හෙළබස

Sunday, August 7, 2011



මම මේ කියන්න හදන්නෙ ජාතිවාදෙ අවුස්සන භාෂාප්‍රේමීත්වය කුප්පන සරම කරට අරන් කෑ ගහන විදිහේ දෙයක් නෙමෙයි.මේ භාෂාව හරි හැටි භාවිතා නොකිරීම නිසා කට්ටියක් විඳින වදයක් ගැන කතාවක්.මටත් හරි හැටි බස හසුරුවන්ඩ බෑ.ඒත් තැනට ඕනෙ විදිහට ගැටගහගෙන ගොඩදාගන්ඩ බස හසුරවගන්න පුළුවන්.

මම දන්න කට්ටියක් දැන් අවුරුදු ගාණක ඉඳන් නඩුවක් කියනවා ඉඩමකට.ඉඩං නඩුවක් කිව්වම ඉතිං අහල වැඩක් නෑනෙ.කතාවටත් කියන්නෙ හරියට ඉඩං නඩුවක් වගේ කියලා.ඉතිං මේ නඩුවෙ හරි විස්තරයක් මට දැනගන්න ලැබුණා ඒ එක්කෙනෙක් ඒක ගැන තව එක්කෙනෙකුට කියද්දි.මම අනුන්ගෙ කතාවකට හොරෙන් කන් දුන්නෙ නෑ.එයාලා කතා කරද්දි මට ඇහුණා ඕං හරි ද?

නඩුවෙ ආරම්භක සාමාජිකයෝ තමයි X සහ Xගෙ සහෝදරී.උදේ හවස බණ ඇහෙන මේ ධර්මද්වීපේ මෙච්චර අල්පේච්ඡ ශික්ෂාකාමී ආදර්ශමත් භික්ෂූන් වහන්සේලා මගින් මගට අල්ප ඉච්ඡතාව ගැන කියලා දෙද්දිත් මේ අයියටයි (X) නංගිටයි බැරි උනා තමන්ගෙ උරුමෙ කතාබහ කරල බෙදාගන්න.නඩුව යන්නෙ මේකටයි. Xගෙ තාත්තා Xට ඉඩම ලියලා.පස්සේ Xට ලියපු කොටසට අයිතිවෙන ඉඩම් කෑල්ලක් ආයෙ Xගෙ නංගිටත් ලියලා.ඉතිං මම නීතිය දන්නෙ නැති උනාට මට තේරෙණ විදිහට නංගිට ලියපු එක නීතියට එකඟ නෑ.මොකද ඒ ලියපු කොටසෙ ඒ වෙනකොට අයිතිකාරයා X.නමුත් X දැනං ඉඳලා නෑ තමංගෙ තාත්තා එහෙම නංගිට කොටසක් ලියුවා කියලා.දැනං හිටියනං මිනිහා කෑ ගහනවනෙ.

දැං නංගි තමන්ගෙ අයිතිය ඉල්ලලා නඩුවක් දාලා.මොකද Xගෙ තාත්තා Xට ලියපු ඉඩම් ඔප්පුවෙ තියෙන එක වාක්‍යක අඩුවක් හින්දා.ඒකෙ ලියලා තියෙන්නෙ "මේ ඉඩමට අයත් ගස කොළ පලතුරු Xට දෙනවා" කියල ලු.ඉඩම දෙනවා කියලා ඒ ඔප්පුවෙ නෑලු.ඔප්පුව ලියපු එකා "මෙම ඉඩම හා එයට අයත් ගස කොළ පලතුරු" කියලා ලියුවෙ නැති හින්දා X සහ එයාගෙ නංගි අවුරුදු 15ක් නඩු කිව්වා.අන්තිමට X දිනලා කියලා තීන්දුව එනකොට X මැරිලා.එයාගෙ ළමයි දහදෙනා තමයි නඩුව ඇදගෙන ගියේ.ඊට පස්සෙ Xගෙ සහෝදරී නඩුව ආයෙත් විභාග කරන්න ඇපෑලක් ඉදිරිපත් කළා ලු.ඒකට තව අවුරුදු 5ක් ගියා.ඒ තීන්දුව ආවෙ X නඩුවෙන් පැරදිලා.ඒ වෙනකොට Xගෙ වැඩිමහල් දරුවො දෙන්නෙක්ම ජීවිතෙන් සමු අරන් ඉවරයි.දැං ඉතුරු දරුවෝ සහ ඔවුන්ගෙ දරුවෝ නඩුව නැවත ඉල්ලුම් කරන්න ලෑස්තියි.ඒකෙ ප්‍රථිපල එන්න තව අවුරුදු ගණනාවක් යයි.වචන දෙකක අඩුවක් හින්දා අවුරුදු ගාණක් ඒ මිනිස්සු පිස්සු නටනවා.කාලය සහ මුදල් නාස්තිය අම්මෝ මේ වචන දෙකකටනෙ ඉතිං.

