අධිරාජ්‍යයකුගේ අන්තිම කැමැත්ත

Tuesday, August 16, 2011

මේ කතාවක්ද බොරුවක්ද කියන්න දන්නෙ නෑ.. මාත් නෙට් එකේ දැකපු එකක්.

ඇලෙක්සැන්ඩර්  අධිරාජ්‍යයා යුධජයග්‍රහන ගොඩකට පස්සෙ තමුන්ගෙ රටට එමින් ඉන්නකොට දරුනු විදිහට අසනීප වුනාලු.
තමුන් මරණාසන්න බව දැනෙනකොට රජුට තේරුනාලු තමුන්ගෙ මහා හමුදාව, එකතුකරපු වස්තුව, තමුන්ගෙ කීර්තිය වගේ කිසිම දේකින් වැඩක් නැතිබව.

ඔහු තමුන්ගේ කිට්ටුම හමුදාප්‍රධානීන් කැඳවල ඔහුගේ අන්තිම කැමැත්ත විදිහට ඉල්ලීම් තුනක් ඉදිරිපත් කලාලු.

පලවෙනි එක "මගේ මෘතදේහය රැගෙනයා යුත්තේ මාගේ පුද්ගලික වෙදුන් විසින්ය "
දෙවෙනි ඉල්ලීම "මගේ මෘතදේහය රැගෙන ගිය මාර්ගයේ ,මාගේ භාණ්ඩාගාරයේ ඇති රන්, රිදී, මැණික් ආදිය විසුරුවා දැමිය යුතුයි "
අවසන් ඉල්ලීම " මිනීපෙට්ටියෙන් පිටතට සිටින ලෙස මාගේ අත් තබා පෙට්ටිය වැසිය යුතුයි."

මේ අසාමාන්‍ය්ය ඉල්ලීමෙන් අවුල් උන එක සෙන්පතියෙක් ඇහුවලු ඇයි රජතුමනි ඒවගේ ඉල්ලීමක් කලේ කියල.

රජතුමා උත්තර දුන්නලු, " පළවන ඉල්ලීම - ලොව කිසිම වෙදෙකුට කිසිවෙකු මරණයෙන් බේරාගත නොහැකිබව පෙන්වීමටත්, දෙවන ඉල්ලීම - තමුන් රැස්කල කිසිවන් තමුන් සමග අවසන් ගමනට නොපැමිනෙන බව ඒත්තුගැන්වීමටත්, අවසන් ඉල්ලීම - කිසිවක් රැගෙන නොගෙන පැමිනි අප නැවත යන්නේ හිසතින්ම බව ජනතාවට මතක්කර දීමටත් “ තමුන්ගේ අවසන් කටයුතු මේ අයුරින් කලයුතු බව කිව්වලු.
එහෙම කියල රජතුමා මියගියාලු.

මේ යතාර්ථ්ය රජතුමාට වගේම අපි හැමෝටමත් අන්තිම මොහොතේ අවභෝද වෙනබවනන් මම හොඳටම දන්නව.

ඒත් ජීවත්වෙන කාළය අතරෙත් මේගැන ටිකක් හිතුවොත් කාට කාටත් මීටවඩා සතුටින් ජීවිතේ ගතකරන්න පුලුවන්වේවි.

පෙම්වතී

Monday, August 15, 2011

උ\පෙ මගේ පෙම්වතී
අපි බැන්දා නේද
දෙපාරක්
පළවෙනි පාර
හරි නොගියත්
දෙවෙනි වතාවනං
හරි සාර්ථක කසාදෙ
ඒත් මගේ ප්‍රේමෝන්මාදෙ
ඉවර නෑ තව
බඳිමු අපි තව පාරක්
හෙට උදේ
බලමු අපි මේ පාරවත්
හොඳවෙයිද ඇම්ම මගේ

ගු ඇදිම රස්සාවක් කරගත් මිනිසුන්.....

