ගෙඹි අවුරුදු....

Wednesday, August 24, 2011








     කාලෙකින් සිතුවිලි පවුරට ගොඩ වුණේ හදිස්සියෙම අපූරු කතාවක් මතක් වුණු හින්දයි..මේක හැබැයි මට ගුවන් විදුලි නාලිකාවකින් අහන්නට ලැබුණු කතාවක්.ඔයාලත් සමහර විට අහලත් ඇති..පොඩි දරුවන් වෙනුවෙන්ම වෙන් වුණු උදෑසන වැඩසටහනක තමා ගියේ..(මංචිත් ඉතින් තාම පොඩි එකානෙ...ඒ නිසා අහන්නෙ ළමා වැඩසටහන්.. ;)...හිකිස්


     හරි මෙහෙමයි කතාව...


     ඔන්න එක විලක් තිබුණලු....ඒ විලේ හිටියලු ගෙඹි සමූහයක්...සමූහයක් කිව්වට ඇත්තටම කිව්වොත් ඉතින් අම්මල-තාත්තල-අච්චිල-සීයලා-දූලා -පුතාල...මුත්තලා ආදී එකී මෙකී නොකී පිරිසගෙන් සමන්විත ගෙඹි ජනපදයක් තමා එතන වාසය කරල තියෙන්නෙ...ආහ් කියන්න බැරි වූණානෙ මේ විල තිබිලා තියෙන්නෙ ලංකාවෙ හොඳේ...(දැන් අහන්ඩ එපා විලේ නම මොකද්ද කියල ඕං...)


     හරි ඉතින්....ඔන්න ඉතින් වසන්ත කාලෙ උදාවෙලා...අලුත් අවුරුද්දටත් කිට්ටු වේගෙන එනකොට..මේ විලේ සුභසාධක සමිතියෙන් තීරණය කළාලු ගෙඹි ජනපදයෙ අයට පොඩි ෆන් එකක් ගන්නත් එක්ක අවුරුදු උත්සවයක් සංවිධානය කරන්න..ඉතින් දවසක් එහෙම දාගෙන වැඩේ සංවිධානය කළාලු තිතට...මේ අවුරුදු උත්සවේත් ඉතින් තිබිල තියෙන්නෙ අපේ අවුරුදු උත්සව වල වගේම තරඟ තමා..ඔය කඹ ඇදිල්ල,ගෝනී පැනිල්ල,අවුරුදු ගෙඹි කුමරිය තේරීම...වගේ එව්වා...ඔය තරඟ අතර තිබුණලු ඔන්න ලිස්සන ගහේ නගින තරඟ අංකයකුත්....


     දැන් ඔන්න ගෙඹි ජනපදේ හිටිය හොඳ සවි ශක්තිය තියෙන ගැටව්,මැදිවියේ ඉන්න සෙට් එකම බැහැලලු ලිස්සන ගහේ නගින්න.ඇයි ඉතින් ගැටිස්සියොත් බලාන ඉන්නවනෙ...;) එක දාගන්නත් පුළුවන්නෙ...හැබැයි ඉතින් පටන් ගත්තම තමයි කට්ටියටම තේරිලා තියෙන්නෙ වැඩේ ලේසි නැති බව..කොච්චර නැග්ගත් ලිස්සනවලු...කොහොමටවත් කොඩිය පේන මානෙකටවත් ඒ ගන්න කලින් වැටෙනවලු....


     ඒ අස්සෙ අහල පහල ඉන්න නරඹන්නො කෑ ගහනවලු....හූ කියනවලු...


     හූඌඌඌඌඌඌ...........අද නං නගී...


     අපෝ ඔය කොඩියනං ගලවන්න පුලුවන් එකක් නෙවෙයි.......


     අපි වැඩියෙනුත් එක්ක ග්‍රීස් ගෑවෝ............


     ඔන්න ලිස්සුව...ඔන්න ලිස්සුවා.....


     මොනාද හලෝ කරන්නෙ නගිනවකෝ......බැරිනං අතෑරලා යනවකෝ...........


     ලොක්කො වගේ වාවට අඩි දෙකක් යා ගන්න බෑ....


     ඒ අස්සෙ ගැටිස්සියෝ බඩ පැලෙනකල් හිනා වෙනවලු.......


     එක විකාරයයිලු......


     වටේ ඉන්න උන්ට තියෙන එකම ෆන් එක මුං වැටෙන වැටෙන පාර හූ කියන එකලු.....


     කොහොම කොහොම හරි කොච්චර ට්‍රයි කළත් අන්තිමේ කිසිම කෙනෙක්ට කොඩිය ගන්න නං බැරි වුණාලු......අනේ ඉතින් සංවිධායක මංඩලේ ගේම නවත්තන්න යද්දිම මෙන්න මූනේ දැලි රැවුලක් වත් නැති පුංචි ගෙඹි හාදයෙක් එනවලු ලිස්සන ගහේ නගින්න....


     කට්ටියට ඉස්සෙල්ලටත් වඩා ෆන්ලු දැන්..අර හැඩි දැඩි...ශක්තිමත් තරුණයින්ට බැරි වුණු දේ...මේ ඇටිකිච්චා කොහොම කරන්නද කිය කිය හිනා වෙනවලු පලු යන්න...