භාෂාව කියන්නෙ හරි පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනෙ දෙපැත්ත කැපෙන කඩුවක් වගේ එකක්.

සමහර විට ඔයාලා අහලත් ඇති මේ කතාව.

පන්තියේ සර් උගන්නන ගමන් කලු ලෑල්ලෙ ලියන්න හුණු කෑල්ලක් හොයනවලු.වෙන වෙන පාට එව්වා තිබුණට සුදු පාට එකක් නැතිලු.ඉතිං සර් කොල කෑල්ලක "සුදු හුණු කෑල්ලක් එවන්න " කියල ලියලා කොල්ලෙක්ගෙ අතේ එහා පන්තියෙ ටීචර්ට යැව්වලු.මේකත් අර මැරෑටි ඇම්බැට්ට තාලෙ කොල්ලෙක්ලු.මූත් ඉතින් වගක්වත් නැතුව ගිහින් එහා පන්තියෙ  ටීචර්ට දුන්නලු කොලේ.මෙන්න මේ ටීචර් එනවලු සාරි පොටත් පටලගෙන කොණ්ඩෙත් බැඳගෙන දත්මිටි කකා.අර ඇම්බැට්ටයා කොලේ දෙන්න කලින් කොමාවක් දාලා."සුදු, හුණු කෑල්ලක් එවන්න" ඔන්න පේනවනෙ වෙනස.

තව එකක්.මේක මේ සිංහලේ තියෙන පද බෙදීමෙ අවුල් වලින් වුනු එකක්.

පොඩි එකා හොස්ටල් එකේ ඉන්නෙ.ගෙදර අය මූට ඕනෙ කරන ඒව එවන්නෙ සතියකට පාරක් වැඩකාරයෙක් අතේ.දවසක් වැඩකාරයා බඩු ටික මූට ගෙනත් දීලා යද්දි පොඩි එකා වැඩකාරයා අතේ ගෙදරට එවනවා පොඩි ලියුමක්.

"මැද පු* මිස තුන නැත" කියලා.

මේක කියවලා ගෙදර මිනිස්සු අන්දොස්.මේකගෙ නොසන්ඩාලකමට ද? නැත්තං වෙන එකෙක්ගෙ මගෝඩි වැඩක් ද බලන්න තාත්තත් ඉක්මනට හොස්ටල් එකට ගියාමයි දැනගන්නෙ කොල්ලට කියන්ඩ ඕනෙ වෙලා තියෙන්නෙ "මැදපු කමිස තුන නැත" කියලා.

භාෂාව පරිස්සමෙන් පාවිච්චි කරන්න.සිංහල රාජ්‍ය භාෂාව කරන්න කියලා මොරදෙන ගොඩක් ඈයො හරියට බස දන්නෑ කියලත් මතක තියාගන්න.භාෂාව සම්බන්ධයෙන් අහන හරිම ජනප්‍රිය ප්‍රශ්නෙකට උත්තරෙත් කියලම මේක ඉවර කරන්නම්.

ප්‍රශ්නය :- සිංහල හෝඩියේ අකුරු කීය ද?

පිළිතුර :-ශුද්ධ සිංහල හෝඩිය - අකුරු තිහයි (30)
             භාවිත ශුද්ධ සිංහල හෝඩිය - අකුරු තිස් දෙකයි (32)
            මිශ්‍ර සිංහල හෝඩිය - අකුරු පනස් හතරයි (54)
            වර්තමානයේ භාවිතාවන හෝඩිය - අකුරු හැටයි (60)
            ISO (International Standards Organisation) හි ලියාපදිංචි කළ සිංහල හෝඩිය - අකුරු හැට එකයි (61)

අන්තිමට ඔන්න ඔහෙ මේකත් කියලම යන්නං.

සිංහල හෝඩිය ලෝකයේ වඩාත්ම නිර්මාණශීලී හෝඩි දහසයෙන්(16) එකක් බවට තෝරාගෙන ඇත.

