අමාවක අහස

Friday, June 24, 2011
නුඹ යන්න ගිහින්
මටත් නොකියාම
මගේ සිත් අහස
අද
අමාවකයි...

විශ්වයේ සම්භවය පිළිබඳව අල් කුර්ආනයෙන්


විශ්වයේ සම්භවය පිළිබඳව අල් කුර්ආනයෙන් 

නවීන අජටාකාශවිද්‍යාවෙහි නිරීක්‍ෂණ වලට හා න්‍යායයන්ට අනුව එක්තරා කාල වකවානුවකදී මුළු විශ්වයම එකම "දුමාරයක් " බව පැහැදිළිවම පෙන්නුම් කරයි. (එය විනිවිද නොපෙනෙන ඉතාමත් අධික ඝනත්වයෙන් යුත් උණුවූ වාතයෙන් සමන්විතය)1 මෙය නවීන අජටාකාශවිද්‍යාවෙහි පවතින මතභේදයට තුඩු නොදුන් මූලධර්මයන්ගෙන් එකකි. එම දුමාරයෙහි අවශේෂයන් මඟින් නව තාරුකා ඇතිවීම නිරීක්‍ෂණය කිරීමට විද්‍යාඥයන්ට වර්ථමානයේදී හැකිවී තිබෙයි. (1  හා 2  රූප සටහන් බලන්න) රාත්‍රි අහසේ අපට දක්නට ලැබෙන දීප්තිමත් තාරකා සියල්ලද විශ්වයෙහි පවතින අනෙකුත් සියළුම දේවල්ද එම "දුමාරයට  අයත්ව තිබුණි .

නිදුකින් ඔබ උන්නාවේ.........



නිදුකින්


 ඔබ 


උන්නාවේ.........


ඉර ගැස්සිලා ගැස්සිලා මුහුදේ ගිලිලා නොපෙනීම යන්න ගියා.මොහොතකට කලින් නේක වර්ණයෙන් පිරිලා තිබ්බ අහස කළුවර වෙලා.
හරියටම මගේ ලෝකේ වගේ.
මලිති යන්න ගියේ මගේ ආදරයත්,ඒ ආදරය වටා එක් වෙලා තිබුන බලාපොරොත්තු කන්දරාවත් හදවතෙන් ගලවලා දාලා.
පිරිමි අපට බලාපොරොත්තු බිඳිලා ගියාම හිත ආපහු යම් තරමකට හරි හදාගන්න කම් එක එක දේවල් වල පිහිට පතන්න වෙනවා.
 ඒත් ගැහැණුන්ට එහෙම නැහැ.ඒක ස්වභාවයෙන්ම ගැහැණුන්ට ලැබිලා තියන දායාදයක්.ඒකම තමයි එයාලා කෙනෙක්ගෙන් වෙන්වෙන්න පාවිච්චි කරන්නෙත්.
"අය්යෙ මලිති ඔයාට එන්න කියලා පණිවිඩයක් එවලා තිබුනා.හෙට හවසට...,තොටුපලට."
අපේ ආදරයට දර දිය අදින වරුණිකා නංගි ඇවිත් වට පිට බල බලා කිව්වෙ කවුරු හරි පේන්න ඉන්නවද කියලා වෙන්නැති.
"හෙට...?"

මගේ හිතේ ඇඳිලා ගියේ ප්‍රශ්ණාර්ථයක් .ඒක මුහුණෙනුත් පෙනෙන්න ඇති.
"ඇයි අය්යෙ..?
වරුණිත් නොදන්නවා වගේ අහන හැටි.ගෑණු ඔහොමම තමයි,දන්න දේත් නොදන්නවා වගේ ඉන්න දන්නෙම නෑනෙ.
"හෙටනෙ වරුණි මලිති ගෙ මස්සිනා එන්නෙ රට ඉඳන්,ඒ මනුස්සයා එන්නෙ එයාව කසාද බඳින්න බලාගන.කොහොමද මලිති හෙට එන්නෙ මාව මුන ගැහෙන්න..?"

"විහිලු නෙවෙයි අය්යෙ ඔයා මොකද ඉතින් කරන්නෙ?ඔයාට පුලුවන්ද එයා මලිතිව බැඳලා අරගන යනවා බලන් ඉන්න...?"
"තාම රස්සාවක් නැතුව ඉන්න මම කොහොමද නංගි මලිතිව ගෙනත් එයාගෙ අඩුපාඩු හොයලාවත් බලන්නෙ?බලමු ...!"