     ඒත් අර පුංචි ගෙඹි පැංචටනං වගක්වත් නැහැල්ලු ඒ ගැන..ගහ ලඟට ගිහින් ටික දුරක් නගිනකොටම ඔන්න කට්ටිය ආයෙත් බෙරිහන් දෙනවලු....


     ඇච්චෝ.......ඔන්න වැටෙයි....


     හෝව් හෝව්...හෙමින් පලයන්.........නැත්තන් ඉක්මනටම දඩොං තමයි....


     අනේ උඹනං කොහෙ ගන්නද කොඩිය......


     ඒත් හැබැයි ගෙඹි පැංචට ගානක්වත් නෑලු..පාඩුවෙ හෙමිහිට හෙමිහිට ග්‍රීස් අයින් කර කර ගහේ හගිනවලු...දැන් දැන් කට්ටියත් කටවල් ඇරං බලං ඉන්නවලු...(එයාලටනං කටට මැස්සො ගියත් අවුලක් නෑ නෙ..බෝනස් ලන්ච් පැකට් එකක් ලැබුණ වගේ නේ...)..ඔන්න ඉතින් කොහොම කොහොම හරි මේ කොළුවා උඩටම නැගලා කොඩියත් අරගෙන තරඟෙන් දින්නලු....


     කට්ටියටම මාර පුදුමයිලු කොහොමද මේ පොඩි එකා මේක කළේ කියලා....


     මෙන්න මේකයි වෙලා තියෙන්නෙ....මේ පුංචි ගෙඹි පැටියට උපතින්ම කන් ඇහෙන්නෙ නැහැල්ලූ...ඉතින් අර කට්ටිය කියන අධෛර්යමත් කතා එයාගෙ කණට වැටෙන්නෙ නැහැනෙ..හිතේ ශක්තිය එහෙම්පිටිම්ම ඉතුරු නිසා එතකොට මොනතරම් ලොකු වැඩක් කරන්න වුණත් එයාට වුවමනා ඇඟේ ශක්තිය විතරයි..ඒ නිසා තමයි එයාට ලොකු ලොකු අයියලාට අමාරු වුණු තරඟෙත් දිනන්න පුලුවන් වුණේ....


     ඉතින් ඔන්න ඕක තමා කතාව...


     ඇත්තෙන්ම අද මාධ්‍යයෙන් ළමයින්ට වැඩි හරියක් දෙන්නෙ නරක ආදර්ශ වුණත් ඉදහිට හොඳ වැඩසටහනුත් කෙරෙනව නේද කියලා පුංචි සතුටකුත් දැනුනා එදා නම්.අනික මේ කතාව කිව්වෙත් පොඩිත්තෙක්..හරිම හුරතල් විදිහට තමා කතන්දරේ ඉදිරිපත් කළේ...වටේ ඉදගෙන අනික් පොඩිත්තො හිනා වෙවී උන්නා....උදේ පාන්දරම මේ වගේ කතන්දරේකින් ප්‍රබෝදමත් වෙලා පාසල් යන පුංචි දරුවො නිකම්ම උත්සහවන්ත දරුවො වේවි නේද කියලයි මංචිට හිතුනෙ....


හරි එහෙනම්...කතාවත් ඉවරයි...ඔන්න මම ගියා...........හැමෝටම ජයෙන් ජය...!!







මේ නිහඬ බව බිඳින්න...

සිතුවිලි පවුර පාළු වෙලා වගේ. ගිය හෙනහුරාදැයිං පස්සේ එක ලිපියක් වත් නෑ නොවැ.... මොකක්ද මේ අවුල.. මට හිතෙන විදිහට අපේ කතුවරුන්ගේ අධික කාර්‍යබහුලත්වය වෙන්ටෑති මේකට හේතුව... මාත් මේ දවස් වල හොඳටෝම කාර්‍යබහුලයි... ඒත් ඉතිං මේ නිහඬ බව බිඳින්ටම එපාය...



කඳුලු පුරෝගත් දෙනෙත් අයාගෙන
රෑ තුන් යම නිදි මත උහුලාගෙන
මහ මඟ තනියම බලා සිටින්නේ
සඳේ රුවද තරු අතරතුරේ

හෙම්බත් දෙනුවන උඩට හෙලාගෙන
පින්වත් මුහුණේ රුව විහිදාගෙන
මහ මඟ තනියම බලා හිඳින්නේ
තනියට දෝ කළුවර අහසේ

බඩගිනි වී කඳුලැලි තවරාගෙන
මුහුණ පුරා සොටු කිලුටු පෙරාගෙන්
නො එනා දරුවන් දකිනු රිසින් දෝ
තනි රැක්කේ කළුවර අහසේ

පිහිටක් නැති අසරණ ජීවිතයට
පණ දී තම දරුවන් සුරකින්නට
දිරිය මවක් වෙන්නට දෝ සිතුවේ
ලොවට හොරා ඝණඳුර අතරේ ………




පුංචි හිතට එබිකම්කර

Saturday, August 20, 2011










පුංචි හිතට එබිකම්කර 

පි- පුංචි හිතට එබිකම්කර සිහිනයක් වේලා
     පාට වළාකුලේ සැඟවි නොපේනිම ගියා...

