් කරන්න රජයේ හිතවතෙක් විදිහට මට ටෙන්ඩර් පටිපාටියට පිටින් කොන්ත්‍රාත්තුවක් ලැබුණා.රජතුමා කතා කළාම කටක් ඇරලා බෑ කියන්න බැරි හින්දාත්, බෑ කියලා ගෙදර ගිහිං මෑණියන්ගේ කන්දොස්කිරියාවට කන් දීගෙන ඉන්න බැරි නිසාත් මම ඔන්න ඔහේ හා කියලා වැඩේ බාර ගත්තා.

මගේ නොරිකෝ

Monday, December 5, 2011

නිවැරදිව ටොරන්ට් එකක් බාගන්න හැටි

Saturday, November 26, 2011
ඔන්න ගොඩකාලෙකට පස්සේ සිතුවිලි පවුරට ලිපියක් ලියනවා. ගොඩදෙනෙක් දන්නවා ඇතිනේ ටොරන්ට් ගැන. ඒ අතර නොදන්න අයත් ඇති. මේ ඒ අය වෙනුවෙන් මගේ බ්ලොග් අඩවියේ පලවෙච්ච ලිපියක්. වැදගත් වෙයි කියලා හිතිච්ච නිසා සිතුවිලි පවුරෙත් මේ ගැන කුරුටු ගාන්න හිතුනා. නොදන්න අය බලන්නකෝ.
                                                 ටොරන්ට් එකක් කියන්නේ කුඩා ගොනුවක්. මේ ගොනුවේ සඳහන් වෙන්නේ කොහෙන්ද අදාල ෆයිල් එක බාගත යුත්තේ වැනි කුඩා තොරතුරු ප්‍රමාණයක් පමණයි. ටොරන්ට් ෆයිල් එකේ ඇත්තේ pc to pc ක්‍රමය. එහෙමත් නැත්නම් පරිගණකයකින් තවත් පරිගණකයකට ෆයිල් හුවමාරු කරන ක්‍රමය. චිත්‍රපටි , පරිගණක ක්‍රීඩා වැනි ප්‍රමාණයෙන් විශාල ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න ලේසිම ක්‍රමය තමා ටොරන්ට් මගින් බාගැනීම. මොකද ටොරන්ට් හරහා ඉතා අඩු වේගයක් සහිත ඉන්ටනෙට් කනෙක්ෂන් එකකින් උනත් ගොඩක් ලොකු ෆයිල්ස් ඉතා ඉක්මණින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් නිසා.
                                              මුලින්ම අපි බලමු කොහොමද ටොරන්ට් එකක් බාගන්නේ කියලා. මුලින්ම අපිට ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා. මමනම් නිර්දේශ කරන්නේ. BitTorrent විතරයි. මොකද ඒකේ කරදර ගොඩක් අඩුයි. ඔන්න ඕක මෙතන ඔබලා ඩවුන්ලෝඩ් කරගන්නකෝ. ඊටපස්සේ ඒක ඉන්ස්ටෝල් කරගන්න.
                                                    ඔන්න එහෙනම් ටොරන්ට් බාගන්න කරන්න තියන මූලික කොටස ඉවරයි. දැන් අපි බලමු කොහොමද ටොරන්ට් ෆයිල් එකක් බාගන්නේ කියලා.
                                                   මුලින්ම අපි ටොරන්ට් තියන අඩවියකට යන්න ඕනේ. මම මීට කලින් හොඳම ටොරන්ට් සහිත අඩවි ගැන විස්තරයක් දුන්නනේ. මෙන්න මෙතන ඔබලා ඒ පෝස්ට් එකට යන්නකෝ. දැන් ඕකේ තියන අඩවි වලින් කැමති අඩවියකට යන්න. දැන් තමන් කැමති ටොරන්ට් එකක් තෝරගෙන බාගන්න තමා තියෙන්නේ.
                                                   හැබැයි ඩවුන්ලෝඩ් කරන්න කලින් බලන්න ඒ ටොරන්ට් එකේ හොඳට සීඩර්ස්ලා ඉන්නවද කියලා. ටොරන්ට් එකට ඉස්සරහා SE හා LE කියලා කොටස් දෙකක් ඇති. මෙතන්න SE කියන්නේ සීඩර්ස්ලා. එහෙමත් ටොරන්ට් එක බාලා ඉවරවෙලා ඒක අප්ලෝඩ් කරන කස්ටිය. LE කියන්නේ ටොරන්ට් එක බාන කස්ටිය.
                                                   ඕං ඒකත් ඉවරයි. මම කියපු දේවල් වල මොකක් හරි නොතේරෙන තැනක් තියනව නම් ඔය පහල වීඩියෝ එක බලලා තේරුම් ගන්නකෝ.