මම යත්දිත් මලිති ඇවිත්.
"ගොඩාක් වෙලාද ඇවිත් ඔයා?"
"නැහැ ..ටික වෙලාවයි..."
නිහඬ නිමේෂ දහයක් පහලවක් එක ලඟම ගත වෙලා ගියා.දෙන්නගෙන් කාටවත්ම කතා කරගන්න දෙයක් නැතුවද නැත්නම් විදියක් නැතුවද කියන එක උත්තර නැති ප්‍රශ්ණයක්.

"අපිට මොකද වෙන්නෙ මලිති?"
අන්තිමේ මම නිහඬතාවය බින්ඳා.
ලොකු කඳුලු බින්ඳු දෙකක් ඇස් වල පුරවා ගත්තු මලිති ඒවා වැටෙන්න කලින් මා දිහාට හරුනා.
"මට සමාවෙන්න අය්යෙ..!"
"අසීමාන්තිකව ඔයාට දෙන්න මා ගාව තියෙන්නෙත් එච්චරයි නංගි...!"
අඩි දෙක තුනක පරතරය පැය ගානක් අරගන ලං වෙච්චි මලිති නුහුරු කමකින් වගේ මගෙ අත අල්ල ගත්තා.

"නාස්ති වෙන්නෙ නැහැ කියලා පොරොන්දු වෙන්න...!"
කිසිම හැලහොල්මනකට පස්සෙ ගෙවිච්ච කල්පෙකට පස්සෙ මට කියාගන්න පුලුවන් උනේ මෙච්චරයි.
"ඔයා සතුටින් ඉන්න නංගි.."
ඉකිය වාවගන්න බැරිව මලිති දුවලා ගියා.පස්සෙන් වෙනදා වගේ දුවලා යන්න ඕන වුනත් මම ආයාසයෙන් කකුල් දෙක අත් දෙකින් අල්ලගන උන්නා.
හේතුවක් අරමුණක් නැතුව දවස් ගෙවුනා.
දවසක් වරුනිකා දුවගෙන ආවා ලොකූ කලබලයකින්.හරියට ලෝකෙ එයාගෙ ඔලුව උඩින් පෙරලෙන්න එනව වගේ.
"අය්යෙ මලිතිට ඔයාව වතාවක් බලාගන්න ඕනලු..!"
මට හිනා ආවා.
"නංගි මලිති බැඳලනෙ.මම ඔය අතරට තුන් වෙනියෙක් වෙන්නෑ..ඔයා ගිහින් මලිතිට ඒක කියන්න.."
"ඔයා ඇත්ත දන්නවා නම් ඔයකතාව කියන්නෙ නැහැ...!"
"මොකක්ද ඔය කියන භයානක ඇත්ත...?"
"මලිතිගෙ කිඩ්නි නරක් වෙලාලු...එයාට ගැලපෙන කිඩ්නි එකක් තාම හම්බවෙලා නැහැ...!"
පෘථිවියෙ භ්‍රමන වේගය එකපාරටම වැඩි වුනා වගේ මට දැණුනෙ.
"නංගි යන්න මම එන්නම්.....!"
මම ගියේ මලිතිට වෙදකම් කල වෛද්‍යවරයාව මුණගැහෙන්න.
"ඩොක්ටර් මට පුලුවන්ද අර වකුගඩුවක් ඕන කරන පේෂන්ට් ගෙ හස්බන්ඩ් ට කතාකරන්න.."
"පුලුවන්,ඒත් ඔයාගෙ කිඩ්නි එක ගැලපේවිද එයාට...?"
"අපි දෙන්නටම තියෙන්නෙ එකම බ්ලඩ් ගෲප් එක..!"
ඔහු මට පොරොන්දු වුනා කවමදාවත් මලිතිට කියන්නෙ නැහැ කියලා ,එයාට වකුගඩුව දීපු කෙනා ගැන.
සැත්කම සාර්තකව සිද්ධ වුනා.
මම රෝහලෙන් පිට වෙන්න කලින් නිදාඋන්නු මලිතිගෙ මුහුණ බලාගත්තා,ඒ අවසාන වතාවට කියලා මගේ හිතටම මම අවධාරනය කලා.
දැන් දවස් කීපයක ඉඳන් මලිති මගේ ජංගම දුරකතනයට ඇමතුම් ගන්නවා.එයාගෙ ස්වාමියා මට දීපු පොරොන්දුව කඩලා වගේ.
ආයෙත් වතාවක් දුරකතනය නාද වෙනවා.
'වෙන කරන්න දෙයක් නැහැ මලිති...සමාවෙන්න.'
සිම් පත දුරකතනයෙන් ගලවලා මුහුදට වීසි කල මම නැගිට්ටෙ හිත හදාගන.
'ආදරය වෙනුවෙන් කරන කැපකිරීම් වලට ස්තූති කිරීමක් වත්,අගය කිරීමක් වත් අවශ්‍ය නැහැ නංගි'
අපි ආයෙ මුණ ගැහෙන්නෑ.....!








