රෝස්ට් ච්කන් ............... !!!!!

Thursday, August 11, 2011


යන්න යන්න දුවලා යන්න ....
මගේ ඇගෙන් කැල්ලක් අරගෙන.....
ඉක්මනට ගියෝත් මාව අල්ලගත හැකි ......
නැත්නම් මගේ උපත සිදුවය හැකි.....

අනේ මටත් මේවා නොතිබුනානම්......
මාව මස් කර ගන්න මාර ලේසි........
එත් ඉතින් මාව අල්ල ගත්තේ නැත්තම් .....
තොපිලාගේ සාගින්දරය අඩු නොවේව්.......

මේක පුoචි පහේ ප්‍රශ්ණ ටිකක් බලන්න උත්තර දෙන්න පුලුවන්ද කියලා..

 
01) ගල් කිලො එකක් හා පුලුන් කිලො එක බැගින් තරාදියකට දැම්මොත් බර වැඩි කුමන පැත්තද..........
 
02) පෙනේ නම් මොකාද ? නොපෙනේ නම් මොකාද ?

 03) අත්තක කුරැල්ලන් 10 සිටි දඩයක් කරැවෙක් වැඩි තබා දෙදෙනෙක් දඩයම් කරේ නම් ඉතිරි කුරැල්ලන් ගනන කියද?
 
04) අපේ අම්මා පාන්දර 4.00 නැගිටිනවා...
4.30,ට හාල් ලිපේ තියනවා...
4.45ට පරිප්පු හදන්න පටන්ගන්නවා
5.00 පරිප්පු එකට දාන්න පොල් බිදිනවා
පොල් ගෙඩිය බිදුනේ කියටද ?.......
05) අපේ ශරිරයේ අපිට කැමති විදිහට හැදිය හැකි.....පාට කරහැකි....නැතිකර දැමිය හැකි....අoගය කුමක්ද ?
 
බලන්න උත්තර දෙන්න පුලුවන්ද කියලා.........

ආදරය නම් සුන්දරය.........

ආදරය නම් සුන්දරය.........
එ සුන්දරවු අදරය........
සෑම විටම විරහවක් වේද..

ඇය ලස්සනයි
මම මගේ ජිවිත කාලයටම දැකපු ලස්සනම කෙල්ල..
එක මොතක මට හිතුනා.........
එ ඇස් දෙක වෙනුවෙන් මගේ ජිවිතය වුනත් පුදන්න ...
මම ආදරය කලා
ඇත්තටම මම ආදරය කලා....
මෙතුවක් කාලයකට ඇති නොවුනු හැකිමකින් මාව කුල්මත් වෙලා....
එත්.....එ ආදරය මට මාව නැති කලා
මම හිනයක් දැක්කා
ලස්සන සුරන්ගනාවියක් මාව සනසන හැටි

මම සතුටු වුනා..
ඇත්තටම මම එ මොහොතේ ජිවිත කාලයටම වඩා  මම ජිවත් වුනා
එත් එ හිනය බොද වෙලා හුගක් කල්...
දැනුත් මම ජිවත් වෙනවා
මියගිය හදවතක් එක්ක........

වටහා  ගන්න බෑ....

අනේ දෙවියනි කියන්න මට...

මෙය මගේ උරැමයද කරැමයද..............

නැටුම් බෙර . . .

තොපිට නටන්නට
ගැසූ බෙර අද
පැලී අවසන
මුලුගැන් වී ඇත

හම නැති බෙර කඳ
වරපට සමගම
පාලු කපනවා
බෙර පද කිය කිය

ඇවිත් බලා යන
යක්ස යක්සනින්
නටපු නැටිල්ලක්
මතකෙට එනකොට

උන්ටම ලැජ්ජලු
බෙර මුහුණත දැක
නටපු ඇති නැටුමක්
ඉතුරුව නැතිකොට

මම අතරමං වෙලා ද ............. ??

