"හැන්සි ක්රොන්යේ" ඇද වැටුනු ඇෆ්රිකානර් කුමාරයා හා ක්රිකට් පිටියේ ඔට්ටු සෙල්ලම්.-(සැප්තම්බර් 25 ට යෙදුනු හැන්සි ක්රොන්යේ ගේ 42 වැනි උපන්දින මතක සැමරුම වෙනුවෙනි).

Tuesday, September 27, 2011
ප්‍රථම බෝම්බ ප්‍රහාරය
වසර 2000 අප්‍රේල් 7 යනු ක්‍රිකට් ලොව සසල කල දිනයකි. නව දිල්ලි ඒකාබද්ධ පොලිස් කොමසාරිස් කේ.කේ. පෝල් පුවත්පත් සාකච්චාවක් කැඳවමින් 'මහත්වරුන්ගේ ක්‍රීඩාවේ' කීර්ති නාමය සුනු විසුනු කල ප්‍රථම බෝම්බ ප්‍රහාරය එල්ල කරනුයේ එදිනය. ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ක්‍රිකට් ලෝලීන්ගේ සිත් කම්පාවට පත් කරමින් ඔහු පවසන්නේ මුදලට තරඟ පාවාදීම් සාක්ෂි සහිතව ඔප්පු කල හැකි සාධක තමන් සතු බවයි.
ඇද වැටුනු අෆ්‍රිකානර් කුමාරයා
වසර ගනනාවක් පුරා අන්තර් ජාතික ක්‍රිකට් කවුංසිලය ඇතුලු ක්‍රිකට් ක්ෂේත්‍රය තුල වරින් වර තරමක කථා බහට ලක්වුනු මාතෘකාවක් වුවද මුදලට තරඟ පවාදීම 'සාක්ෂි නැත' යන පදනම මත සැම විටම යටපත් විය. එවන් තත්වයක් තුල ඉන්දීය පොලිස් කොමසාරිස්ගේ ප්‍රකාශය ක්‍රිකට් ක්ෂේත්‍රය තුල මෙන්ම ක්‍රීඩාවට ඇළුම් කල ක්‍රිකට් ලෝලීන් තුලද ඇදහිය නොහැකි කම්පනයක් ඇති කලේය. විශේෂයෙන්ම මේ චෝදනාවන් සම්බන්දව  කියැවුනු නම් විශ්වාස කල නොහැකි වූ අතර..ඒ අතුරෙනුත් අංක එකේ චුදිතයා වු හැන්සි ක්‍රොන්යේ යන්න කෙසේවත් ඇදහිය නොහැකි විය.ඒ වන විට ක්‍රිකට් ලොව තුල හැන්සි ගොඩනගාගෙන තිබූ පෞර්ෂය හා ප්‍රතිරූපය ඒ තරම්ම දැවැන්ත විය. මෑත කාලීන ක්‍රිකට් ක්‍රීඩාව තුල නැතහොත් අපේ කාලයේ ක්‍රිකට් ක්‍රීඩාව තුල සිටි විශිෂ්ටතම නායකයා හැන්සි බව මගේ විශ්වාසයයි. ක්ලයිව් ලොයිඩ් හා ඉම්‍රාන් ඛාන් යන 70/80 දශක වල සිටි විශිෂ්ඨ නායකයන් ගැන කියවා හා අසා ඇති නමුත් ඔවුන් නායකත්වය දුන් තරඟ මා නරඹා ඇත්තේ අතේ ඇඟිලි ගනනටත් අඩුවෙනි.තාක්ශනයේ දියුනුවත් ,වානිජ්‍යකරණයත් තුල 90 දශකයේ සිට ලොවපුරා ක්‍රීඩා කල බොහෝ ක්‍රිකට් තරඟ සජීවීව නරඹන්නට ලංකාවේ අපටද වරම් ලැබිනි.'අපේ කාලයේ නායකයන් අතර' යනුවෙන් මා විශේෂනයක් යෙදුවෙ එබැවිනි.
