පිනාගේ කතාව ඉතිරිය

Wednesday, August 17, 2011
මේ ආකාරයට තවත් කාලයක් ගත උනා. තරගකාරී සමාගමක් විසින් අලුතින්ම ආනයනය
කරලා වෙළදපොලට ඉදිරි පත් කරපු පොත් වර්ගයක් පාසල් ළමුන් අතර ඉතා වේගයෙන්
ජනප්රිය වෙන්න පටන් ගත්තා. එකෙන් පිනාගේ නිෂ්පාදන වලට එල්ල උනේ මාරු  පහරක්. පිනාගේ පොත් වලට මෙතෙක් පැවැටහුණු ඉල්ලුම ඉතා වේගයෙන් අඩු වෙන්න පටන් ගත්තා ඝන කඩදාසියේ මුද්රණය කල අලුත් පොත් වර්ගය වෛවර්ණ පිටකවරයකින්ද  ආවරණය කර තිබුනා. පිනාගේ පොත් වල මිලට වඩා අඩු මුදලකට ඔවුන් අලවිය සිදු කල නිසා ඉල්ලුම අඩු වීම හේතුවෙන් පිනාගේ ව්යාපාරයේ ලාබයද ඉතා විශාල වශයෙන් අඩු වීමට පටන් ගත්තා. ලාබය අඩුවීමත් සමගම අලුතින් පැමිනි ව්යාපාරිකයන් කිහිපදෙනාද තම අයිතිය අත හැරීමට තීරණය කළා ඔවුන් යොදවා තිබු රු 100,000,0 අයිතිය සනත් විසින් මිලදී ගත්තේ රු 800,000 කට. මේ සමගම ව්යාපාරයේ  හිමිකාරිත්වයද විශාල වෙනසකට ලක් උනා  
 ව්යාපාරයේ ආරම්බයේ සිට මේ දක්වා ව්යාපාරයේ කොටස් වලින් වැඩිම තනි අයිතියක් තිබු පිනාට දැන් පවතින්නේ අයිතියෙන් ඉතාම අඩු ප්රතිශතයක්. එත් එක්කම සනත් තමන්ගේ අයිතිවාසිකම් කොටස වැඩි  කර ගැනිම නිසා ව්යාපාරය පිළිබද තීරණ ගැනීමේ අයිතිය  (වැඩි චන්දයක්)  සනත්ට හිමි උනා . සනත්ගේ නව කළමනාකරණය අභ්යයාස පොත් වලට අමතරව පැන් පැන්සල් පාට පෙට්ටි ආදී විවිද නිෂ්පාදනයන් වෙළදපොලට ඉදිරිපත් කිරීම නිසා නැවතත් ඔවුන්ගේ ව්යාපාරයට  තරගකරුවන් අබිබවා ලාබ ලබමින් ඉදිරියටම යාමට හැකි උනා.

අපි පිනාගේ කතාව දැනට මෙතනින් නවත්වමු. මේ කතාව ගෙතුවේ අවස්ථා සහ සිද්දි සමගින්
උදාහරණ සමගම පාඩම කරගන යන්න ඕන නිසා. දැන් අපි සිලබස් එකට අනුව වැඩේට බහිමු.


පිනාගේ ව්‍යාපාරයේ හිමිකාරිත්වය එදා සිට අද දක්වා 


                        
හිමිකරුවන්
ආරම්බය

%
නලින් ඉවත් වීම

අනෙකුත් . වීම
%
පිනා
500000

29.4
500000

29.4
500000
29.4
සනත්
100000

5.88
200000

11.8
1200000
70.6
නලින්
100000

5.88
-

0
-
0
ව්යාපාරිකයන්
1000000

58.8
1000000

58.8
-
0
(10 x100,000)
එක අයෙකුට

5.9


5.9

0
එකතුව
1700000

100
1700000

100
1700000
100


 .
                       


















මාතෘකාවක් නැත

"දැන් දෙන්නා තරහයිලු නේ".....
ලඟදී ඔයාගේ යාලුවෙක් මගෙන් ඇහුවේ...

ඉස්සර මම උදේම එනවා ඔයාව බලන්න.....
හැම දුක සැපක්ම අපි බෙදාගත්තා....
හැම දෙයක්ම.... ඔව් හැම දෙයක්ම.....
ඔයා මගේ ජීවිතේ ආදරෙන් පිරෙව්වා....
ගොඩක් හීන ප්‍රාර්ථනා අරගෙන
මගේ ජීවිතේට ආපු සිහින කුමාරියක්.....
බොහොම ලෙන්ගතුව ලඟින් හිටපු ඔයා...
අද..... මට හිතාගන්නවත් බැරි දුරක නතර වෙලා....
මම තවමත් මේ හීනේ අතරමං වෙලා ඒ සිහින කුමාරිව හොයනවා.....

