බෝම්බයක් කර හදියක්..

Friday, September 2, 2011

මම මේ කියන්නේ 2008 අවුරුද්දේ එක සඳුදා දවසක් ගැන. එදා මම උදේ 5.30 නුවර ඉදල එන ඔෆිස් කෝච්චියේ කොළඹ එනවා වැඩට යන්න. ඔන්න ඉතින් එදත් මම සුපුරුදු පෙට්ටියේ මගේ සුපුරුදු ආසනේට ගියා. අපේ පෙට්ටියේ හිටිය තැපැල් දෙපාර්තමේන්තුවේ ලොකු තනතුරක් දරන අය්ය කෙනෙක්. අපි මෙයාට ජගත් කියමුකෝ. මෙයා ටිකක් සද්දේ දාගන ඇහැ ගහගන ඉන්න කෙනෙක් වටපිටාවට. ඔය නුපුරුදු අය නුපුරුදු මලු එහෙම දැක්කම ටිකක් සද්දේ උස් කරලා අපේ කොම්පාර්ට්මන්ට් එකෙන් අහන්න මේ අය්ය පසුබට වෙන්නේ නෑ. කොහොමත් කෝච්චියේ යද්දී කට්ටිය ටික දවසකින් අඳුරගන්න හින්ද ඒක එච්චර දෙයක් නෙවෙයි.

ඉතින් ඔය කියන දවසේ සඳුදා කෝච්චිය රඹුක්කන පහු කරලා ටිකක් දුර ගියා විතරයි ඔන්න මහා සද්දයක් අවා කාගෙද මේ බෑග් එක.. කෝ අයිතිකාරයා ඉන්නවද?.. කියල ජගත් අය්යාගෙන්. ඔන්න එකපාරම සෙනග අස්සෙන් මීයෙක් වගේ පොරක් කෑගහන්න ගත්ත මගේ මගේ කියල.. හා හා හරි හරි කියල ජගත් අය්ය පොරව නෝට් කරගත්ත. ඔන්න ඉතින් දැන් කෝච්චිය වේයන්ගොඩ එහෙම පහු කරගෙන යනවා.. දෙපැත්තේ තියෙන්නේ වෙල් යායවල් ගුරු පාරවල් එහෙම. ඔය අස්සේ ජගත් අය්ය හොයනවා අර මල්ලේ අය්තිකාරයව. "කෝ දැන් මේ මල්ල ගේනවා මනුස්සයා?".. "ඉන්නවනම් පොඩ්ඩක් කියන්න." "දන්නවනේ අද රට?"... " කෝ දැන්?".." සිරිල් මල්ලි ඔයපැත්තේ ඉන්නවද බලන්න මේ මනුස්සයා?" "සුරංග. කොහේද බන් මේ යකා ගියේ?" ජගත් අය්ය දැන් මේ මනුස්සයව හොයන්නේ හරියට මු වැටිච්ච ඉදිකට්ටක් කියල හිතාගෙන වගේ. සාක්කු වල විතරයි බලන්නේ නැත්තේ. 

කොහොමින් හරි විනාඩි 10 විතර ඔය ජවනිකාව යනවා. දැන් මේක ගෙනාව මනුස්සයා නෑ. රිදී පාට බ්‍රීෆ් කේස් එකක් මේක. කට්ටිය දැන් බයවෙලා මේක බෝම්බයක්ද දන්නේ නෑ. මොකද කොටි එන්නේ ලේබල් ගහගෙන යෑ කියා කියා වැඩේ නියමෙට බවලත් අය අතර නැඟල යනවා. පිරිමි සෙට් එකම අරුට දෙකක් දෙන හැටියි බෑග් එක විසි කරන හැටියි කතා වෙනවා. අපේ ජගත් අය්යට ඔය අස්සේ අම්බ මල. "මේ පරය අපිව වල කජ්ජ ගස්සන්න මෙතන මේ මගුලක් ගෙනත්" කියල පොර මෙන්න එකපාරම බ්‍රීෆ් කේස් එක ජනෙලෙකින් එලියට විසි කරා.  හරි දැන් බඩුම තම කට්ටිය කතා නෑ සද්ද වහල කටවල් අරන් ජගත් අය්ය දිහා බලාගෙන ඉන්නවා. හරියට පොර මේ දැන් පුපුරන්න හදන බෝම්බයක් දතින් අල්ලලා විසිකරා වගේ.