ගැ- මාගේ ළඟි හිමි හිමියට මුදුවදන් ගොතා
      සේල වලාකුලේ දවටා සිත මවිත කළා ... //

පි- දුක හිතුනම හොරේන් හඩන හදම ඔබ උණා
     නුබ මාළඟ නැති පාළුව සිතේ රජඋණා ...

ගැ- ඔබ ගැන මට ඇහි පිය ගසන තරමටම වැඩිඋණා
      මට නොදැනිම මගේහිතත් මටත් කළා . . . //

      පුංචි හිතට . . .

පි- මගේ හිතේ ඔබේරූවමයි මකන්නට එපා....
     මේ හිතඔබ ළඟම සැලේයි කදුළු නම් එපා...

ගැ- මාළඟ ඔබ ඉන්න තරම් සැලේන්නට එපා...
      මගේ අහාසට හිරු කුමරුඅගේයි බසින්නට එපා . . . //

      පුංචි හිතට . . .



خخخخخخخخخخخخخخخخخخخخخخخخخخخخخ

පිනාගේ කුප්පිය 03 කොටස

මෙන්න පලවෙනි පාඩම 
පිනාගේ කතාවේ පලවෙනි , දෙවැනි කොටස් ටික මතක ඇති කියලා හිතනවා නැත්තම් මෙතනින් ගිහින් බලන්න 
එහෙනම් ඔන්න අද ආයෝජනයේ පදනම 

මොකක්ද මේ ආයෝජනය කරනවා කියලා කියන්නේ. පොතේ හැටියට ආයෝජනය කියලා කියන්නේ අනාගතයේ යම් සම්පත් ප්රමාණයක් ලැබීමේ අපේක්ෂාවෙන් වර්තමානයේ සම්පත් කැප කිරීමට. එතැනදී අපි සැලකිල්ලට ගන්න ඕනේ කරුණු 03 ක් තියෙනවා.
01 සම්පත් කැප කරලා බලා සිටීමේ කාලය
02 අපේක්ෂිත උද්දමනය
03 අවදානම

දැන් අපි බලමු පිනාට මොකද වෙලා තියෙන්නේ කියලා. 
අපේ කතාවට අනුව පිනා මුලින්ම සල්ලි තැන්පත් කරලා තිබුනේ ආණ්ඩුවේ බැංකුවක එකෙන් ඔහුට අවුරුද්දටම ලැබුණු පොලිය 6% යි. පිනා සල්ලි බැංකුවේ දාලා බලාගන හිටියට   6% තියමුකෝ. ආණ්ඩුවෙන් කියන විදියට දැන් උද්දමනය 7% ක් 8 % විතර තියෙනවලුනේ. අපි හිතමුකෝ 7% කියලා. ආණ්ඩුවේ බැංකුවක් හින්දා අවදානම ගැන නම් වැඩිය හිතන්න දෙයක් නැ. එත් පුද්ගලික බැංකුවක් නම් පොඩ්ඩක් ගැනත් හිතන්න වෙනවා. මතකනේ ප්රමුක බැංකුවට වෙච්ච දේ. අවදානම් රහිත ආයෝජන මාර්ග කියන්නේ ආණ්ඩුවෙන් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් බැදුම්කර වගේ ඒවායේ දැමමා නම් අපිට 6% වත් ලැබෙයිනේ අපි එහෙනම් අවදානමටත්  6%  විතර තියමුකෝ.
එහෙනම් පිනාට මුදල් ආයෝජනය කරලා ලැබෙන්න ඕනේ ගැන මෙන්න 
බලා හිටියට 6%
උද්දමනෙට 7%
අවදානමට  6%
එකතුව      19%    බැංකුවේ දාපු මුදල රු 500,000/= x   19% = රු  95000/=  
එත් පිනාට ලැබිලා තියෙන්නේ රු 500,000/= x   6% = රු 30000/=
සල්ලි බැංකුවේ දාල බලා ගැන හිටියට පාඩුව රු 65,000/=  
ඇඩෙනවා නේද? එහෙනම් අඩුම වශයෙන් පිනාට මේ සල්ලි ආයෝජනය කරලා ලැබෙන්න ඕනේ අඩුම  ගාන රු 95000/=ක්       
ඊළගට අපි බලමු මොකක්ද මේ උද්දමනේ කියන්නේ කියලා. කියන්නේ සමස්ත මිල මට්ටමේ ඉහළ යාම. උදාහරණයක් විදියට අපි ගිය අවුරුද්දේ රු 100/= කට ගත්ත බදු මල්ලක් රටේ උද්දමන අනුපාතය 7%ක් නම් අද ගන්න වෙන්නේ රු 107/= කට. එදා පිනාට රු 500000 දීලා ගන්න පුළුවන් උන බාන්ඩයක් උද්දමනය 7 % නම් අද එක මිලට ගන්න 500000 x  107 % = 535000/= යනවා. එත් බැංකුවෙන් පිනාට ලැබුනේ 530000/= සල්ලි බැංකුවේ දාල පිනා හිටියටත් වඩා දුප්පත් වෙලා.
 ( මේවා කිව්වා කියලා බැංකුවල අය වෛරස් එකක් වත් එවලා පිනාගේ කුප්පියට වැඩක් දෙයිද දන්නෙත් නෑ, දේවා වගේ බැංකු මහත්තුරු මාත් එක්ක තරහා වෙයිද දන්නෙත් නෑ. තරහා වෙන්න එපා හොදේ  )     