අලුත් facebook chat එක වදයක්ද? මෙන්න විසඳුම( 2-කොටස)

Saturday, August 6, 2011

ඔයාලට මතක ඇති මම කලින් අලුත් facebook chat එක disable කරන විදිය කියලා දුන්නා.ඒත් ඊට  වඩා තවත් හොඳ ක්‍රමයක් තමා මේ සැරේ ඉදිරිපත් කරන්න යන්නෙ.මේ ක්‍රමයෙන් අපිට පරණ තිබ්බුන  chat box එකම කිසිම වෙනසක් නැතුව හම්බෙනවා.

Zindagi na Milegi Dobara චිත්‍රපටියේ විචාරය | Zindagi na Milegi Dobara - Movie Review

හොඳ බොලිවුඩ් නිර්මාණ  වල තොරතුරු සිතුවිලි පවුරට එකතු කරනවාය කියන එක බොලිවුඩ් සිංහලෙන් සිතුවිලි පවුරට එකතු වුන දවසේ වුනු පොරොන්දුවක් . ඒ අනුව දැනට ලංකාවෙත් තිරගත වෙන Zindagi na Milegi Dobara  චිත්‍රපටිය ගැන විචාරයක් තමයි මේ ඉදිරිපත් කරන්න සුදානම් වෙන්නේ

චිත්‍රපටියට අදාල ඡායාරූප , විඩියෝ සහ මූලික තොරතුරු මෙතනින් ගිහින් බලාගන්න පුලුවන්

කථාව
කබීර්, ඉම්‍රාන් , සහ අර්ජුන් කියන්නේ පාසල් වියේ මිතුරන් තිදෙනෙක් . කබීර්ගේ විවාහයට කලින් බැච්ලර් පාටිය වෙනුවට මේ අය තෝරගන්නේ බැච්ලර් ට්‍රිප් එකක් . ඒ ස්පාඤ්ඤයට සංචාරයක් නිකන් නෙවෙයි ඇඩ්වෙන්චර් සංචාරයක් . සංචාරය සුදානම් කරන ඉම් රාන් ගේ ඒ වෙනුවෙන් තව සැඟවුනු අරමුණකුත් තියෙයි . එක් එක් කෙනාගෙ තෝගා ගැනිම් අනුව වීර ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙන මේ සංචාරයේදී මේ අයගේ ජීවිත වල වටිනාකම් , හැඩරුව වෙනස් වෙන්නේ හරිම අපූරු විදිහට ... වැඩිය විස්තර කලොත් රසය නැතිවෙන නිසා කථාව ගැන ඔය ඇති

