චතූ ඔයාටයි මේ

Monday, June 27, 2011
"චතූ අද ඔයාට පුලුවන් නම් ඉක්මනට ගෙදර එන්නකෝ."
බලමු හිමාලි.මම දැන් meeting එකක ඉන්නෙ.එහෙනම් මම තියන්නම්.මාව තේරුම් ගන්න ළමයො.චතුරoග එහෙම කිව්වෙ හිමාලි කතාකරන්නෙ දුකෙන් බව එයාට තේරුන නිසා.

"හුගක් මහන්සියි හිමාලි."චතුරoග ගෙට ගොඩවැදුනෙ එහෙම කියාගෙන.
ඔයා එහෙනම් නාගෙන එන්නකො චතූ.මම තේ හදන් එන්නම්කො.ඔයා ආස කරන කෑමක් මම අද හැදුවා.කියන්නත් දෙයක් තියෙනවා චතූ සතුටු හිතෙන ආරන්චියක්.හිමාලි එහෙම කියාගෙන කුස්සියට ගියා තේ හදන්න.

"ඔයා නාගෙන ආවද චතූ?ආ..චතූ තේ.මම අද චොකලට් කේක් හැදුවා.ඔයා ආසයි නෙ.
චතු අද වගේ ටිකක් කලින් එන්නකො ඔයාට පුලුවන් හැමදාම.දවල් දවසෙම මම තනියමනෙ.මටත් පාළුයි නෙ චතූ."
හිමාලි දවස් ගානක් හිතේ තද කරන් හිටපු වේදනාව එහෙම කියුවෙ ඉස්සර වගේම චතූත් එක්ක හුරතල් වෙන්න තිබුන ආසාවට.

"ඔයාට තේරෙන්න නෑ හිමාලි බිස්නස් වැඩ ගැන.මම මේ මහන්සි වෙන්න බිස්නස් එක දියුණු කරගන්න.ගෙදරට වෙලා හිටියම කොහොමද සල්ලි හම්බකරන්නෙ."

ඔයා උදේ ඉදන් හවස් වෙනකම් office එකේ.රෑට ගෙදර ආවමත් ෆයිල් ගොඩක් බදාගෙන.නිදහසේ කතාකරන්න වත් වෙලාවක් නෑනේ චතු.ඒ නිසා මගේ හොද මහත්තයා වගේ office එකේ වැඩ office එකේ තියල ඉස්සර හිටපු චතූ වගේ සැහැල්ලුවෙන් ගෙදර එන්න.please.


"හ්ම්ම්..බලමු."චතුරoග එහෙම කියුවෙ ෆයිල් ගොඩක් අතරෙ නෙත් යොමන ගමන්.චතුරoග හිමාලිට ආදරේ නැතුව නෙවෙයි ඒත් හිමාලිට දැනෙන්නෙ චතූ ගොඩක් ඈත් වෙලා කියලා.
හිමාලි කවුළුව අතරින් අහස දිහා බලන් හීල්ලුවා.

"ආදරේ කරපු කාලෙදි මම පුන්චි දේකට දුකෙන් හිටියත් මගේ පුන්චි වෙනසක් උනත් ඔයාට තේරෙනවා.ඒත් දැන්??මම දන්නවා ඔයා මට ආදරේ බව ගොඩා..ක්.ඒත් චතූ ඉස්සර හිටිය වගේ වෙන්න.ජීවත් වෙන්න සල්ලි ඕන තමයි.ඒත්  ඊට වඩා අපේ සතුට වටිනවා නේද?



තුන් තිස් පැයක්
නිදිවරාන වෙහෙසිලා
මම ලිව්වා
නුඹේ නමින්
පද වැලක්

බලා උන්නා
නුඹ එන තුරා
නුඹේ සිත් අහසේ
මගේ නමින්
ගෙත්තම් කරන්න
ඒ සුපෙම් සිහිනය

පාරමී පුරපු
අපේ සිහිනය
හැබෑ වෙන්නයි හදන්නෙ

ඒත්
නුඹට වෙලා නෑලු
ඒ සිහින පද වැල
අහන් ඉන්න
 මේක මම මගේ බ්ලොග් එකේ පළ කරපු පෝස්ට් එකක්.සිතුවිලි පවුරෙ පළ කරන්න හිතුනෙ නොදෑකපු අයට බලාගන්න.