අඹ ගෙඩිය

Friday, November 25, 2011

නෙලා ගන්නට මා සිතා .............සිටි
ලේන සියොතුන් ඉඳුල් කළ ...සැටි
ගසේ බඩගා නෙලා ගත් ..........සැටි
සත්තු කාලැ’යි වීසි කළ ...........සැටි

ඒත් නිතරම මතක් වුණු ...........හැටි
තවත් අඹ ඇති කියා සිතු .....හැටි
විටෙක උනනා මුත් කඳුළු ....කැටි
මවමි පිවිතුරු අඹය හරි .......හැටි

ආයෝජනය කරන්න කලින් හිතන්න යමක්

පහුගිය ලිපිය සමහර අයට හරියට තේරිලා නැහැ වගේ. එකේදී මම උත්සාහ කලේ මුල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය කරන හැටි කියන්න කලින් ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියන එක ගැන මුලික දැනීමක් ලබා දෙන්න. ඒ ගැන තවත් සරලව ලියපු පොස්ට් එකක් ලගදීම දාන්න බලාපොරොත්තු වෙනවා.
මේ පොස්ට් එක දාන්න හිතුවේ අලුත් පාඩමක් කරන්න නම් නෙවෙයි. මට මේ ආයෝජනය කිරීම ගැන කියන බ්ලොග් එක කරගන යනකොට දැනුන දෙයක් ලියන්න.
 ගොඩාක් දෙනා හිතාගන ඉන්නේ කොටස් වෙලදපොලේ ගනුදෙනු කරනවා කියන්නේ අමුතුම දෙයක් කියලා. ඒ සිතුවිල්ල නිසාම මෙතැනදී ගොඩාක් අය පාඩු කර ගන්නවා. උදාහරණයක් විදියට මෙහෙම හිතමු.

වෙලදපොලේ හාල් කිලෝ එකක් රු 60 ක් නම් අපේ ව්‍යාපාරය හාල් විකිණීම නම්
අපිට වෙලදපොලේ රු 60 ට හාල් විකුනලා ලාබයක් ලබාගැනීමට උවමනාවකුත් තියෙනවා නම්
අපි වෙළදපොලෙන් හාල් මිලට ගන්න ඕන රු 60 කට වඩා අඩු මුදලකට කියලා ඕන කෙනෙක් දන්නවා.
අපිට රු 55 ට හාල් මිලට ගන්න පුළුවන් උනොත් කිලෝ එක 60 ගානේ විකුනලා එක කිලෝ එකකින් රු 5 ක ලාබයක් ලබා ගන්න පුළුවන්.

