කොපි කිරීමේ නිදහස

Friday, February 3, 2012
මේ දවස් වල නිදහස ගැන මහා ඉහලින් කතා වෙන හින්දා, මට හිතුණා මෙහෙම මාතෘකාවකට බහින්න.

පොඩි කාලෙ ඉඳං ම සමහරු පුරුදු වෙලා ඉන්නේ කොපි කරන්ට. ඉස්කෝලෙදි ගෙදර වැඩ කරගෙන නාවාම ගෙඩි පිටිං කොපි කරන එක විතරක් නෙවෙයි.. ඊටත් පුංචි කාලෙ ඉඳලා කරන අනිත් අයව අනුකරණය කිරීමත් කොපි කිරීමක් තමයි.. ඉතිං හිතලා බලන්ටකෝ අපි කවුරු කවුරුත් අඩු වැඩි වශයෙන් කොපි කොරලා නැද්ද කියලා..

අනුකරණය වගේ දේවල් හොරකමක් හැටියට නොසැලකුවාට සමහර දේවල් කොපි කිරීම හොරකමක් හැටියට තමයි සලකන්නේ..  ගී පද, ගී තනු ප්‍රසිද්ධියේ හොරකම් කරන්ට ගත්තත් ඊට විරුද්ධව ඒ තරම් ලොකු බලවේගයක් ඇති වුණේ නෑ..

පරිගණක තාක්ෂණයේ දියුණුවත් එක්ක පරිගණක මෘදුකාංග, පරිගණක ගත ලිපි ලේඛණ වගේ දේවල් හොරකම් කිරීම වැඩි වුණා. MP3, වීඩියෝ වගේ දේවලුත් අන්තර්ජාලය හරහා අධික වේගයෙන් පැතිර ගියා..
මෘදුකාංගයක්, ලිපියක්, කවියක්, සාහිත්‍ය ප්‍රබන්ධයක්, සිංදුවක් ආදී ඕනෑම නිර්මාණයක පරම අයිතිය නිර්මාණකරුවා සතු වෙන්න ඕන කියන එක මම විශ්වාස කරනවා.. ඒ නිර්මාණ්ය නොමිලේ බෙදා දෙනවද, නැද්ද කියලා තීරණය කළ යුත්තේත් නිර්මාණකරුමයි..

අපේ සමහර බ්ලොග් වල රයිට් ක්ලික් කරන්ට බෑ, පණිවුඩයක් එනවා කොපි කොරන්ට එපා කියලා.. ඒක එයාලගෙ අයිතිය. ඒත් මගේ බ්ලොගයේ හෝ මම අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කරන ඕනෑම නිර්මාණයක් කොපි කළාට මගේ අමනාපයක් නෑ.. (හැබැයි මගේ අයිතිය මට තියලා.. ඒ කියන්නේ මට ඒ නිර්මාණය වෙන තැනක පළ කරන්ට අයිතිය තියෙන්ට ඕන) කැමති නං මගේ නිර්මාණයක් කියලා කියන්ට, එහෙම නොකිවුවත් ප්‍රශ්නයක් නෑ..

මං එහෙම කියන්නේ.. මේකයි.. මං බ්ලොග් ලිපි හෝ වෙනත් නිර්මාණයක් පළ කරන්නේ.. මෙන්න මගේ වැඩ.. කියලා පෙන්නන්න නෙවෙයි.. ඒකෙ තියෙන මොකක් හරි වැදගත් දෙයක් තේරුං අරගෙන හැදෙන එකෙකුට හැදෙන්ටයි.. ඉතිං ඔය අදහස වැඩි දෙනා අතරට යනවා නං තමයි මගේ අරමුණ ඉටු වෙන්නේ.. කාගේ නම ගියත් මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි..

කොපි කරන කෙනාගේ යුතුකමක් තියෙනවා.. (අපේ බොහෝ දෙනා ඒ දේ කරනවා) කොපි කළේ කොතනින්ද, කින්ද, මන්ද කියලා පොඩි නෝට් එකකුත් එක්ක අදාල නිර්මාණය එළියට දාන්න..

හැමෝම එහෙම කරනවා නම් මේ ලෝකෙ මීට වඩා සුන්දර වෙනවා.. එහෙම නොකලත් ලෝකෙ සුන්දරයි..
වැදගත්ම දේ කොපි කිරීමෙන් පැවැත්ම හදාගන්න බෑ.. ඒකට නිර්මාණශීලීත්වය අවශ්‍ය මයි..

ප.ලි
කියන්ටම කියලා හිතාගෙන හිටපු දෙයක් අමතක වුණා.. අපේ සයිබරයේ බොහොම දෙනා (පැහැදිලිවම) යහපත් අරමුණින් දුර්ලභ සහ වටිනා නිර්මාණ අපිත් එක්ක බෙදා ගන්නවා.. ඒක නිර්මාණකරුට කෙසේ වෙතත් රස විඳින අපට නම් ලොකු උදවුවක්.. ඉතිං අපි පිනුත් අනුමෝදන් කරනවා ඒ වගේ මිත්‍රයින්ට.. ඒත් ඒ වැඩෙත් ඒ තරම්ම සාධාරණ නෑ කියලා හිතෙන්නේ තමන්ගේ නිර්මාණ ස්ප්‍රෙඩ් වෙන එක නවත්තන්න සමහර නිර්මාණකරුවෝ දරණ උත්සාහය නිසයි.. මේවා කියවලා අපේ තිස්ස අයියා (හද ගී පොත ලියන) එහෙම සිංදු දෙන එක නැවැත්තුවොත් එහෙම මහා වින්නැහියක්.. (විහිළුවට කිවුවට.. තිස්ස අයියා තමන් ලබා දෙන සිංදුවේ නිර්මාණකරුවාට ලබා දෙන්නේ ඉතා ඉහල ගෞරවයක්..ඒ වගේම ඒවා දුර්ලභ හා අපිට අහන්ට නොලැබෙන ගී.. ඉතිං නිකං තියෙන ගීතේ අපිට අහන්ට දීලා ආයෙත් මිනිස්සු අතරට ගෙනැල්ලා තිස්ස අයියා කරන්නේ ඇත්තටම පිනක්.. ) . හැබැයි සමහරු නම් ඉවක් බවක් නැතුව අනුන්ගේ දේවල් හොරකම් කරලා එළිපිට නොමිලේ බෙදා හරිනවා.. මෘදුකාංග වල ක්‍රැක්ස් එළිපිට බෙදා හරින අයත් ඉන්නවනේ..


 


කැම්පස් යන නංගිලා මල්ලිලා වෙත ආදරයෙන්...

මේ ලිපිය ක්සැන්ඩරයා ගේ කොළමේ 26/01/2012 දින පලවූ ලිපියක් නැවත පල කිරීමකි.



කැම්පස් යන නංගිලා මල්ලිලා වෙත ආදරයෙන්...


අවුරුදු 13 ක පාසල් ජීවිතෙන් පස්සේ තවත් හොඳට ඉගෙනගෙන ලොකු මහත්තයෙක් නෝනා කෙනෙක් වෙන්න හිතාන කැම්පස් එකට අඩිය තියපු ඔයාල කරන කියන දේවල් දැක්කම මට මේක නොකිය ඉන්න හිතක් ඇත්තෙම නැති තරම්.