කාගෙද වරද

මේ දවස් කිහිපයේම බ්ලොග් කියවනකොට කියවන්න ලැබුනෙම බස් කතන්දරමයි. මේකත් මේ මගී ප්‍රවාහන බස් රථ සම්බන්ධ කතාවක්. මේ පොස්ට් එක ලියන්න හිතුනේ  නම් අපේ මදුරංග අය්යා ලියපු කොන්දොස්තර මහත්තයෙක් කියන පොස්ට් එක කියෙව්වට පස්සේ.

මම හැමදාම මෙට්‍රෝ එක බලා එන්නේ ගාලු පාරේන්, ගොඩක් වෙලාවට ඉතින් භාවිතා කරන්නේ ප්‍රයිවට් බස් එකක්ම තමා.මොකෝ ඉතින් ලංගම බස් එකක් බෙහෙතකටවත් හොයා ගන්න තියෙන එකක්යැ. ජාතියේ ගමන් සගයෝ ගොඩක් අන්තිමට දැක්කේ නම් මේ ලගකදී තිබ්බ බස් වර්ජනය වෙලාවේ.

මේ මොන බස් එකේ ආවත් දෙහිවල ගුවන් පාලම පහු කරන්න ඕනනේ.මම මේ කියන්න හදන අත්දැකීම නම් ගොඩක් අයට ඇති.දෙහිවල වර්ණ සලකුණ ළග බස් රථය නතර කරාම ගොඩක් අය කරන දේ තමයි ටක් ගාලා බස් එකෙන් බහින එක.හැබැයි ඒ වෙලාවෙම බස් එක ඉදිරියට ගත්තොත් මොකද වෙන්නේ ?. බොහෝ වෙලාවට ඉතින් වටිනා ජිවිතයක් නැති වෙනවා. දෙහිවල විලියම් මංසන්දිය , ගල්කිස්ස මංසන්දියේ එහෙම මෙවන්‌ සිදුවීම් නිතරම බලා ගන්න පුළුවන්. එක දවසක් ගල්කිස්සේදී කාන්තාවක් මේ වගේ බහින්න ගිහින් බසයෙන් වැටුනා.ඇගේ ජීවිතයට අනතුරක් උනේ නැත්තේ නම් පෙර පිනකින් වෙන්න ඕන.

කතාවේ හොදම දේ වෙන්නේ ඊට පස්සෙ. බස් එකකින් අර විදියට කවුරුහරි වැටුනොත් ඒ අවට වටා පිටාවේ ඉන්න මිනිස්සුයි , බස් එකේ මින්ස්සුයි හැමෝම ඉස්සෙලාම කරන්නේ බස් එකේ කොන්දොස්තරටයි , රියදුරු ටයි පුළුවන් තරම් බනින එක. වැටිච්ච මනුස්සයාට ටිකක් බරපතලයි වගේ නම් ඉතින් කොන්දොස්තරටයි , රියදුරුටයි අතින් පයින් සංග්‍රහ කරන්නත් ඉතින් අමතක කරන්න නැහැ.කවදාවත් වරද කාගෙද කියලා හොයලා බලලා වැඩ කරන්නේ නැහැනේ අපේ අය.ඔය පහුගිය කාලේ සිදුවුන රිය අනතුරු වලදීත් බස් එක ගිනි තියලා රියදුරුට සංග්‍රහ කරලා ඉවරා වෙලානේ නඩුව අහන්න පටන් ගත්තේ.

