වැදගත් විශයය....12 ( Sex Education in Sinhala )

Sunday, March 3, 2013






කාලෙකට පස්සේ අසනීප වෙච්ච හින්දා ලැබිච්ච නිවාඩුවේ බ්ලොගේ මොනව හරි ලියන්ඩ හදද්දි තමයි මතක් උනේ වැදගත් විශය ලිපි පෙළ ඉවර නෑ නේද කියලා.ඔන්න අද ඒකේ වැදගත්ම ඒ කියන්නේ ප්‍රායෝගිකම ලිපිය ලියන්ඩයි හදන්නේ.

ලිංගික සංසර්ගය, ලිංගික එක්වීම, රමණය, මෛථූන්‍යය, සයනය කිරීම, සංසර්ගය, සසඟ, අඹුසැමි ඇසුර වගේ සභ්‍ය වචන රාශියක් සහ අසභ්‍ය යැයි කියන වචන රාශියකින් මෙන්ම සාමාන්‍ය එදිනෙදා අපි කතා කරන වචන රාශියක් ව්‍යංගව භාවිතා කරලා මේ ක්‍රියාව හඳුන්වන එකෙන්ම මිනිස්සු මේක ගැන කොච්චර උනන්දුයිද කියලා තේරෙණවා.නමුත් ගැටළුව තියෙන්නේ කොච්චර උනන්දු උනත් මේ ගැන පැහැදිලි දැනුමක් ලබා ගන්ඩ තියෙන මාර්ග හරි අඩුයි.

ගුරුවරු වැඩිහිටියෝ සහ දෙමව්පියෝ මේ ගැන කතා කරන එක ප්‍රතික්ෂේප කරද්දි මිත්‍රයින්ගෙන් ලැබෙන්නේ හරිම අපැහැදිලි ව්‍යාකූල තොරතුරු සමුදායක්.ඒ වගේම අනිකුත් තොරතුරු ලැබෙන මාධ්‍ය බොහොමයක තියෙන්නේ අතිශයෝක්තියෙන් කෙරෙන විස්තරයක් (නිල් චිත්‍රපට හෙවත් වැල, සහ අසැබි පත්තර ).ඉතින් මේ විදිහට දැනුම අතින් අසම්පූර්ණව ලිංගික ජීවිතයට පිවිසෙන්න වෙන එක මම දකින්නේ අපරාධයක් විදිහට.මොකද අපි කරන හැම ක්‍රියාවක්ම අවසානයේ සංකේන්ද්‍රණය වෙන්නේ ලිංගිකත්වයටයි කියලා 'ගැනොන් මහත්මයා ලියපු වෛද්‍ය විද්‍යා භෞතවේදය කෘතියේ සඳහන් වෙනවා.


ඉතින් එහෙව් එකේ මේ ගැන හොඳ දැක්මක් සහ අවබෝධයක් ඇත්නම් ජීවිතේ තෘප්තිමත් කරගන්ඩ ලොකු පිටිවහලක් වේවි කියලා මම හිතනවා.කට්ටිය බලලා ඇතිනේ 'බ්ලූ ලැගූන්' කියන චිත්‍රපටිය.ඒකෙ දැක්වෙන විදිහටම තමයි ඇත්තටම ලිංගික සම්බන්ධයක් සඳහා පෙර දැනීමක් අවශ්‍ය නෑ.නමුත් තෘප්තිමත් ලිංගික සම්බන්ධයක් සඳහා හොඳ අවබෝධයක් තියෙන එක වැදගත්.ඒ වගේම සමහරුන්ට මේ අවබෝධය නිකම්ම ඇතිවෙන්නෙත් නෑ.ඒ නිසා තමයි බැඳපු අය ළමයි නෑ කියලා ක්ලින්ක් එකට ආවම ඒ අය නිසි ආකාරයෙන් ලිංගිකව එක්වෙනවද කියලා අපි හරියටම ප්‍රත්‍යක්ෂ කරගත යුතු වෙන්නේ.

හරි ඔන්න මම මූලිකම තැන ඉඳලා විස්තර කරන්ඩයි යන්නේ.සියල්ලම විස්තර නොවෙන්ඩත් පුළුවන්.එහෙම තිබුණොත් කොමෙන්ට් එකක් දාන්ඩ.මම හොයලා ඒ ගැන කියන්නම්.

ලිංගික සංසර්ගය කියන්නේ පිරිමියාගේ සෘජු වෙච්ච ශිෂ්ණය ගැහැනියගේ යෝනි මාර්ගයට ඇතුළු කිරීමෙන් ඇරඹෙන ක්‍රියාවලියක්.ඊට පස්සේ ඉන්පසු පුරුෂයාගේ හෝ ස්ත්‍රියගේ (බොහෝවිට පුරුෂයාගේ) කටී ප්‍රදේශය ඒ කියන්නේ උකුල් ප්‍රදේශය රිද්මයානුකූලව චලනය කිරීම මගින් ශිෂ්ණය යෝනි මාර්ගය තුලම ඉදිරියට හා පසුපසට චලනය කරවීම සිද්ධ වෙනවා.මෙහිදී පුරුෂයාගේ ශිෂ්ණ මුණ්ඩය ප්‍රදේශයේ ඇති ස්නායු අග්‍ර යෝනි බිත්තියේ ඇතිල්ලීම නිසා ජනනය වෙන ස්නායු ආවේග මොළය කරා ගමන් කිරීමෙන් පස්සේ තෘප්තිමත් එහෙම නැත්නම් සතුටුදායක හැඟීමක් මොළයේ ජනනය වෙනවා.

ඒ වගේම ස්ත්‍රියගේ යෝනි බිත්තියේ ඇති ඇදීමට සංවේදී ස්නායු අග්‍ර මෙන්ම අනෙකුත් සංවේදී ස්ථාන (පස්සේ විස්තර කරන්නම් ) උත්තේජනය වෙලා ඒ ස්නායු ආවේග මොළයට ගෙන ගොස් තෘප්තිය නම් හැඟීම ජනිත කරවනවා.

පුරුෂයාගේ සුරාන්තය හෙවත් Orgasm සිද්ධ වෙන්නේ ශුක්‍ර තරලය පිටත් වීමත් සමඟමයි.සුරාන්තය කියන්නේ ලිංගික තෘප්තියේ උච්චතම අවස්ථාව විදිහට හඳුන්වන්න පුළුවන්.පුරුෂයෙක්ට සාමාන්‍ය යෝනික සංසර්ගයකදී සුරාන්තයට පත්වෙන්ඩ ගතවෙන්නේ මිනිත්තු 4ක් විතර කියලා තමයි කියන්නේ.ඒත් ගැහැනු කෙනෙක්ට මේ සඳහා මිනිත්තු 10-15ක් විතර ගත වෙනවලු.මෙන්න මේ වගේ තැන්වලදි තමයි දැනුම අවශ්‍ය වෙන්නේ.ලිංගිකත්වය ඇත්තටම තියෙන්නේ ඊළඟ පරම්පරාව ජනිත කිරීමට උනාට මිනිස්සු ඒක පාවිච්චි කරන්නේ සතුට ලබා ගැනීමේ සහ එකිනෙකා අතර ලොකු බැඳීමක් ඇති කර ගැනීමේ මාර්ගයක් විදිහටයි.ඒකනේ අනිත් සත්තු බොහොමයකගේ ලිංගික ක්‍රියා වසරේ යම් කාලයකට සීමා වෙලා තිබුණට මිනිස්සු වසර පුරාම ලිංගිකව එක් වීම සිද්ධ වෙන්නේ.ඉතින් පිරිමියා තමන්ගේ තෘප්තිය ලබාගෙන අනිත් පැත්ත හැරිලා නිදා ගන්නවනම් ගැහැනියට ඒ තෘප්තිය ලැබෙන්නේ නැත්නම් ඇය කලකිරීමට පත්වීම හෝ වෙන තැනකින් ඒ සතුට සොයා යන්ඩ ඉඩ තියෙනවා.


එතකොට මේ ලිංගික ක්‍රියාව මේ කියන ශිෂ්ණ යෝනි සංසර්ගයට සීමා වෙනවද? අපෝ නෑ.මිනිස්සු මේ ක්‍රියාවට විකල්ප රාශියක් හොයාගෙන තියෙන්නේ.

ස්වයං වින්දනය

මළලසේකර ශබ්ද කෝෂයේ ස්වයං වින්දනය විස්තර කරන්නේ අතින් පිරිමැද කරන ශුක්‍ර මෝචනය කියලා.ඒ උනාට මේක ගැහැනුන්ටත් අදාලයි.අපේ සංස්කෘතියේ ගැහැනුන්ගේ කන්‍යාභාවයට ලොකු අවධානයක් තියෙන නිසා සහ ගැහැනුන් එවැනි ක්‍රියා කිරීම අශ්ලීල යැයි මතයක් ගොඩ නගා ඇති නිසාත් බොහොමයක් ගැහැනු ඒ ක්‍රියාවට යොමු වෙන්ඩ බියක් දක්වනවා.පිරිමින් බොහොමයක් ස්වයං වින්දනයේ යෙදෙන්නේ සිය අතින් ශිෂ්ණය අල්ලාගෙන අත ඉදිරියට සහ පසුපසට චලනය කරවීමෙන්.ගැහැනුන්ට මේ සඳහා ඔවුන්ගේ ක්ලිටොරිසය හෙවත් භගමණිය අතින් පිරි මැදීමෙන් මෙන්ම කන්‍යාභාවය නැති අයට යෝනි මාර්ගයේ ඉදිරිපස බිත්තියේ ඇතුල් පැත්තේ ඇති 'G ස්පොට්' ලෙස හඳුන්වන සංවේදී ස්ථානය පිරිමැදීමෙන් සහ ශිෂ්ණයට සමාන වෙනත් උපකරණ භාවිතයෙන් සුරාන්තයට එළඹෙන්න පුළුවන්.
























ඒ සඳහා විවිධ වර්ගවල කෘත්‍රීම උපකරණ හදලා තියෙනවා.ලංකාවේ මේවා හොයාගන්න එක එච්චර පහසු නැති උනාට ලෝකේ අනිත් රටවල මේවා පහසුවෙන් ලබා ගන්ඩ පුලුවන්.මේ උපකරණ අතර කෘත්‍රිමව කම්පණය වෙන ඒවා වගේම ක්ලිටොරිසය උත්තේජනය කරන සහ G ස්පොට් එක උත්තේජනය කිරීම සඳහාම විශේෂයෙන් නිපදවූ උපකරණත් දකින්න පුළුවන්.

පිරිමින්ටත් කෘත්‍රීම යෝනි මිළදී ගන්ඩ පුළුවන්.ඒවාත් විවිධ වර්ගවලින් දකින්ඩ ලැබෙනවා.








දැන් මේවා ගැන කිව්වේ මේවා ලංකාවේ හොයාගන්ඩ අපහසු උනාට මේවා ලංකාවට අවශ්‍යයි කියන මතේ මම ඉන්න නිසා.මොකද මිනිස්සුන්ගේ ලිංගික අවශ්‍යතා නිසි ලෙස සැපිරුනේ නැති උනාම මානසිකව ආතතියක් නිර්මාණය වෙන්ඩ පුළුවන්.ගොඩක් වෙලාවට සමහරු සමාජයේදි පුපුරා හැලෙන්නේ මේ ලිංගික තෘප්තිය ප්‍රමාණවත්ව නොලැබීම නිසා වෙන්ඩ පුළුවන්.ඉතින් මේ ආතතිය වෙනත් විදිහකට පිට කරන්ඩ උත්සාහ කිරීම තුලින් වෙනත් සමාජීය ප්‍රශ්න නිර්මාණය වෙනවා වගේම ලිංගික අඩන්තේට්ටම් කිරීම් අපචාර ක්‍රියා ආදියටත් හේතුවක් වෙන්ඩ පුළුවන්.මේ කියන ස්වයං වින්දන ක්‍රමවේදය හැමදාටම පාවිච්චි කළයුතු දෙයක්ය කියලා මම කියන්නේ නෑ.ඒත් බිරිඳ දරු ප්‍රසූතියකට සූදානමින් ඉද්දි වගේම ඉන් පසුව ටික කාලයක් යනකං, හමුදාවේ ඉන්න සැමියා නිවාඩුවට ගෙදර එනකන් වගේම මැදපෙරදිග ගිය බිරිඳ ගෙදර එනකං වගේ අපි දකින ප්‍රයෝගික අවස්ථාවලට ස්වයං වින්දනය කියන්නේ බොහොම හොඳ විකල්පයක්.

ගුද රමණය

මේ කියන්නේ පුරුෂයාගේ ලිඟුව ස්ත්‍රියගේ හෝ වෙනත් පුරුෂයෙකුගේ ගුද මාර්ගයට ඇතුළු කිරීමෙන් සිදුකරන සංසර්ගයයි.යෝනි මාර්ගයට වඩා ගුද මාර්ගයේ ඇති තද භාවය සහ එම ක්‍රියාවේ ඇති අශ්ලීල භාවය සමහරුන් මේ ක්‍රමය වෙත යොමු කරවනවා.ඒ වගේම පිරිමි සමලිංගිකයින් ගුද මාර්ගය හරහා පුරස්ථිති ග්‍රන්ථිය උත්තේජනය කරවා ගැනීමටත් මේ ක්‍රියාව යොදා ගන්නවා.නමුත් මෙහිදී ගුද මාර්ගයේ මෙන්ම ශිෂ්ණයේ ද තුවාල ඇති වීම මෙන්ම ගුද මාර්ගය විශබීජවල තෝතැන්නක් වීම බොහෝ විට ලිංගිකව සම්ප්‍රේශනය වන වගේම වෙනත් සාමාන්‍ය මුත්‍රා ආසාදන වැනි තත්ත්ව ඇති කිරීමට සමත් වෙනවා.මෙහිදී පැවසිය යුතු කරුණක් වන්නේ සමාජ රෝගයක් බෝවීමේ අවධානම සාමාන්‍ය ශිෂ්ණ යෝනි සංසර්ගයකදී මෙන් 50 ගුණයක වැඩි වීමක් ගුද සංසර්ගයේදී තියෙනවා කියන එක.

මෞඛ සංසර්ගය

මෙහිදී පුරුෂයාගේ ලිංගය ස්ත්‍රිය විසින් තොල් හා දිව ආශ්‍රිතව උත්තේජනය කරනවා.එමෙන්ම ස්ත්‍රියගේ ක්ලිටොරිසය හා අනෙකුත් සංවේදී ස්ථාන පුරුෂයා සිය දිවෙන් හා තොල් ඇසුරින් උත්තේජනය කිරීමත් අයත් වෙන්නේ මේ කාණ්ඩයටමයි.මේ ක්‍රියාවෙන් ස්ත්‍රියක් සුරාන්තයට පත් කිරීමට ද හැකි නිසා ස්ත්‍රියකට උපරිම ලිංගික තෘප්තිය ලබා දෙන්න මේ ක්‍රමය භාවිතා කරන්ඩ පුළුවං.වැදගත්ම දේ තමයි ස්ත්‍රීන් සුරාන්තයට පත් උනාට පිරිමින්ට වගේ ලිංගික හැඟීම් නැතිවෙලා යන්නේ නෑ.ඒ අයට අවශ්‍යනම් පිට පිට සුරාන්ත කීපයක් උනත් ලබාගන්ඩ පුලුවන්.ඒ නිසා ශිෂ්ණ යෝනි සංසර්ගයට පෙර ස්ත්‍රිය සුරාන්තයට පත් කිරීම ඇය තෘප්තිමත් කිරීමේ හොඳ ක්‍රමයක්.මුඛ සංසර්ගයේදීත් සමාජ රෝග පැතිරීමේ අවධානමක් තියෙනවා.ඒක නිසා තමයි විවිධ රසවලින් සහ සුවඳින් යුක්ත කොන්ඩම් (උපත් පාලන කොපු ) නිර්මාණය කරලා තියෙන්නේ.

කළවා අතර සිදු කරන සංසර්ගය

මෙහිදී ස්ත්‍රියගේ කළවා අතරට යම් ලිහිසි කාරකයක් දමා එකට ළං කළ කළවා අතරින් ශිෂ්ණය ගමන් කරවා සංසර්ගයේ යෙදෙනවා.මේ ක්‍රියාව බොහෝ විට සිද්ධ කරන්නේ ස්ත්‍රියගේ කන්‍යාභාවය රැක ගැනීමට සහ දරු පිළිසිඳීමක් වළක්වා ගැනීමට.මේ වගේම පියයුරු අතර ශිෂ්ණය තබා සංසර්ගයේ යෙදීමත් දකින්ඩ පුළුවන්.මේ කුමන ක්‍රමය භාවිතා කලත් යෝනි මාර්ගය අවට ශුක්‍ර තරලය ගෑවීමෙන් දරු පිළිසිඳ ගැනීමක් සිද්ධ වෙන්ඩ පුළුවන්.ඒ නිසා ඒ ගැනත් සැළකිලිමත් වෙන එක හොඳයි.

සමලිංගිකත්වය මානසික රෝගයක් විදිහට දැං සැලකෙන්නේ නෑ.ඒ උනත් එහෙම නොවෙන එක එහෙම වෙනවට වඩා හොඳයිනේ.ඒත් ඉතිං සමහරුන්ට එහෙම නැතුවම බැරි වෙනවා.ඉතිං එහෙම අය අනිත් අයව පොළඹවා ගන්නැතුව තමුන් වගේම වෙන කෙනෙක් හොයාගන්නවනං තමයි හොඳ.

එයිට අමතරව සතුන් එක්ක ලිංගිකව එකතු වීම සහ මෘත ශරීර සමඟ ලිංගිකව එකතු වීම ආදී මානසික රෝගමය තත්ත්ව ඇති අයත් සමාජයේ ඉන්නවා.අනිත් භයානකම කට්ටිය තමයි බාල අපරාධ සිද්ධ කරන්නන්.ඔවුන් කුඩා දරුවන් සිය ලිංගික අවශ්‍යතා සඳහා භාවිතා කරන්නේ කුඩා දරුවන්ගේ ප්‍රතිරෝධය අවම වීම නිසා වගේම මානසිකව ඔවුන් රෝගීන් වීම නිසයි.

කෙසේ වෙතත් ලංකාවේ ශිෂ්ණ යෝනි සංසර්ගය හැර අනෙකුත් සියළුම ආකාරයේ ලිංගික ක්‍රියා දණ්ඩ නීති සංග්‍රහයේ 365A වගන්තිය යටතේ නීතිය ඉදිරියේ වරදක්.ඒ කියන්නේ ස්වයං වින්දනය, ගුද රමණය, මෞඛ සංසර්ගය ආදී සියල්ලම අශ්ලීල ක්‍රියා ලෙස නම් කරලා දඬුවම් කරන්ඩ පුළුවන්.මේවා ආගමික බලපෑම් මත සෑහෙන කාලෙකට ඉස්සර සම්මත උනු නමුත් සංශෝධනය විය යුතු යල් පැනගිය නීති.නමුත් කවුරුත් ඒ ගැන අවධානයක් දක්වන්නේ නෑ.ඒ නිසා කරන දෙයක් පරිස්සමෙන් හොඳේ...






මේ රූපේ තියෙන්නේ ලිංගික ක්‍රියාවේදී භාවිතා වෙන ලිංගික ඉරියව් කීපයක්.ඒවා අතරින් මුලින්ම තියෙන ඉරියව්ව තමයි බහුලවම භාවිතා වෙන්නේ.තමංගේ සහකරු/සහකාරියගේ කැමැත්ත ඇතුව අනිත් ඕනෑම ඉරියව්වක් භාවිතා කළාට ගැටළුවක් නෑ.වැදගත්ම දේ තමයි අන්‍යොන්‍ය අවබෝධය.