අපි කොටස් වෙළද පොළ ගැන හිතන්න ඕනත් ඔය අනිත් බිස්නස්  විදියටම තමයි. කොටස් අඩු මිලකට ගනුදෙනු වෙනකොට මිලට අරගන මිල වැඩි වෙන කොට විකිණීමයි සිද්ද වෙන්න ඕන. එත් අපේ අය කරන්නේ ඉතිහාසයේ වැඩිම මිලකට කොටස් අලවි වෙන වෙලාවක් බලලා මේක මාර විදියට නගිනවා කියලා කොටස් මිලට අරන් බලාගන ඉන්නවා. එත් එයා කොටස් ගත්ත දවසේ ඉදන් සිද්ද වෙන්නේ කොටසේ මිල පහල යන එක. ඊට පස්සේ කොටස් වෙලදපලටයි බ්‍රෝකර් මහත්තුරුන්ටයි බැන බැන ඉන්නවා. එක නිසා කොටස් වෙළදපොල ගැන උනන්දු වෙන හැමෝම අතේ තියෙන කොටස් වල මිල ඉහල යනකොට ඒවා විකුනන්නත් පහල යන කොට විකුනන්නත් ඕන කියන දේ ගැන ආයෙත් හිතුවොත් හොදයි

කියවීම

Tuesday, November 22, 2011
සැප්තැම්බර් කියන්නේ සාහිත්‍ය මාසේ, අපි ගොඩ දෙනෙක් පොත් මිලදී ගනන් පොත් ප්‍රදර්ශනය තියෙන්නෙත් ඒ මාසෙ. ඊට පස්සේ ඔක්තොම්බර් කියන්නේ කියවීමේ මාසය. මන් හිතන්නේ සැප්තැම්බර් ගත්ත පොත් ටික කියවන්න තියෙන මාසේ. දැන් නොවැම්බර් වෙලා ඒත් මන් සැප්තැම්බර් ගත්ත පොත් වලි තාම බොහෝම ටිකයි කියවලා ඉවර කලේ කලින් අවුරුදු වල ගත්ත පොත් හිටන් තියෙනවා කියවලා නැති.

මන් පොත් කියවනවා ඒත් මන් දන්නේ නැහැ මන් කියවන විදිහ හරිද කියලා. ඒ කියන්නේ පොතක් අරගෙන කියවද්දි මතුපිටින් කියවෙන කතාව හැර දෙයක් මගේ ඔළුවට යන්නේ කලාතුරකින්. සමහර පොත් ගැන අනික් පොත් කියවන අය කියවන දේවල් බැලුවම එහෙම දේවල් ඒ පොතේ තිබුනද කියලවත් මන් දන්නේ නැහැ.

කම්මැලි පොතක් ඇරුනම අනික් පොත් ආසවෙන් කියෙව්වත් ඒ පොත්වල මතුපිටින් කියැවෙන කතාව හැර ලේඛකයා විසින් ඊට වඩා ගැඹුරු පණිවිඩයක් දීලා තියෙනවනම් ඒ ඒගේ දේවල් මට ග්‍රහණය වෙන්නේ නැහැ. ඒ විදිහට පොත් කියවන එකේ තේරුමක් තියෙනවද කියලා මන් දන්නේ නැහැ. 

අපේ පොත් ගැන විචාර කියවන්න ලැබෙන්නේ කලාතුරකින් ඒ විචාරත් ගොඩක් වෙලාවට හිතවත්කම් මත ලියැවෙන ඒවා කියලා ගොඩ දෙනෙක් කියන්නේ ඒක නිසා මැදහත්ව පොතක් ගැන ලියපු විචාරයක් අපිට බලන්න ලැබෙන අවස්තා නම් නැති තරම්. එහෙම උනාම මන් වගේ පොත් කියවන අයට හොඳ පොතක් අඳුනා ගන්න, පොතක මතුපිටින් කියැවෙන කතාවට වඩා ගැඹුරින් කියැවෙන දේ ගැන දැනගනන් තියෙන අවස්තා නම් ඇත්තේම නැති තරම්.

මේක ලිව්වේ මන් දනන්වා මන් පොත් කියවන විදිහ මීට වඩා හරි විදහට කරන්න ඕනේ කියලා ඒත් ඒක කරගන්න අවස්තාවක් අපිට නැති නිසා. සමහර විට ඒ වගේ තේරුමක් ඇතුව පොත් කියවනව නම් මීට වඩා පොත් වල තියෙන දේවල් රසවිඳින්න ලැබෙයි කියලා මන් හිතන්නේ.


