එක ගමක හිටියලු කලුගල් වලින් නිර්මාණ කරන කලාකරුවෙක්. පල්ලියෙ සුවාමිට ඕන වුනාලු මරියතුමියගෙ සුරුවමක් පල්ලියෙ ඉස්සරහ වහලය මුදුනෙන් තියන්න. මේ මනුස්සයට බාරදුන්නලු සුරුවම කලුගලින් නෙළන්න. | |
දවසක් සුවාමි ගියාලු සුරුවම හදන වැඩේ තත්වය බලන්න. |
සුවාමි දැක්කලු සම්පූර්නයෙන්ම වගෙ හදල ඉවර වුන ලස්සන සුරුවමක් පැත්තකට අයින් කරල තියෙනව.
ගල් වඩුව තව සුරුවමක් හද හද ඉන්නවලු.සුවාමි ඇහැව්වලු " ඇයි තව එකක් හදන්නෙ. අර අයින් කරල තියෙන එක පල්ලියට හදපු එක නෙමේද ? " කියල.
|
| එතකොට ගල් වඩුව සුවාමිට පෙනුවලු අර අයින් කරල තියෙන සුරුවමේ නහය ලඟ බොහොම පොඩි කඩතොලුවක් වෙලා තියෙනව. එතකොට සුවාමි කිව්වලු "අයියෝ පුතා .. ඕක වහලෙ මුදුනෙ තිබ්බහම ඔය කඩතොලුව කාටවත්ම පේන්නෙ නැහැනෙ" කියල. |
එතකොට ගල් වඩුව උත්තර දුන්නලු " ඔව් .. ඒත් ඒක දෙවියන්ට පේනව.. " කියල.
|
6 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:
නියමයි . . .
ඕනෑම දෙයක් තමන්ගේ හර්ද්ය සාක්ෂියට අනුව කරන්න ඕන කියලා මතක් කරලා දෙන ලිපියක්.
අපූරුයි
ඉහලයි!!!
හ්ම්... සමහර ඇස් වලට පේන්නේ නැති ඒවා තවත් සමහර හදවත් වලට පේනවා....
ගොඩ දවසකින් ජීවිතයට එකතු කරගන්න දෙයක් එකතු වුණා . මෙතන නම් දෙවියන්ට පක්ශ පාතිත්වය , ගරුත්වය ගොඩාක්ම ඉස්මතු වුණාට අපි කරන කොයි වැඩේත් 100% උපරිම නිර්වද්‍යතාවයෙන් යුතුව කරන්න හිතන එක අපි කාගෙත් දියුණුවට වගේම තමන්ටත් වැඩේටත් සාධාරනය ඉටුවෙන්න මහත්සේ රුකුලක් වෙනවා කියලා හිතෙනවා. තමන්ගේ හිතට හරි සහනයක් දැනේවි පසු කාලෙක හැරිලා බලනකොට . නිකමට හිතුන දෙයක්_____
ඔතන තමයි තියෙන්න සැබෑ කලාකරයගෙයි සාමාන්‍ය මනුස්සයගෙයි වෙනස. සැබෑ කලා කාරය කලාකෘතියක් කරන්නේ එයින් ලැබෙන ආත්මතෘප්තිය මුල් කරගෙනයි..
එල. ඒ කතාවෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා.. ඔය සමහර අය හිතන ඉන්නේ අපි කරන දේවල් කවුරුවත් දන්නේ නෑ කියලනේ.. ඉතින් ඒ වගේ අයට පස්සේ කලෙක පොලියත් එක්ක හම්බ වෙන බව(දෙවියන්ගෙන්) මතක කර දීම වටිනවා..
Post a Comment