පුංචි බැංකු කෑල්ලක එල්ලිලා පස්ස හිරිවටෙනකම් ටියුෂන් ගිහින් ඉගනගන්නකොට හැමදාම අපි හිතුවේ කොහොමහරි පාස් වෙලා කැම්පස් යනවා කියල. ඕ ලෙවල් කරනකොට අපි හිතුවේ කවදාහරි ඒ ලෙවල් පාස් වෙලා කැම්පස් යනවා කියල. ඊටත් කලින් අපි හිතුවේ මං දොස්තර මහත්තයෙක් වෙනවා.. ඉංජිනේරුවෙක් වෙනවා කියල. ඉතින් එහෙම හිතාන අපි රෑ එළිවෙනකම් කකුල් වතුරේ ඔබාන පාඩම් කලා.. බනිස් ගෙඩියක් බත් මුලක් අරන් ගිහින් කාල පන්ති ගියා.. මහා අව්වේ කර වේවි.. මහා වැස්සේ තෙමි තෙමි.. අපි ඉගනගත්තේ අපේ හීනේ හැබෑ කරගන්න..අපේ අම්මල අප්පච්චිලා දහ දුක් විඳලා හම්බ කරලා උගැන්නුවාට ඒ අයට පස්සේ කාලෙක සලකන්න..

ඉතින් එහෙම ඉගනගෙන කැම්පස් ආපු ඔයාල මේ දවස්වල කරන අරගල ගැන දැක්කම මට හිතෙන්නේ ඔයාල ලංකාවේ බෙලහීන දේශපාලනේ තවත් එක ගොදුරක් වෙලා කියල. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් හැටියට කොන්ද කෙලින් තියාගන්න ඕනේ ඔයාල මේ ලංකාවේ වැදගම්මක් නැති දේශපාලන බලවේග වල තවත් එක අතකොලුවක් වෙලා. ඉගනගන්න ආව ගමන පැත්තක තියල රූකඩ ශිෂ්‍ය ව්‍යාපාර ගෙනියන බොළඳ රැල්ලට අහුවෙලා ගහගන ගිහින් ඉන්නවා දැක්කම මටනම් හිතට වේදනාවක් දැනුන..

මමත් ඔයාල වගේම පන්ති ගිහින් ඉගනගෙන විභාග ලිව්වත් කැම්පස් යන්න හම්බවෙන 20000 වන ශිෂ්‍ය ප්‍රජාවට අයත් නොවුණු කුලකයේ එකෙක්. එත් මගේ පූරුවෙ වාසනාවට මගේ අම්මලාට පින් සිද්ධ වෙන්න මම පුද්ගලිකව ඉගෙනගෙන අද ගොඩක් හොඳ තැනක ඉන්නවා. එත් මගේ එක්ක එක පන්තියේ ඉගනගෙන කැම්පස් ගියපු සමහර යාලුවෝ අද මං ඉන්න තැනට කිට්ටුවට එන්නත් බැරිව ඉන්නවා. එහෙම උනේ එයාල ඉගනගන්න අදක්ෂ නිසාවත් වෙන දෙයක් නිසාවත් නෙවෙයි. ඒ අයත් ඉගනගත්ත. එත් කැම්පස් වහද්දි ගෙවල් වලට ගිහින් ආයේ අරිද්දි ඇවිත් ඉගෙනගෙන අපහු වහද්දි ගෙදර ගිය එකේ කාලය එයාලට නොලැබුන හින්දයි එහෙම උනේ.. එයාල කාලය එක්ක තිබ්බ රේස් එකෙන් පැරදුණා.. ඉතින් එයාලට උනෙත් කැම්පස් වල දේශපාලන අතකොලු වෙන්න. පිකට් කරන්න කඳුළු ගෑස් කන්න පොලිසි උසාවි වල රස්තියාදු වෙන්න කාලය වැය කරන්න. ඒ කරපු දේවල් වලින් රටට වෙච්ච යමක් නෑ. තමන්ගේ කාලය නැති උනා මිසක්..



අරගල කරන්න ඕනේ. ඒකත් එක සොඳුරු අත්දැකීමක්.. ඒත් සීමාවක් ඇතුව. අද දකින අරගල සීමා මායිම් නැති හුදෙක් චන්ඩිකම් කරන අරගල වෙලා.. මිනිස්සුන්ට ගහන්න ගෙවල් වාහන කුඩු කරන්න මිනිස්සුන්ගේ ගමනාගමන නිදහසට බාදා කරන්න අද අරගල වෙසින් ශිෂ්‍යයින් මෙහෙයවනවා. ඇත්තටම රටේ බුද්ධිමතුන් කියාගන්න ඔයාලට තරම් වැඩ නෙවෙයි නේද මේ? 

ඔය අතරේ කැම්පස් වල තියන වර්ගවාදී පටු භේද ආදිය මටනම් හිතෙන්නේ කුහක කමින් කරන කෙනහිලි කියල. මේ කැන්ටිම තියෙන්නේ දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට ඒකට තොපි එන්න ලජ්ජා නැද්ද? ඔය හොඳ හෝටල් තියෙන්නේ ගිහින් කාපියව් කියල බඩගින්නට කන්නට එන තමන්ගේම ෆැකල්ටියේ තවත් එක ශිෂ්‍යෙක්ට ශිෂ්‍යාවකට කියන්නේ පටු පන්ති භේදය මුල් කරගත් කුහක කමෙන් නෙවෙයිද? ඇත්ත සමහරුන්ට හොඳට සල්ලිය බාගේ තියෙන්න පුළුවන් ඒත් ඒ දරුවත් එන්නේ ඉගනගන්න. සමහරුන්ට පේන තරමට සල්ලි නොතියෙන්නත් පුළුවන්. ඉන්ටර්නැෂනල් ස්කුල් වලට ගියපු උන් එන්නේ නෑ කවදාවත් ඔය කැම්පස් වලට. උන් එංගලන්තේ ඇමරිකාවේ යයි. එහෙනම් මේ කාටද මෙහෙම කියන්නේ?

තව දෙයක් තම කැම්පස් රැග. පොඩි විහිළුවක් දෙකක් කරන අහිංසක රැග නම් ඕනේ කෙනෙක් එපා නොකියාවී. ඒත් දැන්? ලිංගික අසහනකාරයෝ අසහනකාරියෝ රෑනක් ම කැම්පස් එකේ ඉන්නවා කියන්න පහුගිය ටිකේ පුවත්පත් වල ගිය පුවත් ප්‍රමාණවත්. කෙල්ලන්ගේ කොල්ලන්ගේ කියල වෙනසක් නැතිවම මේ එන්නෙත් අර තියන කුහකත්වයේ තවත් එක පැතිකඩක්.

ඉතින් ඉස්කෝලෙන් හොඳට ගිය එකා කැම්පස් ගියගමන් මේ වෙනස් වෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්නය ඔබට බාරයි.. හිතන්න.. රටේ හෙට දවස ඔබ අතේ නම් අද ඔබ හොඳ පුරවැසියෙක් විය යුතුයි. ඔබේ කාලය නාස්ති නොකර ඉගනගන්න.. තරඟකාරී ලෝකයේ තරගයට ඉක්මනින් පා නගන්න.. අපි බලන් ඉන්නම්..

එසේනම් කඩතුරා ඉරා සත්‍ය දකින්න කාලයි මේ....

ඔක්කොම තියෙනවා--එහෙනම් මොකද යකෝ ඕකේ කරන්නේ ?