ඔය මගුල් ඔක්කොම අස්සේ කෝච්චිය ඇවිත් ගම්පහ හරියෙන් නවත්තව්වා. මෙන්න අර මීය වගේ එකා කොහෙන්ද ඇවිත් අහනවා "මගේ බෑග් එක කෝ?".. "කෝ මෙතන තිබ්බ සිල්ව බ්‍රීෆ් කේස් එක?" කියකියා. කට්ටිය මුනෙන් මුණ බලාගන්නවා මිසක් උත්තර නෑ. ඔන්න ජගත් අය්ය නැගිට්ට.. "දන්නේ නැද්ද කාලේ හැටි?..කොහේද ඔලුවක් නැති වැඩ කරනවා. තැන් තැන් වල බෑග් දාල යන කාලයක්ද මේ? මේ තමුන්නාන්සේ ඔය මල්ල යනතැනක අරන්ගියනම් නේද හොඳ ? කව්ද දන්නේ ඕක මොකද්ද කියල? 
මී පුරවැසියා : මොකද්ද කියන්නේ? ඒක මගේ ඔෆිස් බෑග් එක. දැන් කොහේද මෙතන තිබ්බ ඒක?
ජගත් අය්ය: කොහේද කාටවත් නොකිය ගියේ? මම ඒක විසි කරා මොකද අහල අහල එකෙක්වත් එන්නේ නැතුවම කව්ද දන්නේ ඔහේ කොටියෙක්ද මේක බෝම්බයක්ද කියල? අපිට කියන්නේ ඔහේලවගේ මිනිස්සු මලු දාල ගියාම ඒවා පරිස්සම් කරගෙන ඉන්න කියලද ඒවා බෝම්බ උනත්?
මී පුරවැසියා : විසිකරා? තමුසේ මොන හයියකටද ඕක විසිකරේ? පිස්සු හරකෙක්. මගේ ඔක්කොම ඔෆිස් ඩොකියුමන්ට් ඒක ඇතුලේ. අනික මගේ ලැප්ටොප් ඒක?? බූරුව.. 
ජගත් අය්යට උපරිම මල දැන්.. බූරුව? මමද ඕයි බූරුව? පිස්සෙක් වගේ තැන්තැන්වල බෑග් දාල යනවා මදිවට කියවන්නත් එනවා. ඕක තමුසේ කොටියෙක් වෙලා මේක බෝම්බයක් උනා නම්? මොකද එතකොට කියන්නේ? මහත්තය ඕකේ ඔච්චර වටින දේවල් තිබ්බනම් ඔහේ දැනගන්න ඕනේ නේද ඕක පරිස්සමට තියාගන්න?
මී පුරවැසියා : කෙහෙම්මලක් කියවනවා. මම වතුර එකක් ගන්න කලින් ස්ටේෂමෙන් බැස්සම කෝච්චිය අද්දන්න ගත්ත. පස්සේ පෙට්ටියක යන්තම් එල්ලිලා එන්න හදනකොට මැද දොරක් වහල. එන්න බැරුව මම දැන් මේ එනගමන්. අපිත් මේ ආසාවට යනවා නෙවෙයි. මනුස්සයෙක්ට හදිස්සියක් උනාමවත් බලන්න දන්නේ නෑ.
ඔය කතාව අහගෙන හිටිය අපේ සෙට් එකට හොදට තදවෙලා අපේ උන්ටික අර මිනිහව කන්න පටන්ගත්තේ බවලත් සෙට් එකේ පුර්ණ අනුග්‍රහය යටතේ. පිස්සෙක් වගේ බෑග් තැන්තැන් වල තියල එනව මෙතන නීති කතා කරන්න. එක්ක එනවා තමුසෙගෙ ලෝයර්. අපිත් හොද ලොයර්ල තමයි හරිද? වගේ කතා කියකියා..

අන්තිමේ කොහොමහරි අර මනුස්සයා ඉස්සරහ ස්ටේෂන් එකෙන් බැහැල ගියා බෑග් එක හොයන්න. අපි ගියා වැඩට. හැබැයි එදත් එදයි ආයේ නෙවෙයි මම අර මීයා වගේ මනුස්සයා දැක්කේ කෝච්චියේ. දෙපැත්තම සාධාරණයි. නමුත් මට හිතෙන්නෙම අපේ ජගත් අය්ය හරි කියල. මොකද කව්ද දන්නේ එක බෝම්බයක් උනා නම්?

