හිත සුද්ද කිරීම නොහොත් (හ්ම්ම් ලස්සනයි ලස්සනයි.. හැබැයි.. අංක 2 )

Friday, May 18, 2012

රෙදි හෝදනවා රින්සෝ දාල කුණු යන්නේ නැහැනේ. දාමු බ්ලීච් ටිකක්.
 ආ.  ඔය තියෙන්නේ ගින්දර වගේ සුදට.. 
නොදකින් අර හොල්මන පද්ද පද්ද යනහැටි.. ඊරිසියාවේ බෑ තුක්  විතරක්.. 
 (මාත් ඔයවගේ තමයි යනවා ඇත්තේ..මට පෙනෙන එකක්යැ..  
ගෑනි ලස්සනයි.. ඒ වගේ ඇඳුමක් මට ගැලපෙන එකක් නැහැ..
ටිකක් ඇවිදලා  බලන්න ඕන  ඒ වගේ.  හික්..  නියමයි.. ) 
ගෙදර යකා නටලා.. අතුගාන්න ඕන.. ඔන්න දැන් ඉතින් නියම පිරිසිදුයි  .. 
 වැඩක් නෑ ඉතින් ..හපොයි මේ යකාට ගේ හැඩි නොකර ඉන්න බැරි හැටි.. 
මමත් ඉඳල ඉඳලා හොයාගත්තා මිනිහෙක්.. චික්.. (ඒ උනාට ඉන්නකොට හිතට 
හොඳයි.. කෝ බලන්න ? ඊයේ පාන් කියන්න බැරුවනේ ගෙදර ආවේ.. 
වෙන රස්සාවක් තිබුනා නම් හොඳයි.. පවු..)
අල්මාරිය අස්පස් කරලා දැම්මොත් හොඳයි වගේ .. ඔන්න එකත් හරි .. 
ශික් එතකොටයි මතක් උනේ.. ඇඳුම් තිබ්බට ඇති වැඩේ මොකක්ද ?
 මු මාව හරි හමන් ගමනක් එක්ක ගිය කාලයක් මතක නැහැනේ..  
( එයත් ඉතින් හරකා වගේ වැඩ කරන ඒක විතරයිනේ.. එහෙම 
නොකලොත් කොහොමද ළමයින්ගේ වියදම් හොයන්නේ ? ළමයින්ට 
හොඳම දේ දීල අපි ඉතින් දුක් විඳිනවා තමයි. එත් ඉතින් දෙන්නමනේ..)
අම්මෝ දාඩිය.. මුළු ඇඟම ගඳයි.. යන්න ඕන නාගන්න.. හ්ම්ම්  දැන් හරි 
සනීපයි  ඉතින් ඇඟ පිරිසිදු උනානේ.. 
චික්.. මේ ජරා සබන්වල කිසි සුවඳක් නෑ.. මෙවුව හදන උන් හැඳි ගෑවිලා යන්න ඕන.. 
(නෑ   ඒ උනාට ඔය සුවඳ වැඩි සබඳතාවල දාල තියන කෙමිකල් සරීරෙට
හොඳ නැහැනේ. ඒක අතකින් සුවඳ නැතත් මොකද පිරිසුදු වෙනවා නම් )
මේ ගවුම හොඳද  ? නෑ.  මේක හොඳයි..  ම්ම්  මං තාම හැඩයිනේ.
කෝ අපේ බුරුවට පෙනෙයිද මගේ ලස්සන ?  
වෙන ගෑනියක් නම් ලස්සනට පෙනෙයි..  තුක්.. (එහෙම හිතන්නත් බැහැනේ..
අද උදෙත් මාව ඉඹලානේ  ගියේ.. එයත්  ඔහේ අහුවෙච්ච එකක් ඇඳගෙන යනවා.. 
පවු.. ඉස්සර වගේ හැඩ වෙන්න ඉතින් වෙලාවක් කෝ? )
දාගන්න ඕනා සෙන්ට් ටිකක්.. ආ  ම්ම් නියමයි ..
කොච්චර පරණද මේ සෙන්ට් ඒක ? අරන් දුන්නේ කවද්ද කියල 
මතකත් නැහැ. මේ යකාට දැන් මං ගැන ගානක්වත් නෑනේ..  
ෂුවර් එකකට හොර ගෑනියෙක්වත්  ඇති..  වරෙන්කො අද ගෙදර.. දෙන්නම් ..
 ( නෑනේ.  එයාටත් රැවුල කපල ගාන්න ආෆ්ටර් ශේවු එකක් වත් නැහැනේ.. 
තමුන්ට කියල කිසිදෙයක් ගන්නෙත් නැහැ.. පවු ඉතින්  )
රෙදිත් පිරිසිදුයි
ගේත් පිරිසිදුයි පිළිවෙලයි 
අල්මාරිය නීට් 
ඇඟත් පිරිසිදුයි  
පෙනුමත් බොහොම හැඩයි..
සුවඳත් එක්ක ම්ම්  .. අද නම්...ම්ම් ..  හිතත් හොඳයි.. 
හ්ම්ම් .. ඕන නෑ.. අදත් බොරුවට බුම්මගෙන ඉන්නවා  .. පාඩමක් උගන්නන්න .. 
හික්...  වැඩක් නෑ 
ඉතින් ඔය මනුස්සයත් එක්ක වැඩි වෙලාවක් බුම්මන් ඉන්නත් බැහැනේ..හික්.. 
(කමක් නැහැ ගෑනු ගතියනේ... )

හ්ම්ම් ලස්සනයි ලස්සනයි.. හැබැයි..

Wednesday, May 16, 2012
රෙදි හෝදනවා රින්සෝ දාල... කුණු යන්නේ නැහැනේ. දාමු බ්ලීච් ටිකක්. ආ.  ඔය තියෙන්නේ ගින්දර වගේ සුදට.. 
නොදකින් අර හොල්මන පද්ද පද්ද යනහැටි.. ඊරිසියාවේ බෑ තුක්  විතරක්.. 
ගෙදර යකා නටලා.. අතුගාන්න ඕන.. ඔන්න දැන් ඉතින් නියම පිරිසිදුයි  .. 
 වැඩක් නෑ ඉතින් ..හපොයි මේ යකාට ගේ හැඩි නොකර ඉන්න බැරි හැටි.. මමත් ඉඳල ඉඳලා හොයාගත්තා මිනිහෙක්.. චික්..
අල්මාරිය අස්පස් කරලා දැම්මොත් හොඳයි වගේ .. ඔන්න එකත් හරි .. 
ශික් එතකොටයි මතක් උනේ.. ඇඳුම් තිබ්බට ඇති වැඩේ මොකක්ද ? මු මාව හරි හමන් ගමනක් එක්ක ගිය කාලයක් මතක නැහැනේ..  
අම්මෝ දාඩිය.. මුළු ඇඟම ගඳයි.. යන්න ඕන නාගන්න.. හ්ම්ම්  දැන් හරි සනීපයි  ඉතින් ඇඟ පිරිසිදු උනානේ.. 
චික්.. මේ ජරා සබන්වල කිසි සුවඳක් නෑ.. මෙවුව හදන උන් හැඳි ගෑවිලා යන්න ඕන.. 
මේ ගවුම හොඳද  ? නෑ.  මේක හොඳයි..  ම්ම්  මං තාම හැඩයිනේ.
කෝ අපේ බුරුවට පෙනෙයිද මගේ ලස්සන ?  වෙන ගෑනියක් නම් ලස්සනට පෙනෙයි..  තුක්.. 
දාගන්න ඕනා සෙන්ට් ටිකක්.. ආ  ම්ම් නියමයි ..
කොච්චර පරණද මේ සෙන්ට් ඒක ? අරන් දුන්නේ කවද්ද කියල මතකත් නැහැ. මේ යකාට දැන් මං ගැන ගානක්වත් නෑනේ..  ෂුවර් එකකට හොර ගෑනියෙක්වත්  ඇති.. 
 වරෙන්කො අද ගෙදර.. දෙන්නම් .. 

රෙදිත් පිරිසිදුයි
ගේත් පිරිසිදුයි පිළිවෙලයි 
අල්මාරිය නීට් 
ඇඟත් පිරිසිදුයි  
පෙනුමත් බොහොම හැඩයි..
සුවඳත් එක්ක ම්ම්  .. අද නම්...ම්ම් .. හ්ම්ම් .. ඕන නෑ.. අදත් බුම්මගෙන ඉන්නවා  .. පාඩමක් උගන්නන්න 

ඒත් හිතනම් බොහොම අපිරිසිදු වෙලා නේද ? ඒක පොඩ්ඩක් හේදුවොත් හොඳ නැද්ද ?

වැදගත්ම දේ අර්ථවත් බවයි..!