අපේ අදහස | Our Comment
  • බොලිවුඩ් සිනමාවේ සාමාන්‍ය්යෙන් දකින්න නොලැබෙන ආකාරයේ තාත්වික බවක් මේ චිත්‍රපටියේ දකින්න ලැබෙනවා , විශේෂයෙන් බටහිර චිත්‍රපටිවල දකින්න තියන ආකාරයේ , කොහොම උනත් ඒ අතරම බොලිවුඩ් සිනමාවට ආවෙනික ලක්ෂනත්, සිනමාත්මක ලක්ෂනත් හොඳින් සුරැකිල තියනවාය කියල කියන්න පුලුවන්
  • චිත්‍රපටියේ එන සියලුම සිදුවීම් යථාර්ථවාදී නොවුනත් (පූර්ණ ලෙස යථාර්තවාදි සරල සිනමා නිර්මාණ අඩුයි නේ ) සැහෙන දුරට මේ කථාව යථාර්තවාදියි , අපිට සැබැ ජීවිතයේ දකින්න ලැබෙන , වර්ථමාන ලෝකයෙ තරුණ තරුණියන් තමයි චිත්‍රපටියේ නිරූපණය වෙන්නේ . අදාල චරිතත් ඒ තාත්වික බව සුරැකෙන විදිහට සැකසිලා තියනවා වගේම අදාල රංගන ශිල්පීන් ඊට නියම සාධාරණයත් ඉටු කරනවා
  • ජීවිතයට යමක් එකතු කරන්න සමත් වෙන කලා නිර්මාණ ඉතාම වටිනව , මේ චිත්‍රපටියත් ජීවිතය දිහා අලුත් විදිහට දකින්න විවිධ සිදුවීම්, හා පුද්ගලයින් ඔස්සේ මඟ පෙන්වීම සිදුකරනව
  • මේ අයගේ සංචාරය වටා දිවෙන නිසා ඉතාම සුන්දර පරිසරයක තමයි මුලු සිනමා නිර්මාණයම ගලා යන්නේ . ඒ සුන්දර පරිසරයේ අලංකාරය නිර්මානයට අදාලව ඉතා සිනමාත්මකව හා අලංකාරවත්ව කැමරා කාචයට එකතු කරගන්න අධ්‍යක්ෂවරයාත් සිනමා කරන ශිල්පියාත් සමත් වෙලා තියනව
  • ඉතාම සාර්ථකව ගොඩ නංවපු තාත්වික චරිත , ඒවාට උපරිම සාධාරනය ඉටු කරමින් රඟපැම අතින් රංගන ශිලිපීන්ගෙ දායකත්වය ඉතාම සාර්ථකයි කියල කියන්න පුලුවන් . සැම රංගන ශිල්පියෙක්ම තමන්ගෙ වගකීම නිසි ආකාරයෙන් ඉටු කරල තියන බවත් පේන්න තියනව
  • ඉතාම හොඳ හාස්‍යක් මතුවෙන තැන් රාශියක් දකින්න ලැබෙනව , මේ එකක් වත් බලෙන් ඔබ්බපු දේවල් නෙවෙයි චිත්‍රපටියට අදාලව , චරිතවලට අදාලව මූලික කථාව තුල පවතින සිදුවීම්
  • චිත්‍රපටියේ සංගීතය නම් එතරම් විශේෂයක් දකින්න නැ , මීට වඩා ආකර්ෂනීය සංගීතයකට ලොකු වටිනාමක් එකතු කල හැකිව තිබුනා කියල හිතෙනවා
  • සංචාරය වටා දිවෙන කථාවක් නිසා අපිත් ගමනක් යන බවක් තමයි දැනෙන්නේ ... ඒ ස්වාභාවය හා චිත්‍රපටියේ කථා ස්වාභාවයත් නිසා දෙවෙනි භාගයේදී පොඩි කම්මැලි ගතියක් දැනෙනවා චිත්‍රපටිය දිග වැඩියි දෝ කියල
  • අන්තිමට සඳහන් කල කාරනය ඇරුණාම අනිකුත් සියලුම කාරණා අනුව මේ චිත්‍රපටිය වෙනුවෙන් ඔබගේ කාලය හා මුදල් වැය කිරීම අපතේ නොයවන බව තමයි කියන්න තියෙන්නේ . සති අන්තයේ සිනමා ශාලාවට යන්න බලාපොරොත්තුවක් තියනවා නම් , මේ චිත්‍රපටිය ඒ සඳහා තෝරගන්න හැකියාව තියනවා . මේ චිත්‍රපටිය මේ වෙනවිටත් ඉන්දියාවෙ හා ලෝකය පුරා අති සාර්ථකව තිරගතවෙනව වගේම ඉතාම හොඳ විචාරක සම්මානත් ලබපු නිර්මානයක් කියන දේත් මතක් කරන්න කැමතියි
  • සිප ගැනීමේ දර්ශනයක් ඇරුණාම වෙනත් රූපමය වශයෙන් දරුවන්ට නැරඹීමේ නොහැකියාවක් මේ චිත්‍රපටියේ නැ . කොහොම උනත් මේ කථා තේමාව හෝ කථාව කුඩා දරුවෙකුට වැඩකට ඇති දෙයක් නෙවෙයි . අවුරුදු 12ට වැඩි ඕනිම කෙනෙකුට හොඳින් රසවිඳීමේ හැකියාව තියනව
Ratings
  • Direction -3.5/5
  • Celebrities' Performance -3.75/5
  • Story - 3.5/5
  • Script - 3/5
  • Cinematography - 4/5
  • Music -2/5
  • Choreography -25
  • Art Direction - 3/5
  • Action - N/A
  • Editing - 3/5
  • Special Effects - N/A
  • OVERALL -3.5/5
චිත්‍රපටිය බලපු අය ඉන්නව නම් ඔගොල්ලන්ගේ අදහසත් එකතු කරන්න කො පහලින්