"ඇත්ත.... දැන් දෙන්නා තරහයි.... තමයි..."
ඒත් මට ඔයත් එක්ක තරහ වෙලා ඉන්න බෑ.... රත්තරං...
ඔයා මාව දාල ගියත්.... ඔයා මගේ ආත්මය අරං ගිහිල්ලා.... කියලා මට දැන් හිතෙනවා....
ඉතින් ඔයා දුකින්නම් ඉන්න එපා..... මොකද......
ඒ හැම දේම මට දැනෙනවා.....
මට ඔයා ගැන තරහක්නම් නෑ....
වෙනදටත් වඩා ආදරයක් දැන් මගේ හිතේ පිරිලා.....
සතුටින් ඉන්න..... දුක්උනොත් මේ මම මැරෙයි......
ඇත්තමයි...

හිතේ සංතෝෂය සල්ලි වලට ගන්න පුළුවන්ද?



සමාජය දැං ඉස්සරට වඩා ගොඩාක් වෙනස් වෙලා, සංකීර්ණ වෙලා. හැබෑටම කොහොමද මේක මේ තරම් සංකීර්ණ වුණේ?

මට මතකයි අපි ඉගෙන ගත්තා අවශ්‍යතා පිරමීඩය කියලා එකක්.  ඒකෙ නිර්මාතෲ මැස්ලෝ කියලා මහත්තයෙක්. ඒකේ පහළින්ම තිබුණේ ආහාර, ඇඳුම්, නිවාස වගේ  මූලික අවශ්‍යතා ටික. ඔය පහළින් තියෙන පිංතූරෙ තියෙන්නේ ඒක මට තේරෙන විදිහට මං ඉදිරිපත් කරණ විදිහ.

මැස්ලෝ ගේ අවශ්‍යතා පිරමීඩය මගේ විදිහට්


ඒ කාලෙ ආහාර කිව්වාම ඉතිං එළවළුයි, බතුයි, ධාන්‍ය වර්ගයි ඊට අමතරව මස් මාංශයි නොවැ තිබුණෙ. කොස්, දෙල්, අල, බතලත් තිබුණා.
අද එහෙමද? සොසේජස්, මැකරෝනි, සුප් කැට, … හපොයි ඔය ටික කියන්න ගියොත් ඉතිං නිකම්ම ලිපිය දික් වෙනවා. 
ඒ විතරක්යෑ අද කාලෙ ඉඳලා හිටලා වත් චයිනීස් එකකින් කෑවෙ නැත්නම් ශරීර සෞඛ්‍යයට එච්චර හොඳ නෑ නොවැ. මේ කෘතීම ආහාර හිංදම හැදුණු ලෙඩ වලින් ආරක්ෂා වෙන්නත් තවත් කෘතීම ආහාර වර්ග තියෙනවා නොවැ…  දැං පේනවා නොවැ ආහාර අවශ්‍යතාවය සංකීර්ණ වෙලා තියෙන තරම.

ඒ කාලෙත් විවිධ ඇඳුම් විලාසිතා තිබුණා තමයි. හැබැයි ඒ සමාජය පුරාම නෙවෙයි. සමස්තයක් විදිහට ගත්තාම හැමෝම තමන්ගේ තත්වයට, තරාතිරමට, පළාතට, සංස්කෘතියට ගැලපෙන්න ඇඳුම් ඇන්දා. ඒත් මේ විවෘත ආර්ථිකේ හින්දද මංදා කුරුඳු වත්තේ ළමයටයි හැටේ වත්තේ ළමයටයි එකම විලාසිතාව කරන්න පුළුවන්. හැබැයි ඒ විලාසිතාවට ගැලපෙන පසුබිමක් තමන්ට තියෙනවද කියලා මේ අය හිතන්නේ නෑ. ඉතිං ඔන්න ඔය විදිහට ඇඳුම් අවශ්‍යතාවයත් සංකීර්ණ වුනාලු.