පිනාගේ කුප්පිය 04 කොටස

01 ,02, 03,  කොටස් බලන්න 
පොස්ට් එකක් දාන්න ටිකක් පරක්කු උනා මේක මම දාන්න හිතාගන හිටපු පොස්ට් එක නෙවෙයි. එත් කොටස් වෙළදපලට යන්න කලින් මේ ටිකත් කියන්න හිතුනා. වැඩි වල්පල් මොකටද? බහිමු කෙලින්ම වැඩේට.
ඇත්තටම අපි ආයෝජනය කරන්නේ මොකටද? සල්ලි වැඩි කමටද? නෑ. අපි එකිනෙකාට විවිද අරමුණු තියනවා. ඒ අරමුණු ඉෂ්ට කරගන්න නම් අපි ඒ වෙනුවෙන් යම්කිසි සම්පත් කැප කිරීමක් කරන්න ඕනේ. ඒ සම්පත් අරමුණු ලගා කර ගැනීමට යෙදවීමේදී ඇතිවන ප්‍රශ්න අවම වන ආකාරයට යොදවා ගන්නත් අපට පුළුවන් වෙන්න ඕනේ. යම් සැලසුමක් අවශ්‍ය වෙන්නේ ඒකට. විවිද වයස් මට්ටම්, සමාජ ස්ථර, අධ්‍යාපන තත්වය වගේ විවිධ සාදක අනුව අපි එකිනෙකාට තියන අරමුණු වෙනස්. ඒ ඒ අරමුණු අනුව විවිදාකාර අරමුණු ඉටු කරගන්න අපි අපේ සැලසුම් සකස් කරගන්න ඕනේ.
උදා හරණයක් විදියට අපි බලමු වයස් මට්ටම් අනුව පුද්ගලයෙකුගේ අරමුණු වෙනස් වෙන්නේ කොහොමද කියලා
පොඩි කාලේදී ළමයකුට උවමනා වෙන්නේ හොද කෑම ජාතියක් , සෙල්ලම් බඩු වගේ බොහොම සරල දේවල්. අම්ම තාත්තා ලග අඩලා හැපිලා හරි තමන්ට අවශ්‍ය දේ ලබාගන්න පොඩි එකා දන්නවා. ඊට පස්සේ ඉස්කෝලේ යනකොට තවත් විවිද අරමුණු, ඊටත් පස්සේ හොද රස්සාවක්, විවාහයක්, ගෙවල් දොරවල්, දරුමල්ලෝ , තව ටිකක් වයසට යනකොට දරුවන්ගේ අනාගතයට අවශ්‍ය දේ වගේ 
ඉතින් මේ කිසි දෙයක් නිකම්ම කරන්න බැ. තමන්ට අවශ්‍ය දේවල් ලබාගන්න යම්කිසි වැය කිරීමක් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඉතින් අපි රස්සාවක් හරි ව්‍යාපාරයක් කරලා හරි  හොයාගන්න සල්ලි ඔක්කොම ටික වියදම් කරලා විනාස කරලා දානවද නැත්තම් එයින් ටිකක් අනාගතය වෙනුවෙන් සුරැකුමක් විදියට තියාගන්නවද කියන එකත් අපි කල්පනා කරන්න ඕනේ. අපි ආයෝජනය කරනවානම් කරන්න ඕනේ තමන්ගේ ආදායමින් මාසේ වියදම් අයින් කරලා තව හදිසියකට ගන්නත් කොටසක් තියාගන අනාගතය වෙනුවෙන් ඉතුරු කරන්න හිතාගන ඉන්න කොටස. අපේ අය කරන්නේ  එදිනෙදා ප්‍රයෝජනයට ගන්න තියාගන හිටපු සල්ලි ආයෝජනය කරලා  වියදම් කරන්න ඕන උනාම එක පාරටම හදිසියේ  ඒවා සල්ලි කරන්න ගිහින් ආයෝජනයෙන් පාඩු කරගන්න එක. ඊට පස්සේ කොටස් වෙලදපලටයි අනිත් ආයෝජන ක්‍රම වලටයි බනින එක.
ආයෝජනය කියන්නේ අවදානමත් එක්ක තදින්ම බැදිලා තියන දෙයක්. නිතරම අඩු අවදානම් ආයෝජනයකට වඩා වැඩි ප්‍රතිලාබයක් වැඩි අවදානම් ආයෝජනයකින් ආයෝජකයන් අපේක්ෂා කරනවා. අපි ආයෝජනය කරන සල්ලි විවිදාකාර ආයෝජන මාර්ග වල ආයෝජනය කිරීමෙන් අපිට ආයෝජනය සදහා තියන අවදානම කළමනාකරණය කරගන්න පුළුවන් කම තියෙනවා. උදාහරණයක් විදියට අපේ ලග තියන රු 100,000/= ක මුදල අපිට මේ විදියට යොදවන්න පුළුවන්
කොටස් වෙළද පොලේ      30000/=
ඒකකභාර වල                    20000/=
රජයේ සුරැකුම්පත්වල        20000/=
රත්තරන් බඩු වල               30000/=
සම්පුර්ණයෙන්ම එකම ආයෝජන මාර්ගයක ආයෝජනය කරනවාට වඩා හොද ආරක්ෂාවක් අපට මෙයින් ලැබෙනවා. ඕනනම් කොටස් වෙලදපොලේ තියන මුදලත් විවිද ක්ෂේස්ත්‍ර වල යොදවන්න පුළුවන් එතකොට අපි ආයෝජනය කරපු සමාගමක් බංකොලොත් වෙලා වහලම දාන්න සිද්ද උනත් අපිට දරන්න වෙන පාඩුව ඉතාමත් අවමයි.
උදා බැංකු - 10000/= හෝටල් -10000/=  රෝහල් 10000/= වගේ 
එහෙම සල්ලි යොදවන්න කලින් හිතන්න ඕන කරුණු ගැන මම පලවෙනි පාඩමේදී  කිව්වා මතකනේ එහෙමනම් අපි ඊළගට කොටස් වෙළදපොලේදී මුණගැහෙමු 

වත සහ හදවත.