මොකක්ද මේ දියවැඩියාව????

වචනයෙ පරිසමාප්ත අර්තය සැලකුවිට අපට දල අවබෝදයක් ලබාගන්න පුලුවන්.
ඒ "වැඩියෙන් ජලය යාම" එනම් මුත්‍රා යාම.

දියවැඩියාව ප්‍රදාන ආකාර 2ක් තියනවා!
1. සිරුරේ ADH හොර්මොනය අඩුවෙන් ස්‍රාවය වීම/සම්පුර්නයෙන්ම ස්‍රාවය නොවීම නිස ඇතිවන දියවැඩියාව (Diabetes Insipidus)

2. ඉන්සියුලින් ස්‍රවය නොවීම/අඩුවෙන් ස්‍රවය වීම නිස ඇතිවන දියවැඩියාව(Diabetes Mellitus)
අප එදිනෙදා දියවැඩියාව (සීනි)ලෙස හදූන්වනු ලබන්නේ ඉහත කි ඉන්සියුලින් නිසා ඇතිවන දියවැඩියාව තත්වයයි.

ඉන්සියුලින් ස්‍රවය නොවීම/අඩුවෙන් ස්‍රවය වීම නිස ඇතිවන දියවැඩියාව(Diabetes Mellitus)
අප කතා කරන්න බලාපොර්තු වන මෙ දියවැඩියා තත්වය වෛද්‍ය විද්්‍යනූකූලව වර්ග 2කට බෙදෙනවා.

1.Type 1: මෙය ඉන්සියුලින් නිෂ්පාදනය නොවීම නිස ඇතිවෙනවා(අග්නි්‍යාෂයේ ලැන්ගර්හෑන් දීපිකා වලින්)
2.Type 2:මෙය ඉන්සියුලින් වලට සෛල දක්වන සංවේදීතාව අඩු වීම නිසා ඇති වෙනවා



1.Type 1
මෙය බොහෝ විට උපතේ පටන් පැවත එන්නක් විය හැකි.මෙහිදී ඉන්සියුලින් නිපදවීම සිදුවන්නෙ නැහැ.
මාරාන්තික ලෙස සලකන්න පුලුවන්.මොවුන්ට කුඩා කල පටන් ඉන්සියුලින් කෘතිමව ලබාදිය යුතු අතර රුධිරයේ ග්ලුකෝස් සාන්ද්‍රනය පිලිබදව නිතරම සෙවිල්ලෙන් සිටිය යුතු වෙනව.


2.Type 2
මෙය සාමාන්යෙන් මැදිවිය එලැඹීමත් සමග ඇතිවන තත්ත්වයක්.පවුල් පසුබිම මෙන්ම ජීවන රටාවත් මෙම රෝගය සදහා බලපානවා.
අප බොහෝ දෙනෙක් අතර දක්නට ලැබෙන්නෙ මෙම තත්ත්වයයි.මෙය ඉහත කී ආකාරයෙන්ම මෙය ඉන්සියුලින් වලට සෛල දක්වන සංවේදීතාව අඩු වීම නිසා ඇති වෙනවා.
දිනපතා ප්‍රතිකාර ගැනීම මගින් හා ආහාර පාලනය මගින් මෙම තත්ත්වය පාලනය කරගන්න පුලුවන්.නමුත් සුවකල නොහැක්කක් ලෙස සලකන්න පුලුවන්.