නිවාස ගැන ඉතිං කියන්න දෙයක් නෑ නේ… කවුරු කවුරුත් ට්‍රයි එක දෙන්නේ ගෙවල් දෙක තුනක් හදාගෙන වැඩිපුර ගෙවල් රෙන්ට් එකට දීලා කි‍යක් හරි හොයාගෙන පාඩුවේ ඉන්න…. අලුත්ම අලුත් තාක්ෂණයත් එක්ක ගෙවල් වලට හොඳ හොඳ ඩිසයින් එකතු වෙලා තියෙනවා තමයි. ඒත් ඉතිං ප්ලෑන අඳින්න, පාස් කරගන්න, නැකැත් හදන්න, භූමි දෝෂ ඉවත් කරන්න… හපොයි කොච්චර ජාති කරන්න තියෙනවද? ඊට පස්සේ බාසුන්නැහැලා හොයන්න, සිමෙන්ති, ටයිල්…. ඉස්සර නං ගමෙන්ම හොයාගන්න පුළුවන් අඩුම කුඩුම ටිකයි සිමෙන්ති, හුණු, උළු, ගඩොල් ටිකයි අරගෙන ගමේ හත් අට දෙනෙකුට කිව්වාම සාමාන්‍ය ගෙයක් ගොඩ දාගන්න පුළුවන්. අද එහෙමද?

ජලය බෝතල් කරලා එන හිංදා වැඩේ ලේසියි කියලා හිතුණට තවමත් වතුර ඩිංගක් ගන්න හැතැක්ම ගනන් පයිං යන මිනිස්සු ඉන්න රටක් නොවැ මේක. අනික වතුර බෝතල් වලිං පිළිකා ඇති කොරණවයි කියලත් ලඟදී එළියට දැම්මේ ඔය.  වනාන්තර විනාශ කොරලා සොබාදහමට කරදර කරපු හිංදා සොබාදහමත් අපිට වතුර දෙන්නේ හරිම දරුණු විදිහට. සමහර දාට ගංවතුර නැත්නං නියඟය (ඔන්න ලයිට් කැපුවෝ..…)

නින්ද කොහෙද එදා තරම් සුන්දර. පිරිසිදු වාතය ටිකක් ඇසුරු කරමින්, නිශ්ශබ්ද පරිසරයක සුන්දර නින්දක් නිදියපු අපට දැන් මේ ගොරහැඩි වාතයත් විඳිමින්, කාලගෝට්ටි, වාහන සද්ද, මැසි මදුරු උවදුරු ඇසුරු කරමින් නොවැ නිදියන්න වෙලා තියෙන්නේ..

ලිංගික සතුට 18+ නිසා කතා නොකර ඉන්නම්. ඒත් මේ කලබලකාරී බව ලිංගික සතුටත් ඉන්ස්ටන්ට් කරලා කියලා විතරක් කියන්නම්.

ඔහොම ඔහොම පිරමිඩ් එකේ උඩට උඩට යනකොට ඔයාලට තේරෙයි මේ හැම දෙයක්ම කොයි තරම් සංකීර්ණ වෙලාද කියලා. සමහර විට ස්ථාන මාරු හම්බ වෙලත් ඇති… කොහොම වුණත් මේ කිසිම දේකින් සෑහෙන්න ලේසි නෑ කියන එක තේරුම් ගතහැකියි නේ… හැබැයි අන්තිමට නවතින්නේ සම්පූර්ණ තෘප්තිය කියන තැන. ඒක තියෙන්නේ කොහෙද කියලා දන්නවා ඇතිනේ…අපේ බසින් ඕකට කියන්නේ නිවන කියලා. කවුරු හරි මැරුණට පස්සේ නිවන් සැප ලැබේවා! කියලා බැනර් ගැහුවට නිවන කියන්නේ මැරුණට පස්සේ යන තැනක් නං නෙවෙයි ඕං. 

දැං ආයෙත් මාතෘකාවට...

හිතේ සතුට සල්ලි වලට ගන්න බෑ.  ඒක අපි නිතරම අහලා තියෙන කතාවක්. ඒත් සල්ලි තිබුණොත් හිතේ සතුට ඇති කරගන්න ලේසියි.  හැබැයි සල්ලිත් එක්ක බුද්ධියත් තියෙන්න ඕනි. ධර්මයත් ඇසුරු කරන්න ඕනි. හිතේ සතුටින් දිවි ගෙවන්නේ කොහොමද කියලා ධර්මයේ කියලා තියෙනවානේ. විමර්ශන බුද්ධියෙන් ඒ ධර්මය ප්‍රායෝගිකව භාවිත කිරීමෙන් හිතේ සතුට ලේසියෙන්ම ලඟා කරගන්න පුළුවන්.. 