Thursday, February 2, 2012

ඔටු අම්මයි ඔටු පුතයි බර සාකච්චාවක්.ඔටු අම්මට  'අ' කියලයි පුතාට 'පු"  කියලයි දාගෙන මේක කියමුකෝ.
අ:- ඇයි පුතේ උඹ ආස පොලොව ගැටලන්න වගේ කල්පනා කොරන්නේ ?
පු :- අම්මේ මං ප්‍රශ්න කීපයක් අහන්නද ? ඔන්න පලවෙනි එක.. ඇයි අම්මේ අපේ මේ මහා මල්ලක් වගේ මොල්ලියක් තියෙන්නේ.?
අ:- ආ ඒ පුතේ අපි කාන්තාරේ දුර යනකොට තිබහ වෙන එක නවත්තන්න වතුර ගබඩා කර ගන්නනේ..
පු: එතකොට අපේ කකුල්වල කුර මේ රවුමට මහතට තියෙන්නේ ?
අ: ඒ පුතේ කාන්තාරේ හයියෙන් ඇවිදිනකොට සමබරතාවේ තියන් එරෙන්නේ නැතුව යන්නනේ..
පු:  හොඳයි එහෙනම් මොකටෙයි මේ තරම් දිග බෙල්ලක් ?
අ: පුතේ ඒක ඕන අපිට උස ගස් වල මුදුන් වල තියෙන දළු කඩන කන්න කටු ඇනගන්නේ නැතුව.. 
පු: එතකොට   මේ කැත විසාල  ඇහිපිය ?
අ;- කොල්ලෝ .. එවුව කාන්තාරේ වැලි කුනාටු  එනකොට ඇස් දෙක වහගන්නනේ.. 
ඔටු පුතා දැන් අම්ම දිහා බලන්නේ අමුතු සතෙක් දිහා වගෙයි  
අ:- ඇයි කොල්ලෝ උඹ මං දිහා ඔය විදිහට බලන්නේ?
පු: මොන මගුලකටද වදේ එහෙනම් අපි මේ සූ එකේ කුඩුවක් ඇතුලේ ඉන්නේ ?

ආදර්ශය: අද්යාපන  සුදුසුකම්, පළපුරුද්ද, දක්ෂතාවය, නායකත්වය උද්යෝගය .... මේ ඔක්කොම දේ වලින් වැඩක් වෙන්නේ අපි හරි ජොබ් එකේ ඉන්නවනම් තමයි  .. ඔබ ඉන්නේ හරි තැනද ?  බොරු කියන්නේ මොටද? මං නම් ඔටු පැටියා වගේ තමයි..
(මේක මන් ජංජාලෙන් උපුටගත්තා එකක් මගේ නිර්මාණයක් එහෙම නෙවෙයි..)

පොඩි කාලේ

Wednesday, February 1, 2012
පොඩි කාලේ අපි හිටියේ අපේ සීයලාගේ ගෙදර, වෙනම ගෙදරක පදිංචියට එනකම් තවත් නෑදෑ පවුල් දෙකතුනක් එක්කම ජීවත් උනේ එකම ගෙදර. ඒ කාලේ දැන් වගේ පරිඝනක, ටීවී, විවිධාකාර සෙල්ලම් බඩු තිබ්බේ නැති නිසා අපි ගොඩක් වෙලාවට සෙල්ලම් කලේ වට පිටේ තියෙන දේවල් වලින්.

පරණ ටයර් කියන්නේ ඒ කාලේ මහා අනර්ඝ වස්තුවක් ඕක දෙපැත්තෙන් ලී දෙකක් ගහගත්තාම බයිසිකලයක් වගේ තල්ලු කරන්න පුළුවන්. කාලයක් යනකම් මට හරියට ටයර් එක පැදගනන් බැරුව තිබ්බේ ඒත් පුරුදු උනාට පස්සේ ටයර් එක පදින එක හරිම ලේසි කටයුත්තක්. තවත් වැඩේ නැගලා යන්න ටයර් එක ඇතුලට වතුර හරි බොරලු හරි ටිකක් දානවා. දැන් නම් ඩෙංගු බෝ වෙන්න ඉඩ තියෙන නිසා වතුර දාන්න යන්න හොඳ නැහැ ඒත් ඒ කාලේ අපි වතුර දාලා ටයර් එක පදින එක හරිම විනෝදාත්මක ක්‍රීඩාවක් උනා.

ගෙදර වටේම පුවක් ගස් තිබ්බ නිසා හරිම ලේසියෙන් කොලපොතක් හොයා ගන්න පුළුවන්. කුස්සියේ ඉන්න වැඩිහිටි කාන්තාවන්ගෙන් විරෝධයක් එල්ල උනත් අපේ පාවිච්චියට කොලපොතක් ගන්න එක ඒ හැටි අපහසුවක් උනේ නැහැ. දැන් වගේ ප්ලාස්ටික් භාජන සුලබ නොවුනු ඒ කාලේ කොලපොත කුස්සියට බොහෝම ප්‍රයෝජනවත් දෙයක් උනා. එක්කෙනෙක් වාඩි වෙලා තව කෙනෙක් කොලපොත ඇදගෙන යන එකේ තියෙන සතුට දන්නේ කොලපත් පැදපු කෙනෙක්ම විතරයි. බොරලු පොළවේ කොලපතේ යනකොට පස්සට දැනෙන සනීපේ. ටිකක් ලොකු කොලපොතක් නම් දෙන්නෙක්ට යන්නත් බැරිකමක් නැහැ. හිටපු ගමන් කොලපොත අදින කෙනා වාඩිවෙලා ඉන්න අයව බිමට පෙරලෙන විදිහට අදින්නේ නැතුවමත් නෙමෙයි.

ගේ වටේ තිබ්බ වැලි ගොඩවල් වල බිංකුන්ඩෝ නම් හිඟයක් තිබුනේ නැහැ. බිංකුන්ඩෝ ඉන්න වලකට පොඩි ඉරටුවක් දාලා කරකවලා ඒකේ ඉන්න බිංකුන්ඩා එළියට අරන් ඌව නටවනවා. සමහර වෙලාවට බිංකුන්ඩා අල්ල ගනන් ලේසි වෙන්න උගේ වලට පොඩි කූඹියෙක් අල්ලලා දානවා. නටවලා ඉවර උනාම බිංකුන්ඩට නම් මොනාද කලේ කියලා මට මතක නැහැ.

මිදුලේ පොඩි වලක් හාරලා ඒකට කඩියෙක් එක්ක දිමියෙක් දානවා ඊට පස්සේ වීදුරු කෑල්ලකින් මේ වල උඩින් වහලා ඒක දිහා බලාගෙන ඉන්නවා. ටික වෙලාවක් යනකොට මුන් දෙන්නා කා ගන්න පටන් ගන්නවා මේ තරඟය තවත් උද්යෝගමත් කරන්න හිතාගෙන තුත්තිරි ගස් වල ඉස්ම පොවනවා කඩියටයි දිමියටයි. උන් ඒවා බීලා වෙරි වෙනවද නම් දන්නේ නැහැ මන් නම් තුත්තිරි ගස් වල ඉස්ම බිව්වට දැනුනේවත් නැහැ.

කඩයයි ගෙයයි දානවා කියලා එකක් කරනවා මේකට නම් ගෙදර ඉන්න වැඩිහිටි කාන්තාවෝ වැඩිය කැමති නැහැ මොකද කඩේ එළවලු වලට කියලා මල් ගස් වල කොල කඩාගන්න නිසා. ගඩොල්කුඩු, වැලි, කොස්කොල සල්ලි එක්ක මේකේ කරන්නේ සෙල්ලම් කඩයක් සහ ගෙයක් දැමීම. කඩේට සහ ගෙදරට ඕනේ සියලුම දේවල් කුස්සියෙ විසිකරන හිස් ටින් බෙලෙක්ක පියන් වලින් තමා සපයා ගන්නේ.