සද   මා   ලගට   එයි  .......
නමුත් මා    ගණ    අදුරේයි  ........
කව්ද මා මේ  අදුරින්  මුදන්නේ  ........
හෙටවත් මට ආලෝකයක්  එවි දෝ  .....
නැත්තම් මා මේ අදුරේම තනිවේ  දෝ ..........

ලෝකෙ හොඳම ටොරන්ට් සයිට්ස්

Wednesday, August 10, 2011
හලෝ කස්ටිය කොහොමද ඉතින්. කාලෙකින් සිතුවිලි පවුරට ලිපියක් දාන්නත් බැරිවෙච්ච එකේ ටොරන්ට් පාවිච්චි කරන අයට වැදගත් වෙයි කියල හිතන දෙයක් ගැන පෝස්ට් එකක් දානවා. මේ පෝස්ට් එකෙන් ඔයගොල්ලන්ට කියන්නෙ ලෝකේ විශාලම, ජනප්‍රියම හා හොඳම ටොරන්ට් සයිට් 15 ගැනයි. ඔන්න ටොරන්ට් පාවිච්චි කරන අය ඒ සයිට් වලට ගිහින් තමන් කැමති දේ බාගන්නකෝ.


1 | ISOHunt
392 - eBizMBA Rank | 12,000,000 - Estimated Unique Monthly Visitors | 713 - Compete Rank | *275* - Quantcast Rank | 189 - Alexa Rank.
Most Popular Torrent Websites | Updated 8/8/2011 | eBizMBA
2 | ThePirateBay
492 - eBizMBA Rank | 11,550,000 - Estimated Unique Monthly Visitors | 683 - Compete Rank | 692 - Quantcast Rank | 100 - Alexa Rank.
Most Popular Torrent Websites | Updated 8/8/2011 | eBizMBA
3 | btjunkie
858 - eBizMBA Rank | 4,500,000 - Estimated Unique Monthly Visitors | 1,259 - Compete Rank | *943* - Quantcast Rank | 372 Alexa Rank.
Most Popular Torrent Websites | Updated 8/8/2011 | eBizMBA
4 | Torrentz
879 - eBizMBA Rank | 4,400,000 - Estimated Unique Monthly Visitors | *2,000* - Compete Rank | *470* - Quantcast Rank | 167 - Alexa Rank.
Most Popular Torrent Websites | Updated 8/8/2011 | eBizMBA
5 | ExtraTorrent
1,468 - eBizMBA Rank | 3,000,000 - Estimated Unique Monthly Visitors | 1,826 - Compete Rank | *1,980* - Quantcast Rank | 599 - Alexa Rank.
Most Popular Torrent Websites | Updated 8/8/2011 | eBizMBA
6 | TorrentReactor
1,558 - eBizMBA Rank | 2,700,000 - Estimated Unique Monthly Visitors | 1,688 - Compete Rank | 2,230 - Quantcast Rank | 755 - Alexa Rank.
Most Popular Torrent Websites | Updated 8/8/2011 | eBizMBA
7 | Demonoid
1,747 - eBizMBA Rank | 2,400,000 - Estimated Unique Monthly Visitors | 2,432 - Compete Rank | *2,200* - Quantcast Rank | 608 - Alexa Rank.
Most Popular Torrent Websites | Updated 8/8/2011 | eBizMBA
8 | KickAssTorrents
2,468 - eBizMBA Rank | 2,000,000 - Estimated Unique Monthly Visitors | 1,017 - Compete Rank | 5,962 - Quantcast Rank | 426 - Alexa Rank.
Most Popular Torrent Websites | Updated 8/8/2011 | eBizMBA
9 | TorrentDownloads
3,316 - eBizMBA Rank | 1,700,000 - Estimated Unique Monthly Visitors | 2,523 - Compete Rank | *6,400* - Quantcast Rank | 1,025 - Alexa Rank.
Most Popular Torrent Websites | Updated 8/8/2011 | eBizMBA
10 | SumoTorrent
4,093 - eBizMBA Rank | 1,000,000 - Estimated Unique Monthly Visitors | 5,122 - Compete Rank | 4,761 - Quantcast Rank | 2,397 - Alexa Rank.
Most Popular Torrent Websites | Updated 8/8/2011 | eBizMBA
11 | OnlyTorrents
4,586 - eBizMBA Rank | 950,000 - Estimated Unique Monthly Visitors | 5,995 - Compete Rank | 3,706 - Quantcast Rank | 4,058 - Alexa Rank.
Most Popular Torrent Websites | Updated 8/8/2011 | eBizMBA
12 | Fenopy
5,534 - eBizMBA Rank | 850,000 - Estimated Unique Monthly Visitors | 6,681 - Compete Rank | 6,121 - Quantcast Rank | 3,800 - Alexa Rank.
Most Popular Torrent Websites | Updated 8/8/2011 | eBizMBA
13 | TorrentPortal
5,968 - eBizMBA Rank | 800,000 - Estimated Unique Monthly Visitors | 6,304 - Compete Rank | 7,529 - Quantcast Rank | 4,072 - Alexa Rank.
Most Popular Torrent Websites | Updated 8/8/2011 | eBizMBA
14 | Seedpeer
6,974 - eBizMBA Rank | 700,000 - Estimated Unique Monthly Visitors | 8,703 - Compete Rank | 6,485 - Quantcast Rank | 5,733 - Alexa Rank.
Most Popular Torrent Websites | Updated 8/8/2011 | eBizMBA
15 | Torrents
17,972 - eBizMBA Rank | 350,000 - Estimated Unique Monthly Visitors | 21,058 - Compete Rank | *25,000* - Quantcast Rank | 7,858 - Alexa Rank.
Most Popular Torrent Websites | Updated 8/8/2011 | eBizMBA
ඔන්න පහළවම දැම්මා. කැමති අය ගිහින්ම බලන්නකෝ. මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙනම යන්න............