වැදගත් විශයය....11 ( Sex Education in Sinhala )




ඔසප් චක්‍රය

බොහෝ ආගම් සහ සංස්කෘතිවල ස්ත්‍රීන්ගේ ඔසප් වීම අශුද්ධ දෙයක් විදිහටනේ සළකන්නේ.අනේ මන්දා ඉතිං රුධිරය එක්ක පටක ටිකක් තමයි පිට වෙන්නේ.ඒක ඉතිං තුවාලයක් තියෙන එකෙක්ටත් පොදුයි නොවැ.ඒ විදිහට බැලුවම ආගමික ස්ථානවලට, උත්සවවලට තුවාලකාරයින්ටත් සහභාගි වෙන්ඩ නොදී ඉන්ඩ ඕනෑ.

ඔසප් චක්‍රය, ආර්ථව චක්‍රය මේ කොයි විදිහට කිව්වත් කියවෙන්නේ එකම දෙයක් ගැන.ඒ ස්ත්‍රීන්ගේ ගර්භාශයේ ඇතුළු බිත්තිය සාමාන්‍යයෙන් දින 28කට පාරක් ගැලවිලා රුධිරය එක්ක පිටවෙලා යන එකට.

මේක ගෑනු ළමයි ලැජ්ජා හිතන්ඩ දෙයක්වත් පිරිමි අමුතු විදිහට බලන්ඩවත් අවශ්‍ය දෙයක් නෙමෙයි.මේක ස්වභාවධර්මයේ විශිෂ්ඨ ක්‍රියාවලියක්.ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ සෑම ඩිම්බයක්ම සංසේචනය වෙලා ආවොත් පැලවෙලා වර්ධනය වෙන්ඩ අබාධවලින් තොර සරු පටකයක් ලබා දෙන එක.

වටෙන් වටෙන් කියලා තේරුමක් නෑනේ.ඔන්න එහෙනම් පටං ගම්මු මේක ගැන හරියට කතා කරන්ඩ.

ගැහැනු අයගේ ජනක සෛල ඒ කියන්නේ ඊළඟ පරම්පරාව බිහි කරන්ඩ දායක වෙන සෛල හැදෙන්නේ ඩිම්බ කෝෂයේ කියලා දන්නවනේ.පිරිමින්ගේ වෘෂණවල දවස ගානේ අළුතෙන් ශුක්‍රාණු හැදුනට ඩිම්බ කෝෂවල ඩිම්බ එහෙම හැදෙන්නේ නෑ.ගෑනු දරුවෙක් ඉපදෙනකොට එයාගේ ඩිම්බ කෝෂවල ඩිම්බ විශාල ප්‍රමාණයක් තියෙනවා.හැබැයි මේවා පරිණත වෙලා නෑ.සංඛ්‍යාත්මකව කිව්වොත් ඉපදෙන්ඩ කළිං මිලියන 7ක් විතර වෙන මේ අපරිණත ඩිම්බ සංඛ්‍යාව විවිධ හේතු නිසා තෝරාගැනීම්වලට ලක් වෙලා ඉපදෙන කොට ඉතුරු වෙන්නේ මිලියන 2ක් විතර.මේ මිලියන දෙකෙනුත් බාගයක්ම වැඩ කරන්නේ නෑ.ඒ කියන්නේ හොඳ ඒවා ඉතුරු වෙන්නේ මිලියන එකක් විතර.මේ ඩිම්බ ඌණන විභාජනයෙන් බෙදිලා පරිණත වෙලා එපායෑ සංසේචනය වෙන්ඩ.ඉතිං ඒවා මුල් කාලෙම පරිණත වීමේ පළමු පියවර තියනවා.ඒ කියන්නේ ඌණන විභාජනයේ මුල් අවස්ථාවකට ඇවිල්ලා නවතිනවා.මේ ඌණන විභාජනයේ අවස්ථාවට කියන්නේ 'ප්‍රාග් කලාව' කියලා.මේකෙදි ඩිම්බ සෛලයේ වර්ණදේහ සංඛ්‍යාව දෙගුණ වෙලා ලෑස්තිවෙලා ඉන්නවා වාරය ආව ගමන් ඉතුරු ටික කරගෙන යන්ඩ.


ඔන්න ඉතිං ඔය විදිහට ඩිම්බ තියෙන වගක්වත් දන්නැතුව ගෑනු දරුවො වැලිබත් උයනවා, බෝනික්කො නලෝනවා, මොන්ටිසෝරි යනවා, ඉස්කෝලෙ යනවා අර මෙව්වා දවස එනකං.අන්න එදාට මේ කෙල්ලව ලෝකෙං වහලා කාමරේකට දාලා හංගගෙන උපදෙස් දෙනවා කොල්ලො ආශ්‍රය කරන්ඩ එපා, දැං ඉතිං පරිස්සං වෙන්ඩ, ලෝකෙ හරි කෲරයි, උඹ මලක් වගෙයි ආදී විදිහට.ඔන්න ඉතිං උදේ පාන්දර නාවලා, කොස් අත්තකට කැත්තෙං කොටලා, නාවපු කළෙත් බිඳලා, අළුත් රත්තරං කරාබු ජෝඩුවක් එහෙම දාලා ගමටම කියලා හෙන උත්සවයකුත් ගන්නවා.මේ උත්සවයේ අරමුණ විදිහට මම දකින්නේ 'ඔන්න බොලව් අපේ එකී දැං බඩ වෙන්ඩ ලෑස්තියි.ඇහැක් එකෙක් ඉන්නවානං ඇන්න පලයවු' කියලා කෑගහලා කියන්නැතුව කියන විදිහ කියලා.

මේ විදිහට පළමු ඔසප් රුධිරය පිට වීමට මල්වර වීම, ලොකු ළමයෙක් වීම, ගෙට වීම වගේම සමහර පැතිවල *ක මල පීදීම කියලත් කියනවා කියලයි සන්නස්ගල සර් කියලා දුන්නේ.ඔය ඉතිං මගෙත් සිහිය වෙන වෙන පැතිවලටමනේ යන්නේ.කොහොම හරි මේ වෙද්දි ඒ කියන්නේ මල්වර වෙනකොට ඩිම්බ ඉතුරු වෙලා තියෙන්නේ ලක්ෂ තුනක් විතර.

ඔසප් චක්‍රය සාමන්‍යයෙන් දවස් 28ක චක්‍රයක් විදිහට සැළකුවාට ඒක දවස් 21-35 අතර වෙනස් වෙන්ඩ පුළුවන්.ඒ වගේම ඔසප් රුධිරය පිට වීම සාමාන්‍යයෙන් දවස් 3-5 අතර පැවතුනාට දවස් 1-8 අතර රුධිරය පිටවීම සාමාන්‍යයි කියලයි සළකන්නේ.දවස් 8ට වැඩිනම් පොඩ්ඩක් සළකලා බලන්ඩ.ඔසප් රුධිරය පිට වීම සාමාන්‍යයෙන් ඉතා සුළු බින්දු කිහිපයක සිට මිලි ලීටර් 80ක් විතර වෙනකන් වෙනස් වෙන්ඩ පුළුවන්.ඒ වගේම ඔසප් රුධිරයත් එක්ක රුධිරය කැටි ගැසීම වලක්වන රසායනිකයක් පිට වීම නිසා රුධිරය කැටි ගැහෙන්නේ නෑ.එහෙම නැත්තං ඔසප් රුධිරයට පිට වෙන්ඩ බෑනේ.ඒ නිසා ඔසප් රුධිරය එක්ක රුධිර කැටි පිට වෙනවා කියන්නේ අධික රුධිර වහනයේ ලක්ෂණයක්.මොකද අර ප්‍රථිකැටිකාරකයේ ක්‍රියාකාරීත්වයේ සීමාවට වැඩියෙන් රුධිරය පිට වෙනවා කියන එකනෙ.


ඔසප් චක්‍රයක පළවෙනි දවස විදිහට සාමාන්‍යයෙන් අපි සළකන්නේ ඔසප් රුධිරය පිටවීම ආරම්භ උන දවස.ඒක නිසා මේක සිද්ධවෙන විදිහ ගැන කතා කරන්ඩ ඒ තැනින් පටං ගම්මු.හැබැයි ඔසප් චක්‍රයකදී ඩිම්බකෝෂයේත්, ගර්භාශයේත් වගේම ඇඟේ හෝමෝන මට්ටමේත් වෙනස්කම් සිද්ධ වෙනවා.ඒ නිසා ඒ ඔක්කොම ගැන සරළව කතා කරගෙන යමු.

ඔන්න ගර්භාශයේ එන්ඩොමෙට්‍රියම බිඳවැටිලා රුධිරය සහ පටක කොටස් යෝනි මාර්ගය හරහා පිට වෙලා යනවා.ඔන්න මේ කාලෙම ඩිම්බකෝෂයේ අර අපරිණත ඩිම්බ කීපයක් පරිණත වෙන්ඩ පටන් ගන්නවා.මේ ඩිම්බ තියෙන්නේ ශුක්‍රාණු වගේ තනියම නෙමෙයි.ගෑනු කොහොමත් ඉන්නේ ආරක්ෂාවට වටේට මුර දාලනේ.ඩිම්බයත් ඒ වගේම තමයි.ඩිම්බය වටේට පුංචි සෛල රාශියක් එකතුවෙලා හැදිච්ච ආවරණයක් තියෙනවා.මේ ඩිම්බය පරිණත වෙනකොට මේ සෛල ආවරණයේ තැනක පොඩි කුහරයක් හැදිලා ඒක ඇතුලේ තරලයක් එකතු වෙන්ඩ පටං ගන්නවා.පස්සේ මේ කුහරය සෑහෙන්ඩ ලොකු වෙනවා.ඒ කියන්න අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකකිං බලාගන්ඩත් පුළුවං.මේ විදිහට කුහරයක් හැදිච්ච ඩිම්බයක් ඇතුලත් ව්‍යුහයට කියන්නේ ස්‍යුනිකාවක් කියලා.



අපේ මොළයේ තියෙන හයිපොතැලමසයේ සහ පිටියුටරියේ නිපදවෙන හෝමෝන යටතේ ශරීරයේ අනිකුත් බොහෝ හෝමෝන පාලනය වෙනවා කියලා කලිං ලිපියක කිව්වා වගේ මතකයි.ඔන්න මේ හයිපොතැලමසයෙන් GnRH කියලා හෝමෝනයක් නිදහස් වෙනවා.මේ හෝමෝනය මගින් පිටියුටරියෙන් FSH සහ LH කියන හෝමෝන නිපදවෙන එක උත්තේජනය කරනවා.මේ FSH ගිහිල්ලා ඩිබකෝෂ මත වැඩ කරලා තමයි ස්‍යුනිකා නිපදවීම සහ ඒ ස්‍යුනිකා මගින් හෝමෝන නිපදවීම උත්තේජනය කරන්නේ.

ඉතිං මේ විදිහට එක ඔසප් චක්‍රයකට ස්‍යුනිකා කීපයක් වර්ධනය වෙන්ඩ පටං ගන්නවා.මේ ස්‍යුනිකා වල වටේ තියෙන සෛල ස්ථරයෙන් ඊස්ට්‍රජන් කියන හෝමෝනය වැඩිපුරත් ප්‍රොජෙස්ටෙරොන් කියන හෝමෝනය ස්වල්ප වශයෙනුත් නිශ්පාදනය කෙරෙනවා.මේ ඊස්ට්‍රජන් මගින් ගර්භාශයේ එන්ඩොමෙට්‍රියමේ සෛල ගුණනය වෙලා එන්ඩොමෙට්‍රියම නැවත වර්ධනය වෙන එක උත්තේජනය කරනවා.ඊට අමතරව මේ ඊස්ට්‍රජන් ගිහිල්ලා පිටියුටරිය සහ හයිපොතැලමසය මත ක්‍රියා කරලා LH ස්‍රාවය වීම අඩු කරනවා.ඊට අමතරව තව ඉන්හිබින් කියලා හෝමෝනයක් හැදෙනවා මේ එක්කම ඩිම්බකෝෂවල.ඒකෙන් ගිහිල්ලා FSH ස්‍රාවය වීම පාලනය කරනවා.

මේ හැදෙන ස්‍යුනිකා කීපයෙන් එකක් විතරක් අන්තිමට ඉතුරු කරගෙන අනිත් ඒවා සාමාන්‍යයෙන් විනාශ වෙලා යනවා.මේ විදිහට ඉතුරු වෙච්ච ස්‍යුනිකාව හොඳටම පරිණත වෙනවා.මේ පරිණත ස්‍යුනිකාවට කියන්නේ ග්‍රාෆීය ස්‍යුනිකාව කියලා.ඒකෙන් ඊස්ට්‍රජන් විශාල ප්‍රමාණයක් ස්‍රාවය කරනවා.මේ ස්‍යුනිකාවේ තියෙන ඩිම්බ සෛලයේ න්‍යෂ්ඨිය ඌනන විභාජනයේ පළමු පියවරෙන් බෙදෙනවා.බෙදිලා න්‍යෂ්ඨි දෙකක් හැදෙනවා.ඒක න්‍යෂ්ඨියක් සෛලයෙන් පිටතට තල්ලු වෙලා යද්දි අනිත් න්‍යෂ්ඨිය විතරක් සෛලය ඇතුලේ ඉතුරු වෙනවා.මේ ඩිම්බ සෛලය ඌණන විභාජනයේ දෙවෙනි පියවරේ අතර මැද්දේ නතර වෙනවා.මේ අදියරට කියන්නේ ඌණන විභාජනයේ දෙවෙනි පියවරේ යෝග කලාව කියලා.

ඊස්ට්‍රජන් මගින් LH ස්‍රාවය කරන එක අඩු කරනවා කිව්වනේ.ඒකත් ඇවිල්ලා හරියට කොල්ලෙක් යාලු වෙන්ඩ අහද්දි කෙල්ල බෑ කියනවා වගේ වැඩක්.කොල්ලා නිකං ඇවිල්ලා ඇහුව ගමං 'බෑ' කියලා කෙල්ල කියනවා.කොල්ලා ඊළඟට චොක්ලට් එකක් අරං එනවා.ඒත් බෑ කියනවා.ඔය විදිහට කොච්චර බෑ කිව්වත් කොල්ලා අත අරින්නෙම නෑනේ.එතකොට කෙල්ලගේ හිතේ දෙගිඩියාවක් එනවා.කොල්ලා ගැන පැහැදීමක් එනවා.ඔන්න එක දවසක කෙල්ල පැනපු ගමං 'හා' කියනවා.මේ හොමෝන වැඩෙත් ඒ වගේම තමයි.මුලිං ඊස්ට්‍රජන් තියෙද්දි LH ස්‍රාවය අඩු වෙනවා.ඒත් ඊස්ට්‍රජන් එන්ඩ එන්ඩ වැඩි වේගන යද්දී LH ස්‍රාවය අඩුවෙන්නැතුව එක පාරටම වැඩි වෙන්ඩ පටං ගන්නවා.ඒ කියන්නේ ඊස්ට්‍රජන් පොඩ්ඩක් තියෙද්දි LH ස්‍රාවය අඩු කළා වගේම ගොඩක් තියෙද්දි LH ස්‍රාවය වීම වැඩි කරනවා.



මෙන්න මේ වෙලාවේ වැඩිපුර තියෙන LH වල ක්‍රියාකාරීත්වයෙන් ඩිම්බකෝෂ බිත්තිය සහ ස්‍යුනිකා බිත්තිය පුපුරලා ඩිම්බය උදර කුහරයට නිදහස් වෙනවා.මේකට තමයි කියන්නේ ඩිම්බ මෝචනය කියලා.මේක සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ දවස් 28ක ඔසප් චක්‍රයකනං 14 වෙනි දවසේ විතර.ඉතිං මෙච්චර දවසක් ඩිම්බකෝෂවල තිබුනේ ස්‍යුනිකා හින්දා ඔසප් වීමේ සිට මේ ඩිම්බ මෝචනය දක්වා අවධියට 'ස්‍යුනිකා අවධිය' කියලා කියනවා.ඒ වගේම ඊස්ට්‍රජන්වල ක්‍රියා කාරීත්වය යටතේ ඔසප්වීම නතර උනදා ඉඳං ගර්භාශ බිත්තිය වර්ධනය උන හින්දා ඔසප් වීම නතර උන දා ඉඳං ඩෛම්බ මෝචනය දක්වා කාලයට 'ප්‍රගුණන අවධිය' කියලත් කියනවා.

ග්‍රාෆීය ස්‍යුනිකාව පුපුරලා ඩිම්බය පිට උනාට පස්සේ ස්‍යුනිකාවේ ඉතුරු වෙච්ච සෛල ටික එකතු වෙලා ඩිම්බ කෝෂය ඇතුලේ 'පීත දේහය' කියන ව්‍යුහය බවට පත් වෙනවා.මේ පීත දේහය ඊස්ට්‍රජන් අඩුවෙනුත් ප්‍රොජෙස්ටෙරොන් වැඩිපුරත් ස්‍රාවය කරනවා.

මේ ප්‍රොජෙස්ටෙරොන්, ඊස්ට්‍රජන් වල ක්‍රියාකාරීත්වයෙන් වර්ධනය වෙලා තියෙන ගර්භාශයේ එන්ඩොමෙට්‍රියමේ ක්‍රියා කරලා ඒකේ රුධිර නාල වැඩි කිරීමත්, ඒ රුධිර නාල විශාල කිරීමත් දඟර ගැසීමෙන් වැඩි රුධිර පරිමාවක් එන්ඩොමෙට්‍රියට ලැබීමටත් සලස්වනවා.එයිට අමතරව එන්ඩොමෙට්‍රියමේ ඇති ග්‍රන්ථි සංඛ්‍යාවෙන් වැඩි කරලා ඒවා ප්‍රමාණයෙන් විශාල කරලා ඒවායේ ස්‍රාවයන් වැඩි කිරීමත් සිද්ද කරනවා.

පීත දේහයට සුද්දෝ කියන්නේ කෝර්පස් ලුටියම් (corpus luteum) කියලා.ඒක හින්දා ඒක තියෙන අවධියට 'ලුටීය අවධිය' කියලා කියනවා.ඒ වගේම එන්ඩොමෙට්‍රියමේ ග්‍රන්ථි මගින් ස්‍රාවයන් නිකුත් කරන නිසා මේ අවධිය 'ස්‍රාවීය අවධිය' කියලත් කියනවා.

මේ වෙද්දි රුධිරයේ ප්‍රොජෙස්ටෙරොන් ප්‍රමාණය ඉතාමත් ඉහලයි.ස්‍යුනිකාව විනාශ උනාට පස්සේ ඊස්ට්‍රජන් ප්‍රමාණය තරමක් අඩු උනත් සාමාන්‍යයෙන් ඉහල මට්ටමක පවතිනවා.ඉන්හිබින් සහ ඊස්ට්‍රජන්වල බලපෑම නිසා FSH සහ LH පහල මට්ටමකයි පවතින්නේ.මේ වෙද්දි තරමක් පහල ගිය ඊස්ට්‍රජන් මට්ටම නැවතත් LH ස්‍රාවය අඩු කරන්ඩයි දායක වෙන්නේ.

ඔසප් චක්‍රයේ දවස් 28 පමණ වෙනකොට පීත දේහය බිඳ වැටෙනවා.එතකොට ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටෙරොන් මට්ටම සීඝ්‍ර ලෙස පහල වැටෙනවා.


ඒ එක්කම ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටෙරොන් මගින් පවත්වාගෙන ගිය ගර්භාශයේ එන්ඩොමෙට්‍රියමත් බිඳ වැටෙනවා.ඒකේ තිබුණු රුධිර වාහිනී බිඳ වැටීම නිසා රුධිරය පිට වෙනවා.මේ රුධිරයත් එක්ක එන්ඩොමෙට්‍රියමේ කොටස් යෝනි මාර්ගය හරහා පිට වෙලා යනවා.