දියවැඩියාවේ රෝග ලක්ෂණ මොනවද??
ඔබ පහත සදහන් තත්ත්වයන් අත්දකිනවා නම් එය දියවැඩියා රෝගය නිසා වියහැකි.
• නිතර නිතර මුත්රා පිට වීම
• අඨික පිපාසය
• රාත්රිිය කාලයේදී නිතර නිතර මුත්රා පිට වීම
• අසාමාන්්යස ලෙස මහන්සි ගතියක් දැනීම
• අසාමාන්්යස ලෙස බර අඩු වීම(කෙට්ටු වීම)
• දෑස් පෙනීමේ දුර්වලතා

මේ ලක්ෂන එකක් හො කිහිපයක් ඔබ අත් දකිනවානම්,අත්විදිනවානම් ඔබ මැදිවයසෙ හෝ ඔබේ පවුලෙ දියවැඩියා තත්වය තියනවා නම් රුඨිර පරීක්ෂනයක් කර ගෙනීම නුවණට හුරුයි.



දියවැඩියාව ඇතිවග තහවුරු කරගන්නේ කොහොමද?


එය සරල රුඨිර පරීක්ෂවකින් කරගන්න පුලුවන්.
ඔයාලා දන්නවා ඇති Glucometerඑක. එමගින් කෙරෙන්නේ රුඨිරයේ ග්ලුකෝස් සාන්ද්‍රනය මනින එක.(lab එකකින් බලාගන්න එක වඩා යොග්්‍යයි.)
අපි කිසිම සූදානමකින් තොරව අහම්බෙන් රුඨිරයේ ග්ලුකෝස් සාන්ද්‍රනය මැන බැලුවිට එය 200mg/dl (11.1 mmol/l)නම් හෝ ඊට වැඩි නම් එය දියවැඩියා තත්ත්වය
ඇති බව දක්වනවා.නමුත් දියවැඩියාව තහවුරු කර ගැනීමට පහත සදහන් පරීක්ෂනය සිදුකරනවා.

OGTT(Oral Glucose Tolerance Test)


දින 3ක් පමන රොගියාට තම සුපුරුදු ආහාර පාන අනුභව කරන්නට සලස්වන අතර දින 3 අවසානයෙදී රොගියාට කිසිම ආහාරයක් නොගෙන(තේ වත් නොගෙන)
පැය 8ක් 10ක් පමන රාත්‍රියේ සිට නිරාහාරව සිට පසුදා පැමිනෙන ලෙස දන්වනවා.
රොගියා පැමිනි පසු ඔහුගෙන් රුඨිර සාඅම්පලයක් ලබාගෙන පසුව,
ඔහුට ග්ලුකෝස් ග්‍රෑම් 75ක් වතුර 250ml පමන දියකර බොන්න සලස්වා පැය 2කට පසු නැවත රුඨිර සාම්පලයක් ලබා ගන්නවා(ඇතම් විට ආවස්ථා 2දීම මුත්‍රා සාම්පල්ද ලබා ගන්නවා.)



සාමාන්්‍ය නිරාහර රුඨිර ග්ලුකොස් සාන්ද්‍රනය 3.9-6.1 mmol/l
දියවැඩියා තත්ත්වයෙදි එය 7mmol/l දක්වා හො ඊට වඩා වෙවැඩි වෙනවා

2HAG(එනම් ග්ලුකොස් දීමෙන් පසු) සාමාන්ය රුඨිර ග්ලුකොස් සාන්ද්‍රනය 4.4-7.8mmol/l
දියවැඩියා තත්ත්වයෙදි එය 11.1mmol/l හෝ ඊට වඩා වැඩි වනවා.මෙමගින් දියවැඩියා තත්ත්වය හදුනාගන්න පුලුවන්.......

දියවැඩියාව silent killer කෙනෙක් .එම නිසා අවබෝදයෙන් හා අවදානයෙන් සිටීම වැදගත් කියා මා සිතනවා..
මෙම ලිපියෙන් දියවැඩියාව පිලිබදව හා එය හදුනා ගන්නා ආකාරය පිලිබද දල අවබෝදයක් ලැබෙන්න ඇතැයි සිතනවා

නංගි ඔ‍ටුවා ලියයි


මේ සිද්ධිය වෙනකාලේදි එයාට වයස 6ක් විතර ඇති. කොහොමහරි ඉස්කොළේ නිවාඩු කාලේ දවස් වල අපි ගියා අම්මලගේ ගමේ. නංගිත් ආවා එයාගේ නිවාඩු කලේ දීපු වැඩත් අරගෙන.
එහේ ගිහින් දවසකට විතර පස්සේ අම්මා කිවුවා නංගිට ඉස්කොළේ වැඩ ඉක්මනට ඉවර කරන්න කියලා. එතකොට ඇති තරම් සෙල්ලම් කරන්න පුලුවන් කියලා. මම ශිෂ්ශත්වේ ලියලා හිටිය හින්දා මට වැඩ නැහැ.