ප්‍රංශ සම්භවයක් සහිත අෆ්‍රිකානර් නමින් හැදින්වෙන ජාතියකට අයත් හැන්සි, අලුත් ද. අප්‍රිකාව නොහොත් මැන්ඩෙලාගේ දේදුනු වර්ණ ද. අප්‍රිකාවේ අසහාය ක්‍රීඩා තාරකාවක් විය. චෝදණාවන්ට ක්ෂණිකව ප්‍රතික්‍රියා දක්වන ඔහු ඒවා සියල්ල ප්‍රතික්ෂේප කරයි. අප්‍රිකානු ක්‍රිකට් බලධාරීන්ද,ජාතික කණ්ඩායමද තමන්ට හැන්සි විශ්වාස බව එකහෙලා පවසයි. එහෙත් දින 4 කට පසු පිටු 5ක් පුරා සිය අත් අකුරෙන්ම දීර්ඝ ස්වයන් පාපෝච්චාරණයක් ලියන හැන්සි එය තම බිරිඳ බර්තා,තම නීතීඥයා වන සැක්ස්ටයින්, ද. අප්‍රිකානු ඒකාබද්ධ ක්‍රිකට් ම්ංඩලයේ ප්‍රදාන විධායක ආචාර්ය  අලි බැකර් හා සිය ආධ්‍යාත්මික මග පෙන්වන්නා හා ක්‍රිස්තියානි පුජකවරයෙකු වන මැක්කෝලි වෙත් ෆැක්ස්කරමින් තමන් බුකි කරුවන්ගෙන් මුදල් ගත් බව පිලිගනී.
ඉන්දීය පොලීසිය තමන් සතුව ඇතැයි කී හඬපට කිසි දිනක එලිදැක්වූ නැති අතර අවසානයේ හැන්සිට එරෙහිව තිබුනේ ඔහු විසින් සුප්‍රකට 'කිංග්' කොමිසම ඉදිරියේ කල ප්‍රකාශය හා දින තුනක් තිස්සේ ලබා දුන් සාක්ශි පමණය. නිශ්චිත නිගමනයක් නොමැතිව කොමිසම අවසන් වූ නමුත් ද. අප්‍රිකානු ක්‍රිකට් බලධරයන් හැන්සි ක්‍රොන්යේ ජීවිතාන්තය දක්වා වූ තරඟ තහනමකට ලක් කලේය.
අලු යට තිබූ ගිනි ඇවිලෙයි
විෂිශ්ඨ ක්‍රීඩකයෙකු හා නායකයකු ලෙස ලොව පිලිගත්තද හැන්සි ක්‍රිකට් ක්‍රීඩාවට කල ලොකුම දෙය නම් සිය වැරදි පිලිගනිමින් සත්‍ය ප්‍රකාශ කිරීමට ගත් තීරණය තුලින් අලු යට තිබූ නීති විරෝධී ඔට්ටු සෙල්ලම එලිදරව් කිරීමයි. මේ හෙලිදරව් කිරීම් හමුවේ, විශේෂයෙන් ඉන්දියාවේ හ පාකිස්තානයේ පැවති පරීක්ෂණ තුලින් හිටපු ඉන්දීය නායක මොහොමඩ් අසාරුදීන් හා හිටපු පාකිස්තාන නායක සලීම් මලික් ජීවිතාන්තය දක්වා තරඟ තහනම් වලට ලක් විය. ඊට අමතරව අජෙ ජඩෙජා,අටා උර් රෙහෙමන් වැනි තවත් ඉන්දු පාකිස්තන් ක්‍රීඩකයන්ද ඳඩුවම් වලට ලක් විය.
ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ඳ ඔට්ටු ඇල්ලීම පිලිබඳ විශේසඥයෙකුට අනුව ඉන්දියාවෙ පමනක් මෙම නීති විරෝධී ව්‍යාපාරයේ වාර්ශික වටිනාකම ඩොලර් බිලියන 2 පමන බවයි. ඉන්දීය ජෙෂ්ඨ ආදායම් බදු කොමසාරිස් වරයෙකු වූ විශ්වා ගුප්තා වරක් ප්‍රකාශ කලේ අසාරුදීන් වසර ගනනාවක් පුරාවට ක්‍රිකට් තරඟ  හා සම්බඳ අයථා ගනු දෙනු වලින් හම්බ කල මුදල ඩොලර් මිලියන 50 පමන බව ඔහු විශ්වාස කරන බවයි.  එමෙන්ම සලීම් මලික් ද ඩොලර් මිලියන 2ක් පමන මෙසේ ලබාගෙන ඇති බව අනුමාන කෙරේ.
ඔට්ටු ක්‍රීඩාවේ ලාංකීය අත්දැකීම්
