විරහව

Thursday, September 8, 2011

ලංකාවේ බෝර්ඩ් මිටින්

Wednesday, September 7, 2011

වියපත් වූ තම මහලු මවගේ අනාගතය සම්බන්දයෙන් ගත යුතු තීරණය ගැන සාකච්චා කිරීම සදහා වූ දු දරු සමිතිය පසු ගියදා පවත් වුනා. ඒ දැනට එම මව වාසය කරන මවගේ වැඩිමහලු දියණියගේ නිවසේදී.  මෙම සමිතියට මවගේ දියණියන් දෙදෙනා සහ ලේලිය සහබාගි වුයේ මවගේ එකම පුතු දැනට වසර කිහිපය කට පෙර අබහවයට පත්වී තිබීම නිසයි.
චාරිත්‍රානුකුලව පැවති තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව ආරම්බ වූ සමිති වාරය ආරම්බ කලේ මද්දුම දියණිය විසින්,
අපි අද මේ විදියට රැස් වෙන්න තීරණය කලේ අපේ අම්මගේ ප්‍රශ්නය ගැන සාකච්චා කරන්න. මේක හැමදාම එක්කෙනෙකුට විතරක් තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි තුන් දෙනා අම්මව බෙදාගන බලාගන්න ඕනේ. මොකද ඔයගොල්ලෝ කියන්නේ. මෙවිට නැගී සිටි බාල දියණිය එක තමයි අක්කේ මමත් මේ කලපනා කලේ, මේ ප්‍රශ්න ගැන කල්පනා කරන කොට මට නම හිතෙන්නේ මෙයාව ඉක්මනට මැරිලා යනවනම් ගොඩාක් හොදයි කියලා. ඇයි දෙයියනේ මේ වැඩේ හැමදාමත් කරන්න පුලුවන්ද?
මෙය අසා සිටි ලේලිය කැමති නම් අම්මව අපේ ගෙදර තියාගන්න පුළුවන්, එත් මට රස්සාවට යන්න ඕනේ. කවුරු හරි කෙනෙක් බලා ගන්න තියන්න පුලුවන්නම් ඕන කාලයක් අම්මව තියා ගන්න මට පුළුවන්
වැඩිමල් දියණිය : එහම නෙවෙයි, කාටවත් අසාදාරනයක් නොවෙන්න අපි මෙහෙම කරමු. දවස් දහය ගානේ අපි එක එක්කෙනා අම්මව බලා ගනිමු එතකොට කාටවත් ප්‍රශ්නයක් නැහැනේ.
 බාල දියණිය: එක කරන්න බැහැ අක්කේ අපේ මනුස්සයත් අසනීප කාරයා. අම්මව ගෙනිහිල්ලා එහෙ තිබ්බාම එයා කරන පිස්සු වැඩ දැකලා අර මනුස්සයාගේ පෙෂර් එක නගියි. අපි අම්මව මහලු මඩමකට වත් බාර දෙමුද? නැත්තම් අම්මා හදාගත්ත මහා ගෙදර තියෙන්නේ එහෙට ගිහින් දාමු. අපිට සරින් සැරේ ගිහින් බලලා එන්න බැරිය.
දැනට මහා ගෙදර වාසය කරන ලේලිය : අම්මව අපේ ගෙදර නවත්ත ගන්න මගේ නම් කිසි අකමැත්තක් න. අම්මා දිගටම උනත් අපේ ගෙදර හිටපු දෙන. හැබැයි ගෙයි ඉඩමයි කොල්ලෝ දෙන්නට ලියලා දෙන්න ඕනේ.
මද්දුම දියණිය: පැන්ෂන් ගිය දුවලා තුන් දෙනෙක් ඉන්න අම්ම කෙනෙක් මහලු මඩමකට ගිහින් දැම්මම රටේ ලෝකේ මිනිස්සු මොනවා නොකියයිද? අනිත් එක අපි මෙහෙම අම්මව බෙදාගන්න බැරුව දගලනවා කියලා රටේ මිනිස්සු දන ගත්තොත් අපට හිනා වෙයි.
වැඩුමල් දියණිය : එක තමයි මේක රටේ ලෝකේ මිනිස්සු දන ගත්තොත් නම් වස ලැජ්ජාව.
මද්දුම දියණිය: අපේ නන්දම්මවත් බලාගන්න වෙලා තියෙන්නේ මට, නැත්තම් මම අම්මව ගෙනිහින් බලා ගන්නවා. වයසක මිනිස්සු දෙන්නෙක්වම  බලා ගන්න එක මට කරන්න බෑ.
වැඩුමල් දියණිය: මට හිතෙන්නේ නැඟී අම්ම මේ ඉන්න විදියට තව වැඩි කාලයක් ජිවත් වෙන එකක් නෑ. මොනවා උනත් තාත්තත් නැතුව පොඩි කාලේ ඉදලම අපිව උස මහත් කරන්න මහන්සි උන අම්මනේ, ඔන්න ඔහේ තව ටික දවසක් ඔය හිටපු විදියට අපේ ගෙදරම හිටපුදෙන්. 
බාල දියණිය: හ්ම්, ඉක්මනට එහෙමවත් වෙලා මේ ප්‍රශ්නේ ඉවර වෙනවා නම් කොච්චර දෙයක්ද අක්කේ. එහෙනම් අම්ම තව ටික දවසක් මෙහෙම හිටපු දෙන්.
මවගේ අනාගතය සදහා කෙසේ වේද යන්න තීරණය කිරීම සදහා පැවැත් වූ  දු දරු සමිතිය ඉක්මනින් තම මවගේ මරණය සිදුවෙය යන බලාපොරොත්තුවෙන් තීරණයක් නොමැතිවම මෙසේ නිමාවට පත් වුනා .............
  