මොනදේ උනත් ඉතින් ප්‍රයිවට් බස් රථ වලත් ඉතින් සේවය හොදයි කියන්න නම් බැහැ.මම ඉන්න තැන ඉදලා කොළඹට විනාඩ් 45 යන්න පුළුවන් ගමන අපරාදේ කියන්න බැහැ අනිත් බස් වලට වෙට්ටු දාලා, හැම බස් හෝල්ට් එකක්ම මගින් ඇතැත් නැතත් පරික්ෂා කරලා එනකොට පැයත් පැනලා.වෙන විකල්පයකුත් නැති එකේ අපි ට යන්න තියෙන්නෙත් ප්‍රයිවට් බස් විතරනේ.ඒ අයත් ඉතින් අපිට කරන්නේ සේවයක් නේ(ද).

බස් කතාව ඔයින් ඉවරයි.ඉදිරියේදී ඇතිවෙනවා කියන අලුත් ශ්‍රී ලංකාවේ වත් මේ වගේ අප්සට් දේවල් නොවේවායි ඉත සිතින් ප්‍රර්ථනා කරනවා.

සිතුවිලි පවුර සරසමු සැම සනසමින

කාලය හිඟයි වැඩ වැඩි වුණ නිසාවෙන
ආලය ලියන්නයි කවි පද හැකි පමණ
ලද ඉඩ ලියන්නට මෙහි දැන් හිතට ගෙන
සිතුවිලි පවුර සරසමු සැම සනසමින

මම තව බ්ලොග් තුනක් ලියනවා මගෙම කියා
එනමුත් තවම නෑ හවුලේ කිසිත් ලියා
ආසයි ලියන්නට දුක සැප සමව තියා
බෙදලා හදලා ලියමුකො සිත සතුට තියා

නිසඳැස් ලියන්නට පුළුවන් කමක් ඇත
එනමුත් සඳැසටයි තවමත් වැඩිය හිත
අරුතෙන් පිරුණු දේ ලියනට යොමා සිත
කළ හැකි යමක් බැලුවොත් සිත සතුටු වෙත

ආසයි අඳුනගන්නට හැම දෙනා හොඳින්
හැකි හැම විටක සිත සතුටින් සිනාසෙමින්
ජීවිත සටන ගෙන යන ධර්මයෙන් සෙමෙන්
අප හට හැකි වේවි සරසනු පවුර ඉතින්


පසුව ලියන වග නම්;

මා බ්ලොග් ලිපි ලියන්නට පටන් ගත්තේ මීට වසර එක හමාරකට පමණ පෙරාතුවය. එහෙත් ඒ වන විට බ්ලොග් පිළිබඳ මට තිබූ දැනුම ඉතා අල්ප විය. එහෙත් කල් යත්ම බ්ලොග් අවකාශය යනු අපූරු කලාවන්ගෙන් පිරුණු සුන්දර පාරාදීසයක් බව මට පසක් විය. එහෙත් මා තවම බ්ලොග් ලිපි ලිවීමේ කෙල පැමිණියෙක් නොවෙමි. ප්‍රකාශණ විධි අතර ප්‍රබලතම ප්‍රකාශණ විධියක් වන සඳැස් කවිය මගේ ප්‍රියතම ප්‍රකාශණ විධියයි. එහෙත් නිසැඳසටද මම ඇලුම් කරමි. මාගේ බ්ලොගයන් වන හද පතුල හා පෙම් පෙත යන බ්ලොග් වල ලිපි බොහොමයක මේ අයුරින් ලියූ පද්‍ය ඇතුලත් කර ඇත. මා මෑතකදී ලියන්නට පටන් ගත් නිදුක් බ්ලොග් එක තුලින් බුදු දහම තුලින් යහපත් ජීවිතයක් ගත කිරීම ගැන කතා කරමි.