ටිකකට පස්සේ මෙයා කියනවා " ඔ " යන්නෙන් පටන් ගන්න වචන 10 ක් කියන්නලු. දැන් ඉතින් ආච්ච්යි, නැන්දලයි මෙයාට කියනවා එක එක එවා. මෙයත් ඉතින් ලියනවා.

ටිකකට පස්සේ අම්මට මතක් වුනා ඔ‍ටුවාව. අම්මාත් ඉතින් නංගිට කිවුවා.
දැන් නංගි කියනවා වචනේ වචනේ කඩලා කියන්නලු.
අම්මත් ඉතින්, "ඔ" , "ටු" , "වා" කියලා කිවුවා.

දැන් ඉතින් හරි වචන 10ම තියෙනවා නේ, :D
එත් ඉතින් අම්මා ඉල්ලගත්තා පොත බලන්න හරිද කියලා...........
මෙන්න බොලේ අපේ අම්මා හෙනට හිනා වෙනවා.................
පොත ගත්තමයි මටත් තෙරුනේ වැඩේ.
මෙන්න මෙහෙමයි නංගි ඔ‍ටුවා ලියලා තියෙන්නේ









ඔ2වා


කොහොමද නංගිගේ වැඩ :D :D

ගැහැණු ළමයිනේ
















ජීවිත කාලයක් පුරාවට
හසරැලින් මල් මැසූ ගවුම්පොඩි,
දඟ කතා ගොතා සැදු කළාලය,
අම්මගේ උණුහුමේ-
සුවඳ ගත් පොරෝණය,
කප කපා නෙත පිනූ පින්තූර
අලවලා නිම කෙරූ සිහින පොත,

ගෙන යන්න වෙන්නේ නැහැ..
ගැහැණු ළමයිනේ,
ඇඟිලි බැඳ රන් හුයෙන්
නික්ම යන හෙට දාට...

විසිරුණු . . .



විටෙක 
දැවී අවසන
දැල්වෙන එළි දිහා
ඇස් දල්වාන හිඳ
පවනට මුහුව
විසිරිලා යන
අළු බිඳක් 
. . . මම . . .

෴෴෴෴෴෴

නියම සිංහලයෙක්ද ? නියම ශ්‍රී ලාංකීක දමිල හිතවතෙක්ද ?