  
  
 

“Chrome ගෙන් වැඩ ගැනීම

Tuesday, September 6, 2011
“ඇත්තටම මේ Google Chrome වල තියන්නේ මේ වේගය විතරමද ? Youtube වීඩියෝ වලට දක්වන විශේෂ සහය විතරද ? එක එක සුකුරුත්තන් Tool Bars නැති එක විතරද ?”
“දැන් ලංකාවේ තුල Google Crome වෙත මාරු වෙන පිරිස ක්‍රම ක්‍රමයෙන් ඉහල යනවා. ඒත් මේ මාරු වෙන අයගෙන් වැඩි පිරිසක් Google Chrome වෙත මාරු වෙන්නේ එහි අනේක් Browser වලට සාපේක්ෂව අන්තර්ජාලයේ වෙබ් අඩවි වෙත පිවිසීම හා සේවා ලබා ගැනීමේදී ලැබෙන වේගය නිසා.”
“ඒ තමයි Sync පහසුකම. මේ පහසුකම හරහා තමන්ට පුලුවන් තමන් එදිනෙදා Book Mark කරන වෙබ් අඩවි ලිපි, ඒ වගේම තමන්ගේ එක එක අඩවි වලට අදාල මුර පද වගේ දේවල් හැම දෙයක්ම තමන්ගේ Google Email ගිනුමත් එක්ක නිතරම Sync කරලා තියාගන්න. මේකෙන් ඇත්තටම ප්‍රයෝජන ලැබෙන්නේ මෙහෙමයි. අපි හිතමු කෙනෙක් ඉන්නවා Desktop පරිගනකයක් සහ Laptop පරිගනකයක් තියන. Desktop පරිගනකය පාවිච්චි කරන වෙලාවක වැදගත් වෙබ් ලිපිනයක් එයා Book Mark කරනවා. දැන් ඒක තියන්නේ Desktop පරිගනකයේ. එයා වෙන කොහෙ හරි ගිය වෙලාවක එයාට පුලුවන්ද එයාගේ Laptop පරිගනකයෙන් ඒ Book Mark එකට යන්න ? බැහැ. මොකද එයාගේ ඒ Book Marks එක තියන්නේ ගෙදර තියන Desktop පරිගනකයේ. ඒක යන යන තැන උස්සන් යන්න බැහැනේ. ගෙනියන්නේ Laptop එකනේ. අන්න ඒ වගේ අවස්තාවකදී අපිට Google Chrome වල මේ Sync කිරීමේ පහසුකම වැදගත් වෙනවා.ඒ ක්‍රියාවලිය මෙන්න මෙහෙමයි. Google Chrome Sync පහසුකම සක්‍රීය කරපු එක් පරිගනකයක කරන කටයුතු සේරම අපේ Google Email ගිනුමත් එක්ක නිතර නිතර Sync වෙනවා. අපේ අපේ Sync පහසුකම සක්‍රීය කරපු අනිත් පරිගනකයෙන් Google