ඉතිං මෙ විදිහට බැලුවම ඔසප් වීමක් කියන්නේ එක් ඩිම්බමෝචනයක් සිද්ධ වෙලා ඒක සංසේචනය නොවීම නිසා සිද්ධ වෙන සංසිද්ධියක්.සංසේචනය උනානං මෙයිටවඩා වෙනස් විදිහකටයි සිද්ධ වෙන්නේ.ඒ ගැන පස්සේ බලමු.මට කියන්ඩ ඕනෙ කළේ ගැහැනු ළමයෙක් මල්වර වෙන්ඩ කලිං ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වුවත් ගැබ් ගන්ඩ ඉඩක් තියෙනවා කියන එක.මොකද ඒ ළමයා ඒ වෙද්දි ඩිම්බ මෝචනයක ඉන්ඩ පුළුවං නේ.නමුත් බොහෝ වෙලාවට මුල් ඔසප් වීම් සිද්ධ වෙන්නේ ඩිම්බ පිට වෙන්නේ නැතුව.



++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++


ඕනෑම ගැටළුවක් කොමෙන්ට් එකකින් අහන්ඩ.දන්න එකක්නම් කියන්නම්.නැත්තං හොයලා හරි කියන්නම්.

ඇනෝ ඇවිත් කොමෙන්ට් දාන්ඩ කිසි අවුලක් නෑ.හැබැයි බොරුවට නිකං කුණුහබ්බ දාන්ඩ එපා හරි නෑනේ.





වැදගත් විශයය....10 ( Sex Education in Sinhala )




අභ්‍යන්තර යෝනි තොල්

අභ්‍යන්තර යෝනි තොල් යෝනි මාර්ගය දෙපසින් පිහිටා ඇති අතර ඒවා ඉහලින් ක්ලිටොරිසය දක්වා දිවෙනවා.මේ අභ්‍යන්තර යෝනි තොල් ක්ලිටොරිසය දෙපැත්තේදී ස්ථර දෙකකට බෙදෙනවා.ඒ එක් එක් පැත්තේ අභ්‍යන්තර යෝනි තොල්වල බෙදුනු පසු සෑදෙන ඉහල ස්තර දෙක ක්ලිටොරිසයට ඉහලින් එකිනෙක හා එක් වෙන අතර පහළ ස්තර දෙක ක්ලිටොරිසයට පහළින් එකිනෙක හා සම්බන්ධ වෙනවා.

පහළින් මේ අභ්‍යන්තර යෝනි තොල් යෝනි මාර්ගය දෙපසින් පසුපසට ගමන් කරලා බාහිර යෝනි තොල් හා එක්වෙන අතර යෝනි මාර්ගයට පසුපසින් කුඩා පටකයකින් එකිනෙක හා එකතු වෙනවා.මේ අභ්‍යන්තර යෝනි තොල්වල රෝම පිහිටන්නේ නෑ.

බාහිර යෝනි තොල්

පුරුෂ වෘෂණ කෝෂවල ස්ත්‍රී අනුරූපකය තමයි බාහිර යෝනි තොල් කියන්නේ.මේ බාහිර යෝනි තොල්වල රෝම පිහිටනවා.මේවා තමයි ස්ත්‍රී බාහිර ලිංගික අවයව සියල්ලම වට කරගෙන පිහිටන ව්‍යුහය.

ක්ලිටොරිසය

ස්ත්‍රී ලිංගික අවයවවල සංවේදීම කොටසක් විදිහට ක්ලිටොරිසය හෙවත් භගමණිය හඳුන්වන්න පුළුවන්.මේ තමයි පුරුෂ ශිෂ්ණයේ ස්ත්‍රී ප්‍රතිරූපකය.ශිෂ්ණයේ වගේම ක්ලිටොරිසයටත් මුණ්ඩයක් පිහිටනවා.ඒ වගේම අභ්‍යන්තර යෝනි තොල් වල ඉහළ කොටසින් සෑදුනු පෙර සමක් ද දකින්න පුළුවන්.ක්ලිටොරිසය ප්‍රමාණයෙන් කුඩාවට පිහිටියා උනාට ඒක ශරීරයට සම්බන්ධ වෙලා තියෙන පටක යෝනි මාර්ගය දෙපසින් තරමක් දුරට ගමන් කරනවා.මේ නිසා යෝනි මාර්ගයේ ඇදීමට ලක් උනොත් ක්ලිටොරිසය උත්තේජනය වෙනවා.අන්න ඒක හින්දා තමයි මම කළිං ලිපියක කිව්වේ ශිෂ්ණයේ දිග වැදගත් වෙන්නේ නෑ කියලා.ඇත්තටම වැදගත් වෙන්නේ ශිෂ්ණයේ විශ්කම්භයයි.







දැං අපි ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ඇති වෙන්ඩ පුළුවං රෝගාබාධ කීපයක් ගැන බලමු ද?

ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ප්‍රධාන වශයෙන් පිළිකා තුනක් ඇති වෙන්ඩ පුළුවං.

1. ඩිම්බ කෝෂ පිළිකා
2. ගර්භාශ පිළිකා
3. ගැබ් ගෙල පිළිකා

මෙයින් ඩිම්බ කෝෂයේ ඇතිවෙන පිළිකා වර්ග කීපයක්ම දකින්ඩ පුළුවන්.ඒ එකින් එක මෙතන විස්තර කරන එකේ තේරුමක් නෑනේ.වැදගත්ම දේ වෙන්නේ මේ ඩිම්බ කෝෂ තියෙන්නේ උදර කුහරය ඇතුලේ නිදහසේ එල්ලි එල්ලී නිසා ඩිම්බ කෝෂවල පිළිකාව ගොඩක් දුරට පැතිරෙනකන් බොහෝ වෙලාවට මොකුත් වෙනසක් තේරෙන්නේ නෑ.

ගර්භාශයේ පිළිකාවල තියෙන වැදගත්කම තමයි මුල් කාලෙදිම ඔසප් රුධිරය වහනය වීමේ වෙනස් කම් ඇතිවෙන හින්දා ඒ කියන්නේ ඔසප් රුධිරය වැඩිපුර පිට වීම, ඔසප් වීම් අතර රුධිරය පිට වීම වගේ වෙනස්කම් ඇතිවෙන හින්දා ඉක්මනට අඳුන ගන්ඩ ලැබෙනවා.හැබැයි ගර්භාශය අයින් කරන්ඩ නම් සිද්ධ වේවි.එතකොට ඉතින් දරුවො හදන්ඩ බෑනෙ.නමුත් මේ පිළිකා හැදෙන්නේ ගොඩක් වයසට ගියාට පස්සේ නිසා ලොකු බලපෑමක් නෑ.

මතක තියා ගන්ඩ ඕනෙ වෙන්නේ ගෑනු කෙනෙක් ආර්ථවහරණය උනාට පස්සේ ඒ කියන්නේ ඔසප් වීම නතර උනාට පස්සේ මාස හයක් ගත උනාට පස්සෙ ඉඳන් නැවත යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීමක් සිද්ධ උනොත් වහාම වෛද්‍ය ප්‍රථිකාර පතන එක හොඳයි.මොකද මේ පිළිකාවක් නිසා වෙන්න පුලුවන් නේ.මාස හයක් ඉන්නේ ආර්ථවහරණයේ ඉඳන් මාස හයක් ඇතුලත රුධිර වහනයක් සාමාන්‍යයෙන් වෙන්ඩ පුළුවන් නිසා.නමුත් මෙහෙම කිව්වා කියලා අවුලක් නෑ කියලා හිතන්ඩ එපා.ආර්ථවහරණයට කළිනුත් ගර්භාශ පිළිකා හැදෙන්ඩ පුළුවන් නිසා සැකයක් හිතෙන වෙලාවට පරීක්ෂාවක් කර ගන්න එක හොඳයි.

ගැබ් ගෙල පිළිකා ගැන කියද්දි කියන්ඩ තියෙන්නේ මේකට ප්‍රධාන හේතුවක් විදිහට දකින්නේ ලිංගික ඉන්නන් හදන්ඩ හෙතුවන ලිංගාශ්‍රිතව පැතිරෙන HPV කියලා හඳුන්වන වෛරසයක්.ඉතිං ලිංගික සහකරුවන් කීප දෙනෙක් ඉන්න වගේම අනාරක්ෂිත ලිංගික සබඳතා පවත්වන ගැහැනු අයත් බහුලවම මේ පිළිකාවේ ගොදුරක් වෙන්ඩ තියෙන ඉඩ වැඩියි.

යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය රුධිර වහනයක් සිද්ධ උනොත්, විශේෂයෙන් ලිංගික සබඳතාවයකට පස්සේ රුධිර වහනයක් සිද්ධ උනොත් වෛද්‍ය ප්‍රථිකාර වෙත යොමු වෙන්ඩ.ඒ වගේම මේක බලන අය තම තමුන්ගේ අම්මලා නැන්දලා දැනුවත් කරන්ඩ ලංකාවේ හැම ප්‍රදේශයකම වගේ තියෙන 'සුව නාරී සායන' ගැන.මොකද ඒ වයස්වල ඇත්තෝ බ්ලොග් බලනවා අඩුයි නේ.මේ සුවනාරී සායනවලදී අවුරුදු 35ට වැඩි කාන්තාවන්ගේ ගැබ්ගෙල පරීක්ෂා කරලා 'පැප් පරීක්ෂාව' නොමිලේ කරල දෙනවා.ඒකෙන් පිළිකාව ඇතිවෙන්ඩ කලින් අඳුර ගන්ඩ පුළුවන්.තමන්ගේ ප්‍රදේශයේ මේ සුවනාරී සායන ගැන දන්නෙ නැනම් ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් අහලා බැලුවනං හරි. දියුණු රටවල මේ පරීක්ෂාව මම හිතන්නේ අවුරුදු 25න් ඉහල අයට කරනවා.

ඒ වගේම මේ පිළිකාවට හෙතුවක් විදිහට දක්වන HPV වලට එරෙහිව එන්නතක් දැන් තියෙනවා.සමහර රටවල පොඩි ගෑනු දරුවන්ට මේ එන්නත ලබා දෙන එක අනිවාර්ය කරලා තියෙනවා.නමුත් අපේ රටේ තවම එහෙම නෑ.මේක පුද්ගලික අංශයෙන් ලබා ගන්ඩ පුළුවන්.



මේ පිළිකා ගැනනේ කිව්වේ.

පිළිකා නොවන වෙනත් වර්ධනයන් කීපයකුත් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව දැකගන්ඩ පුළුවන්.

ඩිම්බ කෝෂවල සෛල අධිවර්ධනයෙන් ඇති වෙන ගෙඩි වගේම තරල පිරීමෙන් ඇතිවෙන ගෙඩිත් දකින්ඩ පුළුවන්.මේවායින් ඇතිවිය හැකි ප්‍රධානම බලපෑම තමයි මදසරුභාවය ඇතිවීම.මේ ඒ ගෙඩි ඩිම්බ කෝෂවල ඩිම්බ වර්ධනය හා මෝචනයට බාධා කිරීම නිසයි.ඊට අමතරව රුධිර වහනය වීම් වගේම විශාලව වැඩෙන ගෙඩි හෙවත් වර්ධනයන් නිසා ඇතිවන පීඩනයෙන් අසල ඇති වෙනත් අවයවවලට බාධා පැමිණීම ආදිය දක්වන්ඩ පුළුවන්.

ගර්භාශයේ ඇතිවෙන පිළිකාමය නොවන වර්ධනයක් තමයි ෆයිබ්‍රොයිඩ් කියන්නේ.මේවා ඇතිවෙන්නේ ගර්භාශයේ පේශි ස්ථරයේ.ඒ කියන්නේ මයෝමෙට්‍රියමේ.මේ ගෙඩි පැවතීමෙන් ඔසප් රුධිරය වහනය වීම වැඩි වෙන්ඩ වගේම අක්‍රමවත් වෙන්ඩ පුළුවන්.ඒ වගේම ගර්භාශයේ මේ ගෙඩි පැවතීම නිසා එහි කළලයේ තැන්පත් වීමට බාධා කිරීම නිසා මද සරු භාවය ඇති වෙන්නත් පුළුවන්.ඒ වගේම ගැබ් ගැනීමක් සිද්ද උනාම වැදෑමහ නිසි ලෙස ගර්භාශ බිත්තියට සවි නොවීමේ තත්ත්ව ඇති වෙන්ඩත් පුළුවන්.දරුවන් බලාපොරොත්තු වෙන එක්කෙනෙක්ටනං මේ ගෙඩි විතරක් අයින් කරලා ගර්භාශය ඉතුරු කරන ශල්‍යකර්මයක් (myomectomy) කරන්ඩ උත්සාහ කරනවා.නමුත් දරුවන් හදලා ඉවර උන කෙනෙක් නම් ගර්භාශයම ඉවත් කරන එක (hysterectomy) තමයි බොහෝ විට සිද්ධ වෙන්නේ.
නමුත් මේ විදිහට ප්‍රථිකාර  කරන්ඩ සිද්ධ වෙන්නේ මොනවා හෝ රෝග ලක්ෂණ පෙන්නුම් කරන අයට විතරයි.මොකද ගොඩක් කාන්තාවන්ගේ ගර්භාශයේ ෆයිබ්‍රොයිඩ් තිබුණට ඒක කිසිම ආබාධයක් අපහසුතාවයක් ඇති කරන්නේ නෑ.




තවත් බහුලව දකින්ඩ තියෙන රෝගී තත්වයක් තමයි එන්ඩොමෙට්‍රියෝසිස් කියන්නේ.මේ රෝගී තත්ත්වයේදී සිද්ධ වෙන්නේ ගර්භාශයේ එන්ඩොමෙට්‍රියම කියන පටක වර්ගය උදරයේ වෙනත් තැන්වල දකින්ඩ ලැබීම.එතකොට ඔසප් චක්‍රයත් එක්ක ගර්භාශයේ එන්ඩොමෙට්‍රියමේ ඇතිවෙන වෙනස්කම් ඒ කියන්නේ වර්ධනය වීම, ස්‍රාවයන් පිට කිරීම සහ අවසානයේ බිඳ වැටී රුධිර වහනය වීම මේ වෙනත් තැන්වල තියෙන පටක කොටස්වලත් ඇතිවෙනවා.

ඉතින් මේ නිසා වේදනාත්මක ඔසප්වීම් ඇතිවෙන්ඩ පුළුවන්.කොන්දේ වේදනාව, යටි බඩේ වේදනාව, අධික හෝ අක්‍රමවත් ඔසප් වීම්, ලිංගික එක්වීමේදී වේදනාව ඇති වීම වගේ ඒවාත් ඇති වෙන්ඩ මේ එන්ඩොමෙට්‍රියෝසිස් කියන තත්ත්වය බලපාන්ඩ පුළුවන්.ඒ වගේම ඩිම්බකෝෂවල ඇතිවෙන එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය වගේම ශ්‍රෝණි කුහරයේ ඇතිවෙන එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය නිසා පැලෝපීය නාල අවහිර වීම නිසා මදසරුභාවය ඇතිවෙන්ඩත් පුළුවන්.

මේ සඳහා හෝමෝනමය ප්‍රථිකර්ම වගේම ශල්‍යකර්ම මගිනුත් ප්‍රථිකාර කරනවා.
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++


ඕනෑම ගැටළුවක් කොමෙන්ට් එකකින් අහන්ඩ.දන්න එකක්නම් කියන්නම්.නැත්තං හොයලා හරි කියන්නම්.

ඇනෝ ඇවිත් කොමෙන්ට් දාන්ඩ කිසි අවුලක් නෑ.හැබැයි බොරුවට නිකං කුණුහබ්බ දාන්ඩ එපා හරි නෑනේ.

වැදගත් විශයය....9 ( Sex Education in Sinhala )



ගර්භාශය 

ගර්භාශය කියන්නේ මිනිස්සුංගේ තියෙන වැදගත්ම ඉන්ද්‍රිය කිව්වොත් වැරදි නෑ.මොකද මේක ඇතුලේ තමයි ඇහැට නොපෙනෙන සයිස් එකේ පුංචි සෛල කීපයක් කිලෝ 3ක් විතර බර මිනිස් පැටියෙක් විදිහට ලොකු වෙන්නේ.මේ ගර්භාශය පහලින් තියෙන යෝනි මාර්ගයට සම්බන්ධ වෙන්නේ ගැබ් ගෙල හරහා.ගර්භාශයේ ඉහළ දෙපැත්තෙන් පැලෝපීය නාල දෙක සම්බන්ධ වෙලා තියෙනවා.එතකොට මේ ගර්භාශය යෝනි මාර්ගයේ ඉඳං ශුක්‍රාණු පැලෝපීය නාලවලට ගෙනියන්ඩ දායක වෙනවා වගේම සංසේචනය වෙච්ච ඩිම්බය හෙවත් යුක්තානුව ආපහු පැලෝපීය නාලයේ ඉඳං ආවාම ලොකු මහත් කරන කාර්යයත් කරනවා.

මේ ගර්භාශය 8cm උස 5cm පළල 3cm ගණකම තියෙන පුංචි ව්‍යුහයක්.දරු ගැබක් රහිත සාමාන්‍ය කාන්තාවක්ගේ ගර්භාශය ඇගේ සිරුරට සාපේක්ෂව මේ තරම්,


ඔය පුංචි ගර්භාශය තමයි දරු ගැබක් තියෙද්දි මේ රූපයේ තරම් ලොකු වෙලා වර්ධනය වෙන්නේ.දරුවා බිහි උනාට පස්සේ ගර්භාශය ආයෙත් පුංචි වෙලා යනවා.







ගර්භාශයේ බිත්තිය ගත්තම ස්ථර තුනකින් යුක්තයි.පිටතින්ම තියෙන්නේ ආවරණයක් වෙන පෙරිමෙට්‍රියම. ඊට ඇතුලෙන් ඒ කියන්නේ මැද ස්ථරය විදිහට තියෙන්නේ මයෝමෙට්‍රියම.ඇතුලෙන්ම තියෙන්නේ එන්ඩොමෙට්‍රියම.


පෙරිමෙට්‍රියම

මේක උදරයේ ඇති හැම ඉන්ද්‍රියයක්ම වගේ ආවරණය කරගෙන තියෙන උදරච්ඡදයෙන් හැදිච්ච ආවරණයක්.

මයෝමෙට්‍රියම

මේ ස්ථරය හැදිලා තියෙන්නේ 'සිනිදු පේශි' කියන අපිට අපේ කැමැත්ත අනුව පාලනය කරන්ඩ බැරි මාංස පේශි ස්ථරයකින්.මේ පේශීන් ගේ සංකෝචනය වීම නිසා තමයි ප්‍රසූතියේදී දරුවා ගර්භාශයෙන් පිටතට තල්ලු කරලා යැවෙන්නේ.ඊට අමතරව ඔසප් වීමේදී සුළු සංකෝචන මගින් ඔසප් රුධිරය පිටතට තල්ලු කරලා යවන්ඩත් යම් දායකත්වයක් තියෙනවා.ඒ වගේම සංසර්ගයෙන් පස්සේ යෝනි මාර්ගයේ ඉඳං ගර්භාශයට ශුක්‍රාණු ඇතුල් උනාම ගර්භාශයේ සංකෝචන මගින් ශුක්‍රාණුවලට ඉහළට ගමන් කරන්ඩත් උදවු වෙනවලු.දරුවෙක් ගර්භාශයෙ වර්ධනය වෙනකොට මේ මයෝමෙට්‍රියමේ තියෙන සිනිදු පේශි සෛල විශාල වීමෙන් සහ සංඛ්‍යාව වැඩි කර ගැනීමෙන් ගර්භාශයේ ප්‍රමාණය වැඩි කරගන්නවා.දරු ප්‍රසූතියෙන් පස්සේ මේ පේශි සෛල ප්‍රමාණයෙන් කුඩා වීමෙන් සහ අමතර සෛල මිය යෑම නිසා ගර්භාශය නැවත මුලින් තිබූ තත්ත්වයටම එනවා.