මෙම වර්ධනයන්ට සමගාමීව ලාංකීය ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටද ඉන්දීය තරඟ සංචාරයකදී මුදලට තරඟ පාවා දුන් බවට චෝදන එල්ල වූ නමුත් කිසිදු පරීක්ෂනයක් නොමැතිව ඒවා යට ගියේය. ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර තරඟාවලියකදී, කාළගුන තත්ව විස්තර ,තණතිලි පිලිබඳ විස්තර බුකි කරුවන්ට දෙමින් මුදල් ලබා ගත් බවට ශේන් වෝන්ට හා මාර්ක් වෝට චෝදනා එල්ල වූ අතර අභ්‍යන්තර පරීක්ශනයක් පවත්වා සුලු දඩ මුදලක් පනවා එය යට ගසා දමන්නට ඔස්ට්‍රේලියාව කටයුතු කලේය. එමෙන්ම 96/97 තරඟ වාරයේදී ශ්‍රී ලංකාව, ද. අප්‍රිකාව,පාකිස්තානය හා බටහිර ඉන්දීය කොදෙව්වන් සහභාගී වූ සිව්කොන් තරඟාවලියද බුකි කරුවන් තමන් පසුපස ආ අවස්තාවක් බව හැන්සි සිය සාක්ශියේදී පවසයි.
වරක් අස්ගිරිය ක්‍රීඩාංඟනයේ පැවති ටෙස්ට් තරඟයක් සඳහා මාවන් අතපත්තු නැවතී සිටි හෝටල් කාමරයේ තිබී ලක්ෂ ගනනක මුදලක් හෝටල් සේවකයෙකුට හමුවිය. මාවන් ඒවා තමගේ නොවන බව ප්‍රකශ කල අතර,වෙනත් අයිතිකරුවෙක්ද ඉදිරිපත් නොවීය. මාවන්ව අපකීර්තියට පත් කරන්නට කිසිවෙක් මෙය කලාද, නැතහොත් මාවන් මුලින් මුදල් ලබාගෙන, පසුව සිය තීරනය වෙනස් කර මුදල් අත්හැර ගියාද එසේත් නැතිනම් මාවන් බුකි කරුවන්ව ප්‍රතික්ශේප කලද ඔහුව පොළබවාලීමට ඔහු නොදැනුවත්ව මුදල් කාමරය තුලට දැම්මාද යන ඕනැම දෙයක් සිදුවිය හැකි වුවත් කිසිදු පරීක්ශනයක් නැතිව එයද යටගියේය.
මෑතකදී, හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයෙකුද දැන් දේශපාලකයෙකුද වන හශාන් තිලකරත්න ආන්දෝලනත්මක ප්‍රකාශයක් කරමින්, මුදලට තරඟ පාවාදුන් ලාංකීය ක්‍රීඩකයන් ගැන තමන් දන්නා බවත් නිසිකල හෙලිදරව් කරන බවත් පවසයි. ඇමති පරීක්ෂණ කරන බව පැවසුවද සිදුවන්නේ, හශාන් හා ජනාධිපති අතර හමුවකින් පසු සියල්ල යට යාමයි.
ලංසු හා අල්ලස්
සාමන්‍යයෙන් ක්‍රීඩා තරඟ වල ඔට්ටු අල්ලන්නෙ  ජය පරාජය පිලිබඳව වුවත් ක්‍රිකට් උන්මාදයෙන් පෙලෙන ඉන්දීය උප මහද්වීපය තුල ලංසු වල විස්තීර්න භාවය පුදුම උපදවන සුලු බව විශේසංඥ අදහසයි. එය තරඟය ජය ගන්නෙ කවුද, කාසියේ වාසිය හිමිවන්නේ කාටද,පලමුවෙන් පංදුවට පහර දෙන්නේ කවුද,කන්ඩායම් ලබා ගන්නා ලකුනු මෙන්ම එක් එක් ක්‍රීඩකයා ලබා ගන්නා ලකුනු හෝ කඩුලු වල සිට, පලමු පන්දු යැවීමේ වෙනස ලෙස පංදු යවන ක්‍රීඩකයා(first change bowler) කවුද, අහවල් ඕවරයේ කඩුල්ලක් වැටෙයිද නැත්ද, අහවල් ඕවරයේ ලකුනු කීයක් ගනියිද වැනි කාරනා මෙන්ම ක්‍රීඩකයන් කී දෙනෙක් අව් කන්නඩි පැලඳ පිටියට එයිද වැනි කරුනු පවා ඇතුලත් බව පැවසේ. මෑතකදී තරඟ තහනමකට මුහුන දී සිටින, සල්මන් බ්ට්, ආමීර් හා ආසිෆ් මොහොමඩ්ලා එන්ගලංතයේ කල 'නෝ බෝල්' සෙල්ලමද මෙවැනි 'ස්පොට් ෆික්ස්' එකකි. සමස්ත