Sunday, August 14, 2011

උතුරනවාට කවු‍රැත් කැමතිය නමුත් මේ  ඉතිරිල්ලට කවු‍රැත් කැමතියන්නේ නැත..මොකද මේ ඉතිරිල්ල නිසා ඇතිවන වාසියක් නැත.ඇතිවන්නේ දුඟද හා අප්පිරියාව පමණි..නමුත් මේ ඉතිරිල්ලෙන් සතුටක් ලබන අය පවා සිටිති මේ ඉතිරිල්ල නිසා ඔවුන්ගේ ද‍රැපවුල් ‍රැකෙන්නේ හා එදා වේල හරි කරගන්නේ මේ ඉතිරිල්ලේන් වාසි ලබන්නොය....ඔවුන් මැස්සන් බව ඔබ සිතනවා වන්නට පුලුවන නැ ඔවුන් මිනිසුන්න හැගිම් දැනිම් ඇති සැබැ මිනිසුන්ය සමාජ සේවකයන්ය අපගේ ජාතික පනය වන ගල් මොත්ලයක් හා ‍රැපියල් 4000/= අතේ තැබුවිට ඔවුන්ට කල නොහැකි දෙයක් නැත.එ තරමට ඔවුන් මේ රස්සවේ ප්‍රවිනයොය..‍රැපියල් 4000 නොව ලක්ශයක් දුන්නත් මම නම්  ජිවිතයට ලැට් වලකට බහින්නේ නෑත.නමුත් ඔවුන්ට ගූ නාන එක කජු කනවා වැනිය..පලාතම ගඳය එ ගඳ පිටවන තැනම එක් අයෙක් බල්දියකුත් අතැතිව ඊලග ගූ බල්දිය පිරි එනතු‍රැ මග බලා සිටි....මෙය මට හිනයකි මම ජිවිතයේ පලමු වරට දු‍ටු ඊහා අප්‍රසන්න ජනකම සිදුවිමකි...ගල් බොතලයම කට තියා ගසා සිගටට් එක වලේ සිටම පානය කරයි මට වමනේ යන්නත් එයි.......මේ අපේ ගමේ ඩයල් එකකි මම ඔහුට ජොන් කියන්නම්...ඔහු තැන්පත් පුද්ගලයෙකි ලැට් වලට බැසිම හා ගල් ගැසිම විනා ඔහු වෙන කිසිම ආකාරයක වැරදිවැඩක් කරනු මම දැක නැත...ඔහුට ද‍රැවන් දෙදෙනෙකු සිටි නමුත් ඔහුගේ මේ රස්සාව ඔවුන්ට ගැටලුවක් වි නැත.අවන්කවම මගේ තාත්තා මෙවැනි රස්සාවක් කරනවාට මම කැමති නැත ඔබත් එසේ සිතනවා විය හැක නමුත් ඔහු කරන්නේද රස්සාවකි හොරකම් මැරකම් කරනවට වඩා මේ රස්සාව ඔහුට නම්බුවක් විය හැක.


පෙරේතෙයෙකුට රස කෑමක් ලැමුනහම් කනකන් ඉවසිල්ලක් නෑ වගේ මේක දැකල නොලිය ඉන්න බැරි නිසාමයි ලියලා දැම්මේ  මේ මට  ගැන තව ලියන්න ඕන නමුත් විභාගය නිසා එය කිරිමට වෙලාවක් වෙන් කර ගැනිමට ඇති නොහැකියාවට සමාවන්න විභගය ඉවර වෙනකන්මෙක නොලිය ඉන්න බැරිකමට ලියල දැම්මේ..........

URL Submit Script

Saturday, August 13, 2011

මේක URL Submit Script එකක් මේක ඔයාගේ Hosting Account upload කරලා පුලුවන් URL Submit සයිට් හදන්න. බලන්න මම හදපු එක. http://urlsubmit.lankeeya.info/ මෙතනින් ගන්න http://www.urlsubmitscript.com/URL_Submit_Script.zip

සොඳුර නුඹ සමග....

Friday, August 12, 2011




දිග නපුරු තියුණු කටු
සූර සූරා ඇනෙන
ඇවිද යමි ඔහු සමග
ආදරේ දිගු ගමන

දෙසවනද නොබිහිරිය
දෙනෙත් නොමවිනි අන්ධ
එහෙත් මට මගේම හිත
හඬනු නැසුනෙ මන්ද

ඔහුද මා අත රැගෙන
උණුසුමින් සිනාසේ
මා ගැහෙන බව අහෝ..!!
බිඳක් නුදුටුවා සේ

තවත් හිත වාරු නැත
පැකිලි පැකිලී දුවමි
ඔහු නිතර ඉඟි මරයි
මා පුදුමයෙන් දැවෙමි

ඒත් නැත නැවතුමක්
මා පිළිමයෙකි ශෛල
සිතු ලෙසිනි නොනැවතී
ඔහු දොඩන හැටි බයිල

හඬන්නට තබා දිව
යන කලට ගිලෙන්නට
නෙතද දැන් නැත එකඳු
කඳුලකුත් සොයන්නට

බාඳුරා මල් පිපේ
අප යනෙන මග අවට
ඔහු නෙතින් නිති නැගේ
සොඳුරු බැල්මන් රුවට

හිත එකම සැනසුමෙකි
එළි බිංදුවක් ලෙසින
ඔහු අල්ලගෙන සුරත
පෙර ලෙසම ඇත තදින

එයම මර උගුලක්ද
විටෙක හදවත හිතන
ප්‍රේම වද බන්ධනෙන්
මිදෙන්නට ඉඩ නොදෙන

කමක් නැහැ මගෙ සොඳුර
එහෙත් මා මළ දිනෙක
මග අතැර නොගොස් කටු
පඳුරකින් වත්......වසනු මැන.....