"Old friends pass away, new friends appear. It is just like the days. An old day passes, a new day arrives. The important thing is to make it meaningful: a meaningful friend - or a meaningful day."

පැරණි මිතුරෝ වෙන්ව යති, අලුත් මිතුරෝ හමුවෙති. හරියට දින ගතවෙන්නා වගේය. එක් දිනක් නිම වෙත්දී නව දිනක් උදාවේ.. වැදගත්ම කරුණ නම්, එය අර්ථවත් බවට පත් කිරීමයි..: අර්ථවත් යහළුවෙක් - නැතිනම් අර්ථවත් දවසක්..!"
ඉහත දැක්වෙනුයේ ආධ්‍යාත්මික නායක දලයි ලාමා තුමන් ගේ ප්‍රකාශයකි..

මේ ප්‍රකාශය කොතරම් කාලෝචිත දැයි සිතා බලමු.. අප වැඩි වශයෙන් කරන්නේ අර්ථවත් දෑ ද? ඇසුරු කරන්නේ අර්ථවත් යහළුවන් ද?

ගතවන හැම මොහොතක් ම , කරන හැම ක්‍රියාවක්ම, ඇසුරු කරන හැම මිතුරෙකු ම අර්ථවත් නම්....! අපට අර්ථවත් ජීවිතයක් ගෙවිය හැකි වනු ඇත..!

අප අතරින් සදහටම සමුගත් සනත් විජේවර්ධන බ්ලොග් සහෘදයා ට නිවන් මඟ හෙළි පෙහෙලි කර ගැන්මට අවස්ථාව උදා වේවා...!

අරුනි ශපීරෝ නිරුවතින් – (ඡායා රූප සහිතයි )

Tuesday, May 8, 2012
අරුනි ශපීරෝ යනු බ්ලොග් අවකාශයේ කාලයක පටන් ප්‍රධාන වශයෙන් මනොවිද්යාත්මක පසුබිමක් සහිත ලිපි පලකරන්නියකි. බැලූ බැල්මට ‘acadamic’ පන්නයේ බ්ලොග් එකක් වුවද එහි යටි පෙල දුෂ්ඨ අභිප්‍රායක් (sinister motive) සහිත බ්ලොග් අඩවියකි. මේ මොහොතේ ලොව පුරා දැවැන්ත අර්බූදයකට ගොස් ඇති නව ලිබරල් ධනවාදය හා එහි ස්වාමීන් වන ඇමරිකානු ප්‍රමුඛ බටහිර මූල්යාධිපතීන්ට සලු පිලි අන්දවා උත්කර්ෂයට නැංග්වීම සහ අනික් අතට ඩොලර්, පවුම් වෙනුවට මනුශ්ෂත්වය උත්කර්ශයට නංවන සමාජවාදයට ගරහමින් ,පරිබව කිරීම ඇගේ අරමුන බව සියුම්ව බලන්නෙකුට වැටහෙනවා නොඅනුමානය. අරුනි එයාගේ ‘මනෝචිකිත්සක’ අයිසිං තවරා පරිධියේ අපේ රටවල මිනිස්සුන්ට ගිල්ලවන්නට තතනන්නේ, ඇමරිකාව, යුරෝපය ඇතුලු බටහිර සුරංගනා කතාවය. මේ ‘මොල සෝදන්නිය’ගේ සැබෑ වත හෙලිදරව් කල යුතු වන්නේ එබැවිනි.

අරුනීට අනුව මිහිපිට සුරපුර ඇමරිකාවය, ශාන්තුවරුන්ට සමාන පද යනු කෙනඩිලා, නික්සන්ලා, ජොන්සන්ලා,රේගන්ලා, බුෂ් තාත්ත පුතාලා, ඔබාමලා වැනි ඇමරිකන් නායකයන්ය. කැස්ත්‍රො, චේ,මාඕ,හෝ චි මින්,ලෙනින්, කාල් මාක්ස් යනු සාතන්ට සමාන පදය. නමුත් සත්‍ය නම්, මූල්‍ය, තෙල් හා ආයුධ ජාවාරම්කාර කොම්පැනි අධිපතීන් අත්ලොස්සක් විසින් හසුරුවන අද වනවිට ගරා වැටෙන මේ ඇමරිකන් අධිරාජ්‍ය ගොඩ නගා ඇත්තේ හා පවත්වා ගෙන යන්නේ ලතින් ඇමරිකාව, ආසියාව ඇතුලු තුන් වන ලෝකයේ මිනිසුන්ගේ ලේ, කඳුලින් පෙඟුනු ඉතිහාසයක් මත බවය.

පොලොව නුහුලන සමූලඝාතන, ජන සංහාර, කොල්ල කාරී සූරාකෑම්, මහා පරිමාන පරිසර විනාශයන් ,රාජ්‍ය නායකයන් ඇතුලු පුද්ගල ඝාතන, නින්දිත කුමන්ත්‍රණ පිරුනු අධම ක්‍රියාදාමයකට සිය ස්වාමීන් ,ව්‍යාපාරික සඟයන් වෙනුවෙන් අණ දුන් ඇමරිකන් පාලකයන් සැබෑ සාතන්ලා බව වසං කිරීම අරුනිලාගේ වගකීමය.

යුධ විරෝදී, වදහිංසා විරෝදී වෙස්මුහුන පැලඳ සිටින අරුනි වධකාගාරයක් ගැන කීමට අවැසි වූ විට පුදුමාකාර ලෙස මතක් වන්නේ මීට වසර 70කට 80කට පෙර තිබූ ස්ටාලින්ගේ ගුලාග්ය. ඊටත් දශකයකට හමාරකට පසුව ඇරඹි හිට්ලර්ගේ අවුට්ස්විට්ස් මතක් වන්නේද කලාතුරකිනි, පුදුමය වන්නේ අදටද පවත්වාගෙන යන ගුවන්ටනාමො බේ වදකාගාරයද, මෑතක් වෙනතුරු තිබුන කුප්‍රකට අබු ගරිබ්, බග්‍රාම් ඇතුලු ලොව පුරා රහසිගතව පවත්වාගෙන යන ඇමරිකානු වධකාගාර, ඝාතකාගාර අරුනීට මත්ක් නොවීමය. බොහෝ බටහිර රටවලට හිසරදයක් වී ඇති රෝගයකි ‘Alzheimer’s disease’ මෙය වැලඳුන අයට දශක ගනනාවකට පෙර සිදුවූ දේවල් මතක තිබුනද, මෑතකාලීන මතකය හෝ දෛනික කටයුතු අමතක වේ. අරුනි ‘Alzheimer’ ශපීරෝද සැබෑ ලෙසම වධකාගාර විරෝදියෙක් නම් මේ සියල්ලටම එක ලෙස විරුද්ද විය යුතුය, සිය ලිපි වල වදකාගාර ගැන ලියන විට ගුලාග් මෙන්ම බග්‍රාම්ද මතක් විය යුතුය. මේ ගැන ප්‍රශ්න කල විට අරුනි දෙන්නේ………….“.ඔබාමා ආවේ ගුවන්ටනමො බේ වහන්නය..ඒත් තවමත් බැරි උනාය….ඒවයේ ඉන්න ‘අමානුශික ත්‍රස්තවාදීන්’ උන්ගේ රට වලින් භාර ගන්නෙත් නැතිය……වධ හිංසා කල අයට දඩුවම් දුන්නාය”………….වැනි හාස්‍ය ජනක දියාරු උත්තරය. හරියට නිකං යන එන මං නැති ‘අමානුශික ත්‍රස්තවාදීන්’ ගැන හිත උනු වෙච්ච ඔබාමා, සුබ සාධන මධ්‍යස්තානයක් පවත් වාගෙන යනවා වැනි ආකාරයටය. අවුරුදු 10කටත් වැඩි කාලයක් මේ වධකාගාර වල කලින් කලට රඳවා තැබූ දහස් ගනන් සිරකරුවන් ‘අමානුශික ත්‍රස්තයන්’ බව අරුනි දන්නවානම් ඔබාමාගේ නීති විශාරදයන් එය නොදැන ඉන්නට හේතුවක් නැත. එසේ නම් මේ ‘ත්‍රස්තවාදීන්’ කී දෙනෙක්ට නඩු දමා දඩුවම් කලාදැයි අරුනි පිලිතුරු දිය යුතුය.