වැදගත් - බොලිවුඩ් සිංහලෙන් කියල කිව්වට මේ වෙන කෙනෙක් නෙ ලිපිය ලියල තියෙන්නෙ කියල සමහර දෙනෙක් කල්පනා කරයි . DBL විදිහට "දසුන්ගෙ සටහන් " කියන බ්ලොග් අඩවිය ලියන්නේ මම .  හැබැයි ඊට ගොඩක් කලින් තමයි බොලිවුඩ් සිංහලෙන් අඩවිය පටන් ගත්තේ යාලුවො දෙන්නෙකුත් එකතු කරගෙන . ඒ දවස් වල තුන් දෙනාම භාවිතා කරපු එකම ප්‍රොෆයිලය තමයි "බොලිවුඩ් සිංහලෙන්" කියන්නේ . බොලිවුඩ් සිංහලෙන් සිතුවිලි පවුරට එකතු උනාටත් පස්සෙ තමයි . වෙනම පුද්ගලික බ්ලොග් ප්‍රොෆයිලයක් හදාගන්නේ . ඒකෙනුත් සිතුව්ලි පවුරට එකතු වෙලයි ඉන්නේ . සිතුවිලි පවුරෙ අවස්ථා සංඛ්‍යාව  සීමිත නිසා අනික් යාලුවනුත් එක්ක කථා කරල "බොලිවුඩ් සිංහලෙන්" ප්‍රොෆයිලය  සිතුවිලි පවුරෙන් ඉවත් කරගන්න ඉල්ලීම කරන්න තීරණය කලා . ඇඩ්මින් තුමාගෙන් ඉල්ලුවත් තාම ප්‍රතිචාරයක් නම් නැහැ . කොහොම උනත් මින් ඉදිරියට බොලිවුඩ් සිංහලෙන් අඩවියට අදාල ලිපිත්  , ඒ කියන්නේ හොඳ චිත්‍රපට පිලිබඳ ලිපි  සිතුවිලි පවුරට එකතු කරන්නේ මම . බොලිවුඩ් සිංහලෙන් නමින් තියන කතුවරත්වය අයින් කරල වෙනත් සහෘදයෙකුට ඒ අවස්ථාව දෙන්නය කියල අපි නැවත වතාවක් ඉල්ලා සිටිනව ඇඩ්මින් තුමාගෙන් .   රැදිල ඉන්න දිගටම ......

ඔයාලා ඔයාලගේ ජිවිත වලට ආදරේයිද

සිතිවිලි පවුර තුල ගැජට් ගැන පමනක් මෙතෙක් කතා කල දේවාගෙන් හිතන්නට යමක්

ඔන්න මේක මගේ ආදරේ ගැන පොස්ට් එකක්වත් නිකමට කියවන විකාරයකුත් නම් නෙමේ හොදද????

මට නිකමට හිතුන එත් හැමොටම හිතන්න පුලුවන් තේරුම් ගන්න ඕනා කියලා හිතුන නිසා මම මේක  බ්ලොග් එකට දාන්නේ.. (මෙය මිට පෙර දේවා ගේ අඩවියේ පලවුවකි)

ඉස්සර වෙලා ම මම පුන්චි ප්‍රශ්නයක් අහනනම්කෝ.. හිතට එකගව උත්තරයක් දෙන්නකෝ...
ඔයා ඔයාගේ ජිවිතේට ආදරෙයිද?????

ම් ඔන්න ඔයාලා ගොඩාක් දෙනෙක් ඒකට කියන්න ඇති ඔව් මම මගේ ජිවිතේ ට ගොඩාක් ආදරෙයි කියලා....
ඒක ඇත්තද???? හිතන්නකෝ ටිකක් ඒක කරන්න පුලුවන්ද කියලා.....

කාට හරි තමන්ටම ආදරේ කරන්න පුලුවන්ද?? නිකමට හිතන්නකෝ පහනක් ලොකු ආලොකයක් දෙනවා අදුර නසන්න.. එත් පහන මුල අදුරුයිනේ....
ඔයාට ලොකේ පේන ඕන දෙයක් ඔයාගේ ඇස් දෙකෙන් බලන්න පුලුවන් ඒ හැම දේකටම ඔයාට ආදරේ කරන්න පුලුවන්.. එත් ඔයා ලගම ඉන්න ඔයා දිහා ඔයාට තනියම බලන්න පුලුවන්ද?????
එහෙම හිතනකොට කලින් දුන්නු උත්තරේ ගැන ආයේ පොඩ්ඩක් හිතන්න හිතෙනවා නේද????

තව දෙයක් මට නම් හිතුනා කලින්.... මම මට ආදරේ කරනවා කියන්නේ තනිකරම ආත්මාර්ථ කාමි හැගිමක් නේද??? ඕක ටිකක් හිත හිත ඉන්නකොට මට හිතුනා මෙහෙම මම හරිද දන්නේ නැ.. මම මට ආදරේ කරනවා කියන්නේ ආත්මාර්ථ කාමි හැගිමක් නෙමේ... එත් මම මම ගැන විතරක්ම හිතනවා කියලා හිතුවොත් අන්න එතනදි නම් ආත්මාර්ථ කාමි කියලා කියන්න පුලුවන්...