Chrome වෙත පිවිසුනාම ඒ Browser එක අපේ ගූගල් ගිනුමත් එක්ක සම්බන්ධ වෙලා Update වෙනවා. අලුත් Book Marks, මුර පද තියනවා නම් ඒවා සේරම Download කරගන්නවා. ඒ කියන්නේ කලින් Browser එකේම පිටපතක්. කිසිම වෙනසක් නැති. ඒ බ්‍රව්සර් එකේ තියන ගැජට්ස් පවා සින්ක් වෙනවා. ඒ විතරක් නෙමේ මේ පහසුකමේ තව වාසියක් තියනවා. අපි හිතමු යම් අවස්තාවක මොකක් හෝ හදිසි හේතුවක් නිසා අපේ මෙහෙයුම් පද්ධතිය වැඩ කරන්නේ නැතුව යනවා, ඉතින් අපි වෙනදා එහෙම වෙලාවට අලුතින් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරාම අපිට අපේ පරන බුක් මාර්ක්ස් වගේ දේවල් ආයේ දකින්න ලබෙන්නේ නැහැනේ. හැම දෙයක්ම මැකිලා. ආයේ මුල ඉඳන් පටන් ගන්න ඕන. ඒත් ගූගල් ක්‍රෝම් සින්ක් එක්ක ඒ කරදරේ තවත් නැහැ.”
වල් පල් ඇති. මෙන්න මෙහෙමයි ඕක සක්‍රීය කරගන්න.
1. මුලින්ම ගූගල් ක්‍රෝම් වල Options වලට යන්න.
2. ඊට පස්සේ Personal Stuff කියන මෙනුවට යන්න
3. ඊට පස්සේ “Setup Sync” Button එක Click කරන්න
1
4. දැන් පොඩි Message Box එකක් Open වෙයි. ඒකට තමන්ගේ email ලිපිනයයි password එකයි දෙන්න. ඊට පස්සේ ‘Sign In’ click කරන්න.
2

5. ඊ ලඟට තමන්ට Sync වෙන්න ඕන මොනවද කියලා තෝරලා දෙන්න. ඊට පස්සේ “OK” click කරන්න.
3

6. ඔන්න ටික වෙලාවකින් Gmail ගිනුමත් එක්ක browser එක sync වෙනව. ඒක සාර්තක උනා කියලා මේ වගේ message එකක් එයි. ඒක OK කරන්න.
4

දැන් ඉතින් වෙනදා වගේ වැඩ ටික කරගෙන යන්න. ඉතුරු වැඩ ටික Chrome බලාගනී. තෝරපු හැම දෙයක්ම Background එකේ Google එක්ක Sync වෙනවා.


ලාංකීය බ්ලොග් කලාවේ කතෘවරැන්ට අත දීඹක් වශයෙන් ඩයරිය බ්ලොගයෙන් COPY කර මෙහි සටහන් කරන ලදී.... 