හින්සකයින්ට බරපතල දඬුවම් දුන්නා යන්නද ඒවැනිම විහිලුවකි. මේ ඝාතකාගාර බිත්ති ඇතුලත දෛනිකව සිදුවූ අමානුශික වධ හිංසා වලින් එකක් දෙකක් එලියට නිරාවරනය වූ විට ලෝක අපවාදයෙන් බේරීමට පහලම තලයේ සෙබලුන් කීප දෙනෙක්ට මාස කීපයක සිර දඬුවමක් දීම අරුනි කියනා ‘බරපතළ’ දඬුවමය. හොඳම උදාහරනයක් නම් ඇෆ්ගනිස්තානයේ බග්‍රාම් වධකඳවුරේදී ඝාතනය කල අහිංසක ටැක්සි රියදුරෙක් වූ ඩිලාවර් ගේ කතාවය. අත් අඩංගුවට ගෙන දින 5ක් තිස්සේ දරුනු වධයට ලක් කර මරාදැමුනු ඩිලාවර්ගේ මරනය ගැන ඇමරිකන් හමුදාව ප්‍රසිද්ධියේ කීවේ එය ස්වාභාවික මරනයක් බවය. එහෙත් ඩිලාවර්ගේ මල සිරුරත් සමග මල පොතේ අකුරක් නොදත් ඔහුගේ පවුලේ උද්වියට ඉන්ග්‍රීසි භාශාවෙන් ලබාදුන් මරණ සහතිකයේ කඳවුරේ වෛද්‍ය වරයා එය මිනීමැරුමක් (homicide) බව සහතික කර ඇත. එහෙත් බ්‍රිතාන්‍ය ජාතික මාධ්‍ය වේදිනියක් අතට ඉහත මරන සහතිකය පත්වීමත් සමග සිද්දිය ලොවට අනාවරනය විය. දින 5හ පුරාවටම ඩිලාවර්ට නිදාගැනීමට ඉඩ නොදී ඇති අතර අත් මංචු වලින් සිවිලිමට එල්ලා දමා තිබී ඇත. ඔහුගේ පාද වලට කෙතරම් පහර දී තිබුනේද යත් ඒවා පල්ප බවට පත් වී තිබූ බව (pulpified) පසුව සිදු කල පශ්චාත් මරන පරීක්ශනයේදී හෙලිවී තිබින. මෙය හෙලිදරව් වීමත් සමග සෙබලුන් කිහිප දෙනෙකුට මිලිටරි අධිකරනයේ නඩු දැමූ අතර, ප්‍රදාන චූදිතයාට මාස දෙකක හමුදා කඳවුරක් තුලම සිර දඬුවමක්ද,කාන්තා සෙබලියකට මසකට ඩොලර් 250 බැගින් මාස 4ක දඩයක් හා නිලයෙන් පහල දැමීමක් කල අතර ඉතිරි අය නිදහස් විය. පවුලක් නඩත්තු කල අහිංසක 23 හැවිරිදි තරුනයෙකුට දින 5ක් තිස්සේ මැරෙනතුරු පහර දුන් අයට ලැබුනු අරුනිට අනුව “බරපතල” දඩුවම් ඕවාය.

ස්ටාලින් රුසියාවේ සිදුවූ ඝාතන ගැන කිඹුල් කඳුලු හෙලන අරුනිගෙන් වියට්නාමයේ හා කාම්බෝජයේ ලක්ශ 50කට ආසන්න මිනිසුන්ගේ ඝාතනය ගැන ප්‍රශ්න කලවිටද ඇය දෙන්නේ අපූරු උත්තරයකි
———-“ලොවට ම හඬ ගා සටන් වදින්නට ගිය යුද්ධයක හා තමන්ගෙ රටේ තම ජනතාවම රහසිගතව මරනා ඝාතකයන් අතරත් වෙනස දකින්න කොහෙත් ම බැරි ද?”———–
එතකොට අරුනිට අනුව ලොවටම හඬගා ගොස් වෙනත් රටක මිනී මරන්නේ වීරයන්ය..’රැම්බො’ලාය..තමන්ගෙ රටේ මිනී මරන්නන් පමනක් ඝාතකයන්ය. මේ අරුනිගේ සැබෑ මූන එලිදරව් වෙන තැන්ය. සිය බ්ලොග් සටහන් වල පණ්ඩිතමානී වදන් වලින් දවටා මේ ‘ජඩ’ ඇමරිකන් ක්‍රමය උත්කර්ශයට නංවන්නට දැඟලුවද ඇයව ප්‍රශ්න කල විට එන්නේ ඔය වැනි ගොං පාට් උත්තරය.

ඉරාකයේ මැරෙන මිනිසුන් ගැනද අරුනිගේ උත්තර ඔයිට දෙවෙනි නැත. එය ඇගේ වචන වලින් ම හා එයට මා දුන් පිලිතුරද පහත දක් වමි.
— යුද්ධය පටන් ගන්නටත් පෙර පටන් ඇමෙරිකානුවන් ඊට විරෝධය පෑවා. ගුවන්තනමෝ ගැන අප්‍රසාදය ඇමෙරිකානුවෝ පෙන්නුවේ ඒ ආණ්ඩුවේ අයගේ බලයත් අහිමි කරමින්. ගුවන්තනමෝ හි සිරකරුවන්ට අමානුෂික වදහිංසා දුන් අයට බරපතල හිර දඬුවම් ලැබුණා. බුෂ් පුතාගේ ආරක්ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆේල්ඩ්ට ඉල්ලා අස්වෙන්නට සිද්ධ වූවා. බලයේ සිටිය දී ම එහෙම ජනතා විරෝධයක් පාන්නට, සිරකරුවන්ට වදහිංසා කළ අයව හිරේ දාපු, තම ආණ්ඩුවේ නියෝග පිළිපැද අයට ඉල්ලා අස්වෙන්නට සිද්ධ වීමක් ස්ටාලින් රුසියාවෙන්, හිට්ලර් ජර්මනියෙන් හෝ අද උතුරු කොරියාවෙන් ඇහෙනවා ද?——

—— ඔව්..යුද්ධෙ පටන් ගන්ඩ ඉස්සෙල්ලා, පටන් ගත්තට පස්සේ, යුද්ධෙ ඇන ගන්න කොට..මේ හැම වෙලාවෙම “ඇමරිකානුවො” විරෝධය පානවා….වෝල් ස්ට්රීට් එකටත් විරොධය පාන්නේ “ඇමරිකානුවො”……ඒත් සිද්ද වෙන්නේ ඒ “කානුවො” කියන ඒව නෙවෙයිනෙ…..ඒවට ඉන්නව රියල් “කානුවො” අනික ඔය ‘ඇමරිකානුවො’ අප්රසාදය පෑවෙ ආණ්ඩුව ගෙදර යවල නෙමෙයි බුෂ් පුතාව දෙවෙනි පාරටත් ජනාධිපති කරල.
ගුවන්තනමොවල, අබුගරිෆ් වල, ඇෆ්ගනිස්තානෙ බග්රාම්, වගේම තව ලෝකෙ පුරාම රහසි ගතව පවත්වාගෙන යන වධකාගාර වල සිද්දි කීපයක් එලියට ආවම..ලෝක ලජ්ජාවෙන් බේරෙන්න, මේවාට අණ දුන්නු, වධකාගාර පවත්වාගෙන ගිය, වදදීම් නීතිගත කල..ලොක්කොන්ට ප්රමෝශන් දීල බොරුවට..පහලම ‘සෙසු නිලයන්’ කීප දෙනෙක් මාස කීපයකට හිරේ දාපු එකද ඔයා මේ බරපතල දඬුවම් කියන්නේ………. ඕවා හොඳයි කොන්ඩෙ බැඳපු චීන්නුන්ටයි බැන්කි මූන්ටයි. ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්ට ගෙදර යන්න උනේ ඔයා කියන ‘ජනතා විරොධයකට’ නෙමෙයි..හමුදාව තුලින් ඔහුගේ අතිශය දුර්වල යුධ නායකත්වයට හා මූලොපායික අසමත්කමට එරෙහිව නැගුනු විරොධය නිසා…අරුනි ඔයාගෙ කැත ඇමරිකන් ගැතිබව වහ ගන්න බොරු කීම වහා නවත්තන්න.”————

එයට යමක් එක්කරනවානම් කිව හැක්කේ, ඇමරිකානුවන් බුෂ් ව දෙවෙනිවතාවට තෝරා ගන්නේ යුධ විරෝදී ස්තාවරයක් ඉදිරිපත් කල සෙනෙට් සභික ජෝන් කෙරී (Senetor John Kerry) පරාජයට පත් කරමින්ය. රම්ස්ෆෙල්ඩ් සම්බන්ඳ සත්‍ය කතාවද දක්වා ඇති ලෙසම අරුනිගේ බොරුවට හාත්පසින්ම වෙනස්ය. ඔහුට ඉල්ලා අස් වන්නට සිදුවෙනුයේ ඔහුගේ අතිශය දුර්වල යුධ සැලසුම්(abysmal military planning) හා මූලොපයික අසමත්කමට (lack of strategic competence) එරෙහිව මිලිටරිය තුලින් නැගුනු ජෙනරාල්වරුන්ගේ කැරැල්ල (Generals Revoult) ලෙස හැඳින්වූ විරෝධය හේතු කොට ගෙනය. එනම් අරුනි මවා පානා ලෙස යුධ විරෝදී ඇමරිකානුවන්ගේ බලපෑමට නොව ඇත්ත වශ්යෙන්මනම් යුධකාමීන්ගේ බලපෑමටය.