Tuesday, August 30, 2011


වත රැඳි වතට 

ගතු කියන නුඹ 
දුටුවේද කෙදිනක හෝ
ඒ වත හැඳි වතෙහි
හදවත...

අපි ?


අපි... කව්ද ?
අපි... මොකටද ආවේ?
අපි... මොනවද කරන්නේ?
අපි... කොහෙටද යන්නේ?
අපි... මොනවද අරන් යන්නේ?
අපි... මොනවද දාලා යන්නේ?

හිතන්න ආයෙමත් අපි ගැන.. අපි කවුද ? තව හිතන්න. මොනවද මේ අපි කරන්නේ? මොනවද තව අපෙන් කෙරෙන්න ඕන? මොනවද අපෙන් වෙලා තියන්නේ ?

"මේක විකාරයක් වෙන්න පුලුවන්.. ඒත් මේ මට අද දවසේ හිතට ආව ප්‍රශ්නයක්... තවම මම උත්තර ගලපනවා"

හැම කොල්ලම , හැම කෙල්ලම මේ ගැනත් හිතුවොත් හොදා...

Monday, August 29, 2011

මේකත් මම මගේ දේවාගේ අඩවියේ මිට කාලෙකට කලින් දාපු කතාවක්. සමහර අයට මේක මග හැරිලා ඇති කියලා හිතුන නිසා දාන්නේ... ඔන්න මේක අඩල්ට්ස් ඔන්ලි එකක් නම් නෙමේ.. හිතන්න දෙයක් තියන පුන්චි කථාවක්

ඉතා රුමත් යුවතියක් මනෝ චිකිත්සකයෙකු වෙත ගියාය...  
යුවතිය දුටු මොහොතේ සිටම ඔහු ඈයට ආකර්ශනය විය...  
ඔහු ප්‍රතිකාර සදහා කාමරයට රෑගෙන ගියේ එම නිසාය..

දෑන් ඔයා මොකටද මාව හොයාගෙන ආවේ.....? ඔහු ඈය ඈද මත වාඩි කරවා ගනිමින් ඈසිය..

"ඩොක්ටර් මම මගේ පෙම්වතාට කාලකන්නි මුසලයා කියලා බෑන්නා......" ඈය දුකින් කිවාය.

"පෙම්වතාට විතරක් නෙමේ තරහ කාරයෙකුටවත් ඒ වගේ වචනයක් නම් කියන්න හොද නෑ....

එත් එහෙම කියන්න මොනව හරි හේතුවක් තියෙන්න එපෑයි මනො චිකිත්සකවරයා කිවේය.

"එයා මාව සිප ගත්තා " ඈය බිම බලාගෙන කිවාය.

"ඒ කියන්නේ මේ විදිහටද.......?" අසමින් ඔහු ඈගේ මුහුන සිප ගත්තේය.

"ඔව් ඒ විදිහට තමා..." ඈය කිවේය..

"ඒ උනාට අර තරම් වචනයක් කියන්න එතන වෑරද්දක් මට පෙන්නේ නෑ" ඔහු කිවේය.

"එයා මාව අත ගාන්න පටන් ගත්තා......" ඈය කිවේය..

"මේ විදිහට ද? චිකිත්සකවරයා ඈයව ස්පර්ෂ කරමින් ඈසිය..

"ඔව් එහෙම තමයි"

"එකත් ඉතින් බනින්න හේතුවක් නෙමේනේ

"එත් ඊට පස්සේ එයා මගේ ඈදුම් ගෑලෙව්වනේ....."

"මේ විදිහටද?....."

අසමින් චිකිත්සකවරයා ඈගේ ඈදුම් ඉවත් කලේය.

"ඔව් ඒ විදිහට තමා..... යුවතිය ලෑජ්ජාවෙන් කිවාය..

"ඉතින් එකත් බණින්න තරම් හේතුවක් නෙමේනේ...."

"එයා මගෙත් එක්ක අඹු සෑමි සබදතාවයක් පෑවත්තුවා....."

"මේ විදිහටද අසමින් මනෝ චිකිත්සකවරයා ඈය සම්ග අඹු සෑමි සබදතාවයක් පැවත්තුවාලු..

"ඔව් එහෙම තමයි......." යුවතිය පිලිතුරු දුන්නාය..

"ඉතින් එකත් බනින්න තරම් හේතුවක් නෙමේනේ......"

"එත් ඊට පස්සේ එයා කියනවා එයාට ඒඩ්ස් හෑදිලා තියනවා කියලා......" ඈය මහත් දුකෙන් කිවාය.

"කාලකන්නි මුසලයා" මනෝ චිකිත්සකවරයා බෙරිහන් දුන්නේය....


කතාව පුන්චි උනාට අපිට හිතන්න දේවල් ගොඩයි... මමත් දෑන් පෑත්තකට වෙලා හිතන්නයි හදන්නේ.... ඔයාලත් හිතන්නකෝ

ෆැකල්ටියේ විරහව....