පිනාගේ කුප්පිය 05 කොටස පිනා කොටස් වෙළද පොළට


ඔන්න එහෙනම් පිනත් කොටස් වෙළදපොල පැත්තට පය ගැහුවා. ඇත්තටම මොකක්ද මේ කොටස් වෙළදපොලක් කියලා කියන්නේ. ආයෝජකයන් විසින් කොටස් ණයකර හෝ වෙනත් ඕනෙම සුරැකුම්පත් වර්ගයක් මිලයට ගන්නා හෝ විකුණන ස්ථානයක් තමයි. ලංකාව් මේ ගනුදෙනු සිද්ද වෙන්නේ කොලබ කොටස් හුවමාරුව එහෙමත් නැත්තම් C .S .E . Colombo Stock Exchange කියන සන්විදානාත්මක වෙලදපොලේදී . තාම වෙලාව අටහමාරයි. මේකේ වැඩ පටන් ගන්න තව පැයක්ම තියෙන එකේ අපි බලමුකෝ මේකේ ඉතිහාසේ ගැන ටිකක්. මුලින්ම ලංකාවේ කොටස් ගනුදෙනු ආරම්බ උන වර්ෂය ලෙස සැලකෙන්නේ වර්ෂ 1896. මොකටද සුද්දෝ ලංකාවේ මෙහෙම එකක් ආරම්බ කලේ. අනේ අසරණ සිංහල මිනිස්සු, කොටසක් හරි විකුණගන කියක් හරි හොයා ගනියිනේ කියන ආදරණිය හැගිමෙන්ද? හිකිස්... එහෙනම් මේකට මුලිකම හේතුව උනේ 1820 විතර ඉදලා ලංකාවේ ප්‍රදානතම බෝගයක් උණු කොපි වගාවට දිලිර රෝගයක් වැළදිලා විනාශ වෙලා යාම. කොපි වගාව විනාශ වීමත් සමගම වතු වගා කරුවන් ලංකාවේ තවත් ජනප්‍රිය බෝගයක් වන තේ වගාව ආරම්බ කරන්න පටන් ගත්තා . එත් කොපි වගාවෙන් ඔවුන් උපයාගත් විශාල ලාබය ඔවුන් විසින් මේ වන විට ඔවුන්ගේ මව් රට වන එංගලන්තයට යවා තිබීම නිසා තේ වගාව නැවත ආරම්බ කිරීමට තරම් අතිරික්ත මුලදනයක් මේ වන විට ඔවුන් ඇත තිබුනේ නැ. ඔවුන්ට අවශ්‍ය වූ මුලදනය සොයා ගැනීම සදහා වැවිලි කරුවන් තමන්ගේ වතු පවුම් සමාගම් ( sterling companies ) බවට පරිවර්තනය කර ලන්ඩනයේ සහ කොලබ ලියා පදිංචි කළා. මහජනතාවට සාමාන්‍ය කොටස් , වරණිය කොටස් සහ ණයකර නිකුත් කිරීම මගින් තමයි මොවුන් තමන්ට තේ වගාව සදහා අවශ්‍ය කරපු මුලදනය සොයා ගත්තේ. එදා සිට අද දක්වා විවිද ස්නදිස්ඨාන පහු කරමින් කොටස් වෙළදපොල දිගු ගමනක් ඇවිත් තිබෙනවා. මේ තියෙන්නේ ඒ ගමන් මගේ වැදගත් සන්දිස්ඨාන ටිකක්
  • 1896 කොටස් තැරව් කරුවන්ගේ සංගමය
  • 1904 කොලබ තරව්කරුවන්ගේ සංගමය
  • 1984 ප්‍රසිද්ද වෙළද බුමියක් යටතේ විව්ර්තව හඩගා ලන්සු තැබීමේ ක්‍රමය
  • 1985 කොලබ සුරැකුම්පත් හුවමාරුව
  • 1990 කොලබ ව්‍යාපාර වස්තු හුවමාරුව
  • 1991 මධ්‍යම තැන්පතු ක්‍රමය ආරම්බ කිරීම
  • 1997 ස්වයංක්‍රිය වෙළද ගනුදෙනු ක්‍රමය  
  1. භව්තික වශයෙන් වෙළද පොලක් නැත
  2. තැරව්කාර සමාගම් දක්නට නැත