මේ කතාවේදී කියනවා පිනා දවස් වල රු 500000/= කට ගන්න හදපු ඉඩම අද රු 1000000 ක් කියලා. ඒක ඉඩම් වලට තියෙන ඉල්ලුම සැපයුම මත තීරණය වුනු මිලක්. එදා සල්ලි බැංකුවට නොදා ඉඩම ගත්තා නම් පිනාට අවුරුද්දෙන් 100 % ක් ලාභයි. මිට අමතරව තියෙන ආයෝජන ක්රම කිහිපයක් බලමු.

01 රත්රන් බඩු වල ( මේ දවස් වල රෙකෝඩ් කඩා ගෙන මිල යන නිසා පාඩුවක් වෙන එකක් නෑ )
02 භාන්ඩගාර බිල්පත් හා බැදුම්කර (රජයේ සුරැකුම්පත් )
03 කොටස්, ණයකර. වානිජපත්, කොටස් බලපත් ආදිය ත් විකල්ප ආයෝජන ක්රම විදියට පෙන්නන්න පුළුවන් 

එහෙනම් කොටස් වෙළදපොල ගැන කියන ඊලග  පොස්ට් එකෙන් ආයෙමත් හමු වෙමු. මේක ගැන ඔයාලට හිතෙන දෙයකුත් ලියලම යන්න අමතක කරන්න එපා 

ඇගේ වරද ගැබිනියක් වීම ද?නැත්නම් මුස්ලිම් කාන්තාවක් වීම ද?

Friday, August 19, 2011
මේ සිදුවීම 2011.08.18 වෙනිද ගාල්ල බස් නැවතුම්පලෙන් රාත්‍රී 10.10 ට පිටත් වෙච්ච ලංගම බස් රථයෙ වෙච්ච දෙයක්.මේ දවස් වල වැල්ලෙ දේවාල පෙරහැර නිසා සැලකිය යුතු පිරිසක් රාත්‍රියට ගමනාගමනයෙ යෙදෙනව.මමත් පිරිත් පලකට ගිහින් ගෙදර එන්න බස් එකට නැගල වාඩි වෙලා හිටියෙ පිටිපස්සෙ සීට් එකේ දකුණු පැත්තෙ කොනේම.



පෙරහැරට ගිහින් හිටි මිනිස්සු නිසා බස් එක පිරිල තවත් 10-12 ක් විතර නැගිටල හිටියෙ.
මේ වෙලාවෙ බස් එකට නැග්ග මුස්ලිම් ජෝඩුවක්.තරුණ පෙනුමක් තිබ්බෙ.ඒ අක්ක පිටිපස්සෙ පාපුවරුව ලඟ බාර් එක අල්ලගෙන හිටියෙ.මම ලාවට වගේ දැක්ක ඒ අක්ක ගැබිනියක් බව.නමුත් වාඩි වෙන්න ආසනේ දෙන්න එයාට කතා කරන්න විදියක් උනේ නැහැ.කොහොම හරි අන්තිමට ඒ අක්ක එක්ක ආව අයියට මං ළඟ හිටපු අංකල් කෙනෙක් සීට් එක දුන්න.
සීට් එක දෙන්න ඒ අක්ක බස් එකට නැගල විනාඩි 10 ක් විතර ගියා.
මේ සිදුවීම මගේ හිතට මොකක්ද කුකුසක් ගෙනත් දැම්ම.එතන හිටපු අනිත් හැමෝම බවුද්ධයන්.අනික හැමෝම වගේ වැල්ලෙ දේවාලෙ ගිහින් එන ගමන්.ඒ වගේ වෙලාවකවත් ඒ අක්කට සීට් එක දෙන්න කෙනෙක් ඉදිරිපත් වෙන්න එච්චර වෙලා ගියේ ඇයි?[මෙතනදි මමත් අදාලයි.]
ඒ අක්ක උනත් මනුස්සයෙක් නේද?අපි වගේම ඇස්,මස් වලින් හැදිච්ච කෙනෙක්.අනික දරුවෙකුත් කුස දරාගෙන.
ඒ අක්කට සීට් එකක් ලැබෙන්න එච්චර වෙලා ගියේ ඒ අක්ක මුස්ලිම් කෙනෙක් වීම නිසා ද?
ආගම් භේදය නිසා මේ වගේ වෙලාවකවත් "මනුස්සකම" වෙනුවෙන් ඒ වගේ යුතුකමක් කරන්න බැරි මිනිස්සු ද මේ රටේ දැන් ඉතුරු වෙලා ඉන්නෙ?
මේ සිදුවීම මටත් එක්තරා ආකාරයක කලකිරීමක් වගේ ම ලැජ්ජාවක් ගෙන දුන්න.මොකද මට ඒ යුතුකම කරන්න බැරි උන නිසා.ඇත්තටම අපි මිනිස්සු නේද?මිනිස්සු මිනිස්සුන්ට උදව් නොකර කාට උදව් කරන්නද?