දැන ,දැන මේ ගල් පැලෙන බේගල් අරුනි ඇද බාන්නේ ඇගේ දුශ්ඨ අභිප්‍රාය (Sinister Motive ) එනම් ලංකාවේ මිනිසුන්ට ‘මහා ඇමරිකානු’ සුරංගනා කථාව ගිල්ල වන්නටය.

අනෙක් අතට ලෝකයේ බිහිවූ විශිෂ්ට දාර්ශනිකයෙක් වූ, ධනවාදය තුල කොන්කර ඇති දුක් විඳින මිනිසුන්ගේ නිදහස, විමුක්තිය වෙනුවෙන් දාර්ශනික මතවාදයක් ඉදිරිපත් කල ‘කාර්ල් මාක්ස්’ (Karl Marx) අරුනීට නයාට අඳුකොල මෙන්ය. මාර්ක්ස්ට පරිබව කිරීමෙන් ඇය මහා කාලකන්නි සතුටක් ලබනවා විය යුතුය. මෙය කෙතරම් තුච්ච නින්දිත ලෙස කරනවාදැයි කීවොත්, අරුනි ‘ස්වානුරාගී මනෝව්‍යාධිකයා’ නමින් ලියන ලිපියක, ලැබූ ස්වාධීන ජයක්, පෙන් වූ කුසලතාවයක් හෝ අනුන්ට කරන ලද යහපතක් නැති ‘ස්වානුරාගී මනෝව්‍යාධිකයෙකුට’ උදාහරණ ලෙස දක්වන්නේ ‘මාර්ක්ස්’වය. මාර්ක්ස්ගේ මතවාදයන්ට වෙනස් මත දරන බුද්ධිමතුන්, දාර්ශනිකයන් පවා, මාර්ක්ස් ලොව පහල වූ විශිෂ්ඨ චින්තකයෙකු බව එක හෙලා පිලිගනියි. නූතන සමාජ විද්‍යාවේ නිර්මාතෘන් ත්‍රිත්වය ලෙස ‘Emile Durkheim’,'Max Weber’ සමග දක් වන්නේ මාර්ක්ස්වය. එන්ගලන්තයේ ‘B.B.C’ සේවාව 1999දී දෙවන සහස්‍රකයේ (millannia) බිහිවූ විශිෂ්ඨතම චින්තකයා ලෙස පාඨක චන්දයෙන් තෝරන්නේ කාර්ල් මාක්ස්වය. වසරේ මානව හිතවාදියා ලෙස වරක් තෝරාගනු ලබන ඔස්ට්‍රේලියානු දාර්ශනිකයෙක් වන ‘Peter Singer ‘ සඳහන් කරන්නේ මාර්ක්ස්ගෙන් ලෝකයට වූ බලපෑම ලොව ප්‍රදානතම ආගම් දෙකේ කතෘන් වන ජේසුස්ගෙන් හා ප්‍රොෆ්ට් මොහොමඩ්ගෙන් සිදුවූ බලපෑම සමග සැසදිය හැකි බවයි. ඇමරිකාවේ ඉහලම විශ්ව විද්‍යාල ලෙස සැලකෙන,’Harvard ‘,’ Princeton’, ‘Yale ‘ එන්ගලන්තයේ ‘Oxford’,'Cambridge’ ඇතුලු ලොව බොහෝ විශ්ව විද්‍යාල වල කාර්ල් මාක්ස්ගේ ඉගැන්වීම් සම්බන්ඳ විශයයන් සාකච්චා කරයි.

ලොව තුල මෙතෙක් පහල වූ විශිෂ්ඨයන් සුලු පිරිස අතරට ගැනෙන, සම්භාවනාවට පාත්‍ර වන කෙනෙක් , පෙන් වූ කුසලතාවයක් නැති ‘ස්වානුරාගී මනෝව්‍යාධිකයෙකු ලෙස හඳුන්වන අරුනි කොතරම් මනෝ ව්‍යාදියකින් පෙලෙන්නෙකුදැයි සිතා ගැනීම අපහසු නොවනු ඇත. මාර්ක්ස් වැනි දැවැන්තයන් හමුවේ අරුනි හෝ අරුනිගේ පොලිටිකල් ‘දෙවියා’ රොන් පෝල් මොන කැරපොත්තන්ද?

සමූහ ඝාතක අවි ඇතැයි, ලෝකයට කප්පරක් බොරු කියා සිය පුද්ගලික දේශපාලන, ආර්තික වාසි හා පුද්ගල ප්‍රතිරූපය පුම්බා ගැනීම වෙනුවෙන් ඉරාකය ආක්‍රමනය කොට එහි ලක්ශ 6කට අදික අහිංසක ජනතාවක් ඝාතනයට මග පාදාදී, තම රටේ සොල්දාදුවන් 4500 පෙට්ටියෙන් ගෙදර එන්නට සැලස්වූ, තවත් බොහෝ ගනනක් සොල්දාදුවන් පශ්චාත් ‍යුද මානසික රෝග (Post Traumatic Disorders) නිසා සියදිවි හානි කර ගැනීමට සැලස්වූ, සිය රටේ ආර්තිකයද වලපල්ලට හැරි ජොර්ජ් W. බුෂ් නම් දර්ශීය ‘ස්වානුරාගී මනෝව්යාධිකයෙකි’. මෙවැනි නාසිසිස්ටික් ලොසාලා බුරුතු පිටින් සොයාගත හැකි ඇමරිකාවෙන් උදාහරණ නොගෙන සියවස් තුනක් හරහා කෝටි සංඛ්‍යාත මිනිසුන්ගේ, බුද්ධිමතුගේ සම්භාවනාවට පාත්‍ර වූ ශ්‍රේෂ්ඨයෙකුට මනෝව්‍යාධියෙක් කීමේ යටි පෙල උවමනාව තේරුම් ගැනීම අමාරු නොවනු ඇත.

අරුනි සේවය කරන මේ කොල්ලකාරී නව ලිබරල් ධනවාදය ඇමරිකාවේද, යුරෝපයේද සීග්‍රයෙන් අර්බූදයේ පතුලට ඇදෙමින් පවතී. පහුගිය වසර කීපය තුලම වර්ධණය වී ඇත්තේ තරුන විරැකියාව, අසහනය ,දුප්පත්කම හා පල්ලිවල ‘සුප් කිචන්’ පෝලිම්ය. ඒවායේ ප්‍රතිපලයක් ලෙස ගෙදර යන්නට වූ 11වෙනි යුරෝපියානු රාජ්‍ය නායකයා වීමේ භාග්‍ය අද ප්‍රංශයේ Nikolai Sarkozi ලැබුවේය. මේ ගරා වැටෙන ඇමරිකන් ක්‍රමය රැක ගැනීමට ආර්තික ඝාතකයන්ද, භූගත හිවල් කණ්ඩායම්ද, ඊනියා ඇමරිකන් නිදහස් මාධ්‍යද, අරුනි ශපීරො වැනි මොල සෝදන වෘක රංචුද හරි හරියට වැඩය.

අරුනිගේ දෙබිඩි මුහුන නිර්දය ලෙස ප්‍රශ්න කල විට දුන් පිලිතුර සිහිකරන්නේ මනොචිකිත්සකයෙක් නොව හිනා නොයන විහිලුකාරයෙක් වන ටෙනිසන් කුරේ වය. එහිදී අරුනි දුමින්ද සිල්වාවද , ගෝඨාබයවද ඇදගෙන අදාල නැති විකාරයක් දොඩවයි. උත්තර දී ගත නොහැකි ප්‍රශ්නයක් මතු වූ විට රාජපෂ රෙජීම කුක්කන් දෙශද්‍රොහින්, අදිරාජ්‍යවාදීන් යයි ඇඟිල්ල දික් කරන ආකාරයටම එම කාසියේම අනෙක් පැත්ත වන අරුනි උත්තර නැතිවිට රෙජීම කුක්කෙකැයි මට ඇඟිල්ල දික් කරයි. ඇත්ත වශයෙන්ම නම් මේ දෙගොල්ලන්ම කරට අතදාගෙන සේවය කරන්නේ ලෝකය සූරාකන එකම හාම්පුතෙකුටය. ඇමරිකාව ඇතුලු බටහිරට, රාජපක්ෂ රෙජීමය සමග ඇත්තේ එක ප්‍රශ්නයකි. එනම් තමන්ට තනිව කන්නට තියෙන දෙයක් චීනය සමග බෙදාගෙන කන්නට සිදු වී තිබීමය.