ඩ්‍රැයිවර් කෙනෙක් නැති කොන්දොස්තර කෙනෙක් විතරක් ඉන්න, සුයිප් විකුනන කෙනෙක් සහ බත් කඩයක් කරන අනික් සාමාජිකයොන්ගෙන් සැදුන බස් එකක් යන වැඩක් කලා සමහර වෙලාවට. මේකට නම් සල්ලි, සුයිප් සහ බස් ටිකක්ට් එක්සයිස් පොත්වල පිටු ඉරලා අරගෙන වෙනම හදාගෙන තමා කලේ.

අවුරුදු තුනේ හතරේ ඉඳන් මොන්ටිසෝරි යන්න පටන් ගනන් දැන් කාලේ ලමයින්ට නම් මේවා අත්විඳින්න ලැබෙනවාද කියලා නම් මන් දන්නේ නැහැ.

හිමි පෙම පතා නොකළ යුතු කතා

Friday, January 13, 2012

ඔන්න මුලින්ම කියන්න ඕන මේක මම ලියපු එකක් නෙවෙයි.මම මේක හොයාගත්තෙ නවලිය පත්තරෙන්.මේක ලියලා තියෙන්නෙ ප්‍රේමා සුමනසීලි සුරවීර කියන ලේඛිකාව.මේ තියෙන දේ බ්ලොග් කියවන අක්කලාට වගේම අය්යලාටත් වැදගත් වේවි කියලා හිතුනා.(කසාද බැඳපු හා බඳින්න ඉන්න අයට විශේෂයෙන්.)
ඉතින් කියවලාම බලන්නකෝ.



  • අපේ මෙයාගෙ අතේ ගෙනියන සෙල්ෆෝන් එක මේසේ උඩ යට පොත් ගොඩවල් , පත්තර අස්සේ , හැම තැනම හෙව්වා, නෑ. "මන් කියලා තියෙනවා මගේ කාමරේට ඇවිත්,මේසේ උඩ තියෙන ඒවා අදින්න එපා කියල.මොනවහරි ගෙනියන්න මේසෙ ඇදලා තමයි ඕක නැති කරලා තියෙන්නෙ.දැන් මට වැඩට යන්නත් පරක්කු වෙනවා.හොයල තියපල්ලා ෆෝන් එක කොහෙන්හරි "  කියලා අපට බැණ බැණ යන්න පිටත් වෙනකොටම ,මෙන්න කලිසම් සාක්කුවෙන් සද්දයක් ඇහෙනවා. "ආ මේ සාක්කුවෙ ෆෝන් එක තිබිලානේ" කියලා හිනා වෙවී යන්න ගියේ, ඉවසුවා මගේ කට.

  • හොඳටෝම නින්ද ගිහින් ඉන්නකොට , " නැගිටිනවා,නැගිටිනවා කියලා මහ පාන්දර මාව හොලවලා තල්ලු කලා,මම වැටුනා ඇඳෙන් බිමට.මේ මිනිහට පිස්සු හැදිලද කියලා බැලුවා.අනේ සොරි සොරි විගහට කිරිබත් ටිකක් උයලා ගන්නවා.පාන පත්තු කරලා කිරිබත් කපුටන්ට දෙන්න කිව්වනේ,සෙනසුරු මාරුවට අපල නැතිවෙන්න, අනේ තමුසෙට පිස්සුද කියලා අහන්න කටට ආවත් කතා නොකර නැගිටලා කිස්සියට ගියා.

  • මේ දවස් වල යන්තම් හවස අඳුර වැටෙනකොට, දොර ජනෙල් වහ ගන්නවා. ඇයි බේරෙන්න බෑ මදුරුවෝ ගෙට රි0ග ගන්නවනේ. දොරවල් වැහුවම ගෙට කරුවලයි, ඉතින් ලයිට් දාගන්නවා.ලයිට් බිල ආපු දවසේ ,මෙන්න අපේ මෙයා බනින්න පටන් ගත්තා.ලයිට් දානවා කරුවල වැටෙන්නත් ඉස්සෙල්ලා කියලා.අනේ අපිත් ඉතින් අඳුරෙම වැඩ පල කරගත්තා.ලයිට් දාන්නැතුව.මෙන්න මෙයාලගේ නෑයෝ වගයක් දවසක් ගේට්ටුව ළඟට ඇවිත්,ආපහු හැරිලා ගියාලු.දොර ජනෙලුත් වහලා,ලයිටුත් නෑ,කොහෙද ගිහින් වෙන්න ඇති කියලා.අම්බලන්තොටින් නෑයෝ ඇවිත් මුදවපු කිරිහට්ටි අරගෙන අපටත් ඒවා ගෙනත් දෙන්නලු ආවේ.අපරාදේ , රස කිරි ටිකක් කන්න නැතිඋණා " කිය කිය බඩ අතගානවා. " බිල ගියාදෙන් දාපල්ලා ඔන්න ඔය හැන්දෑවට ලයිට්" කිව්වේ. අපි නෙමේ කතා කළේ.


මෙන්න මේකත් කියන්නම ඕන.ගෑණු ළමයි, කාන්තාවන් වුනාම ඉවසීම පිරිමි අයටත් වඩා අපිට තියෙන්න ඕනා.සැමියා එහෙමත් නැත්තම් තමන් යාළු වෙලා ඉන්න පිරිමි ළමයත් එක්ක එකට එක කියන් ගියාම වෙන්නෙ ප්‍රශ්නේ තවත් දුර දිග යන එක.ඒ නිසා එයාගේ වැරැද්දක් තියේනම් ආදරෙන් පෙන්නලා දෙන්න තරහ අරගන්නෙ නැතුව.( ඒකනම් කිව්වෙ ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම )

...:: තමන්ගේ Blog එකෙන් සල්ලි හොයන්නේ මෙහෙමයි ::... ~ !! [*BlogShan*] !!

...:: තමන්ගේ Blog එකෙන් සල්ලි හොයන්නේ මෙහෙමයි ::... ~ !! [*BlogShan*] !!

අවවාදයයි : මෝල් වීමට කලියෙන් පර්ස් එකේ සල්ලි ඇත්දැයි බලන්න (18 + ද මන්දා )


අපි කනවා බොනවා ජොලි කරනවා තමයි. ඒත් ඒ හැම දේකම මොකක් හරි සීමාවක් තියෙන්න ඕනේ. කතාව කියවලා ඔයාලට මොනවා හරි හිතෙන දෙයක් ලියල යන්න. (ආයෙමත් කියන්නේ මේක ලිව්වේ කට්ටිය ආතල් ගන්නවට විරුද්ද වෙන්න හිතල නම් නෙවෙයි ) සල්ලි තියනවනම් කාපල්ලා බීපල්ලා ආතල් ගනිල්ලා අපට 
මොකෝ...............  