ප.ලි-මම බ්ලොග් ලිවීමෙන් ඇත් වෙන්න තීරණය කරල තිබ්බත් මේ වෙලාවෙ නම් ඒ තීරණේ කැඩුව.අත්‍යාවශ්‍ය හේතුවක් මත මිස ආයෙත් ලිපි ලියන්නෙ නැ.

ආයෙමත් මුණ ගැහෙමු





ගා/ ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය 
ඒ තමයි අපේ ඉස්කෝලේ 
අපි ඉස්කෝලෙන් අයින් වෙලා කාලයක් ගතවෙලා 
එත් ඒ 
සුන්දර අතීතයට අපි තවම ආදරෙයි...
එහෙනම් 
ආයෙමත් පරණ යාලු මිත්‍රකම් අලුත් කරගන්න  
එකට එකතු වෙලා, කතා කරන්න, සතුට බෙදා ගන්න 
2001  O / L , 2004, A / L  කරපු අපේ සෙට් එක
ආයෙමත් දවසක සෙට් වෙනවලු.

එහෙනම් ,
සැප්තැම්බෙර් 11 ඉරිදා,
ඒ කියන්නේ 
බිනර මාසේ පාලොස්වක පෝය දවසේ උදේ 
9.30 ට අපේඉස්කෝලෙදි 
ආයෙමත්අපි මුණ ගැහෙමු
අපි

2001 O / L , 2004 A/L සෙට් එක

ලෝකේ බයානකම තැන..


යාළුවො තුන්  දෙනෙක්  දුර ගමනක් යන ගමන් කතාවට වැටුනා.  දැන් ඔන්න බයානක අනතුරු ගැන කතාව. මේ යාලුවන්ට නම් දාගමුකො  අපේ පහසුවට. එකෙක් ටොම්  අනිකා ඩික් අනිකා හැරී.
ටොම්.:- උඹල දන්නවද ? අපේ සීයාගේ තාත්ත මලේ මුහුදේ ගිහින්. අපේ සීයත් මලේ මුදු ගිහින්.. අපේ     තාත්තත් මලේ   මුදු ගිහින්.. මුදු ගමන් හරිම අන්තරායදායකයි    ..
ඩික්:- මොනවා කියනවද.. මුද වගේද අහස ? වැටුනොත් ඉතින් පීනලා බේරෙන්නද ?? අපේ සීයාගේ තාත්ත මලේ ගුවන් ගමනකදී. සීය මලේ යානයක් කඩන් වැටිලා ..අපේ තාත්තත් එහෙමයි.. අපොයි ගුවන් ගමන්   බොහොම බයානකයි
හැරී:- අනේ මන්ද .. අපේ සීයාගේ තාත්ත මලේ ඇඳේ දී  .. සීය මලෙත් ඇඳේ දී  .. තාත්ත මලෙත් ඇඳේ මයි  ..  අපේ හාමිනේගේ පැත්තෙත්  එහෙමයි..මන් දන්නා හැමෝම මලේ ඇඳේ දී  . දැන් බලන් ගියාම ඇඳ ඔය කෝකටත් වැඩිය බයානක තැනක්නේ !
කතාව සැටිපිකෙට් ඇත්ත නේද ? හොඳ වෙලාවට ඇඳන්වල වෙන දේවල් වැඩිදෙනෙකුට පෙනෙන්නේ නැත්තේ.. 

තවත් එක බුත කතාවක්..

Thursday, August 18, 2011

මේ දවස් වල බුත කතා ගොඩයි. මේක තමා මට සිද්ද උන බුත කතාව. මම කොළඹ බංකුවක වැඩ කරන දවස්වල මට වෙච්ච දෙයක් මේක.

ඔන්න දවසක් මම නයිට් එකක් කරනවා, ඩේ එන්ඩ් ප්‍රෝසෙසින්. ඕකෙදි ඉතින් කරන්නේ සිස්ටම් එකේ වර්කින්ග් ඩේ එක එන්ඩ් එක කරලා දවසේ පොලිය එහෙම ගිණුම් වලට දාන එක. ඕක සමහර දවසට මහා රෑ වෙනකම් කරන්න වෙනවා. ඉතින් දැන් රෑ 11 විතර ඇති වෙලාව. මම ඉන්න සර්වර් රූම් එකේම තමා සිසිටිවී මොනිටර් එකත් තියෙන්නේ. ඔන්න ඉතින් මම ඊ.ඕ.ඩී එක දාල නිකමට වගේ අර මොනිටර් එක දිහා බැලුව. මෙන්න කව්දෝ එකෙක් ලිසින් සෙක්ෂන් එක හරහා යනවා. ලයිට්සුත් දාල. සාමාන්යෙන් ඔය වෙලාවට ලයිට් දාන්නේ මම ඉන්න හරියේ විතරයි. අනිත් ඔක්කොම නිවල.