තරඟයක ප්‍රතිඵලයට හානියක් නැති පොඩි පොඩි දේවල් වලටත් දහස් ගනනින් ඔට්ටු තැබෙන අතර ඩොලර් දෙතුන් දාහකට එවන්නක් කිරීම සඳහා ක්‍රීඩකයකු පොලඹවා ගැනීමද එතරම් අපහසුවක් නැත. උදාහරනයකට, ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් (අපි කියමු ෂෙවාග් නැත්නම් ඩිල්ශාන්)පිටියට යන විට කැප් එකක් දානවද, හැට් එකක් දානවද වගෙ එකක් සලකන්න ,තරඟයට කිසිම බලපෑමක් නැති ඒවගේ දෙයකින් ලක්ශයක් දෙකක් අතට ගන්න පුලුවන්නම් ක්‍රීඩකයන් ඒවට පොලඹව ගැනීම එතරම් අපහසු නොවේ.
ක්‍රීඩකයන් බා ගැනීමට බුකි කරුවන් දමන ඇමවල් අතර දහසින් බැඳි පියලිද, සුපිරි මෝටර් රථ වැනි තෑගිද සුරූපි ළලනාවන් සමග රාත්‍රීන්ද ඇති බව පැවසේ.
අද ක්‍රිකට්
IPL වැනි T/20 තරඟාවලි හරහා තවදුරටත් වාණිජ්‍යකරනය වී ඇති අද දවසේ ක්‍රිකට් ක්‍රීඩාව තුල ප්‍රමුඛස්ථානය මුදලට හිමිවී හමාරය.කෝටි ගනනින් ක්‍රීඩකයන්ට ගෙවන ඉන්දීය ෆ්‍රැන්චයිසයන් පිටුපස බුකි කරුවන්ගේ කලු සල්ලිද තිබීමට හොඳටම ඉඩ කඩ ඇත. එමෙන්ම විවිධ රටවලින් පැමිනෙන ක්‍රීඩකයන් එකම කන්ඩායමක් නියොජනය කරන අතර, ඔවුන්ට තම රට නියොජනය කරනාකාරයේ හැඟීමක් මෙහිදී ඇති නොවේ, තවද ක්‍රීඩකයන්, පුනුකරුවන්, සහය පුහුනුකරුවන්, භෞත්චිකිත්සකයන් හා තවත් අවශේස පුද්ගලයන් ද සමග 300කට අදික පිරිසක් සම්බඳ වීම හා ව්‍යපාරිකයන්ද,මදු විතද,සුරූපිනියන්ද උතුරන සාද,ස්ංග්‍රහ වැනි විච්චූරනද අඩුවක් නැති මේ තරඟවලි බුකි කරුවන්ගේ ඇල්ම බැල්ම වැටී නැතැයි සිතිය හැකිද.
අවසානය
නැවතත් හැන්සි දෙස හැරුනොත්, බොහෝ චෝදනා ලද ක්‍රීඩකයින් කල පරිදි බොරුවට ප්‍රතික්ශේප කරමින්,බලධාරීන් හා දෙශපාලකයන් හරහා ඒවා යට ගසා ගන්නට උත්සාහ කරනවා වෙනුවට සිය වැරදි පිලිගනිමින් කල හෙලිදරව්ව නිසා තරඟයක තීරනය බුකි කරුවන් අත රැදෙන තරමට ක්‍රිකට් ක්‍රීඩාව බිඳ වැටීමට තිබූ අවස්ථාව වැලකෙන්නට ඇත. සිය වර්නවත් ක්‍රිකට් දිවිය කලු පැල්ලමකින් අහිමි කර ගත් හැන්සිට, 2002 ජූනි 1 සිදුවූ ගුවන් අනතුරකින් සිය දිවියම අහිමි විය. බුකි කරුවන්ගේ මරණ තර්ජන තිබුනද ,මේ ගුවන් අනතුර කුමන්ත්‍රණයක ප්‍රතිපලයක්දැයි තිබු සැක පරීක්ෂණ තුලින් ප්‍රතික්ශේප විය.
ක්‍රීඩාව දූෂණයෙන් බේරා ගත හැක්කේ චෝදනාවක් ආවිට පරීක්ශන පවත්වා වැරදි කරුවන් සිටීනම් දඬුවම් දීමෙනි. බුකි කරුවන් හා ඒවාට සම්බඳ පුද්ගලයන් ක්‍රිකට් මහ පුටුවලට පත් කරන අපේ වැනි රට වල එවන්නක් සිදුවේයැයි සිතීමද විහිලුවකි.