ඒ කියන්නේ ඔයා හිතන්නේ ඔයාගේ සැප ගැන විතරයි... ඔයා කරන දෙයින් අනිත් කෙනාට හෙන ගැහුවත් කමක් නැ කියලා හිතුවොත් අන්න කලින් කියපු දේ වෙලා..

එතකොට මොකක්ද මේ මම ඔයාලගෙන් කලින් අහපු ඔයාලා ඔයාලට ආදරේ කරන්වද කියන එකේ තේරුම....
ආදරේ ගැන මොන තරම් සුන්දර වචන වලින් කොයි තරම් කතා කිවත් සරලව කියනවා නම් ආදරේ කියන්නේ මෙන්න මේකටනේ....
අදරේ කියන්නේ මොකක්හරි දෙයක් පිලිබදව හිතට දැනෙන ලොබකමට , මගේ කියන හැගිමට... ඒකනේ ඔයාලා කියන්නේ මගේ රතතරං (මමත් කියනව) මගේ යාලුවා, මගේ අම්මා , මගේ කෙල්ල... ඇයි මේ මගේ කියන කැල්ලක්... ඒ මම ඒ අයට ආදරේ කරන නිසානේ නේද?????

එත් මම මෙහෙම කිවොත්.....
ඔයාලා ඔයාට ආදරේ කරන්නේ නැ කියලා කියනවා නම්, එහෙමත් නැත්තම් මටත් වඩා මම මේ අයට ආදරෙයි කියලා කියනවා නම් මම කියනවා මේ අයට ඔයාලා ආදරේ නැ කියලා....
පිලි ගන්නවද?????

පිලි නොගත්තත් පිලි ගන්න වෙනවා... මොකද ඒක තමයි ඇත්ත....

ඔයා ඔයාට වඩා අදරේ කරන වෙන මුකුත් මේ ලොකේ නැ...  තව දෙයක්....ඔයාට ඔයාට අදරේ කරන්න බැරුව කොහොමද ඔයා වෙන කෙනෙකුට ඔයාට වඩා අදරේ කරන්නේ....
තමන්ට ආදරේ කරන කෙනෙකුට ඇත්තටම ගොඩාක් හොදට අනිත් අයට ආදරේ කරන්න පුලුවන්....

බලන්න කියන්න ඔයාට වැඩියෙන්ම වටින්නේ කාගේ ජිවිතේද කියලා මට කියනවද??? ඔයා දැන් ඔයාගේ පෙම්වතිය , බිරිද ගැන කිය්නවා...
එත් ඒ අයට ආදරේ කරන්න නම් ඔයා කියලා කෙනෙක් ඉන්න ඕනා නේද??? එහෙම ඉන්න නම් ඒ හැමොටම කලින් ඔයා ඔයාට ආදරේ කරන්නම වෙනවා...
ඔන්න පොඩ්ඩක් මම මෙච්චර වෙලා කියපු එක දැන් නම් ඔයාලට තෙරෙන්න ඇති......

මේ ලොකේ ඔයා අදරේ කරන ඕන කෙනෙක්ට ආදරේ කරන්න නම් ඔයා කියන කෙනාට ඔයා අදරේ කරන්නම වෙනවා.... මොකද එයාට තමයි පුලුවන් අනිත් අයට ආදරේ  කරන්න

මෙච්චර වෙලා කියපු දේ කෙටියෙන් කියන්නම්කෝ

ඔයාට අනිත් අයට ආදරේ කරන්න ඕනේ නම්.....
ඔයාට අනිත් අය ආදරේ කරන්න ඕනේ නම්.........
මේ ඔක්කොටම ඔයා කියන කෙනාව පරිස්සමෛන් බලා ගන්න
ගොඩාක් එයාට ආදරේ කරන්න.....

ඔව් ඔයාලා ඔයාලට ආදරේ කරන ගමන් ඔයාලා අදරේ කරන ඔයාලට අදරේ කරන අයට ආදරේ කරන්න ...

නරක වැඩ වලට ආස ළමයින්ට..

Friday, August 5, 2011
ඔන්න ලමයි මේක මගේ පලවෙනි කුරුට්ට.. :D

ලමයි මෙහෙමයි වැඩේ වෙන්නේ.. මේක නරක වැඩ වලට ආස දරුවන්ට.. මම දන්නවා ඔය ඉන්න ළමයි ඔක්කොම වගේ මේ විදියෙ නරක වැඩ වලට ආසයි කියල..