මේක පහු ගිය මාසේ මට සිද්ද උන ඇත්තම සිද්දියක්. මේ සිද්දියට අදාළ පුද්ගලයන්ගේ අහල පහල දන්නා කියන අය වත් සිංහල බ්ලොග් කියල ජාතියක් තියන බව වත් දන්නේ නැ කියල මට විස්වාස හින්ද නම් ගම් එක්කම ඉස්ටෝරිය ලියල දානවා.
මේකේ ප්‍රධාන චරිතයේ නම තමා මයුර කියන්නේ . මගෙත් පරණ ෆිට් එකක්. ගම දබුල්ල පැත්තේ උනාට ඉන්නේ මැද පෙරදිග රටක. මේ කියන දවස් වල පොර  අවුරුදු ගානකින් ලංකාවට ගොඩ බැහැලා ආතල් ගන්නවා. මෙන්න හිටපු ගමන් මගේ 4 න්  එකට එනවා නොදන්නා නම්බරෙකින් කෝල් එකක්.  
"හලෝ ඔය අ......නේද? , මාව  අදුනන්න පුලුවන්ද?"
මම: "කටහඩ නම් පුරුදුයි, ඒත් හරියට මීටර් නැ , කව්ද බන් ඔය?" 
"මයුරයා බන් දබුල්ලේ මතක නැද්ද?"
මම: "අම්මට උඩු, මයුරයා කවදද බන් ගොඩ බැස්සේ ? දැන් කොහෙද උඹ ඉන්නේ?"
"යාලුව්ක් හම්බවෙන්න කොළඹ ආව බන්. හෙට ඒජන්සියට යන්නත් ඕන  දැන් අපි ඉන්නේ කඩවත. උඹ මේ පැත්තේ ගැවසෙන බව දන්නා හින්දයි කෝල් කලේ .. කොහෙද ඉන්නේ පොඩ්ඩක් සෙට් වෙමුද?"
මම: "හරි මචන් මම දැන් ගනේමුල්ලේ. උඹ කැන්ඩි එක පිටිපස්සේ පොට්‌ එකේ උඩ තට්ටුවට පලයන් විනාඩි දහයෙන් මම ඔතන".
ඔන්න ඉතින් ගනේමුල්ලේ කර කර හිටපු වැඩෙත් මග තියලා මේ රෙපත් විනාඩි දහයෙන් කඩවත අදාළ ස්ථානයේ...
මයුරයයි උගේ කඩවත අනිත් යාළුවයි ඒ වෙනකොටත් වැඩ පටන් අරගනයි තිබුනේ. දැන් ඉතින් රෙපත් සෙට් වෙලා තුන් දෙනාත් එක්කම වැඩ... බලන් යනකොට මයුරයාගේ යාලුවා ඒ පැත්තේ ආණ්ඩුවේ දේශපාලකතුමෙක්ගේ ලග ඉන්න ගෝල බාලයෙක්ලු. 
බෝතලේ පටන් ගන්නකොට පටන් ගත්ත සරත් ෆොන්සේකා නිදහස් කිරීමේ කතාව පතුල පේනකොට රටේ දල ජාතික ආදායමේ වැඩිවීම දක්වාම කතාව ඇදිල ගිහිල්ලයි තිබුනේ.. 
"මල්ලි බිල ගේනවා" 
වේටර් මල්ලිට කතා කරපු මයුරයා 2000?=  කොලයක් ඇදල අරන් මෙසේ උඩට දැම්මා
"ඉතුරු සල්ලි තියා ගනින් මල්ලි"  කියපු මයුරයා වේටර් මල්ලි සල්ලි අරන් ගියාට පස්සේ  ආයෙමත් කට ඇරියා 
"මචන් මම රට ඉදල ආව එකා. ඉතින් දැන් අපි බෝතල් ආතල් ගත්තා ඇතී. මට බඩුවක් සෙට් කරලා දියන්කෝ ගහන්න",
පුහ් !!! මල මගුලයි මේ හදිසියේ වෙරි මර ගාතේ දැන් හොයපන්කෝ මුට ගහන්න බඩු. 
දැන් මොකැ කරන්නේ ?
"පොඩ්ඩක් හිටපන් බන් අපේ ලොක්කා පාවිච්චි කරන භාණ්ඩයක් තියනවා. කෝල් කරලා බලමු." එහෙම කියපු මයුරයාගේ කොළඹ යාලුවා ටිකක් එහාට ගිහින් ගත්තා කාටද කෝල් එකක්.
"හරි මචන් බඩු තියනවා, හැබැයි ටිකක් ගාන සැරයි . ඒත් බඩු කොලිටියි මොකද කියන්නේ" පොර ඇහුවා 
"බඩු කොලිටි නම් ගාන ප්‍රශ්නයක් නැ" මයුරයා කියපි.  බුවා ආයෙත් මොනවද කියලා අපේ ලගට ආවා  
"තව විනාඩි 10 කින් ඉන්ද්‍රා හෝල් එක ගාවට ත්‍රිවිල් එකකින් එන්නම් කිව්වා. සුපිරි කෑල්ල උබලත් දන්නා කියන එකක් බලපල්ලකෝ ආවාම. එහෙනම් අපි අතනට යමුද?" 
ඔන්න ඉතින් මගේ බයිසිකලෙත් එතනම තියලා තුන් දෙනාම පයින්ම ඉන්ද්‍රා එක ලගට ආවා  
රතු පාට ත්‍රිවිල් එකක් ආවා අපේ බුවාට කෝල් එකකුත් ආවා. 
"හරි මචන් අන්න අර ත්‍රිවිල් එකේ බඩු ඉන්නවා. මම 9 කණුවේ පොට්‌ එකත් සෙට් කළා උඹ මේකේ නැගලා පලයන්." තුන් දෙනාම ත්‍රිවිලේ ලගට ගියා ඒක ඇතුලෙ හිටියේ ඉදල හිටලා ටි වී එකේ එහෙම දැකල පුරුදු මුණක්. (කව්ද කියලා අහන්න එපා එයාගේ නම නම් මතක නැ )
මයුරයව ත්‍රිවිල් එකට නග්ගලා මමයි අනිත් බුවයි බයික් එක දාල තිබුන තැනට ඇවිත් රාගම පාරේ අපේ බෝඩිමට ආවා. ටික වෙලාවක් බෝඩිමට වෙලා කයියක් ගහගන ඉදලා එයා යන්න ගියා. ඇදට වැටුන මටත් එහෙමම නින්ද ගියා    
රෑ 7 ට විතර මම ඇහැරුනේ කෝල් එකක් ආව නිසා
කතා කලේ මයුරයා, 
"හලෝ මයුරයා මොකද කරගත්තේ "?
"මචන් පොඩි හදිසියක්".
 ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද ?
"4 න් එකෙන් ඔව්ව කියන්න බෑ බන්  ඉක්මනට කොමර්ෂල් ඒක ලගට වරෙන්, 
මොනා කරන්නද  මමත් ඉතින් එතනට ගියා. මෙන්න බුවා ඉන්නවා ෆුල් සෑඩ් මුඩ් එකේ සුපිරි ස්වීට් ඉස්සරහ 
මොකද බන් උනේ ?
මචන් සල්ලි ගන්න ගිහින් කාර්ඩ් එක හිර උනා බන්, දැන් අතේ සතේ නැ 
එතකොට අරක?
මම ඇහුවා 
"පර්ස් එකම හුරලා ඒකිට දීලා යැව්වා. දැන් මට ගෙදර යන්නවත් සල්ලි නැ. හෙට උදේ ඒජන්සියට රුපියල් 30000 ?= ක් බදින්න ඕනේ. දැන් රෑ වෙලා නිසා මාලේ වත් උකස් තියන්න කඩයක්වත් නැ.  දන්නා කෙනෙක් ඉන්නව නම් කියපන් බන් ලොකු උදව්වක්....
 මම එහෙම්මම ගත්තා කෝල් එකක් අදුනන මුදලාලියෙකුට මිනිහ පොත් ගැන දැනගත්තත් රත්තරන් ගැන දන්නේ නැ. එත් ඉතින් මාව ඇපේට අරන් අරුගේ මාලෙට සල්ලි දෙන්න මුදලාලිය කැමති උනා
මයුරයවත් බයිසිකලේ තියාගන ගියා රාගම මුදලාලිගේ ගෙදර
"මල්ලි මේකට මම උපරිම 35000 /=  ක් දෙන්නම්," 
"අනේ තව කියක් හරි දෙන්න මහත්තයෝ මේක පවුම් 1 1/2 ක් විතර තියනවා. දැන් මයුරයා අඩනවා." 
 මට දෙන්න පුළුවන් ගැන තමයි කිව්වේ . අනිත් එක මම මේවා ගැන  දන්නෙත් නැ. මේ අ...... මල්ලිට බෑ කියන්න බැරි හින්දයි මේ උදව්ව වත් කරන්නේ.
කොහොමින් හරි මුදලාලිගෙන් සල්ලිත් අරගන රාගම ටවුමට ආවා 
"මචන් ඔහොම පොඩ්ඩක් නතර කරපංකෝ "
බයික් එක නතර කළා විතරයි මෙන්න මේ යකා දුවගෙන ගිහින් බියර් ටින් දෙකක් උස්සගෙන ආවා. 
"ඇයි හු@#@$ උඹට මෙච්චර දෙයක් වෙලත් ඇතී වෙන්නේ නැද්ද?"
 මම ඇහුවේ මු එක්ක අම්බානක තද වෙලා  
 "මම අද රෑම දබුලු යනවා උබ කට වහගන මාව පුළුවන් නම් මාව කඩවත ටවුමින් බස්සපන්"
"එතකොට හෙට ඒජන්සියට සල්ලි බදින්නේ නැද්ද? "
"රට යන්න නම් කවද බැරිද?  මේ ඉන්න ටිකේ ආතල් එකේ ඉන්න ඕනේ"
පිස්සොත් එක්ක කතා කරලා වැඩක් නැති නිසා මම ඌව කඩවත ටව්මට දාල ඇවිත් නිදා ගත්තා. ඊට පස්සේ මම කෝල් කලත් මිනිහගේ 4 න් එකත් වැඩ නොකරන නිසා මොනවා කර ගත්තද  රට ගියාද තාමත් මෙහේද කියන්න නම් දන්නේ නැ.  