  3. ආයෝජක පැමිණිම අත්‍යාවශ්‍ය නැත 
  4. සම්පුර්ණයෙන්ම පරිගණක ගත කර ඇත 
  5. මිලකළ ප්‍රමුකතාව මත ගනුදෙනු සිදුවේ
  6. හඩගා ලන්සු තැබීමක් නැත
  7. ගනුදෙනුවක් වූ සැනින් මධ්‍යම තැන්පතු ක්‍රමයෙහි සටහන් වීම
  • 2004 ස්වයංක්‍රිය ණයකර වෙළද ගනුදෙනු ක්‍රමය 
  1. සාංගමික ණයකර සහ රජයේ බාන්ඩාගාර බිල්පත් සහ බැදුම්කර මෙම ක්‍රමය යටතේ ගනුදෙනු වේ.
  2. සියලුම තැරව්කාර සමාගම් මගින් ගනුදෙනු කල හැකිය
එහෙනම් ආයෙත් අපි අතීතයෙන් වර්තමානයට එමු. මුලින්ම බලමු මොනවද මේ කොටස් වෙළද පොලේ ගනුදෙනු වෙන්නේ කියලා 
01 සාමාන්‍ය කොටස්  ( Normal shares )
    මේවා මිලදී ගැනීමෙන් සමාගමේ හිමිකාරිත්වය ලැබේ. නිශ්චිත ලාබාංශ ප්‍රතිශතයක් ප්‍රකාශයට පත් නොකෙරෙන අතර සමාගම බංකොලොත් වීමකදී මොවුන්ගේ හිමිකම් කොටස ගෙවනු ලබන්නේ අනෙකුත් සියලුම වගකීම් පියවීමෙන් පසු  වත්කම් ඉතිරි වුවහොත් පමණි. ප්‍රදාන අංශ දෙකකි 
    01 .1 ඡන්ද බලය සහිත  (voting - N )
    01 .2 ඡන්ද බලය රහිත (Non voting   - X )
02 වරණිය කොටස්
නිශ්චිත ලාබාංශ ප්‍රතිශතයකට හිමිකම් ඇති අතර සමාගමෙහි හිමිකාරිත්වය මොවුන්ට හිමි නොවේ. සාමාන්‍ය කොටස් වලට සාපේක්ෂව අවදානම අඩුය.
03 කොටස් බලපත්‍ර
අනාගතයේ නිශ්චිත මිලකට සමාගමක කොටස් මිලදී ගැනීමේ අයිතිය ලබා දෙමින් වර්තමානයේ නිකුත් කරන ලියවිල්ලකි. 
උදාහරණ ලෙස සීමිත ABC සමාගමේ කොටස් 5000/= ක් රු 25 බැගින් 2014 මාර්තු 25 දින මිලදී ගැනීමට ඔබට අයිතියක් ලැබීම දැක්විය හැක. අදාළ දිනයේ කොටසක වෙලදපොලේ වටිනාකම කොපමණ වුවත් ඔබට රු 25/= බැගින් කොටස් 5000 ක් මිලදී ගත හැක.
04 ණයකර 
සමාගමක ණය ප්‍රාග්දනය  සපුරා ගැනීමට නිකුත් කරයි. බොහෝවිට මේවාට නිශ්චිත පොලි අනුපාතයක් ප්‍රකාශ කරයි.
නමුත් පොලි අනුපාත රහිත හා විචල්‍ය පොලි අනුපාත සහිත ණයකර නිකුත් කිරීමේ හැකියාව ඇත. නිශ්චිත කල් පිරීමේ දිනයක් ඇති අතර විවිද ලක්ෂණ පදනම් කරගන නිකුත් කරයි උදා. රක්ෂිත ණයකර, පරිවර්තනය කල හැකි ණයකර
05 රජයේ ණය සුරැකුම්පත් 
රජය විසින් නිකුත් කරනු ලබන බාන්දාගාර බිල්පත් හා සරකුම්පත්
05.1 භාණ්ඩාගාර බිල්පත් - රජයේ කෙටිකාලින ණය සපයා ගන්නා මාධ්‍යය වේ.
05.2 භාණ්ඩාගාර බැදුම්කර - රජයේ දිගු කාලින ණය සපයා ගන්නා මාධ්‍යය වේ 
මේවායේ පහර හැරීමේ අවදානමක් නොමැත 