සල්ලි වැඩිය නැතුව බුද්ධියත්, ධර්මයත් තිබුණොත් එහෙම?
එක්කෝ මහණ වෙලා අර පිරමීඩෙ මැද හරිය බයිපාස් කරලා යන්න පුළුවං. 
නැත්නං ඉතිං සංකීර්ණ අවශ්‍යතා ඉටුකරන්න සල්ලි හොයමින් පුලු පුලුවං විදිහට සතුටු වෙන්න තමයි වෙන්නේ… හැබැයි ධර්මය දන්න අයට හිතේ සතුට රැක ගන්න මහා ලොකු සල්ලියක් අවශ්‍ය නෑ...

සල්ලි තිබිලා හරි නැතුව හරි බුද්ධියත් ධර්මයත් නැති වුණොත්…. හපොයි සදා සොත්ථි භවන්තුතේ… තමයි… කරන්න තියෙන ඔක්කොම දහදුරා වැඩ ටිකත් කරලා සමාජයටම පිළිලයක් වේවි. මෙහෙම අය අපේ රටේ ඕනි තරම් හොයාගන්න පුළුවං...  දියවන්නාව පැත්තේ හෝල්සේල් ඉන්නවා…. තව තැන් වලත් ඉන්නවා.. මොකටද මං ඕවා කියලා නිකං කට වරද්ද ගන්නේ….

පිනාගේ කතාව 01

සිතිවිලි පවුරට මම ලියන මුල්ම ලිපිය තමයි මේ. මම ටිකක් ව්‍යාපාරික පැත්තට බර කෙනෙක් එත් මේ බ්ලොග් කෙරුවාවෙන් නම් සල්ලි හොයන්න මගේ කිසිම අදහසක් නැ. මම ඉගන ගත්තු දෙයක් තියෙනවනම් එක අනෙක් අයත් එක්ක බෙදා ගන්න එක තමයි මගේ සතුට. එහෙනම් මුලින්ම මම අම්බලමට  ලියපු පිනාගේ ආයෝජන ක්ලාස් එකේ පාඩම් ටික සිතිවිලි පවුර කියවන අයටත් දැනගන්න කුරුටු ගානනම්. මුලින්ම තියෙන්නේ පොඩි කතාවක් මේ කතාවේ වැදගත් වෙන්නේ අවස්ථා සහ සිද්දී ටික . එතකොට තියරි කියවනවාට වඩා පාඩම  මතක හිටිනවා. ඔන්න එහෙනම් කතාව.  
පිනා කියන්නේ අවුරුදු 26 ක හොද ඉලන්දාරියෙක්. කලවයස හරි උනාට තවම අනංගයා පිනා දිහා ඇහැක් ඇරලා වත් බලලා  නැ. එත් පිනා අවුරුදු ගානක් එක එක තැන් වල ජොබ් කරලා රු 500,000/=  විතර  මුදලකුත් ඉතුරු කරගෙනයි හිටියේ. ඒ සල්ලි ටික පිනා  ආණ්ඩුවේ බැංකුවක ස්ථාවර තැන්පතු ගිනුමක තැන්පත් කලේ දැනට අවුරුද්දකට කලින්. ඒ සල්ලි වල පොලියත් එක්ක (500000 x 106%)  = 530,000 ක බැංකු ශේෂයක් දැනට ගිණුමේ තියෙනවා කියලා පහුගිය දවසක බැංකුවෙන් පිනාට දන්වලයි තිබුනේ. එත් ඒ සල්ලි බැංකුවට දාන්න කලින් පිනා ගන්න හදපු ඉඩමේ වටිනාකම දැන් රු 100,000,0/= ක් විතර වෙනවා කියලා පිනාගේ යාලුවෙක් කිව්වා.      