කියා ගන්නට දෙයක් නැති වූ විට අරුනි මෙන්ම ‘ඇමරිකානු’වෙක් වන ගෝඨාව ඇදගෙන නන් දෙඩෙව්වද අවසන් විග්‍රහයේදී රාජපක්ෂ රෙජීම හොරුන් සමග අරුනිලා හෙලුවෙන්ය. බලන්නටත් අප්පිරියා අරුනිගේ ජුගුප්සාජනක හෙලුව , ‘මනෝචිකිත්සක’ සීතාම්බර පට සලුවෙන් වසා ගන්නට බැරි බවද කිව යුතුය.

සදමලි මාලි ......

Tuesday, May 1, 2012





මේ කතාවත් මම දැනට ටික කාලෙකට කලින් රෙපාගේ අම්බලමට ලියපු මට දකින්න ලැබුන ඇත්ත කතාවක්. හැබැයි කතාව ටිකක් දිගයි. ඒ හින්දා මගේ බ්ලොගේ නම් දැම්මේ කොටස් දෙකකට. ඒත් මෙතන තියෙන්නේ ඒ කොටස් දෙකම එකතු කරපු සම්පුර්ණ කතාව. මේක මේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ එක ගම්මානෙක සිද්ද උන ඇත්තම කතාවක්. තව මොන කතාද එහෙනං  කියවලාම බලන්නකෝ.

සදමලි කියන්නේ මගේ ජිවිතේ මට මුණ ගැහුණු තවත් එක ගැහැනියක් විතරයි. ඒත් මේ ජීවිතේට සිද්ද උන දේවල් සිද්ද උනේ කාගේ වැරද්දකින්ද? වගකිව යුත්තෝ කව්ද? කියන්න මට තේරෙන්නේ නෑ. ඔයාල මේක කියවලාම හිතෙන දෙයක් කියලා යන්න. (නම් ගම් ඔක්කොම මනකල්පිතයි) 
............................................................................................................................................................................................................


පාඩම් කර කර හිටපු පොත පැත්තකින් තියලා සදමාලි ඇදේ වතිරුනේ අනාගතේ ගැන බලාපොරොත්තු හීන ගොඩාක් හිතේ හිර කරගන දන්නෙම නැතුව ඇස් දෙක පිය උනත් එක පාරටම ඇහැරුනේ අල්ලපු ගෙදර ගුණපාල මාමා ගේ කෑගැහිල්ලට. 


"සිරිපාලයෝ ඉක්මනට නැගිටලා වරෙන් හේනට අලි අවිල්ලලු" 


හුළු අත්තකුත් පත්තු කරගන වැට ලගට දුවගෙන ඇවිල්ල අප්පච්චිව ඇහරවා ගත්ත ගුණපාල මම ඉක්මනට වරෙන් මම යනවා කියලා ගම දිහාවට දුවගන ගියා.ලාම්පුවට අල්ලලා හුළු අත්තක් පත්තු කරගත්ත අප්පච්චි එලියට බැස්සේ උබල පරිස්සමින් දොර වහගන හිටපල්ලා කියලා අම්මට කියන ගමන්. අප්පච්චි පිටවෙලා යන දිහා ටිකක් වෙලා බලන් හිටපු අම්මත් දොර වහල දාල ගේ ඇතුලට ආවේ මේ මල කරදරේ කවදා ඉවර වෙයිද කියලා කියන ගමන්. 


"ඇයි අම්මේ ගිය සතියේ ග්‍රාම සංවර්දන සමිතියට ආපු මහත්තුරු  කිව්වලු නේද අලි වැටක් ගහනවා කියලා. එතකොට මේ කරදරේ ඉවර වෙයි."


සදමාලි කිව්වේ කුස්සියේ ලිපට ගිනි පෙනෙල්ලක් දාල පිබින අම්ම දිහා බලාගන. 
"ඕව කවදා කෙරෙන වැඩද බං ? හැමදාමත් ඔය මහත්තුරු එනවා මොනවහරි කොලේක ලියාගන යනවා. එත් වෙච්ච වැඩක් නම් නෑ. උබටත් තේ කහට උගුරක් ඕනද?"


 අම්ම ඇහුවේ වතුර පුරවපු කෙතලේ ලිප උඩින් තියන ගමන් දිග හුස්මක් හෙලමින් .

ඩෝ o ............. 


එක පාරටම ඇහුන වෙඩි සද්දේත් එක්කම ඇහුන කෑගැහිල්ලට සදමාලි අම්මව බදා ගත්තා. 


"කොටිවත් ඇවිල්ලද?"


  මාලි අම්මගෙන් ඇහුවේ රහසින් වගේ. සදමාලිට මතක් උනේ ගිය මාසේ දවසක ගමට කොටි ගහපු දවස. ගමට කොටි ආවා කියන ආරංචියට අම්මයි අප්පච්චියි එක්ක කැලේ හදාගන තිබුණු බංකරේට රිංගලා පන බයේ ගැහි ගැහි ගුලිවෙලා හිටපු විදිය මතක් වෙනකොටත් තවම පපුව ගැහෙනවා. ඒ තරමට මරණ බය කියන එක සදමාලිට කවදාකවත් දැනිලා නෑ. 


"වෙන්න බෑ. ඔය කව්රුහරි අලින්ට වෙඩි තියන්න ඇති. උබ බය නැතුව ඉදින්."


 කුසුමාවතී සදමාලිගේ ඔලුව අතගාවේ ආදරෙන්.


"කුසුමාවතී අක්කේ............,  කුසුමාවතී අක්කේ...........,"


 එහෙම කෑ ගහගන ගේ දිහාවට දුවගන ආවේ ගුණපාල මාම. ඉක්මනට දොර ඇරපන් අක්කේ කඩුල්ලෙන් පැනලා මිදුලට ඇවිත් ගුණපාල කෑ ගැහුවා. 


"මොකද මල්ලියේ උනේ කවුද වෙඩි තිබ්බේ" 


කුසුමාවතී එහෙම ඇහුවේ දොර අරින ගමන්. 


"අක්කේ උබ කලබල වෙන්න එපා. සිරිපාල අයියට අලියා ගැහුවා." 


"මොකක් ....... "
සදමාලිට මතක තිබුනේ එච්චරයි....
............................................................................................................................................................................................................
අප්පච්ච්ගේ මරණේ කටයුතුයි හත්දවසේ දානේ කටයුතුයි ඉවර වෙන කොට තවත් වියදම් කරන්න කියලා තබ දොයිතුවක් වත් කුසුමාවතී ලග තිබුනේ නෑ. සිරිපාලගේ මරණය වෙනුවෙන් ආණ්ඩුවෙන් ලැබුණු වන්දි මුදල ටික දවසකට ජීවිතය ගැට ගහගන්න ප්‍රමාණවත් උනත් හැමදාමත් පපුවේ මහන්සියෙන් පිඩා විදපු කුසුමාවතිට රස්සාවක් කරන්න තරම් හයියක් ඉතුරුවෙලා තිබුනේ නෑ. 


" කෙල්ලේ උබට තවත් ඉස්කෝලේ යන්න ඕනද? "


කුසුමාවතී සදමාලිගෙන් ඇහුවේ වෙන කරන්නම දෙයක් තිබුනේ නැති නිසා. මේ වෙනකොටත් ගෙදර තත්වය ගැන හොද අවබෝදයකින් හිටපු මාලි තමන්ට රසාවක් හොයාදෙන්න කියලා දන්නා කියන කිහිප දෙනෙකුටම කියලයි තිබුනේ. අල්ලපු ගමේ තිබුණු රාජ්‍ය නොවන සංවිධානයක කාර්යාල සහායිකාවක් විදියට සදමාලිට රස්සාවක් ලැබෙන්නේ ඒ කෙනෙක්ගේ උදවුව මත.
............................................................................................................................................................................................................
"අම්මේ මම දර ටිකක් කඩාගන එන්නම්."


 සදමලි එහෙම කියාගන එලියට බැස්සේ හැමදාම වැඩ ඇරිලා ඇවිත් කරන මේ රාජකාරියත් ජිවිතේ තවත් එක අංගයක් විතරක් නිසා. ඒත් දර හොයාගන වැඩි  දුරක් යන්න සදමාලිට ලැබුනේ නෑ. ඉස්සරහට මුණගැහුනේ ග්‍රාමාරක්ෂකයෙක්  විදියට රස්සාව කරපු සුනිල් අයියාව. ඉස්සර ඉස්කෝලේ යන දවස් වල සිද්ද උන සිද්දියක්  සදමාලිගේ මතකෙට ආවේ නිරායාසයෙන්. පාර අයිනේ බංකරයක් ලග හිටපු සුනිල් මුලින්ම තමන්ට කැමතිද කියල මාලිගෙන් ඇහුවේ එදා. අනාගතේ ගැන දහසකුත් එකක් බලාපොරොත්තු පොඩි බදාගන ඉස්කෝලේ ගිය මාලි තමන්ට වඩා අවුරුදු විස්සකටත් වඩා වැඩුමහල් සුනිල්ගේ ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළේ සුනිල්ට හොදටම බැනලා. එදා ඉදන් අද වෙනකම් වචනයක් වත් කතා නොකලත් නිතරම සුනිල් තමන් වටේ කැරකෙමින් හිටපු බව සදමාලිට තෙරිලයි තිබුනේ. 