එන්ඩොමෙට්‍රියම

එන්ඩොමෙට්‍රියම කියන්නේ හරියට පොළවේ මතුපිටම තියෙන සරු පස් ස්ථරය වගේ.යුක්තානුව ගර්භාශයට ඇවිල්ලා මේ සරු ස්ථරයේ පැළ වෙනවා.ඒක වෙන්නේ මේ එන්ඩොමෙට්‍රියමේ.මේ ස්ථරයට හොඳ රුධිර සැපයුමක් එහෙම තියෙනවා.නමුත් මේ එන්ඩොමෙට්‍රියම පොළවේ සරුපස් ස්ථරයට වඩා ගොඩක් දියුණුයි.හැම ඩිම්බ මෝචනයක් එක්කම එන්ඩොමෙට්‍රියම අළුතෙන් වර්ධනය වෙනවා.ඒ සංසේචනයක් සිද්ධ උනොත් යුක්තානුව රෝපණය කර ගැනීමේ බලාපොරොත්තු ඇතුව.ඉතිං සංසේචනයක් සිද්ද උනේ නැත්තං මේ එන්ඩොමෙට්‍රියමේ ඉහළ ස්ථරය ගැලවිලා යනවා.ඒ එක්කම ඒ ස්ථරයේ වර්ධනය වෙලා තිබ්බ රුධිර නාලත් බිඳ වැටෙන හින්දා රුධිරයත් පිට වෙලා යනවා.මේකට තමයි 'ඔසප් වීම' කියන්නේ.මෙහෙම පරණ ස්ථරය ගලවලා දාලා හැම ඩිම්බ මෝචනයකටම අළුතෙන් එන්ඩොමෙට්‍රියම වර්ධනය කර ගන්නවා.


ගැබ් ගෙල

මේකත් ගර්භාශයේම කොටසක් විදිහට සලකන්ඩ පුළුවං උනත් යම් යම් වෙනස්කම් දකින්ඩ පුළුවං.ගැබ් ගෙල මගින් තමයි ගර්භාශය යෝනි මාර්ගයට සම්බන්ධ කරන්නේ.මේ ගැබ්ගෙල තමයි ගර්භණී අම්මා කෙනෙක් හිටගෙන ඉද්දි දරුවා පහලට වැටෙන එක නවත්තං ඉන්නේ.ඒ කියන්නේ ගර්භාශයට කිරල ඇබයක් ගැහුවා වගේ තමයි.ගර්භාශ ගෙල පිළිකා සම්බන්ධයෙන් හරි කුප්‍රකටයි.මේ ගැබ් ගෙල ප්‍රදේශය යෝනි මාර්ගය තුලින් බැලුවාම පේන විදිහ,





යෝනි මාර්ගය

යෝනි මාර්ගය කියන්නේ බාහිරට විවෘතවන සහ ගැබ්ගෙල හරහා ගර්භාශයට විවෘතවන පේශිමය බටයක්.මේකේ ඇතුල් බිත්තිය සාමාන්‍යයෙන් තියෙන්නේ රැළි වැටිලා.නමුත් දරු ප්‍රසූතීන් කීපයක් සිද්ද උනාම මේ රැළි නැතිවෙලා යනවා.යෝනි මාර්ගය සාමාන්‍යයෙන් ලිහිසි කාරක මගින් තෙත් වෙලායි තියෙන්නේ.මේ ලිහිසි කාරක ප්‍රමාණය සංසර්ගයකට පෙරාතුව ඇතිවෙන උත්තේජන මගින් වැඩි වෙනවා.ප්‍රධාන වශයෙන් මේ ලිහිසි කාරක වෙන්නේ යෝනි බිත්තියේ රුධිර නාලවලින් පෙරී එන දියර කියලයි කියන්නේ.ලිංගික උත්තේජනයේදී මේ රුධිර නාල ප්‍රසාරණය වෙන නිසා වැඩිපුර තරල යෝනි මාර්ගයේ එකතු වෙනවා.එයිට අමතරව ගැබ්ගෙල ප්‍රදේශයෙන් එන ස්‍රාවයන් වගේම යෝනි මාර්ගය පිටතට විවෘතවන ස්ථානය අසල දෙපැත්තේ පිහිටා ඇති බාතෝලියන් ග්‍රන්ථි දෙකේ ශ්ලේශ්මල ස්‍රාවයනුත් යෝනි මාර්ගයේ ලිහිසි කාරක විදිහට කටයුතු කරනවා.

යෝනි මාර්ගය සාමාන්‍යයෙන් 7.5cm විතර දිග වෙනවා.නමුත් ලිංගික උත්තේජනයේදී මේ දිග සාමාන්‍යයෙන් වැඩි වෙනවා.යෝනි මාර්ගය තෙරපීමට වගේම ඇදීමටත් සංවේදීයි.සංසර්ගයේදී ශිෂ්ණයේ චලනයන් වගේම ප්‍රමාණය නිසා යෝනි මාර්ගයේ බිත්ති ඇදීමත් ලිංගික තෘප්තිය ලබා දීමට හේතු වෙනවා.


යෝනි මාර්ගය පිටතට විවෘත වන ස්ථානය ආවරණය කරගෙන තමයි ආන්දෝලනාත්මක කන්‍යාපටලය පිහිටන්නේ.

මේ කන්‍යා පටලය සමහරවිට උපතින්ම නැති වෙන්න පුළුවං.එහෙම නැත්තං සමහර ආසාදන තත්ත්වයන් නිසා විනාශ වෙන්න පුලුවං.ව්‍යායාම් කිරීම්, අනතුරු සිදුවීම් වගේම කලාතුරකින් වෛද්‍ය පරීක්ෂණවලදීත් බිඳී යන්ඩ පුළුවං.ඒ වගේම ස්ත්‍රියක් ස්වයං වින්දනයේ යෙදෙද්දී නොදැනුවත් කමින් මේ කන්‍යා පටලය කැඩී යන්න පුළුවං.ඒ වගේම සමහර අයගේ කන්‍යා පටල බොහොම ඇදෙන සුළුයි.ඒ නිසා සමහරවිට පළමු සංසර්ගයේදී මේ කන්‍යාපටලය බිඳී නොයන්ඩ පුළුවං.ඒ නිසා කන්‍යාභාවය පරීක්ෂා කරන්ඩ තියෙන අසාර්ථක ක්‍රමයක් තමයි ප්‍රථම සංසර්ගයේදී කන්‍යා පටලය බිඳී රුධිරය වහනය වීම පරීක්ෂා කිරීම.

අනික සමහර බුද්ධිමත් කාන්තාවෝ අතීතයේ ඉඳං කරපු පුංචි මගඩි කීපයක් තියෙනවා.එකක් තමයි පුංචි කුප්පියකට රුධිරය දාගෙන කොට්ටය යට හංගගෙන ඉඳලා අදාල වෙලාවේ පුරුෂයා සිහිය විකල් වෙලා ඉන්න කොට හිමින් සීරුවේ හලා ගන්න එක.අනිත් ක්‍රමේ තමයි පුංචි ස්පොන්ජ් කෑල්ලක රුධිරය පොඟවලා යෝනි මාර්ගයේ ඉහල රඳවා ගෙන සිටීම.එතකොට ශිෂ්ණයේ තෙරපීමෙන් රුධිරය යෝනි මාර්ගයෙන් එලියට කාන්දුවෙලා එනවා.

කන්‍යා පටල පිහිටන ආකාර,
ඉහත රූපයේ දැකිය හැකි ආකාරයට සම්පූර්ණයෙන් යෝනි මාර්ගය වසාගෙන පවතින කන්‍යා පටලත් දකින්ඩ පුළුවන්.එහම ගෑනු අය මල්වර උනාට ඔසප් රුධිරය පිටවෙන්නේ නෑ.එහෙම උනාම කට්ටිය බය වෙලා දොස්තර ගාවට එක්කගෙන ආවම පුංචි ශල්‍යකර්මයකින් කන්‍යාපටලයේ සිදුරක් හදනවා ඔසප් රුධිරය පිට වෙලා යන්ඩ.


වැදගත් විශයය....8 ( Sex Education in Sinhala )

Friday, March 1, 2013


ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන කියන්ඩ ඉස්සෙල්ලා පුරුෂ ප්‍රජනක පද්ධතියේ කියන්ඩ අමතක වෙච්ච එක ආබාධයක් ගැන කියලා ඉන්නං ඈ.ඔන්න ඉවසිල්ලක් නැතුව ඉන්න අය සමාවෙන්ඩ ඈ.

හයිපොස්පේඩියස් සහ එපිස්පේඩියස්

මේ කියන තත්ත්ව වලදි වෙන්නේ සාමාන්‍යයෙන් ශිෂණයේ අග කෙළවරින් පිටතට විවෘතවන මුත්‍ර විවරය ශිෂ්ණයේ ඉහළින් හෝ පහලින් පිටතට විවෘත වෙන එක.මේ අවස්ථා දෙකෙන් බහුලවම දකින්ඩ ලැබෙන්නේ හයිපොස්පේඩියස් කියන ශිෂ්ණයේ පහළ පැත්තේ මුත්‍ර විවරය පිහිටීමේ තත්ත්වයයි.එපිස්පේඩියස් කියන ශිෂ්ණයේ ඉහළ පැත්තේ මුත්‍ර විවරය පිහිටීම බොහොම කළාතුරකින් ඇතිවන තත්ත්වයක්.


හයිපොස්පේඩියස්


එපිස්පේඩියස්

මේක එච්චර බය වෙන්ඩ දෙයක් නොවුනත් මේ තත්ත්වය නිසා යම් යම් අපහසුතා ඇතිවෙන්ඩ පුළුවං.මේ ආබාධය සුළු වශයෙන් නම් තියෙන්නේ ශල්‍යකර්මයකින් යථා තත්ත්වයට පත් කරන්ඩ පුළුවන්.නමුත් ආබාධයේ තත්ත්වය දරුණුනම් ඒ කියන්නේ විශාල විවරයක් එහෙම තියෙනවානං එක ශල්‍යකර්මයකින් වැඩේ ගොඩ දාගන්ඩ බැරි වෙන්ඩ පුළුවං.නමුත් බලාපොරොත්තු අත ඇර ගන්ඩ හොඳ නෑ.

මේ තත්ත්වයේදි එන ගැටළු තමයි මුත්‍රා කිරීමේදී ඇතිවන අපහසුකාරී තත්ත්වය.සමහර විට ඔවුන්ට කාන්තාවන්ට මෙන් ඉඳගෙන මුත්‍රා කරන්ඩ සිද්ද වෙන්ඩ පුළුවං.අනිත් ගැටළුව තමයි සංසර්ගයේදී ශුක්‍ර තරලය ස්ත්‍රී යෝනියට ඇතුළු නොවීම.මේ නිසා මදසරුභාවය ඇතිවෙන්ඩ පුළුවං උනත් යම් යම් ප්‍රතිකර්ම මගින් දරුවෙක් පිළිසිඳ ගන්වන්න පුළුවං.








ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය 

හරි ඔන්න එහෙනං ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන කතාව පටං ගම්මු ඈ.මේකත් ගෑනු වගේම තරමක් සංකීර්ණයි.හරියට අඳුර ගත්තේ නැත්තං නොමග යන්ඩ පුළුවං.

ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ඔක්කොම වගේ ඉන්ද්‍රියයන් තියෙන්නේ ඇඟ ඇතුලේනේ.පිටතට විවෘත වෙන විවරය සහ ඒක ආවරණය කරන ව්‍යුහත් ක්ලිටොරිසය එහෙම නැත්තං භගමණිය ගැනත් තමයි පිටතට පේන්ඩ තියෙන ඒවා ගැන කියන්ඩ තියෙන්නේ.

ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ කොටස් නම් කළොත්,

# ඩිම්බ කෝෂ
# පැලෝපීය නාල
# ගර්භාශය
# ගැබ් ගෙල
# යෝනි මාර්ගය
# අභ්‍යන්තර යෝනි තොල්
# බාහිර යෝනි තොල්
# ක්ලිටොරිසය හෙවත් භගමණිය

ප්‍රජනක පද්ධතිය හා සම්බන්ධ අනිත් ඉන්ද්‍රිය තමයි පියයුරු.ඒ ගැන කළිං ලිපියක් ලිව්වා ඈ.නොකියවපු අය ගිහිං බලන්ඩ මෙතනිං.

දැං අර එක් එක් කොටස් ටිකක් විස්තර සහිතව බලමු.



ඩිම්බ කෝෂ

ස්ත්‍රීන්ගේ ඩිම්බකෝෂ කියන්නේ පුරුෂයින්ගේ වෘෂණවල අනුරූපකය කිව්වොත් හරි.ස්ත්‍රීන්ගේ ජනක සෛල වන ඩිම්බ හදන එක වගේම ස්ත්‍රී හෝමෝන හදන තැන්වලින් ප්‍රධාන තැනක් තමයි ඩිම්බ කෝෂ කියන්නේ.හැබැයි වෘෂණ වගේ නෙමෙයි මේ ඩිම්බ කෝෂ තියෙන්නේ ඇඟේ ඇතුලේ.මේ ඩිම්බකෝෂත් යුගලක් තියෙනවා.මේ දෙක ගර්භාශයේ දෙපැත්තේ පටක මගින් එල්ලලා තියෙන්නේ.3cm දිග 2cm පළල සහ 1cm උස ඕවලාකාර පුංචි බිත්තර දෙකක් මවා ගන්ඩ.ඩිම්බකෝෂත් අන්න ඒ වගේ ඈ.ඩිම්බ කෝෂවල හෝමෝන නිපදවීම සහ ඩිම්බ නිපදවීම ගැන ඔසප් චක්‍රය ගැන කතා කරද්දී බලමු.

පැලෝපීය නාල

පැලෝපීය නාල කියන්නේ ඩිම්බකෝෂයේ නිපදවෙන ඩිම්බයක් ගර්භාශයට අරං එන්ඩ තියෙන නලයකට.හරියටම කිව්වොත් ශුක්‍රාණු යෝනි මාර්ගයේ ඉඳං ගර්භාශය හරහා මේ පැලෝපීය නාලයෙත් කෙලවරටම යනවා.ඒ කෙලවර හරියෙදි තමයි ශුක්‍රාණුවලට ඩිම්බය හම්බ වෙන්නේ.එතනදි සංසේචනය උනාම ඒ සංසේචිත ඩිම්බය ගර්භාශයට එන්නේ මේ පැලෝපීය නාලය දිගේ.ඒත් හැම ඩිම්බයක්ම සංසේචනය වෙන්නේ නෑනේ.එතකොට ඒ ඩිම්බ නිකම්ම ගර්භාශය හරහා ඇවිත් යෝනි මාර්ගය හරහා ඔසප්වීමත් එක්කම පිට වෙලා යනවා.

පැලෝපීය නාලය එක කෙළවරක් ගර්භාශයට සම්බන්ද වෙලා තියෙනවා.අනිත් කෙළවර ඩිම්බකෝෂයේ ගෑවි ගෑවි තිබුණට ඒක ඩිම්බකෝෂයට තදින් සම්බන්ධ වෙලා නෑ.ඩිම්බකෝෂය පැත්තේ කෙළවර තියෙන විවරය වටේට ඇඟිලි වගේ ව්‍යුහ රැසක් තියෙනවා.



මේවායින් එකකින් තමයි ඩිම්බකෝෂ‍යට පැලෝපීය නාලය සම්බන්ධ වෙන්නේ.ඉතින් ඒ කියන්නේ පැලෝපීය නාලය තියෙන්නේ උදර කුහරය ඇතුලට විවෘත වෙලා.ඒක හින්දා ගෑනු අයගේ යෝනි මාර්ගය ආශ්‍රිතව යම් ආසදනයක් ඇති උනොත් ඒක ගර්භාශය පැලෝපීය නාල හරහා ගිහිං උදර කුහරය ඇතුලටත් පැතිරෙන්න පුළුවං.

මේ පැලෝපීය නාලය ඩිම්බකෝෂ‍යට හොඳින් සම්බන්ද වෙලා නැති උනාට මේ ඇඟිලි වගේ ව්‍යුහ ඩිම්බ මෝචනයක් කිට්ටුව ඒ කියන්නේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් පිට කරන්ඩ සූදානම් වෙද්දි ඩිම්බකෝෂය හොඳින් ස්පර්ෂ කරමින් පිරි මැද මැද තමයි ඉන්නේ.ඉතිං ඩිම්බයක් පිට වෙනකොටම ටක් ගාලා අල්ලගෙන කුහරය ඇතුලට දා ගන්ඩ එයාලට පුළුවං.




වැදගත් විශයය....7 ( Sex Education in Sinhala )

Wednesday, February 27, 2013
අද බලමුද එහෙනම් පුරුෂ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ඇතිවෙන රෝගාබාධ ටිකක් ගැන.


වෘෂණවල පිළිකා

වෘෂණ ගත්තම වෘෂණවල ඇතිවෙන්ඩ පුළුවන් භයානකම දෙයක්නේ පිළිකා කියන්නේ.ඒ උනත් වෘෂණවල පිළිකා එච්චර බහුලව දකින්ඩ නෑ වගේම ගොඩක් වෙලාවට ප්‍රථිකාරවලින් හොඳ කරගන්ඩ පුළුවං කියලයි කියන්නේ.වේදනාවකින් තොර වෘෂණයේ ඉදිමුමක් හෝ එක වෘෂණයක ඇතිවෙන ගැටිත්තක් විදිහට තමයි මුළින්ම පිළිකාව අදාල රෝගියාට දකින්ඩ ලැබෙන්නේ.මේ ගැටිත්තනං ඉතිං බිරින්දෑ උනත් හොයා දෙන්ඩ බැරි නෑ.ඒ වගේම පිළිකා කියන්නේ ඇඟේ වෙනත් තැංවලටත් පැතිරෙන්න ඉඩ තියෙන දෙයක්නේ.ඉතිං මේ වෘෂණවල පිළිකා එහෙම වෙන තැංවලට පැතිරිලා තිබ්බොත් බෙල්ලේ මුල හරියේ වසා ගැටිති ඉදිමීම (වසා පද්ධතිය හරහා පැතිරී යෑම ), ඔක්කාර ගතිය සහ කන්ඩ බැරි ගතිය (අහාර මාර්ගයට ඇතිරීම නිසා ), කැස්ස, හුස්මගැනීමේ අපහසුතාවය, කැස්ස සමඟ රුධිරය පිට වීම සහ පපුවේ වේදනව ඇතිවෙන්ඩ පුළුවන් පෙනහළු සහ පපුව ආශ්‍රිත ප්‍රදේශවලට පැතිරීම නිසා.

වෘෂණවල වේදනාවක් ඇතිවෙන්ඩ වගේම නැතිවෙන්ඩත් පුළුවන්.ඒක හින්දා මෙච්චර වැදගත් ඉන්ද්‍රිය ඉඳලා හිටලා පොඩ්ඩක් අල්ලලා බලන්ඩ.වෙනසක් ප්‍රමාණයේ වෙනසක්, වෙනත් අසාමාන්‍ය වර්ධනයක් තියෙනවානං වෛද්‍යවරයෙකුට පෙන්නන එක තමයි හොඳ.