ලව් ගොඩ දැමීමට කලාවේ දායකත්වය......

Monday, September 26, 2011


මේක බොහොම ඉස්සර මම ලියපු එකක්.ඇත්තටම කිව්වොත් අපි එතකොට පළමු වසරේ ශිෂ්‍යයො.අපේ පළවෙනි තීරණාත්මක විභාගයෙන් පස්සෙ රිපීට්වූවන් ගොඩ දැමීමේ මහා රිපීට් කැම්පේන් එක තිබ්බ දවස්වල.ඔන්න ඔය කාලේ තමයි අපේ පණ්ඩිත්ගෙ පළමු ප්‍රේම සිතුවිල්ල පහල උනේ.දාහක් බාධක කම්කටොළු මැද්දෙ මේක ගොඩ යැවීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මගේ දායකත්වය දැක්කුවෙ මේ ජාතක කතාව ලියලා නෝටිස් බෝඩ් එකේ ගහලා.ලව් එකනං ගොඩ ගියා.තවම අපිට හිතාගන්න බැරි ඇත්තටම අසරණ උනේ තාරා ද, පණ්ඩිත් ද, නැත්තං මේ අපිම ද කියන එක.......

කියවන්ඩ ටිකක් අමාරුනං සමාවෙන්ඩ ඕනෙ.මොකද මේක JPEG විදිහට තමයි ඉතුරු වෙලා තිබ්බෙ.











ගේම් ඩිරෙක්ට් බාගමු

Sunday, September 25, 2011

කාලෙකට පස්සේ සිතුවිලි පවුරට ලිපියක් දාන්න හිතුවා. කාලෙකින් මේ පැත්තේ එන්නත් බැරි උනානේ.
                                          ගේම් පිස්සන්ට (මේ මම වගේ) අයට හරියන වැඩක් මේක. අපි දන්නවනේ ගොඩක් ගේම්ස් බාගන්න ඕනේ ටොරන්ට් මගින් කියලා. ඒත් ඊට වඩා ඉක්මනින් ඩිරෙක්ට් ලින්ක් මගින් බාගන්න පුලුවන් කියලා ඔයගොල්ලෝ දන්නවද? ඔන්න එහෙනම් වැඩි කතාවක් නැතුව මේ පෝස්ට් එකට බහිමුකෝ.
                                    මේ වෙබ් අඩවියක්. මේ අඩවියේ විශේෂත්වය වෙන්නේ මේ අඩවියේ බාන්න දීලා තියන හැම ගේම් එකක්ම IDM එක භාවිතයෙන් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න. අපි කැමතිම ගේම් එකක ටොරන්ට් එකේ සීඩර්ස්ලා අඩු උනොත් අපි අසරණ වෙනවනේ. ඔන්න ඒ වගේ වෙලාවට මේ අඩවිය භාවිත කරන්න පුලුවන්. අනිත් එක තමා අපේ පරිගණකයේ පහසුකම් අනුව ප්ලේ කරන්න පුලුවන් ගේම්ස් ලේසියෙන්ම හොයාගන්න පුලුවන්. අනිත් එක ගේම්ස් ISO ෆයිල් නිසා ප්‍රමාණයත් බොහොම අඩුයි. සේරටම වඩා මේ අඩවියේ විශේෂත්වය තමයි මේ ගේම්ස් සේරම දෙන්නේ නොමිලේම වීම. ඉතින් වැඩි කතාවක් නැතුව පහළ ලින්ක් එකෙන් ගිහින් බලන්නකෝ.


මෙතන ඔබන්නකෝ

ඔන්න මම යනවා. ඔයගොල්ලෝ මේ පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා උදව් කරන්නකෝ.

නිශ්ඵල

Saturday, September 24, 2011




දැඩි වෙහෙසෙන්                 දුබල
හිස මත හිරු ද නැඟි              කල
සොයා සෙවනෙන්             සිහිල
රැඳී පල නැත කැහැටු රුක     මුල

තොල කට ද                       වේලී
තල්ලේ දිව ද ඇලි                ඇලී
සොයා දිය                     නිකෙළී
නොයන් සමුදුර බලා          ඉගිලී

සිතුවිලි                             ගුගුරලා
හදවත සොවින්                  බිඳිලා
ඇතත් තනි                           වීලා
නොයන් ළඳකගෙ සෙවණ පතලා

සිත් ගත් ගීතයක්!