Sunday, August 28, 2011

රුපියල් දෙකේ
ප්ලේන්ටියෙන්
ඉතුරු වෙනවා
රුපියලක
තාම
ඇවිත් බොන්න
මම ගියාමවත්

හැබැයි
දැනටමත් නිවිලා

ආදරෙයි මා ආදරෙයි

හැමදාම ලගට වී
තුරුළුව සෙනෙහසින්
නොකිව්වට ආදරෙයි මම
මැවෙන හැමවිට
රුසිරු ඔබේ රුව
සිතෙන් කියනෙමි
ආදරෙයි මා ආදරෙයි !!!

අන්ධ ආදරය

Saturday, August 27, 2011

උනා ඇගේ කසී සළු
ලං උනා සීරුවෙන්
දැනුනි මහ සීතලක්
නැගෙයි රාගිනි මතින්

නෙතින් වැයෙනා වෙනෙන්
නැගෙයි තනු දහසකුත්
සිතින් යයි බොහො දුරක්
බයයි දැන් මට ගොඩක්

ආදරය හීනයකි
නොලැබෙනා බව සැබැවි
එහෙත් ඒ ආලයට
ආදරෙයි මම ගොඩක්


නොපිපුනු රෝස මල්

එක මනුස්සයෙක්ගෙ වත්තෙ රෝස ගහක රෝස පොට්ටුවක් තිබුනලු. මේක දිහා ටිකක් වෙලා බලන්හිටපු මිනිහ හිතුවලු “ මේතරන් කටු තියෙන ගහකින් කොහොමද හොඳ මලක් පිපෙන්නෙ “ කියල .
මේ සිතුවිල්ල නිසා මිනිහ ගහට කරන සැලකිල්ල ටිකෙන් ටික අඩුවුනාලු.
ටික දවසක් යද්දි මල පිපෙන්න කලින්ම ගහ වේලිලා ගියාලු වතුර නැති නිසා.



ආශ්චර්යයේ දිවයින (අවසන් කොටස )


කට්ටියට මතකද මන්දා මම කලින් ලියපු එව්වා.බොහොම ඉස්සර නොවැ කලින් ටික ලිව්වේ.අහුකොන් තියන්නෙ මොකටද කියලා ඔන්නොහෙ ඉවරයක් කරලා දාන්න හිතුවා.කියෙව්වෙ නැත්තං මෙතනින් ගිහින් බලන්න.


ඔන්න කොහොමින් කොහොම හරි මාව උත්සවශ්‍රියෙං රොකට් එකටත් නැග්ගුවා කියමුකෝ.අප්පා ගඳ මේකෙ ඇතුලෙ.මේක හදලා ඉවරවෙලා නිකං ඔහේ තිබ්බ කාලෙ මේක ඇතුලෙ කුඩු කාරයෝ, ගංජා කාරයෝ, පිම්පියෝ, හිඟන්නු විතරක් නෙමෙයි රතිකෙළි කාරයින්ගෙත් පාරාදීසයක් වෙලයි තිබිලා තියෙන්නෙ.හැම තැනම බුලත් කෙළ පාරවල්.බිත්තිවල හුණු වලින් ලංකාවෙ අඟනුන් ලඟ නැති තරමේ අඟපසඟින් යුත් මහිලා රූප ඇඳලා.නූල් පටක්වත් නැති මේ නාරි රූප ඇඳපු උන් කොහෙදි දැකපු එව්වද කියලා මට හිතාගන්නවත් බැරි උනා.මට උන් ගැන හීනි ඉරිසියාවකුත් ආවෙ නැතුව නෙමෙයි.රූප ඇඳලා ඉතුරු උනු ඉඩවල් ඔක්කොම සංස්කෘත ශ්ලෝකවලින් ආවරණය කරලා.එළිවැට ඇති ඒවා නැති ඒවා විතරක් නෙමෙයි දිග ගද්‍ය ආඛ්‍යාන එහෙමත් තැනින් තැන ලියලා.සමහරවිට මේක මේ අපේ රජතුමා මගේ පහන් සංවේගය උදෙසා කරවපු කැටපත් පවුරක් සහ චිත්‍ර එකතුවක්දෝ කියලත් මට හිතුනා.මොකෝ ඉතිං හඳට යනකං කියවන්ඩවත් යමක් තියෙන්ඩ එපායැ.