රෝස්ට් ච්කන් ............... !!!!!

Thursday, August 11, 2011


යන්න යන්න දුවලා යන්න ....
මගේ ඇගෙන් කැල්ලක් අරගෙන.....
ඉක්මනට ගියෝත් මාව අල්ලගත හැකි ......
නැත්නම් මගේ උපත සිදුවය හැකි.....

අනේ මටත් මේවා නොතිබුනානම්......
මාව මස් කර ගන්න මාර ලේසි........
එත් ඉතින් මාව අල්ල ගත්තේ නැත්තම් .....
තොපිලාගේ සාගින්දරය අඩු නොවේව්.......

මේක පුoචි පහේ ප්‍රශ්ණ ටිකක් බලන්න උත්තර දෙන්න පුලුවන්ද කියලා..

 
01) ගල් කිලො එකක් හා පුලුන් කිලො එක බැගින් තරාදියකට දැම්මොත් බර වැඩි කුමන පැත්තද..........
 
02) පෙනේ නම් මොකාද ? නොපෙනේ නම් මොකාද ?

 03) අත්තක කුරැල්ලන් 10 සිටි දඩයක් කරැවෙක් වැඩි තබා දෙදෙනෙක් දඩයම් කරේ නම් ඉතිරි කුරැල්ලන් ගනන කියද?
 
04) අපේ අම්මා පාන්දර 4.00 නැගිටිනවා...
4.30,ට හාල් ලිපේ තියනවා...
4.45ට පරිප්පු හදන්න පටන්ගන්නවා
5.00 පරිප්පු එකට දාන්න පොල් බිදිනවා
පොල් ගෙඩිය බිදුනේ කියටද ?.......
05) අපේ ශරිරයේ අපිට කැමති විදිහට හැදිය හැකි.....පාට කරහැකි....නැතිකර දැමිය හැකි....අoගය කුමක්ද ?
 
බලන්න උත්තර දෙන්න පුලුවන්ද කියලා.........

ආදරය නම් සුන්දරය.........

ආදරය නම් සුන්දරය.........
එ සුන්දරවු අදරය........
සෑම විටම විරහවක් වේද..

ඇය ලස්සනයි
මම මගේ ජිවිත කාලයටම දැකපු ලස්සනම කෙල්ල..
එක මොතක මට හිතුනා.........
එ ඇස් දෙක වෙනුවෙන් මගේ ජිවිතය වුනත් පුදන්න ...
මම ආදරය කලා
ඇත්තටම මම ආදරය කලා....
මෙතුවක් කාලයකට ඇති නොවුනු හැකිමකින් මාව කුල්මත් වෙලා....
එත්.....එ ආදරය මට මාව නැති කලා
මම හිනයක් දැක්කා
ලස්සන සුරන්ගනාවියක් මාව සනසන හැටි

මම සතුටු වුනා..
ඇත්තටම මම එ මොහොතේ ජිවිත කාලයටම වඩා  මම ජිවත් වුනා
එත් එ හිනය බොද වෙලා හුගක් කල්...
දැනුත් මම ජිවත් වෙනවා
මියගිය හදවතක් එක්ක........

වටහා  ගන්න බෑ....

අනේ දෙවියනි කියන්න මට...

මෙය මගේ උරැමයද කරැමයද..............

නැටුම් බෙර . . .

තොපිට නටන්නට
ගැසූ බෙර අද
පැලී අවසන
මුලුගැන් වී ඇත

හම නැති බෙර කඳ
වරපට සමගම
පාලු කපනවා
බෙර පද කිය කිය

ඇවිත් බලා යන
යක්ස යක්සනින්
නටපු නැටිල්ලක්
මතකෙට එනකොට

උන්ටම ලැජ්ජලු
බෙර මුහුණත දැක
නටපු ඇති නැටුමක්
ඉතුරුව නැතිකොට

මම අතරමං වෙලා ද ............. ??

සද   මා   ලගට   එයි  .......
නමුත් මා    ගණ    අදුරේයි  ........
කව්ද මා මේ  අදුරින්  මුදන්නේ  ........
හෙටවත් මට ආලෝකයක්  එවි දෝ  .....
නැත්තම් මා මේ අදුරේම තනිවේ  දෝ ..........

පි‍ටු පෙරලපු ගාන