මොනවා කරන්නද සල්ලි බැංකුවේ දාල අවුරුද්දකුත් බලන් ඉදලා හම්බ උනේ රු 30000/= ඒ සල්ලි වලින් අර ඉඩම් කෑල්ල අරන් දැම්මා නම් අද රු 100.000,0/= අතේ නේද? පිනා දුක් උනේ තමන් කර ගත්ත මෝඩ කම ගැන. කොහොමටත් තව දුරටත් ඒ සල්ලි බැංකුවේ දාල තියන එකනම් මහම මහා මෝඩ වැඩක් කියලා පිනාට හිතුනා. එත් ඒ සල්ලි ටික අරන් මොනවද මම කරන්නේ පිනා කල්පනා කරන්න පටන් ගත්තා. තවදුරටත් අනුන්ගේ යටතේ ජොබ් කරන්නත් පිනාගේ කිසිම කැමැත්තක් තිබුනේ නැහැ. එත් අලුත් බිස්නස් එකකට මේ සල්ලි ඇති වෙයිද ? පිනා කල්පනා කලේ තව සල්ලි ටිකක් හොයාගන්න ක්‍රමයක් ගැන.    
 අවුරුදු ගණනාවක් මාර්කටින් ෆීල්ඩ් එකේ හිටපු පිනා වටේ හොද ගනු දෙනු කරුවන් පිරිසක් හිටියා. ඒ නිසා  තමන් හදන ඕනෑම දෙයක් විකුණගන්න එක ගැන නම් පිනාට කරදර වෙන්න දෙයක් තිබුනෙම නැ. පිනා අභයාස පොත් නිෂ්පාදන ආයතනයක වසර ගනනාවක් වැඩ කරලා තිබුණු නිසා ඒ පිලිබදවත් හොද අවබෝදයක් පිනාට තිබුනා 
සල්ලි හොයාගන්න ක්‍රමයක් ගැන කල්පනා කර කර හිටපු පිනාට එක පාරටම මතකෙට ආවේ තමන් එක්ක එකටම ජොබ් එකෙන් අයින් උන නලින්වයි සනත්වයි. පිනා ඒ දෙන්නත් එක්කම තමන්ගේ අලුත් අදහස ගැන සාකච්චා කළා. තමන්ටත් ලාබයෙන් කොටසක් ලැබෙනවානම් මේ බිස්නස් එකට සල්ලි දාන්න යාළුවො දෙන්නත් කැමැත්ත පලකලේ පිනා කරන්න හදන මේ වැඩෙන් අනිවා ලාබයක් ගන්න පුළුවන් කියන එක හොදින්ම දැනගන හිටපු නිසා   
ලාබ / අලාභ විදගන්න ආකාරය පිළිබද නීතිමය ගිවිසුමක් යටතේ පිනා තමන්ගේ නව ව්‍යාපාරය ආරම්බ කලේ සියලුම දෙනාගේ ආශීර්වාදය මැද්දේ ............
සුබ මොහොතින් ආරම්බ කරපු පිනාගේ පොත් බිස්නස් එක දියුණු වෙන්න පටන් ගත්තේ බලන් ඉන්දෙද්දී වගේ. පිනාගේ ආයතනයේ නිෂ්පාදිත පොත් වර්ග ලංකාවේ හැම තැනම ඉතාමත් වේගයෙන් අලවි වෙන්න පටන් ගත්තත් ඒ ඉල්ලුමට සරිලන තරම් සැපයුමක් ලබා දෙන්න තරම් පිනාගේ අලුත් බිස්නස් එකට තවම හැකියාවක්  නැහැ. නිෂ්පාදන වැඩි කිරීමට නම් අලුත් යන්ත්‍ර කිහිපයක්ම මිලදී ගත යුතු උනා. මේ නිසා මේ ව්‍යාපාරයට සම්බන්දවිමට කැමැත්තෙන් සිටි තව කිහිප දෙනෙකුම ව්‍යාපාරයට සම්බන්ද කර ගැනීමට පිනා තීරණය කළා   
මේ අතරේ පිනාගේ ව්‍යාපාරයට මුලින්ම සම්බන්ද වූ නලින් හදිසියේම අසනීප උනා. නලින් ආයෝජනය කරලා තිබුණු මුදල රු 100,000/= ක් අසනීප තත්වය මත තමන්ගේ අයිතිය වෙනත් අයෙකුට පවරන්නත්  ඔහු කැමති උනා. ඒ අයිතිය ලබා ගැනීමට ඉදිරි පත් උනේ සනත්.   ඔහු ඒ සදහා රු 200, 000/=  වීමට ඉදිරිපත් උනේ ව්‍යාපාරය දැනට ලබා තිබෙන ලාබය හා අනාගත සැලසුම් අනුව ව්‍යාපාරයේ අනාගතය ඉතාම සුබදායක බව ඔහුට දැනුනු නිසා 
 (මේ කතාවේ ඉතිරි කොටස සහ මේ කතාව කොටස් වෙලදපලත් එක්ක සම්බන්ද වන්නේ කෙසේද , ඉදිරි පොස්ට් වලින් )
   

