රුව ලෙසිනැ රම්බා
විලසැ නුඹෙ වත ම'නෙත සිම්ඹා
එයිනි හද නින්දා
අතැර පෙරවීයැ දැදුරු කම්ඹා
කැවුම් වත හංගා
ගනිමි සියපත් යටෙහි රිංගා
ලෙසිනැ සිතමින් මා
    සොඳුර දෑසිනැ නුඹව සිම්ඹා....
පෙමිනි හද නුඹැ වෙත
ඇලුණු සෙයියාවෙකිනැ සිහි මද
තැවෙන කල නිදි බිඳ
නැතියැ අනෙකුන් මගෙක් මා වෙත.
අහෝ පිය කමලිය
නොබලන් නෙතිනැ පිළිකුල
මගේ මුවැ කබලට
    නැතිද සෙනෙහස කියන් පබවත....
(පසුබිම් රුව ජයසිරි සේමගේ සිත්තරාණන්ගේ තෙළිතුඩු විස්කමකි ෴ උපුටා ගත්තේ සිළුමිණ පුන්කලසෙන්)
ඔන්න මංචිත් අද ඉඳන් සිතුවිලි පවුරෙත් දැලක් බඳින්නයි කල්පනාව..යාළුවො  හැමෝම මකුළු පැංචිගෙ වියමනේදි වගේම මංචිත් එක්ක එකතු වෙයි කියලා හිතනවා.. :))
 

 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
.bmp) 
 
5 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:
චිත්‍රයයි පද පේලියි ඔක්කොම ලස්සනයි.. අපි ඉන්නව කියවන්න බ්ලොග් දෙකේම ලියන ඒවා.. මංචිට තව තව කොටන්න හැකියාව ලැබේවා කියලා විශ් කොරන්නම්කො
එළැ ය.මෙවන් වූ ගැඹුරු හෙළයෙහි මිහිර විඳීමට ඉතාමත් කැමැත්තෙම්.තවත් ලියන්නට පැතුම් මාගෙන්.........
@යසයා :
තැන්කූ යසයෝ.. :)කියවන්න අය ඉන්නවනම් ඕන තරම් ලියන්න පුලුවන්.. තැන්කූ යාලු විශ් එකට..
@දිනුක ජයකොඩි :
හෙහ් හෙහ්...එසේනම් තව තවත් ලියන්නෙම්...කියැවනු රිසිනම් මෙපෙදෙසෙහි යළි යළිත් එළඹෙනු යෙහෙකියැ.. :D
සිතුවිලි පවුරේ වියන දැලට මෙන්න සුභපැතුම් මගෙන් . . .
බොහොම ස්තූතියි සුශාන්... :))
Post a Comment