අප්පටසිරි! හොරෙක්වත් රිංගගෙනද කියල මමත් ඔන්න හෙමින්ම එලියට ඇවිත් ලීසිං එක දිහාට ගියා. ලයිටුත් නිවල! මොකෙක්වත් නෑ! මේ මොකද හොල්මන්ද? කියල මම අයෙත් ලීසිං එකේ වටක් කැරකිලා සර්වර් රූම් එක දිහාට අවා. එපාර අයෙ අර  සිසිටිවී මොනිටර් එකේ මොකක්වත් නෑ. හ්ම්ම්.. ඔහොම හිටිය අයෙ පය බාගයක් විතර. ඉදල ඔන්න අයෙ ප්‍රෝසෙසින් දන්න යද්දීම නිකම් බැලුව මේ  සිසිටිවී මොනිටර් එක දිහා. අන්න අයෙම ලයිට් දාල? මල පැනල මම ඕනේ කෙහෙම්මලක් කියල ගියා අයෙත් ලීසිං එකට. අනේ ලයිට් නිවල. හොල්මන්ද පොල් කොළ කිව්වලු?? ලීසිං එකේ ඉදන්ම ගත්ත සෙකුරිටි එකට කෝල් එකක්. අරන් ඇහුව මේ ලීසිං එකේ මොනාහරි එකකට කව්රුහරි ආවද කියල? මොකද එයාල හිටි අඩියේ තැන් තැන් වලට යනවා චෙක් කරන්න. එහෙම ආවේ නෑ සර්. ඇයි මොකද ප්‍රශ්නේ? කියල මගෙන් එයාල අහනවා. මම කිව්වා නෑ මම  සිසිටිවී එකේ දැන් දැක්ක එකයි. ඒ උනාට මෙතනට අවම කව්රුවත් හිටියේ නෑ කියල. හරි සර්  අපි එන්නම් කියල එයාල ෆෝන් එක තිබ්බ.

ඔන්න දැන් සෙකුරිටි කට්ටියත් ඇවිත් බලනවා මමත් ටිකක් බැලුව.. කිසි දෙයක් නෑ. කෝකටත් මට සිසිටිවී මොනිටර් එක ගැන සැකයක් තිබ්බ නිසා මම හෙමින්ම එහාට ගියා. ටිකක්  සිසිටිවී මොනිටර් එක දිහා බලන් ඉද්දි ඔන්න අයෙම කට්ටිය යනවා එනවා පේනවා. ඒපාර කස්ටමර්ස්ලත් ඉන්නවා. හ්ම්ම්ම්.. මෙන්න එතකොටම එක අයෙ නොර්මල් යන්න ගත්ත. දැන් සෙකුරිටි අයව පේනවා. මේ මොකද? මේකට මොන යක වැහිලද කියල මම බැලුව. කොහොමින් හරි මම තේරුම්ගත්ත අපේ  සිසිටිවී මැෂින් එකේ ප්‍රශ්නයක් තියනවා කියල. ඔන්න ඉතින් ඒක සෙකුරිටි එකටත් කියල වැඩේ එතනින් ක්ලෝස් කරගත්ත.

පහුවදා අවා සිසිටිවී එක බලන කොම්පැනියෙන් කිව්වා, අපේ  සිසිටිවී සිස්ටම් එකේ ප්‍රශ්නයක් වෙලා දවල් වෙච්ච දේවල් සැරින් සැරේ ප්ලේ බැක් එකක් විදියට මොනිටර් එකට වැටිලා. ඔන්න ඕකයි අපේ බුත කතාව. ඉතින් කට්ටිය ඔය බුතයෝන්ට බයවෙද්දී පොඩ්ඩක් වටපිට බලලම බය උනොත් නේද හොද?

හෝදපු රෙදි




තරුණ ජෝඩුවක් අලුත් ගෙදරකට පදිංචියට ගියාලු. මේ අය උදේ කෑම කද්දි අල්ලපු ගෙදර ගෑණුකෙනා හෝදපු රෙදි වැලට වනනවලු.
බිරිඳ කිව්වලු "අර ගෑනුකෙනාට රෙදි හෝදන්නවත් දන්නෙ නෑ.. බලන්න ඇඳුන් වල පරණ පාට." කියල

අනික් දවසෙත් උදේ ඒ සිද්ධියම උනාලු..බිරිඳ කිව්වලු "සමහරවිට එයා පාවිච්චිකරන්නෙ බාල සබන් ජාතියක් වෙන්න ඇති " කියල.

මේ අදහස් දැක්වීම එක දිගටම මාසයක් විතර සිද්දවුනාලු.

දවසක් බිරිඳ කියනවලු "ශා.. අදනන් අර ගෑණුකෙනා හොඳට රෙදි හෝදල තියෙනව, ඇඳුන් හොඳ පිරිසිඳුවට තියෙනව " කියල.
එතකොට සැමිය කිව්වලු "මම අද උදේම නැගිටල අපේ ජනෙල් වල වීදුරු ටික පිහදැම්ම." කියල.