හයිඩ්‍රොසීල් හෙවත් වෘෂණ වටා තරලයක් එකතු වීම

මේකෙදි වෙන්නේ වෘෂණ වටේට තියෙන පටලයක් අස්සට වතුර වගේ තරලයක් එකතු වීම.මේක භයානක තත්ත්වයක් නොවුනත් හෙන ලොකු මල්ලක් කකුල් දෙක මැද්දෑවේ එල්ලං ඉන්න එක හරි අපහසුයිනේ.ඒක හින්දා මේක ශල්‍යකර්මයකින් නිවැරදි කරනවා.බොහොම සරළ ශල්‍යකර්මයක්.බය වෙන්ඩ දෙයක් නෑ.

  

ඔය උඩ තියෙන රූප දෙකෙන් පළවෙනි එක වගේ ඒවා තමයි සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නෙ.මොකද ඒ අය වෛද්‍ය ප්‍රථිකාරවලට යොමු වෙන හින්දා ඔය ඊළඟට තියෙන එක වගේ එකක් ඇතිවෙන්ඩ තියෙන අවස්ථාව අඩුයි. දෙවෙනි එකේ පේනවද වෘෂණය වටේ තරලය එකතු වීම නිසා වෘෂණකෝෂයේ ප්‍රමාණය විශාල වෙනකොට ශිෂ්ණයත් ඒ මල්ල ඇතුලටම ඇදිලා ගිහිං හැංගිලා තියෙන හැටි.ඔච්චර ලොකු නැතත් එහෙම ආසන්න වශයෙන් ශිෂ්ණය නොපෙනීම වගේ ගිය එක්කෙනෙක් දැකලා තියෙනවා.ශල්‍යකර්මයේදී වෘෂණයේ ආවරණය සිදුරු කරලා තරලය ඉවත් කරද්දි වෘෂණ කෝෂය ඇතුලෙ ඉඳං ශිෂ්ණය එළියට ආවේ නාගයා වගේ තමයි.


වෘෂණයේ ඇඹරීම හෙවත් ටෝර්ෂන් කියන තත්ත්වය

මේක සිද්ධ වෙන්නේ ඔය වෘෂණ කෝෂේ ඇතුලේ තියෙන වෘෂණයක් කැරකැවුනාම.එතකොට වෘෂණයට සම්බන්ධ වෙලා තියෙන රුධිර නාල ටිකත් ඇඹරිලා යනවනේ හරියට නැට්ට කරකවලා ගහකින් ගෙඩියක් කඩන්න යනවා වගේ.මෙහෙම රුධිර නාල ඇඹරුනාම වෘෂණයට රුධිර සැපයුම අඩාල වෙලා වෘෂණයේ පටක මැරෙන්ඩ ඉඩ තියෙනවා.මේ තත්ත්වයේදී වෘෂණ කෝෂයේ එක පැත්තක දරාගන්ඩ අමාරු වේදනාවක් එක පාරටම ඇතිවෙන්ඩ පුලුවන්.ඒ වගේම වෘෂන කෝෂය ඉදිමෙන එකත් සිද්ද වෙනවා.මෙහෙම උනාම වෘෂණය ආපහු කරකවන්ඩ උත්සාහ කරන්ඩ හොඳ නෑ.මොකද කොයි පැත්තට කැරකිලාද කවුද දන්නේ.අනික ඉවසන්ඩ බැරි වේදනාව එක්ක මොකුත් කරන්ඩ බෑ.හැකි ඉක්මනින් රෝහලකට යන එක තමයි කරන්ඩ ඕනෙ.එහෙදි ශල්‍යකර්මයක් කරලා වෘෂණය නියම විදිහට පත් කරනවා විතරක් නෙමෙයි ආපහු කැරකෙන්නැති විදිහට වෘෂණ කෝෂ‍යට සවි කරන එකත් කරනවා.




වෘෂණ සහ අපිවෘෂණවල ඇතිවෙන ආසාදන

මේ තත්ත්වයන් ඇති කිරීමට ප්‍රධාන වශයෙන් හේතුවෙනවා ආහාර මාර්ගයේ සාමාන්‍යයෙන් වාසය කරන Escherichiya coli කියන බැක්ටීරියාව, ගොනෝරියාව කියන ලිංගාශ්‍රිත රෝගය හදන Gonococcus කියන බැක්ටීරියාව, සහ chlamydiae කියන පරපෝෂිතයින්.එයිට අමතරව ක්ෂය රෝගය හදන්ඩ හේතුවෙන tuberculosis කියන බැක්ටීරියාවත් වෘෂණ සහ අපිවෘෂණවල ආසාදන හදන්ඩ පුළුවන්.ඊට අමතරව සිපිලිස් කියන ලිංගාශ්‍රිත රෝගය හදන බැක්ටීරියාව වගේම කම්මුල් ගාය හදන්ඩ හේතුවෙන Mumps වෛරසයත් ආසාදනය වෙන්ඩ පුළුවන්.පිරිමි ඈයො ලිංගිකව පරිණත උනාට පස්සේ මේ කම්මුල්ගාය හදන Mumps වෛරසය ආසාදනය උනොත් ඒ පුද්ගලයාගේ ශුක්‍රාණු ජනනය සම්පූර්ණයෙන්ම වගේ නැතිවෙලා යන්ඩ පුළුවන්.මේ තත්ත්වය නැති කරන්ඩ තමයි MMR කියන එන්නත පොඩි කාලෙදි ලබා දෙන්නේ.මේ එන්නතෙන් උනත් ලැබෙන්නේ 80%ක විතර ආරක්ෂාවක් විතරයි.ඒ නිසා පරිස්සම් වෙන එක කෝකටත් හොඳයි.එහෙම නැත්තං පොඩි කාලෙදිම ලෙඩේ හදවා ගත්තොත් ඒකත් හොඳයි නේ.



මේ ආසාදනවලින් ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ ශුක්‍රාණු ජනනය අඩාල වීම හෝ ශුක්‍රාණු ප්‍රවාහනය අඩාල වීම නිසා පුද්ගලයාගේ ප්‍රජනක ශක්තිය අඩු වීම හෝ නැති වීම තමයි.ඒ වගේම කලාතුරකින් පටකවලට ලැබෙන රුධිර ප්‍රමාණය අඩු වීම නිසා පටක මිය යාමත් වෙන්ඩ පුළුවන්.

වෙනම මාතෘකාවක් යටතේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ගැන කියන්ඩ බලාපොරොත්තු වෙන නිසා ඒ ගැන මෙතන කියන්ඩ බලාපොරොත්තු වෙන්නේ නෑ.


බරවා



බරවා රෝගය ගැන ඕනෙ තරම් අහලා ඇතිනේ.ඒක මදුරුවෙක්ගෙන් බෝ වෙනවා, ඒක හැදුනම කකුල් ලොකු වෙනවා කියලනේ අහලා තියෙන්නේ වැඩි පුරම.නමුත් මේ බරවා රෝගය නිසා වෘෂණ කෝෂත් විශාල වෙන්ඩත් පුළුවන්.මේ රූපයේ තියෙන තර විශාල ඒවා හැම තිස්සෙම දකින්ඩ නැති උනාට වෘෂණ කෝෂ වගේම කාන්තාවන්ගේ පියයුරු එහෙමත් සැලකියයුතු විදිහට විශාල වෙන්ඩ මේ බරවා රෝගය හේතු වෙන්ඩ පුළුවන්.මීට පස්සේ බරවා පෙති බොන්ඩ ඈ.අනික මදුරුවෝ බෝ වෙන එක වල්ක්වන්ඩත් පියවර ගන්ඩ.බරවා වැඩිපුර තියෙන්නෙත් මේ කොළඹ අවට හරියෙමනේ.ඔය දෙහිවල පැත්තෙ එහෙම අය පරිස්සමෙන් ඈ.හැබැයි ඔන්න පියයුරු ලොකු වෙනවා කිව්වම අනේ එහෙනං මගෙ ගෑනිට බරවාවත් හදෝලා බලන්ඩ ඕනෙ කියලා හිතන්ඩ එපා ඈ.ලොකු උනාම පේනවනේ විල් බැරැක්කයක් ඕනේ වෙනවා අරං යන්ඩ.




වැරිකොසීල්

මේ කියන්නේ වෘෂණයේ රුධිරය ආපහු අරන් යන ශිරා කියන රුධිර වාහිනීවල රුධිරය එකතුවෙලා විශාල වෙන අවස්ථාවට.මේකත් ඔය කකුල්වල නහර ගැටගැහෙනවා වගේම තමයි.නිදාගෙන ඒ කියන්නේ ඇලවෙලා ඉන්න කොට ප්‍රාමාණයෙන් කුඩා වෙන වගේම හිටගත්තාම ලොකුවෙන වෘෂණ කෝෂයක් තමයි මේකෙදි දකින්ඩ ලැබෙන්නේ.ඒ වගේම හිටගෙන ඉද්දි අල්ලලා බැලුවාම හරියට පණුවෝ පුරවලා ඉන්න මල්ලක් වගේ අහුවෙනවා.මේකත් ශල්‍යකර්මයකින් සුව කරගන්ඩ පුළුවන්.






නොමග ගිය වෘෂණ

වෘෂණ හැදෙන්නේ පොඩි එකාගේ බඩ ඇතුලේනේ.ඊට පස්සේ ඒවා ඇඟෙන් එළියේ තියෙන වෘෂණ කෝෂ ඇතුලට වැටෙනවා සාමාන්‍යයෙන් ඉපදෙන්ඩ කළිං.සමහරුන්ගේ මේ විදිහට වෘෂණ එකක් හෝ දෙකම වෘෂණ කෝෂවලට ඇවිත් නොතියෙන්ඩ පුළුවන් ඉපදෙද්දි.සමහරුන්ගේ ටිකක් කල් ගිහින් මේ වෘෂන වෘෂණ කෝෂවලට එන්ඩ පුලුවන් උනත් සමහරුන්ගේ එහෙම එන්නේ නෑ.ශරීරය ඇතුලේ උෂ්ණත්වය වෘෂණවල ශුක්‍රාණු ජනනයට උචිත නෑ.ඒක හින්දා මෙහෙම ඇඟ ඇතුලේ තියෙන වෘෂණවල ශුක්‍රාණු හැදෙන්නෑ වගේම සමහර වෙලාවට මේ වෘෂණවල පිළිකාමය තත්ත්වයක් ඇතිවෙන්ඩත් පුළුවන්.

ඒ වගේම මේ විදිහට වෘෂණකෝෂවලට එන වෘෂණ පාර වැරදිලා වෙන තැන්වලටත් යන්ඩ පුළුවන්. මේ හැම එකක්ම වගේ ශල්‍යකර්මයකින් නිවැරදි කරගන්ඩ පුළුවන්.එහෙම බැරි නම් ඇඟ ඇතුලේ තියෙන වෘෂණ ඉවත් කරන්ඩත් වෙන අවස්ථාත් තියෙනවා.මොකද පිළිකාමය අවධානමක් තියෙන හින්දා.



පුරස්ථිති ග්‍රන්ථියේ අසාමාන්‍ය වර්ධනයන්

මේවා පිළිකාමය හෝ පිළිකාමය නොවන ඒවා වෙන්න පුළුවන්.මේ තත්ත්වයන් සාමාන්‍යයෙන් ඇතිවෙන්නේ තරමක් වයස්ගත උනාම.ඒ කියන්නේ 40-50 සහ ඊටත් වැඩි වයස්වල අයට.

පිළිකාමය නොවන වර්ධනයන් නිසා මුත්‍රා කිරීමේ අපහසුතා එන්ඩ පුළුවන්.ඒ කියන්නේ මුත්‍ර පිට කරන්ඩ හැදුවට එකපාරට මුත්‍ර පිට වෙන්නෙ නැතුව හිර වුනා වගේ දැනෙන්ඩ පුළුවන්.මුත්‍ර දුරට විදලා යන එක අඩුවෙන්ඩ පුළුවන්.මුත්‍ර කරලා ඉවර උනාට පස්සේ බින්දු බින්දු වැක්කෙරෙන්ඩ පුළුවන්.මේ විදිහේ ලක්ෂණ ඇතිවෙන්නේ පුරස්ථිති ග්‍රන්ථිය මුත්‍ර මාර්ගය වටේට පිහිටලා තියෙන හින්දා.ඉතිං ග්‍රන්ථිය ලොකු වෙද්දී මුත්‍ර මාර්ගය පොඩි වෙලා යනවා.

පුරස්ථිති ග්‍රන්ථි පිළිකාව බහුලව දකින්ඩැ හම්බවෙන පිළිකාවක්.ඒක ටෙස්ටොස්ටෙරොන් මත යැපෙන වර්ගයේ එකක් නිසා සමහර අවස්ථාවලදී පිළිකාවත් එක්කම වෘෂණ දෙකත් ඉවත් කරන්ඩ සිද්ද වෙනවා.එතකොට ඇඟේ ටෙස්ටොස්ටෙරොන් නිපදවීම අඩුවෙන නිසා පිළිකාවේ වර්ධනය අඩාල වෙලා යනවා.මේක ගොඩක් හැදෙන්නේ වයසට ගියාම නිසා ගැටළුවක් ඇතිවෙන්නේ නෑ.

ශිෂ්ණයේ ඇතිවෙන පිළිකා

මේවා බොහොම කළාතුරකින් ඇතිවෙන පිළිකාමය තත්ත්වයක්.සුන්නත් කරපු අය අතර මේ පිළිකා ඇතිවීමේ අවධානම ගොඩක් අඩුයි කියලයි කියන්නේ.යුදෙව්වන්ගේ දකින්නම නැති තරම්ලු.ඔවුන් උපන් ගමන් සුන්නත් කරන නිසා.මුස්ලිම්වරුන්ගේ ගොඩක් අඩුයිලු.ඔවුන් පොඩි කාලෙම සුන්නත් කරන නිසා.පිළිකාවේ වර්ධනය ගොඩක් වැඩි අවස්ථවලදී ශිෂ්ණය කපා ඉවත් කරන්ඩ සිද්ද වෙනවා.බොහෝ විට මේත් සමඟ වෘෂණත් ඉවත් කරන්නේ ඒ අයට ලිංගික ආශාවන් ඇති වීම නැති කරන්ඩලු.මෙව්වා එක අයින් කළාට පස්සේ ආශාවන් ආවාම මොනවා කියලා කරන්ඩද?ඒ වගේ මනුස්සයෙක් කොච්චර අසරණ වෙනවද කියලා මටනම් හිතාගන්ඩවත් බෑ.


වැදගත් විශයය....6 ( Sex Education in Sinhala )

Monday, February 25, 2013

 ���*^�bh��





පුරුෂ ප්‍රජනක පද්ධතියේ ශුක්‍රාණු ජනනයත්, හෝමෝන ගැනත් කියලා ලෙඩ රෝග කීපයක් ගැනත් කියලා කට්ටිය පුල පුලා බලා ඉන්න ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන කතා කරන්ඩ පටං ගම්මු ඈ.

ශුක්‍රාණු ජනනය සිද්ද වෙන්නේ වෘෂණ ඇතුලේ කියලා කළිං කිව්වනේ.වෘෂණ ඇතුලේ පුංචි නාළ පද්ධතියක් තියෙනවා කියලත් කළිං ලිපියක කිව්වා.කියෙව්වේ නැත්තං කියවන්ඩ.ඉතිං මේ බට ඇතුලේ සෛල වර්ග තුනක් තියෙනවා.ඒ තමයි ස්'ටොලී සෛල, ලේඩිග් සෛල සහ ශුක්‍රාණු ජනක සෛල.



ශුක්‍රාණු ජනක සෛල කියන්නේ බෙදිලා බෙදිලා ශුක්‍රාණු බවට පත්වෙන්ඩ හැකියාවක් තියෙන සෛලවලට.මේවායේ වර්ණදේහ 46ක් තියෙනවා.ඒ කියන්නේ සාමාන්‍ය මිනිස් සෛලයක තියෙන වර්ණදේහ සංඛ්‍යාව.මේවා මුළින් අනූනන විභාජනයේන් බෙදිලා සංඛ්‍යාව වැඩි කරගන්නවා.අනූනන විභාජනය කියන්නේ වර්ණදේහ ගාණ අඩු නොවෙන විදිහට සෛලය බෙදෙන එකටනේ.ඊට පස්සේ මේවායින් සමහරක් අනාගතයේ ශුක්‍රාණු ජනනය සඳහා ඉතුරු කරලා අනිත් ටික  ඌණන විභාජනයෙන් බෙදිලා, ඒ කියන්නේ වර්ණදේහ සංඛ්‍යාව අර්ධයක් වෙන සෛල බවට පත් වෙනවා.ඉතිං ශුකාණු මහා ගොඩක් එක ශුක්‍ර මෝචනයකදි පිට වෙන හින්දා හැම තිස්සෙම ශුක්‍රාණු පිරිමින්ගේ වෘෂණ ඇතුලේ නිපදවෙනවා.ශුක්‍රාණු මහ ගොඩක් කිව්වේ කොච්චරක් විතර කියලද හිතන්නේ?? ශුක්‍ර තරලයේ එක මිලි ලීටරයක ශුක්‍රාණු සාමාන්‍යයෙන් මිලියන 20ත් මිලියන 40ත් අතර සංඛ්‍යාවක් තියෙනවා කියල තමයි කියන්නේ.සාමාන්‍යයෙන් ශුක්‍ර මෝචනයකදී ශුක්‍ර තරලය මිලි ලීටර් 2ත් 6ත් අතර ප්‍රමාණයක් පිට වෙනවා කියලා කියන හින්දා එක ශුක්‍ර මෝචනයක තියෙන ශුක්‍රාණු සංඛ්‍යාව ගණං හදලා බලන්ඩකෝ.

ඒ අතිං බැලුවම අපි හරි පෝසත් නේ.....

ස්'ටොලී සෛල කරන්නේ මේ ශුක්‍රාණු ජනනයට උදව් කරන එක.එතකොට ලේඩිග් සෛල කරන්නේ ටෙස්ටොස්ටෙරොන් කියන පුරුෂ හෝමෝනය නිපදවන එක.


හෝමෝන කියන්නේ මොනවද කියලා දන්නවද? දන්නැති අයට ඔන්න සරළව කිව්වොත් හෝමෝන කියන්නේ පණිවිඩකාරයෙක්.හරියට නිකං එස් එම් එස් එකක් වගේ.ඇඟේ එක තැනක හෝමෝන හදලා රුධිරයට නිදහස් කරනවා.මේ හෝමෝන අදාල තැනට ගිහිල්ලා කියනවා පණිවිඩේ.ඒක එක්කෝ වැඩ පටං ගන්ඩ හෝ වැඩ නවත්තන්ඩ කියලා වෙන්ඩ පුළුවන්.මේ සමහර හෝමෝන හදන හෝ නවත්තන එකත් පාලනය කරනවා වෙන හෝමෝන මඟින්.හෝමෝන ගැන ඔය ඇති නේ කිව්වා.

දැං බලමු පුරුෂ ලිංගික හෝමෝන වැඩේ කොහොමද වෙන්නේ කියලා.

අපේ මොළයේ තියෙනවා හයිපොතැලමසය කියලා කොටසක්.ගොඩක් දේවල් පාලනය කරන්නේ ඒකෙන්.ඇඟේ උෂ්ණත්වය, හෝමෝන, බඩගින්න, තිබහා, ලිංගික හැසිරීම් වගේ දේවල් ගොඩක් පාලනය කරන කොටස තමයි මේක.ඒ ළඟම පොඩි එල්ලෙන කෑලක් තියෙනවා පිටියුටරිය කියලා.මේකෙන් කරන්නේ ඇඟේ වැදගත් හෝමෝන ගොඩක් නිපදව එක.මේකේ හොමෝන නිපදවීම සහ රුධිරයට මුදා හැරීම පාලනය කරන්නේ හයිපොතැලමසය මඟින්.