Thursday, September 22, 2011
හිතින් මා නොසැලී හිදිද්දී
කඳුල නුබ ඇවිඳින්
නිවා දැමු ඒ නෙතේ පීඩා
නොබිදිනූ මැනවී....

තනිව මා හඩනා වෙලාවේ
සැලි සැලී සීතේ...
වැටුනු මහ වරැසා මතක් වේ
නුබ රැඳී දෑසේ....
හිතින් මා නොසැලී//.....

තවම මා නොදුටූ සිනා කැන්
හමු නොවූ යාමේ...
කඳුල මට කරැණා කරන්නැයි
අයදිමී නිබදේ...
හිතින් මා නොසැලී//......



ළමා විය!



අහිංසක ළමා විය!
කිමද නුඹ අසරණව
යදින්නේ ඇසුර මා
සමා වනු මැනවි මට
පමා විය නොහැක තව
සමු ගැනිය යුතුය දැන්

දයාබර ළමා විය !
කිමද නුඹ බලන්නේ
කඳුලු පිරි දෙනුවනින්
මා වෙන්ව ගියත් දැන්
වඩිනු ඇත නුඹෙ ලොවට
තවත් අය නිසැකවම

දඟකාර ළමා විය !
කිමද අඬගසන්නේ
කෙලි දෙලෙන් සිටින්නට
තවත් ඉඩ නොමැත මට
සමු අරන් යමි ඉතින්
උරුම වැඩිහිටි ලොවට

සෙනෙහෙබර ළමා විය !
අවoක වූ නුඹෙ සෙනෙහෙ
එපා මට තව තවත්
උනුන් පරයා නැගෙන
අනාගත මගෙ ලොවෙහි
කිරුළු පැළඳිය යුතුය
එයයි මගෙ ඉලක්කය
 පරාජිත ළමා විය !

වැඩිපුරම භාගත කරගෙන ඇති Wordpress Plugins 20

මේ වන විට අන්තර්ජාලය තුළ තිබෙන ජනප්‍රියම Blogging Platform එක තමයි වර්ඩ්ප්‍රෙස්. මේ වෙනකොට self hosted wordpress අඩවි මිලියන 50කට අධික ප්‍රමාණයක් තිබෙනවාලු.
ඉතින් මේ කතාකරන්න යන්නෙ මේ මිලියන 50ට යන අතරෙ, ඒ භාවිතා කරන්නන් වැඩිපුරම භාගත කරගෙන තිබෙන ප්ලගින 20 ගැනයි.

ස්වයංක්‍රීයවම ඔබගේ බ්ලොග් අඩවිය හා ලිපි SEO කරන ප්ලගිනයක් තමයි මේක. ඒ ඒ ලිපි වලට වෙන වෙනමම ටැග් දාන්න, සෙවුම් යන්ත්‍ර වලට හොයාගන්න ලේසි වෙන්න විවිධ දේ කරන්න මේ හරහා පුළුවන්. තවත් මේ වගේ ඒව තියෙනව, නමුත් මේක තමා මම දැකල තිබෙන හොඳම එක. ටිකක් සංකීර්ණයි, වැඩ කෑලි ගොඩායි.
Downloads 8,208,465

ඔබගේ අඩවියට එන කමෙන්ට්ස්, ස්පෑම් සඳහා පරික්ෂා කරන එක තමයි මේකෙන් කරන්නෙ. මේක ඉතාම ප්‍රයෝජනවත් ස්පෑම් වලින් වැළකීම සඳහා. මම නම් මේක අනිවා දාගන්නව මොනව නැතත්.
Downloads 7,010,496

ගූගල් සෙවුම් යන්ත්‍රයට ඔබගේ අඩවිය පහසුවෙන් index කිරීම සඳහා සයිට් මැප් එකක් සකසා දීම මෙම ප්ලගිනය මගින් කරනවා. ගූගල් සර්ච් වල ඔයාගෙ බ්ලොග් එක හොඳට ලිස්ට් වෙන්න නම් මේක අනිවා දාගන්න.
Downloads 5,386,430