ආන්දෝලනාත්මක Murder 2 චිත්‍රපටියේ විචාරය

Tuesday, August 16, 2011
සිතුවිලි පවුරට තවත් බොලිවුඩ් චිත්‍රපටියක විචාරය ඉදිරිපත් කරන්නයි මේ සුදානම් වෙන්නේ . ඒ තමයි Murder 2 චිත්‍රපටිය "බොලිවුඩ් සිංහලෙන්" අඩවියේ මීට කලින් පල කරල තිබුන මේ ලිපිය සිතුවිලි  පවුරට එකතු කරන්නේ එතනදි නොබලපු අය වෙනුවෙන්



Murder 2 චිත්‍රපටියේ DVD නිකුත් වීම පිලිබඳ තොරතුරු අපි ඔබට වෙත ඉදිරිපත් කලා බාගත කරගැනීමේ සබැඳිත් එක්කම . මෙතෙක් බාගත කරගත්තේ නැති කෙනෙකුට මෙතනින් ගිහින් ඒ සබැඳි ලබා ගන්න පුලුවන් . මේ චිත්‍රපටිය පිලිබඳ ලාංකිකයින් බොහෝ දෙන්ක් උනන්දුව පල කලේ ජැකලයින් නිරුවත් දර්ශන වලට පෙනී සිටිනවා කියල මතුවුනු කථා බහත් එක්ක . ලංකාව නොයෙකුත් මාධ්‍ය ඒ ගැන විවිධ කතා කියත්දි ඒ වෙනකොට තිබුනු සත්‍ය කතා බහ අපි ඔබට ඉදිරිපත් කලා මතක ඇති . ඒ කතාවුනු විදිහට ජැකලයින් වෙනුවෙන් නිරුවත් දර්ශන වල රඟපැවද ??? ඒ ගැනත් අපි මේ විචාරය ඇතුලෙ කථා කරමු


කථාව

අර්ජුන් කියන්නේ පොලිස් සේවයෙන් ඉවත් වෙලා ගෝව ප්‍රදේශයේ පතාලය වෙනුවෙන් වැඩ කරන , තමන්ගේ දක්ෂතා භාවිතා කරන පුද්ගලයෙක් . තමන්ගේ සමීපතමයන්ගෙ මරණයත් එක්ක දෙවියන් පිලිබඳ විශ්වාසයෙනුත් මිඳිලා ඉන්න අර්ජුන් තමන් පාතාලය වෙනුවෙන් වැඩ කරල ලබන මුදල් පවා වැය කරන්නෙ අනාථ ලමයින් වෙනුවෙන් . ඔහු තමන්ගේ පෙම්වතිය වෙනුවෙන් දක්වන්නෙත් රාගික අදහසක් විතරයි . ශාරිරික සබඳතාවයට වඩා දෙයක් ඇයගෙන් බලාපොරොත්තු නොවෙන ඔහු ගත කරන්නෙ එක්තරා ආකාරයකට විසිරුනු අතරමං වුනු ජීවිතයක්

ඔහුගේ පෙම්වතිය ප්‍රියා නම් බලාපොරොත්තු වෙන්නේ අර්ජුන් එක්ක සාර්ථක ජීවිතයක් ගත කරන්න , මොකද ඇය අවංකවම ආදරය කරන නිසා . ඇයගේ වෘත්තිය වෙන්නේ සඟරා වලට අඩ නිරුවත් රූප සඳ හා පෙනී සිටීම .

ගණිකාවන් සඳහා ගැහැනුන් සපයන පුදගල්යෙක් අර්ජුන්ගෙ උදව් බලාපොරොත්තුවෙන් පැමිනෙන්නේ මේ අතරෙදි . ඒ තමන් සපයන ගැහැණු ලමුන් අතුරුදහන් වීමක් ගැන උදව් බලාපොරොත්තුවෙන් .මේ සඳහා මැදිහත්වන අර්ජුන්ගේ උප්ක්‍රමයක් නිසා අසරණ ගැනු ලමයෙකුත් විපතට පත්වෙන බව අර්ජුන්ට දැන ගන්න ලැබෙනව . මොක්ද මේ ගැහැනු ල්මයින් අතුරු දහන් වෙන්නේ ව්කෘති පුද්ගකයෙකු විසින් මරා දාන නිසා බව අර්ජුන්ට දෑන ගන්න ලැබෙනව . එතනින් එහාට අර්ජුන් ක්‍රියා කරන්නෙ කොහොමද ? අර්ජුන්ට මුහුන දෙන්න වෙන සිදුවීම් මොනවාද ? ..... කිය්ල කථාව බලලම දැන ගන්න පුලුවන්