හයිපොතැලමසයේ හැදෙනවා හෝමෝනයක් GNRH කියලා.ඒක පිටියුටරිය මත ක්‍රියා කරලා පිටියුටරියෙන් FSH සහ LH කියන හෝමෝන දෙක නිදහස් වෙන එක උත්තේජනය කරනවා.මේ FSH සහ LH වෘෂණ මත ක්‍රියා කරලා වෘෂණවල ලේඩිග් සෛල මගි ටෙස්ටොස්ටෙරොන් නිපදවීම උත්තේජනය කරනවා.මේ ටෙස්ටොස්ටෙරොන් සහ FSH එකතුවෙලා ශුක්‍රාණු ජනනය යාමනය කරනවා.ඒ වගේම ටෙස්ටොස්ටෙරොන් රුධිරය හරහා ගිහින් පිටියුටරිය මත සහ හයිපොතැලමසය මත ක්‍රියා කරලා ඒවායේ GNRH සහ FSH, LH හැදෙන එක අඩු කරනවා.

ටෙස්ටොස්ටෙරොන්වල අනිත් කාර්යයන් තමයි පොඩි එකෙක් ඉපදෙන්ඩ කලිං අම්මගේ බඩේ ඉද්දි උගේ පුරුෂ ලිංගික අවයව හදන්ඩ දායක වෙන එක.මේ කියන්නේ ශිෂ්ණය සහ වෘෂණ කෝෂ ඈ.මොකද වෘෂණ කළිංම හැදෙනවා.

එයිට අමතරව පිරිමි ඈයින්ගේ ද්විතීක ලිංගික ලක්ෂණ  ඒ කිව්වේ ඔය හොඳට මාංශ පේෂි හැදෙන්ඩ, ලිංගික අවයව ලොකු වෙන්ඩ, කටහඬ වෙනස් වෙන්ඩ, කිහිලි ඉකිලිවල රෝම වැවෙන්ඩ වගේ දේවල් වෙන්නෙත් මේ ටෙස්ටොස්ටෙරොන්වලින්ම තමයි.ඒ වගේම ඔය පිරිමි අයගේ නළල දෙපැත්තේ කොණ්ඩෙ ගිහිල්ලා තට්ටේ එන්නෙත් මේ ටෙස්ටෙරොන්වල බලපෑම හින්දා.වැදගත්ම එක තමයි ලිංගික ආශාව ඇති වෙන්නෙත් ටෙස්ටොස්ටෙරොන් හින්දම තමයි.


ටෙස්ටොස්ටෙරොන් වෘෂණවලට අමතරව අධිවෘක්කීය ග්‍රන්ති කියන වකුගඩුවල උඩ පිහිටලා තියෙන ග්‍රන්ථියකත් හැදෙනවා.මේ ද්විතීක ලිංගික ලක්ෂණ ඇතිවෙන්ඩ ඒකෙන් එන ටෙස්ටොස්ටෙරොනුත් සෑහෙන්ඩ බලපානවා.


මේ ඔක්කොම කියලත් වැදගත්ම එක්කෙනා වෙච්ච ශුක්‍රාණුව ගැන නොකියා කොහොමද?

ශුක්‍රාණුව කියන්නේ චලනය වෙන්ඩ පුළුවන්, සාමාන්‍ය සෛලවලට වඩා පුංචි වගේම සාමාන්‍ය වර්ණදේහ සංඛ්‍යාවෙන් අර්ධයක් (23) තියෙන සෛලයක්.මේ ශුක්‍රාණුවේ හිස කොටසේ තමයි වර්ණදේහ අඩංගුවන න්‍යෂ්ඨිය තියෙන්නේ.හිස උඩින් තියෙන ඇක්‍රොසෝමය කියන්නේ හරියට බෝම්බයක් වගේ එකක්.ඒක ඇතුලේ තියෙනවා එන්සයිම රාශියක්.ශුක්‍රාණුවක් ගිහිල්ලා ඩිම්බයක් එක්ක සෙට් වෙනකොට ඩිම්බයේ බිත්තිය සිදුරු කරන්ඩ අවශ්‍ය කරන එන්සයිම තමයි ඇක්‍රොසෝමයේ තියෙන්නේ.මැද කොටස කියන ප්‍රදේශයේ තමයි ශුක්‍රාණුවේ චලනයට අවශ්‍ය කරන ශක්තිය නිපදවන මයිටකොන්ඩ්‍රියා තියෙන්නේ.වලිගය හෙවත් නැට්ට තියෙන්නේ ඉතින් පීනන්ඩ.




අපේ ඇඟේ තියෙන වර්ණදේහ 46 අම්මගෙන් ලැබිච්ච සහ තාත්තගෙන් ලැබිච්ච 23 බැගින් තියෙන නිසා ඒවා යුගල් විදිහට දක්වන්ඩ පුළුවන් කියලා කිව්වනේ.ඒ වගේම මේ යුගල් 23න් එක යුගලක් ලිංග වර්ණදේහ ඒ කියන්නේ පුද්ගලයෙකුගේ ලිංගය තීරණය කරන වර්ණදේහ යුගලය කියලත් කිව්වා.ලිංග වර්ණදේහ ජාති දෙකක් තියෙන බවත් ඒ X සහ ‍Y කියන ජාති දෙක බවත් මුල් ලිපිය කියෝපු අයට මතක ඇති.

ගෑනු කෙනෙක්ගේ තියෙන ලිංග වර්ණදේහ යුගලයම X වර්ණදේහ.පිරිමින්ට තියෙන්නේ X එකකුයි ‍Y එකකුයි.ගෑනු අය ලිංග සෛල ඒ කියන්නේ ඩිම්බ හදද්දි එයාලගේ වර්ණදේහ යුගල් වෙන්වෙලා ගියාට හැම සෛලෙටම ලැබෙන්නේ X වර්ණදේහයක්.ඒත් පිරිමි අයගේ ශුක්‍රාණු ජනනයේදී සෛල දෙකට බෙදෙද්දී මේ ලිංග වර්ණදේහ යුගල දෙකට බෙදිලා යනකොට සමහර ශුක්‍රාණුවලට X වර්ණදේහය ලැබෙනවා වගේම සමහර ශුක්‍රාණුවලට ‍Y වර්ණදේහය ලැබෙනවා.ඉතිං සංසේචනයේදී ඒ කියන්නේ ඩිම්බයක් එක්ක ශුක්‍රාණුවක් එකතුවෙද්දී X වර්ණදේහය තියෙන ශුක්‍රාණුවක් ඩිම්බය එක්ක එකතු උනොත් ඩිම්බයේ තියෙන X වර්ණදේහයත් එක්ක X වර්ණදේහ යුගලක් වෙලා ගැහැනු දරුවෙක් තමයි හැදෙන්නේ.ඒ වගේම ‍Y වර්ණදේහයක් තියෙන ශුක්‍රාණුවක් ඩිම්බය එක්ක එකතු උනොත් X‍Y ලිංග වර්ණදේහ යුගලක් තියෙන  පිරිමි දරුවෙක් තමයි ඉපදෙන්නේ.



ඉතිං ගෑනු ළමයිම ඉපදෙනවා කියලා ඉස්සර කාලෙ පිරිමි වගේ ගෑනිට බණින්න එපා.

වැදගත් කාරණයක් තමයි මේ ‍Y වර්ණදේහය X වර්ණදේහයට වඩා ගොඩක් පුංචි හින්දා ‍Y වර්ණදේහ තියෙන ශුක්‍රාණු X වර්ණදේහ තියෙන ශුක්‍රාණුවලට වඩා බරින් අඩුයි.මේ නිසා Y වර්ණදේහ තියෙන ශුක්‍රාණු X තියෙන ඒවට කලින් පැලෝපීය නාළවලට යෑමේ සම්භාවිතාවක් තියෙනවලු.ඉතිං මේ වෙද්දි ඩිම්බයකුත් පැලෝපීය නාළයට ඇතුල්වෙලා තිබ්බොත් කොල්ලෙක් තමයි.ඩිම්බය එන්ඩ ටිකක් පරක්කු උනොත් පස්සෙ එන X වර්ණදේහය තියෙන ශුක්‍රාණුවක් එක්ක එකතුවෙලා කෙල්ලෙක් තමයි හැදෙන්නේ.අපේ ඉතිං ඔය ගණිතය එහෙම දන්න ඇත්තෝ ඩිම්බයක් මෝචනය වෙන වෙලාවක් බලලා නැකතට ශුක්‍රාණුවක සාමන්‍ය පිහිනුම් වේගය එහෙම සලකලා කළනය දාලා ජ්‍යාමිතික සූත්‍රයක් ඇසුරෙන් මීට පස්සේ ළමයි හදන්ඩ ට්‍රයි කළාට කමක් නෑ.



වැදගත් විශයය....5 ( Sex Education in Sinhala )

Monday, February 18, 2013



ශුක්‍ර ආශයිකා

මේ ගැන කියන්ඩ තව පොඩ්ඩෙන් අමතක වෙනවා.ශුක්‍ර ආශයිකා තියෙන්නේ මුත්‍රාශයට පිටිපස්සෙන් දෙපැත්තේ දෙකක් විදිහට.මේ ශුක්‍ර ආශයිකා ඒ ඒ පැත්තෙන් එන ශුක්‍ර නාළයට තමන්ගේ ශ්‍රාවයන් කුඩා ප්‍රණාලයක් හරහා එකතු කරනවා.ශුක්‍ර තරලයෙන් වැඩි ප්‍රමාණයක් හදන්ඩ දායක වෙන්නේ මේ ශුක්‍ර ආශයිකා තමයි.මේ ශ්‍රාවයන්ගේ ප්‍රධාන වශයෙන් වතුරත්, ෆෘක්ටෝස් කියන සීනි වර්ගයත්, ප්‍රොස්ටග්ලැන්ඩීන් කියන රසායනික පණිවුඩකාරකයත්, විටමින් සී ත් අඩංගු වෙනවා.මේ ශ්‍රාවයත් භාශ්මික නිසා ස්ත්‍රී යෝනියේ ආම්ලික බව නැති කරන්ඩ දායක වෙනවා.මෙහි අඩංගු ෆෘක්ටෝස් කියන සීනි තමයි ශුක්‍රාණුවලට අවශ්‍ය කරන ශක්තිය සපයන්නේ.




දැං සෛල විභාජනය ගැන විස්තරයක් කරලා හිටියොත් හොඳයි කියලා මට හිතෙනවා.මොකද ප්‍රජනනයේ මූලික ක්‍රමයේ සිට හැම තැනකම පදනම මේ සෛල විභාජනයනේ.අනික ශුක්‍රාණු ජනනය වගේම ඩිම්බාණු ජනනයත් ඒ එක එකේ වෙනස්කමුත් කියන්ඩනං සෛල විභාජනය ගැන අවබෝධයක් තියෙන එක හොඳයි.ටිකක් විතර කම්මැලි මාතෘකාවක් උනත් ඔන්නොහෙ කියන්නං.කියවන්ඩ ඈ...

මුලින්ම මේ ලිපිටික පටං ගද්දිම සෛලවල අඩංගු වර්ණදේහ ගැන කිව්වනේ.ඉතිං හිතන්ඩ අපි ජීවිතය පටන් ගන්නේ එක සෛලයක් විදිහටනේ.ඉතිං මේ සෛලය දෙකට බෙදෙනවා, ආයෙ බෙදෙනවා, ආයෙ බෙදෙනවා.......................ඔය විදිහට බෙදිලා බෙදිලා මිලියන ගාණක් සෛල තියෙන වැඩුනු මිනිහෙක් බවට පත්වෙනවා.ඉතිං මේ විදිහට සෛල දෙකට බෙදෙද්දී හැදෙන දරු සෛල දෙකටම කළිං සෛලයේ තිබ්බ වර්ණදේහ ගාණම ලැබෙන්ඩ ඕනෙ.එහෙම නොවුනොත් ලෙඩක්නේ.ඉතිං ඒක පවත්වාගෙන යන්නේ මෙහෙම,

මුලින්ම බෙදෙන්ඩ යන සෛලයේ වර්ණදේහ දෙගුණ වෙනවා.ඒක වෙන්නේ මෙහෙමයි.ඔය DNA අණුව කියන්නේ ඉණිමගක් වගේ ව්‍යුහයක්නේ.ඉතින් මේ ඉණිමගේ මැද පොලු කියන්නේ දෙපැත්තේ දිග පොලු දෙක එකට බැඳලා තියාගන්න බන්ධනවලට.DNA වල මේ බන්ධන අවශ්‍යවෙලාවට කඩන්ඩ පුළුවන්.එහෙම කඩලා වෙන් වෙච්ච දිග පොලු දෙකට සමාන පොලු දෙකක් අලුතෙන් හදලා සෙට් කරනවා.ඒ කියන්නේ පරණ පොලු දෙක අලුත් පොලු දෙකක් හදන්ඩ අච්චුව විදිහට පාවිච්චි වෙනවා.

ඊට පස්සේ මේ DNA අඩංගු වර්ණදේහ සෛලය මැද්දේ දිගට පෝලිමක් හැදෙනවා.ඊට පස්සේ පුංචි තන්තු වගයකින් මේ වර්ණදේහ හරියට දෙකට බෙදලා සෛලයේ එක පැත්තක එක ගොඩකුත් අනිත් පැත්තේ අනිත් ගොඩකුත් ගහනවා.ඊට පස්සේ සෛලයේ මැද්දෙන් අර වර්ණදේහ ගොඩවල් දෙක වෙන් කරමින් බිත්තියක් හැදිලා සෛල දෙකක් බවට පත්වෙනවා.


මේ විදිහට කලින් පැවති සෛලයට සමාන වර්ණදේහ සංඛ්‍යාවක් ඇතුව දරු සෛල දෙකක් හදන සෛල විභාජන ක්‍රමයට කියන්නේ 'අනූණන විභාජනය' කියලා.ඒ කියන්නේ අඩුවක් නැතුව කියන තේරුමනේ.

ඒත් මම කලින් ලිපියක සඳහන් කළා වගේ උසස් සත්තුන්ගේ ලිංගික ප්‍රජනනයේදී සත්තු දෙන්නෙක්ගේ ජාන කළවම් වීම අපේක්ෂා කරනවා.ඒකට මව් හා පිය ජීවීන්ගේ තියෙන වර්ණදේහ ගාණෙන් භාගයක් වර්ණදේහ තියෙන සෛලය බැගින් ගෑනු ජීවියයි පිරිමි ජීවියයි හදලා ඒ දෙක එකතු කළොත් හැදෙන එකාට අම්මගෙ ජාන වගේම තාත්තගෙ ජානත් ලැබෙනවා.ඒ වගේම වර්ණදේහ ගාණත් ආයෙත් අම්මගේ සහ තාත්තගෙ ගාණටම එනවනේ.

අම්මාගේ වර්ණදේහ සංඛ්‍යාව   = 46
අම්මාගේ ඩිම්බයක වර්ණදේහ සංඛ්‍යාව  = 23

තාත්තාගේ වර්ණදේහ සංඛ්‍යාව  = 46
තාත්තාගේ ශුක්‍රාණුවක වර්ණදේහ සංඛ්‍යාව = 23

ඩිම්බය සහ ශුක්‍රාණුව එකතු වීමෙන් හැදෙන යුක්තාණුවේ වර්ණදේහ සංඛ්‍යාව = 23+23 = 46



ඉතින් මේ ක්‍රියාවට අවශ්‍ය විදිහට සෛලයක අඩංගු වර්ණදේහ ගාණෙන් භාගයක් අඩංගු සෛල හදන විභාජන ක්‍රමයට කියන්නේ 'ඌණන විභාජනය' කියලා.ඒ කියන්නේ අඩු වෙන කියන අර්ථය තියෙන විභාජන ක්‍රමයක්නේ.

අපේ ඇඟේ සෛලවල වර්ණදේහ 46ක් තියෙනවනේ.ඒකෙන් 23ක් තාත්තගෙන් ලැබිච්ච ඒවා.අනිත් 23 අම්මගෙන් ලැබිච්ච ඒවා.ඉතින් මේ වර්ණදේහ 46 අපිට අම්මගෙන් එකයි තාත්තගෙන් එකයි විදිහට අරගෙන යුගල් 23ක් හදන්ඩ පුලුවන්.මේ විදිහට හැදෙන යුගල් තමයි ඌණන විභාජනයේදී සෛලයේ මැද්දේ පෙළ ගැහෙන්නේ.



ඉතින් මේ වර්ණදේහ යුගලය දෙකට බෙදිලා එක් දරු සෛලයකට සම්පූර්ණ වර්ණදේහයක් බැගින් ලැබෙනවා.

ඌණන විභාජනය පියවර දෙකකින් යුක්තයි.පළවෙනි පියවරේදි තමයි සම්පූර්ණ වර්ණදෙහ බැගින් ලැබෙමින් මව් සෛලයේ වර්ණදේහ සංඛ්‍යාවෙන් භාගයක් සහිත සෛල දෙකක් හැදෙන්නේ.ඊළඟට අනූනන විභාජනයක් සිද්ද වෙනවා.ඒ තමයි දෙවෙනි පියවර.ඒ නිසා සම්පූර්ණ ඌණන විභාජනයෙන් දරු සෛල 4ක් හැදෙනවා.ඒ වගේම ඌණන විභාජනයේ පළවෙනි පියවරේදී වර්ණදේහ යුගල් අත් අල්ලගෙන සෛලය මැද්දෙ පෝළිමට ඉන්න කොට මේ වර්ණදේහ කොටස් කැඩිලා එකිනෙක මාරු වෙන්ඩත් පුළුවන්.එතකොට හැදෙන ජීවියාට අළුත්ම ලක්ෂණ ඇතිවෙන්ඩ පුළුවන් අර වර්ණදෙහ කොටස් කළවම් වීමෙදි අළුත් ජාන ඇති උනොත්.ඒවට තමයි විකෘති ඇති වීම කියලා කියන්නේ.


විකෘති හොඳ වෙන්ඩත් පුළුවන් නරක වෙන්ඩත් පුළුවන්.උදාහරණයක් විදිහට කකුල් හතරෙන් ගිය වානරයින්ගේ ඇති වෙච්ච විකෘතියක් හින්දා කකුල් දෙකෙන් ඇවිදින වානරයෙක් බිහි උනා.නරක විකෘතියක් විදිහට ඔය සමහර පරම්පරාවෙන් එන ලෙඩ රෝග තියෙන්නේ.අන්න ඒවා නරක විකෘති.පරම්පරාවේ කොහෙහරි කෙනෙක්ගෙ ඇතිවෙච්ච වර්ණදේහ විකෘතියක් නිසා ඇතිවෙච්ච රෝගයක් එයාගෙ ළමයින්ටයි එයාලගෙ ළමයින්ටයි විදිහට පරම්පරාගත වෙනවා.....

------------------------------------------------------------------------------------------------------------

මේ විස්තරේ ලිව්වේ කරුණු සම්පූර්ණ කරන්ඩ අවශ්‍ය නිසා.සාමාන්‍ය ජනතාවට මේවා එච්චර වැදගත් නැති නිසා හැකි තරම් සරලවයි කිව්වේ.ගැටළු තියෙනවානං අහන්ඩ.පැහැදිලි නැති තැනක් තියෙනවනං කියන්ඩ.මල්, ගල්, මඩ ඕනෙ එකක් කියලා යන්ඩ.හොඳ වැඩි කරගන්ඩත් වැරදි හදාගන්ඩත් බලාපොරොත්තු වෙමි.පෙන්වා දෙන මෙන් ඉල්ලා සිටිමි.ස්තූතියි.!!