" How can you say to your brother, 'Brother, let me take the speck out of your eye,' when you yourself fail to see the plank in your own eye? You hypocrite, first take the plank out of your eye, and then you will see clearly to remove the speck from your brother's eye." - jesus ( Luke 6:42 )


මම උ\පෙ ලිව්වෙමි

Wednesday, August 17, 2011



උ\පෙ නං ඉවරයි.මට ඉවර උනාට තව ගොඩාක් අය දාහක් බලාපොරොත්තු තියං ලියනවා නොවැ.ඉතිං ඔන්න ඒ හැමෝටම හද පතුලෙන්ම ඒ කිව්වෙ මහා ප්‍රාචීරය කිට්ටුවෙන්ම සුභ පතනවා.

ඔන්න ඉතිං මම ගියානෙ මේ ආසියාවේ භයානකම අසීරුම දරුණුම පරීක්ෂනේට ආයෙමත් මූන දෙන්න.හප්පා මමත් ඉතිං කවදාවත් නැතුව නැගිට්ටා උදේ පාන්දරම.ඒ කියන්නෙ හයහාමාරට විතර.දත් එහෙම මැදලා සුදු කමිසෙට කලු කලිසමක් ඇඳලා හරියට ටෙක් එකේ කෝස් එකකට යනවා වගේ.

නමෝ විත්තියෙං දකුණු කකුල පෙරට තියලා මම ගියා මට මේ කෙරුවාවට මූන දෙන්න තියෙන ඉස්කෝලෙට.ඉස්සෙල්ලාම ගිහිං හොයාගත්තෙ ටොයිලට් එක කොහෙද කියලා.මොකද කලිං පාරක් මට විභාගෙකදි සුළුදිය පහකරගන්ඩ අවශ්‍යතාවක් ඇවිත් යාන්තං ගොඩ ගියේ.පේපර් එක දීලා විනාඩි විස්සක් ගියේ නෑ.මගේ පුංචි මුත්‍රාශෙ පිරිලා කට ගාවට.එදා මම වෛද්‍ය ඉතිහාසයම වෙනස් කරන සොයාගැනීමක් කළා.මිනිසාගේ බුද්ධිය තියෙන්නෙ මොළේ නෙමෙයි.මුත්‍රාශයේ.ඒකයි ඒක පිරිලා දැනෙන්න ගත්තම අපිට කිසිම දෙයක් හිතාගන්න බැරි.කොච්චර බුද්ධිමත් කෙනෙක්ට උනත් දෙකයි දෙකයි කීයද කියලා ඇහුවත් කියාගන්න බැරි වෙනවා.

කොහොම හරි සුළුදිය පහ කරලා අනාගතය පිළිබඳ බිය තුරන් කරගත්තට පස්සෙ මම එතන මම වගේම මේ අසිරිමත් විභාගයට මුහුණ දෙන්න ඇවිත් හිටපු සහෝදරයෙක්ගෙන් අහගත්තා ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය කොයි වගේද කියලා.ඒ කියන්නෙ මොන වගේ ප්‍රශ්නද එන්නෙ.අනිවාර්ය එව්වා තියෙනවද.කොච්චරක් විතර දිගට උත්තරයක් ලියන්න ඕනෙද වගේ දේවල්.අපරාදෙ කියන්න බෑ මේ කොලුවා කිසි පැකිලීමක් නැතුව කියලා දුන්නා කොහොමද ප්‍රශ්න එන්නෙ වගේ දේවල්.හිතිං මොනවා හිතුවද කියලානං මම දන්නෙ නෑ.

ඊට පස්සෙ මම ගිහිං ඔන්න මට අදාල තැන වාඩි උනා කියමුකො.මම නිකං සරත් ෆොන්සේකා යුද්ධෙට ලෑස්ති උනා වගේ තමයි මේකට ලෑස්ති උනේ.මම ගෙනත් තිබ්බා නිල් පෑන් පහකුයි කලු පෑන් එකකුයි පැන්සල් දෙකකුයි.ඉතිං ඔන්න ප්‍රශ්න පත්තරේ බෙදාගෙන බෙදාගෙන යනවා.රටේ කොල්ලො කෙල්ලො ලක්ෂ දෙකහමාරකිං විතර විසිදෙදාහක් තෝරන විභාගෙ.දැං පිටරට උං එන්න ගත්තම තවත් ටිකක් අඩුවෙයිනෙ.ඒක හින්දා අපි කියමු විසි එක් දාහක් තෝරන විභාගෙ.එකෙක් ඉතිපිසෝ ගාථාව කියනවා, තව එකෙක් පපුවෙ කුරුසෙ ලකුණු කරගන්නවා.මමත් පම්පෝරි සහ චාටර් වීම් අතරෙ අතරමං වෙලා.