ඔක්කොම ටික දුන්නද ?

Sunday, November 20, 2011


දවසක් පිරිමි ළමයෙකුයි, ගෑණු ළමයෙකුයි සෙල්ලං කර කර හිටියලු. පිරිමි ළමය ගාව ලස්සන ජිල්බෝල ටිකක් තිබුනලු. ගෑණු ළමය ගාව ටොෆී වගයක් තිබුනලු.
දෙන්න කතා වුනාලු තමුන් ගාව තියෙන ටොෆී සහ ජිල්බෝල මාරු කර ගන්න. ගෑණු ළමය එයා ගාව තිබුන ඔක්කොම ටොෆී ටික පිරිමි ළමයට දුන්නලු. කොලුව තමුන් ලඟ තිබ්බ ලස්සනම ජිල්බෝලෙ හොරෙන්ම හංගගෙන අනික් ඒව ටික ගෑණු ළමයට දුන්නලු.

තමුන්ට ටොෆී ලැබුනත් හොඳම ටොෆිය නොලැබෙන්න ඇති කියල හිත හිත හිටපු නිසා පිරිමි ළමයට එදා රෑ නින්ද ගියෙ නෑලු. එදා රෑ ගෑණු ළමයට හොඳට නින්ද ගියාලු.



පරිවර්තනයට උපුටාගැනීම මෙතනින්
http://sinhala-catholic.blogspot.com/2011/10/blog-post_24.html

" වියමන " සගරාමය පුවත්පත

Friday, November 18, 2011

අපි කැමතියි ඔබේ වචන වලටත් ඉඩක් දෙන්න . ඔබ කළයුතුවන්නේ ඔබේ අතින් නිමැවෙන කෙටිකතා , නවකතා , කලාබර ලිපි , කාලීන ලිපි , අධ්‍යාපනික ලිපි ආදිය අපවෙත ඊ-මේල් මාර්ගයෙන් ලබාදීමයි . අපේ ඊ-මේල් ලිපිනය viyamana.art@gmail.com

කණ්ණාඩිය

Tuesday, November 15, 2011


මේක කවියක්නං නෙමෙයි.මේක මට හිතිච්ච හිතුවිල්ලක්.මට මේ වගේ ඉලව් හිතෙනවා.පස්සෙ දිගටම ඒක ගැන හිතලා හිතලා ඔලුව විකාර වෙනවා.නිකමට මේක මම කියනවට තනියම ඉන්න ගමං හිතලා බලන්ඩ වෙන්ඩ පුලුවන් නේද කියලා.

මම මම ද?
එතකොට
කවුද කණ්ණාඩිය ඇතුලෙ ඉන්නෙ?
ඌ ඇත්ත එකා
මම ප්‍රතිබිම්බය
බැරිද එහෙම වෙන්න?
කොච්චර ට්‍රයි කළත්
බෑ මට කණ්ණාඩිය ඇතුලට යන්න
ඇතුලෙ එකා ඇවිත්
හැප්පෙනවා
මගෙ ඇඟේ

සුපර් මාරියෝ සහ S7 ටැබ් එක - ගන්න ඉන්න අයටයි නොගන්න ඉන්න අයටයි.

Friday, November 11, 2011
මේ පෝස්ට් එක මාස 3ක විතර ඉදන් දාන්න හිටපු එකක්. දැන්නම් ටිකක් ප්‍රමාදයි කියලත් හිතෙනවා. කෝකටත් කියල ඔන්න එහෙනම් ටැබ් එකේ විස්තරේ..

 
 මුලු එකම කියවන්න කැමති අය එන්නකො මෙන්න මේ පාරෙන්...

පි‍ටු පෙරලපු ගාන