[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] නැකැත් කෙළිය - Part 2

කියපු වෙලාවට වඩා චුට්ටක් පරක්කු උනාට සමාවෙන්ඩ හොඳේ.
අන්තිමට කතාව ඉවර උනේ කොහෙන්ද?...... ආ උපාසකයො රාහුල හාමුදුරුවන්ගෙන් මෙහෙම ඇහුව.
"ඈ අපේ පොඩි හාමුදුරුවනෙ, ඔබවහන්සේ නෙළන්නෙ අර කළටි පොල් වල්ලද?"  කියල.
කියෙව්වෙ නැතිනම් මෙතනින් ගිහිල්ල කියවන්න.

රාහුල හාමුදුරුවො කියපි. 
"උඹල කෑ ගහන්නෙ නැතිව ඉදපියව්. පොල් කඩන දවසට උදලු ටිකකුයි පස් ඉවත් කරන්න කූඩ ටිකකුයි අරන් වරෙල්ල" කියල.
මොකද්ද අප්පේ ඒ කතාව??? පොල් කඩන්න මොකටෙයි උදලු??? පස් කූඩ?????
උපාසකයින්ට මාර ප්‍රශ්නෙ මොකද්ද මේ කතාව කියල. ඒත් ඉතින් සද්ද නැතිව උන්න.

ඔන්න දවස උදා උනා...
අහල පහළ ගම් වල විතරක් නෙමෙයි, ඈත ගම්මාන වල පවා කට්ටිය ඇවිල්ල සිද්ධිය බලන්න. මොකද වෙන්නෙ බලන්න. ඇයි අප්පේ රාහුල හාමුදුරුවො මොකද කරන්නෙ කියන්නෙ කියල බලන්න එපැයි. 

ගුරු හාමුදුරුවො උජාරුවෙන් ඉන්නව තමුන්ගෙ ගහේ ඵලදාව බල බල. රාහුල හාමුදුරුවොත් ගානක්වත් නැතිව ඉන්නව. හරි නම් මේ වෙලාවට පොළව පලාගෙන යන්න තරම් ලැජ්ජාවක් වෙන්න ඕනෙනෙ. ඇයි අනේ කඩන්නෙ අර පුවක් ගෙඩි සයිස් කළටි ගෙඩි ටිකද????