සලු පිලි උනා දැමූ විට..හෙවත් විදුලි බල්බයේ කුමන්ත්රණය

Thursday, February 14, 2013

Story No1
මේ කතාව අපි කතාවකින්ම ආරම්භ කරමු……….. පරිඝණකයට ඈඳා ඇති 'ප්‍රින්ටරයෙන්' ලිපියක පිටපතක් මුද්ද්‍රණය කරමින් සිටි ස්පාඥ්ඥ ජාතිකයෙකුවූ මාර්කෝස්ට හදිස්සියේම සිය පරිඝණක තිරයේ දිස්වෙනව මෙන්න මේ වගේ දැන්වීමක්……..”Maintenance Call – Parts inside your printer are at the end of their service life”…..  මේක අප බොහෝ දෙනෙක් නිවසේදී හෝ කාර්යාලයේදී වරක්, දෙවරක් ලැබූ අත්දැකීමක්.  ඉතිං මාර්කොස් තමන්ගේ ප්‍රින්ටරය අරගෙන යනව වෙළඳ ආයතනයට අලුත්වැඩියා කරගන්න හිතාගෙන. ඒත් ඔහුට ලැබෙන්නේ සෑහීමකට පත්විය හැකි පිලිතුරක් නොවෙයි. ඉතිං ඔහු වෙනත් පරිඝනක දෘඩාංඟ විකුනන ස්තාන කීපයකටම සිය ප්‍රින්ටරය අරන් යනව රෙපෙයාර් කරගන්න හිතාගෙන.  ඒත් හැමතැනින්ම ලැබෙන්නෙ එක සමාන විසඳුමක්.  අලුත්වැඩියා කරන්න බැහැ,පාර්ට්ස් නැහැ, වියදම වැඩියි, වැනි නොයෙකුත් හේතු සමග යෝජනා වෙන අවසන් විසදුම අලුත් ප්‍රින්ටරයක් ගන්න කියන එකයි. ලෝකයේ බොහෝ දෙනෙක් කරන විදිහට අලුත් ප්‍රින්ටරය ගන්නවා වෙනුවට, මාර්කෝස් වෙනස් විදිහකට ක්‍රියාකරනවා. මෙය තමන්ටම අලුත්වැඩියා කරගත හැකිදැයි ඔහු අන්තර්ජාලය හරහා කරුනු සොයන්න ගන්නවා. එහෙත් අන්තර්ජාලයෙන් ලැබෙන තොරතුරු ඔහුව පුදුමයටත් කෝපයටත් පත්කරනවා. …….සැලසුම්ගත යල්පැනීම (Planned Obsolescence) යන වචනය මීට පෙර ඔබ අසා නැත්නම්, නිසැකවම මේ ලිපිය කියවීමෙන් පසු ඔබත් මාර්කෝස් මෙන්ම පුදුමයටත්, කෝපයටත් පත්වෙනවා නොඅනුමානය…..ඇත්ත වශයෙන්ම සිදුවී ඇත්තේ 'ප්‍රින්ටරයේ' දෘඩාංඟ දෝශයක් නොව, ප්‍රින්ටරයේ නිශ්පාදිත සමාගම විසින් පූර්ව නිශ්චය කල පිටපත් සංඛ්‍යාවක් මුද්‍රණය කල පසු ප්‍රින්ටරය තුල ස්තානගත කල 'ස්මාර්ට් චිපයක්' මගින් එය ඉබේ ක්‍රියාවිරහිත කිරීමට සලස්වීමය. සිය ප්‍රින්ටරයේ සැබෑ දෝශය පසුපස ඇති දුශ්ඨ ආර්ථික ක්‍රියාවලිය පිලිබඳව පමනක් නොව වාසනාවට මේ දුශ්ඨත්වට එරෙහි සමාජ ව්‍යාපාර හා පුද්ගල සටන්ද ඇති බව අන්තර්ජාලය ඔහුට පසක් කර දෙනවා. මෙවැනි එක් රුසියානු ජාතිකයෙක් සිය වෙබ් අඩවියේ හුදු ලාබය තකා පරිඝනක උපාංඟ නිශ්පාදනය කරන සමාගම් වල නින්දිත සූරාකෑම හෙලිදරව් කරනවාට අමතරව ප්‍රින්ටර් වල මුද්‍රන පිටපත් සංඛ්‍යා ගණනය නැවත ප්‍රත්‍යාරම්බ (Reset) කිරීමට හැකි මෘදුකාංඟයක් නිර්මානය කර නොමිලේ ලබාදීමද කරනවා. මේ මෘදුකාංගය සමගින් කිසිදු අලුත්වැඩියාවකින් තොරව සිය ප්‍රින්ටරය නැවත් පනගන්වන්නට මාර්කෝස්ට හැකි වෙනවා.
ඉහත කතාව කෑගසා පවසන්නේ  මේ මොහොතේ අපේ ලෝකය වේගයෙන් අගාධයට ඇදගෙන යන නියො ලිබරල් අර්ථ ක්‍රමයේ සලු පිලි උනා දැමූ විට පෙනෙන විසකුරු භාවය මිස වෙනකක් නොවේ. ඔබේ ලැප්ටොප් පරිඝනකය සැමවිටම වසර තුනහමාරකින් අක්‍රීය වන්නේ ඇයි දැයි ඔබට ප්‍රශ්නයක් තිබුනානම් නැත්නම් ඔබේ ජන්ගම දුරකතනය අවුරුදු දෙකක් යන්නට පෙර මාරු කරන්නට සිදුවන්නේ ඇයිදැයි ප්‍රශ්නයක් තිබුනානම් දැන් ඔබට උත්තරය  ලැබී ඇත. අපේ සීයා 1970දී ගත් විදුලි පංකාවක් අවුරුදු 40කට පසුව තවමත් හොඳින් ක්‍රියාකරන නමුත් පසුගිය වසර විස්ස, විසිපහ තුල කුනු ගොඩට ගිය විදුලි පංකා ප්‍රමාණය මට පසක් කරන්නේ වෙනකක් නොව සැලසුම්ගත යල්පැනීමය. ඔබ බොහෝ දෙනෙකුටද එවැනි කථාවල් ඇතුවාට සැක නැත. මේ කථා සියල්ලේ සමාරම්භක කථාව හෙවත් 'විදුලි බල්බයේ කුමන්ත්‍රණය' සමස්ථ කථා වස්තුවේම ඉතා පැහැදිලි පිලිඹිබුවක් හෙයින් සැලසුම්ගත යල්පැනීම (Planned Obsolescence) ගැන කිය්ද්දී එය නොකියාම බැරිය. ඉතිං අපි ඒ කතාවට යමු.
Story No 2
මේ කතාවේ එන එකෝමත් එක රට ස්පාඥ්ඥය නොව ඇමරිකාවය. ඇමරිකාවේ කැලිෆොනියා ප්‍රාන්තයේ නගරයක් වන ලිවර්මොර්(Livermore)හි ගිනි නිවන බටයන්ගේ ගොඩනැගිල්ලක් තුල විශේෂ ආරක්ෂාවක් සහිතව පැය 24 මුලුල්ලේ විමර්ශන කැමරාවක් මගින් ආවරනය වන විදුලි බල්බයක් දැල් වෙමින් තිබේ. මෙහි විශේෂත්වයනම් ඉහත බල්බය වසර 1901 සිට අවුරුදු 110යකට වැඩි කාලයක් තවමත් හොඳින් දැල් වීමය. විදුලි බල්බයකට උපන්දින සාදයක් මේ ලෝකයේ පවත්වා ඇත්නම් ඒ වාසනාව හිමිවූයේ 2001දී ඉහත බල්බය සිය සියවන උපන්දිනය සැමරූ අවස්තාවේය. දහසකට ආසන්න නගර වැසියන් මෙම උපන්දින සාදයට සහබාගී වී ඇත. තොමස් එඩිසන් විසින් විදුලි බල්බය ලොවට දායාද කර වසර කීපයකට පසුව 1895හේ පමන මේ බල්බය ෂෙලිස් නැමැත්තෙකු විසින් නිර්මානය කර ඇත. එනම් විදුලි බල්බය බිහිවූ ආරම්බක කාලයේ පටන්ම දීර්ග කාලයක් දැල් විය හැකි බල්බ නිපදවීමේ තාක්ශනය ලොව සතුවී තිබුනු බවය. කොටින්ම තොමස් එඩිසන් 1881 නිර්මානය කල මුල්ම වානිජ්‍ය බල්බ පවා පැය 1500 කට වැඩි කාලයක් දැල්විය හැකිවී ඇත. ……………..නිකමට කල්පනා කර බලන්න ඔබේ ජීවිත කාලය තුල බල්බ කොතරම් ප්‍රමානයක් ඔබේ නිවසේ කුනු ගොඩට යන්නට ඇතිද කියා. ඒ සමගම විනාශ වූ ටංග්ස්ටන්, සිලිකා, ලෝහ, බලශක්ති ප්‍රබව ඇතුලු ස්වබාවික සම්පත් ප්‍රමාණය කොතරම්ද කියා..... අපේ කතාවේ බල්බය වැනි බල්බ අපට තිබුනානම් තත්වය කොහොමද?............
එසේ නම් මේසේ සිදුවූයේ කෙසේද?...... කථාවේ ඉතුරු කොටස නැත්නම් හොඳම කොටස, එයය.
1920ගනන් වල ලොව පුරා බල්බ් නිශ්පාදකයන්ගේ අරමුන වූයේ වැඩි කාලයක් දැල්වෙන බල්බ තැනීමය. සිය නිශ්පාදන වල අනර්ගත්වය කියැවෙන එකල වෙළඳ දැන්වීම් දුටුවහොත් මෙය හොඳින් වටහා ගත හැක. එකල පැය 2500ක් පමන දැල්වෙන බල්බ වෙලඳ පොලේ බහුලව තිබින. නමුත් මේ දීර්ඝායුෂ බල්බ නිශ්පාදනයට දීර්ඝායුෂ තිබුනේ නැත. අද අප මේ මොහොතේ අත් විදින සැලසුම්ගත යල්පැනීමේ විසකුරු සූරා කෑමේ ආරම්භය සනිටුහන් වෙන්නේ ලොව බල්බ නිශ්පාදනය කරන ඕලන්දයේ Philips'', ජර්මනියේ 'Osram' ඇතුලු ප්‍රමුක සමාගම් එක්වී 1924 නිර්මානය කරගන්නා ෆීබස් (Pheobus) නම් වෙළඳ කාටලය බිහිවීමත් සමගය. මෙම කාටලයට ඇමරිකාවේ, යුරෝපයේ මතු නොව, ජපානයේ මෙන්ම එවකට අධිරාජ්‍යවාදීන්ගේ යටත්විජිත් බවට පත්ව තිබූ බොහෝ ආසියානු ,අප්‍රිකානු රටවල සමාගම්ද අයත් විය. මොවුන්ගේ අරමුන වූයේ විදුලි බල්බයේ ගුනාත්මක භාවය අඩුකොට දැල්වීම පැය 1000කට වඩා අඩු කිරීමය. ඒ හරහා වැඩි බල්බ ප්‍රමානයක් විකුනා වැඩියෙන් ලාබ ලබා ගැනීමය. වසර කීපයක් තුල සිය දුශ්ට අරමුනු ඉටුකර ගන්නට මේ වෙළද කාටලය සමත් වෙයි. පසු කාලීනව මේ කාටලයට සම්බන්ඳ ලේඛන හදාරන ජර්මන් සමාජ විද්යාඥයෙකු වන හෙල්මුට් හෝග් (Helmut Hoge) විසින් ඉතා රහසි ගතව සිදුකල මේ ජඩ ක්‍රියාවලිය හෙලිදරව් කරනු ලබයි.
එතැන් පටන්, මේ ලෝකය එහි පරිසරය, සතා සීපාවා මතුනොව මිනිසුන්ද ආර්ථික ලාභය වෙනුවෙන් විනාශ කරමින්යන පවතින සිස්ටම් එකේ අනිවාර්‍ය අංගයක් බවට සැලසුම්ගත යල්පැනීම පත්විය. මුල් අවධියේදී සැලසුම් ඉන්ජිනේරුවන් සිය දැනුම හා කුසලතා තත්වයෙන් බාල භාන්ඩ නිශ්පාදනය උදෙසා පාවිච්චි කිරීමට යම් ප්‍රතිවිරෝධයක් දැක්වූවද ඔවුන් අභිබවා සමාගම් මුදලාලිලාගේ මුදල් අවසානයේ ජය ලැබීය. අද දවසේ ඉන්ජිනේරුවන්ට නම් භාන්ඩ සැලසුම් කල හැක්කේ සිය සේවාදායක සමාගමේ ලාභය උපරිම කලහැකි ව්‍යාපාරික උපායමාර්ගයන්ට යටත්වය. ඉහත කථා ද්විත්වයේ සඳහන්වූ Planned Obsolescence / Built-in-Obsolescence අමතරව මෙහිම තවත් මානයක් ලෙස Perceived Obselescence පවතියි. මෙහිදී සිදුවන්නේ භාන්ඩය සියයට සීයක් හොඳින් ක්‍රියාත්මක වුවද, මෝස්තරයෙන්,නවීනත්වයෙන් හෝ පිටත පෙනුමෙන් යල් පැන තිබීමය. ඇඳුම් පැලඳුම් විලාසිතා,ජංගම දුරකතන, මෝටර් රථ දීර්ඝ ලැයිස්තුවකට අයත් උදාහරණ කීපයකි. ක්‍රියාකාරීත්වයේ සුලු වෙනසක් හෝ බොහෝවිට පිටත පෙනුමේ වෙනසක් පමනක් හරහා පැරනි භාන්ඩ වීසිකර අලුත් මොඩල් එක මිලදී ගැනීමට බල කෙරෙන පෙලඹවීමයි. මෙය තනිකරම වෙළඳ දැන්වීම් හා මාධ්‍ය හරහා පාරිබෝගිකයන්ගේ මොල තුල නිර්මානය කරන දෙයකි. Credit Card , ලීසිං, කොටස් වශයෙන් ගෙවීමේ ක්‍රම වැනි ණය කන්දරාවන් තමංට මේ මොහොතේ අත්‍යාවශ්‍ය නොවන දෙයක් ගැනීමට ඇති පෙලඹවීම තීව්‍ර කරයි. මෙසේ නිකරුනේ කුනුගොඩට යන භාණ්ඩ යනු අති දැවැන්ත ස්වභාවික සම්පත් ප්‍රමානයක් විනාශ කිරීමට ලැබෙන සහතිකයයි.
Pirates of the…………….Next Generation
අනාගත පරම්පරා ගනනාවක් වෙනුවෙන් ඇති ස්වභාවික සම්පත්, අතීතයේ වසර මිලියන ගනනක් පුරා නිර්මානයවූ ස්වභාවික සම්පත්, වර්තමානයේදී නිමේශයක් තුල කාබාසිනියා කරමින් ලාභයම පමනක් සොයන ලෝකයක් තුල අපි මංමුලාවූවන්සේ ඉබාගතේ දුවමින් සිටිමු. අතිශය සීමිත සම්පත් ප්‍රමානයක් අතැතිව මේ ක්‍රියාවලිය තව කොතරම් කාලයකටදැයි ඇසිය යුතු කාලය එළබ ඇත.  තව දුරටත් මේ නියෝ ලිබරල් ධනවාදය තුල මිනිසාට හෝ පෘතිවියට අනාගතයක් නැත. අධික වේගයෙන් අප ගමන් කරමින් සිටින්නේ අනිවාර්ය ව්‍යසනයක් කරාය. වටිනා ගහකොලද, සතා සීපාවාද පොසිල ඉන්දනද ඇතුලුව බොහෝ සම්පත් දැනටමත් අපට අහිමි වී ඇත, නො එසේනම් නුදුරේදීම අහිමිවීමට නියත විවරන ලබා ඇත. ලෝකයේ බොහෝ මත්ස්‍ය බිම් මෙසේ සූරාකා විනාශ කර ඇත, අද ඒවා මාලු නැති මුහුදු බවට පත්වී ඇත. ඇමරිකාව ප්‍රමුක බටහිර විසින් මෙසේ විනාශ කර දැමූ එක් කුප්‍රකට මත්ස්‍ය බිමක් නම් සෝමාලියාව අවට මුහුදු ප්‍රදේශයයි. අතීත සෝමාලියානු ධීවර ප්‍රජාව, අද මුහුදු කොල්ලකරුවන් වීමේ ප්‍රමුක හේතුව එයයි. අප, ඔවුන් මේ තත්වයට ඇද දැමූ ආර්තික මොඩලය වැළඳ ගනිමින් කොල්ලකරුවන්ට පයින් ගසමින් සිටිමු, එහෙත් ඛේදවාචකයනම් අපේ දරුමුනුපුරන්ගේ ඉරනමද ඔවැනිම වනු ඇති බවය.
Day light robbers
සුප්‍රකට ඇපල් සමාගමද, එහි මහ මොලකරු ලෙස සිටි (මෑතකදී මියගිය) ස්ටීව් ජොබ්ස්ද සිය මඩි තරකර ගැනීමට සැලසුම්ගත යල්පැනීම ඉහලින්ම භාවිතාකරන්නන් අතර ඉදිරියෙන්ම සිටී. Apple i-Pod එක වෙළඳ පොලට ආ අවදියේ එහි බැටරිය නිර්මානය කර තිබුනේ වසරකට ආසන්න කාලයකදී අක්‍රීයවීමටය, එහෙත් එවිට බැටරිය ප්‍රතිශ්ඨාපනය කිරීමේ කිසිදු ක්‍රමවේදයක් ඔවුන් සතුව නොවීය, ඒ වෙනුවට ඇපල් සමාගමේ උත්තරය වූයේ, බැටරියේ දෝශයට මුලු උපාංගයම විසි කර අලුත් එකක් ගන්නා ලෙසය. ඒ වනවිට ඇමරිකාවේ පමනක් i-Pod මිලියන 3ක් විකුනා තිබුනි. බොහෝ දෙනෙක් එසේ කලද, මෙයට විරුද්ද වූවන් ,සමාජ ක්‍රියාකාරීන්ද සමග එක්වී, අධිකරනයට යාමත් සමග පාදයක් පසුපසට තියන්නට ඇපල් සමාගමට සිදුවිය. ඒ අනුව උපාංගය වීසිකරනවා වෙනුවට බැටරිය මාරුකිරීමෙන් පමනක් නැවත යතා තත්වට පත්කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසන්නට සමාගම එකඟ විය. එහෙත් අදටද විවිද මුහුනුවරේ සැලසුම්ගත යල්පනීම සිය නිශ්පාදන තුල කිසිදු හිරිකිතයක් නැතුව ලාභය වෙනුවෙන් පාවිච්චි කරන සමාගම් අතර 'චැම්පියන්ලා' ඇපල් විය යුතුය. සෑම විටම ලියාපදිංචි නොකල (Unregistered)මෝටර් රථයක් පැදවීම වැනි බොළඳ ආශාව තෘප්ත කර ගැනීමට, සෑම 6 මසකට වරක් තමන් පාවිච්චි කල බෙන්ස් කාර් එක ඉවත්කර අලුත් බෙන්ස් රථයක් ගත් ස්ටීව් ජොබ්ස් වැන්නෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලා පොරොත්තු වීමද එක අතකට විහිලුවකි. (ඔහු ජීවත් වූ ප්‍රාන්තයේ ලියාපදිංචි නොකර මෝටර් රථයක් මාස 6ක් භාවිතා කල හැකිය.) ස්ට්ව් ජොබ්ස් පඩි ගත්තේ ඩොලර් 1 (අනේ පවු කුක්කු පැටියා) වැනි ගොං පාට් ලියන රට තක්කඩියන් නොලියන ඇත්ත මේවාය.
Quietly flows the Odaw……………or is it?
මේ ඉවක් බවක් නැති නිශ්පාදනයේ අනික් අනිවාර්‍ය අංගය පරිසර විනාශයයි. හුස්ම ගැනීමට පිරිසිදු වාතය, බීමට සුදුසු වතුර ටික මේ මොහොතේද දුර්ලභ වස්තූන් වී හමාරය. ඉහල යන ගෝලීය උනුසුමද, එකක් පසුපස තවෙකක් ලෙස එන ස්වාභාවික විපත්ද, පරිසර විනාසයේ සුලබ ප්‍රතිවිපාකය. තුන්වන ලෝකයේ රටවල ගොඩ ගසන බටහිර රටවලින් වීසිකරන, විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික හා පරිඝනක අබලි කඳුද තවත් විපාකයකි. අප්‍රිකානු දුප්පත් රාජ්‍යයක් වන ඝානාවේ ඇග්බොලොශි හි ඔඩාව් (Odaw) නදිය හා ඒ අවට තැනිතලා පිටිය හඬගා කියා සිටින්නේ මේ විශම ආර්තික මොඩලයේ දුෂ්ටත්වයයි. මීට දශක දෙකකට පමන පෙර ඉතා සුන්දර නදී තෙරක් අසබඩ වූ සුපිරිසිදු මනරම් පරිසර පද්දතිය අද අබලි පරිඝනක හා උපාංග, 'T.V', රේඩියො උපාංග ගොඩ ගැසූ දැවැන්ත කුනු ගොඩකි,ජලය එකතැන රැඳී පල්වූ ලෙඩ රෝග පතුරන දුඟද හමන පල් වලකි, තැන ,තැන ලෝහ ලබා ගැනීමට මේ අබලි වලට ගිනි තැබීමෙන් නිකුත් වන විශ දුම් අහසට නැගෙන මර උගුලකි. එදා ඔඩාව් නදිය අසල සුන්දර පරිසරයක පාපන්දු ක්‍රීඩා කරමින් කෙලිදෙලෙන් දුව පැන්න සතුටින් පිරි මුහුනු සහිත දරුවන්ගේ දරුවන් අද දුප්පත් කමින් මිරිකෙමින් කේඩෑරිවී ගිය මුහුනු සහිතව වැරහැලි ඇඳගෙන මේ කුනු කන්ඳ මත යකඩ ඇතුලු වෙනත් ලෝහ සොයමින් යන කුනු බුදින්නන් වී ඇති සැටි මේ නියො ලිබරල් දහදුරාව ලෝකය ඇදගෙන යන දිශානතිය, එහි පාරිසරික ඵලවිපාක මතු නොව මානව ඛේදවාචකය පිලිබඳ කදීම එහෙත් අතිශය දුක්බර රූපසටහනකි.
අද අප දෑස් නිලංකාරව බලා සිටින මේ සුරංගනා මායාවට එපිටින් ඇති සත්‍ය තෙරුම් ගැනීම තව දුරටත් පමා කලනොහැකි වී ඇත.  එබැවින් අපට අසන, දකින, කියවන දෑ සියල්ල දෙස විවෘත මනසින් බැලීමට,විචාරාක්ශියෙන් බැලීමට හා විශ්ෂයෙන් මොලය පාවිච්චි කිරීමට බල කෙරී ඇත. මීට සති කීපයකට පෙර සිංහල බ්ලොග් එකක (නම මට හරියටම මතක නැත ), නිමල්,සුනිල් කමල් වැනි සුලබ නාමයන් හා මාතලං, බුවා වැනි බ්ලොග් නාමයන්ද, ඈදා ගෙන ‘ඉස්සන් වලක’ සරල උදාහරණයකින් සියලු ප්‍රශ්න වලට නියො ලිබරල් ධනවාදයේ උත්තර ඇතැයි සුරංගනා කතාවක් තිබුනා දුටුවෙමි. එහෙත් පැහැදිලි සත්‍ය නම් මේ සිස්ටම් එක එකක් ,පසුපස තවෙකක් ලෙස උත්තර නැති දැවැන්ත ප්‍රශ්න කන්දරාවක් නිර්මානය කරමින් යන බවය.  මේ මාලු වලේ මාලු බාන කුසල්හාමිලාගේ සුදු පිරුවට සලු පිලි උනා දැමූ විට හමුවන්නේ එක්කෝ, අරුනි ශපීරො ජාතියේ කුලියට ගජබින්නාලංකාරය ලියන රට තක්කඩියෙකි, නැත්නම් ඒ/ලෙවල් ඉකොනොමික්ස් වලින් රටේ ආර්තිකය විග්‍රහ කරන බන්දුල 'ධන-රිණ' ගුනවර්ධන පන්නයේ රට හරකෙකි. මේ කුමක් වුවද කියවන්නා සිහි බුද්දියෙන් කියවීම මේ මොහොතේ අත්‍යාවශ්‍ය කොන්දේසියක් වී ඇත්තේ තව දුරටත් මංමුලාවී සිටීම යනු අපේ මිනී වල අපිම කපා ගැනීමම වන බැවිනි.
End of the Story
'සැලසුම්ගත යල්පැනීම' ආශ්‍රිත අපේ අද කතාව අවසන් කිරීමට විදුලි බල්බය තරම් යෝග්‍ය වෙනකක් නැත. බාල විදුලි පහන් නිපදවීම ඇරඹූ කාලයේ සිටම දීර්ගායුශ බල්බ සදහා සැලසුම් බොහෝ ප්‍රමානයක් එලිදැක් වුවද ඒවා වානිජ්‍ය නිශ්පාදනය තුලට කිසිවිට වැද්ද ගත්තේ නැත. යලි එවන්නකට උදාහරන හමුවන්නේ, දෙවන ලෝක යුද්ධයෙන් පසු බිහිවූ නැගෙනහිර යුරෝපානු 'සමාජවාදී' කදවුර තුල කාර්මික අතින් වඩත්  ඉදිරියෙන්ම සිටි නැගෙනහිර ජර්මනියෙනි.  බටහිර ලාභය පදනම්වූ ආර්තික මොඩලයට එරෙහිව නැගෙනහිර රාජ්‍ය-ඒකාදිකාරී, එක අතකට අකාර්යක්ශම , මධ්‍යගත ආර්තිකයක් අඩසිය වසකට ආසන්න කාලයක් විශාල කාර්මීකරනයක් සහිතව වර්දනය විය. නැගෙනහිර ජර්මනියේ කම්හලක දීර්ඝායුෂ විදුලි බුබුලු නිපදවූ අතර, 80' ගනන්වල වරක් ජාත්‍යන්තර වෙලඳ ප්‍රදර්ශනයකට ඉදිරි පත් කර තිබුනේ, බටහිර වෙළඳපොලට හඳුන්වාදීමේ උත්සහයක් ලෙසය. බටහිර රාජ්‍යයන් එකකවත් ඉහත බල්බ නිපද්වීමට හවුල්කාර සමාගමක් සොයා ගැනීමට නොහැකිවූ අතර, එවායේ සේවකයන්ගේ මතය වූයේ දීර්ගායුශ බල්බ නිපදවූවොත් වෙළදාම අඩුවී  තමන්ගේ රැකියා අහිමි වන බවය. එහෙත් ජර්මන් සමාගමේ ඉන්ජිනේරුවන්ගේ මතය වූයේ “දීර්ගායුශ බල්බ නිසා ඒවා නිශ්පාදනයට අවශ්‍ය ස්වභාවික සම්පත් දිගු කලක් ආරක්ශාවන නිසා සිය රැකියා දීර්ගකාලයකට සුරක්ශිත වන” බවයි. 89යේ බර්ලින් තාප්පය බිඳ වැටී නැගෙනහිර ජර්මනියද බටහිර ආර්තික මොඩලය වැලඳගැනීමත් සමග ඉහත බල්බයද අභාවයට ගිය අතර දැන් ඒවා දකින්නට ඇත්තේ කෞතුකාගාරවල ප්‍රදර්ශන භන්ඩයක් ලෙස පමණි.
නැගෙන්හිර ජර්මනියේ හෝ පැරණි සොවියට් රුසියාවේ හෝ පැවති යල්පැන්න සමාජාර්තික මොඩලය අදට නොගැලපුනද එම ප්‍රකාශයේ හරය ගත්විට අප කලයුත්තේ අපේ පමනක් නොව අපේ දරු මුනුබුරන්ගේ රැකියාද සමස්තයක් ලෙස මානව සංහතියේ පැවැත්මද ආරක්ශා කලහැකි වඩාත් ධරණීය ආර්තික මොඩලයක, සුසමාදර්ශ වෙනසක අත්‍යවශ්‍යතාවය වෙනුවෙන් සටන් වැදීමට නොපමාව නැගී සිටීමයි. විදුලි බල්බ කුමන්ත්‍රනයේ ප්‍රභල භූමිකාවක් රඟපෑ Philips අධිරාජ්‍යයේ වත්මන් පුරුකක් වන වොරන් ෆිලිප්ස් වසර 25ක් දැල් විය හැකි බල්බ නිශ්පාදනය කරමින් සිය දායකත්වය ලබාදෙමින් සිටියි. මෙසේ ලොව පුරා බොහෝ දැනුවත් මිනිසුන්, ගැහැනුන් තනි තනිව මෙන්ම, කුඩා කන්ඩායම් ලෙසද විවිද මානයන්ගෙන් මේ සටන දැනටමත් ආරම්බ කර ඇත. මිනිසත් බවේ නාමයෙන් එක්ව අත්වැල් බැඳගෙන පොදුසටනක් බවට පත් කිරීම හෙට දවසේ යහපත් ලොවක් ප්‍රර්තනා කරන සියල්ලන්ගේ අද දවසේ වගකීම, යුතුකම බව අවිවාදිතය.