මේක තවත් කන්ටැක්ට් ෆෝම් එකක් විතරයි, නමුත් ගොඩාක් භාවිතය පහසු, සරළ නමුත් ඉතාම හොඳ එකක්.
Downloads 4,203,678

ගොඩාක් ඔප්ෂන් තියෙන image gallery plugin එකක්. 
Downloads 3,494,547

ඔයාගෙ සර්වර් එකට ලෝඩ් එකක් නැතිව ඔයාගෙ අඩවියෙ stats බලාගන්න පුළුවන් ප්ලගින් එකක්. මේකෙන් කරන්නෙ wordpress.com වල stats හරහා සම්බන්ධ වෙන එකයි.
Downloads 2,589,702

මේකෙන් කරන්නෙ ඔයාගෙ අඩවියෙ තිබෙන දේවල් වල static html ෆයිල් හදන එක. ඒකෙන් අඩවිය client side එකෙන් ලෝඩ් වෙන එක ඉතාම වේගවත් වෙනව. (සයිට් එකේ ස්ටැටික් කොටස් ඔක්කොම කෑශ් කරගන්නව පරිගණකයට). හැබැයි මගෙ බ්ලොග් එකක නම් මට මේක කරදරයක් වෙලා අයින් කළා. මොකද අඩවිය ස්ටැටික් කොටස් කෑෂ් කර ගත්තම, අපී ඒකෙ වෙනසක් කලත් බොහෝ වෙලාවට ඒක අඩවියට එන්නන්ට පේන්නෙ නැතුව යනව, ඔවුන්ට පේන්නෙ අර කෑෂ් වෙලා තියෙන එක තමයි. ඒ කියන්නෙ පරන එක. :(
Downloads 2,391,929

ඔයාගෙ බ්ලොග් එක ජංගම දුරකථන වලින් පහසුවෙන් බලන්න පුළුවන් කරන ප්ලගිනයක් තමා මේක. මේකෙන් බ්ලොග් එක iPhone App එකක් වගේ කරනව. :)
Downloads 2,228,517

මෙක මොකද්ද කියල නම් කාටවත් කියන්න ඕනෙ නෑනෙ. ගූගල් මගින් ලබාදෙන වෙබ් සයිට් ඇනෑලිටික්ස් සේවාව තමා මේක. සාමාන්‍යයෙන් අපි කරන්නෙ ඒකෙන් දෙන කෝඩ් එක අපේ පිටුවකට එකතු කරන එකනෙ. නමුත් මේකෙන් කෙලින්ම ප්ලගිනය හරහා ඔබට ඒ වැඩ ටික කරගන්න පුළුවන්.
Downloads 2,037,340

මේක ඇවිල්ල සෝශල් ශෙයාරිං ප්ලගිනයක්. ඔබගේ ලිපි, ප්‍රසිද්ධ සමාජ ජාල වෙබ් අඩවි වලට ශෙයා කරන්න පුළුවන් මේක හරහා. නමුත් මම නම් මේකට වඩා කැමතියි Sexy Bookmarks කියන ශෙයාරිං ප්ලගිනයට.
Downloads 1,850,470

සමහරක් බ්ලොග් අඩවි වල පහලින් පිටුවෙන් පිටුව යන්න ඉලක්කම් එක්ක තීරුවක් තිබෙනවා ඔබ දැකල ඇති. අන්න ඒක දාගන්නෙ මේකෙන් තමා. මේක අඩවියේ ලිපි අතර යනකොට හරිම පහසුවක් ලැබෙනවා.
Downloads 1,713,578

මේකත් contact form එකක් තමා. අපිට ඕනෙ විදිහට වෙනස් කරගන්න පුළුවන්. කරදරකාර ටෙම්ප්ලේට් නෑ. ස්පෑම් ඇටෑක් එන්නෙත් නෑ. contact forms ප්ලගින වලින් මේක හා Dragon Design Form Mailer තමයි මම කැමතිම contact forms ප්ලගින.
Downloads 1,586,123

ඉස්සෙල්ල එකම වගේ එකක්. ගූගල් ඇනැලිටික්ස් වලට ඕනෙ කරන ජාවාස්ක්‍රිප්ට් එක පිටු වලට දාල දෙනවත් එක්කම මේකෙ තිබෙනව ඇනැලිටික්ස් වල විස්තර අඩවියේ මුල් පිටුවට එකතු කරන්න පුළුවන් විජට්ටුවකුත්.
Downloads 1,433,450