ඔන්න ඉතින් කට්ටිය සෙට් වෙලා ගුරු හාමුදුරුවන්ගෙ ගහේ පොල් ටික කැඩුව, මොන ටිකද, පොල් ගෙඩි 200ක් විතර!!!. කඩල ඒ ටික ගොඩ ගහල ගුරු හාමුදුරුවො ඔලොක්කුවට වගේ රාහුල හාමුදුරුවො දිහා බැලුව.
රාහුල හාමුදුරුවො හිනා වෙලා මොකද දන්නවද කිව්වෙ?
"උපාසක, ගනිල්ල ඔය උදලු ටික, හාරපල්ල පොල් ගහ වටේටම."
පුදුමයෙන් හාමුදුරුවො දිහා බලපු උපාසක ගොල්ලො උදලු කූඩ අරගෙන පොල් ගහ වටේ හාරන්න පටන් ගත්ත.
මෙන්න පුදුමයක්, පොල් ගහේ මුල පලාගෙන පොලු හැදිල, එකක් දෙකක් නෙමෙයි මහ විසාල ප්‍රමාණයක්, වළු ගාණක්. ගම්මුන්ට විතරක් නෙමෙයි මෛත්‍රී හාමුදුරුවන්ටත් අදහා ගන්න බෑ. ඇයි දෙය්යනේ පොල් මුලෙන් ගෙවි හැදෙනවද!!!! 
ඔක්කොම කැඩුව. කැඩුව කිව්වට ගහට නැගල නෙමෙයි, ගහටත් වඩා පහළට බැහැල. 
ඔක්කොම පොල් ගෙඩි 300කටත් වැඩී. ගුරු හාමුදුරුවො එතනිනුත් පරාදයි ගෝළයට.

මොකද වෙලා තිබ්බෙ?රාහුල හාමුදුරුවො දැනන් හිටිය හරියටම නැකතට වෙලාවට හිටෙව්වොත් පොල් මුලෙන් උනත් ගෙඩි හැදෙනව කියල. මෛත්‍රී හාමුදුරුවො පොල් පැළය ඉහළට ඔසවන් ඉඳල වලට දානකොට නැකතෙන් ක්ෂණයක් පහු උනා. නමුත් රාහුල හාමුදුරුවො කළේ පොල් පැළය කකුලෙන් රඳවන් ඉඳල ගානට වෙලාවට වලට අත හැරපු එකනෙ. 

ඔන්න ඔහොමයි කතාව. එදත් කොහොම හරි ගුරා පැරදුනා ගෝළයට. අනේ එහෙමයි කියල මේ ගුරු හාමුදුරුවො කවදාවත් ගෝළයට වල කපල නම් නෑ. හැම වෙලේම ගෝළයගෙ දියුණුව පැතුව, දියුණුවට අත දුන්න....


මට නම් නැහැ තේරෙන්නේ

Tuesday, August 9, 2011
දස මාසෙ කුසෙ දරා
ලේ කිරිකර පෙවු නිසා
මව් සෙනහස මතු බුදු වේ
පොතේ ලියා තිබු නිසා
දොහොත් මුදුන් තබා සොදින්
ඇගෙ පා යුග අත ගසලා
අපෙ අම්මට මා වැන්දේ
මතු බුදු වන්නට පතලා.

මටම දාව දරුවන් දි..
ලේ කිරි කර ඇය පොවද්දි.
බුදු පොතේ ලියා තිබු කවියයි
මට මතක් උනේ....

කල්පයටම එක් කෙනයිලු
මෙ ලොකේ බුදුවන්නෙ.
මොන අම්මද බුදුවන්නේ
මට නම් නැහැ තේරෙන්නේ

[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] නැකැත් කෙළිය

Monday, August 8, 2011
මගෙ බ්ලොග් අඩවියෙ මම ලිව්වනෙ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ගැන තිබෙන ජනප්‍රවාද කිහිපයක්. ඒව කියවල නැති අය කියවල බලන්නකො මෙන්න මෙතනින් ගිහිල්ල.