නගරසභාවෙ වැසිකිලිය අලුත්වැඩියා කරනවා වෙන්නැති රජතුමාගේ වැසිකිළි නැගුම වැඩසටහන යටතේ.පාරෙ යන හැම එකාම මේකට රිංගලාද කොහෙද හැම අහු මුල්ලකම මුත්‍ර ඉස්පිරිට් එක එනවා නහය කැරකැවෙන්න.මේකෙ ඇතුලෙ උපත් පාලන පාඨමාලාවකුත් තියලද කොහෙද.එක එක ජාතියේ පාට පාට පාවිච්චිකළ ඒ ආරක්ෂකාවරණ මහා ගොඩක් ඒක ඇතුලෙ.අපේ රාජ්‍ය අංශයේ ක්‍රියා පිළිවෙලට පින් සිද්ද වෙන්න මට කොස්සක් සහ අතුගාන ක්‍රමය සඳහන් වෙන් අත් පොතක් දීලා තිබුණා.මම ඒ රාජ්‍ය අංශයේ නිළාධාරීන් ඇතුළු පවුලේ සැම සිහිකරමින් මේ දුර ගමන යන්න හැකි වෙන විදිහට අතුපතු ගාලා ටිකක් පිළිවෙලක් කරගත්තා.

ඔන්න මේකේ ඉස්පීකර් කටුවෙන් ලොක්කගේ තේමා වාදනය ඇහෙන්න පටං ගත්තා.(මේකෙ උපකරණ ඔක්කොම අර මල් ඉස්කුරුප්පු නියනෙන් වත් ප්ලැට් එකෙන්වත් ගලවන්න බැරි අමුතු ඇණේකින් සෙට් කරලා තිබ්බ හින්දා එව්වානං අපේ සුචරිතවාදී දේශප්‍රේමීන්ගේ ග්‍රහණයට අහුවෙලා නෑ.)අම්මෝ ඇති යන්තං පොර පාලක මැදිරියට ඇවිත්.හඳට යන්න මුළිං පස්ස ගහපු මම දැං හැකි ඉක්මනිං යන්න හදන්නෙ මේ අටමඟලේ ඇතුලෙ දාඩිය දාන එකෙං ගැලවෙන්න හිතාගෙන.මොකෝ දැං බැහැල ගෙදර යන්ඩයැ.ලොක්කගේ මතේට පිටිං ගියොත් ඉතිං ජෙනරාල් එක්ක ඕමි ගගහ හිටියෑකි අවුරුදු ගාණක් ලෝකෙටම අපිව අමතක වෙනකං.ඊට පස්සෙ ඉතිං එළියට ආවත් වැඩක් තියෙනවයැ දේශද්‍රෝහියෙක් විදිහට.

ලොක්කාව මහත් හරසරින් පිළිගන්නවා මට ඇහෙනවා.ප්‍රීතිඝෝෂා නිමක් නෑ.විසිලුත් ගහනවා.ලොක්කව හේවිසි ගහලා තොරන් යටින් ප්‍රධාන පාලන පුවරුව ගාවට එක්කං යනවා මට හිතාගත්තෑකි.ඇයි ඉතිං පහුගිය කාලෙ රූපවාහිනියේ දැක්කෙම ඕවා විතරනෙ.

"හරි එහෙනං සර් මවුස් එකට අත තියන්ඩකො".ප්‍රධාන ඉංජිනේරු තැන කියන ස්වරෙන්ම මට තේරුණා දැන්නං මුගේ නළල උගෙම දණිස්සෙ වැදිලා ඇති කියලා.

"නෑ නෑ සර් මවුස් එක කියන්නෙ මේකට.ඔය සරම පාත දාලා මේක අල්ල ගන්ඩ." ඉංජිනේරු කොලුවා ආයෙත් බැගෑපත් උනා.

"දැං මෙතෙන්ට ගෙනිහිං මේ බොත්තම තද කරන්න සර්."අප්පා මේකා නළවන නැළවිල්ල.ඉංජිනේරු මහත්මයෙක්ද මහත්මියක්ද?මහත්මයෙක්නං ෂුවර් එකටම මද සරු භාවයෙන් පෙලෙන එකෙක් වෙන්න ඕනෙ.මහරජතුමාගේ යෝධ පෞරුෂ‍ය ඉස්සරහා මේකට ලිංගෙත් අමතක වෙලා ද කොහෙද.මම ළඟ හිටියනං ඕකට කියල දෙනවනෙ ඔය ටෙලිවිශන් එකෙ පෙන්නන ඔක්කොම ඇත්ත නෙමෙයි බං. ඇත්තනං ඔය සුපර් මෑන්ල, ස්පයිඩර් මෑන්ලත් ඉන්න ඕනෙනෙ මේ වටපිටාවෙම කියලා.

පිරිකරේ සයිස් එකට පක්ෂෙ මාරුවෙන, දානේ සයිස් එකට බණ කියන, ඒ සිල්වත් මෞඛද්වාරවලින් සජ්ඣායනාවෙන පිරිත් හඬ මැද්දෙ ලොක්කා බොත්තම තද කරන්ඩ ඇති.මොකද එක පාරටම හෝ ගාලා අප්පුඩි ගහන සද්දයක්නං ආවා.ඒත් රොකට එකනං එතනම තමා.