මෙසේ බ්ලොග් අවකාශයේ කතුවරයෙකු ලෙස කටයුතු කළද, සාමූහික බ්ලොගයක කතෲත්වයක් මට ලැබුණේ සිතුවිලි පවුර තුලිනි. මෙහිදී  මේ බ්ලොගයට නවකයෙකු ලෙස මට බොහෝ දේ ඉගෙන ගන්නට තිබෙනු ඇත. බොහෝ දේ බෙදා ගන්නට තිබෙනු ඇත. අප බ්ලොග් කරුවන් ලෙසට ඉදිරියට ගෙන යන්නේ අප ලියූ දෑ කියවන්නෝය. ඒ නිසා ලිපියට කමෙන්ටුවක් දැමීම අගේ කොට සලකමි.

ඉතිං ආයුබෝවන්!

Luv ka The End - චිත්‍රපටයේ විචාරය

මේ සිතුවිලි පවුරට "බොලිවුඩ් සිංහලෙන්" ඉදිරිපත් කරන පලමු ලිපිය . අපේ බ්ලොග් අඩවියේදී ඉදිරිපත් කරන ලිපි අතරින් අපේම නිර්මාණයක්ය කියන්න පුලුවන් සහ වඩාත් වැදගත්ම ලිපි කොඨ්ඨාශය තමයි චිත්‍රපට විචාර .  ඒ අතරිනුත් ලංකාවේ බොලිවුඩ් රසිකයින් කැමතිවේය කියල හිතන චිත්‍රපටි ගැන විචාර විතරක් , ඒ කියන්නෙ හොඳම චිත්‍රපට ගැන විචාර පමනක්  සිතුවිලි පවුරට එකතු කරන්නයි අපේ බලාපොරොත්තුව . ඒ අතරේදි බොලිවුඩය සම්බඳ වැදගත් තොරතුරක (ඕපදූප එහෙම නෙවෙයි ) තිබුනොත් ඒ ගැනත් මෙතනට සටහනක් එකතු කරන්න පුලුවන් . මුල්ම ලිපිය විදිහට මීට ටික දවසකට කලින් අපේ බ්ලොග් අඩවිය හර්හා හඳුන්වාදීපු චිත්‍රපටියක විචාරය අපි ඔබට ඉදිරිපත් කරනව . මේ චිත්‍රපටිය  ඇත්තෙන්ම ලස්සන නිර්මානයක්

අපේ කලින් ලිපිය නොබලපු අය වෙනුවෙනුයි මේ 
 ----------------------------------------------------------------------------------------------------
Luv ka The End චිත්‍රපටිය ගැන  අපි ඉදිරිපත් කරපු ලිපිය ගොඩ දෙනෙක්ගෙ අවධානයට ලක්වෙලා තිබුනා . ඒ වගේම චිත්‍රපටියේ ඡායාරූපත් සැහෙන පිරිසක් භාගත කරගෙන තිබුනා . අද ඉදිරිපත් කරන්නෙ චිත්‍රපටියෙ Review එක . කලින් ලිපිය කියෙව්වෙ නැත්නම් මෙතනින් ගිහින් කියවන්න . මූලික  තොරතුරු වගේම ඡායාරූප , ගීත එකතුව ආදියත් ඒ ලිපියෙම අන්තර්ගතයි