"ආ නංගි මොකද මේ තනි පංගලමේ කැලේ" 


මාලි ආයෙත් මේ ලෝකෙට ආවේ සුනිල්ගේ කට හඩට. 


"දර ටිකක් කඩා ගන්න කියල ආව අයියේ"


"ඒක නෙවෙයි නංගි දැන් තාත්තා නැතිවෙලත් කාලයක් උන එකේ ඔයාලට අමාරුත් ඇති නේද?"


 සුනිල් එහෙම අහගන සදමාලිට ලං වුනා.


"මට රස්සාවක් හම්බුනා එක නිසා ප්‍රශ්නයක් නෑ. මට පරක්කු වෙනවා ගිහින් එන්නම් අයියේ" 


සදමාලි සුනිල්ව මග ඇරලා යන්න හැදුවත් පාර හරස් කරගන හිටපු සුනිල්  මාලිගේ අතින් අල්ලලා තමන් ලගට ඇදලා ගත්තා. අනාගතේ ගැන තවත් හීන දකින්න උවමනාවක් තව දුරටත් මාලිගේ හිතේ ඉතුරුවෙලා තිබුනේ නෑ. නිරන්තර ත්‍රස්තවාදී  තර්ජන වලට මුහුණ දීපු මායිම් ගම්මනෙක අසරණ වෙලා හිටපු මාලිගේ හිතේ ඒ වෙන කොට ඉතුරු වෙලා තිබුනේ අද දවසේ ජිවත් වෙන්නේ කොහොමද කියන බලාපොරොත්තුව විතරයි. 


" මට රස්සාවක් තියනවා. ඔයා කැමතිනම් අපි හෙටම කසාද බදිමු " 


සුනිල් කියන දේට කිසිම දෙයක් නොකියා බලාගන හිටපු මාලිගේ අතින් ඇදගන සුනිල් කැලේ ඇතුලටම රිංගුවා...................................................................................................................................................................................................

සදමාලිගෙයි සුනිල්ගෙයි කසාදෙ රෙජිස්ටර් කලේ බොරු වයසක් දාල. මොකද තාම මාලිගේ වයස අවුරුදු පහළොවක් විතරයි. එදා මාලිගේ ගෙදර මහා ලොකු උත්සවයක් නොතිබුනත් සුනිල් එයා ගේ යාළුවො කිහිප දෙනෙක් එක්ක මදුවිතින් සප්පායම් වෙන්න පටන් ගත්තේ කලින් දවසේ දඩයම් කරගන ආපු වල් උරු මස් බයිට් එකත් එක්ක. කසාද බැදලා පලවෙනි දවසෙම හොදටම බිලා වැටිලා හිටපු සුනිල්ව වත්තම් කරගන ගෙට අරන් එන්න උනෙත් සදමලිටයි අම්මටයි දෙන්නට. සුනිල්ගේ  යාළුවො ඔක්කොම මේ වෙනකොටත් නොකියම ගිහිල්ලයි තිබුනේ. 
පහුවෙනිදා මොකුත් නොදන්නවා වගේ සුනිල් රාජකාරියට පිටත් උනේ මේ දවස්වල පළාතේ තිබුණු තත්වය උඩ කසාද බදින්න කියලා නිවාඩු දාල ඉන්න පුළුවන් කමක් තිබුනේ නැති නිසා.
කාලය මේ විදියට වේගයෙන් ගෙවිලගියා අවරුදු දහසය ලබනකොට අම්ම කෙනෙක් වෙන්න සිද්ද උනත් මාලිගේ රුප ලස්සනේ නම් අඩුවක් වෙලා තිබුනේ නැ.  


රංග කියන්නේ මාලිගේ ගමේ පොලිස් ස්ථානයට අලුතින් පත්වෙලා ආපු පොලිස් කොස්තාපල් කෙනෙක්. රංගව එක දවසක් මලීට මුණ ගැහුනේ රාජකාරි කටයුත්තකට මාලි සේවය කරපු රාජ්‍ය නොවන ආයතනයට ආව වෙලාවක. එදා රාජකාරි මට්ටමින් ඇති වෙච්ච දැන අදුනුම්කම තහනම් ගහේ ගෙඩි කමක් දක්වා දුර දිග යන්න වැඩි කාලයක් ගත උනේ නැ.
මාලිගේ හිතේ සුනිල් ගැන කවමදාවත් ඇති නොවෙච්ච ආදරයක් රංග ගැන ඇති වෙලයි තිබුනේ. තමන් කරන්නේ  වරදක් බව දන දැනත් ඒ ආදරේ  නතර කරලා දාන්න රංග වත් මලිවත් කල්පනා කලේ නැ. මාලි අවුරුදු දෙකක පුංචි කොලු පැටියෙකුගේ අම්ම කෙනෙක් උනත් මලීට රංගත් ගොඩාක් ආදරේ කළා.


ලෝකෙටම හොරෙන් කරගන ගිය මේ ආදර කතාව සුනිල්ගේ කනට වැටෙන්නත් වැඩි දවසක් ගත උනේ නැ. එදා හවස සුනිල් ගෙදර ආවේ හොදටම වෙරිමතින්


"පට්ට #@@# උබ අරු එක්ක නටන නෙයියාඩගම නැවැත්තුවේ නැත්තම් තොපි දෙන්නම බාවලා මමත් මැරෙනවා."

සුනිල් වෙරි මතේම මහා හයියෙන් කෑ ගැහුවා. 


"මම #@@# තමයි යකෝ, මට ඕන නම් මම රංග එක්ක යනවා උබට  පුලුවන්නම් නවත්තපන් බලන්න මම මෙහෙමවත් ඉන්නේ මේ කිරි සප්පය හින්දා " 


මාලි සුනිල් එක්ක එකට එකම කියන්න පටන් ගත්තේ මේ වෙනකොට සුනිල්ව හොදටම එපා වෙලා තිබුණු නිසා.
හැමදාම මේ විදියට සිද්ද වෙන රණ්ඩු සරුවල් දිහා බලා ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් මාලිගේ අම්මට වත් පුංචි පුතාටවත් තිබුනේ නැ.


මේ වෙනකොට සුනිල් සේවය කෙරුවෙත් රංග සේවය කරපු පොලිස් ස්ථානයට අනියුක්තවමයි. රංග ගැන දැඩි වෛරයක් හිතේ තියාගන හිටපු  සුනිල් බලාගන හිටියේ රංගගෙන් පලිගන්න අවස්තාවක් ලැබෙන තුරු.
ඒ දවස උදා උනේ නොහිතපු විදියට.
එක දවසක් පාන්දර සුනිල් රාජකාරි නිමාකරලා ගෙදරට එමින් සිටියා. ඉස්සරහට මුණගැහුනේ තමන්ගේ ගෙදර ඉදලා එලියට බහින රංගව ..
උදේ පාන්දර රංගගේ මුණ දැකපු සුනිල්ගේ ඇස දෙකෙන් ගිනි  පිට උනා. 


"#%%  බල්ලා,"

අතේ තිබුණු රාජකාරි ගිනි අවිය රංගගේ මුනට එල්ල කරලා කොකා ගස්සන්න සුනිල්ට මහා වෙලාවක් ගත උනේ නැ. කපාපු කෙහෙල් කදක් වගේ රංග  බිම වැටෙන කොට වෙඩි සද්දෙට ඉස්සරහට ආපු මාලිට කිසිම දෙයක් හිතාගන්න බැරි උනා. 

"අනේ මගේ රංග,"


 මාලි මහ හඩින් විලාප තිව්වා. 


"මාවත් ඔකෙන්ම තියලා මරලා දාපන්" 


මාලි කෑ ගැහුවේ  මොකුත්ම සිද්ද නොවුණු ගානට පාර දිගේ යන සුනිල් දිහා බලාගන. මාලිගේ අම්ම සිද්ද උනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව බලා ගෙන හිටියා. මාලි පිස්සියක් වගේ ගේ ඇතුලට දිව්වා. පුංචි කොලු පැටියා අම්මගේ පස්සෙන් දිව්වා. අතට අහුවුනේ කුබුරට ගහන්න ගෙනාපු කෘමි නාශක බෝතලයක්. වැඩිපුර හිතන්නේ නැතුවම මාලි කෘමි නාශක බෝතලයම කටේ හලා ගන්නවා පොඩි එකා බලාගන හිටියා. මාලි බිම වැටුනේ කට දෙපැත්තෙන්ම වමනය පිට කරන ගමන්. 
අනේ මගේ  අම්මා........................