විශ්වාසය...

Monday, September 5, 2011

මට විශ්වාසයි
මාව,
ඔයාට විශ්වාසයි වගේ
ඔයාව,
මට විශ්වාස නෑ
ඔයාව,
ඔයාට විශ්වාස නෑ වගේ
මාව...,
ඉතිං
නිදහසට කරුණුවලට
තියෙනවද ඉඩක්....?

අපේ කාලයේ ආදරය

මව්බිමට නිදහස් මිනිසුන් ඕනෑ වී තිබේ.

 මේ මොහොතේ අපේ මව්බිමට, මානසික වහල් බවින් මිදුනු නිදහස් මිනිසුන් ඇවැසි වී ඇත. සියතින් ගෙල සිඳ ගනිමින් සිටින ජාතියකට නිවැරදි මග කියා දීමට හැකියවුන් ඉදිරියට ආයුතු අවධියක් නැවත පැමින ඇත. වඩාත් භයානක වන්නේ නරක මිනිසුන්ගේ ක්‍රියා නොව හොඳ මිනිසුන්ගෙ නිහඬතාවය බව දිනෙන් දින පසක් වෙමින් තිබේ. මෑත ඉතිහාසයේ අප රට ඉතා අඳුරු පරිච්ඡේද පසු කලද මෙතරම්ම ගර්හිත කල සමාජයක් තවත් තිබුනේ නැත. 89යේ භීෂනයේ කූඨප්ප්‍රාත්තියේ මහ සංහාරයෙන් පසුව තිබුනු බියෙන්,සැකයෙන් හා අවිනිශ්චිත බවින් පිරුනු ලාංකීය සමාජය තුල පවා අද තරම් නිහඬ බවක් නොවීය. වැරැද්ද නිවැරැද්ද දැකීමත් එය එලිපිට කියා පෑමත් ඉතා පහසුවෙන් මරනය කැඳවාගත හැකි කාලයේ පවා නොමැතිවූ නිහඬතාවයක්,අන්ඳභාවයක් අද මේ සමාජය වෙලාගෙන ඇත්තේ අපේ මවුබිම කාලකන්නිබවේ පතුලටම ගිලෙන්නට නියත විවරන ලබා ඇති නිසාවත්ද?
ප්‍රජාතන්ත්‍රවාදය විහිලුවක් වූ රටක, නීතිය බල්ලට ගිය රටක,පලිගැනීම රටේ දේශපාලන න්‍යාය පත්‍රයේ ඉහලින්ම ඇති රටක,වංචාව දුෂනය ආයතනගත කල රටක,පිස්සන් කුඩ්ඩන් හොරුන් මංකොල්ලකාරයින් මැති ඇමතිකම් කරන රටක මේ නිවට නිහඬ බව නියාලු දරා ගැනීම නොහොත් අනියම් එකඟතාවය කෙසේ විග්‍රහ කර ගනිමුද?
එදා මරනය ඉදිරියේ හිස නොනැමූවන් අද වරධාන ඉදිරියේ හිස පහත හෙලා ඉන්නේ කුමන කරුමයකටද? කොන්ඳ කෙලින් තියාගෙන පෑන මෙහෙයවූ පත්තරකාරයන්, නිවැරදි සමාජ දැක්මක් වෙනුවෙන් කව් ගී ලියූවන්, කියූවන්, සිනමා/නාට්‍යකරුවන්, සමාජ ප්‍රගමනයන්ට දර්ශනයක් දුන් ඇදුරන්,මහඇදුරන් අද පිටකොඳු බිඳගත් ඔල මොල නිවටුන් වී ඇත්තේ මන්ඳ?
මෙය වයසත් සමග සිදුවන පුද්ගල රූපාන්තරනයකට ලඝුකොට හැකිද? මියගියවුන් හා වයසත් සමග අවරට ගියවුන්ගේ රික්තය පුරවන්නට අංකුර බිහිනොවන්නේ මන්ඳ? අපේ රටේ හා ජනයාගේ කරුමයද? නැතහොත් දශක තුනක් තිස්සේ අප රට ගමන් ගන්නා දේශපාලන සමාජාර්ථික ගොහොරුවේ තාර්කික ප්රතිපලයක්ද?
ආත්මාර්ථය දහම කරගත් ලෝකය සිය කුටුම්බයේ ප්රමානයට කුඩාකරගත්,පොදු සමාජය, රට, අනාගත පරපුර ගැන හැඟිමක් තැකීමක් නැති මිනිසුන්ගෙන් පිරුනු සමාජයක්...... සියල්ල මුදලට යට කල සමාජයක්...... අතීතයේ සිට අප ජාතියක් ලෙස පවත්වාගෙන සාමූහිකත්වය,සහජීවනය,එකිනෙකා වෙත වූ පොදු වගකීම ඇතුලු ශුද්ධවූ සියල්ල  විනාශ කරගත් සමාජයක්............... ලෝකය විශ්ව ගම්මානයක් බව දේශනා කරමින් සිය ප්රාග්ධනය ලොව පුරා පතුරවමින් සිටින දැවැන්ත සමාගම් කිහිපයක් විසින් හසුරවන ඊනියා ලිබරල් ආර්ථික දේශපාලන න්යායපත්රය හරහා පරිධියේ කුඩා රටක් වන ශ්රී ලංකාවේ නිර්මානය කර ඇති විපරීත සමාජය එයය.  
තනිකරම මී පොරයක් වී ඇති ප්රාතමික හා ද්වීතීයක අධ්යාපනයද,ගිරා පෝතකයන් බිහිකරන විශ්ව විද්යාල පද්ධතියද,රියැලිටි ෂෝ එකක් වී ඇති රටේ තාරුණ්යද මේ අසංවේදී සමාජයේ කදිම පිලිබිඹු නොවේද?