Thursday, June 23, 2011

උඹ නියම සිංහලෙක්ද ? උඹ නියම දෙමලෙක්ද ? එහෙනම් තවත් අත් දෙක බැඳගෙන කාලකන්නි වගේ ගිල ගිල ඉන්නේ නැතුව නැගිටපං. සුද්දා ඇවිත් උගේ පස්ස අපේ මූනේ අතුල්ලනකල් කට ඇරන් බලන් ඉන්නවද ? ඇඳුම් අඳින්නේ හෙලුව වහගන්නද ? නැත්නම් හැමෝම අඳින නිසාද ? නොදකිං… යකෝ එක එකාට තමන්ගේ කටට චූ කරන්න ඉඩ දෙන්න එපා. උඹලා මොන පක්ශෙට හුරේ දැම්මත් කමක් නෑ. තමන්ගේ රට ගැන කතා කරද්දි පක්ෂෙට හෙන ගැහුවත් රට වෙනුවෙන් වැඩ කරපල්ලා. පක්ෂ ඕන තරම් ආයේ හදන්න පුලුවන්. ඒත් රටක් නැති උනොත් නැති උනාමයි. මොකෝ පස් ගොඩ කරලා ආයේ වෙන තැනක එකක් හදාගන්නද ? ඔලුව තියන්නේ ඔන ඕවා කල්පනා කරන්න.
එහෙන් අර මූන් කාරයා මගුලක් හදාගෙන දඟලනවා. අපේ කාලකන්නිත් දෙපැත්තකට බෙදිලා ඒ වාර්තාවේ අරක හරි. මේක වැරදියි කිය කිය පක්ෂ වලට බෙදිලා පොරවල් වෙන්න දඟලනවා. මමත් දවසක් අහගෙන හිටියේ අලි පක්ෂේ ගම්පහ ඵැත්තට කිට්ටුවේ මන්ත්‍රී කෙනෙක් තවත් එතුමාගේ හිතවතෙක් එක්ක කතා කරනවා ඒ වාර්තාවේ අරව හරි මෙවා හරි කිය කිය. මමත් එතන එහා පුටුවේ ඒ කතාවට සම්බන්ධ වෙලා උන්නු නිසා මමත් බය නැතුව කියන්නේ. අර පොඩි පොඩි වැරදි නිසා උන් මූන් ට විරුද්ධව කතා කරන්නේ නැහැ ලු. ඔන්න අපේ රටේ සිංහල මිනිස්සු.
රටට මොන රෙද්ද උනත් කමක් නෑ. කොතනින් හරි තමන්ට වාසියක් වෙනවා නම් එච්චරයි. ඒ වාර්තාව ගැන කතා කරලා ඒකෙනුත් ආණ්ඩුව පෙරලෙන එක ගැන තමයි කතාව. ආණ්ඩුව පෙරලගත්තම ඔක්කොම හරි යයි. ආණ්ඩු එකක් නෙමෙයි සීයක් උනත් පෙරලන්න පුලුවන් අපිට අපේ කියලා රටක් ඉතුරු උනොත්. මේ වගේ කාලකන්නිත් අපේ රටේ මැති ඇමති වරු කරවන එවුන්ටයි ගහලා මරන්න ඕන.එහෙන් අර චැනල් 4 තව අලුත් සෙල්ලමක් පටන් අරගෙන. දැන් අපේ ලොකු ලොක්කොත් ඒකෙන් ආතල් ගන්නවා. ආණ්ඩුව කියනවා ඒක බොරුවක් කියලා (හැබැයි එච්චරම තමයි.. ප්‍රතික්ෂේප කරනවා මිසක් ඒවා බොරු කියලා ඔප්පු කරන්න ඕන කමක් නෑ). ප්‍රධාන විපක්ශ දෙක ආණ්ඩුවට වැරදි කියනවා. ඒ අස්සේ අපේ මී හරක් ටිකත් ඒ දෙකට හුරේ දදා ඉන්නවා. නොදකින් මෙහෙමත් මෝඩයෝ රැලක්. රටට හෙන ගැහුවත් ලොක්කොන්ට ඉන්න තැන් ඕන තරම් තියනවා. ඒත් තොපිටයි යන එන මං නැති වෙන්නේ.
මහා ලොකුවට තොරතුරු සන්නේවේදන තාක්ශණය පාසල් විෂය ධාරාවට ඇතුල් කරාට ඔය ලොකු පුටු වල ඉන්න එකෙවත් එල්.ටී.ටී.ඊ එවුන් තරම් වත් මේ තාක්ශ්ණෙන් ප්‍රයෝජන අරගත්තේ නෑ. ඒ අතින් කොටි අපිට වඩා දක්ශයි. අපේ මිනිස්සු එකතු වෙලා යූ ටියුබ් අර ටියුබ් මේ ටියුබ් අපේ ලමයින්ගේ මනස වනසනවා එවා තහනම් කරන්න ඕන කියලා කෑ ගහන්න විතරයි දන්නේ. ෆේස්බුක් මාරයා ලු. ට්වීටරේ තවත් මාරයෙක්ලු. ඔච්චර තමයි දන්නේ. මහ ලොකු සිංහලයා. අරුන් හොඳට ඒ තුන පාවිච්චි කරලා ලංකාව ගැන කරන්න පුලුවන් බොරු ප්‍රචාර සේරම කරනකොට අපේ එල හරක් ඒවා බ්ලොක් කරන්න කතා කරනවා.
ඒකත් නිකං අහක ඉන්න එකෙකුට කතා කරලා මගේ කටට චූ කරපන් කිව්ව වගේ. තවත් ඔය ලොකු පුටුවල ඉන්න අපේ එවුන්ට බැරි උනා එවායෙන් හරි ප්‍රයෝජනයක් ගන්න. උන්ට බැරි දේ අපිවත් කරමු. කරලා පෙන්නමු. මම දන්නවා ඕන තරම් අපේ කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා වීඩියෝ සංස්කරණය කරන්න දන්න. මේ අවස්තාව උඹලගේ. ඉගෙන ගත්ත දෙවල් වලින් රටට වැඩක් කරපන්. සල්ලි හම්බ වෙන්නේ නෑ මේවා කරාට. ඒත් අත පය දිග ඇරලා ඉන්න රටක් හම්බ වෙයි. උඹට නැතත් උඹගේ අනාගත පරපුරටවත්. වරෙන් එකතු වෙයන්. අපි පෙන්නපු මේ පුංචි රටේ ඉන්න යුධ අපරාධ කාරයෝ කියලා හංවඩු ගැහිච්ච රටේ මිනිස්සුන්ගේ වැඩ. සිංහල වෙච්ච අපි ඇත්තටම අපි ගැන ලැජ්ජ වෙන්න ඕන. දෙමල මිනිස්සු කවදාවත් අපි වගේ ගොං වැඩ කරන්නේ නෑ. අපිට උන්ගෙන් ඉගෙන ගන්න වෙනවා.