සිනිඳු සේළය
වක දෙක
ගුරු හිමියන්ට බළල් වසුරු කැවීම (කොටස් 12)
ජම්මෙද? පුරුද්දද?
සෘද්ධි තෛලය (කොටස් 12)
තොටගමුව නොව අපගමුව
තොටගමුවේ හාමුදුරුවො යක්ෂයො පන්නපු හැටි
පුන් සඳයි දසවකයි
ගොම දෝත 

අද කතාව "නැකැත් කෙළිය"
එක දවසක් තොටගමු විහාරයට ආව උපාසක මහත්මයෙක්. මොකටද? පොල් පැළ හිටවන්න නැකතක් හදව ගන්න. ගුරු හාමුදුරුවො ඔහුට කිව්ව පස්සෙ දවසෙ එන්න හදල තියන්නම් කියල.
ඉතින් ඔන්න ගුරු හාමුදුරුවො පොඩි නමට ඒ කියන්නෙ රාහුල හාමුදුරුවන්ට කතා කරල කතාව කියල, උන්නාන්සෙට කීව නැකතක් හදල දෙන්න කියල. ඉතින් රාහුල හාමුදුරුවොත් පොත් ගුලට වෙලා වෙහෙස මහන්සි වෙලා නැකතක් හදල දුන්නලු ගුරු හාමුදුරුවන්ට. 
ගුරු හාමුදුරුවො නිකං උන්නෙ නෑ, උන්නාන්සෙත් හැදුව නැකතක්, තමුන්ගෙ ගෝලයගෙ හැකියාව පරික්ෂා කරන්න. ඉතින් රාහුල හාමුදුරුවො හදපු එකත් එක්ක ගුරු හාමුදුරුවො හදපු එක සංසන්දනය කළාම දෙකම හරියටම හරි. ගුරු හාමුදුරුවන්ට හරිම සතුටුයි. උන්නාන්සෙට තේරුනා රාහුල හාමුදුරුවන්ට තව ඉතින් උගන්වන්න දෙයක් නොමැති බව.
ඉතින් ගුරු හාමුදුරුවො රාහුල හාමුදුරුවන්ට මෙහෙම කිව්ව.
"රාහුල, නුඹගේ නැකතට අනුව අපිත් පැළ සිටුවා නුඹගේ ශාස්ත්‍රය සළකා බලමු" කියල.
රාහුල හාමුදුරුවොත් එකඟ උනා.
උන්නාන්සෙගෙ නැකතට අනුව මෙන්න මේ දවසෙ මෙන්න මේ වෙලාවට මෙන්න මේ පැත්ත බලාගෙන පැළ සිටුවිය යුතුයි, මෙන්න මේ කාලය වෙනකොට අස්වැන්න නෙළාගන්න පුළුවන් කියල, කියවිලා තිබුනා.
ඉතින් අර නැකැත් පත රැගෙන යන්න ආපු උපාසක මහත්තයට කියල පොල් පැළ දෙකකුත් ගෙන්නාගෙන උන්නාන්සෙල දෙන්නත් ලෑස්ති උනා පොල් පැළ සිටුවන්න.

ඔන්න නැකත් දවසත් ආව. 
උදෙන්ම අවදි වෙලා මුන්නාන්සෙල දෙන්න පැළ සිටුවන්න සූදානම් උනා. වලවල් දෙකකුත් හාරල, නැකැත් වෙලාව එනකම් බලා උන්න.  ඉතින් නැකැත් වෙලාව ලං වෙනකොට, දුවන තරඟෙකට සූදානම් වෙලා ඉන්න ක්‍රීඩකයො දෙන්නෙක් වෙඩි හඬ ඇසෙනකම් බලා ඉන්නව වගේ දැන් ලෑස්ති වෙලා ඉන්නෙ දෙන්න.
ඔන්න නැකැත් වෙලාව ආව. මෛත්‍රී හාමුදුරුවො පොල් පැළය අතින් අරගෙන උස්සල වලට දාල පස් දාල වැහුව. රාහුල හාමුදුරුවො පොල් පැළය කකුලෙ මහපටැඟිල්ල හා දබරැඟිල්ල අතර රඳවාගෙන ඉඳල හරියටම වෙලාවට වලට අත හැරල, පස් දමල වැසුව. එතනින් ඉතින් පොල් පැළ සිටුවීමේ කාර්යය ඉවර උනා.