කථාව

රියා කියන්නෙ වයස 18ක් වෙච්ච තරුණියක් . ඇයගෙ පෙම්වතා වෙන්නේ හොරබඩු ජාවාරම් කාරයෙක්ගෙ පුතා වුන ලව් නන්දා . රියාගේ 18 වෙනි උපන් දිනය වෙනුවෙන් මේ දෙන්නා එකතු වෙලා එකට රාත්‍රිය ගත කරන්නයි සුදානම් වෙන්නේ . මේ අතරෙදී  මේ දෙන්නගෙම පාසල් මිතො දෙන්නෙක්ගෙ කතා බහකින් ලව් නන්දාගෙ වෙනත් සම්බන්ධයක් ගැන  රියාට සහ ඇගෙ මිතුරියන්ට දැන ගන්න ලැබෙනව . ඒ ගැන හොයන්න යත්දි මේ අයට තවත් ආරංචියක් දැනගන්න ලැබෙනව . ඒ ලව් නන්දා ඇතුලු කෝටිපති තරුණයින්  සහභාගි වන තරඟයක් ගැන . මේ තරඟයට අනුව තමන්ගෙ ජීවිතයට අදාලව සරාගී ක්‍රියාකාරකම් වල  විඩියෝ සහ ඡායාරූප අප්ලොඩ් කරන්න ඕනි . ඒ ඒ විඩියෝ වල ඡායාරූප වල තත්වය (කොයි තරම් දුරට ගිය සම්බන්දය්ක් ද ආදී ) අනුව ලකුණු ලැබෙනව . ලව් නන්දා මේවෙනකොට  ඒ ලකුණු සටහනෙ ඉහලින්ම ඉන්න බවත් රියාට දැනගන්න ලැබෙනව . එතකොට තමයි රියාට ලව් නන්දාගෙ හැබැ ස්වරුපය තේරූම් යන්නේ . තමා එක්ක රත්‍රිය ගත කරන්න සැලසුම් කලෙ ඇයි කියලත් , අර අනික් ගැන ලමෙක් ගැන ලැබුන ආරංචිය මොකක්ද කියලත් රියාට තේරුම් යනව .ලව් නන්දාගේ  වැඩ පිලිවෙල අසාර්ථක කරන්න රියාත් මිතුරියනුත් සැලසුම් කරනව ඊට පස්සෙ මොකද වෙන්නෙ ?   චිත්‍රපටිය බලලම දැනගමු නේ ?????

Editor's Comment |අපේ අදහස
  • මේ කතාවේ තේමාව බොලිවුඩයට ටිකක් විතර ආගන්තුකයි . ඒ නිසා අමුතුම ආකාරයේ රසවින්දනයක් බොලිවුඩ් රසිකයින්ට මේ හරහා ලබා ගන්න පුලුවන් . මේ කතාව පදනම් වෙන්නේ තනි දවසක සිදුවෙන සිදුවීම් පෙලක් එක්ක . ඒකත් චිත්‍රපටියට අමුතු රසයක් එකතු කරන්න හේතුවක්
  • මෙ චිත්‍රපටිය බොහොම සරල සිනමා නිර්මානයක් ඒ නිසා ගැඹුරු චරිත හෝ 100% තාත්වික සිදුවීම් නම් බලාපොරොත්තු වෙන්න බැ , ඒ  උනත් නිර්මානයට හෝ ප්‍රේක්ෂකයා ට අසාධාරණයක් වෙන විදිහෙ දේවල් නම් අන්තර්ගත වෙලා නැහැ 
  • හාස්‍යොත්පාදක චිත්‍රපටියක් විදිහටත් මේ චිත්‍රපටිය සැහෙන තරම් දුරට සාර්ථකයි කියන පුලුවන් .  චිත්‍රපටියෙ සංගීතයත් නිර්මානයට අනුකූලව ඉතාම අලංකාරයි . Luv ka the end , Tonight  කියන  ගිත දෙක   බටහිර සංගීත ශෛලීන්ට අනුගතව  ඉතාම ලස්සනට නිර්මානය වෙලා තියනව
  • චිත්‍රපටියෙ කථාව , දෙබස් , තිරරචනය , සංස්කරන ක්‍රම , සිනමාකරන ලක්ෂන සියල්ලම වේගවත් තාරුණ්‍යට ගැලපෙන්න තමයි නිර්මාන්ය වෙලා තියෙන්නෙ . ඒ හැම දෙයක්ම  නිර්මානයට අනුව හොඳ මට්ටමක පවතිනව
  • ප්‍රවීන බොලිවුඩ් නලු ශක්ති කපූර්ගෙ දියණිය ශාර්දා කපූර් තමයිප්‍රධාන චරිතය රඟ පාන්නෙ . ඇය වගේම අනිකුත් අයගෙත් රංගනය සැහෙන තරම් සාර්ථකයි . ඒ වගේම බොලිවුඩයට අලුතින් එක්වුන රූමත් රංගන ශිල්පිනියක් විදිහටත් ශාර්දා හඳුනවන්න පුලුවන් 
  • අමුතු තේමාවකින්  තාරුණ්‍යයේ රිද්මයට එකතු වෙන්න හැමෝටම මේ චිත්‍රපටිය බය නැතුව නිර්දේශ කරන්න පුලුවන්
Ratings