කඩිමුඩියේ දුවගෙන ආපු මිකැනික්ලා, ඉංජිනේරුවෝ, සිවිල් සේවකයෝ, නාට්ටාමිලා, සංස්ථා සභාපතිලා, හමුදා නිලදරුවෝ දාහකිං විතර රොකට් එක පිරුණා.ඇණ බුරුල් කළා, තව එව්වා තද කළා.වයර් හයි කරලා තිබ්බ එව්වා ගැලෙව්වා.ගැලවිලා තිබ්බ එව්වා ඇමිණුවා.අක්‍රිය තත්වේ තිබ්බ රොකට් එක රාජ භීතිය විසින් මිනිත්තු ගාණකදී ක්‍රියාකරන තත්වයට ගෙන එනු ලැබුවා.මේ ගැම්ම මුන්ට කළිං ආවනං මෙලහකට මම හඳට යන ගමංනෙ.කොහෙද දැං ඉතිං නැකතත් පැනලා.රජතුමාට මලත් පැනලා.

කොහොමිං කොහොම හරි ලොක්කගේ මල ඉවර උනාම නැවතත් ඒ ආශ්චර්යමත් මොහොත එළඹුනා.දේශීයත්වයට මුල් තැන දීලා "දහය නමය අට......." කියලා සිංහලෙන් ගැණලා බින්දුව කියද්දිම ලොක්කා මවුස් එකේ බට්න් එක ප්‍රෙස් කළා.මුළු රොකට් එකම දෙදරගෙන මේකෙ මෙව්වා එක ක්‍රියාත්මක උනා.ඔන්න ටික ටික මේ දහිරවාට්ටුව අසරණ මගේ පංචස්කන්දෙත් අරන් ගුවන්ගත උනා.තහඩු එකට ඇතිල්ලෙන සද්දෙට මගේ දත් විතරක් නෙමෙයි හිතත් හිරි වැටුණා.මේකෙ ආශ්චර්ය ඇත්තටම ඔය ටෙලිවිශන් එකේ කියපුවා නෙමෙයි යන අතරමගදි කෑලි කෑලිවලට වෙන් නොවී තියෙන එකයි කියලා මට තේරුණේ ඒ වෙලාවෙ තමයි.

"පාලක මැදිරියෙං රොකට්ටුවට ඇහෙනවද අපිව? ඔබට අනතුරක් නෑ නේද?"

"ඇහෙනවා ඇහෙනවා තවමනං මළේ නෑ.මේ ඒක නෙමෙයි මොකද මේ මේකෙ හැම කෑල්ලකම 'මේඩ් ඉන් චයිනා' කියලා ගහලා තියෙන්නෙ?කිව්වෙ මේක ලංකාවෙ සම්පත්වලින් මෙහෙ ඉංජිනේරු දැනුමෙන් හදනවා කියලනෙ"

"අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා බූරුවො.තමුසෙට කරන්න කියන දේ විතරක් කරනවා."අපේ මහරජතුමාගේ කට හඬින් උන්වහන්සේට රාජ මලක් පැන ඇතිබව දැනගතිමි.රාජ උදහසට බයේ පස්ස ගහන පුතයෙක් නෙමෙයි මම.ක්ෂිතිජයෙන් එහා ලෝකය බලන්ඩ කියලා දුන්නු සති තුනේ පාඨමාලාව කරගන්ඩ පින නැති උනත් උප්පත්තියෙන්ම ලැබුණු විචාර බුද්ධිය නිසා මම මේකෙ එක එක එව්වා ගැන ඔක්කොමො ටික අහනවා කියලා හිත හදාගත්තා.මේ යකා දැං ඉතිං මේ රොකට් එක ආයෙ බාන්ඩයැ.

"ලොක්කා මොකක්ද මේ බී.ටී.අයි. කියලා ගහලා තියෙන බෝතලේ?"

"ඕක දන්නැද්ද බූරුවො, ඔය අර මදුරුවො මරන්න ගෙනාපු බැක්ටීරියාවනෙ ගොනෝ"රජතුමාට මගේ නොදැනුවත්කම නිසා අනුකම්පාවක් පහල වෙලා.

"ඉතිං මේක හඳට යවන්නෙ?එහෙ එච්චරටම මදුරුවො ද?"

"නෑ එළ හරකෝ ඕක කෝටි ගාණක් දීලා ගෙනාවට ඕක ගහල මදුරුවො මරලා බෑ.ඩෙංගු ඉවර උනොත් අලුත් බේත් ගේන්නෙ මොන ලෙඩේට ද?උඹ කියන්නෙ අපිටත් පඩියෙන් විතරක් ජීවත් වෙන්න කියල ද?ඕක මෙහෙ තියෙද්දි බැරි වෙලාවත්, මම මේ වෙනවට නෙමෙයි කියන්නෙ, ඒත් බැරි වෙලාවත් අපේ ආණ්ඩුව පෙරළුනොත් අනිත් උන් ඔව්වා ඇද ඇද අපිට ලෙඩේ අදින්න පුළුවං.ඕක දැං හඳට ගිහින් දාපුවාම ශේප් එකේ අමතක වෙලා යන්නෙ නැතෑ."

"එතකොට මේ වරාය ගැන විස්තර තියෙන ෆයිල්.ඒවත් හඳේ තියලා එන්න ඔනෙ ද?"

