එහෙම එනකොට ඔන්න තියනවා හොඳවයින් කොස් ගහක්..අපිට ඉතින් කා බැහැනේ... අපි හෝ ගාලා කොස් ගහට කෙල හල හල වැල වරකා හොයනවා. ඒ අතරේ අපේ සෙට් එකේ එකෙක් කිව්වා මචන් අන්න යකෝ වරකා ගෙඩියක් තියනවා කඩමුද කියලා.. අපිත් එල මචං කඩමු කිව්ව විතරයි මෙන්න අපේම එකෙක් කියනවා පිස්සුද යකෝ කියලා. අපිත් හොල්මන්.. මොකද බං කියලා ඇහුවම මූ කියපු ඇයි ගොනෝ තොපි ඒකවත් දන්නේ නැද්ද? කොස් ගස් වල කොහෙඩ ගොනෝ වරකා හැදෙන්නේ.. වරකා හැදෙන්නේ වරකා ගස් වල කියලා...අපි හිතුවේ මූ මේ ෆන් එකට කිව්වයි කියලා.. බලනකොට මේ යකා ඇත්තටම හිතාගෙන ඉඳලා තියන්නෙ එහෙමයි. හරිම සන්තෝසයි.. මොකද මූ හෝටල් පාටමාලවක් කරපු කුක් කෙනෙක්.. අනේ සාදු !!!
කාලෙකින් ආවේ.... එක්ක යන්න වෙන තැනකට ...
-
කාලෙකට පස්සේ නිකමට බ්ලොග් කියලා දෙයක් තිබුනානේ කියලා බලන්න ආවා..
මහේෂ් අය්යා තාම ඉස්සර වගේ සොදුරු සුව අසපුව ලියමින් දැනුම බෙදනවා.. ඉස්සර
වගේම ගොඩක් බ්ලොග් ව...
6 years ago
17 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:
වැල ගස් වල වරකා හැදෙන්නේ නැති එක නම් ඇත්ත..
අනේ බොලව් තොපිට වැරදිලා. පොලොස් හැදෙන්නේ පොලොස් ගස් වල. කොස් හැදෙන්නේ කොස් ගස වල. වරකා හැදෙන්නේ වරකා ගස් වල. වැල හැදෙන්නේ වැල ගස් වල
මට නම් හිනාගියා ඕන්...
හිකි ලොල්
හික්ස්...මේ ලගදි අපේ එකෙක් ඇහුව නොවැ පොරි හැදෙන්නෙ මොන ගස්වලද කියල...හික්..
මේක දැකල මතක් උණේ. මේ ලඟදි අපේ කාර්යාලයෙ කෙල්ලෙක් මට පොප් කෝන්(පොරි) කන්ඩ කතා කරා. මත් ඉතිං ගියා. ඒත් තියෙන්නෙ බඩ ඉරිඟු. බලනකොට ඒ කෙල්ලට ටැපලිලා..
අනේ අපේ තරුන පරම්පරාව ගැන හරිම දුකයි.සමාන්‍ය දැනීම බින්දුවයි.හාල් එන්නේ කඩේ ගෝනියෙන් කියලා කියයිද?
ලොල් සහගතයි..එපේ එකෙක් අපේ කරුනු පැහැදිලි කිරීම් වලින් අනතුරුව පපඩම් ගස් ඇති බව පිලිගනු ලැබුවා.. :)
හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්
බලං ගියාම අපේ එකාට විතරක් නෙමෙයි ට්‍රැක්.. රට වටේම ඉන්නවා ඒ වගේම ට්‍රැක් ඩයල්.... පිස්සු හැදෙනවා...
@අලුත් කොල්ලා
මේකනේ... දැන් ඉන්න කෙල්ලෝ බලෙන් පොශ් වෙන්න දඟලනවානේ... හික් හික්.. නොදන්න දෙමලෙට ගිහින් අන්තිමේ වරිගේ නහ ගන්නවා....
යකෝ වැල හැදෙන්නේ වැල ගස්වල නෙවෙයි. මුං වගේ අදින්න බලාගෙන ඉන්න එවුන් ගාවයි.
ඔය යාලුවා ඉපදුනේ අයිස්ලන්තේද?
Hooooooooooooooooooo
@deeps
අයිස්ලන්තේ ඉපදුනා නම් මූට සමාවක් දෙන්න තිබ්බා... මූ ඉපදුනේ ගම්පහ වෙච්ච එක තමයි දුක.. උද්භිත උද්‍යානයක් තියන ගමකනේ මේ යකා ඉපදුනේ.. විලි ලැජ්ජාවයි
මම දන්න කොළඹ පැත්තෙ එකෙක් ඇහුවනෙ ගොරක ගන්නෙ ගහේ මුලෙන්ද කියල... මට හිතෙන්නෙ ඌ අන්දරේගෙ කතාවවත් අහල නැතුව ඇති.
මම දන්න කොළඹ පැත්තෙ එකෙක් ඇහුවනෙ ගොරක ගන්නෙ ගහේ මුලෙන්ද කියල... මට හිතෙන්නෙ ඌ අන්දරේගෙ කතාවවත් අහල නැතුව ඇති.
Post a Comment