ගූගල් එකෙන් දෙන භාෂා පරිවර්තකය අඩවියට එකතු කරන්න පුළුවන් මේකෙන්. ඔයාගෙ අඩවියේ තියෙන අන්තර්ගතය ක්ලික් දෙකකින් භාෂා 58කින් ඕනෙම එකකට කියවන්නාට පරිවර්තනය කරන්න පුළුවන් මේකෙන්. (සිංහල නම් ගූගල් තාම දන්නෙ නැතිලු.)
Downloads 1,215,595

මේක ඇවිල්ල e-commerce වලට තිබෙන හොඳ Web 2.0 වර්ඩ්ප්‍රෙස් ප්ලගිනයක්. ඔබේ අඩවියේ තිබෙන දේවල් විකුණන්න පුළුවන්, ෂොපිං කාට් එකක් දාගන්න පුළුවන් ප්ලගිනයක් තමා මේක.
Downloads 1,208,872

මේ ප්ලගිනය හරහා ඔබට පුළුවන්, ස්වයංක්‍රීයවම ඔබ ලිපියක් දැම්ම ගමන්ම ඔබ එකතු කරල තිබෙන social bookmarking අඩවි වලට ඒ ලිපිය එකතු කරන්න.
Downloads 1,155,054

social sharing වලට මම නම් කැමතිම ප්ලගිනය තමා මේක. මේක හරහා social sharing buttons සෙට් එකක් ඔයාගෙ ලිපි වලට එකතු කරගන්න පුළුවන්. ලස්සන පෙනුමකුත් තිබෙනව මේකට.
Downloads 1,089,436

ඔබ ලිව්ව ලිපියට relate වෙන ලිපි වල ලැයිස්තුවක් ඒ ලිපිය යටින් පෙන්වන එක තමයි මේකෙන් කරන්නෙ. tags, categories වලින් තමයි මේ ලිපි තේරිම සිදු කරන්නෙ.
Downloads 1,067,965

වර්ඩ්ප්‍රෙස් export file එකකින්, ලිපි, පිටු, අදහස්, ප්‍රවර්ග, තව ගොඩාක් දේවල් මේ ප්ලගිනය මගින් අලුත් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකට import කරගන්න මේක හරහා පුළුවන්.
Downloads 1,050,154

ඉතා පහසුවෙන්, ඔබගේ වර්ඩ්ප්‍රෙස් ඩේටාබේස් එක බැකප් කරගන්න මේකෙන් පුළුවන්.
Downloads 1,044,319

ඉතින් ඔබ මොකද හිතන්නෙ? මේ අඩවියත්, එකක් ඇරුනම මගෙ බ්ලොග් අඩවිත් තිබෙන්නෙ බ්ලොග්ස්පොට් වල තමයි. නමුත් මේක ප්‍රයෝජනවත් වෙන ගොඩක් අය මේ සිංහල බ්ලොගෝලයේ ඉන්නවා. ඉතින් ඔවුන්ට ප්‍රයෝජනවත් වේවි කියල හිතනවා.
අනිත් එක ඔයාලත් වර්ඩ්ප්‍රෙස් වලට මාරු වෙන්න හිතන් ඉන්නව නම් ඒක ඉතාම හොඳයි. නමුත් හොස්ට් කරන්න තැනක් ඕනෙ කරනව. ෆ්‍රී හොස්ටිං එකක කරන්න පුළුවන් පහසුවෙන්ම, ටෙස්ට් කරන්න, පරික්ෂා කරන්න, පුරුදු වෙන්න නම්. (භාවිතයට උනත් නරකම නෑ.) ඔයාලගෙ ඩොමේන් එකකම අඩවිය දාගන්න පුළුවන්නෙ. ඩොමේන් එකක් නැත්තම් ඩොට්.ටීකේ වලින් ෆ්‍රී ඩොමේන් එකක් ගන්න. හොස්ට් එකක් නැත්තම් බයිට්හොස්ට් එකෙන් ෆ්‍රී හොස්ටිං ගන්න. (මම භාවිතා කරන, මට හොඳයි කියල හිතෙන හොඳම ෆ්‍රී හොස්ටිං එක.)
වර්ඩ්ප්‍රෙස් වලින් බ්ලොග් එකක් හදන්නෙ කොහොමද කියල නම් ගොඩාක් අය කතා කරල තිබෙනවා. ඒ නිසා ඒ ගැන කතා කරන්න ඕනෙ නෑ කියල මම හිතනවා.


පි‍ටු පෙරලපු ගාන