හැබයි මේකෙ නරක වැඩ ගොඩක් නෑ. ඒත් දරුනු නරක වැඩ ටිකක් තියෙනවා..

මෙන්න මේක තමා   .   මන්ත්‍රා...!  බුවාහාආආ....!







පාළුවට










..............හිතෙන්නෙම නැහැ ලියන්න දෙයක්.

දෙයියො දීපු ලබ්බ



පොඩිමෑන්ගෙ  ලට්ට ලොට්ට අඩවියෙන් කරලිය ගෙනාපු  හාට් Piercing...✿•*`¨   වැඩි දෙනෙක්ට  හාට් එක  Pierce  කරගන්න සිතුවිලි පවුරෙත්  කුරුටුගාන්න හිතුවා...  


________හාට් Piercing...✿•*`¨  හදවත සිදුරු කර
සිතුවිලි පලදින්නට...



පුංචි කාලෙ ඉදලම
මම ආසකරේ
බෝනික්කො නලවන්න..
කොල්ලො බෝලගහද්දි
මට ඕනෙ උනේ
සෙල්ලම් බත් උයන...
ටික ටික ලොකු වෙද්දි
කොල්ලො කෙල්ලො දිහා බලද්දි
මට ඕන උනේ කොල්ලො දිහා බලන්න..
බස් එකේ කොල්ලො ජැක් ගහද්දි
මට ඔනෙ උනේ
සුදු කොල්ලෙක්ට හේත්තු වෙන්න
උන් මම දැක්කාම හිනා වෙනවා..
යන් කියල කතා කරනවා...
එකයි ඉන්නෙ කියල  රොත්ත පිටින් එනවා..
ඊට පස්සෙන්දට ආයෙ
ඇවිදගන්නවත් බෑ....
මට මේක එපා වෙලා අයියෝ..
දෙයියො මට ඔක්කොම දීල
මට ඕනෙ විදියට ඇග දුන්නෙ නෑනෙ...
එහෙම උනානම්
කොල්ලො කැමතිවෙයි මට
අර පට්ට වේස කෙල්ලොන්ට නැතුව...
කොහෙද...
දෙයියො මට දුන්නෙ
මේ කෙහෙල්මල්
ලබ්බනෙ අයියෝ...
                             __________________ හාට් Piercing...✿•*`¨
 


අම්මා........

Thursday, August 4, 2011

සංසාරෙදි ඉපදුන හැම ආත්මෙකම 
මගෙ අම්මා වෙලා නුඔ ඉන්න ඇතී......

මේ අත් බවයෙත් නුඹම ලබන්නට 
එතරම් මම පින් කරල ඇතී.....

නුඹේ සෙනේ මට අහස උසයි මට
අම්මේ මතු මතුත් ඇතී.......

පතමි පැතුම් මම අම්ම නුඹයි මට
සරන පුරා මේ බවයෙ නිතී.....

කාගෙන්වත් ක්‍රැක් අරගන්නේ නැතිව නොම්ලේ බාව්තා කර හැකි ව්ඩ්යෝ කන්වෙන්ටරයක්


මම හිතනවා මේකත් හොගක් කට්ට්ය හට ප්‍රයෝජනවත් මෘදුකාංගයක් වෙයි කියලා... ගොඩක් කට්ට්ය හට ප්‍රශ්නයක් .. ඉතින් තමුන්ගේ පරිගනකයේ තියන ව්ඩ්යෝවක් දුරකතනයේ බැලිමට, ව්ඩ්යෝවක අනවශන කොටස් කපා හැරිමට හා තමුන් සතුව ඇති mp3,mp4 දාවකය හට පහසුවෙන් සින්දුවක් ඇතුලත් කිරිමට අප ගොඩක් මෘදුකාංගය බාව්තා කරනවා .සමහරුන් එම වැඩ කටයුතු සදහා මෘදුකාංග දෙක තුනක් බාව්තා කරනවා සමහරුන් ටොරන්ට් හරහා ඉතා ඉහල අගයකින් යුතු තේරුම් ගැනිමට අපහසු ව්දිහට තිබේනා මෘදුකාංග බාව්තා කරයි.. ඉතින් මම හිතුවා මේ සියලු දේ කිරිමට හොද මෘදුකාංගයක් හදුන්වා දිමට.