"ඔව් උලමො ඔව්.සල්ලි කේස් ගැන ලිඛිත සාක්ෂි තියාගන්න හොඳ නෑ.තව හෙල්පිං හම්බන්තොට කේස් එකක් ඇදගන්න මට ඕනෙ නෑ."

"මගෙන් ඔබට ලැබෙන අන්තිම ප්‍රශ්නය.මෙතන ඇමරිකාවෙ පට්ට ලොකු කොඩියකුයි අපේ රටේ චූටි කොඩියකුයි තියෙන්නෙ ඇයි?"

"අපේ මේ ප්‍රොජෙක්ට් එකට ණය ගත්තේ ඇමරිකාවට වැඳලා කියලා තෝ දන්නැද්ද ගස් ගෙම්බෝ?.උන් දාපු එක කොන්දේසියක් තමා උන්ගේ දිරලා ගිය පරණ කොඩිය වෙනුවට අළුත් එකක් ගිහින් හිටවන්න කියන එක.උන්ට මේ කෙළවරක් නැති යුද්ද හින්දා හඳ පැත්තෙ ගිහින් එන්නවත් නිස්කාන්සුවක් නෑලු."

"ඉතිං ඇයි අපේ කොඩිය පොඩි? මේක නිකං නිදහස් දවසට කොළඹ ඉස්කෝලවල කෙල්ලො ගෙන්නලා උන්ට කියලා වනවන සයිස් එකේ පොඩි එකක්නෙ."

"ඉතිං මොකද පොල් බූරුවෝ.උඹ කියන්නෙ ඇමරිකාවට වඩා ලොකු කොඩියක් ගිහින් ගහන්න කියල ද?උන්ට හඳේ පැත්තක්ම අයිතියි.උන් එකෙං පර්චස් විස්සක් දෙන්නං කියලා කිව්වා.ඔප්පුවත් ඇති රොකට් එකේ.අපිට දුන්නු කෑල්ලෙ විතරක් බලලා කොඩිය හිටවපන් හරි ද මැටි හරකා.නැත්තං තියෙන යුධ අපරාධ චෝදනා අස්සෙ ජාත්‍යන්තර සීමා උල්ලංගනය කලා කියලත් මොකක් හරි මගුලක පැටලෙයි මාව."

රොකට්ටුව ගැටලුවකින් තොරව ගොඩ බා ගත හැකිවිය.

"මේ අපේ අතිගරු මහා රාජෝත්තමයාණන් වහන්සේගේ ශ්‍රී පාදයේ නියෝජනයක් චන්ද්‍ර භූමිය මතට ගෙන ආ එක් කුඩා පියවරක් පමණි.නමුත් උන්වහන්සේගේ දූරදර්ශී පාලනය යටතේ පිබිදෙන ආශ්චර්යයේ දිවයිනේ තවත් යෝධ පිමි රැසක ඇරඹුම පමණි මේ."

ලොක්කා ලියා දුන් දෙය ලෙසටම පාඩම් කරගෙන විත් ලෝකයටම ඇසෙනසේ මයික්‍රෆෝනයට මුව ළං කර ගඹුරු හඬකින් කීවෙමි.පාලක මැදිරියේ හුරේ දානවා ඇහෙනවා ය.ෂැම්පේන් ද බොනවා වාගේ ය.ලොක්කා ජාතිය අමතා සජීවීව කරන කතාව පටන් ගත්තේ ය.සතුටට ලොක්කාගේ උගුර ද හිරවෙලා ‍ය.

"මගේ දයාබර වැසියනි.අද අපි හැමෝටම එක රටක් හැටියට සතුටුවෙන්න පුළුවන් අවස්ථාවක් උදා වෙලා තියෙනවා.ශ්‍රී ලාංකික පුරවැසියෙක් ඔබ අපි හැමෝම නියෝජනය කරමින් දැන් මේ මොහොතේ සඳ මත ඉන්නවා.මේ අවස්ථාවෙ තමුන්නාන්සෙලාට කියන්න කැමතියි අපේ තාක්ෂණික දියුණුව තවම සම්පූර්ණ නෑ.අපි අද සමත් උනා තමයි අපේ රටේ පුරවැසියෙක් හඳට යවන්න.ඒත් ඔහුව නැවත ගෙන්න ගන්න අවශ්‍ය තාක්ෂණය තවම අපි ළඟ නෑ.ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය ලබා ගැනීමට කටයුතු කිරීමට මට මීළඟ වතාවෙත් ඡන්දය දෙන මෙන් ඔබ තමුන්නාන්සෙලාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.මට පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තුන්වෙනුවත් මව්බිම....ලොක්කා පෝඩියම් එක දෙදරන්න ගහමින් කියූ විට යටත්වැසියෝ ඔල්වරසන් දුන්හ.

මම සිහිය නැතිව ඇදගෙන වැටුනෙමි.

පි‍ටු පෙරලපු ගාන