මල්ලි කිව්ව බොරැල්ල යටි මගේ කතාව...

ඉතිං කොහොමද යාලුවනේ...?? ඔන්න මාත් අද පටන් සිතිවිලි පවුරට එකතු වුණා. නමෝ විත්තියෙං  සිතිවිලි පවුරෙ  කුරුටු ගාන පළමුවෙනි පෝස්ට් එකනෙ.... අලුත් දෙයක් ලියන්න හිතුවට අද නම් වෙලාවක් නැති වෙයි. ඒ හන්ද මම කලින් ලියල තිබුණු ඒත් අපේ යාලුවන්ට වැදගත් වෙයි කියල හිතුණ දෙයක් කියන්නයි මේ සූදානම...ඔයාල මගේ  ජනූගෙ සටහන් බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්නව නම් එකේදි මේක දැකලත් ඇති...
වැල් වටාරම් ඇති දැන්... නියම කතාවට එමුකො....
 කෝ බලන්ඩ.... බොරැල්ලෙ උමං පදික මාරුව ඇතුලෙදි පාර වැරදුන අය එහෙම ඉන්නවද මෙතන???
ලැජ්ජා වෙන්නෙ මොකටද මම නම් කැම්පස් ආව මුල් කාලෙ ඔය උමගෙ දෙතුන් පාරක් වැරදිලා පඩිපෙල නැගල බැහැල තියෙනව...
උදේ හවස කලබලේට  බොරැල්ල පසුකරන මගී ජනතාව ඔය යටිමගේ පාරවල් වැරදිලා ආයෙමත් එහා මෙහා ඇවිදින හැටි මම දැකල තියෙනව..
ඇත්තටම මෙහෙම වෙන්නෙ ඇයි??
ඔතනදි සම්බන්ධ වෙන්නෙ පාරවල් පහක් වුණත් අපි පාරවල නමින් මතක තියාගෙන නැහැනෙ...
ඒ වුණාට අපි  යායුතු පාර සහ හැරෙන්ඩ ඕ නෙ කොහෙටද කියල උමගට බහින්ඩ කලින් අපි දන්නව...
අපිව අතරමං වෙන්නෙ උමග ඇතුලෙදි පාරවල් අඳුනගන්ඩ ගියාම නෙ...
දවසක්දා මල්ලියි මමයි ඔය උමග ඇතුලෙන් යන්ඩ යනව...
ඔයා කවදාවත්ම මේක ඇතුලෙ පාර වැරදිලා ගිහින් වෙන තැන්වලින් මතු වෙලා නැද්ද???
මං ඇහුව
ගියා එක දවසක්.. ආයෙ නං වරදින්නෙ නෑ...
මල්ලි හිනා වුණා
ඇයි ආයෙ වරදින්නෙ නැත්තෙ??
එදා මං නැවතිලා හොඳට බැලුව
උමග පාවිච්චි කරන හැමෝටම කියවන්ඩ කතා කරන්ඩ බෑ නෙ....ඉතිං මොකක් හරි විදියක් කියෙන්ඩ ඕනෙ නෙ ඒ වගේ ආබාධිත අයට..මං ඒ විදිය හෙව්ව
එතකොට මං හොයාගත්ත විදිය....
ඒ මොකද්ද ඒ??? මං ඇහුවෙ පුදුම වෙලා
මෙහෙමනෙ... අර බලන්ඩ පේනවද ඔය උමං කට ට වහලයක් තියෙනව... හොඳට බලන්ඩ ඔය හැම වහලයකම ගාල තියෙන්නෙ වෙන වෙන පාටවල්....
ඇත්ත නේන්නම්... කහ, මෙරුන්,නිල්, කොළ කලු.... පාට පහයි
දැන් ඔයා උමගට බහින්ඩ කලින් බලාගන්ඩ ඔයා යන්ඩ ඕනෙ පාරෙ වහලෙ ගාල තියෙන පාට මොකද්ද කියල...