මේම මෘදුකාංගයේ නම   " Fremake video converter  "  හා මෙම ව්ඩ්යෝ කන්වෙන්ටරය සම්පුර්නයෙන්ම නොම්ලේ බෙදා හරි  මෙහි අපට ගැලපෙන මුලික පහසුකම් නම් දුරකතනයකට ව්ඩ්යෝවක් දා ගැනිමට ,යු ට්යුබ් එකෙන් ලබා ගන්නා ව්ඩ්යෝ mp3,mp4  කර ගැනිමට,හදිසියකට පොඩ් ව්ඩ්යෝවක අනවශන කොටස් ඉවත් කර ගැනිමට, mp3 පේලයර් හට සින්දු දා ගැනිමට mp4 පේලයර් හට ව්ඩ්යෝ දා ගැනිමට අපේ රටේ සැට්යට මෙයින් ඇති වාසි වේ....

මෙහි මුල් නිමැයුම්කරුවන් පවසනා ආකාරයට මෙහි ඇති ව්ශේෂතා ලෙස පරිගනකයක් ව්ඩ්යොව කන්වෙන්ට් ව්මේදි අධ්ක ලෙස රත් නොවන බවත් හා සැලකිය යුතු මට්ටමක වේගයක් මෙයින් ලැබෙනා බවත් මෙහි මුල්  නිමැයුම්  කරුවන් පවසනා සැට්යට මෙහි ව්ශේෂතා වේ..

මෙතනින් මෙම මෘදුකාංගය ලබා ගන්න ....


මම හිතනවා මෙය සැමටම වැදගත් නොව්වත් ප්‍රයෝජනයක් ඇති අයට වැදගත් වන බව මාගේ ව්ශ්වාසය යි .....

මගේම මදාවි නඟා මට ලියපු ලියුමක්!

මෙයා පිටිසර ගමක හැදිච්ච දුප්පත් ගෑනු ලමයෙක්. එච්චර අකුරැ සාස්තරේ බෑ. ඔය ඉස්සෙල්ලම තියෙන්නේ එයා එවපු ලියුම. ඊට පස්සේ ඔන්න මම ට්‍රාන්ස්ලේට් කරපු එක තියෙනවා.



දොරේ ගලන ආදාරයෙන් ලියමී..


මං බාත් තාල දැං ආවෙ. සීරිපලයියත් අද ඇවිල්ලා ගියා. මං ගොනං ගත්තෙ නෑ. බේබෝ.. මේ රා හරිම සුවඳයි. හරිම රෝමටික්. මේ සුවඳ දීගේ ඔයත් එන්න. ඔයාට හිරෙන් එන්න පුලුවන්ද? හැබැයි අපේ දර කඩන්න වෙයි. වහලු නවයි. ඔයා පට් එක අරං ආප්ප ගෙදර එන්න. අපේ පපීගෙන් මාව ඉල්ලන්න. ඔයා කලින් මිනිහෙක්නේ. කාක්කටත් දවන්න බලාගෙන එන්න. මකද එයා පුස්කෝලෙ ගයි. වට් තිබ්බට කෙමක් නෑ. එන්න. මං බීලා සිටිමි.


මම ඔයාගේ රං කැඳ...

ලවුලි ගලේ මදාවි...........




කොහොම හරි ඉතිං ඔන්න වචන ගලපගෙන බලද්දී එන්නෙ ඔහොමයි.


දෝරෙ ගලන ආදරයෙන් ලියමි..


මං බාත් කලා. දැං ආවේ. සිරිපාල අයියත් අද ඇවිල්ලා ගියා. මං ගනං ගත්තෙ නෑ. බබෝ... මේ රෑ හරීම සුවඳයි. හරිම රොමෑන්ටික්. මේ සුවඳ දිගේ ඔයත් එන්න. ඔයාට හොරෙන් එන්න පුලුවන්ද? හැබැයි අපේ දොර කඩන්න වෙයි. විහිලු නෙවෙයි. ඔයා ෆිට් එක අරං අපේ ගෙදර එන්න. අපේ පප්පාගෙන් මාව ඉල්ලන්න. ඔයා කෙලින් මිනිහෙක්නේ. කෝකටත් දුවන්න බලාන එන්න. මොකද එයා පිස්තෝලෙ ගයි. වෙඩි තිබ්බට කමක් නෑ. එන්න. මං බලා සිටිමි.


මම ඔයාගේ රං කඳ...

ලවුලි ගර්ල් මේදාවී.........

පි‍ටු පෙරලපු ගාන