අපේ අදහස | Editor's Comment

  • හිංසාකාරි දර්ශන , කතා තේමාව හා සරාගි දර්ශන ආදී කාරණා නිසා මේ චිත්‍රපටිය වඩාත් යෝග්‍ය වෙන්නෙ වැඩිහිටියන්ට පමනක් බව මුලින්ම සඳහන් කරන්න ඕනි

  • කොහොම උනත් චිත්‍රපටියට කලින් සඳහන් වුනු ආකාරයේ නිරුවත් දර්ශන නම් චිත්‍රපටියේ අන්තර්ගත වෙන්නේ නැ . ඉතාම සූක්ෂම විදිහට කැමරාව මෙහෙයවපු ශෘංගාරාත්මක දර්ශන කිහිපයක් තිබුනත් ඒ චිත්‍රපටියට කලින් කථා බහට ලක්වුනු තරම් නම් නෙවෙයි . ඒ නිසා ඒ නිරුවත් දර්ශන කථාව අධ්‍යක්ෂක වරයා වෙලඳ උපක්‍රමයක් විදිහට භාවිතා කරපු දෙයක් බව තමයි කියන්න තියෙන්නේ . කොහොම උනත් Murder 2 බොලිවුඩ් සිනමාවට සාපේක්ෂව නම් සරාගී දර්ශන ඉහලින්ම අඩංගු නිර්මානයක් බවට සැකයක් නැ

  • අධ්‍යක්ෂකවරයාගෙ වෙලඳ උපක්‍රම නිසාදෝ අති සාර්ථක නිර්මානයක් බවට ආදායම් වාර්ථා තැබුවත් සඳහා ලැබුනු විචාරක ප්‍රතිචාර නම් ඒ තරම් හොඳ නැ . රංගනයේ දුර්වලතා, තිරරචනයේ හා කථාව ගොඩ නැගීමේ දුර්වලතා ඒ අතර ප්‍රධානයි . සංගීතය ඇරුණාම චිත්‍රපටියේ අනෙකුත් අංග ඒතරම් සාර්ථකත්වයක නැ .ඒ නිසා මේ වර්ගයේ චිත්‍රපටියක තියෙන්නෙ ඕනි කරන උද්යෝගය වෙනුවට කම්මැලි බවක් තමයි ප්‍රේක්ෂකයාට දැනෙන්නෙ

  • සරාගී දර්ශන රූගත කිරීමේදී ඇරුණාම අනෙකුත් අවස්ථාවල සිනමා කරන දායකත්වය ඉතාම මදි . මේ මාදිලියේ චිත්‍රපටියක රූප රාමු හා හර්හා දෙන්න පුලුවන් ගොඩක් දේ මගහැරිල තියන බවයි පේන්න තියෙන්නේ. සංගීත බාවිතාවේ තරම් හොඳ තත්වයක සිනමා කරන ලක්ෂනත් (සරාගී ජවනිකා වලදී මේ එකතුව සාර්ථකයි ) හොඳ තිර රචනයකුත් එකතු වුනා නම් නිර්මාණයේ අගය ඉතාම වැඩි වෙන්න ඉඩ තිබුනා .

  • ජනප්‍රිය වුනු තරමටම අලංකාර චිත්‍රපටියක් නොවේය කියලයි අවසන් වශයෙන් කියන්න තියෙන්නේ . සාම්ප්‍රදායික් ඉම් රාන් හැර වෙන දෙයක් ඔහුගේ දකින්න නොලැබුනත් ජැකලයින්ගේ රංගනය නම් සාර්ථකයි . කොහොම උනත් ඉතින් බොලිවුඩ් රසිකයෙක් විදිහට මේක නොබැලුවා කීමත් නිකන් අඩු වක් වගේ නිසා , බාගෙන බැලුවට නම් පාඩුවක් නැතිවෙයි

Ratings


  • Direction -1.5/5
  • Celebrities' Performance -2.5/5
  • Story - 2/5
  • Script - 1/5
  • Cinematography - 2/5 (Good in Erotic scenes )
  • Music -4/5
  • Choreography -2/5
  • Art Direction - 2/5
  • Action - N/A
  • Editing - 2/5
  • Special Effects - N/A
  • OVERALL -2.5/5


බොලිවුඩ් සිංහලෙන් අඩවිය වෙනුවෙන් සිතුවිලි පවුරට ලිපි එකතු කරන්නෙ මම කියන එක කලින් ලිපියෙදි සඳහන් කලා . ඒකට හේතුවත් එක්කම . දැන ගන්න කැමති කෙනෙකුට හෝ ඇඩ්මින් තුමාට   අවශ්‍ය නම් මේ ලිපිය අවසානයේ ඒ විස්තරය සඳහන් .