2012 දී අපි යන්නේ කොයිබටද?

Wednesday, January 11, 2012
පහුගිය කාලයේ අපි කරපු කියපු, බලාපොරොත්තු වුණු දේවල් වලින් මොකද වුණේ..? මොනවද අපි ඉස්සරහට අරං යන්නේ...? මොනවද අපිට වැරදුණේ..? මොනවද පහුගිය අවුරුද්දේ හමුවුණු වැදගත් කඩයිම්...?

අලුත් අවුරුද්ද ලබන දවස් වල.. ඒ කියන්නේ 2012 මුලදී, නැත්නං 2011 අග දී අපි හිතුවා.. අලුත් ප්ලෑන් ගැහුවා.. ඒ අපේ පුද්ගලික සංවර්ධනය වෙනුවෙන්.. මේ ගැන අපේ බ්ලොග් වලත් හොඳ හොඳ ලිපි ලියැවිලා තිබුණා.. මේ මං දැකපු එක අපූරු ලිපියක්..  . ඒ අතරේ මේ වගේ අහිංසක පුංචි බලාපොරොත්තු ටිකක් කැටි කරලා ලියපු ලිපිත්, තම තමන්ගේ ක්ෂේත්‍ර පිළිබඳ ලියපු මේ වගේ ලිපිත් තිබුණා..

ඒත් අපි සමාජයක් විදිහට ඉදිරියට යන්න ඕනි කොහොමද කියලා පොඩ්ඩක් හිතන්න ඕනි කියලා මට හිතුණා..

මම නියෝජනය කරන්නේ සිංහල බෞද්ධ සමාජය නොවැ.. මං මීට මාස 7 කට විතර කලිං ලියපු අපි තවත් ප්‍රමාද වෙමුද? කියන ලිපියෙනුත්, දුෂ්චරිත  ලිපියෙනුත් මං ටිකක් මේ ගැන කතා කළා..

කොහොම වුණත් මං කියන්නේ අපි පුංචි පුංචි දේවල් වලින් පටන්ගමු කියලයි..ඕවා කිය කියා ඉන්නේ..  තමන්ට කරන්න බැරියෑ.. කියලා එහෙම කියන්ට එපා දැං..
මාත් කරනවා.. කරන්ට උත්සාහ කරනවා.. ඔයාලටත් එක්වෙන්න කියලයි කියන්නේ..

ආරම්භයක් විදිහට පන්සිල් රකින්න උත්සාහ කරමුද? පංච ශීලය කියන්නේ අපිට හැදෙන්න පටන් ගන්න තියෙන හොඳම තැනක් කියලයි මට හිතෙන්නේ.. අනික පංචශීලය ගැන මං දකින විදිහෙත් පුංචි පුංචි වෙනස් කම් තියෙනවා..

ප්‍රාණඝාතයෙන් වැළකීම -- අපි වගේම මේ ලෝකේ හැම සතෙක්ම ජීවත් වෙන්න ආසයි. අපේ සැපය පිණිස, අපේ සතුට පිණිස, අපේ පැවැත්ම පිණිස එහෙමත් නැත්නම් අපේ රසය පිණිස මේ සතුන් ඝාතනය කිරීම හොඳයි කියලා කියන්නේ කොහොමද? සමහර විට වෙනත් කෙනෙක් වෙනුවෙන්, ඒ අයගේ පැවැත්ම, ආරක්ෂාව වෙනුවෙන් අපි ප්‍රාණඝාතයට පෙළඹෙන්නත් පුළුවන්.. එතනදී අපි සාධාරණයි කියලා හිතෙන්නත් පුළුවන්.. ඒත් ඇත්තටම අපි සාධාරණ ද? අඩු තරමින් බැරිම තැනකදී විතරක් එහෙම දෙයක් කරන්න හිත හදාගමු...

සොරකමින් වැළකීම -- අනුන් සතු දේවල් කෙරෙහි විවිධ ආශාවන් අපට ඇති වෙනවා.. ඒ ආශාවන් පාලනය කළ නොහැකි වූ විටෙක සොරකම් කිරීමට පෙළඹෙන්නෝ වෙති. විටෙක ඉරිසියාව, වෛරය වැනි හේතු නිසා හොරකම් කිරීමට පෙළඹෙන අයද ඇත.. හුදු විනෝදය සඳහා හොරකම් කරන අයත් ඉන්නවා.... කොහොම කළත් හොරකමට සාධාරණ හේතු සොයන්නට පුළුවං කියලා මට නං හිතෙන්නේ නෑ..

කාමයේ වරදවා නොහැසිරෙමු -- කාම ලෝකයේ විවිධ කාම වස්තූන් පරිහරණය කරන අපි ඒවා කෙරෙහි අසීමිත ආශාවන් ඇති කරගන්නවා.. මේක සාමාන්‍ය අර්ථ කතනයට වඩා වෙනස් තමයි.. ඒත් මට හිතෙනවා මේක නිවැරදි ඇතියි කියලා.. මේ ලිපියේ මං උත්සාහ කළේ මගේ අදහස පහදන්න. ඇස, කණ ආදී පසිඳුරන් පිනවීමේ දී සම්මත බිඳිමින් සහ අන් අයට හෝ තමාට අයහපතක් වන අයුරින් ඉඳුරන් පිනවීම නොකර ඉන්න පුළුවන් නම් මේ සිල් පදය ආරක්ෂා කර ගන්න අපට පුළුවනි..

බොරු නොකියා ඉමු -- අර ඉස්සෙල්ලා කියපු ආශාවන් නිසා වගේම ආරක්ෂාව උදෙසාත්, විහිළුවටත්, ඊර්ෂ්‍යා ආදී දුර්ගුණ පෙරදැරි කරගෙනත් අපි බොරු කියන්න පෙළඹෙනවා.. ඒත් එක බොරුවක් වහන්න තව බොරු දහයක් කියන්න ඕනි කියලා කියමනකුත් තියෙනවනේ.. තමන්ට මොන පාඩුවක් වුණත් ඇත්ත කතා කරන්න පුළුවන් නම් ඒක සංතෝෂ වෙන්න කාරනයක් කියලයි මට හිතෙන්නේ.. බොරු විතරක් නෙවෙයි, සම්ප්‍රප්පලාප, කේලාම්, පරුෂ වචන වගේ මුවින් සිදුවෙන වැරදි බොහෝමයකින් වැළකිලා ඉන්න පුළුවන්නම් ඒක ලොකු දෙයක් නේද..?