හැරී ට්රුමන් සහ බෙස් ට්රුමන්


මෙය ඔබ සඳහා  නොව ඔබේ මුණුබුරන් මිනිබිරියන් සඳහාය. මන්ද යත් ඔවුන් මෙහි ඇති එක වගන්තියක් වත් විස්වාස නොකරන එක සිකුරු නිසාය..
හැරී ට්රුමන් කියන්න අපි දැන් කාලේ අහන්නේ වත් නැති ජාතියේ ජනාදිපති කෙනෙක් එක්සත් ජනපදයේ හිටපු. එතුමා ගත්ත තීරණ ලෝකෙට කොච්චර එදා බල පැවාද  කීවොත් ඔහුට කලින් හිටි අනික් ජනාදිපතිවරු 42 ක් ගත්ත තීරණ ඔක්කොම එකට තිබ්බත් සම කරන්න බැරි තරම්.. කෙසේ වුවත් ඔහු වයිට් හවුස් නමැති නිල නිවසෙන් පිටවෙලා යනකොට කල කී දේ වලින් අපිට ඔහුගේ ශ්රේෂ්ටත්වය ගැන බිඳක් තරම හිතාගන්න පුළුවන්..  ඔහු මියයනවිට සතුව තිබුණු එකම දේපල උනේ  මිසුරිවල ඔහුගේ බිරිඳට මවු උරුමයෙන් ලැබුණු නිවාසය  පමණයි. ජනාධිපති නිවසේ සිටි කාලය හැර මුළු ජීවිත කාලයම ඔවුන්  ජීවත් උනේ එම නිවසේයි..ඔහු විශ්රාමයනකොට 1952 දී ඔහුගේ විශ්රාම වැටුප වසරකට ඩොලර් 13507.72 කි. ඔහුගේ විශ්රාම කාලය තුලදී ලියු රාජකාරි ලිපිසඳහා පවා මුද්දර තම වියදමින් ගන්නාබව දත් කොන්ග්රසය අතීතයටද  බලපාන පරිදි ඔහුගේ විශ්රාම වැටුප වසරකට ඩොලර්  25000 තෙක් වැඩි කලාලු.   අලුත් ජනාධිපති  අයිසන්හවර් මහතා ජනාධිපතිකමේ වැඩ බාරගත් පසු හැරී සහ බෙස් දෙදෙනා පුද්ගලික මෝටර් රථය තමාම පදවා  ගෙනයි මිසුරිවලට ගියේ. ඔවුන පසුපසින් හෝ ඉදිරියෙන රහස් පොලිසියේ හෝ ආරක්ෂක හමුදාවල අය ගියේ නැහැ.. විශ්රාම ගිය  ඔහුට ලොකු පුද්ගලික ආයතනවල ලොකු තනතුරු දෙන්න කතාකලාම ඔහු කිවුවලු
"ඔබලාට ඕන කරන්නේ මාව නෙවෙයි ජනාධිපති කෙනෙකුගේ සේවයනේ..ඒක මට අයිති නැහැ ඒක අයිති ඇමෙරිකාවේ පුරවැසියන්ටයි නිසා ඒක විකුනන්න    බැහැනේ"