%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%

අප ආයතනයේ සේවය කල සදමාලි දිසානායක මහත්මියගේ අවමගුල් කටයුතු වෙනුවෙන් ගෙවූ මුදල 
රු xxxxxx


"මේ ගිය පාර අපි එනකොට මේකේ වැඩ  කරපු ගැනු ළමය නේද?" 


වසර කිහිපයකට කලින් මේ රාජ්‍ය නොවන ආයතනයක විගණන කටයුතු වෙනුවෙන් ගියපු වෙලාවේ මම පරික්ෂා කර කර හිටපු වව්චර් එක පෙන්නලා මම එතන හිටපු ගිණුම් සහායකවරයා ගෙන් ඇහුවේ මොකද මෙයාට උනේ කියලා.

"එක දිග කතාවක් මම හවසට කියන්නම් " 


එදා ඔහු එහෙම කියලා ගියත් වැඩ රාජකාරී නිසා ඒ කතාව අහන්න බැරි උනා. මම විගණන ආයතනයෙන් අයින් වෙලා ටික කාලෙකට පස්සේ ආයෙමත් මට ඒ ගිණුම් සහායකවරයව මුණගැහුනේ එක්තරා පාසලක ගුරුවරයෙක් වශයෙන්. රාජකාරි බැදීම් අත ඇරලා අපි හොද මිතුරන් වුනා. මේ තියෙන්නේ එදා ඔහු මට කියපු කතාව. දැන් ඉතිං මේ කතාවේ කවුද හරි, කවුද වැරදි කියලා තීරණය කරන එක කියවන ඔයාලටම බාරයි.......

'ප්රේමකුමාර් ගුනරත්නම්' ගේ වැදගත්ම ප්රකාශය හා හෙට දවසේ ලාංකීය දේශපාලනයේ 'මිලිටරි ලකුණ..................

Saturday, April 14, 2012

ප්‍රේමකුමාර් සහ දිමුතුගේ පැහැර ගැනීම පොලීසියේ තවත් විහිලු කතාවකින් නිමා වී ඇත. ශ්‍රී ලංකා පොලීසිය ' ජෝකරයන් රැලක්' ගේ තත්වයට තවත් වටයකින් ඇද දමා රෙජීමය අත පිසදාගෙන ඇත. සමහර විට මේ රෙජීමය සහ රෙජීම කුක්කං , ජනතාව සුරංඟනා කථාවට රැවටුනා යයි සිතා සිටිනවා වන්නටද බැරි නැත. දැන් කාලේ කොන්ඩේ බැඳපු චීන්නුත් නැති නිසා ..මේවා හොඳ අර ඩොක්ටර් නිර්මාල් ඉතා නිවැරදිව කිව්වාසේ..විමල් වීරවංශගේ වෙබ් එකට කමෙන්ට්ස් දාන උන්ටය. නැත්නම් ...ආණ්ඩුවේ එක,එක 'මාධ්‍ය ප්‍රකාශක'ලා දෙන ටෝක්ස්, කිසිම ප්‍රශ්නයක් නොඅසා ජාතික යැයි කියා ගන්නා පත්තර කඩමාලු වල අලවන කොන්දක් නැති බෝතල් පත්තර කාරයන්ටය. මක් නිසාද යත්, මේ මාධ්‍ය ප්‍රකාශකයන්ගේ කතන්දර පිලිනොගන්නවා නම්, ඒවා සෘජුව ප්‍රශ්න කිරීමට හොඳම අවස්තාව ලැබෙන්නේ මාධ්‍ය සාකච්චා වලට යන පුද්ගලයන්ට බැවිනි. එසේ නොකර උන් කියන ඕන කුනුහරපයක් ටේප් රෙකෝඩරයක, ටේප් කරගෙන විත් වග විභාගයකි තොරව, කොලයක ලියන්නට මාධ්‍යවේදීන් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ දැන් ඉන්න ජාතියේ නිවට කුලී ලියන්නන්ය. මුන් පත්තර වල නොලියා මැල්ලුම් ලිව්වානම් මීට වඩා සෙතක් රටට වන බව නිසැකය.

කෙසේ වෙතත් මේ ලිපියේ අවදානය යොමු කරන්නේ ආණ්ඩුවේ ප්‍රකාශකයන්ගේ කතන්දර වලට නොව 'ප්‍රේමකුමාර්' විසින් ඕස්ට්‍රලියාවේ සිට පැයක් පමන් වේලා පැවැත්වූ මාධ්‍ය සාකච්චාවේ එක් අවස්තාවක මතු කල අදහසකටය. ඔහුව පැහැර ගෙන ගිය පුද්ගලයන් හා ඔවුන් ඔහුට සැල්කු ආකාරය ගැන ප්‍රශ්නකල අවස්තාවක ප්‍රේමකුමාර් ඔවුන් ආරක්ශක අංශ සාමාජිකයන් විය හැකි බව පවසන අතර , වඩාත් වැදගත් කරුන ලෙස අප දකින්නේ, ඔවුන්ට සිය හෘද සාක්ශිය අනුව නොව, ඉහලින් එන අණ සහ උපදෙස් මත ක්‍රියා කරන්නට සිදුවී ඇති බවත් එහෙත් ආරක්ශක අංශ වල සේවය කරන බහුතරය සාමාන්‍ය පංතියේ දෙමව්පියන්ගේ දරුවන් බවත් ඔවුන්ව ආමන්ත්‍රනය කිරීමට ඇති අවශ්‍යතාවය ගැනත් පැවසීමය.

ඉහත සඳහන් කල ලෙසම සමස්ත සාකච්චාවෙන්ම මතුවූ වැදගත්ම කාරනාව එය බව අපේ හැඟීමයි. අපේ රට භයානක ඒකාදිපතිත්වයක් කරා ගමන් කරන බව තව දුරටත් හිතලුවක් නොවේ. රාජ්‍යයේ බල කනු තුනම එනම්, විධායක, ව්‍යවස්තාධායක සහ අධිකරණ බලය එක් පුද්ගලයෙකු නැත්නම් එක් පවුලක් අත සංකෙන්ද්‍රනය වී ඇත.  අද ඇමති මණ්ඩලය යනු එහෙයියන් රැලක් පමනි. පාර්ලිමෙන්තුව නාමමාත්‍රික විපක්ෂයක් සහිත නිකම්ම නිකම් කතා සාප්පුවක් පමනි. අද අධිකරණ පද්දතිය පාලක රෙජීමය ඉදිරියේ දණ ගසා ඇත.  නීතියේ ආදිපත්‍ය හා රට තුල නීතිය හා සාමය ආරක්ෂා කරන ආයතන එහෙන් පිටින්ම විකාරයක් , විහිලුවක් බවට පත් කර ඇත.  ඉහවහා ගිය හොරකම, දූෂනය,ඥාතිසංග්‍රහය,රාජ්ය තාන්ත්‍රික මරි මෝඩකම්, නිල නොවන මිනීමරු පැරා මිලිටරි කණ්ඩායම්, මර්දනය කල හෝ හීලෑ කල මාධ්‍ය, ජාත්‍යන්තර කුමන්ත්‍රණ බිල්ලන්, අවස්තාවාදී දෙශ්ප්‍රේමය, මේ සියල්ල පෙන්නුම් කරන්නේ නිසැකයෙන්ම රට ගමන් කරන්නේ භියකරු ප්‍රපාතයකට බවය.

අනෙක් අතට රට ඇත්තේ, දළ දෙශීය නිශ්පාදිතය හා කොටස් වෙළඳ පොල දත්ත මගින් ආර්ථික වර්ධනය පෙන්වන නව ලිබරල් ධනවාදයේ මායාවෙන් වැසුනු දැවැන්ත ආර්ථික අර්බුදයක මුව විටය. ජීවන වියදමට සරිලන වැටුපක් අහිමි නාගරික ශ්‍රම ආර්ථිකයද සිය නිශ්පාදනයට සාධාරන මිලක් අහිමි ග්‍රාමීය ගොවි/ධීවර ආර්ථිකයද ඉතිහාසය පුරා සූරාකෑමට යටත්වූ වැවිලි ආර්ථිකයද ප්‍රසාරණය වන සමාජ අසහනයේ කැළඹිම් මාත්‍රයන් පෙන්නුම් කරමින් සිටී.