  • Direction - 3/5
  • Celebrities' Performance -3/5
  • Story - 3.75/5
  • Script - 3.75/5
  • Cinematography - 2.5/5
  • Music - 3.75/5
  • Choreography -2.75/5
  • Art Direction - 2.5/5
  • Action - N/A
  • Editing - 3/5
  • Special Effects - N/A 
  • OVERALL -3.5/5

නොහික්මුණු ආසාව......

මුලින්ම,
අසාවෙන් බලා ඉදියා,
ආවාම,
අසාවෙන් අතගැව,
පස්සේ,
එක එක කැටයම් කැපුවා,
දැන්,
දැන්නං....
මට එපා වෙලා,
හොදටම ඇති,

උබ මගේද ? මම උබේද ?


ඔව් ඇත්ත , අපි දෙන්න ෆැන්ටසියක වගේම හැදුවේ ෆැන්ටසියක් <
මතකද ඒ දවස වල උඹයි මමයි අත් අල්ලාගෙන පාරේ ගිය විදිය
කියල ඇහුවේ නැත්තේ උඹත් ඒ හේතුව දන්නා නිසා.
ආදරයක් නොදගෙන හිටි හිතට උඹ ආදරේ කලාද ???
නෑ.., උඹ මට කලේ ජිවිතයක් දෙන එක.,
ඒක තමයි ආදරේ කියල හිතා ගන්න බැරි උනේ මටද උබටද ?|
පන්ති නොගොහින් පන්ති ගිය දවස්
හ්ම්ම්.., ඒ මගේ ජිවිතේ සොදුරුම දවස්..
එත් ඇයි දැන් අපි නොදන්නවා වගේ නමට ආදරේ කරන්නේ ?
මගේ වැරැද්ද.., මම හිතුවේ එහෙමයි.
අපි රණ්ඩු වෙනකොට උබ වෙනද වගේ නෑ..,
බනින්නේ මොකක් හරි දෙයක් හිතේ හියාගෙන.,
ආදරයක් නැති වෙන මුල්ම දේ වෙනවා කියල දැනගෙනත් ඇයි මේ?
යාලුවෝ කිව්ව දේවල් ඇත්තද උබේ අතීතේ ගැන ..,
මම ඒවා උබේ ආදරේ නිසා අමතක කරපු ඒක වැරදි වගේ දැනෙන්නේ ඇයි මට ?
එත්..වෙන ආදරයන් ලැබෙද්දී මම උබ ගැන හිතන්නේ
මගේ අතින් උබට වරදක් වෙයි කියල,
එත් නැහැ.., දැන් උබ මගේ ජිවිතේ නැහැ..,
උබ තරම් කුහක කෙනෙක් මම දැකලම නැහැ
උබට ඕන දේ වින්ද , එත් මම තනි කළා.,
ගොඩක් දුර නෙමෙයිනේ ගියේ ..
අනේ..එන්න වස්තුව මම ලගට ආයත්..,
මම හැමදාමත් ඒ පොලව ගාවට ගිහින් උබත් එක්ක කතා කරාට
උබ කලින් වගේම මම කතා කරනකම් බලන ඉන්නව.
රතු රෝස මලට උබ ඉස්සර වගේම ආසයිද කියන්න ඊලග දවසේවත්
හැමදාම අතට මේ මල දීලා සිපගත්ත උබව
ආයමත් සිපගන්න මම බලන ඉන්නව.,
මේ රතු රෝස මල උබේ සොහොන උඩින් තියල..,

ස්වර්ගයට යන මාවතේ මල් පාවඩ අතුරන්නම් මා..