නැකතට පොල් වගා කරල ඔන්න වසර කිහිපයක් ගත උනා. ගුරු හාමුදුරුවන්ගෙ පොල් පැළේ හොඳට වැඩෙනව. ඒ උනාට අනේ රාහුල හාමුදුරුවන්ගෙ පොල් පැළේ??? කණාටු වෙලා. 
ඔන්න තව ටික කාලයක් යනකොට පොල් ගස් වල මල් පීදෙන්න පටන් ගත්ත. මල් පීදෙනවත් එක්කම ඔන්න ආපහු "නැකැත් කෙළිය" කියන ගුරු ගෝල සටන ඇරඹෙනවා...

දවසෙන් දවස ගෙවිල යද්දි ගුරු හිමියන්ගෙ පොල් ගසේ මල් පීදිල ගෙඩි හැදෙන්න පටන් ගන්නව. අනේ ඒත් ගෝල හාමුදුරුවන්ගෙ පොල් ගහ වැට ඉන්නක් වගේ එහෙමමයි. ටික කාලෙකින් මේ කතාව ගම් රට පුරාම ආරංචි වෙලා... හැමෝම දැන් මේක ගැන තමයි කතාව.
ගුරු හාමුදුරුවන්ගෙ පොල් ගහ දැන් හොඳට පීදිලා හොඳට ගෙඩි හැදිල. ගහට දරාගන්න බැරි තරම් වලු බර වෙලා. රාහුල හාමුදුරුවන්ගෙ ගහේ ඔන්න යන්තම් මලක් ඇවිල්ල තියෙනව. පංසලට එන කට්ටිය ඔක්කොම මේක ගැනමයි කතාව. හැමෝම රාහුල හාමුදුරුවන්ගෙන් අහනව මොකද මේ වෙලා තියෙන්නෙ කියල. ම්හ්. රාහුල හාමුදුරුවො සද්දයක් නෑ. 
ඔන්න ඉතින් ටික ටික ඵලදාව නෙලන කාලයත් ලං වෙනව. ගුරු හාමුදුරුවන්ගෙ පොල් ගහ නම් වලු බර වෙලා, ගෙඩි පිරිල, රන්වන් පාටින් බබලනව. ඒත් රාහුල හාමුදුරුවන්ගෙ කේඬෑරි පොල් ගහේ යන්තම් එකම එක පොල් වල්ලක් විතරයි තියෙන්නෙ. ඒකත් පොල් කීවට චුට්ටිම චුට්ටි ගෙඩි.
ඉතින් ඔන්න රාහුල හාමුදුරුවොයි ලොකු හාමුදුරුවොයි කතා වෙලා පොල් කඩන්න දවසක් තීරණය කරගෙන ඒ පණිවිඩය හැමතැනම ප්‍රචාරය කෙරෙව්ව. රාහුල හාමුදුරුවොත් එදාටම පොල් කඩනවය කියලත් කියල යැව්ව. අනේ මන්ද මොනව කඩන්නද කියල. මොකද උන්නන්සෙගෙ පොල් ගහේ තිබ්බෙ මේ පුවක් ගෙඩි විතර තරමෙ කළටි පොල් වල්ලක්නෙ. 
පංසලට එන උපාසකයො විහිළුවෙන් අහනව,
"ඈ අපේ පොඩි හාමුදුරුවනෙ, ඔබවහන්සේ නෙළන්නෙ අර කළටි පොල් වල්ලද?" කියල.

හාමුදුරුවො මොකද දන්නවද කිව්වෙ?
ඒක ලිපියේ ඉතුරු කොටසෙන්.....

පි‍ටු පෙරලපු ගාන