මත් ද්‍රව්‍ය වලින් වැළකෙමු --   මත් ද්‍රව්‍ය පිළිබඳ මගේ විග්‍රහයත් ටිකක් වෙනස්. එතනදීත් මම කියන්නේ අපේ සිහිය විකල් කරන්න, නැත්නම් පියවි සිහිය අපෙන් ඈත් කරන්න පුළුවන් දේවල් මත් ද්‍රව්‍ය විදිහට හඳුන්වන්න පුළුවන් බවයි.. ඉතිං මේ දේවල් වලින් මත් නොවී ඉන්න පුළුවන්නං අපට මේ සිල් පදය ආරක්ෂා කරන්න පුළුවන් බවයි මගේ හැඟීම.. මේ ලිපියේ ඔය මත්වීම ගැන මගේ අදහස තියෙනවා..

කොහොමටත් පොඩ්ඩක් හිතන්න.. අපිට මේ ටික ක්‍රියාත්මක කරන්න පුළුවං වුණොත් 2012 විතරක් නෙවෙයි.. අපේ පොඩි එවුන්ගේ අනාගතයත් ලස්සන වෙයි...

අනාගත විප්ලවයේ ඔබේ කොටස ඉටු කරන්න..

වීර ක්‍රියාව

Thursday, January 5, 2012
එතුමාගේ නම ජාතික වීරයින්ගේ ලයිස්තුවේ උඩටම තිබුනේ තමුන්ම ඉතිහාසය  ලියාගත්ත නිසා නොවේ.. සැබෑවටම රටේ සතුරන් හා යුද වැදී ලේ වගුරුවා සටන් කොට ජීවිතය පුජා කල නිසයි..වසර සිය ගණනක් මුළුල්ලේ වල බුරු ලන්තයේ ප්‍රධාන නගරයක ඉදිකර තිබුණු එතුමාගේ කඩුවක් අතින් ගත් සෙල්මුවා පිළිරුව පසුකර ගමන් කල එකම බුරුලන්ත වැසියෙකුටවත්  මදක් එහි නැවතී ආචාර කරන්නට හෝ තම දු දරුවන්ට ඔහු ගැන කියාදෙන්නට වෙලාවක් නැති වුයේ ජීවිත සටනේ තීව්ර තාවය නිසා මිස නොසැලකිල්ල නිසා නොවෙයි.. එහෙත් වසරකට වරක් පිරිසිදු කර සරසා අලුතින් තීන්ත ගෑමෙන් පසුව රටේ ඉහල දෙස්පලුවෙක් මහා සෙනග මැද්දේ රුපවාහිනි කැමරාවලට පෙනෙන පරිදි විදුලි ඉනිමගක් මත නැගී අපේ වීරයාගේ කරට මල් මාලාවක් දමා මහා දිග කතාවක් පැවැත්වීමේ සිරිත නම් නොකඩවා පැවතිනි.. 

රටේ මැරකම් දුෂණ ඉහවහා යමින සතුරු උවදුරු රට බිලිගන්නා බවක් පෙනෙන්නට තිබු හෙයින් බොහෝ බුරුලන්තවාසීහු
 "අපොයි අපේ "වීර අහවලාට" පන දුන්නොත් නම් මේ රට ආපහු ආරක්ෂා කරන්නට රටේ සතුරන් හා සටන් වදීවි"  
යනුවෙන් මතයක් ප්‍රකාශ කලෝය.  මේ අසා සිටි එක්තරා බලගතු මන්ත්‍ර ශාස්ත්රකරුවෙක්  තම ශාස්ත්‍රයේ සියලු  බලය යොදවා එක දිනක් අපේ වීරයාගේ පිළිරුවට පණදුන්නේය.. ඉක්බිතිව සීරුවෙන් නැගී සිටි වීරයා.. 
"එම්බල කොල්ල මේ ඉලවු කඩුවෙන් දැන් සිටින ද්‍රෝහීන් නසන්නට නොහැක්කේය .. එබැවින්  මට  මැෂින් ගණයක් වහාම දෙව" යි මොරදුන්නේය..
"සුවාමිනි ඔබ තුමාට මැෂින් ගණයක් වෙනුවට මල්ටි බැරල් රොකට් ලෝන්චරයක් ලබාදුන් වහාම ඔබතුමා කරන පළමු කාර්යය කිමක්ද ?" යි මන්ත්‍ර කරුවා විමසා සිටියේය..

"කාර්යය ? කාර්යය ? ? එම්බා පුරුෂය ,  මම පුරා අවුරුදු තුන්සීයක් තිස්සේ මගේ ශරීරය මත වර්චස් හෙලූ කාක්කන් ලක්ෂයක් මෙලොවින් තුරන්  කරමි "

පිටසක්වල ජීවය... පුරාතනයේ සිට පැවතුනාද? III විදුලිය හා ආලෝකය

මේ ක්සැන්ඩරගේ කොළමේ පළවුණු අලුත්ම ලිපිය. මේ මාතෘකාවට ගොඩක් අය දක්වන ආසාව කුතුහලය නිසාම මම මේ ලිපි මෙහි නැවතත් පල කරන්නේ තවත් කියවන බොහෝ දෙනාගේ මනදොල සපුරන්නයි.


මේ දෙදහස් දොළහ වසරේ ක්සැන්ඩරයාගේ කොළමේ පලවෙන පලවෙනි ලිපිය. ඉතින් ඔය කියවන හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වගේම සියලු සුබ සිහින ඉටුවන නව වසරක් වේවා කියල ක්සැන්ඩර් ඉස් ඉස්සරලාම ඉතසිතින් ප්‍රර්ථනා කරනවා.

ඉතින් අවුරුද්දේ මුලදීම මම මේ හදන්නේ මගේ පිටසක්වල ජීවයක් ගැන කියවෙන කතා මාලාවේ 3 වැනි කොටස විදුලි භාවිතය ගැන කතා කරන්න. ඉතින් ඔයාල අද මේ අඩවියට ආවානම් මෙන්න මේ සබැඳි දිගේ ගිහින් මේ කතාවේ මුල් කොටස් කියවන්න පුළුවන්.

අද ලෝකේ විදුලිය කියන දේ නැතුවම බැරි දෙයක් වෙලා. කොච්චර නැතුවම බැරිද කියනවනම් සමහර රටවල විදුලිය නැති උනාම මිනිස්සු අවුල් වෙන තත්වෙට පත්වෙනවා. විදුලි සෝපාන කාර්යාල සාප්පු ආදී මෙකී නොකී හැම දෙයක්ම උඩුයටිකුරු කරන්න මේ විදුලියට පුළුවන්. ඉතින් මේ අපුරු බලය අතීත මුතුන් මිත්තන් දැකල තිබ්බේ අකුණු හරහා විතරක් කියන එක තමා අද බොහෝ දෙන පිළිගන්න මතය වෙලා තියෙන්නේ. ඉතින් මේ ශක්තිය විදුලි කෝෂ හැටියට ගබඩා කරගන්න පටන්ගත්තේ ක්‍රිස්තු වර්ෂ 1800 ඉතාලියානු ජාතික ඇලෙක්සැන්ඩර් වෝල්ටා හොයාගත්ත බැටරියත් එක්කයි. ඒක 1836 දී ඩැනියෙල් සෙල් විසින් තවත් දියුණු කරලා තියනවා. ඔය විදුලියෙන් එලිය නිපදවාගන්න පටන්ගත්තේත්  ඊට සමගාමීවයි. මේ විදුලි බල්බ නිපදවන්න ගොඩක් අය උත්සාහ කරත් මුලින්ම අපේ මතකයට එන්නේ තෝමස් අල්වා එඩිසන් මහත්මයාවයි. එත් මේ යට කලින් කවුරුත් ඔය විදුලිය ගැන දැනන් හිටියෙවත් පාවිච්චි කලේ වත් නැද්ද?