කියලා .. පසු කලකදී 1971 මැයි 6 වන දින ඔහුගේ 87 වෙනි උපන් දිනය වෙනුවෙන් කොන්ග්රසය ඔහුට සම්මාන මෙඩලයක් පිරිනමන්න සුදානම් උනාම ඔහු ඒක ප්රතික්ෂේප කලා..  "මම හිතන්නේ නැහැ මම මොනම සම්මාන මෙඩලයක් හරි ලබන්න  හේතුවෙන විශේෂ දෙයක්  කලයි කියල" කියල   ඔහු කිවුවලු.
ඔහු ජනාධිපති කාලේ ඔහුගේ සියලුම ගමන් වියදම සහ ආහාර වියදම් දැරුවේ ඔහුගේ මුදලින්. අද අමෙරිකාවේවත් නැහැ මේ වගේ නායකයෝ ජනතාවට බරක් නොවෙන..
හැරි ට්රුමන් වරක් කිවුවයි කියන දේ හරි
"මගේ ජීවිතේදී මට තෝරාගන්න තිබුනේ ගණිකා නිවාසයක  පියානෝ වාදකයෙක් වෙනවද නැත්නම දේශපාලනඥයෙක් වෙනවද කියන එකයි"
අදට මේ කියමන කොයිතරම් ගැලපෙනවද ?
(මවෙත ලැබුණු ඉංගිරිසි මේලයකින් උපුටාගෙන සැකසිනි)

මීයෙකු වීම සහ මි හදවතක් තිබීම

Sunday, September 4, 2011

මීයා හැමතිස්සෙම පූසට බයෙන් ඉන්නව දැකපු දෙවියන්ට මීය ගැන දුක හිතුනලු. ඉතින් දෙවියො මීයව පූසෙක් බවට පත් කලාලු.
පූසෙක් උනාට පස්සෙ මූ මුලු දවසම බල්ලට බයෙන් ගැහි ගැහි ජීවත් වුනාලු. ඉතින් දෙවියො මේකව බල්ලෙක් බවට පත් කලාලු.

බල්ලෙක් උනාට පස්සෙ මේක දිවියට බයේ දවසම ගැහි ගැහි හිටියලු. දෙවියන්ට මේක ගැන තවත් දුක හිතිල මූව දිවියෙක් බවට පත්කලාලු.

දිවියෙක් උනාට පස්සෙ මූ දඩයක්කාරයොන්ට බයේ දවසම නොසන්සුන්ව ඉන්න ගත්තලු.
මේක දැකපු දෙවියො ආයෙන් මූව මීයෙක් බවටම පත්කරල කිව්වලු "  මම උඹව මොකෙක් කලත් වැඩක් නෑ.. උඹට තියෙන්නෙ මීයෙක්ගෙ හදවතක් "   කියල.


උපුටාගැනීම : http://www.spiritual-short-stories.com/spiritual-short-story-195-Heart+of+a+Mouse.html

අපි

Saturday, September 3, 2011





ඔයාට මම ඉන්නවා

මට ඔයා ඉන්නවා
ඔයත් තනි නෑ
මමත් තනි නෑ
ඒත් අපි.........?

පි‍ටු පෙරලපු ගාන