නිවේදනය - ශම්මි කපූර් කියන්නේ පැරණි බොලිවුඩ් සිනමාව ආශ්‍රය කරන කෙනෙකුට නම් සුපුරුදු චරිතයක් . එතුමා පහුගිය 14 වෙනිද අභහව්පාත්‍ර වුණා , ඔහු ගැන විස්තර දැන ගන්න මේ විකි පිටුවෙනුත් . අවමංගල්‍යයට අදාල තොරතුරු මෙතනිනුත් බලාගන්න පුලුවන්

අධිරාජ්‍යයකුගේ අන්තිම කැමැත්ත


මේ කතාවක්ද බොරුවක්ද කියන්න දන්නෙ නෑ.. මාත් නෙට් එකේ දැකපු එකක්.

ඇලෙක්සැන්ඩර්  අධිරාජ්‍යයා යුධජයග්‍රහන ගොඩකට පස්සෙ තමුන්ගෙ රටට එමින් ඉන්නකොට දරුනු විදිහට අසනීප වුනාලු.
තමුන් මරණාසන්න බව දැනෙනකොට රජුට තේරුනාලු තමුන්ගෙ මහා හමුදාව, එකතුකරපු වස්තුව, තමුන්ගෙ කීර්තිය වගේ කිසිම දේකින් වැඩක් නැතිබව.

ඔහු තමුන්ගේ කිට්ටුම හමුදාප්‍රධානීන් කැඳවල ඔහුගේ අන්තිම කැමැත්ත විදිහට ඉල්ලීම් තුනක් ඉදිරිපත් කලාලු.

පලවෙනි එක "මගේ මෘතදේහය රැගෙනයා යුත්තේ මාගේ පුද්ගලික වෙදුන් විසින්ය "
දෙවෙනි ඉල්ලීම "මගේ මෘතදේහය රැගෙන ගිය මාර්ගයේ ,මාගේ භාණ්ඩාගාරයේ ඇති රන්, රිදී, මැණික් ආදිය විසුරුවා දැමිය යුතුයි "
අවසන් ඉල්ලීම " මිනීපෙට්ටියෙන් පිටතට සිටින ලෙස මාගේ අත් තබා පෙට්ටිය වැසිය යුතුයි."

මේ අසාමාන්‍ය්ය ඉල්ලීමෙන් අවුල් උන එක සෙන්පතියෙක් ඇහුවලු ඇයි රජතුමනි ඒවගේ ඉල්ලීමක් කලේ කියල.

රජතුමා උත්තර දුන්නලු, " පළවන ඉල්ලීම - ලොව කිසිම වෙදෙකුට කිසිවෙකු මරණයෙන් බේරාගත නොහැකිබව පෙන්වීමටත්, දෙවන ඉල්ලීම - තමුන් රැස්කල කිසිවන් තමුන් සමග අවසන් ගමනට නොපැමිනෙන බව ඒත්තුගැන්වීමටත්, අවසන් ඉල්ලීම - කිසිවක් රැගෙන නොගෙන පැමිනි අප නැවත යන්නේ හිසතින්ම බව ජනතාවට මතක්කර දීමටත් “ තමුන්ගේ අවසන් කටයුතු මේ අයුරින් කලයුතු බව කිව්වලු.
එහෙම කියල රජතුමා මියගියාලු.

මේ යතාර්ථ්ය රජතුමාට වගේම අපි හැමෝටමත් අන්තිම මොහොතේ අවභෝද වෙනබවනන් මම හොඳටම දන්නව.

ඒත් ජීවත්වෙන කාළය අතරෙත් මේගැන ටිකක් හිතුවොත් කාට කාටත් මීටවඩා සතුටින් ජීවිතේ ගතකරන්න පුලුවන්වේවි.

පෙම්වතී

Monday, August 15, 2011

උ\පෙ මගේ පෙම්වතී
අපි බැන්දා නේද
දෙපාරක්
පළවෙනි පාර
හරි නොගියත්
දෙවෙනි වතාවනං
හරි සාර්ථක කසාදෙ
ඒත් මගේ ප්‍රේමෝන්මාදෙ
ඉවර නෑ තව
බඳිමු අපි තව පාරක්
හෙට උදේ
බලමු අපි මේ පාරවත්
හොඳවෙයිද ඇම්ම මගේ

පි‍ටු පෙරලපු ගාන