මේක කියවන ඔයාලගෙන් ගොඩක් දෙනෙක් බැග්ඩෑඩ් බැටරිය ගැන අහල නැතුව ඇති. 1936 බැග්ඩෑඩයේ  කුජුට් රබු කියන ගමෙන් හමුවුනු මේ පහත තියන මැටි භාජනය හා ලෝහ පතුරු ක්‍රිස්තු පූර්ව යුගයේ පාවිච්චි කරන ලද බැටරියක කොටස්. මේවා අවම වශයෙන් ක්‍රිස්තු පූර්ව 250 ක් වත් පැරණි කොටස් බවට විද්‍යාඥයන් මත පල කරනවා. 




අම්ලමය දියරයකට ලෝහ එනම් තඹ කූරක් වටා වූ යකඩ ආවරණයක් දැමීමෙන් නිපදවාගන්න කුඩා ප්‍රමාණයේ විදුලියක් මේ බැටරි වලින් ලැබිල තියනවා. ඉතින් මේ වගේ බැටරි වල බලය නිපදවන්න ඒ කාලේ විනාකිරි, මිදී යුෂ වගේ අම්ල භාවිතා කරන්න ඇති කියල විද්‍යාඥයන් විශ්වාසය පල කරනවා. මේ පහලින් තියෙන්නේ ඒ සරල ඇටවුම.




එහෙමනම් ඇලෙක්සැන්ඩර් වෝල්ටා කරේ නැවත සොයාගැනීමක් ද? බැටරියේ මුලාරම්භය වසර 2000 කටත් එහා අතීතේ සිදුවූවක්ද?

ඉතින් මෙයාකාර බැටරි ගණනාවක් සරල අටවුමක් මගින් එකතු කරගෙන මොනවාද කරන්න පුළුවන් කියන එක ගැන අදත් හරියාකාර මතයක් ප්‍රකාශ වෙලා නෑ. ඒ කොහොම වුනත් අපේ මුතුන් මිත්තෝ ජනප්‍රිය මතයට අනුව කියන විදියට ගිනි දල්වන්න ගිනිගල් හොයමින් දර අතුල්ලමින් ඉඳල නෑ නේද?

ඔයගොල්ලන් කවුරුහරි ඊජිප්තුවේ සංචාරය කරලා තියනවද? පිරමීඩ වලට? එහෙමනම් ඔයාල අනිවාර්යෙන් ඒවා ඇතුලේ තියන පටු බිංග දිගේ යන්න ඇති. ඉතින් ඒ යනකොට විස්තර කරන්නන් කියන්නේ ඒ පිරමීඩ මුල්ම කාලේ එලිය කරේ පන්දම් එළියෙන් කියල. ඒ කතා අහන ඔබ යන්තම් වත් ඔලුව උස්සල බලල නැතිද ඒ පිරමීඩ බිංග වල කොට වහලවල් දිහාවේ? එහෙම බලල බලාපොරොත්තු වෙන්නේ ඒ වහල වල බැඳුනු කළු පාට දැලි තට්ටුව දකින්න නම් ඒ බලාපොරොත්තුව හරි යන්නේ නෑ. ඒ මොකද ඒවාගේ දැලි පොදක්වත් නෑ. ඉතින් එහෙනම් කොහොමද පිරමීඩ එලිය කරේ? හදන කාලේ උනත් මේවා එලිය කරන්න පන්දම් යොදවපු බවක් පෙනෙන්න නැත්තේ කිසිම චිත්‍රයකවත් දැලි හෝ දැලි මිශ්‍ර තෙල් අංශු දකින්න නැති හින්දයි. හොඳයි ඉතින් දැන් ඔයාල හිතනවා ඇති එහෙනම් පස්සේ කාලෙක මේ පිරමීඩ වල චිත්‍ර, සීලිම් එහෙම පිහදාන්න ඇති කියල. එත් ඒ තරම් පිරිසිදුව තියෙන්න පිහිදාන්න? එත් ඒ පුරාතනයේ විදුලි බල්බ තිබුනානම්?

ඉතින් ලයිට් බල්බයක් ගැන ඉතිහාසේ තියන සාක්ෂි හොයන්න අපි ඊළඟට යන්නේ ඊජිප්තුවට. ඊජිප්තුවේ පිරමීඩ වල තියන චිත්‍ර අතර කොහොමත් අපුරු චිත්‍ර තියනවා. ගුවන් යාන හෙලිකොප්ටර වගේම මේ පහත තියන චිත්‍රෙත් ගොඩක් දෙනාගේ ඇසට අසුවුන එකක්. ඊජිප්තුවේ දෙන්ද්‍රා හි හාතෝර් දේවාලයේ තියන මේ පහලින් ඇති චිත්‍රෙ ගැන පිටසක්වල ජීවය ගැන මත පළකරපු, ඒ වගේම චැරියට්ස් ඔෆ් ගොඩ්ස් පොත ලියපු එරිච් වොන් ඩැනිකන් කියන්නේ මේ චිත්‍රෙ පෙන්වන්නේ විදුලි බල්බයන් දෙකක් කියලයි. එත් මේ චිත්‍රෙ ගැන අරුත් දක්වන විද්වතුන් නම් කියන්නේ මේ චිත්‍රයේ නෙළුම් මල් දෙකකින් එන නාග රූප දෙකක් දැක්වෙනවා කියලයි. 






ඉතින් ඒ කොහොම වෙතත් ඔයාල පරිස්සමෙන් බැලුවොත් බල්බයේ අග ඉඳල මේ හැම එකක්ම යම්කිසි බෝතලයක් වැනි දේකට සම්බන්ධ කරලා තියනවා දකින්න පුළුවන්. එහෙනම් ඒ සම්බන්ධය යා වෙන්නේ අර මුලින් දැක්ක වැනිම වූ ප්‍රමාණයෙන් විශාල බැග්ඩෑඩ් බැටරි සමුහයකටද ? එරිච් වොන් ඩනිකන් කියන පරිදි ඔහු මේ ඇත හදාබැලීම කරලා තියනවා. එත් ඔහු කියන්නේ නෑ ඔහු බල්බය දල්වන්න කොයිතරම් විදුලියක් භාවිතා කරාද කියල. ඒ ගැන නම් මට ඇති වන්නේ සැකයක්. එත් අපි ගල් යුගයේ යයි කියන, ලීවරයේ ප්‍රාථමික මට්ටම විතරක් දන්නා බව කියන ආදී මානවය විදුලිය ගැන මේ තරම් දනුමතිව මේ තරම් දෙයක් කළා නම් ඔවුන්ට විදුලිය ස්ථාවර කරන එක ඒ තරම් දෙයක් නොවෙන්න ඇති නේද?

මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ එරිච් වොන් ඩනිකන් අත්හදා බැලීම කරන විදිය..

හිතන්න... අද ලෝකය මොනතරම් දියුණුද? ඒත් ඒක එහෙමමද?

පි‍ටු පෙරලපු ගාන