වැදගත් විශයය....4 ( Sex Education in Sinhala )

Wednesday, February 13, 2013



කූපර් ග්‍රන්ථි

කූපර් ග්‍රන්ථි කියන්නේ බෝංචි ඇටයක් තරමේ ග්‍රන්ථි දෙකක්.පුරස්ථිති ග්‍රන්ථියට පහළින් දෙපැත්තේ මේවා දෙක පිහිටලා තියෙන්නේ.මේවා  එක එකක් කුඩා නාළයක් මගින් මුත්‍ර මාර්ගයට විවෘත වෙනවා.ලිංගික ආවේගය ඇති වීමත් එක්කම කූපර් ග්‍රන්ථිවල තියෙන ශ්‍රාවයන් මුත්‍ර මාර්ගයට මුදා හැරෙනවා.මේ ශ්‍රාවය ක්ෂාරීයයි.ඒ නිසා මුත්‍ර මාර්ගයේ මුත්‍ර නිසා ඇතිවෙලා තියෙන ආම්ලික බව නැති කරන්ඩ මේ ශ්‍රාවය දායක වෙනවා.ඒ වගේම ශුක්‍ර තරලයට මුත්‍ර මාර්ගය හරහා පහසුවෙන් ගලා යාමටත් මේ ශ්‍රාවය පැවතීම උදව්වක් වෙනවා.ඊට අමතරව ශිෂ්ණයේ කෙළවර යම් පමණකට තෙත් බවක් ඇති කර ලිහිසි කාරකයක් විදිහටත් මේ තරලය ක්‍රියාත්මක වෙනවා.

මුත්‍ර මාර්ගය

ගැහැනුන්ට වගේ නෙමෙයි පිරිමින්ට මුත්‍ර පිටවීමටත්, ලිංගික ක්‍රියාවේදී පිටවන ශ්‍රාවයන් ගමන් කිරීමටත් දෙකටම තියෙන්නේ පොදු නාළයක්.ඒ තමයි මුත්‍ර මාර්ගය.පිරිමින්ගේ මුත්‍ර මාර්ගය සාපේක්ෂකව දිගින් වැඩියි.ඒක 20cm විතර දිගයි.මුත්‍රා කිරීමේදී මුත්‍රත්, ලිංගික සුරතාන්තයේදී ශුක්‍ර තරලයත් ගමන් කිරීමට මුත්‍ර මාර්ගය ඉඩ දෙනවා.ඒ උනාට ශුක්‍ර තරලය පිට වෙද්දී මුත්‍ර පහකරන්ඩ මුත්‍ර මාර්ගය ඉඩ දෙන්නේ නෑ.ශිෂ්ණය සෘජු වෙලා තියෙද්දිත් මුත්‍රා කරන්ඩ අමාරු මුත්‍ර මාර්ගයට මුත්‍ර එන විවරය ඒ වෙලාවට වැහිලා තියෙන හින්දා.


ශිෂ්ණය

මේක තමයිනේ වැදගත්ම ඉන්ද්‍රිය.ශිෂ්ණය කියන්නේ අවශ්‍ය වෙලාවට සෘජු වෙන අනිත් වෙලාවට නිකං එල්ලි එල්ලි තියෙන ව්‍යුහයක්නේ.මේක සෘජු වීම නොවුනොත් බෙලහීනයෙක් කියලා අපහාස විඳින්ඩ වෙනවා.ඒ වගේම හැමතිස්සෙම සෘජු වෙලා තිබ්බොත් වනචරයෙක් කියලා අපහාස විඳින්ඩ සිද්ද වෙනවා.මේක පාලනය කරං ඉන්නෙ කොච්චර අමාරුවෙන්ද කියලා දන්නේ ඒක තියෙන එකෙක්ම විතරයිනේ.
ප්‍රියාපස් නම් ග්‍රීක දෙවියා

ශිෂ්ණය හැදිලා තියෙන්නේ ස්පොන්ජිමය පටකවලින් හැදිච්ච කූරු වගේ ව්‍යුහ තුනකිං.මේවායෙන් දෙකක් එක සමානයි.ඒ දෙක ඉහළ දෙපැත්තේත් අනිත් එක පහළ මැදත් පිහිටලා තියෙනවා.ඉහළින් තියෙන ව්‍යුහ දෙක වටේට තද පටකයකින් හැදිච්ච ආවරණයක්, ඒ කියන්නේ කවරයක් තියෙනවා.මේ ඉහළින් තියන ස්පොන්ජිමය පටක මැද්දෙන් ධමනි කියන රුධිර නාළ( හදවතේ ඉඳං රුධිරය අරන් එන රුධිර වාහිනී ) පිහිටලා තියෙනවා.දැං ඉතිං ඔන්න කට්ටිය මතක් කර ගන්ඩ අර ඉස්සර කාලේ රුපියල් දෙකට තිබ්බ අයිස් පැකට්. අන්න ඒ අයිස් පැකට් කාලා ඉවර වෙලා ඒකට හුලං පුරවලා කොහෙ හරි ගහලා 'ඩෝං' ගාලා පිපිරෙව්වා මතකද? අන්න ඒ වගේ නිකං හිතලා බලන්ඩ ඒ අයිස් පැකට් එකකට තරමක පීඩනයෙන් වතුර පිරෙව්වොත් මොකද වෙන්නේ?? 

අන්න ඒ සිද්දියම තමයි ශිෂ්ණයෙත් වෙන්නේ.ශිෂ්ණයේ මේ තියෙන ස්පොන්ජිමය පටකවල රුධිරය පිරෙනවා.එතකොට ශිෂ්ණය ක්‍රමයෙන් ප්‍රමාණයෙන් විශාල වෙනවා.ඊට පස්සේ අර ස්පොන්ජිමය පටක වටේ තියෙන තද පටකයෙන් හැදිච්ච කවරේ නිසා එක්තරා අවස්ථාවකදි විශාල වෙන එක නැවතිලා මේ පටක ඇතුලේ පීඩනය වැඩි වෙන්ඩ ගන්නවා.ඊට පස්සේ මේ පීඩනය නිසා ශිෂ්ණය සෘජු වෙන්ඩ පටං ගන්නවා. ශිෂ්ණයට රුධිර සැපයුම වැඩි වෙනකොට ශිෂ්ණය ප්‍රමාණයෙන් විශාල වෙද්දි ශිෂ්ණයෙන් රුධිරය අරන් යන ශිරා අවහිර වෙනවා.ඒ නිසා ශිෂ්ණය ඇතුලේ රුධිරය එක් රැස් වෙලා පීඩනය වැඩි කරගන්ඩ පුළුවං.

ඉතිං ලිංගික ක්‍රියාවේදී ශුක්‍ර මෝචනය උනාට පස්සේ ශිෂ්ණයට ලැබෙන මේ රුධිර ප්‍රමාණය අඩු වීම නිසා නැවතත් ශිෂ්ණය කුඩා වෙනවා.

ශිෂ්ණයේ අග කෙළවර තියෙන ශිෂ්ණ මුණ්ඩය හැදෙන්නේ අර පහළින් තිබුණු ස්පොන්ජිමය පටකය ශිෂ්ණය කෙළවරදී විශාල වීම නිසා.මේ පහළින් තියෙන ස්පොන්ජිමය පටකය මැද්දෙන් තමයි මුත්‍ර මාර්ගය ගමන් කරන්නේ.මේ ශිෂ්ණ මුණ්ඩය කියන කොටස තමයි පුරුෂයින්ගේ ලිංගිකමය සංවේදී ප්‍රධානම ප්‍රදේශය.

ශිෂ්ණ මුණ්ඩය ප්‍රදේශය ආවරණය වෙලා තියෙන සම පසුපසට කිරීමෙන් ශිෂ්ණ මුණ්ඩය නිරාවරණය කරන්ඩ පුළුවන්.යුදෙව්වන් සහ මුස්ලිම් අය මේ පෙර සම කපා දමනවා.පෙරසම් කපා නොදැමූ අය මේ පෙරසම පසුපසට කර ශිෂ්ණය පිරිසිඳු කිරීම වැදගත්.එහෙම නිතර පිරිසිඳු නොකිරීම නිසා ශිෂ්ණ මුණ්ඩය හා පෙරසම අතර 'ස්මැග්මා' කියන ශ්‍රාවයන් එකතු වෙනවා.සාමාන්‍ය ජන වහරේ 'පොල්කුඩු' ලෙස හඳුන්වන මේ ස්මැග්මා දුඟදින් යුක්ත වන අතරම පිළිකා කාරකද වෙනවා.






ශිෂ්ණයේ පිළිකාවක්

ශිෂ්ණයේ ප්‍රමාණය ගැන කළබල විය යුතු නැත.ශිෂ්ණයේ ප්‍රමාණය මත ඔබේ හෝ සහකාරියගේ තෘප්තිය රඳා පවතින්නේ යැයි කිසි විටක සිතන්න එපා.ශරීරයේ ප්‍රමාණයට සාපේක්ෂකව විශාලම ශිෂ්ණය හිමි වන්නේ මිනිසාටයි.කොහොමත් කාන්තාවක් තෘප්තිමත් කිරීමට අඟල් 4ක් දිග ශිෂ්ණයක් තිබීම ප්‍රමාණවත් කියලයි කියන්නේ.අනික ඔබේ සහකාරිය ඔබේ ශිෂ්ණය ප්‍රමාණවත් නැතැයි ඔබට චෝදනා කරන්නේ නම් (ඔබ සැළකිල්ලට ගත යුත්තේ ඔබේ සහකාරියගේ චෝදනා පමණි.ලෝකයා මොන කතා කිව්වත් ඒ කිසිවෙකුත් ඔබගෙන් ලිංගික තෘප්තිය බලාපොරොත්තු නොවන නිසා ඒ වෙනුවෙන් වෙහෙසී පළක් නැත.) ඔබ කළ යුත්තේ ඇය යෝනි මාර්ගය විශාල කර ගැනීම පිළිබඳව දොස් පැවරීමය.


පි‍ටු පෙරලපු ගාන