උග්‍රවන උපාධිදාරී රැකියා විරහිත භාවය, කඩා වැටෙන අධ්‍යාපන, සෞඛ්‍ය ඇතුලු සුබසාදන සේවාවන් සමාජගත අර්බූදයේ පිලිඹිබුවන්ය.  මේ සියලු රෝග, ව්‍යාධි, සඳහා කෝකටත්  තෛලය ලෙස රෙජීමයට ඇත්තේ එක් පිලිතුරකි. ඒ අන් කිසිවක් නොව මර්ධනයයි.  රටේ ත්‍රිවිද හමුදාව, පොලීසිය ඇතුලු ආරක්ෂක යාන්ත්‍රනය, මේ මර්ධනයේ මාරාන්තික දැති රෝද ලෙස භාවිතා කිරීම රෙජීමයේ අභිප්‍රාය බව ඕනෑවටත් වඩා පෙන්නුම් කරමින් සිටී.  ඒ සඳහා සුදුස්සා තමන් බව, රෙජීමයේ දුශ්ඨත්වයේ,වෛරීභාවයේ හා අනම්‍ය ස්වරූපයේ මුහුනුවර වන ගෝඨාභය වරින් වර සනාථ කරමින් සිටී.  මේ සංදර්භය, ප්‍රේමකුමාර් ගුනරත්නම්ගේ ප්‍රකාශයේ වැදගත් කම තවත් තීව්‍ර කරයි.  

එක් පැත්තකින් රෙජීමයට සිය දූශිත අත්තනෝමතික ඒකාධිපති පාලනය සදාකාලික කර ගැනීමටත්, එයට එරෙහිවන බලවේග කුඩුපට්ටම් කිරීමටත් 'මිලිටරි' බලය පාවිච්චි කිරීමට සිදුවනු ඇත.සැලකිය යුතු සාර්ථකත්වයක් ඒ අරබයා අත්පත් කර ගන්නට දැනටමත් රෙජීමය සමත් වී ඇති අතර ඒ සඳහා මිලිටරි යාන්ත්‍රනයේ මර්මස්ථාන වලට සිය ඔඩොක්කු කුක්කං පත් කිරීම සහ මිලිටරිය තුලම නිර්මානය කර ඇති අභ්‍යන්තර බෙදීම් හා අවිශ්වාසයන් සූක්ෂම ලෙස යොදා ගනිමින් සිටී.

අනෙක් අතිං මේ ඒකාධිපති වියරුවට එරෙහිව පැන නැගීමට නියමිත ජනතා අරගලයේදී, මිලිටරි බලයේ ස්ථානගත වීම, අරගලයේ ස්වභාවයට, දින වකවානු වලට මෙන්ම අවසන් වශයෙන් එහි සාර්ථක අසාර්ථක බාවයට සෘජුව බලපානු ඇත. අරගලයට නායකත්වය දෙන්නේ ප්‍රේමකුමර් ගේ පෙරටුගාමී සමාජවාදීන්ද, සෝමවංශගේ ජ.වි.පෙ. ද එසේත් නැතිනම් රනිල් වික්‍රමසිංහ හෝ කරූ ජයසූරිය හෝ සජිත් ප්‍රේමදාස හෝ නැතිනම් ජෙනරාල් සරත් ෆොන්සේකා පෙරටු කරගත් යූ.ඇන්.පීය ප්‍රමුක බලවේගද, එසේත් නැතිනම් මෑත කාලීන ලෝක අත්දැකීමක් වූ ආරම්භයේදී නිශ්චිත නායකත්වයකින් තොරව පොදු ජනයාගේ මැදිහත්වීමෙන් නිර්මානය වන වීදි සටනකටද එය එක ලෙසම සත්යයක් වනු ඇත.  මේ අර්ථයෙන් ගත් කල ප්‍රේමකුමාර් පවසන පරිදි සාමාන්‍ය පංතියේ සොල්දාදුවන් එනම් 'මිලිටරියේ' සාතිශ්‍ය බහුතරය ආමන්ත්‍රනය කිරීම නැතහොත් ඔවුන් සමග සබුද්ධික, සවිඥානික ගනු දෙනුවක වැදගත්කම තහවුරු වෙයි.

200,000ක් පමන වන ආරක්ශක අංශ සාමාජිකයන්ගෙන් හතරෙන් තුනකටත් වැඩි ප්‍රමානයක් සැදුම් ලබන්නේ ගැමි ගොවි සමාජාර්ථික පසුබිමක් සහිත දුප්පත් පවුල්වල දරුවන්ගෙනි.  පවුලේ වැඩිමහල් පිරිමි දරුවාට පමණක් උරුමය පැවරිය හැකි, අක්කර කිහිපයක 'ස්වර්ණභූමි' ඉඩමක් පමනක් හිමි ,දරුවන්ට ඉහල අධ්‍යාපනයක්ද දිය හැකි තරම් වත්කමක් හෝ පහසුකම් නොමැති ග්‍රාමීය ගොවි පවුලක , දෙවෙනි,තුන්වෙනි පිරිමි දරුවන්ගේ නිශ්චිත ඉරනම හමුදාවය. මීට වසර හත අටකට පෙර ලේඛකයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ, මහඉලුප්පල්ලම අවට ගම් වල සැරි සරද්දී අසන්නට ලැබුනු සුලබ කතාන්දරය එය විය. යුද්ධෙට ගිය තරුණ දරුවෙකු නොමැති ගෙයක් සෙවීම, හරියට කිසිවෙකු නොමල ගෙයකින් අබැටක් සොයන තරම් අමාරු කාර්යයක් විය. ගොඩනැගිල්ලකට දෙකකට සීමාවූ, එක්කෝ අටේ පංතියට නැත්තම් දහයේ පංතියට පමනක් වූ පාසැලක්, කටුමැටි නිවෙස් මෙවැනි ගම් වල ලාක්ෂනික භූදර්ශනය විය. තරමක් විශාලව පිලිවෙලකට ගඩොලින් නිමවා උලු සෙවිලි කර තිබූ නිවෙස් වූයේනම් ඒවායේ අනෙක් අනිවාර්ර්‍ය අංගය වූයේ ගේ ඉදිරිපස බැඳ තිබූ මියගිය සොල්දාදුවෙකුගේ සොහොනයි. දැනුදු මේවායේ වැඩි වෙනසක් ඇතැයි සිතිය නොහැක.

පෙර කී ලෙසම තීරණාත්මක නිමේශයකදී, ක්‍රමානුකූල සන්නද්ද පුහුනුවක් සහිත මේ විශාල බලවේගය සිට ගන්නේ ඒකාධිපති රෙජීමය සමගද නැතහොත් ඊට එරෙහි තමන්ගේ පංති බලවේගය සමගද යන්න ප්‍රභලම සාදකය වනු ඇත. විශේෂයෙන්ම ලංකාවේ භූදේශපාලනය  තුල හා ලෝක යුධ තාක්ෂණික වර්ධනය තුල, බිංදුවේ සිට ගොඩනගන 'ගරිල්ල්ලා' ව්‍යාපාරයක් අද දවසේ යථාර්තයක් නොවේ.  ප්‍රේමකුමාර් හා නව පක්ශය සිය මාධ්‍ය ප්‍රකාශයට සීමා නොවී, මේ සුවිශේෂී බලවේගය ආමන්ත්‍රනය කිරීමටත්, ඔවුන්ගේ ප්‍රශ්නවලට පිලිතුරු දීමටත්, ඔවුන් සමග සබුද්ධික සංවාදයක් බිම් මට්ටමේ සිට ගොඩ නැගීමටත් නිශ්චිත වැඩපිලිවලක්, ක්‍රියාවලියක් වහ වහා දියත් කල යුතුය. එසේම  'අපි ශ්‍රි ලාංකිකයෝ' වැනි අනුබද්ද සංවිදාන සමහර අවස්තාවලදී ඉතා මෝඩ ලෙස හමුදාව සමග සෘජු ගැටීම්වලට නොයා ඒ වෙනුවට ප්‍රජාතන්ත්‍ර විරොධී ලෙස හමුදාව හසුරුවන පාලක රෙජීමය හා උන්ගේ ඔඩොක්කු කුක්කංට එරෙහි විය යුතුය.

පාලක රෙජීමය මර්ධනය කැඳවන මොහොතක, මිලිටරිය සිය දඩ බල්ලන් සේ සමාජය මතට මුදා හරින්නට බලා සිටී. එවන් නිමේශයක මිලිටරිය තුලින් එයට එරෙහිව මතුවන ප්‍රතිරෝධයක් හෙට දවසේ නිදහස,ප්‍රජාතන්ත්‍රවාදය හා ආර්ථිකයේ තමන්ගේ නියමිත කොටස ඉල්ලන ජන අරගලයක තීරණාත්මක හැරවුම් ලක්ෂය වනු ඇත.

පි‍ටු පෙරලපු ගාන