කිරිසුදු පාට කොළේ.නිකමටවත් පැල්ලමක් නෑ.තරුණ ජීවිත සුඛිත මුදිත කරනවද අන්ත දුක්ඛිත කරනවද කියලා තීරණය කරන කලුපාට අකුරු ඇරුනාම.මම කියෙව්වා ප්‍රශ්න ටික මුල ඉඳං අගට, ආයෙ අග ඉඳන් මුලට.මාක් කරගත්තා ලියන එව්වා ටික(ලියන්ඩ පුළුවං ටික ). බෙදා ගත්තා එක එක ප්‍රශ්නෙට ගන්න කාලය.හුටා ඔරලෝසුවක් නෑ නේද මගෙ ළඟ.මගේ ඉස්මුදුනෙං තරු විසි උනා.මම බැලුවා වටපිට.හෝල් එකෙත් නෑ ඔරලෝසුවක්.ඔය ඉතිං අපි කොපි කරනවද බලන්ඩ, අපි මේසෙට පෑනෙන් ගහපුවාම කොළ ගෙනත් දෙන්ඩ ඉන්න එක්කෙනාගෙන් වෙලාව අහන්ඩ මට හිතුනෙ නෑ.මොකද සැරින් සැරේ වෙලාව අහන්ඩ ඒ උන්දැව මගේ මේසෙ ළඟට ගෙන්න ගන්ඩ මගේ හිත දුන්නෑ.මගෙ දෙපැත්තෙ හිටියෙ කෙල්ලො දෙන්නෙක්.ඉස්සරහා තඩි කොල්ලෙක්.කොල්ලගෙන් වෙලාව බලනවා බොරු.උගෙ ඔරලෝසුව තියා උගෙ මේසෙවත් මට පෙනුනෙ නෑ උගේ පංචස්කන්දෙටම වැහිලා.

දෙපැත්තෙ කෙල්ලො දෙන්නා අපරාදෙ කියන්න බෑ ඔරලෝසු බැඳන් ඇවිත්.ඔරලෝසු දෙකම එක වගේ.එකකවත් ඉලක්කං පේන්න නෑ.ඔරලෝසු මූණත් සත විසි පහක කාසියකට වඩා ලොකු නෑ.පැය කට්ට විනාඩි කට්ට වෙන්කරලා අඳුන ගන්න වෙනම කට්ටක් කන්ඩ ඕනෙ.මට තියා අඩුම තරමෙ උන් දෙන්නටවත් උන්ගෙ ඔරලෝසුවල වෙලාව පෙනුනද දන්නෑ.දන්න තියරි ඔක්කොම දාලා කටු දෙක අඳුරගෙන ඒ දෙක අතර කෝණයත් හිතාගත්තට පස්සෙ ඉලක්කං කොයි පැත්තට තිබුණානං වෙලාව කීය වෙන්ඩ පුළුවන්ද කියලා හිතාගන්ඩ තවත් වෙලාවක් ගියා.කෙල්ලගේ අත උත්කුබ්ජනය වී ඇති විට ඔරලෝසු මූණතේ හයේ ඉලක්කම තිබිය යුත්තේ කොයි පැත්තේද?හපෙ හප්පෝ වෙලාව බලාගන්ඩම සෑහෙන වෙලාවක් කෑවා.කොහොම හරි කාලය කළමණාකරණය කරගෙන විභාගෙනං ලිව්වා.පාසුත් වේවි.පාස් උනත් ඉතිං තව ඔය අකුරු වගේකුත් දෙනවනෙ.මොන අකුරක් හම්බවෙයිද කියලා දන්නෙ උඩ ඉන්න දෙයියොත් පේපර් එක බලන උත්තමයත් විතරයි.

මට ආව ප්‍රශ්නෙ තමයි කෙල්ලො කවදාවත් පොඩි දේවල්වලට කැමති නෑනෙ.නිකමට අහල බලන්න 'සොඳුර අපගේ විවාහයෙන් පසු අපි අපේම ඉතා කුඩා කාමර එකකුත් කුස්සියක් හා වැසිකිලියක් පමණකින් යුක්තවන ගෘහයක වසමු ද?'කියලා.'මේ මාව ගෙනියන්න ඕනෙනං හොඳට අතපය දිගෑරලා ඉන්න පුළුවං තැනකට එක්ක යන්න.නැත්තං නිකා ඉන්න.අපේ අම්මලට අපිව බරක් නෙමෙයි හරි ද?' කියලා තමයි කියන්නෙ.හැබැයි ඉතිං මුල පටං ගත්තු කාලෙ ඔය සීනිබෝල ආදරේ යන කාලෙ නෙමෙයි.ඇත්තටම බඳින්නම සෙට් වෙලා කියලා බලන්න.ගෙදර පාවිච්චියට මරුටියක් ඇති කියන කෙල්ලෙක් හොයාගන්ඩ කොච්චර අමාරු ද?උන්ට ඕනෙම ලොකු කාර්.ටීවී එකක් ගත්තත් පුළුවං තරං ලොකු එකක්මයි හොයන්නෙ.අනික කොල්ලටත් හැමතිස්සෙම කියන්නෙ 'ඇඟ ටිකක් හදාගන්නවකො හැටි විතරක් පෙන්දෙක් වගේ' කියලමනෙ.

ඉතිං එහෙව් කෙල්ලන්ට තිබුණනෙ ටිකක් ලොකු ඔරලෝසුවක් බැඳගෙන එන්න.එහෙම උනානං මට අච්චර කට්ටක් කන්ඩ වෙන්නෑනෙ.

පි‍ටු පෙරලපු ගාන