ආදරයේ මල් මාවත ඔස්සේ
ඔබ මා ගිය මග අද නිම වී ඇත
දෙවියන් වෙත යන පාර හොයාගෙන
පෙම්වත අද ඔබ මා හැර යනවද?

සිනහව ගිලිහුනු මගෙ මුව දැකලා
තැවෙන්නෙපා තව මං ගැන හිතලා
ආදරයේ මල් පාවඩ අතුරා
සකසන්නම් කුමරුනි මග සරසා...


ස්වර්ගයෙ දොරටුව නුඹට ඇරෙන දා
නෙතගින් ගිලිහුනු කඳුළැල් පිසදා
ආදරයේ මල් පාවඩ අකුලා
මම යන්නම් නිවනේ මග සොයලා...

තවන් Face Book ප්‍රේමයක් වැනි දෙයක් නිසා නිර්මාණය උන ගීතයක්..

Sunday, June 26, 2011
ෆේස් බුකියේ පුංචි පුංචි ලව් ස්ටෝරි ඕන තරම් තියනවනේ මේකත් ඉත්න් ඒ වගේ එකක් තමයි.. 




නීල නෙතු පියන්...

නීල නෙතු පියන් සෙමින් වැසේ
ආදර හැගුමන් වියැකි සිතේ
පෙරදින මතකය කැළඹි සිතේ
ඇය මගෙ දිවියෙන් නික්ම ගියේ

වෙබ් පිටුවේ ඇදි වදන් පෙලේ
සිත ඇදුනේ මගෙ නොසිතු ලෙසේ
ආදරයක් දෝ රැදුනෙ හදේ
සොයුරු පෙමක් දෝ නොදනි නගේ

දුටුවෙ නැතත් ඔබෙ රුව සැබැවින්
ඇදුනි සතේ ඔබෙ රුව සිහිනෙන්
නපුරු උනේ ඇයි නංගි මගේ
එපා වෙලොදෝ ඇසුර මගේ

පාලුව දැන් මගෙ සෙමින් මැකේ
ඔබේ වදන් දැන් අමතක වේ
එපා තවත් මට ඇසුර ඔබේ
යන්න ඔබෙන් කල් එළඹ තිබේ

නීල නෙතුපියන් සෙමින් වැසේ......//

මෙන්න ඕඩියෝ එක. මැද කෑල්ලක් අස් කරල ඇත්තේ ගනන් ගන්න එපා


මෙන්න මේක තමයි ඉතින් මට කියන්න තිබ්බ සිංදුව.. මේක ලියලා මියුසික් කරේ මම. මේක කිවුවේ මගේ හොදම යාලුවා අනුෂ්ක..
මෙන්න අපේ වෙබ් අඩවිය ගිහිල්ලම බලන්නකෝ...

කට්ටියට හිතෙන දේ පහලින් දාන්න අමතක කරන්න එපා..

සිතුවිලි පවුරට ජය..

සීගිරි කැටපත් පවුරේ
කුරු‍ටු ගී නොකළම හින්දා
ආවෙමි සිතුවිලි පවුරට
සිත්තම් දැකගන්ටා
තිබුණත් ඇරයුම් සැමටම
එක ලෙසිනා
පසුපස සිටියා මමත්
තවෙකුගේ මග
ඇහිරිය නොයුතු නිසා
නොවෙමි මම
බ්ලොග් කරුවෙකු
හැම දේ දන්නා
නැත කිසි බියක්
අත දෙන යහළුවෝ
මෙහි ඇති හන්දා
කළ ආරාධනයට
සැමටම තුති පුදලා
පැන්නෙමි මමත්
සිතුවිලි පවුරට
ජය නන්වා...!!!




                                                   

මුට්ටිය

සහෝදරහොරු
සහෝදරවරු
ගම් වදින්නට හදන අලි රැල
දෑත දිගු කර
දමන මුට්ටිය
වඩම්මවනා
අපේ ගරුතර
මහා හිමිවරු

පි‍ටු පෙරලපු ගාන