දැන් අපි යන්නෙ 154 බස් එකක් ගන්ඩ බොරැල්ලෙ වෙළඳ සංකීර්ණෙ ලඟටනෙ... බලන්ඩ ඒ වහලෙ මෙරුන් පාටයි නෙ...
දැන් බහිමු පහලට...
පඩි පෙළ බැහැල අපි උමග ඇතුලට ගියා...
දැන් බලන්ඩකො ඔයාට පේනවද උමගෙ ටයිල් බිත්තිවල පාට ටයිල් තීරුවක් තියෙනව...
ඔවු.........!
ඒ ඒ වහලෙ පාටට  තමයි ඒ ඒ පාරට අයත් උමං  බිත්තිවල ටයිල් අල්ලල තියෙන්නෙ...
දැන් ඔයාට තියෙන්නෙ මෙරුන් පාට ටයිල් අල්ලල තියෙන බිත්ති හොයාගෙන ඒ දිගේ යන එකනෙ
යනකොට උමග ඇතුලෙ පඩි පෙළ ඉවර වෙලා එළියට එන තැන බිත්තියෙ ඇති ඒ ඒ පාටට අදාල ටයිල් මියුරල් එකකුත් තියෙනව පෙනේවි...
ශා නියමයිනෙ...මම දැනගෙන හිටියෙ නෑ ඒ ගැන... අනික කලබලේ දුවන කොට ඒව බලන්ඩ මතක් වෙනවයැ
දවසක් මම බස් එකේ බොරැල්ල හන්දිය පහු කරන ගමන් මේ සිද්ධිය මතක් වෙලා හිනාවක් ගියා. ඒ එක්කම හිතුන මේ ගැන මගෙ සයිබර් යාලුවො එක්කත් බෙදාගත්ත නං හොඳයි නේද කියල. මේ ගැන බ්ලොග් එකේ ලියන්ඩ හිතිල නං දැං ටික දවසක්.. ඒත් මට හොයා ගන්ඩ බැරි වුණා මේ ගැන කිසිම තොරතුරක් වෙබ් අවකාශෙං...
අඩුම ගානෙ පින්තූරයක්වත් මේක පැහැදිලි කරන්ඩ උදව් වෙන....!
ඒ පාර තමයි ගූගල් අර්ත්  මගෙ පිහිටට එන්නෙ...මේ තියෙන්නෙ බොරැල්ලෙ යටි මග සම්බන්ධ වෙන පාරවල් ගුවනේ ඉඳල පේන හැටි...
මේකත් බලන්ඩකො??  නිල් පාට වහලෙ නම් හඳුනා ගන්ඩ පුලුවන් වෙයි...
ඔන්න අද ඔයාල ගෙදර යන්නෙ බොරැල්ල පහු කරල නං මේ ගැන ටිකක් විමසිලිමත් වෙන්ඩ අමතක කරන්ඩ එපා..
ඒත් ඉතිං වහලෙ පාට බලා ගන්ඩ නං ටිකක් මහන්සි වෙන්ඩ වෙයි... ටෙලි නාට්‍ය වල  මූණු තියෙන මහ විසාල බෝඩ්වලින් මේ හැම වහලයක්ම වගෙ වැහිල නෙ...මේ රවුම් ටික ඇන්දම තමයි තේරුණේ ටිකක් හුරු පුරුදු පාටවල් ටිකක් නෙ කියල
මේ බලන්ඩකො....!!!!
එහෙනම් ඔයාල හැමෝටම සුබ ගමන්!!!!!!!
විශේෂ ස්තූතිය අපේ මල්ලිට!!!
පින්තූර හොයා ගත්තෙ
viviankc.blogspot.com
හා Google Earth

රිටි පන්නේ


මාලුනේ....
අනේ පින්සිද්ද වෙයි
පිලිගනින් මේ ඇම
සුද්දිගෙ
මේ පොටෝ එකට විතරක්
පොඩි එකීගෙ
ටියුසන් පීස් ගැන හිතලවත්...

පි‍ටු පෙරලපු ගාන